Monday, July 20, 2015

ඒ කාලෙ මේ කාලේ සහ ඉදිරි කාලේ....

"ඔන්න එක ගොවිපලක හිටිය කුකුලෙක් කාලයක් තිස්සේ ගනන් බලල තිබුනලු උදේ නවය වෙද්දි තමුන්ගෙ උදේ කෑම එක ලැබෙනව කියල. මේක කුකුලා කාලයක් තිස්සෙ තමුන්ගෙ අත්දැකීම් වලින් ගොඩනඟාගත්ත උපකල්පනයක්. නමුත් එක දවසක් උදේ නවය වෙද්දි කුකුල හිටියෙ පෝරණුවක් අැතුලෙලු"

මේ ලියන්නෙ දුකා දාපු මේ ලිපිය කියෙව්වම මට හිතුන දෙයක්.
ජවිපෙට ඡන්දෙ දෙන්න කියල ඉල්ලන්න දුකා පෙන්නන එක හේතුවක් තමයි 88-89 කාලෙ සිදුවුන ඝාතන මතක් කිරීම. මේක හුඟ දෙනෙක් කරන දෙයක්. දුකා ඡන්දෙ දෙන්න කියන ජවිපෙටත් මේ චෝදනාව ඒ විදියටම අදාල බව ඡන්දෙ කාලෙ ඇලවෙන පෝස්ටර් වලින්, ශෙයා වෙන බැනර් වලින් වගේම මිනිස්සුන්ගෙ කතා වලිනුත් තේරුම් ගන්න පුළුවන්. යූඇන්පිය ජවිපෙට ගහන්නත් ජවිපෙ යූඇන්පියට ගහන්නත් 88-89 ‍සිද්ධි මතක් කරනව. අනිත් පැත්තට මේ දෙගොල්ලටම බැටේ දෙන්න ශ්‍රීලනිපයත් මේව ප්‍රයෝජනයට ගන්නව. කොහොමත් හබන් කුකුල්ලු තමයි වැඩිපුර වාසි ගන්නෙ.

88-89 කාලය අමතක වෙන්න තරම් බබ්බු වැඩිහිටියන් අතර ඉන්නව කියල සහ ඒ කාලෙ තිබුන තත්වය අවබෝධ කරගන්න බැරි තරමට සාක්ෂරතාවය දුර්වල පසු පරම්පරාවක් ඉන්නව කියල මම නං හිතන්නෙ නෑ. කොටින්ම මේව අපි හොඳට දන්න කියන කාරණා. බටලන්දෙදි රනිල් කලා යයි කියන දේවලුත්, ඒ කාලෙ මහින්ද රාජපක්ෂ සහ එජාප/ශ්‍රීලනිප වල ඉන්න සමහරු කල කී දේවලුත් නොදන්න අයට වැඩිය දන්න අය වැඩියි. ඕව ආයෙ වහෙං ඔරෝ කියන්නවත් හංගන්නවත් දේවල් නෙවේ.

හැබැයි එකක්, අතීතයේ සිදුවුන දේවල් ඒ ආකාරයෙන්ම සිදුවේයයි සිතීම තරම් මුලාවක් තවත් නෑ. නමුත් හුඟ දෙනෙක් කැමතියි අතීතය දිහා බලාගෙන අනාගතය පුරෝකතනය කරන්න. අන්න එතන තමයි මට අවුල් තැන.

අපි හොඳින් දන්න කියන කාරණා දෙක තුනක් අ‍රගෙන බලමු ඔය දේවල් ඒ විදියටම සිදුවෙනවද කියල.
මම අහල තියන හොඳම ජාතියෙ මිත්‍යාවක් තමයි 'සමානුපාතික ඡන්ද ක්‍රමය පැමිණියාට පසු (මැතිවරණ) පාදඩකරණය ආරම්භවූ බවත් ක්‍රමය වෙනස් කිරීමෙන් ආයෙත් පැරණි තත්වයට යන්න පුළුවන්' බවත්. පාදඩකරණයේ ආරම්භය සමානුපාතික ක්‍රමය වෙන්න පුළුවන්, නමුත් ආයෙත් කොට්ඨාස ක්‍රමයට ගියා කියල 77 නවත්තපු තැනට යන්න බෑ. එහෙම කරන්න නං කාල යන්ත්‍රයක නැඟිල යන්න වෙනව.

ජවිපෙට එජාපයට එල්ල වන භීෂණ චෝදනාවත් ඒ වගේ. එජාප ආණ්ඩුව කාලෙ තරුණ කැරැල්ලක් ඇතිවෙලා ඒක දරුණු විදියට මර්ධනය වීමේ ප්‍රතිපලය තමයි අපි ඒ කාලෙ දැක්කෙ. එහෙම උනා කියල ආයෙත් එජාප රජයක් ආවොත් ඒ විදියටම කටයුතු සිදුවේදැයි කියන්න හැකියාවක් නෑ.

තව එකක් බලමු. මෛත්‍රීපාල ශ්‍රීලනිපයේ මහලේකම් තනතුරෙන් අයින් වෙලා ජනාධිපතිවරණයට එද්දි ප්‍රති පාර්ශවය කියපු කතාවක් තමයි 'ශ්‍රීලනිපයෙන් මහ ලේකම්ලා මෙච්චර ප්‍රමාණයක් ගිහිං තියනව. ඒ අයට අත්වුන ඉරණම මේකයි' වගේ කතා. බැලුවම ඒ කතන්දර ඇත්ත. ශ්‍රීලනිපයෙන් ගිය ලේකම්ලා ගොඩගිහිං නෑ එකෙක්වත්. නමුත් මෛත්‍රීපාල ඒ රටාව මකාදමන්න සමත්වුනා.

මහින්ද රාජපක්ෂගෙ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරන්න කලින් කියවුන කත‍ාවක් තමයි 'ගරිල්ලා සටන්කරුවන් යුධමය වශයෙන් පරාජය කල රටක් නෑ' කියන එක. නමුත් 2009දි ඉතිහාසය වෙනස් වෙච්ච හැටි දකින්න අපට පුළුවන් වුනා.

මේ වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ අතීතයෙන් අනාගතය ඔය විදියට සරළව ගොඩනඟන්න බැරිවීම. හේතුව තමයි අතීතයත් වර්තමානයත් අතරතියන ආර්ථික-සමාජ-සංස්කෘතික වෙනස්කම්.

පහුගිය දවසක මේ වගේම රටාවක් දැක්ක T20 ලෝක කුසලාන ගැන. 2009 අවුරුද්දෙ ඉඳල බැලුවම එන්නෙ මෙහෙමයි,

2009 තරග තිබුනෙ එංගලන්නෙදි, ශූරතාවය දිනුවෙ පාකිස්තානය,
2010 තරග තිබුනෙ කොදෙව් වල, ශූරතාවය දිනුවෙ එංගලන්තය,
2012 තරග තිබුනෙ ලංකාවෙ, ශූරයො උනේ කොදෙව්වො,
2014 තරග තිබුනෙ බංගලිදේසෙ, ශුරයො ලංකාව,

එතකොට මේ රටාව අනුව කලින් වතාවෙ තරග පවත්වපු රට තමයි ඊලඟ වතාවෙ දිනන්නෙ. ඒ කියන්නෙ 2016දි ඉන්දියාවෙදි ශූරයො වෙන්නෙ බංගලියොද?

ප.ලි: සමහර විට(මම යූඇන්පී කාරයෙක් කියල) වැරදි වැටහීම් ඇතිවිය හැකි බැවින් මේකත් කියන්න ඕන. මෙදා මගේ ඡන්දයත් ජවිපෙට දෙන්නයි වැඩි ඉඩක් තියෙන්නෙ. එජාපයට නොදී ජවිපෙට දෙන්න හේතුව එජාපය පැත්තෙන් පහුගිය (දින සීයද එකසිය හැටද) කාලෙ සිිදුවුන වැරදි මිසක් 88-89 වැරදි නිසා නං නෙවේ. ජවිපෙට දෙන්නෙත් ඒ කාලෙ කෝන්තර නිසා නෙවේ.

106 comments:

  1. නෑ. උඹ ගැන හිතන්නෑ.. නමුත් කිව්ව කතා තර්කානුකූලයි.. ඒකේ දෙකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මොනවද තර්කාණුකූල? ලංකාවෙ එහෙම එකවගේ ආණ්ඩු දෙකක් තිබුන මතකද?

      Delete
  2. අනාගතය යනු අතීතය නැවත රඟදැක්වීමක් කිවුවට අතීතයේ සිදු උන හැමදේම ඒ විදිහටම ආපහු වෙනවා කියන්න බෑ. මිනිස්සුන්ගෙ දැනුම වැඩි වීම, සමාජ වටපිටාව වෙනස් වීම වගේ කාරණා ගොඩක් එක්ක ඉදිරීයේදී සිද්ද වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මිනිහෙක් එකම වැරැද්ද දෙපාරක් කරනවා නම් එතන වෙනම කාරණාවක් තියෙන්න ඕනෙ.

    ReplyDelete
  3. ජ.වි.පෙ. ආසන 5කට වඩා ගනිවිද?

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන්ම අටත්,දොළහත් අතර ප්‍රමාණයක් ගන්නවා.

      Delete
    2. මගේ ගාන නවයක් දහයක් (ලිස්ට් එකත් එක්ක)

      Delete
    3. මගේ ගාණ 9ය් . කොළඹින් 2 , ගමපහ , කළුතර , ගාල්ල , හම්බන්තොට, අනුරපුර 1 බැගින් . ජාතික ලැයිස්තුවෙන් 2

      Delete
    4. ලියල තියා ගන්න හිටං, කොළඹින් 2, ගම්පහ 1, කුරුණෑගල 1, අනුරාධපුර 1, ජාතික ලයිස්තුව 2 ඔක්කොම 7 යි.

      හම්බන්තොට එකක් ආවොත් අන්න අනුරට චෑන්ස් එකක් පර්ටියක් දාන්න !!

      Delete
    5. අපේ මාරයා අයියා ජවිපෙ කේන්දරය බලලා කිව්වෙ ආසන තුනයි කියලා. ගුරු මාරුව ජවිපෙට එච්චර හොඳ නැතිලු. ඒරාෂ්ටකේකුත් තියෙනවලු. බෝධි පූජාවක් කළොත් නං ආසන හතරක් ගන්න පුළුවන් කතාවක් කිව්වා.

      Delete
    6. 20 enawa. list ekath ekka.

      Delete
    7. ජවිපෙ ඡන්ද පදනම මේ පාර වැඩි වෙනවා අනිවා... (ඒක නිකං කවියක් වගේ) ආසන 10 කට ආසන්න (අඩු හෝ වැඩි) ප්‍රමාණයක්. හැබැයි ඊට වඩා ගොඩක් වැඩි වෙන්නේ නෑ. සන්ධානයක් මුලින්ම හදාගෙන ආව වෙලාවෙ ගත්ත ඡන්ද ප්‍රතිශතයට කිට්ටු කරයි. නමුත් ඉක්මවන්නේ නෑ.

      Delete
  4. raaj UNP eka kiyanne patta hour ralak. Okunta hora karanna kramayak nathiwa widiyak anathia me bala bala inne. dakkane thibba hadissiya masa 03k iwasagena inna bari una denna wade.
    UNP eka issarath ehemayi, adath ehemayi hetath eheayi.

    ReplyDelete
  5. දැන් බංගලියෝ ඉන්න ෆෝරම් එක දැක්කම නම් එහෙම නොවෙයි කියලා කියන්න පුලුවන්ද ? මේවා වෙනවට නෙවෙයි රාජ් වාද විවාද වලදී ඒවා ඇදගන්නේ. ඊට වඩා වෙන දෙයක් කිව්වොත් ඒවා අනුමාන වීම.

    ReplyDelete
    Replies
    1. බංගලියො සමහර විට කප් එක උස්සයි

      Delete
  6. මටත් රනිල්ගෙ බටලන්දෙ කතා ගැන තිබුණෙ අප්‍රසන්නබවක්, ඒත් ඊට පසු ඔහු පෙන්වූ හැසිරීම ගැන යම් පැහැදීමක් ඇතිවුණා. මොනවා වුණත් හොරෙක් හෝ ඊට අනුබල දෙන්නෙක් නොවන බව තමයි ජනවාරි 8ට පෙර තිබූ හැඟීම. ඒත් පහුගිය දින 100 (හෝ 180) තුළ රනිල් කවුද යන්න මනාව පැහැදිලි වුණා. අර්ජුන් මහෙන්ද්‍රන් මහ දවල් මහ බැංකුව මංකොල්ල කනකොට රනිල් බබා හුකුං කතා කියන්නෙ. මහින්දලගෙ අවුරුදු 10 හොරකම් අරගෙන බැලුවොත්, මේ විධියෙ අමු අමුවෙ කරපු හොරකම් නෑ. මහ බැංකු මංකොල්ලෙ නම් බොහෝ දෙනෙක් දැනටමත් දන්නව ඇති, කෙටියෙන් කිව්වොත්, මහ බැංකුවට ණය ගන්න රුපියල් බිලියනයක බැදුම්කර නිකුත් කරනවා. ඒකට රජයේ බැංකු ඇතුළු ආයතන ගණනාවක් ලංසු දෙනවා, ඒ ලංසුවලදි ඒ ගොල්ලො දෙන්න පුළුවන් මුදල සහ පොලිය ඉදිරිපත් කරල තියෙනවා. ඉතින් අඩුම පොලිය දෙන ආයතනයෙන් තමයි මහ බැංකුව ගත යුත්තෙ. නමුත් හදිස්සියෙම බිලියනය එකපාර බිලියන 10ට වැඩි කරනවා, එතකොට මේ ලිස්ට් එකේ, අර්ජුන්ගෙ බෑණගෙ කොම්පැනිය තියෙන්නෙ 26වෙනියට (අඩුම පොලී අනුපාත වෙන විධියට පෙල ගැස්සුවොත්) ඉදිරිපත් කළ මුදල බිලියන 10යි. එතකොට බිලියනය එකපාරම බිලියන 10ට අදිසි හස්තයකින් වැඩි වෙනවා. එතකොට බිලියන 10ක් දෙන්න පුළුවන් බෑණගෙ කොම්පැනියට බැඳුමකර ටික යනවා. මේකෙ මූලික දේ බිලියනයක් ඉල්ලල බිලියන 10කට ලංසු ගැනීම. එතකොට ගොඩක් බැංකු සහ ආයතන බිලියන 10කට ලංසු ඉදිරිපත් කරන්නෙ නැති නිසා පැහැදිලිවම වංචාවක්. අනිත් හොඳම දේ මේ බෑණගෙ කොම්පැණියට බිලියන 10ක් සල්ලි තියෙනවනම් කමක් නෑ. හැබැයි බෑණගෙ කොම්පැණියට තියෙන්නෙ මිලියන 300යි, ඒ කියන්නෙ බිලියන 0.3යි. මූ බිලියන දශම 3ක් තියාගෙන බිලියන 10ක් මහ බැංකුවට ණය දෙන්න යනවා. හොඳම දේ ඊට පස්සෙ. බෑණගෙ කොම්පැණියට ලංකා බැංකුවෙන් එදාම දෙනවා බිලියන 10ක් අඩු පොලියට. ඌ ඒ සල්ලි වැඩි පොලියට මහ බැංකුවට දීල කෝටි ගාණක ලාභයක් ගන්නව. කොහොමද ගැහිල්ල!!! ඒක දෙන්නෙත් අවුරුදු 30කටනෙ , ඉතින් මූගෙ බෑණට අවුරුදු 30ක් පුරා හොරා කන්න පුළුවන්. මේ එක සිදුවීමක්. රන්ජන්ලා, සුජීව සේනසින්හල තාම මහින්දගෙ පළු අරිනවා, රනිල් මෙහෙ අසූචි නානව. මුන් ඔක්කොම හොරු. මේ පාර මම ඡන්දෙ දෙන්නෙත් ජවිපෙට. අඩු ගානෙ හොරු අල්ලන්න හරි කෑ ගහන්න හරි ඉන්නෙ උන් විතරයි.

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ. ඇත්ත කතාව. රනිල්ට ඡන්දෙ නොදී මාත් ජෙප්පන්ට දෙන්න හිතන්නෙ ඒකයි.

      Delete
    2. Robert,

      ගිය චන්දයේදී MY3 තමයි චන්දය දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ගැන මට දැඩි විවේචන තිබේ
      http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

      නමුත් මෙවර චන්දය ලබාදෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි !!

      මිට හේතුව ඔබ කියන පරිදි මහ බැංකු වංචාව සහ රනිල්ගේ හැසිරීමයි. ඔහුට බලය නොමැති විට මෙසේ හැසිරේනම් බලය ලැබුණු විට
      කෙසේ හැසිරේවිද ? ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් ලබාදීම මගින් ඔවුන් කියන ආණ්‌ඩු මට්ටු කිරීමේ බලය ඔවුන්ට ලබා දිය හැකියි.

      1989 අවදියේ හැසිරුණු ලෙස අද හැසිරිය නොහැකියි. මතකනේ පසුගිය සතියේ https://www.youtube.com/watch?v=zNrcqhK4kzg
      සිද්දිය අද වනවිට ශ්‍රී ලංකාව තුල තොරතුරු සන්නිවේදනය ඉතා වෙගවත් වී ඇත මෑතදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අදිවේග fiber optic සම්බන්දතා ලබා දෙමින් පවතී ඉදිරියේදී කිසිවකුට නිතිය කඩ කරමින් බලය යොදමින් දිර්ගකලයක් බලයේ සිටිය නොහැක.

      ජනතා විමුක්ති පෙරමුණ නවීන ලෝකයට ඔබින නිදහස් ආර්ථිකයට යොමු වේවි නම් අපට ඔවුන්ට මිට වැඩි බලයක් ලබාදිය හැක.

      Delete
    3. ඔය මහ බැංකු කේස් එකනම් මරාගේ සෙට් එක එල්ලෙන්න වැල් නැතිකමට අතිශෝක්තියෙන් කියන කතාවක්. බිලියන 1 විතරක් ගත්තත් 10.465% වෙනවනේ පොලිය. බිලියන 10ට පොලිය 11.727%. අනික අවශ්‍ය මුදල් (ණය) ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න පොලිය ඉහල යනවා. ඒක බැනගේ කොන්පනි එක නොවුනත් ඔය සිද්ධාන්තේම තමයි. එකම අවුල තියෙන්නේ බිලියන 1 බිලියන 10ට වැඩි කරපු එක. ඒකට උත්තර දීල තියෙනවා මහේන්ද්‍රන් . රජයට බිලියන 13.5 ඒ මොහොතේ අවශ්‍ය වෙලා තිබුණු නිසා වෙන විකල්පයක් තිබුනේ නැති නිසා කියල. ප්‍රශ්නය තමයි ඒ තොරතුර බැනගේ කොම්පැනි එකට විතරක් ලැබුනේ ඇයි කියන එක. හැබැයි බැනගේ කොම්පැනි එක නැතිව වෙන ඒවා ලන්සු තිබ්බත් 11.5% ට වඩා අඩුවෙන් බිලියන 10 හොයන්න කොහෙත්ම ඉඩක් නැහැ.

      Delete
    4. ඔබ නිවැරදියි මිතුර, රනිල ඇතුළු හොර නඩයම 77 ඉඳන් කරේ අපරාද, මදාවි වැඩ. 83 කළු ජුලීය , දෙමල ජාදිවදින්ට පර කැපුවේ ඕකුන්. රට ගිනි තිබ්බේ ඔය හොර හැත්ත 83 වර්ජනය කරපු ඔක්කොම හිගංනූ කළා.
      93 දකුණු පළාත් සබාව පැරදුනාම මහා ඇමති පත් කරන්න දුන්නේ නෑ . ඔකුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. නොදකින්. තුක්

      Delete
    5. රනිල් ගෙ පොරජාතන්ත්‍රවාදෙ රෙද්ද පල්ලෙන් වැක්කෙරෙන්න පටන් අරං බොහොම කල්. බලේට ආවොත් ඉතිහාසයේ දරුණුතම ඒකාධිම
      පතිය වෙනවට මෙන්න කැට.......

      Delete
  7. ලංකාවේ මිනිස්සු රටේ ආර්ථිකය ගැන හිතල චන්දය පාවිච්චි කරන කාලයක් කවද ඒවිද මන්ද. මේකේ තියන comments දිහා බැලපුවහම පෙන්නේ රටේ වැඩිපුර ඇත්තේ රටේ ආර්ථික ප්‍රශ්න වලට වඩා සමාජික ප්‍රශ්න කියල.

    ReplyDelete
  8. මම දෙන්නෙත් ජවිපෙට.මම මේක මිට කලිනුත් උඹේම පොස්ට් එකක කිව්වා.මේ ගැන පොස්ට් එකක් ලියන්න හිතං ඉන්නේ.
    කොහොමත් මේ ජන්දේ දිනුම යන්නේ යුඑන්පි එකට.උන්ව ආණ්ඩු මාට්ටු කරන්න හොඳ විපක්‍ෂයක් ඉන්න ඕනේ.මහින්දගේ ආණ්ඩුව තියෙන කාලෙත් කටක් ඇරලා කතා කෙරුවේ ජවිපෙ එක විතරයි යුඑන්පි එකේ රන්ජන් හැරුණු කොට.ක්‍රියාශීලි විපක්‍ෂයක් වෙනුවෙන් තමයි මම ජවිපෙට ජන්දේ දෙන්නේ.

    ReplyDelete
  9. දුකාගේ පෝස්ට් එක කියෝගෙන එන අතරෙදි දැක්කේ 2 hrs බිෆෝර් ඔයත් එකක් ලියලා කියලා.. ඊට කලින් රවී අයියගේ අභයාරාමේ පෝස්ට් එක.. දේශපාලනේ මහ අමුතු දෙයක් අප්පා.. මං හිතුවේ අර ජනාධිපති වරනෙන් පස්සේ කාලයක් යනකල් ආයේ චන්ද නෑ කියලා.

    // යූඇන්පිය ජවිපෙට ගහන්නත් ජවිපෙ යූඇන්පියට ගහන්නත් 88-89 ‍සිද්ධි මතක් කරනව. අනිත් පැත්තට මේ දෙගොල්ලටම බැටේ දෙන්න ශ්‍රීලනිපයත් මේව ප්‍රයෝජනයට ගන්නව. කොහොමත් හබන් කුකුල්ලු තමයි වැඩිපුර වාසි ගන්නෙ.///
    මේක මටත් තේරුණ සත්‍යයක් ..

    ReplyDelete
    Replies
    1. ඒක හුඟ දෙනෙකුට නොතේරෙන එකයි අවුල.

      Delete
  10. මේපාර හුග දෙනෙක් ජවිපෙ විකල්පය හැටියට තියං වගේ. බලමු. කියන ඔක්කම දෙයිද කියල.

    ReplyDelete
  11. අවිද්‍යාත්මක සමීක්ෂණයකින් හෙළි වූ 2015 අගෝස්තු මහ මැතිවරණ අපේක්ෂිත ප්‍රතිපලය මෙන්න.
    එජාප = 80
    මෛත්‍රීපාල පිල = 65
    මහින්ද පිල = 15
    ජවිපෙ = 40
    දෙමල ජා.ස = 20
    මුස්ලිම් කොන්ග්‍රස් = 5

    ReplyDelete
    Replies
    1. රසික, මයිත්රිපාල පිලක් කොහෙද තියෙන්නේ? අවිද්‍යාත්මක කිව්වේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කෂ්ටියගේ මතේද?

      Delete
  12. දැන් ඔය කන්ඩායම් තුන තාම ප්‍රතිපත්ති ප්‍රකාශන සහ රට පාලනය කරලා දියුනු කරන්නෙ කොහොමද කියලා කියල නැහැ..
    ඇත්තටම රාජ්‍ය සේවකයින්ගේ පඩි නැග්ගීම.. ගොයියාගේ පෝර සහනාධාරය..ගැබිනි මවට පෝසන මල්ල දීම..ඕවද අපි රජයකින් බලාපොරොත්තු වෙන්න ඕනි..

    එතනින් එහාට ගිය මිනිස්සුන්ගේ ජන ජීවිතය මීට වඩා ඵලදායි කරන්න..අසහනයෙන් ඉන්න බහුතර ජනයාට සහනයක් දෙන්න..රටේ රැකි රක්ශා ඇති කරන්න.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වලට විසදුම් දෙන්න මීට වඩා පුලුල් වැඩපිලිවෙලක් අවශ්‍යයි..

    අවාසනාවට පක්ෂ තුනම මේ ගැන දරන්නෙ ගොලු මතයක්.. රනිල් කියනවා වොක්ස්වැගන් පැක්ටරි කතාවක්..ෆැක්ටරි කියන්නෙ ඔ්‍ය හිතන තරන් ඉක්මන්ට කරන දේවල් නෙමෙයි.. හැමදාම දියුනු රටකට අපේ මහ එකෙක් ගියාම ප්‍රවෘත්ති වල කියනවා එහේ ආයොජ්කයො මෙහේ එන්න කැමති වුනාය කියලා..කෝ කී දෙනෙක් ඇවිත් තියේද ? ඒහෙම..

    තුන් කොට්ඨාසෙටම රට මෙහෙයවිය යුතු දිශාව සහ කල යුතු දේවල් ගැන පැහැදිලි දැක්මක් නෑ,.නිකං හැමෝටම පඩි වැඩි කලාට වැඩක් නෑ ඉන් පස්සෙ මාසෙකින් ඒ ගන්න මුදල් ටිකේ අගය අඩුවෙනවා බඩුමිල ඉහල ගියාට පස්සෙ..මේක හරි කැත සෙල්ලමක්..ඉස්සර වී මිල 30 කරනු ඉන් පස්සෙ 40 කරනු...දැන් 50-60 කරනු කියලා කස්ටිය ඉල්ලනවා..ඕක ඉවර වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. http://raj1st.blogspot.com/2015/07/blog-post_15.html
      මේකෙන් කියන්න හැදුවෙ කිව්වෙ අමිල කියන කතන්දරේ තමයි.

      Delete
    2. ඊයේ බුකියේ දැක්ක වොක්ස්වැගන් බංකොලොත්බාවයත් ප්‍රකාශ කරන්න හදන්නේ කියල. හොදට හිටියි මෙහෙත් ඇරියොත්. ආණ්ඩුවට උන්ට නයට දෙන්න වෙයි. පුලුවනන්ම් ගෙන්බන කියන්න ඕන කියා හරි හයුන්ඩයි ප්ඵක්ටරියක්

      Delete
  13. අලියාගේ පුකේ කතිරරේ ලකුණු කරන්න පෙරුම් පුරන් ඉන්න හැම එකාම කියන්නේ ජවිපෙට චන්දෙ දාන බවක් තමයි. හැබැයි පහුගිය චන්ද වලදී ජවිපෙට එහෙමට වැටිච්ච මොනම චන්දයක්වත් නෑ ජවිපෙ ට එදත් අදත් හෙටත් ලක්ෂ තුනයි තමයි.

    ප්‍රගතිශීලි, විකල්ප, රැඩිකල් ලොරි ටෝක් දෙන කිසිම කෙනෙක් කෙලින්ම රනිල් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. මොකද රනිල් තඹ සතේක විශ්වාසක් නැති පජාත චරිතයක් නිසා. රනිල් පහුගිය කාලේ තමුන්ගේ පක්ෂය පාලනය කරපු හැටි හා "විප්ලවෙන්" (හපොයි!) පස්සේ රට පාලනය කරපු විදියෙන් ගොනා හැරෙන්නේ මොන පොල් පැලේටදැයි ප්‍රගතිශීලි, විකල්ප, රැඩිකල් ඈයෝ අපිට වඩා හොදින් දන්නවා. දැන් රනිල්ට කඩේ ගිහින් කවදහරි රනිල් පෙරලා කෙලින කොට ලියන්න දෙයක් නැති නිසා දැන් හැමෝම ජවිපෙ වෙලා.

    "අතීතයේ සිදුවුන දේවල් ඒ ආකාරයෙන්ම සිදුවේයයි සිතීම තරම් මුලාවක් තවත් නෑ" කියල රාජ්ලා උඩු හිතෙන් ලිව්වත් යටි හිත දන්නවා කරුණු කාරණා සිද්ද වෙන්නේ අතීතයේ සිදුවූ දේ නැවත වෙන්නම තමයි කියල.

    මෙදා පොටේ දෙබිඩි විදියට පෙනී ඉඳල රනිල් ගොඩ දාන්න බෑ ! කැත නැතුව මම අලියට තමයි කියන්න රාජ් !!! ලජ්ජා වෙන්න දෙයක් නෑ!!!



    ReplyDelete
    Replies
    1. ජවිපෙ කියන්නෙ ඡන්ද ප්‍රමාණයට වැඩිය වැඩ පෙන්නන්න පුළුවන් පක්ෂයක්. ඡන්දෙදි ආසන බර ගානක් ගනියි කියල හිතුවට ප්‍රතිපලය එහෙම නොවෙන්නෙ ඒකයි.

      රනිල්ට නෙවේ කාටවත් කඩේ යාමක් මගේ නෑ. මගේ මූලික ස්ථාවරය තමයි මහින්ද යලිත් බලයට පැමිණීම වැලැක්වීම. ඒ වෙනුවෙන් රනිල්ට හෝ ජවිපෙට දෙන්න පැකිලෙන්නෙ නෑ. ඒක කියන්න බයත් නෑ. එජාපය යම් ස්ථාවරයක ඉන්න නිසා තමයි ජවිපෙට දෙන්නෙ. ඒ වගේම එජාපයේ විශ්වාස කරන්න බැරි ගතියත් එක හේතුවක්. ඒ හැර අන් යමක් නෑ.
      ලිපියෙන් මම මතුකරන්නෙ, සරලව මෙච්චරයි.
      මහින්ද යලි බලය ගැනීම වැලැක්වීම මූලික පියවර. ඒ වෙනුවෙන් මහින්දට ගහනව ඇරෙන්න යමක් මගෙන් නං සිදුවෙන්නෙ නෑ. එජාපයේ ඡන්ද ජවිපෙට කඩල දුන්න කියල මූලික අරමුණ ඉටු වෙන්නෙ නෑ.

      Delete
  14. මෙදා සැරේ ජවිපෙට වැඩි බලයක් දෙන්න ඕනේ.... ප්‍රධාන පක්ෂ දෙකම ෆේල් කියලා පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ජ. වි. පෙ. ත් එදා ඉන්දලම ෆේල්

      Delete
    2. Puran Appu
      රජ කරන්න නෙවේ මේ වෑයම, ටිකක් ගොඩ ලොකු කරල දෙන්න. කෑගහන්න හරි ඉන්නෙ උන් ටික විතරයිනෙ.

      Delete
    3. ජවිපෙ හැබැයි චන්ද්‍රිකා එක්ක කරපු ආණ්ඩුවෙදි පෙන්නුම්කළා තමන්ගෙ අසමත් බව. දැනටත් ඔවුන්ට රාජ්‍ය පාලන දැක්මක් ඇති බවක් පේන්නෙ නෑ. මට මතක් වෙන්නෙ එක පාරක් සරත් ලංකාප්‍රිය මාත් එක්ක කියපු කතාවක්. "ආණ්ඩුව වැරදියි. ඒත් මුන් එළවලා අපි බලයට ‍ගේන්නෙ කාවද?"

      මේ තත්ත්වය මේ තරම් අවිනිශ්චිත වුණත්, මහින්දට ආපහු පාර්ලිමේන්තුවට එන්න, අගමැති වෙන්න, විශ්වාසභංගයකින් ජනාධිපතිවරයා එළවන්න, රට ආපහු තමන්ගෙ ඒකාධිපති ක්‍රමයට ගෙනියන්න... ඉඩ දීමට මේවා හේතු නොවෙයි.

      Delete
  15. මේ පාර මං ඉල්ලනවා කොට්ටෝරුවා ලකුණින් කෙසෙල්වත්තට.. මට ඡන්දේ දීපල්ලාකෝ. පෙර (දේශපාලන) වැරදි නෑ.. දෙවෙනි පාරක් ඉල්ලන්නේ නෑ.. (එක පාරින් හම්බකරගත්ත තරමකින් සෑහෙනවා..හැක්.)

    ReplyDelete
    Replies
    1. දැක්ක දැක්ක.

      Delete
    2. මාත් කොට්ටෝරු පක්ෂෙට චන්දෙ දෙනවා. බ්ලොග්කාරයන්ගේ පස්සයක් නැත්ද?

      Delete
  16. මේ රාජ්කාරයා කියන්නෙ උපන්ගෙයි යූඇම්පී කාරයෙක්, මූ මෙතන පොරටෝක් දීල ජවිපෙට ඡන්දෙ දානවා කියල, අන්තිමට අලියගෙ පස්සටම කතිරෙ ගහනවා. මූට උපාධියෙන් පස්සෙ රස්සාවක් නතුව වේලි වේලි ඉන්නකොට මහින්දගෙ ආණ්ඩුවෙන් තමා රස්සාව හමබවුණේ. දැන් මූ කරන්නෙ මොනවද ? මූ රජයෙන් දෙන පරිගනකයෙන්, රජයේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් සමාජ ජාල යන එකනෙ කරන්නෙ. එක්කො ෆේස් බුක් එකේ එහෙම නැතනම් බොගක් අටෝගෙන ආණ්ඩුව ඇතුළු දේශපාලකයන් විවේචනය කරනව. අම්මප මූගෙ මේ ක්‍රියාව ඊළඟ ආණ්ඩුවට දාල පියවරක් ගන්න ඕනෙ. ජනතාවගෙ බදු මුදලින් මූ දේශපාලනය කරනවා, නැත්නම් ෆේස්බුක් එකේ ෆන් ගන්නවා.
    කෝසල

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව කියන්නෙ මහින්දයගෙ මහ එකාගෙන් ලැබිච්ච බූදලේ නෙවෙයිනෙ රස්සා ගන්න උන් ඌට කඩේ යන්න​. තොපි වගේ වහල්ලු තමා ඒවට ඉන්නෙ.
      මීට ෆේක් සාරස තුමා.

      Delete
    2. අනේ රාජ් හිවලො, නමින් වරෙන්කො බොරුවට AnonymousJuly 21, 2015 at 1:14 PM එන්නෙ නැතුව. ඔන්න මගේ නමින් profile එකක් හදාගෙනම ආවා comment කරන්න. මහින්දය නාව නම් උඹට රස්සාවක් හම්බවෙයි බලන් ඉඳපන්, මහ ලොකු රනිය උඹට දෙයි හොඳවයින් බඩේ පාරක්. උඹල තමයි රනිල්ගෙ වහල්ලු, රටට කරපු දේකුත් නෑ, අනුන්ගෙ පානින් එළිය බලන පිං අගමැති. උඹ නිකන් බොරුවට උඩ පනින්න එපා, බලමු පෙත්සමක් ලියලා උඹගෙ ප්‍රාදේශීය ලේකම්ට.

      Delete
    3. Kosala KarunanayakaJuly 21, 2015 at 3:40 PM
      හිවලෝ උඹල ඉන්ටනෙට් එන්න කලින් අපි ප්‍රොෆයිල් හැදුවෙ. ඕන නං බලපං. මගේ බ්ලොග් එකේ ඇනෝ එන්න තරං බයවෙන්න ඕන එකෙක් කියලද උඹ, උඹ ගැන හිතං ඉන්නෙ?
      උඹත් උඹේ ලොක්ක වගේම තමයි. ඌත් අර ගොන්පාට් එකක් දැම්මෙ අකුරැස්සෙදි

      Delete
    4. මගේ ලොක්ක මම්ම තමයි ඩෝ, මහින්දගෙ ගොන් පාට්වලින් මට වැඩක් තියෙනවයැ, මිනිස්සු කැමතියි නම් ඌට ඡන්දෙ දෙයි, නැත්නම් වෙන උන්ට දෙයි. උඹ වගේ ගොන් අලිනෙ ෆෝම්වෙලා දඟලන්නෙ.

      Delete
    5. Kosala KarunanayakaJuly 21, 2015 at 3:40 PM
      ඈ බොල ගල් මූසලයො. තොට පේන්නෙ නැද්ද යටින් ලියල තියනව කවුද දැම්මෙ කියල​? මම අනෝ ආවෙ රාජ් රෙප්ලිකා ප්‍රෝෆයිල්වලට අකැමති හින්ද​. මහින්දයගෙ ආන්ඩුවෙ රස්සා දුන්නට ඒ දෙන්නෙ උගෙ මහ එකාගෙ බූදලෙන් නෙවෙයිනෙ. අනික කඩේ යන්න තොපි වගේ වහල්ලු හිටියහම ඇතිනෙ. අනුන් ගෙ බ්ලොග් බලා ඉන්න අමාරු නම් වැසිකිකියකට ගිහින් හොඳට තටම තටම රීපන්. එතකොට හරියයි.
      මෙයට ෆේක් සා රසතුමා.

      Delete
  17. මේ පාර ජ.වි.පෙ. ඡන්දවල සැලකියයුතු තරමේ වැඩිවීමක් පෙනේවි.

    ReplyDelete
  18. ජනවාරියේදී හංසයාට ලැබුනු චන්ද මත කල්පනා කලොත්, ජවිපෙ පැත්තට හැරෙනු ඇතැයි කියන රැල්ල යනු අන්කිසිවක් නොව මේ හංස චන්දයි. ෆොන්සේකාද නොසලකා හැරිය නොහැකි හංස චන්ද ප්‍රමානයක් කඩනු ඇත. බොහෝ දිස්ත්‍රික්ක වල (කොලඹ සහ ගම්පහ හැර ) මේ පක්ශ දෙක වෙන වෙනම 5% නොඉක්මවනු ඇති අතර, උපරිමය 10% පමන හංස චන්ද ප්‍රමානයක් එම දිස්ත්‍රික්ක වලින් අහක යනු ඇත*. මීට වෙනස්ව, රාජපක්ශට ජනවාරියේදී ලැබුනු චන්ද අඩුවීම ඉතා අඩුය. මෙවර වෙනස් වී ඇති, ජනවාරියේ රාජපක්ශට චන්දය දුන් අයෙක් මට නම් හමුවී නැත. එවැන්නන් එසේ වෙනස් විය හැකියැයි සිතියද නොහැක. තවමත් වහලුන්! මේ සිම්පල් මැතමැටික්ස් අනුව යහපාලන පෙරමුනට පැහැදිලි ජයක් (ආසන 113 නොවේ, "යහපාලන පෙරමුන ලබාගන්නා ආසන සංඛ්‍යාව" > "සංධානය ලබාගන්නා ආසන සංඛ්‍යාව" යනු පැහැදිලි ජයයි. මෙහිදී සංධානය තුලින් ජයලබන යහපාලන හිතවාදීන් නොසලකා හරිමි ) ලැබෙනු ඇතැයි 100% විශ්වාසයෙන් යුතුව කිව නොහැකියි. රාජපක්ශ නඩය විසින් ඉදිරියට ගෙන ඒමට නියමිත ජාතිවාදී ප්‍රචාර සහ රනිල් විසින් මැතිවරන සමයේදී කෙලීමට නියමිතව ඇති බුල් ප්‍රමානය අනුව (උදා: කුරුනෑගල සහ කොලඹ එජාප නම් ලයිස්තු දෙස බලන්න! කොලඹින් කීප දෙනෙක් කුරුනෑගලින් දමා එහි මීට වඩා ශක්තිමත් කන්ඩායමක් ඉදිරිපත් කල යුතුව තිබුනා නොවේද? ) එය ඉදිරි මාසය තුල තීරනය වෙනු ඇති. එකම ධන ලකුන නම්, පැහැදිලි රැල්ලක් රාජපක්ශට එරෙහිව පැනනැගුනොත් ඔහු දිනනු නැතැයි පෙනීමෙන් ඔහුගේ චන්ද මන්දෝත්සාහී වීමට ඉඩක් ඇති වීමයි.

    එනිසා මගේ යෝජනාව නම්, මේ අනතුර තේරුම් ගෙන, යහපාලන පෙරමුනේ ආසන ගනන වැඩිකිරීමට දායක වෙමු යන්නයි. අලියාට (යහපාලන පෙරමුනට ) ඔබේ වටිනා චන්දය දෙන්න. ඔබට එජාපයේ අයට මනාපයක් දීමට අපුලක් ඇත්නම් (මාද එවැන්නෙක්මි ) මනාපය නොදී ඉන්න හෝ දියමන්ති සංධානයේ අයෙකුට දෙන්න. මාගේ ව්‍යයාමය ජවිපෙට එරෙහිව නොව හුදෙක් මහින්ද එලිමිනේට් කිරීම සඳහාය.

    - Dimithri

    * THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA, CHAPTER XIV - THE FRANCHISE AND ELECTIONS
    Proportional Representation (99)-(6)
    The Constitution of Sri Lanka: Chapter XIV - The Franchise and Elections

    ReplyDelete
    Replies
    1. වාම, ප්‍රගතිශීලි, රැඩිකල්, රැවුල් වවපු, රැවුල් නැතුව කොන්ඩේ වවපු අදී සියලුම වෙමේ වේශයෙන් පෙනී සිටිමින් දකුණේ ජිවත් වන්නන් අන්ත කොන්සවෙටිව් ධනපති නායකයෙකුට එළිපිට කඩේ යාමට බල කෙරී ඇති වත්මන් දේශපාලන තත්වය අම්මප මල් හතය, උරන් නැතුව අත ගෑවත් ඇතිය, නවතින්නේ හදේය.

      වමේ වගේ ලියන කොමෙන්ට් දාන උන්දැල මාස හයක් තිස්සේ හිටං හා රනිල්ව ටෙස් කරලත්, කරන වෙනසක් නැති බව ඉර හද වගේ පැහැදිලිව තියෙද්දිත්, රනිල් කියනේ රාජපක්ෂ පාර්ට් 2 බව දැන දැනත්, හිටං කියන්නේ බැසිල් පාර්ට් 2 බව පෙනී පෙනීත්, රවී කියන්නේ සජින් වාස් පාර්ට් 2 බව හෙදින්ම පෙනෙද්දීත්, ජෝන් බාස් ගේ වැඩ වලට ගෝට ටත් ලජ්ජා හිතෙන බව දැන දැනත් රනිලට චන්දෙ දෙන්න කියා අපිට කියයි.

      අනේ යකුනේ තොපි වගේ තක්කඩි රැලක් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත. තොපිට කඩේ යන්න ඕන උනාම ගෙන තර්ක කොටු පන්නින ඕන උනාම බැඳපු වාහෙලා ගෙන තර්ක වලින් වෙනස් වෙන්නේ කොහොමද ?

      මරා එලවමු,! වෙන්න මරා රනිලත් එලවමු !!වමේ බලයක්, වෙනස් බලයක් ගොඩ නගමු !!! රනිලගේ නැට්ටේ එල්ලිලා මහින්දගේ බිස්නස් රී ප්ලේස් කරන්න ඉන්න අලි පාටියේ වමේ වගේ ඉන්න උන් වළලමු!!!!

      Delete
    2. ඇනොනිමස් July 21, 2015 at 1:39 PM සහෝදරය,

      ධනපති චන්දය (පර්ලිමේන්තු ක්‍රමය කියමු ) යනු ධනපති අධ්‍යාපන ක්‍රමය, ධනපති අධිකරන ක්‍රමය වැන්නක් මිස අනිකක් නොවේ. ඔබ සහ මම කැමති උනත් නැතත් කොන්සවෙටිව් ධනපති අධ්‍යාපන ක්‍රමයට නේ ලමයව ඉස්කෝලෙ යවන්නේ. හොරෙක් ගේ බින්දොත් ධනපති අධිකරනයේ පිහිටනේ පතන්නේ. වමේ බලය ගොඩ නගන තුරු ලමයව ඉස්කෝලෙ යවන්නැතුව එහෙම නැත්නම් හොරකමේ පාඩුව විඳගෙන ඉන්නේ නැහැනේ. ඉස්කෝලෙ ප්‍රින්සිපල් හොඳ නැත්නම්, ලමයට අසාධාරනයක් වෙනවනම් ගස් උඩ, වහලට නගින්නේ මේ ක්‍රමය යටතේම (ලෞකිකව! ) වඩා හොඳ තත්වයක් සඳහානේ. නමුත් ඒ අතරම අපි දන්නවා ඒ හොඳම එක නොවෙයි කියලා. ඒකයි වාම දේශපාලනය කරන්නේ.

      මම චන්දය සලකන්නේ ඒ අර්ථයෙනුයි. බිම් මට්ටමේ වාම දේශපාලනය සහ පාර්ලිමේන්තු හෝ වෙනයම් මැතිවරන අතර කිසිම සම්බන්ධයක් නැහැ. බිම් මට්ටමේ වාම දේශපාලනය කරන්නන්ට මගේ ගෞරවය නිතැතින් හිමිවෙනවා. මේ සමාජය අඟලක් හරි ඉස්සරහට යන්න නම් රාජපක්ශ ක්‍රමය තීරනාත්මකව අතුගා දැමිය යුතු වෙනවා. ඔබ මොනයම් ආකාරයක වාම ක්‍රියාකාරිකයෙක් උනත්, බිම් මට්ටමේ එසේ ක්‍රියාකාරී වන අතරම රාජපක්ශ පාලනයට එරෙහිව යහපාලනයට චන්දය දීම පරස්පර නැහැ. පාට් 1 සහ 2 අතර සංසන්දනය නම් තාර්කිකව වගේ ම, කරුනුමය අතින් නිවැරදි නැහැ.

      වාග් විලාශය අනුව බැලුවම මේ වාසු ද කියලත් හිතෙනව. අන්තිම චේදයේ පලමු වාක්‍ය දෙක (මරා එලවමු,! වෙන්න මරා රනිලත් එලවමු ) ඇරුනම වාසු කියන්න ඕන එකක් මේ කියන්නේ!

      - Dimithri

      Delete
    3. AnonymousJuly 21, 2015 at 12:07 PM; මහින්දගේ ඡන්දවලට වහලුන් යැයි කියන මේ ඇනෝනිමසයා, රනිල්ගේ අතීත බටලන්ද වැඩකිඩ, මෑත මැර ජෝන්ට පොලිසිය බාරදී විරුද්ධ පාක්ෂිකයින් තලා දැමීම, සිංගපූරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් වැනි සිංහල භාෂාව නොදත් ද්‍රවිඩයෙක් ගෙන ඇවිත් මහ බැංකුව මංකොල්ල කෑම, මහින්දගේ මුදල් ගෙවා නොමැති ප්‍රොජෙක්ට් සඳහා අනුමැතිය දීමට තමන්ගේ අරලිය මැදුරේ ලේකම්වරයෙක් හරහා 10% කොමිස් ඉල්ලා සිටීම වැනි ඉතා හොඳ යහපාලන ගමන ගැන කිසිත් නොකියයි. ඔහුගේ එකම අරමුණ මහින්ද වෙනුවට වෙනත් හොරෙක්වන රනිල් දිනවීමය. ඒ සඳහා ඡන්දයද ඉල්ලයි. අනේ අපොයි මේ වගේ හරක් පැටියෙක්....

      Delete
    4. ^^ ඉස් දිස් සුජීව කොකාවලස් බ්‍රදර් ඉන් ලෝ?

      Delete
    5. @Dimithri

      මාර්කස් ගේ ලෙනින්ගේ රුප බිත්තිවල ගහන්, පොත් රාක්ක වල පුරවන් අලියාගේ පුකේ හරි මැතිනිගේ අතේ හරි කතිර ගහපු ඔහේ වගේ වමේ කියාගන්න තක්කඩි නිසා මේ රටේ තැලෙන පෑගෙන මිනිහ තවමත් සෙක්කුවේ.

      උබල චන්ද ලංවෙනකොට හැමදාම කියන ඔය ගොන් කථාව ඇහුවාම මටනම් හිතෙන්නේ උඹලගේ සාක්කුවට මොකෙක් හරි කියක් හරි දාපුවාම අර රොබෝලා වගේ මොකක හරි මගුලක් කියවන කියවන යනව කියල. ඇයි තොපිට මතක නැද්ද ඔය එකම රේකොඩින් එක 94 ඉදන් දාගෙන යනවා.

      අයියෝ මේක කඩන් වැටෙනවා! මාත් නසී තොත් නසී අඹුත් නසී!! අපි එක නිසා අලියාගේ පුකේ කතිරේ අඳිමු!!! කොහොම හරි සිස්ටම් එක බේරා ගමු මොකද අද තමයි ගැනිගේ පීරියඩ් ඉවාර උනේ සතියක විතර ඇරියස් අල්ලන තියනෙවා !!! මේක කඩන් වැටුනොත් ඔක්කොම ඉවරයි !!!!හතර විලි ලජ්ජා නැද්ද යකෝ වමේ වමේ කියල බෙරිහන් දෙන ගමන් මිනිස්සුන්ව එක එකාගේ සෙක්කු වල බදින්න දගලන්න.

      ඔහේ වැඩේ පැහැදිලි කරන්න ගත්තෙත් මාරු උදාහරනේ ''අධ්‍යාපන ක්‍රමය''. අධ්‍යාපනය අයිතියක් කියපු මේ රටේ මිනිස්සු කොල්ලෝ කෙල්ලෝ රනිලත් හිටපු ආණ්ඩුවකින් කි දාහක් බල්ලෝ බළලු වගේ මැරුවද? දැන් මොකද රනිලගේ අධ්‍යාපනය ගැන අදහස? කලින් එක වෙනස් වෙලාද? ඉස්සහට දැන් ඉන්න අන්තරේ කැඳවුම් කරුවාගේ ඔළුවට ඇණ බස්සන එකක් නැද්ද ?? මරා කොල්ලන්ට නෙලපු නෙලීලම හිටං උන්නැහෙත් නෙළුවේ නැද්ද?? මරා ගෙ කාලෙටත් වඩා දැන් කැම්පස් අවුල් නැද්ද?? රනිල ආවොත් කොල්ලෝ ටික නලවයිද ??

      උඹ වගේ සිවිල් සමාජ භූතයින්ට ඔය එකකටවත් උත්තර නෑ ඒ උනාට අලියාගේ පුකේ කතිර අදින්න කියල මිනිස්සුන්ට කියනවා.

      දශමයක් හරි යහපත් සමාජයක් ඔනනන්ම් මුලින්ම කරන්න ඕන,

      රනිලගේ නැට්ටේ එල්ලිලා මරාගේ බිස්නස් රී ප්ලේස් කරන්න ඉන්න අලි පාටියේ වමේ වගේ ඉන්න තක්කඩි රැළ වළලමු!!!මරා එලවමු,! වෙන්න මරා රනිලත් එලවමු !!වමේ බලයක්, වෙනස් බලයක් ගොඩ නගමු !!!

      Delete
    6. උපුටා ගැනීම රාමචන්ද්‍රගේ අඩවිය

      "මේ නිසා ‘මහින්ද’ ( හුදු මහින්ද නමැති පුද්ගලයා නොවේ ) බලවත්වීම සැබැවින්ම නතර කල යුතු නම් කල යුත්තේ කුමක්ද? ඇතැම් ප‍්‍රගතිශීලී මතධාරීන් සහ වාමාංශිකයන් මෙහිදි ගන්නා ආස්ථානය වන්නේ වැඩි වැඩියෙන් රනිල් - මෛත‍්‍රී කඳවුර වෙත සමීප වීමයි. මහින්දගෙන් නියෝජිත වාර්ගික ස්වෝත්තමවාදය සමඟ සසඳන විට ඔවුන්ට රනිල් - මෛත‍්‍රී ආන්ඩුව ‘අඩු නපුරකි’. රාජපක්ෂ විසින් නව ලිබරල් වෙලඳපොල ක‍්‍රමය සහ සිංහල ස්වෝත්තමවාදය අතර සාර්ථක අනුකලනයක් ගොඩනැංවීය. සිංහල ස්වෝත්තමවාදය සහ රනිල් - මෛත‍්‍රී ආන්ඩුව අතර සම්බන්ධය තරමක් සංකීර්නය. එහි ක‍්‍රියාකාරීත්වය ද අවසන් විග‍්‍රහයේ දී නිර්වචනය වන්නේ සිංහල ස්වෝත්තමවාදී කතිකාව විසින් නිර්මිත සීමාවන් තුළය. ඒ සමඟ බැරෑරුම් ලෙස අභිමුඛ වීමට මෙම ආන්ඩුව උත්සාහ කරන්නේ නැත. එහෙත් ඒ තුල සංයුක්ත ජාතිකවාදය එක්තරා විදිහක ‘නිෂ්ක‍්‍රීය ජාතිකවාදයකි’. එනම් ආන්ඩුවේ ක‍්‍රියාකාරීත්වයේ සීමාව ජාතිකවාදය විසින් නිර්නය කරයි. එහෙත් රාජපක්ෂ රජය මෙන් ( අඩු තරමින් දැනට ) එය ස්වෝත්තමවාදය සක‍්‍රීය පාලන උපකරනයක් ලෙස යොදාගෙන නැත. ඇතැම් වාමාංශිකයන් රනිල් - මෛත‍්‍රී ආන්ඩුව සමග ඇතිකරගන්නා මතවාදී සම්මුතියේ පදනම එයයි.

      එහෙත් එබඳු සම්මුතියකට යාමේ දී එම පිරිස්වලට රනිල් - මෛත‍්‍රී ආන්ඩුවේ නව ලිබරල් වෙලඳපොල ආර්ථික චින්තනය ‘මඟහැර යාමේ’ ඉරනමට ලක්වීමට සිදුවන්නේය. සම්මුතියට හිලවු වශයෙන් නව ලිබරල් වෙලඳපොලවාදය කෙරෙහි තිබෙන විවේචනය ද්විතීක කරගැනීමට හෝ පසුපසට ගැනීමට ඔවුන්ට සිදුවේ. උදාහරනයක් ලෙස මහින්දට එරෙහිවීමේ ආවස්ථික පිරිවැය ලෙස පාසල්වල ගාස්තු අයකිරීම නීතිගත කරමින් නව ආන්ඩුව නිකුත් කොට තිබෙන චක‍්‍රලේඛය පිලිබඳ ප‍්‍රශ්නය මතු නොකොට සිටීමට සිදුවේ.

      එබඳු ඉරනමට ලක් නොවී මහින්ද මගින් නියෝජිත ප‍්‍රතිගාමී දේශපාලන සංරචකය සමඟ අභිමුඛ විය හැක්කේ කෙසේද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය සමාජය වෙනත් පසමිතුරුතා අක්ෂයක් වටා සංවිධානය කිරීමය. සිංහල සහ සිංහල නොවන නමැති පසමිතුරුතාව තුළ දකුනු ලංකාවේ දේශපාලනය සංවිධානය කිරීම මහින්ද ගේ දේශපාලනයයි. අවශ්‍ය කරන්නේ ප‍්‍රභූ සහ ප‍්‍රභූ නොවන නමැති නව පසමිතුරුතාවය මගින් එම වාර්ගික පසමිතුරුතා අක්ෂය විස්ථාපනය කිරීමකි. සිංහල ස්වෝත්තමවාදය ‘විවේචනය’ කොට එය පරාජය කළ නොහැක. විවේචනය අවශ්‍යයය. නමුත් ජනයා වෙනස් වන්නේ හුදු තර්ක හෝ විවේචන ගැන පැහැදීමක් ඇති කරගැනීම තුළ නොව යම් ව්‍යවහාරික ක‍්‍රියාවලියක් තුලදීය. කම්කරු සටන්, ශිෂ්‍ය සටන්, ගොවි ජනයාගේ සටන් සහ සමාජ ආර්ථික ඉල්ලීම් මූලික කොටගත් එබඳු වෙනත් බහුවිධ සටන් අවශ්‍ය වන්නේ එබඳු විකල්ප දේශපාලන ව්‍යවහාරයක් තුලට ජනතාවන් කැඳවාගැනීම සඳහාය. ‘මහින්ද’ බලවත් වීම නතර කරමින් අධිපති නව ලිබරල් සමාජ සැකැස්මට එරෙහි විකල්ප දිශානතියක් ගොඩනැගිය හැක්කේ එබඳු තුන්වන පෙරමුනක දේශපාලනයක් ශක්තිමත් කිරීම තුළය. රනිල් - මෛත‍්‍රී ආන්ඩුව සමඟ හුරතල් වනවා වෙනුවට ප‍්‍රගතිශීලීන් සහ වාමාංශිකයන් විසින් කල යුත්තේ ඒ සඳහා මූලිකත්වය ගැනීමයි.

      Delete
    7. Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය


      මහින්ද ආපසු ඒවිද?

      Delete
    8. @ AnonymousJuly 21, 2015 at 7:46 PM

      රාමචන්ද්‍රගේ මේ ලිපියත් කියවන්න..විශේශයෙන් එහි අවසාන ඡේද 2.

      'රාජපක්ෂ යලි ඉපදීම සමාජ ප‍්‍රගතියට තර්ජනයකි' Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය

      - Dimithri

      Delete
    9. දිමිත්‍රි,
      මුල් අදහස එක්ක යම් තාක් එකඟයි. ලිපියෙන් මමත් කිව්වෙ මහින්ද සම්පූර්ණ වශයෙන් පරාජය කිරීම මූලික කාර්යය වෙන බව. දිමිත්‍රි කියන "යහපාලන පෙරමුන ලබාගන්නා ආසන සංඛ්‍යාව" > "සංධානය ලබාගන්නා ආසන සංඛ්‍යාව" කියන අසමීකරණය අනිත් පැත්ත මාරුවුනා නම් මාත් අපුල අමතක කරල එජාපය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනව. නමුත් දැන් තත්වය අනුව මගේ ඡන්දය නැතිවීම එජාපයට අවුලක් නෙවේ. ඒ නිසා ජවිපෙ ගොඩ වැඩි කරන්න පාවිච්චි කරනව.

      ඇනෝනිමස්ලා එක්ක ඉහලින් කල සංවාදය එකඟතාවයකට එන්න බැරි එකක්. ඊයෙ අයිටීඑන් එකේ තිබුන දේශපාලන විවාදය බැලුව නං ජවිපෙ (නලින් හේවගේ) සහ පෙරටුගාමී සමාජවාදීන් (දුමින්ද නාගමුව) කතා කලේ ඔය කාරණාව ගැන. කෙස් පැලෙන තර්ක ගේන්න පුළුවන්. නමුත් ඉවරයක් නෑ.

      Delete
    10. @Dimithri

      ලිපියක් කියවනකොට ඔහේට කැමති චේද විතරක් කියවන්න එපා. මුළු ලිපියම කියවන්න.

      රාමචන්ද්‍රගේ ලිපියේ සාරාංශය,

      මරා එලවමු,! වෙන්න මරා රනිලත් එලවමු !!වමේ බලයක්, වෙනස් බලයක් ගොඩ නගමු !!!

      ඔහේ වගේ තක්කඩි වෙනුවෙන් මෙන්න ඉතුරු ටික,

      රනිලගේ නැට්ටේ එල්ලිලා මරාගේ බිස්නස් රී ප්ලේස් කරන්න ඉන්න අලි පාටියේ වමේ වගේ ඉන්න තක්කඩි රැළ වළලමු!!!



      Delete
    11. @ Anonymous July 22, 2015 at 1:14 PM,

      රාමචන්ද්‍රගේ මුලු ලිපියම පූර්ව නිගමන නැතුව හොඳින් කියවන්න. එහි මුල් චේද කීපය වෙන්වන්නේ පවතින තත්වය විශ්ලේශනය කිරීමටයි. ඉදිරියට එලඹෙන කාලය තුල ඔහු අවධාරනය කරන පලමු තර්ජනය රාජපක්ශ ආගමනයයි. එයට සමා විරහිත, මාරාන්තික ලෙස එරෙහි විය යුතු බවයි, පරාජය කල යුතු බවයි. රාජපක්ශ ජයගැනීම යනු, ජාතිවාදය බලවත් වීමයි. එවන් තත්වයක් තුල කිසිම විදිහක වාමාංශික හා ප‍්‍රගතිශීලී දේශපාලනයකට ඉඩ නොලැබෙනු ඇත. රනිල්වාදී - නව ලිබරල්වාදී ප‍්‍රභූවාදී දක්ෂිණාංශික පාලනයකට ඉඩ ලැබෙන්නේ රාජපක්ශ ජයග්‍රහනය නොකලොත් පමනයිනේ.

      "වමේ බලයක්, වෙනස් බලයක් ගොඩ නගමු !!!" යනු දීර්ගකාලීන සටන් පාඨයට ගරු කරමු. "මරා එලවමු,! වෙන්න මරා රනිලත් එලවමු !!" යන්න සටන් පාඨයක් ලෙස සිත් ඇදගන්නා සුලු වුවත්, ඒ, එකිනෙකකට වෙනස් තත්වයන් දෙකක් බවත්, දෙකම එකවිට කල නොහැකි බවත් තේරුම් ගැනීම අපහසු නැහැ. කෙටියෙන් කිව්වොත්, මරා ආවොත්, රනිලුත් නැහැ, වමත් නැහැ. නිර්මාල් කියනවා වගේ "වාමාංශික කන්‍යාභාවය" ආරක්ශා කර ගනීමට වඩා රාජපක්ශ තීරනාත්මක ලෙස පරාජය කොට ජාතිවාදයේ නැගීම පරාජය කිරීමට මා නම් පසුබට වන්නේ නැහැ.

      @රාජ්,

      කියෙව්වද අජිත් පැරකුම්ගේ ඊයේ ලිපිය "සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමීක්ෂණය ඔස්සේ මැතිවරණ ප්‍රතිඵලය අනුමාන කිරීම" http://www.w3lanka.com/2015/07/blog-post_23.html

      එම සමීක්ශනයෙන් කියැවෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව ගැන සිංහල ජනතාව අතරින් 35.5%ක් තෘප්තිමත් ය; 34.3%ක් තරමක් අතෘප්තිමත් ය; 12.9% ක් දැඩි ලෙස අතෘප්තිමත් බවයි.

      තත්වෙ හිතපු තරම් සරල සහ පහසු නැහැ. අනතුර සම්පූර්නයෙන්ම පහව ගොස් නැහැ. මම මෙන්න මේකයි යහපාලන පෙරමුනට චන්දෙ දෙන්න කියන්නේ..

      - Dimithri

      Delete
  19. ඉහත කොමෙන්ටුවට අදාලව: THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA සඳහා පිවිසෙන්න..

    http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_14_Amd.html

    - Dimithri

    ReplyDelete
  20. මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීරණයක් ගත යුතු වන්නේ ඔවුන් ප්‍ර‍කට කරන මතවාද හා ක්‍රියාකාරකම් අනුව බවයි.
    ඒ අනුව, මහින්ද රාජපක්ෂ ප්‍ර‍මුඛ පිල පරාජය කිරීම ගැන ඔබත් මාත් අතර එකඟතාවයක් ඇති බව පැහැදිලියි.
    පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද හා ක්‍රියාකාරීත්වය විමසා බලමු.
    2000 මැතිවරණයේ දී ආසන 10ක් ද, 2001 මැතිවරණයේ දී ආසන 16 ක් ද දිනා ගත් ජනතා විමුක්ති පෙරමුණ 2004 දී පත්වූ රජයේ උපරිම ජනප්‍ර‍සාදය ලබා ගත් මන්ත්‍රී ධූර 39කට හිමිකම් ලැබීය. එසේ වූවත් ඔවුන් එම රජයේ පාර්ශවකරුවන් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමත් කිරීමට අපොහොසත් විය. එම වගකීම් අතහැර දැමූ ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට හෙළ උරුමය විසින් කරලියට ගෙනවිත් තිබූ ජාතිවාදී සටන් පාඨ වැළඳ ගත්හ. එහි කූඨප්‍රාප්තිය වූයේ මහින්ද රාජපක්ෂ ජාතියේ ගැලවුම්කරුවා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය විසින් 2005 දී බෞතීස්ම කරනු ලැබීමයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍ර‍ය බිහි කිරීමට පුරෝගාමී වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පාලන තන්ත්‍ර‍ය රටට වැඩදායී ලෙස හසුරුවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ අතර එයින් රටට වන විනාශය ගැන වගකීම භාර ගැනීමක් ද කර නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය මගින් රටට අත්වන විනාශය ගැන රටේ මතයක් ඇති වන විට කිසිවක් සිදු නොවූ ලෙස එම සටන් පාඨ තමන්ගේ කර ගත්හ.
    ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ ඒ ඒ වෙලාවේ හැටියට නැගලා යන්න බස් එකකි. ඔවුන් බස්වල නැගලා ගමනක් යනවා නම් හොඳ ය. නමුත් ඔවුන් ගිය ගමනක් නැත. උන් නැගලා බැහැපු බස් නම් පාරේ ඉන්න අපිත් යටකර ගෙන හැටට හැටේ යනවා ය.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ ආසන 39ක් ගත්තෙ බහුතර ජවිපෙ ඡන්දදායකයන්ගෙන් නොව, සන්ධානයේ විශේෂයෙන්ම, ගමේ ශ්‍රීලනිප ඡන්දදායකයා අතර ජවිපෙට තිබූ ජනප්‍රියතාවය නිසාය. කවුරු හෝ කෙනෙක් මේ ජවිපෙ පමණක් ඡන්ද යැයි කියන්නේ නම් ඒ අයට දේශපාලන ප්‍රායෝගික දැනුමක් නැත. අනුන්ගේ ඡන්ද ගෙන ජනප්‍රියවී තමන්ගේ ආණ්ඩු පිහිටවිය නොහැක. ජවිපෙ තීරණ ගන්නේ පවතින දේශපාලන හැසිරීම තුළ රටට වැදගත් තීරණ මිස තමන්ගේ ඡන්ද මඩිය හෝ පෞදගලික වරප්‍රසාද මත නොවේ. 2005 මහින්ද දිනවීම බලන්න, එවර රනිල් විසින් ඊනියා සටන් ගිවිසුමක් ඇතිකර රට කොටියට පාවා දී ඇති අවස්ථාවක, යුද්ධ කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය සඳහා මහින්ද එම අවස්ථාවේ ප්‍රායෝගික නායකයෙක් වුණා. ඒ නිසා ඔහුව දිනවීම කළ යුත්තක්. නමුත් පසුව මහින්ද ඒකාධිපතියෙක්වී රට වනසනවිට ඔහුව පැරදවීමට ෆොන්සේකා ගෙන ඒම කළ යුත්තක්. නමුත් සෘජුව ෆොන්සේකා වෙනුවෙන් රනිල් සමග සිට ගැනීමෙන් ජවිපෙට පෞදගලික අවාසියක් වුණා. එය තේරුම්ගත් ඔවුන් මෙවර සෘජුව සිට නොගෙන මහින්ද පරාජය කළා. එය ඔවුන්ගේ ඡන්ද වැඩිවීමට හේතුවක්. ජවිපෙ වැනි කුඩා පක්ෂයක් හරි තීරණ නොගත්තොත් පරණ වමට, මහජන පක්ෂයට හෝ රාජාලියාට අත්වුණ ඉරණම අත්විය හැකියි. ලංකාවේ තුන්වන බලවේග සභාග ආණ්ඩු පිහිටවපු හැම අවස්ථාවකම තමන්ගේ ඡන්ද පදනම අහිමි කරගෙන දේශපාලනය තුළ මිය ගියා. මෙය ජාතිවාදී පදනමින් පිහිටුවා ඇති පක්ෂවලට අදාල නොවේ.

      Delete
    2. රවී කාරියවසම්,
      ඔබ කියන කතාව එක්ක එකඟයි. කලින් මේකෙ දාපු සුජීව කොකාවලගෙ ලිපියෙ ජවිපෙ ගැන කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නෙ.

      "ජවිපෙ යනු අප වෙන දෙන්න එකක් නැතිවිට අපේ චන්දය අපතේ නොයවන්න ගහන අපේ කේන්තියෙ ප්‍රකාශනයක් පමණි"

      Delete
  21. රාජ් සර්. අගනා ලිපියක්. ඔබේ ලිවීම අගය කරමි. ඒත් ඔබේ ලිපියට අර උඩ තියෙන කුකුලාගේ පින්තූරය හා කුකුලාගේ කතාව සම්බන්ධ කොහොමද පැහැදිළි නැත. මින් පසුව ලියන විට සිවිල් අයට පමණක් නොව ආමි එකේ අපටද තේරෙන ලෙස ලියන මෙන් ඉල්ලමි.

    කපිතන් පීකිව්ආර්එස් SLA

    ReplyDelete
    Replies
    1. රාජ් සර්, මේ නාකි කුකුලා හොදි හදමුද

      ලයිතන් ABCD SLAF

      Delete
  22. ජ. වි. ප. එදා ඉදලම කලේ බොර දියේ මාලු බාපු එක. බොර වෙනකොට අහුවෙන එක මාලුවෙක් තමයි රාජ්

    ReplyDelete
    Replies
    1. නමෙන් හිතාගන්න පුළුවන් පුරන් අප්පු අහුවෙලා තියෙන්නෙ කාගෙ දැලටද කියල.

      Delete
  23. ජෙ.වි.පෙ.කියන්නේත් දැන් හොරුම තමා!! කිසිම වැදගත් ප්‍රශ්නෙකට කෑගහන්නේ නැති පක්ෂයක් වෙලා!!

    ReplyDelete
    Replies
    1. මොනවද ඔය ප්‍රශ්න? කියන්න බලන්න අපටත් දැනගන්න

      Delete
  24. ජනතා විමුක්ති පෙරමුණට මෙවර සැලකියයුතු තරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබෙනු ඇති මමත් විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය බවට පත්වුනොත් රටේ යහපතට හේතුවන වෙනස්කම් බොහොමයක් සිදුවනු ඇති.

    ReplyDelete
    Replies
    1. විචාරක සර්, එතකොට ආමි එකේ අපි මාර අපරාදයක්නෙ කරල තියෙන්නෙ 88-89 කාලෙ ජෙප්පො මරලා ටයර් දාල පුච්චලා? ඒ මරපු එවුන් හිටිය නම් තවත් හොඳ විපක්ෂයක් හදයිනෙ. අපිත් කරලා තියෙන වැරදි නේද?

      Delete
    2. බොහොම ස්තුතියි මේ වගේ විහිලු වලට මං හරි ආසයි. හොඳට හිනාවුණා.

      Delete
    3. අනේ ගුණයෝ උඹත් එහෙනං මට කොකා පෙන්නුවා නේද? දාපංකො පුතේ මගේ පක්ෂය ගැනත් මොනවා හරි හොඳ කියලා. මට අර කන්ඩෙම් වෙච්චි කාර් කටුව පෙන්නලත් ඡන්ද ටිකක් ගන්න බැරි වෙලා තියෙන වෙලාවෙ උඹ මේ උලව් ජේ.වී.පී. එකට කඩේ යනවා. අනේ කොල්ලෝ අපෙ රෙජිමේන්තුවටත් එක්ක ලජ්ජයි නේද මේ වැඩ වලින්?

      මීට,
      වෙල් විදානේ පොන්සේකා

      Delete
  25. රනිල් ගෙ පොරජාතන්ත්‍රවාදෙ රෙද්ද පල්ලෙන් වැක්කෙරෙන්න පටන් අරං බොහොම කල්. බලේට ආවොත් ඉතිහාසයේ දරුණුතම ඒකාධිතිය වෙනවට මෙන්න කැට......

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අගමැතිකමට විධායක බලතල ටික අරගෙනද?

      Delete
    2. නොකී කතා ටික අගමැති රනිල්ටම කියන්නකෝ අගෝස්තු 18 උදේම

      Delete
  26. ඔය මහ බැංකු කේස් එකනම් මරාගේ සෙට් එක එල්ලෙන්න වැල් නැතිකමට අතිශෝක්තියෙන් කියන කතාවක්. බිලියන 1 විතරක් ගත්තත් 10.465% වෙනවනේ පොලිය. බිලියන 10ට පොලිය 11.727%. අනික අවශ්‍ය මුදල් (ණය) ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න පොලිය ඉහල යනවා. ඒක බැනගේ කොන්පනි එක නොවුනත් ඔය සිද්ධාන්තේම තමයි. එකම අවුල තියෙන්නේ බිලියන 1 බිලියන 10ට වැඩි කරපු එක. ඒකට උත්තර දීල තියෙනවා මහේන්ද්‍රන් . රජයට බිලියන 13.5 ඒ මොහොතේ අවශ්‍ය වෙලා තිබුණු නිසා වෙන විකල්පයක් තිබුනේ නැති නිසා කියල. ප්‍රශ්නය තමයි ඒ තොරතුර බැනගේ කොම්පැනි එකට විතරක් ලැබුනේ ඇයි කියන එක. හැබැයි බැනගේ කොම්පැනි එක නැතිව වෙන ඒවා ලන්සු තිබ්බත් 11.5% ට වඩා අඩුවෙන් බිලියන 10 හොයන්න කොහෙත්ම ඉඩක් නැහැ. කාට හරි ගණිතමය විදියට පෙන්නලා දෙන්න පුලුවන්ද බිලියන 50ක් පාඩු වුනේ කොහොමද? ඒ බිලියන 50 යුඑන්පි එකේ සාක්කුවට ගියේ කොහොමද කියල?

    ReplyDelete
    Replies
    1. රනිල් අයියා පවු නේද?? එක නෙමයි මම හවස 7.00 පස්සේ ෆ්‍රී. බැරිද මටත් සිරිකොතේ කොමෙන්ට් කොටන වැඩේට සෙට් වෙන්න. සාදාරණ ගානක් දෙන්න හිටං !!

      Delete
    2. ඔන්න බයිසන්ලගේ උත්තර. තමන්ගේම හිත සනසගන්න.
      කියෝපිය මේ ලිපිය
      http://www.dailymirror.lk/78805/central-bank-s-30-year-bond-debacle-what-is-the-loss

      Delete
    3. අනේ බන් තොපේ මහ එකා කරන හොරකම් වලට අත උස්සන් නැති ඔක්කොම බයියෝනම් හරි බයිසන්ල හරි නම් මහින්දය දිනන්නේ උඩින්. රනිලගේ කැත වැඩ මතක් කලාම බයිසන්ලව මතක් වෙන උඹනම් අනිවා ඩෙපා ඉන්නේ සිරිකොතේ.

      එක නෙමෙයි මෙන් මං ගානේ තව ලින්ක් කීපයක් ඒවත් බලන්න. එක නෙමෙයි ඩේලි මිරර් කාටද අයිති රුවන් රුවන් විජේවර්ධනටද මට මතක නෑ වගේ

      COPE inquiry finds Mahendran had intervened in bond issue

      Newsfirst.lk
      මහ බැංකු බැඳුම්කර වංචාවට වත්මන් මහ බැංකු අධිපති වරදකරු වී ඇතැයි, වාර්තා


      මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

      පා.ලි
      එක නෙමෙයි අර තහනම් කරල තියෙන කෝප් වාර්තාව එලියට දන්න කියන්න හිටං. තොරතුරු දැන ගැනීමේ අයිතියනේ. එක බලන මිනිස්සු තීරණය කරයි රනිල හරිද? නැත්තම් හොරද ?? එහෙමත් නැත්නම් ඩිව් ගුණසේකර බොරු කියනවද හිටං.

      Delete
    4. Edit කොරන්න කලින් publish වි ඇත මෙන්න 2වැනි වර්ෂන් එක

      අනේ බන් තොපේ මහ එකා කරන හොරකම් වලට අත උස්සන් නැති ඔක්කොම බයියෝනම් හරි බයිසන්ල හරි නම් මහින්දය දිනන්නේ උඩින්. රනිලගේ කැත වැඩ මතක් කලාම බයිසන්ලව මතක් වෙන උඹනම් අනිවා ඩෙපා ඉන්නේ සිරිකොතේ.

      එක නෙමෙයි මෙන් මං ගානේ තව ලින්ක් කීපයක් ඒවත් බලන්න. මේ අර ඩේලි මිරර් කාටද අයිති රුවන් රුවන් විජේවර්ධනටද මට මතක නෑ වගේ හිටං

      COPE inquiry finds Mahendran had intervened in bond issue

      Newsfirst.lk
      මහ බැංකු බැඳුම්කර වංචාවට වත්මන් මහ බැංකු අධිපති වරදකරු වී ඇතැයි, වාර්තා


      මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

      පා.ලි
      අර තහනම් කරල තියෙන කෝප් වාර්තාව එලියට දන්න කියන්න හිටං. තොරතුරු දැන ගැනීමේ අයිතියනේ. එක බලන මිනිස්සු තීරණය කරයි රනිල හරිද? නැත්තම් හොරද ?? එහෙමත් නැත්නම් ඩිව් ගුණසේකර බොරු කියනවද හිටං.

      Delete
    5. අනේ බයියෝ, කෝප් වාර්තා කොහෙද තියෙන්නේ ඔය ගැන. ඔය බොලගේ ඩිව් කාරයවත් අත්සන් කරලා නැති බොරු ලියවිල්ලක්නේ. අනික ඔය වාර්තාවේ කොහෙද තියෙන්නේ බිලියන 50 පාඩුයි කියල? කොහෙන්ද ඔය 9.5% කතාවක් එන්නේ. මහ බැංකුව මුල ඉඳලම කියල තියෙන්නේ 12.5% ට ගන්නව කියල බිලියන 1ක්. වෙන කාගෙවත් රිපෝර්ට් පිළිගන්න කලින් මහ බැංකුවේ සයිට් එකට ගිහින් නෝටිස් එක බලපන් ප්‍රසිද්ද කරලා තියෙන.
      පුලුවන්නම් ගණන් මිනුන් හොයන වරෙන් බිලියන 50 පාඩුව හැදෙන්නේ කොහොමද කියල නිකන් මෙතන තප්පුලන්නේ නැතිව.

      Delete
    6. ඩේලි මිරර් එකේ අයිතිකාරයා ෂුවර් නැතිනම් ඔය බොලගේ මහලොකු කෝප් වාර්තාවම හොයාගෙන බලපන්. මොකා කිව්වත් බිලියන 10 අරගෙන තියෙන්නේ 11.727% පොලියට. බිලියන 1ක් ගත්තත් 10.465% පොලිය. මහ බැංකුව දැන්වීම් දාල තියෙන්නේ 12.5% ට බිලියන 1ක් ගන්නවා කියල. ඔය ටික කාගේවත් මතවාද නෙමෙයි. සත්‍ය තොරතුරු. උඹලගේ ලිපිවල තියෙන මතවාද වලට ඇති වලංගුතාවයක් නැහැ. Opinions vs Facts. වෙනස වටහා ගන්න බලපන් මොලේ පොඩ්ඩක් තියෙනවනම්.
      ඕව අපි ඔක්කොම කියෝලා තියෙන්නේ.

      Delete
    7. අයියා අවුල්ද?? හොරා කාල මට්ටු උනාම ඔහොම වෙනවා. මරා දඟලන්නෙත් ඔය විදියටම තමා.

      \\බොලගේ මහලොකු කෝප් වාර්තාවම හොයාගෙන බලපන්\\

      හොයන් බලන්නේ කොහොමද අනේ ඔය ගොල්ලෝ හොයන එකයි බලන් එකයි දෙකම තහනම් කලානේ

      Facts මත පදනම්ව තමයි Opinion එක දීලා තියෙන්නේ රනිලයි ගෝලයෝ රොත්තයි හොරා කාපු බව.

      මටත් කියන්න තියෙන්නේ රනිලගේ ගැහිලිවල වෙනස වටහා ගන්න බලපන් මොලේ පොඩ්ඩක් තියෙනවනම් කියල තමයි.

      Delete
    8. ඕකනේ ඉතින්.බයියන්ට ගණන් ඇලර්ජික් කියන්නේ.
      දැන් වාර්තාවක් ගැන හොයන්න බලන්න විදියක් නැතිනම්, ඒකෙ තියෙන දේ දන්නෙත් නැතිනම් කොහොමද කියන්නේ ඒකෙ රනිල් හොරා කියනවා කියල ? අනේ මෝඩ හරකෝ, දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතපිය.
      ඔයාට ප්‍රශ්නේ තේරෙන්නෙම නැති නිසා එකින් එක අහන්නම්කො.
      (1) 9.5% පොලියට 1බිලියන් ගන්නවා කියල දැන්වීම දාල තියෙන්නේ කොහෙද?
      (2) බිලියන 1ක් විතරක් ගත්තනම් පොලිය කීයද?
      (3)බිලියන 10 අරගෙන තියෙන පොලිය කීයද?

      Delete
    9. හා... හා සන්සුන් වෙන්න පින්වත හයියෙන් අනිත් උන්ට හරක හරක කිව්වට හොරා කාපු එක වහන්න බැනේ.

      වර්තවා නැති නිසා තමයි වාර්තාව කොට් කරලා (උපුටා දක්වල) තියෙන තැන වලට ලින්ක් දාල තියෙන්නේ . ඒවා වැරදිනම කලින් වගේ සුජීව සේරසිංහට පුළුවනි නඩු යන්න.

      ඒ ටික පිලිවලකට කියවන්න, අහන්න, ඔයාගේ බබා ප්‍රශ්න වලට උන්තර ලැබෙයි.

      රනිල් හොරා කියන්නේ කෝප් වාර්තාව මත පදනම්ව එලි දක්වා ඇති කරුණු අනුව. ඔයා කියන තරම් රනිල බබා නම් මොකද බය වෙන්නේ වාර්තාව එලියට දාන්න කියන්නකෝ.

      තව දෙයක් හරක් ගොඩක් බය වෙලා, බෙටි දාල, ඉන්න තැන කැත කරලා දගලනවනම් හරක සෑහෙන බය වෙලා. ඔයා වගේම තමයි.

      Delete
    10. ||වෙළෙඳපොළට දැනුම්දීමේදී තමා අතින් වරදක් වූ බව මහ බැංකු අධිපති පිළිගත්තේය. ලැබෙන තොරතුරු මත මෙහෙයවන මූල්‍ය වෙළෙඳපොළ තුළ අභ්‍යන්තර තොරතුරු පිටකිරීම, අභ්‍යන්තර තොරතුරු මත ගනුදෙනු කිරීම සැලකෙන්නේ සාපරාධී කටයුත්තක් ලෙසටය. එක්සත් ජනපදයේදී මේ වරදට හසුවූ රාජ් රාජරත්නම්ට සිරබත් කෑමට සිදුවිය. තවත් කීපදෙනකුටද එසේ වී ඇත. හිටපු කොටස් වෙළෙඳපොළ මණ්ඩල සභාපති තිලක් කරුණාරත්න කෙතරම් උත්සාහ ගත්තද ලංකාවේදී මෙවැනි වැරදිවලට දඬුවම් කෙරෙන්නේ නැත. වංචාකාරී ව්‍යාපාරිකයෝ මුක්තිය හේතුවෙන් ගැලවෙති. අභ්‍යන්තර තොරතුරු හොරෙන් ගැනීම සහ ඒ මත ගනුදෙනු කිරීම අපරාධයක් ලෙස සැලකෙන්නේ එයින් කෙනකු ලබන ලාභය අනෙක් අයට පාඩු ගෙනදෙන බැවිනි. ආර්ථිකඥයන් පෙන්වා දෙන ලෙසට මූල්‍ය වෙළෙඳපොළ ලාභ යනු බින්දුවේ සිට කරන ක‍්‍රීඩාවකි.||

      මහ බැංකු අධිපති විසින් වසර 30ක බැඳුම්කර නිකුත් කළ අන්දම

      Delete
    11. //God save mother Lanka , we have jumped from one frying pan to a bigger frying pan.//

      Biggest Sri Lanka Rupee Bond Fraud

      ''The entire business community was shocked with the blatant abuse of power of the Central Bank Governor Arjuna Mahendren to help his infamous son in law Arjun Aloysius, known for his infamous EPF deals with the previous government, resulting in the fund losing over 2 billion Rupees. To date the government has not investigated a single transaction and it will never happen under the current regime''

      Biggest Sri Lanka Rupee Bond Fraud


      Delete
    12. මහ බැංකුවෙ සිදුවූවේ යයි කියන ගණුදෙනුව ගැන වැඩි අවබෝධයක් නෑ. වංචාවක් සිදුවුනාද ඒක කීයද කියන කතාව පැත්තක තියමු.
      අපි හැම දෙනෙක්ම දන්න එක දෙයක් තියනව. මාමා වෙච්ච බැංකු අධිපති යටතේ බෑන යමක් ලබාගෙන තියනව. ඒක "යහපාලනයට" නං එකඟ නැති බව කියන්නම ඕන. මහබැංකුව පිරිසිදු තැනක් නෙවේ. කබ්රාල්ලා ගැනත් මීට වැඩිය දේවල් තියෙන්න පුළුවන්. නමුත් කබ්රාල්ලා එලවල දැම්මෙ මේ වගේ දේවල් කරන්න නෙවේ. මම යූඇන්පියට ඡන්දය නොදෙන්න ප්‍රබල හේතුව ඔය කාරණාව.

      Delete
    13. "එකක් කඩතොළු වසාගන්නට ගිහින් මට වුන කාරියා, ගොඩක් කඩතොළු හදා දුන්නයි සිරිකොතේ ආචාරියා "

      "ඇගිල්ලේ කක්ක චුට්ටක් ගෑවුනා, චිකේ කියල අත ගැසුව විතරයි වදුනනේ අත ..... ඉතුරු ටික කියන්න ඕන නෑ නේ"

      Delete
    14. කෝප් වාර්තාව හා මහා බැංකු වංචාව ගැන දෙපැත්තෙන්ම කතා කරන මහත්වරුන් වෙත. සොයා බැලුවොත් එම බැංකු බැඳුම්කර විකිණීම පිළිබඳව මුලින්ම නිව්ස් එක ලියුවේ ලංකානිව්ස්වෙබ් අඩවියයි. එයට හේතුව කවුරුන් කලත් හොරකමක් නම එය හොරකමක් බවට ඇති පිළිගනිම යයි සිතමු. මෙහි කවුරුත් කතා නොකරන දේ නම් බැංකු අධිපතිගේ බෑනාට මුදල් ලැබුනේ කෙසේද යන්නයි. එනම් ඉන් මිලියන 950ක් නාමල් රාජපක්ෂ මහතාගේ බවට මෙම තොරතුරු දුන් අයට දැන ගැනීමට ලැබී තිබේ. එනම් කළු සල්ලි සුදු කිරීමක් රනිල් , මහින්ද අවබෝධතාවයක් මත සිදු වුනාද? මහින්දට නාම යෝජනා දීමට හා ශ්‍රීලනිපයට යම් පමණක සහයෝගයක් දීමට මෛත්‍රී පෙළඹුනේ ඉන් පසුවද? කොටින්ම මෛත්‍රී රනිල්ට ටොක්කක් එන්නේ මේ නිසාද? අපට ඇති ප්‍රශ්න මේවයි. ම කියන්නේ මේ හොඳ මහත්වරුන් එකිනෙකා ඇර ගන්නේ නැතුව හොරකම් කරන හැමෝම ගැන සෙවිය යුතු බවයි. මොකද පැරදෙන්නේ රට බැවිනි.

      Delete
    15. මේ ඇනොනිමස් මහත්තය මෙච්චර පැහැදිලිව ප්‍රශ්න ටික අහල තියෙද්දිත් අපහු වටේ යනවා.ඔන්න ආපහු අහනවා. පුලුවන්නම් උත්තර දෙන්නකෝ.
      ඔයාට ප්‍රශ්නේ තේරෙන්නෙම නැති නිසා එකින් එක අහන්නම්කො.
      (1) 9.5% පොලියට 1බිලියන් ගන්නවා කියල දැන්වීම දාල තියෙන්නේ කොහෙද?
      (2) බිලියන 1ක් විතරක් ගත්තනම් පොලිය කීයද?
      (3)බිලියන 10 අරගෙන තියෙන පොලිය කීයද?

      රාජ්..
      වංචාවක් වෙලා නැහැ කියල මම කියන්නේ නැහැ. ඒ වංචාව වෙලා තියෙන්නේ බෑනට විතරක් තොරෝතුරු ලැබීම නිසා තරගකාරිත්වයෙන් තොරව බැඳුම්කර ලබා ගැනීමට ඉඩ ලැබීම නිසයි. හැබැයි ඔය කියන තරම් නෙමෙයි. එකට තමයි ගණන් මිනුන් හදල බලල අදහසක් ගන්න කිව්වේ.

      Delete
  27. අනේ බයියෝ, කෝප් වාර්තා කොහෙද තියෙන්නේ ඔය ගැන. ඔය බොලගේ ඩිව් කාරයවත් අත්සන් කරලා නැති බොරු ලියවිල්ලක්නේ. අනික ඔය වාර්තාවේ කොහෙද තියෙන්නේ බිලියන 50 පාඩුයි කියල? කොහෙන්ද ඔය 9.5% කතාවක් එන්නේ. මහ බැංකුව මුල ඉඳලම කියල තියෙන්නේ 12.5% ට ගන්නව කියල බිලියන 1ක්. වෙන කාගෙවත් රිපෝර්ට් පිළිගන්න කලින් මහ බැංකුවේ සයිට් එකට ගිහින් නෝටිස් එක බලපන් ප්‍රසිද්ද කරලා තියෙන.
    පුලුවන්නම් ගණන් මිනුන් හොයන වරෙන් බිලියන 50 පාඩුව හැදෙන්නේ කොහොමද කියල නිකන් මෙතන තප්පුලන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. අයියා අවුල්ද?? හොරා කාල මට්ටු උනාම ඔහොම වෙනවා. මරා දඟලන්නෙත් ඔය විදියටම තමා.

      \\බොලගේ මහලොකු කෝප් වාර්තාවම හොයාගෙන බලපන්\\

      හොයන් බලන්නේ කොහොමද අනේ ඔය ගොල්ලෝ හොයන එකයි බලන් එකයි දෙකම තහනම් කලානේ

      Facts මත පදනම්ව තමයි Opinion එක දීලා තියෙන්නේ රනිලයි ගෝලයෝ රොත්තයි හොරා කාපු බව.

      මටත් කියන්න තියෙන්නේ රනිලගේ ගැහිලිවල වෙනස වටහා ගන්න බලපන් මොලේ පොඩ්ඩක් තියෙනවනම් කියල තමයි.

      Delete
  28. ඔබේ අදහස් වලට එකඟයි. එහෙත් මේ දේ ගැනත් හිතන්න. අද අපේ රටේ ප්‍රධානම ප්‍රශ්ණ වලට ඉක්මණින් සහ නිවැරදි විසඳුම් දිය හැක්කේ මොන පක්ශයටද? බැඳුම්කර සිද්ධිය පැහැදිලි මදි බව මම පිලිගනිමි. එහෙත් එම සිද්ධිය මත රටේ තිබෙන අවුරුදු ගානක් නොවිසඳුන ප්‍රශ්ණ විසදීමට නොහැකි අයකු හෝ එම ප්‍රශ්ණ වැඩි කිරීමට උත්සාහ කරන අයකු පැමිනීමේ සම්භාවිතාව තවමත් පවතිනවා නේද?.

    අපේ අද ඇති ප්‍රධානම ප්‍රශ්ණ.
    සැප්තැම්බර පැවැත්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් රැස්වීමේදී දැට තිබෙන වාර්ථාව ඉදිරිපත් වීම සහ ඒසමබ පැමිනිය හැකි බටහිර ආර්ථික සම්භාදක.
    මෙරටදී උසස් අධ්‍යාපන අවස්ථා
    මෙරටදී රැකියාවල්
    දරා ගත නොහැකි දේශීය සහ විදේශීය ණය

    මේවා සියල්ලම සඳහා ඉක්මණින් විසඳුම් සෙවීමේ වැඩ පිලිවෙලක් එක්සත් ජාතික පක්ශයට ඇත.

    මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ ග්‍රහණය කර ගැනීමේ හැකියාවන් වැනි දේ නිසා එක්සත් ජාතික පක්ශයේ චන්ද ප්‍රමාණය ලක්ශ 47 ට වැඩි නොවේ. මහින්ද ගිය මැතිවරණයේදී ගත් චන්ද 58 ලක්ශ 10 කින් අඩුවූවත් ඔහුට සෑහෙන චන්ද ප්‍රමාණයක් ලැබීමට ඉඩ ඇත. එම අඩුවන චන්ද එක්සත් ජාතික පක්ශයට ලැබේ යැයි සිතිය නොහැක. මහින්ද හා එක්සත් ජාතික පක්ශය අතර පරතරය කුඩා නම් 18 සංශෝධනය අවස්ථාවේ කල පරිදි මුදලට මන්ත්‍රීවරුන් බිලිබා ගත හැක.

    අදට රටට අව්ශ්‍ය එක්සත් ජාතික පක්ශ රජයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ විපක්ශයක් කියන දේ 100% නිවැරදිය. එහෙත් සිදුවිය යුත්තේ විරුද්ධ පක්ශය මහින්ද නොව ජනතා විමුක්ති පෙරමුණ වීමයි. එයට විසඳුම එක්සත් ජාතික පක්ශයට ලැබිය හැකි ඔබ වැනි චන්ද ඉන් ඉවත් වීම නොවේ.

    ReplyDelete
  29. ඔබේ අදහස් වලට එකඟයි. එහෙත් මේ දේ ගැනත් හිතන්න. අද අපේ රටේ ප්‍රධානම ප්‍රශ්ණ වලට ඉක්මණින් සහ නිවැරදි විසඳුම් දිය හැක්කේ මොන පක්ශයටද? බැඳුම්කර සිද්ධිය පැහැදිලි මදි බව මම පිලිගනිමි. එහෙත් එම සිද්ධිය මත රටේ තිබෙන අවුරුදු ගානක් නොවිසඳුන ප්‍රශ්ණ විසදීමට නොහැකි අයකු හෝ එම ප්‍රශ්ණ වැඩි කිරීමට උත්සාහ කරන අයකු පැමිනීමේ සම්භාවිතාව තවමත් පවතිනවා නේද?.

    අපේ අද ඇති ප්‍රධානම ප්‍රශ්ණ.
    සැප්තැම්බර පැවැත්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් රැස්වීමේදී දැට තිබෙන වාර්ථාව ඉදිරිපත් වීම සහ ඒසමබ පැමිනිය හැකි බටහිර ආර්ථික සම්භාදක.
    මෙරටදී උසස් අධ්‍යාපන අවස්ථා
    මෙරටදී රැකියාවල්
    දරා ගත නොහැකි දේශීය සහ විදේශීය ණය

    මේවා සියල්ලම සඳහා ඉක්මණින් විසඳුම් සෙවීමේ වැඩ පිලිවෙලක් එක්සත් ජාතික පක්ශයට ඇත.

    මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ ග්‍රහණය කර ගැනීමේ හැකියාවන් වැනි දේ නිසා එක්සත් ජාතික පක්ශයේ චන්ද ප්‍රමාණය ලක්ශ 47 ට වැඩි නොවේ. මහින්ද ගිය මැතිවරණයේදී ගත් චන්ද 58 ලක්ශ 10 කින් අඩුවූවත් ඔහුට සෑහෙන චන්ද ප්‍රමාණයක් ලැබීමට ඉඩ ඇත. එම අඩුවන චන්ද එක්සත් ජාතික පක්ශයට ලැබේ යැයි සිතිය නොහැක. මහින්ද හා එක්සත් ජාතික පක්ශය අතර පරතරය කුඩා නම් 18 සංශෝධනය අවස්ථාවේ කල පරිදි මුදලට මන්ත්‍රීවරුන් බිලිබා ගත හැක.

    අදට රටට අව්ශ්‍ය එක්සත් ජාතික පක්ශ රජයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ විපක්ශයක් කියන දේ 100% නිවැරදිය. එහෙත් සිදුවිය යුත්තේ විරුද්ධ පක්ශය මහින්ද නොව ජනතා විමුක්ති පෙරමුණ වීමයි. එයට විසඳුම එක්සත් ජාතික පක්ශයට ලැබිය හැකි ඔබ වැනි චන්ද ඉන් ඉවත් වීම නොවේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. අදහස් එක්ක එකඟයි. නමුත් මේ අවස්ථාවේ එජාපය ඉන්න තැන එච්චර නරක නෑ නේද?

      Delete
  30. https://video-iad3-1.xx.fbcdn.net/hvideo-xaf1/v/t43.1792-2/11795160_461584500686314_2068334833_n.mp4?efg=eyJybHIiOjE1MDAsInJsYSI6NDA5Nn0%3D&rl=1500&vabr=525&oh=297dfbf68310fe7e722939b2a1bfbcfc&oe=55B86E4B

    ReplyDelete