Tuesday, April 28, 2015

හෙළ ජාතික ධජය පිළිබඳ චාමිගේ අනාවරණය!

නව ජාතික කොඩිය ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් ඉන්න බෑ නෙව. ජාතික කොඩිය නිර්මාණය වීම පිටුපස කතාව අපේ චාමි බුකියෙ දාල තිබුන. එතනින් ගෙඩි පිටින් උපුටල මගේ බ්ලොග් එකේ දානව.

(දෙයියම්පා මේක දන්නා /නොදන්නා කාටවත් මඩ ගහන්න හෙම නෙමෙයි. ෆන් එක පිණිසමැයි) 

[දැන් නාන ගමනුත් කල්පනා උනේම අර අළුත් ජාතික කොඩිය. ඒකෙ තිබ්බේ රංග™ මස්සිනා හදාපු එකේ ඇ* දෙකට මහින්ද™ මහත්තයාගේ අදහසක් අනුව සුළු ජාතික පාට දෙක දැම්මයි කියලනේ. කාල්ටන් මන්දිරේ වාඩිවෙලා..... රංග™ ලයි මහින්ද™ මැතිතුමයි ඕක සමාලෝචනය කරන්න ඇත්තෙ මෙහෙමයි මං හිතන්නේ.....
(මහින්දගේ ඩයලොග් එයාගේ වොයිස් එකෙන්ම සිතා ගැනීම යහපති)

-චාමි(සෑම්)][ඩයලොග් ගැලපෙන වර්ණයෙන් වෙන්කර අැත-රාජ්]

"අපරාදෙ මේක මෙච්චර පරක්කු කලේ.... ඒ කාලෙ දුන්නනං මං මේක තුනෙන් දෙකෙන්ම සම්මත කරල දානවනේ..... මේක තමයි හරියන්නේ..... සිංහයගේ නියම පෞරුෂය හොඳට පේනවනේ මේකෙන්...."

"ඒක තමයි සර් අපි මේක හැදුවෙත්......"

"බොහොම හොඳයි... දක්ෂ නිර්මාණයක්...."

"ඔව් සර්.... අපේ පර්යේෂණ අනුවත් අපි හොයාගෙන තියෙනවා සිංහලේ මුලින්ම තිබිලා තියෙන්නෙත් මේ කොඩිය... පස්සේ සුද්දෝ තමයි සර් සිංහලයගේ පෞරුෂය නැති කරන්න සිංහයගේ පෞරුෂ කෑලි අයිං කරලා තියෙන්නේ"

"එහ්හෙම්මද? ම්ම්ම්... බලමුකො නේද?"

"ඒකනේ සර්.... කුහක වික්ටෝරියානු සදාචාරය නිසා අපේ....."

"වික්ටෝරියා මොකක්....? ආ... වික්ටෝරියා සීක්‍රට්... ඔය සුද්දන්ගෙනේ නේද? "

"නෑ සර්... අපි කිව්වේ සුද්දගේ සදාචාරේ....."

"ආ... හරි හරි... ඒවා පරණ කතානේ... මේක ගැන කියනවලකෝ... දැන් මේක හරි නේද?"

"නෑ සර්... සර්ම බලලා අඩුපාඩු මොකුත් තියෙනවනං කියන්න....."

"අඩුපාඩුවක් නෑ.. මේ ලොකුවටම තියෙන්නේ.... ලොකු ගැම්මක් එනවා ඒක දකිද්දි...."

"අපිටත් එහෙමයි සර්...."

"දැං මොකද්ද දැනට තියෙන කොඩියෙයි මේකෙයි වෙනස?"

"මේකේ අර පාට තීරු දෙක නෑනෙ සර්....."

"කොයි තීරු දෙකද?"

"ඇය සර් අර ඉස්සරහින් තියෙන්නෙ කොලපාටයි තැඹිලි පාටයි....."

"මොකේද? ජාතික කොඩියේ.....? යකෝ.. මට මතක නෑනේ..."

"එහෙම තියෙනවා සර්...."

"ආ... හරි හරි... ඉතිං තමුසෙලා මොකද කලේ....?"

"අපි ඒ දෙක අයින් කලා සර්....."

"ඒ මොකටද?"

"ඒ තීරු දෙක තිබ්බේ සර් මුස්ලිම් මිනිස්සුයි දෙමල මිනිස්සුයි නියෝජනය කරන්නනේ.... ඒ උනාට සර් මේක සිංහල රට... උන් මේකට ආපු ආක්‍රමණිකයෝ... ඉතින් සර්......."

"තමුසෙලා ඒ දෙක අයින් කලා....?"

"ඔ...ඔව් සර්......"

"ම්.... වෙලාවේ හැටියට වරදක් නෑ..... කියන්නේ ... හොඳයි... බොහොම හොඳයි මේක..."

"ඒක තමයි සර්...."

"ම්.... හැබැයි පොඩි ප්‍රස්නයක් නං එනවා නේද?"

"ඒ මොකද්ද සර්?"

"දැං ගන්නවකෝ අපේ අස්වර්.. එතකොට විමලයගේ මුසම්මල්..... උන් මුස්ලිම්... එතකොට කරුණා..කේපී... දයා මාස්ටර්... උන් දෙමල..... කොටින්ම ගිය චන්දෙදි උනත් ඔය දෙමල මුස්ලිම් මිනිස්සු ටික දෙනෙක් හරි මට චන්දෙ දුන්නනේ... මේක හින්දා ඒ ටිකට කෙළවෙයිද?"

"අපොයි නෑ සර්... ඔය අවජාතික චන්ද නැතුවට ඔබතුමාට නියම පිරිසිදු සිංහල බෞද්ධ චන්ද.............."

"ප** තමයි...මමනේ දන්නේ ඒ හරිය.... තමුසෙලා මෙතන හු*** ආවට මට වෙච්චි දේ...... ම්... ඒකනේ කියන්නේ...නේද? හිතට හරි අමාරුයි මෙව්වා මතක්වෙද්දි...."

"අපිට තේරෙනවා සර්...."

"ඒක තමයි... අර පාට දාන්න වෙනවා... නැත්තං හරියන්නෑ..."

"අනේ ඒකනං බෑ සර්.... ඒ පාට අයින් කරපු එකමනේ මේ කොඩියේ ලොකුම විශේෂත්වේ......"

"එහෙමද?... ඒත් ඒ පාට දෙක තියෙන්න ඕනේ.... ම්... ඉස්සරහට බැරිනං සිංහයගේ පස්සට දානවලා...."

"අපොයි ඒකනං කීයටවත් බෑ සර්.... උන්ව පස්සෙන් තියන එක ගොඩක් අනතුරුදායකයි... අනික සර් සිංහයා වලිගෙත් උස්සගෙනමනේ ඉන්නේ... මතක් කරන්නවත් එපා සර්....."

"ම්.... ඒකත් ඇත්ත නේද? ඉතිං මොකද කරන්නේ? පොඩ්ඩක් බලනවලා පොඩියට හරි ඕවා දාන්න තැනක් නැද්ද කියලා....?"

"අපිට නං හිතාගන්න බෑ සර්...."

"ඕකනේ කියන්නේ.... ම්... අයිසේ.... මුගේ මේ මෙව්වා දෙකට ඔය පාට දෙක දැම්මොත් මොකද?"

"කිව්වෙ සර් ඇ* දෙකටද?"

"නැතුව? ඒක තමයි නියම තැන... ලස්සනට හිටී....."

"ෂහ්.... බ්‍රිලියන්ට් අයිඩියා සර්... මාවලස්....... එක්සලන්ට්... කොටින්ම....."

"ඒකනේ අයිසේ තාම මේ ගේම ගහගෙන ඉන්නේ... හැහ්...හැහ්...."

"නියමයි සර්... ඒකෙන් වැඩි හානියක් වෙන්නෙ නෑ.... දාමු සර්...... සර්... දැං කොලපාට දාන්න ඕනේ වම් ඇ*ටද... දකුණු ඇ*ටද?"

"ම්..... වම් පැත්තේ එකට දානවකෝ.... දකුණට ඕකුං ගාවන්ඩ එපා...."

"එහෙමයි සර්..... එතකොට දකුණූ ඇ*ට?"

"ඉතිං හු** ඔය ඉතුරු ප* අනිකට දාපිය................ කියන්නේ..... තේරෙනවනේ....නේද?"

"ඔ..ඔව්...සර්.... තේරුණා සර්...."

"බොහොම හොඳයි.... ඔය කොඩිය මං අගමැති උන ගමන් පැය විසිහතරෙන් ව්‍යවස්තාවට ඇතුලත් කරලා නීතිගත කරනවා....."

"හරි සන්තෝසයි සර්...."

"ම්... හොඳයි... එහෙනං මං කියපු විදිහට ඕක හදලා ගෙනත් පෙන්නනවලකෝ ඈ...?"

"එහෙමයි සර්...."

"එහෙනං යනවලා............... මේ කාලද ඉන්නේ....?"

"ඉහික්...තාම නෑ සර්... හික්...."

"හා...හා... ඔය තරුණ ළමයි බඩගින්නේ ඉන්ඩ හොඳනෑ... ගැස්ට්‍රයිටිස් අරවා මේවා.... නේද?... වෙලාවට කන්ඩ ඕනේ...."

"ඔව් සර්......"

"ඒක තමයි.... ඔය බංගලාව ඉස්සරහා පාරෙන් එහාපැත්තේ හෝටල් ඕනෙතරං තියෙනවා... අලුතෙනුත් සෑහෙන්න දැම්මා.... මෙහෙට මිනිස්සු එන නිසා උන්ට ජයයි...."

"..... ඒක තමයි සර්....."

"ඔය හෝටලේකින් මොනව හරි කාලම යනවලා... බඩගින්නෙ හෙම යන්ඩ එපා...."

"එහෙමයි සර්....."

"හොඳයි... යනවලා......"



කොඩිය ගත්තෙ අමිලගෙ "කොඩියෙ පොන්නයන්ට තීරුවක් දාමු" ලිපියෙන්.

Monday, April 27, 2015

හොඳම ලෙඩාට තෑගි දීම......18+

හොඳම එවුන් තෝරන තරග වලදි උඩට එන්නෙ අපේ එවුන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ. බොහොම ලොල් සහගත මේවගේ තරග ගැන කතා බර ගානක් තියනව. මතක ඇතිනෙ අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව, එතකොට අර ඇමේසන් වනයට මුදාහැරපු හාව අල්ලපු අපේ පොලිස් රාලහාමි‍ලාගෙ කතාව එහෙම. ඇයි එතකොට හොඳම ගණිත ඥානය තියන පිස්ස තෝරපු කතාව දන්නවද? ඒ මෙහෙමයි.

ඔන්න පිස්සන් කොටුවෙ පිස්සො අතරින් හොඳටම ගණිත ඥානය තියන පිස්සව තෝරගෙන එයා නිදහස් කරන්න තරගයක් තිව්ව. [පිස්සුව කියන්නෙ මානසික රෝග වලට පොදුවේ කියන නම උනාට මේ "පිස්සු" සහ රෝගියා හඳුන්වන්න "පිස්සා" යනව වදන යොදාගැනීම එච්චර සුදුසු නෑ, නමුත් කතා රසය මරන්නත් බැරි නිසා ඒක පාවිච්චි කරනව] පොඩි ගානක් හදන්න කියලයි මේ තෝරාගැනීම කරන්නෙ.

ඔන්න පළමුවැන්න ආව. "එකයි එකයි කීයද" කියල ප්‍රශ්නෙ ඇහුව. පිස්සගෙ උත්තරේ උනේ "අම්ම" කියල. එයා හොඳම නෑ. දෙවනියත් ආව. ‍"දෙවරක් දෙක කීයද" කියන එකයි ප්‍රශ්නෙ. "හයදාහයි" කියල පිස්ස උත්තර දුන්න. එයා ටිකක් හොඳයි. අඩු තරමෙ ඉලක්කමක් කිව්වනෙ. තුන්වැන්නගෙන් ඇහුවෙ "පස් වරක් පහ කීයද?" කියල. "විසි පහයි" හරියටම උත්තරේ ලැබුන. කට්ටියටම සතුටුයි. උත්සවයක් එහෙම තියල රෝගියව නිදහස් කරන්න කලින්, මයික් එකට ගෙනල්ල ඇහුව ප්‍රශ්නයක්.

"කොහොමද හරියටම පස්වරක් පහ කීයද කියල කිව්වෙ?"

"අම්ම හයදාහෙන් බෙදල ගත්තෙ සර්" පිස්ස කිව්ව.

***********************************

ලෝකෙ කම්මැලිම සිද්ධිය තෝරන තරගෙත් ඔයවගේ. එ්කත් කියල ඉන්නංකො.
ඔන්න තරගෙට ආව එක එක රටවල් වලින්. ඇමරිකාවෙන් ආපු බුවා කිව්වෙ එක දිගට සතියක් කෑම බීම නොගෙන ඇඳට වෙලා හිටිය කියල කම්මැලිකමට. රුසියන්කාරය කිව්වෙ එක දිගට මාසයක් නිදාගත්ත කියල. ලංකාවෙ බුවා ආව.

"මම පැය තුනක් අඬ අඬ චිත්‍රපටියක් බැලුව" එයා කිව්ව. විනිශ්චය මණ්ඩලයට ටිකක් මදි වගේ.

"ඒක ඉතිං එච්චර කම්මැලි සිද්ධියක් නෙවේනෙ.... නැද්ද හොඳ කම්මැලි සිද්ධියක්?"

"නෑ නෑ ඉන්නකො කියනකං..... මම හෝල් එකට ගිහිල්ල වාඩි වුනේ පරම්පරා කූට්ටම උඩ..... ඔහේල දන්නව ඇතිනෙ මේක කොච්චර අමාරු කේස් එකක්ද කියල..... ආයෙ නැඟිටින්න කම්මැලිකමට අඬ අඬ පැය තුනම චිත්‍රපටිය බලලයි නැඟිට්ටෙ!" එයාට තෑග්ග දුන්නලු.

**********************************

තවත් තරගයක් තිබුන ලඟදි දවසක. ඇමරිකාවෙ තිබුනෙ. දුර පේන ලඟ නොපෙනෙන අය වෙනුවෙන් තමයි මේක පැවැත්වුවෙ. ඔන්න ඇමරිකන්කාරය ආව,

"මට හොඳට දු‍ර පේනව, හඳත් පේනව! හැබැයි අතේ තියන පත්තරේ කියවන්න බෑ. එච්චරට පේන්නෙ නෑ" එයා කිව්ව. ඊලඟට ආවෙ ඉංග්‍රීසි කාරයෙක්.

"මට අඟහරුත් පේනව.... හැබැයි අල්ලපු ගෙදර එකා ඇවිල්ල නෝනට %^#^% යනව කියල දන්නෙ යාළුවෙක් කිව්වමයි" එයාගෙ නොපෙනීම ඒ. ඊලඟට එකසැරේම දෙන්නෙක් ආව.

"අපි දෙන්නම එකවගේ.... එකම ලෙඩේ.... ඒ නිසා එකට තරග කරනව" සුදු පාට ඇඳුම් ඇඳගත්ත, කොට මහත ඒ දෙන්න කිව්ව.

"හරි කියන්න බලන්න"

"අපි දෙන්නට හොඳට දුර පේනව.... ඉර හඳ තරු ඕන එකක් පේනව.... ඒ විතරක් නෙවේ.....හැතැම්ම දාස් ගානක් දුර, ඇමරිකාවෙ රහස් කාමර වල අපේ රටට විරුද්ධව කරන කුමන්ත්‍රණත් පේනව...."

"නෑ!.... එතකොට ලඟ.....ඔයාලගෙ නෝනලාටත්?"

"නෑ නෑ මහත්තය..... අපේ අතේ තිබුන ජාතික කොඩිය විකෘති කරපු එකක් කියල අපිට පේන්නෙ නෑ නෙව!"

Tuesday, April 21, 2015

තල (නොස්ටැල්ජික් කතාවකි)

පහුගිය දවසක මිත්‍රයෙකුගෙන් ලැබුන තල ඇට ටිකක්. අවුරුද්දට තල කැරලි හදන්න කියලයි දුන්නෙ. තල හැදිල්ල ලේසියෙන් කරන්න පුළුවන් කාර්යක් නොවුන නිසා තාමත් තල ටික නං කුස්සියෙ. තල හැදිල්ල සෑහෙන්න අමාරු වැඩක් අද කාලෙ. මොකද දැං ඉන්න කාන්තා පක්ෂෙ අයට කුල්ලෙන් පොලන්න එහෙම බෑ නෙව. ඒ කතන්දර කොහොම උනත් තල හැදිල්ල ගැන ලියන්න හිතුව, මේව පසු කාලෙක කවුරුහරි කියවයිනෙ.

තල කියන්නෙත් කුරහං වගේ හේන්වල වගා කරන භෝගයක්. හේන් ගොවිතැන් ගැන කලකට ඉහත ලිව්ව මේ සටහන කියෙව්වෙ නැත්තං කියවන්න. මේ සටහන යන්නෙ එතන ඉඳල. හේන හදල තල වපුරන්නෙත් කුරක්කන් විදියට තමයි. නමුත් ඊට වැඩිය බීජ ප්‍රමාණයක් යොදන්න ඕන. ඒ කිව්වෙ ඝනත්වය කුරක්කන් වලට වඩා වැඩි වෙන්න ඕන.

තල කියන්නෙ ටිකක් විතර රළු භෝගයක්. කුරක්කන් පැලවෙන කාලෙට නං ඒ අතරෙ තියන වල්පැල උදුරා දමන්න ටිකක් විතර මහන්සි වෙන්න වෙනව. නමුත් තල පැල උස් මහත් වෙද්දි ඒ අතරෙ ඉන්න සමත් වල් පැලයක් නෑ. තල ගස් අතරෙ තියන උෂ්ණාධික ගතිය නිසා මෙහෙම වෙනව කියලයි පැරැන්නො කියන්නෙ. නියමිත විදියට වර්ෂාව ලැබුනොත් සාරවත් විදියේ පලදාවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තල ගහක් අඩි දෙකතුනක් උසට හැදෙනව. වර්ගය අනුව, තනි ගහක් විදියටත් ගස් කිහිපයක පඳුරක් විදියටත් හැදෙනව. ඒ වගේම තල ඇට වල ප‍ාට අනුවත් වර්ග දෙකක් තියනව. සුදු තල සහ කලු තල විදියට.

ඔන්න තල පැල ලොකුවෙලා මල් පිපෙනව. සුදු පාටින් තල මල් පිපිල තියෙද්දි බලන්න ලස්සනයි. මල් වලින් පස්සෙ තල කරල එන්නෙ. තල ගහ වටේට තමයි කරල හැදෙන්නෙ. කරල් අනුවත් බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ තනි කරල් විදියට සහ කරල් පොකුරක් විදියට හටගැනීම අනුව.

ඔන්න තල අස්වැන්න කපාගන්න ඕන කාලෙට තමයි ආයෙ වැඩ වැඩි වෙන්නෙ. තල ගසේ මුල ඉඳල අඩියක් විතර උසින් තමයි කරල් තියන කොටස ආරම්භ වෙන්නෙ. ඒ නිසා අඟල් හයක් අටක් පොලවට ඉතිරි වෙද්දි තල ගහ කපාගන්නව. මේ 'ඉපනැල්ල' විදියට ක්ෂේත්‍රයේ ඉතිරිවෙන තල ගසේ මුල කොටස නිසා ඇවිදීමේදී කකුල් වලට මාර 'ආතල්' එකක් ලැබෙන බවත් නොකියාම බෑ. කැපීමට පාවිච්චි කරන්නෙ දෑකැති හෝ දෑකැත්තේ හැඩය ඇති, ඊට වැඩිය කුඩා කුරහන් කැපීමට පාවිච්චි කරන "කුරහන් කැත්ත". කපාගන්නා තල ගස් ගොයම් කොලයක් (කොලය කිව්වෙ ගොඩක්) ආකාරයට ගොඩ ගසාගන්න ඕන. දවසකට දෙකකට පස්සෙ කමතට අරගෙන වේලාගන්න ඕන.

කමත හදාගැනීමත් විශේෂයි. පසු කාලවල කමත වෙනුවට සීනි-පොහොර මළු භාවිතා කරල හදාගත්ත 'මාගල්' පාවිච්චි උනාට මුල් කාලයේ කමතෙ තමයි වැඩේ සිද්ධවුනේ. පස තද ගතියට අැති, තැනිතලා බිමක් තෝරාගෙන වල්පැල උදළුගාලයි කමත හදාගන්නෙ. වැලි ඉවත්වෙලා තද පස මතුවන තුරු කොස්සකින් අතුගා ගැනීමෙන් කමත හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පසට වතුර යොදා මඩකරල, ගොමමැටි ගාපු ගෙබිමක් වගේ හදාගන්නත් පුළුවන්. මේකෙ තියන වාසිය තමයි ධාන්‍ය වලට මිශ්‍ර වන වැලි ප්‍රමාණය අඩුවීම.

ඔන්න කමත සකස්කරල ඉවර උනාම 'තල වැනිල්ල' කරගන්න පුළුවන්. පේලි විදියට දවසක් දෙකක් වේලුනාට පස්සෙ වැඩේ හරි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තල ගැසීම. ඒ කියන්නෙ වනල තියන තල අතට හසුවන තරමේ ප්‍රමාණයක් අරගෙන අතකින් දනහිසට ඉහලින් කකුලකට තද කරගෙන අනෙක් අතින් තල මිටියට ගැසීමෙන් වේලී පුපුරාගොස් අැති තල කරල් තුලින් ඇට පහලට වට්ටවා ගැනීම කරගන්න පුළුවන්. මේ විදියට වාර දෙකතුනක් වැනීමත් ගැසීමත් සිදුකලාට පස්සෙ සම්පූර්ණ අස්වැන්න ලබාගන්න පුළුවන්. ඉතිරි වන තල ගස් ටික ඉතාම හොඳ පොහොරක් බවත් කියන්න ඕන.

තල කැරලි, තලගුලි, තල දෝසි ආදී රසකැවිලි හදාගන්න එකයි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ. නමුත් ඊට කලින් කරන්න වැඩක් තියනව. ඒ තමයි තල කොටාගැනී‍ම.
තල අස්වැන්න ලබාගත්තට පස්සෙ සෝදා වැලි ඉවත් කරගෙන වතුර පිටින්ම වංගෙඩියට ද‍ාල කොටාගැනීම සිදුකරනව. තෙත ගතිය තිබියදී කෙටීම නිසා තල ඇට පොඩිවීමකට ලක් නොවී පිටතින් ඇති සිවිය වෙන් වෙනව. ඊට පස්සෙ හාල් මෝලකින් ගත්ත 'සහල් කුරුට්ට' අඩංගු 'කුඩු' කොටාගත් තල සමඟ මිශ්‍ර කර තෙත ගතිය අඩුකරගැනීමෙන් පසුව කුල්ලේ දමා පොලා ගැනීම කරන්න පුළුවන්. පොලාගත් පිරිසිදු තල ඇට අව්වේ දමා හොඳින් වේලාගෙන යලිත් වංගෙඩියේ කොටන විට 'තැලීම' සිදුවෙනව. ඊට පස්සෙ පුළුවන් (අවශ්‍ය නම්) තෙල් ලබාගන්නත් රසකැවිලි හදන්නත්.