Wednesday, April 27, 2016

වසන්තයා I 18+

වසන්තය ආයෙත් ඇවිල්ල කියල ලැබුන ආරංචියට ආවෙ. පොඩි කතා දෙකක් තියනව නමුත් කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ළමයි ඉන්නව නං ඉවත් වෙන්න කියල. මේ කතා දෙකම අපේ බුකි මිත්‍ර ඉෂාන්ගෙ.

හොඳ සිරිත්.
ඔන්න ඉස්කෝලෙහාමිනේ කෙනෙකුට ඕනවුනා කෑම මේසෙදි කරන පොඩි පොඩි සිරිත් විරිත් ටිකක් උගන්වන්න. ඔන්න එයා ළමයින්ට මෙහෙම කිව්ව.

"හොඳයි, ළමයි කියන්න බලන්න, ඔයාල ගෑණු ළමයත් එක්ක කෑම ගනිමින් ඉන්න වෙලාවට මුත්‍රා කරන්න ඕනවුනා..... දැං ඔයාල ඒක කියන්නෙ කොහොමද?"

ඔන්න එකෙක් නැඟිට්ට,

"ටීච, මම කියනව චූ බරයි කියල"

"ඒක එච්චර හොඳ නෑ නේද පුතා.... වෙන කෙනෙක් කියන්න බලන්න....."

ඔන්න තව එකෙක් නැඟිට්ට,

"ටීච මම කියනව ටොයිලට් එකට යනව කියල"

"ඒක ටිකක් හොඳයි.... හැබැයි කෑම මේසෙදි ටොයිලට් වගේ වචන හොඳ නෑ..... තව කවුරුහරි ඉන්නව නං කියන්න ඊට වැඩිය හොඳට...."

ඒ ගමන නැඟිට්ටෙ ඇම්ඩා,

"මම යනව, මම හොඳට හඳුනන යාළුවෙකුට ශේක්හැන්ඩ් කරල එන්න.... මම බලාපොරොත්තු වෙනව කෑමෙන් පස්සෙ එයා ඔයාටත් හඳුන්වල දෙන්න"

ටීච සිහි නැතුව වැටුනලු!

******************************************************

දරුවගෙ අනාගතේ

ඔන්න පැඟිරි වයසෙ කෙල්ලෙකුට ඉන්නව ඒ වයසෙම යාළුවෙක්. දවසක් කෙල්ලගෙ ගෙදර කොලුව ආව පාඩම් කරන්න. ඒ දෙන්න උඩ තට්ටුවෙ පාඩම් කරද්දි කෙල්ලගෙ අම්මයි තාත්තයි යට ටීවී බලනව රටකජු වගයක් හපමින්. කජු ඇටයක් උඩදාල අල්ලන්න ගිය තාත්තගෙ නහය ඇතුලෙ කජ්ජ හිරවුනා. ගන්න ට්‍රයි කලත් වැඩේ හරිගියේ නෑ. ඔය සද්දෙ ඇහිල පාඩම් කරමින් හිටිය දෙන්නත් පහලට ආව. කොල්ල ඉදිරිපත් වුනා වැඩේ ගොඩදාන්න. කජ්ජ හිරවෙලා තිබුන පැත්තට අනිත් පැත්තෙ නාස් සිදුරට දබර ඇඟිල්ල ගහපු කොල්ල,

"හරි, අංකල් දැං හයියෙන් පිඹින්න" කියල කිව්ව. ඒ එක්කම කජ්ජ එලියට පැන්න. කට්ටියටම හෙන හැපී. කොලු කෙලි ඩබල ආයෙත් උඩට ගිය අතරෙ කෙල්ලගෙ අම්මයි තාත්තයි කතාව.

"හරි දක්ෂ ළමයෙක් නේද? මං හිතන්නෙ අනාගතේ දොස්තර කෙනෙක් වෙයි නේද?" අම්ම, තාත්තගෙන් ඇහුව.

"ඒක නං මං දන්නෑ ඕයි,..... හැබැයි උගේ ඇඟිල්ලෙන් ආපු සුව‍ඳෙ හැටියට අනාගතේ ඌ මගේ බෑන වෙන එක නං ෂුවර්"

25 comments:

  1. හැක් හැක්.. ලියහං ලියහං මැයි දිනේ ගැන..

    ReplyDelete
  2. මෙලෝකෙ රහක් නෑ.... මචන් රාජ්, අපි උඹේ බ්ලොග් එක බලන්න එන්නෙ මෙව්වගේ මෝඩ ජෝක් බලන්න නෙවෙයි.... උඹ දැන් අහයි ඉතින් මට පුකද කියලා....

    ඇත්තටම උඹ ලියන්නෙ නැත්තෙ ඇයි...

    ReplyDelete
  3. දෙක නං පට්ට.......................

    ReplyDelete
  4. හික්ස්.. අපි ඔයිට වඩා ලස්සන කතා ඔය කාල වල කියලා තියෙනවා. දැනටත් දාහක් හිටියත් ගමටම ඇහෙන්න මම පීපි කරන්න යනෝ කියලාත් කියනවා...
    දෙවෙනි එක ගැන නම් නෝ කොමන්ට්ස්.. කොල්ලා දස්සයා...

    ReplyDelete
  5. කාරෙකක් ගත්තැයි?

    ReplyDelete
  6. “A person reveals his character by nothing so clearly as the joke he resents.”
    ― Georg Christoph Lichtenberg

    මේක කියවපු ගමන් සිංහල බ්ලොග් ලෝකය මතක් වුනා

    ReplyDelete
  7. හොඳ කථා දෙකක්

    ReplyDelete
  8. පොඩි ළමයෙක් නිසා බැලුවේ නෑ

    ReplyDelete
  9. අංකල් කාරයත් හොඳට ගඳ සුවඳ දන්න පොරක් වගේ. හැක්..

    ReplyDelete
  10. පලවෙනි කතාව අහල තියෙනවා දෙවෙනි එක නං අලුත්.

    ReplyDelete
  11. මදෑ ඇඟිල්ලෙන් විතරක් සුවඳ ආවා තොල් දෙකෙන් එන්නේ නැතුව.

    ReplyDelete
  12. මේක නිකන් තල්ලු ස්ටර්ට් එකට වගේ හොඳයි, ඒත් වාහනේ හැටියට මීට හය්යෙන් යන්න ඕන මල්ලි.

    ReplyDelete
  13. මේදවස් වල කියවන එවා හැටියට මේක වසන්තය ආයෙත් ඇවිල්ල කියල ශුවරේකටම පේනවා

    ReplyDelete
  14. අර දින මේ දි්න වලින් මිනිස් මොල හෙම්බත් වෙලා. ඒ මදිවට පායන අව්වට ඔළුගෙඩි කරකුට්ටං වෙලා...මේව තමයි ඒවට නියමෙට ගැළපෙන්නෙ

    ReplyDelete
  15. මම නම් කියන්නේ "හුජ්ජා අතක් ගහලා එන්නම්..." කියලා...

    රාජ් නොලියම හිටියා නම් මීට හොඳයි...

    ReplyDelete
  16. හ්ම්.......කතා දෙකම අහල තියේ... ලියමු ඉස්සර වගේ කතා...

    ReplyDelete
  17. හිහි... රාජ් ස්ටැයිල් එකට නං මදි හැබැයි.

    ReplyDelete
  18. ඇත්තටම ඒ කොල්ලා දොස්තර කෙනෙක් වෙයි නේහ්....

    ReplyDelete
  19. මම දන්න නයිජීරියන් කාරයෙක් ලඟදි ගාල්ලෙ ගිහිං මූට කවුද චූ බරයි කියන්න උගන්නල, දැං මූ හැමතැනම එ්ක කියනව :D

    ReplyDelete
  20. දෙවනි කතාවෙ කොලුව බ්ලොග් ලියනව නේද??හැක් හැක්...

    ReplyDelete