Tuesday, May 17, 2016

වසන්තයා VI, මහතුං මාමගෙ නව්‍ය ආර්තික මෙව්ව එක හෙවත් කඩේ උගසට තියල ගෑනුන්ට.......!

හංදියෙ කඩේ ලඟ සුපුරුදු සෙට්එක බරපතළ සාකච්ඡාවක්. මහතුං මාමයි, ධර්මෙ අයියයි, රුවන් මල්ලියි, කඩේ ලොකු මාමයි, එයාගෙ බෑනයි. කට්ටිය‍ කතා වෙන්නෙ මොකක් ගැනද මංද.....

"රටේ ආර්තිකෙත් දුවන්නෙ රිම්මෙකෙං.... ඉතිං අපි ගැන කවර කතාද" ලොකු මාම කිව්ව.

"රටේ ආර්තිකේ ගැන රට කරන අය බලාගනී.... ඔයා කඩේ බලාගත්තනං මෙහෙම වෙන්නෑනෙ...." ලොකුනැන්ද තේඑක ගහන ගමං හරස් කැපුව.

"මොකක් ගැනද උඹල මේ කතා කරන්නෙ?" බැරිම තැන මම ඇහුව. ඒකට උත්තර දුන්නෙ ධර්මෙ අයිය.

"මේකනෙ මල්ලී, ලොකුමාමා එක එකාලට ණය දීල දැං කඩේ හබක් වෙන්න යන්නෙ... බලපං ඇතුලට එබිල... දොර ලෑලි ටිකයි ශෝකේස් එකයි විතරයි.... මදිපාඩුවට නැන්ද ඉන්නව... හහ් හහ් හහ්.... එච්චරයි ඉතුරු"

"ඕකට කියන්නෙ ණයදීම කියල නෙවේ බං.... වැරදි ආර්තික කළමනාකරණය" රුවන් මල්ලි මැද්දට පැන්න.

"ණය විතරක් දීල නං මදැයි.... මේ මිනිහ එක එකීලගෙ මායංවලටත් බඩු දීල පුතේ..... ණය දුන්න නං ණය පොතේ තියෙන්න එපැයි!" නැන්ද ආවේස වෙලා වගේ කියවනව.

"හැබැයි මම නං දන්නව කඩේ ගොඩදාන විදිය...." නිස්සද්ද වෙලා හිටිය මහතුං මාම කිව්ව.

"හරි මොකද්ද උඹ කියන්නෙ?" ධර්මෙ අයිය ඇහුව.

"කරන්න තියෙන්නෙ මෙච්චරයි.... තව බඩු ටිකක් ගේනව.... සල්ලි නැත්තං මේ ශෝකේස් එක, නැත්තං කඩේ හරි උගස් තියල බඩු ටිකක් ගන්නව....."

"ඊට පස්සෙ?"

"කඩේ ලොකු අයිය කරල බෑ.... බෑනට දුන්න නං හරි...."

"ඒ මොකෑ?"

"මාත් දන්නෙ නෑ හරියටම.... හැබැයි වැඩේ හරියනව මං කියන කරමෙට කලාම.... මේක අලුත් විදියක්...."

"හරි කියපංකො...."

"ඔන්න කඩේ බඩු ටික ටික විකිනෙනකොට සල්ලි එනවනෙ.... ඊට පස්සෙ ගාමිනියගෙ පවුලටයි කොරටුවෙ මැගිලින් නැන්දටයි කීය කීය හරි දීල"

"මොකක්? ගෑනුන්ට දුන්න ටික මදිද තව දෙන්න කියන්නෙ?" නැන්ද ආයෙත් මැද්ද‍ට පැන්න.

"නෑ නෑ බං.... ඉස්සෙල්ල කියනෙක අහගනිංකො.... මේක කෙමක් වගේ වැඩක්...."

"හෑ! මොකක්?"

"ඔවවොව් බං.... අර දෙන්නට සල්ලි දීල කියනව මෙහෙම කිය කිය ගම වටේ යන්න කියල.... ඒ ගෑනු දෙන්න ඇර ඒ වැඩේට හොඳ කෙනෙක් මේ ගමේ නෑ නෙව..."

"හරි මොකද්ද කියන්නෙ?"

"කියන්නෙ මෙහෙමයි.... ලොකු මහත්තය කඩේ බංකොලොත් කරලය.... කඩේ ශෝකේස් එකත් සින්න වෙන්නය යන්නෙ... ටවුමෙං ගත්ත බඩුවල ණය තාම බේරුවෙ නැතිය.... කොහොම නමුත් මේ කිසි ප්‍රශ්නයක් නිසා ගමේ මිනිස්සුන්ට කිසි අවුලක් වෙන්න දෙන්නෙ නැතිය.... වෙනද වගේම අඩුවට පිරිසිදුව පිලිවෙලට බඩු ටික දෙනවය.... වගේ ටිකක් කිව්වම ඇති"

"oඈ? එතකොට කොහොමද බං කඩේ දියුණු වෙන්නෙ?" ධර්මෙ ඇහුව.

"උඹල මාව මරංකන්න හදන්නෙපා දැං.... මේක හරියන වැඩක් නිසයි කියල දුන්නෙ.... මේවගේ ලඩවලට වැඩිය ලොකු ලොකු තැං පාලනේ කරන කට්ටියත් කරන කරමෙයක් ඕක" ඒ කතාවට කට ඇරිච්ච පාර ලොකු මාමගෙ කටේ තිබුන සුරුට්ටු කොටෙත් බිම වැටුන.

28 comments:

  1. හැක් හැක්. ඒක තමා මේ දවස් වල පත්තර පිටු පුරෝලා අපි ගැන අඩා වැටෙන්නේ..

    ReplyDelete
  2. අපේ කඩෙත් ෂෝ කේස් ටික විතරයි දැං. අපෙ අපුච්චා වෙස්සන්තරනෙ. පිනට දෙන්නෙ බඩු. කියන්නංකො මේ ට්‍රික් එක

    ReplyDelete
  3. ලොකුමාම කඩේට හෙලි පෑඩ් එකක්වත් හදල දුන්නෙ නැද්ද?

    ReplyDelete
  4. පොලිටික් කථාවක් වගේ,,,තේරුණේ දැන් තමයි..

    ReplyDelete
  5. ආං එහෙමයි කඩ කරන්නෙ … ඕ යේස්

    ReplyDelete
  6. යහපාලනේ ට දීලා හති වගේ....
    බොමුද සීතල වතුර වීදුරුවක්?

    ReplyDelete
  7. ඔය ලඩේ වහලා දාලා කසිප්පු පොට් එකකුයි, බූරුවා පැදුරකුයි එලාගන්න කියපන් බං. පරම්පරාවම ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අරූයියේ දැන් සීල් අරක්කු ,රට අරක්කු එහෙම හරි යන්නේ නැහැ ටැක්ස් හින්දා.හොඳම වැඩේ අරක්කු වෙනුවට කසිප්පු ආදේශ කරන එක තමයි.:D

      Delete
  8. කඩේ දාන්න කඩේ ගිය උන්ට මක්කැ වෙන්නෙ ඈ...
    ;)

    ReplyDelete
  9. Yas. .yas. . Biggest shop also running same same.. there is gamini's family and magilins to marketing same same story in biggest store also. In addition there is jokers to give us funny in bigger shop. Raj riting vary interast :)

    ReplyDelete
    Replies
    1. Vilage shop doing is risk. Most shops cant keep long time. Give cradit is destoy shop and shop owner too.

      Delete
  10. මේ වගේ ආර්ථික කළමනාකරුවෝ තමයි දැන් ඕනෙ වෙලා තියෙන්නේ...

    අපූරු කතාව...

    ReplyDelete
  11. raj,naw you come to tha ridam.goodest.keap it ap.

    ReplyDelete
  12. අනේ රාජ් පුතේ, පුතා මේ පාට පාටින් අකුරු දාලා වෙසක් කූඩුවක් වගේ තේරුමක් නැති බ්ලොග් පෝස්ට් එකක් ලියන වෙලාවේ ලියන්න තිබුණේ නැද්ද අපේ වීරෝදාර රණ විරුවො පොරබාකරන්වයි උගේ යස්ස පැටියයි පවුලයි මරලා රට බේරා දීලා සිංහල ජාතියේ අභිමානය ආරක්ෂා කරලා දීපු එකේ හත් වැනි සංවස්තරය පවත්වන්න මේ ඉලව් ජහ පාලන ආණ්ඩුව ඉඩ නොදෙන එක ගැන. පුතේ අපි ඔක්කෝම අර මානිගෙ තීරුවේ කිවා වගේ මේ ශ්‍රේෂ්ඨ යුද ජයග්‍රහණය අමතක කරලා දෙමළාට පුක දෙනවාද? අනේ පුතේ ඒ වීරෝදාර යුධ ජයග්‍රහණය ගැන හෙටවත් ලියනවාද? රාජ් පුතාට බුදු සරණයි රාජ් පුතේ.

    මීට කුමාර අන්කල්

    ReplyDelete
  13. මල්ලක් නෙමෙයි ගෝණියක් අරන් කඩේ යන්න වෙන වැඩක් ඒ කියන්නේ.

    ReplyDelete
  14. කඩේ ප්‍රතිව්‍යූහගත කලා නම් හරි....

    ReplyDelete
  15. ෂැහ්.. කලින් දැනං හිටියනං අපේ කඩෙත් දියුණු කරන්න තිබුන හිටං.

    ReplyDelete
  16. ARAJ MAHA LOKUWATA KA GAHUWA NEDA E KALE

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ.... අපි දැං මහින්ද මහත්තය ගේන්න ඉන්නෙ ආයෙත්.... බලං ඉන්න!

      Delete
  17. එක්කෝ කඩේ දෙන්න ඕන අර පාරෙ කෑගගහ යන බෝතල් පත්තර කාරයට. මොනවා නැතත් උගේ කටේ සද්දෙ තියනවනෙ. අද කාලෙ සද්දෙයි වැදගත් . ලොකු මාමත් සද්දෙට කිය කියා ඇවිදින්නෙ "කඩේ අපූරුවට කොලා නයට දුන්නෙම නෑ" කිය කියා. මොකෝ බොරුයි කියන්න පොත් ඔල ලියල තියන එකක් යැයි.

    ReplyDelete
  18. අපේ රටේ ඉන්න පරික්සකයෝ හරි අපරික්සාකාරියි...
    හරි හරියට වරද්දගන්නවා...

    ReplyDelete
  19. කඩේ නැන්දා හරි ඉතුරු වුනා මදැයි.

    ReplyDelete
  20. කෝල් එකක් දීලා කියන්නද කඩේ දීපං ළමේකුට කියලා.

    ReplyDelete
  21. හන්දියෙ කඩේ සෙට් එක කවුන්සිලේට යැව්වා නම් ගොඩ...

    ReplyDelete
  22. කඩේ කඩේ විශිහට කලා නම් ඉවරයිනේ.

    ReplyDelete