Monday, February 2, 2015
තිස්ස තිස්ස තිස්..........ස අයියෝ තිස්ස!
අනේ දෙවියනේ මට වුන වියෝයා
ගිලෙන නැවට පනින්න හිත ගියෝයා
හොර අස්සං ගහල ඇතුලට ගියෝයා
එලියට ගත් එකෙක් මගෙ සුමිතුරෝයා
මිනිස්ටරියෙ කෑම සුවඳ පැතිරෙනවා
කරගන්නට බැරිවූ දේ සිහි වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
අම්බානට පැරදුනු කල අපෙ පක්සේ
මාධ්‍යට කිව්ව ගොහිල්ල මයික් අස්සේ
වැරදීමෙන් පැන්නත් ඡන්දේ අස්සේ
මං අමතකද උඹලා රජවූ පස්සේ
මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා
නංගියෙ මැද මුලන පැත්තේ යන්න එපා
මේසේ උඩ තියන ලිපි අර ගන්න එපා
ගත්තත් මාධ්‍යට නං පෙන්නන්න එපා
යෑමෙන් හොඳ කටඇර ඇතුලට යෑම
දීමෙන් හොඳ දීම රජාට #ක දීම
බීමෙන් හොඳ බීම රජ සුළු දිය බීම
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම
හීන් හඬින් කිව් තිස්සගෙ කවි අහලා
මාත් කියන්නං කයිපද ගලපාලා
දෙන්නං උපදෙසක් හිතලා බලලා
තරහා නැතුව අහගෙන ඉන්නකො ඔහෙලා
රෑ මැරෙන්න ඉන්නා එළුවගෙ බෙල්ල
උදේ කපල පව් අරගත්තා වාගේ
තිස්ස මැතිඳු පැන එල්ලුනි සාටකයේ
සාටකේ ගිලුනි තිස්සත් එක්ක මඩේ
ආවා උනත් කොකාට සිය දහස් වරක්
එනවලු තිත්තයාටත් වාරයක් දෙකක්
පනින්නට කලින් හිතුවොත් තවත් වරක්
වෙන්නේ නැහැ ඔබහට නං මෙවන් දුකක්
Subscribe to:
Post Comments (Atom)
කුමාරයෙක් වගේ ඉන්නට හැකිය සිතා
ReplyDeleteරජෙක් ලගට පැන්නා තිස්ස පුතා
කරපු මෝඩ කම ගැන පසුතැවිලා
එන්න හදපු මුත් දැන් ඇත පමා වෙලා
කාටත් තිස්ස ගැන අමතක වී යන්න
Deleteසතියක් දෙකක් විපක්ශයේ හිඳ ඉන්න
සුභ මොහොතක් බලා හරියට නොවැටෙන්න
මහ ගේ පැත්තට යලි රන් එක දෙන්න
දාහත් වසක් වින්දේ මහ කරදරය
ReplyDeleteනොවක් බැනුම් වින්දේ ඉවසාගෙනය
විසිහත් වරක් ඡන්දෙන් අපි පැරදුනිය
හය්යෝ දින්න දා මම පක්ෂයෙ නැතිය
එහා ගොඩේ නා කනුවේ මහින්දයා
මෙහා ගොඩේ සපු කනුවේ මෛත්‍රියා
දෙගොඩ තලා යන වතුරට පැන්න ගොයා
හපොයි තිස්සයා දිව දෙකෙ කබරගොයා
අනඳ හිමිත් මාරයාට යටත් උනා
Deleteවිශ්නුත් වසර විස්සක් බට කොල කැවා
මාර මරා තිස්සගෙ ඔලුවට වැහුවා
අය්යෝ තිස්ස කබලෙන් ගින්නට පැන්නා
තිස්ස සාටකේත් දැම්මද?
ReplyDeleteමං අදමයි ඒ ෆොටෝ එක දැක්කේ!
නොදකින්!
මම හිතන්නේ ඔය ෆොටෝ එකට තිස්සගේ මුණ බද්ධ කරලා කියලායි.මේ පින්තුරේ රාජ් අන්තර්ජාලයෙන් ගන්න ඇත්තේ.ඔය ෆොටෝ එකට අයිති හරි මුණ නාමල් ගේ මට මතක විදියට.
Deleteගූගල් දෙයියයි තිස්සව මට දුන්නේ
Deleteඑනමුත් පොටෝසොපයෙන් හැදුවා වැන්නේ
සාටකයක් නෙවේ මේ නං දාන්නේ
බෙල්ලෙන් එල්ලුවා කියලයි හිතෙන්නේ
http://2.bp.blogspot.com/_qusOR6d2v4g/TL5QLTsyMvI/AAAAAAAAB5Y/dyQdDUkAb-A/s400/rr.jpg
Deleteසල්ලි වලට එහෙට පැන්න මේ තිස්සා
ReplyDeleteපැනල ගියේ හිටිය තැනට උක පුස්සා .
සති දෙකකින් ඇමති කමත් විය පුස්සා
බොලට කියන්නේ අපි දැන් බක පුස්සා.
තටමල තටමල කවියක් ලිව්වා ඔන්න ..
අත්තෙන් අත්තට පනිනා කුරුල්ලා
Deleteතෙමිලා නහිනවා කියලා කියන්නා
තටමල උනත් මේ වාගේ කවි ගොතලා
හොඳ කවියෙකු වෙන්න පතනව දොස් හැරලා
20 වසරක් අලි පාටියේ කොඩි විනය
ReplyDeleteරජ සැප පතා පැන්නා ගිලෙනා නැවට
ගරු රඟපෑම් පෑ හරකා ඇතුලේය
පෙස්සන් ගහපු රිලාවා තවමත් එලියේ
රාජ් මේ කළබලේ ලියලා නේ.. ඔප් මට්ටම් කරලා ලිව්වා නම්.. උඹේ කවි හැකියාව එළ...
රිලවුන් වැටුනාම යනකොට
Deleteඅත්ත උඩින්
බිම වැදිලා රිදෙන්නේම පුකය තදින්
රිලවා වැටී දඟලනකොට වලව් දොරින්
ගොතමුකො අපිත් මේවගේ කවි යලිත් තුටින්
පාස්පෝර්ට් දෙක?
Deleteමටත් මේ මැසේජ් එක දැක්ක ගමන් හිතුනේ
ReplyDeleteඅහෝ දෙව්දත් නොදිටි මොක්පුර කියලා තමා.
පව් බං විසි අවුරුද්දක් තිස්සේ පක්සේ සායම බේරගත්ත එකා
මේ හා සමානවම හෝ මීටත් වඩා උනන්දුවෙන් ක්‍රියාකර අත්අඩංගුවට ගතයුතු මගෝඩියන්, මිනීමරුවන්, තව ගොඩක් ඉන්නවා. උන්ව අල්ලාගන්න මීටවඩා ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෙ. නැත්නම් උන් වාෂ්ප වෙයි.
ReplyDeleteපැමිණිලි එකෙන් එක විභාග කරන්නෙ. ප්‍රමුඛතාවක් දීල නෑ මගෙ හිතේ.
Deleteඅනේ තිස්සට උන වියෝයා කියල තමයි ඉතින් කියන්න වෙන්නේ.. ඔච්චර පැරදි පැරදි හැටි හිටිය තැන ත්ව එක පාරක් හිටියනම් මෙලහට ඇමතියෙක්නේ..
ReplyDeleteමෑන්ස් යන පැත්ත පරදිනව
Deleteතෑන්ක් යු තිස්ස
කියන්න විතරයි තියෙන්නෙ
එන්න එපා ඕන නැති ඒවා කියන්න හරිය :P
ReplyDeleteෆේස් බුකියේ රුවන් නෙලූ ලියපු පද පෙරලියක් මේ
ReplyDeleteඇමතිකම මාසයක් පමණයි
ඒකෙ පඩියත් නෑ
කෝටි විස්සට නොපැන්නා නම්
මෙදා කෙළවෙන් නෑ
මරා දැන් නම් මැරී වැටුණත්
මටත් ගාණක් නෑ
සිරා ආවත් නොගිය නම් මං
මරා පරදින් නෑ
ආයෙ ගන්නට කොතෙක් කීවත්
අලියො කන් දෙන් නෑ
මගේ පෝස්ටර මං ම ගැහුවත්
උන්ට ගාණක් නෑ
අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැති වූ තිස්ස නායකට සහයෝගයක් ලෙස මේ සිංදුව "අතීතය සිහිනයක් පමනයි" තාලයට ගායනා කරන්නට පුලුවන් ය.
~ රුවන් නෙලූ
මොහු ආදායම් බදු ගෙවලාද?
Deleteකුට්ටිය නොගෙන ඉන්නට අරහත් වීද?
ReplyDeleteඇමති කමට ඇයි කවුරුත් අකමැතිද?
හෙනහුරු රාහු මගෙ පස්සෙම කැරකෙයිද?
අත්සන ගසන්නට හිත ආවේ ඇයිද?
නායක තුමන් හට දැං දුක ඇතිවේවා
මා කළ වැරදි ගැන මාහට කම් කරවා
නැවතත් එන්න මට වරමක් හිමි වේවා
සතුරෙකුටවත් මේ විපතක් නොම වේවා
මේ හොර ගිවිසුම හැර තවත් හොර ගිවිසුම් තිබේද?
ReplyDeleteඑසේය තවත් හොර ගිවිසුම් බොහෝ තිබේ.
ඒ හොර ගිවිසුම් හැර තවත් ගිවිසුම් තිබේද?
එසේය තවත් ගිවිසුම් බොහෝ තිබේ.
ඒ ගිවිසුම් සහ හොර ගිවිසුම් හැර තවත් ගිවිසුම් තිබේද?
එසේය... ඇයි අනෙක් සියල්ල තිබියදී අහුවුණු මේ එකම මගේ හොර ගිවිසුම?
හොඳ වැඩේ තිස්සයට මට ඕකව පෙන්නන්න බැහැ. හැමදාම කිව්වොත් කියන්නේ යූඇන්පී එක පැරදිලා නැහැ කියලමයි. හත්පොලේ ගෑවිලා පැරදිලා පට්ට කුජීත වෙලා ඉද්දිත් ඕකට යූඇන්පිය පැරදිලා නැහැමයි. එක පාරක් රනිලා ඔක්කොම දාලා යන්න හදනකොට ඔය අවලමයි මලික් සමරවික්‍රමයි තමා අල්ලලා නවත්තගත්තේ. එහෙම නොවුනනං පක්ෂයට කොච්චර හොඳද. කෙලවෙලාම පල අමන තිස්සයට.
ReplyDeleteTHISSA, THISSA, ME MAMA MAHINDA
ReplyDeleteආදිකාලේ තමයි මහින්ද "තිස්ස තිස්ස නවතින්න" කිව්වේ... ලඟදී කිව්වේ "තිස්ස තිස්ස පනින්න" කියලා.
ReplyDelete++++++++++++++++++++++
Deleteඅනේ සාදු
ReplyDeleteඔක්කොමත් හරි දැක්කනෙ මේ තක්කඩියා හොර අස්සං ගහල ඔප්පුවෙලා රිමාන්ඩ් එකට ගෙනියද්දි මාංචු දාපු අත්දෙක උස්සල පෙන්නපු ගොං පාට් එක. ඒ හෝතඹුව හිතාගෙන ඉන්නෙ මිනිහත් සරත් ෆොන්සේකා හරි නෙල්සන් මැන්ඩෙලා හරි වගේ කියල වෙන්න ඕන..අනේ ****** නන්නානේ!!!
ReplyDeleteකේප්ප සුමනෙගෙ ලණුවක් ගිලලා සුමනයා කේන්දරේ බලලා තිස්සගෙ පක්ෂියා රජ වෙනවා කිව්වලු බල්ටිය ගැහුවා නම්...ඉතිං අසරණ තිස්ස පුතා අවුරුදු 25 ක් හිටිය යූ ඇන්පියෙන් දාර බල්ටියක් ගැහුවා...
ReplyDeleteමගෙ නම කව්ද අයියෝ මට මතක නැත
ReplyDeleteතිස්සද පුක පිස්ස කොලයද කියනු මිත ?
This comment has been removed by the author.
ReplyDeleteඅනේ හිටිය නං දින සීයක් තිස්ස
ReplyDeleteඅැමති කමක් ගන්නට තිබුණා උස්ස
ඊට කලිං කැඩිලා කඩියගේ පස්ස
තිස්ස ගියා සාටක රෙද්දක අස්ස
මාෂේ මාරු වීද තිෂ්ෂ...
ReplyDeleteඉස්සර නැවක් ගිලෙන්න යනකොට පව් කාරයා හොයල මූදට දානවලු.
ReplyDeleteඅනේ පවු අහිංසකය..මෙහෙම කියන්නෙ මං නෙමේ ගමේ කිරිබංඩෙයි රං එතනෙයි
ReplyDelete