Monday, April 27, 2015

හොඳම ලෙඩාට තෑගි දීම......18+

හොඳම එවුන් තෝරන තරග වලදි උඩට එන්නෙ අපේ එවුන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ. බොහොම ලොල් සහගත මේවගේ තරග ගැන කතා බර ගානක් තියනව. මතක ඇතිනෙ අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව, එතකොට අර ඇමේසන් වනයට මුදාහැරපු හාව අල්ලපු අපේ පොලිස් රාලහාමි‍ලාගෙ කතාව එහෙම. ඇයි එතකොට හොඳම ගණිත ඥානය තියන පිස්ස තෝරපු කතාව දන්නවද? ඒ මෙහෙමයි.

ඔන්න පිස්සන් කොටුවෙ පිස්සො අතරින් හොඳටම ගණිත ඥානය තියන පිස්සව තෝරගෙන එයා නිදහස් කරන්න තරගයක් තිව්ව. [පිස්සුව කියන්නෙ මානසික රෝග වලට පොදුවේ කියන නම උනාට මේ "පිස්සු" සහ රෝගියා හඳුන්වන්න "පිස්සා" යනව වදන යොදාගැනීම එච්චර සුදුසු නෑ, නමුත් කතා රසය මරන්නත් බැරි නිසා ඒක පාවිච්චි කරනව] පොඩි ගානක් හදන්න කියලයි මේ තෝරාගැනීම කරන්නෙ.

ඔන්න පළමුවැන්න ආව. "එකයි එකයි කීයද" කියල ප්‍රශ්නෙ ඇහුව. පිස්සගෙ උත්තරේ උනේ "අම්ම" කියල. එයා හොඳම නෑ. දෙවනියත් ආව. ‍"දෙවරක් දෙක කීයද" කියන එකයි ප්‍රශ්නෙ. "හයදාහයි" කියල පිස්ස උත්තර දුන්න. එයා ටිකක් හොඳයි. අඩු තරමෙ ඉලක්කමක් කිව්වනෙ. තුන්වැන්නගෙන් ඇහුවෙ "පස් වරක් පහ කීයද?" කියල. "විසි පහයි" හරියටම උත්තරේ ලැබුන. කට්ටියටම සතුටුයි. උත්සවයක් එහෙම තියල රෝගියව නිදහස් කරන්න කලින්, මයික් එකට ගෙනල්ල ඇහුව ප්‍රශ්නයක්.

"කොහොමද හරියටම පස්වරක් පහ කීයද කියල කිව්වෙ?"

"අම්ම හයදාහෙන් බෙදල ගත්තෙ සර්" පිස්ස කිව්ව.

***********************************

ලෝකෙ කම්මැලිම සිද්ධිය තෝරන තරගෙත් ඔයවගේ. එ්කත් කියල ඉන්නංකො.
ඔන්න තරගෙට ආව එක එක රටවල් වලින්. ඇමරිකාවෙන් ආපු බුවා කිව්වෙ එක දිගට සතියක් කෑම බීම නොගෙන ඇඳට වෙලා හිටිය කියල කම්මැලිකමට. රුසියන්කාරය කිව්වෙ එක දිගට මාසයක් නිදාගත්ත කියල. ලංකාවෙ බුවා ආව.

"මම පැය තුනක් අඬ අඬ චිත්‍රපටියක් බැලුව" එයා කිව්ව. විනිශ්චය මණ්ඩලයට ටිකක් මදි වගේ.

"ඒක ඉතිං එච්චර කම්මැලි සිද්ධියක් නෙවේනෙ.... නැද්ද හොඳ කම්මැලි සිද්ධියක්?"

"නෑ නෑ ඉන්නකො කියනකං..... මම හෝල් එකට ගිහිල්ල වාඩි වුනේ පරම්පරා කූට්ටම උඩ..... ඔහේල දන්නව ඇතිනෙ මේක කොච්චර අමාරු කේස් එකක්ද කියල..... ආයෙ නැඟිටින්න කම්මැලිකමට අඬ අඬ පැය තුනම චිත්‍රපටිය බලලයි නැඟිට්ටෙ!" එයාට තෑග්ග දුන්නලු.

**********************************

තවත් තරගයක් තිබුන ලඟදි දවසක. ඇමරිකාවෙ තිබුනෙ. දුර පේන ලඟ නොපෙනෙන අය වෙනුවෙන් තමයි මේක පැවැත්වුවෙ. ඔන්න ඇමරිකන්කාරය ආව,

"මට හොඳට දු‍ර පේනව, හඳත් පේනව! හැබැයි අතේ තියන පත්තරේ කියවන්න බෑ. එච්චරට පේන්නෙ නෑ" එයා කිව්ව. ඊලඟට ආවෙ ඉංග්‍රීසි කාරයෙක්.

"මට අඟහරුත් පේනව.... හැබැයි අල්ලපු ගෙදර එකා ඇවිල්ල නෝනට %^#^% යනව කියල දන්නෙ යාළුවෙක් කිව්වමයි" එයාගෙ නොපෙනීම ඒ. ඊලඟට එකසැරේම දෙන්නෙක් ආව.

"අපි දෙන්නම එකවගේ.... එකම ලෙඩේ.... ඒ නිසා එකට තරග කරනව" සුදු පාට ඇඳුම් ඇඳගත්ත, කොට මහත ඒ දෙන්න කිව්ව.

"හරි කියන්න බලන්න"

"අපි දෙන්නට හොඳට දුර පේනව.... ඉර හඳ තරු ඕන එකක් පේනව.... ඒ විතරක් නෙවේ.....හැතැම්ම දාස් ගානක් දුර, ඇමරිකාවෙ රහස් කාමර වල අපේ රටට විරුද්ධව කරන කුමන්ත්‍රණත් පේනව...."

"නෑ!.... එතකොට ලඟ.....ඔයාලගෙ නෝනලාටත්?"

"නෑ නෑ මහත්තය..... අපේ අතේ තිබුන ජාතික කොඩිය විකෘති කරපු එකක් කියල අපිට පේන්නෙ නෑ නෙව!"

58 comments:

  1. අන්තිම කතාව නොතිබ්බනම් පෝස්ට් එක රාජ් ගේ නොවන්නත් තිබුණා.. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්තිම එක තමයි මගේ එක.

      Delete
  2. කුමන්ත්‍රණ කාරයො ඇවිත් ජාතික කොඩි වගයක් බෙදාගෙන බෙදාගෙන ගියාලු.දේශප්‍රේමය උතුරා යමින් තිබුණ නිසා විකෘති කරපුවා කියල දැක්කෙ නෑලු.

    ReplyDelete
    Replies
    1. බයි ලොක්ක එහෙම කියනව මාත් අහගෙන.

      Delete
    2. අර වසී බෝලෙ දීල තියෙන්නෙත් බටහිරින් කුමන්ත්‍රණ කාරයො

      Delete
  3. කොඩියක් කියල උස්සගෙන ඉඳල තියෙන්නේ නෝනලගේ ජංගිලු..

    ReplyDelete
    Replies
    1. මාතලන්, මේ පට්ට දවාලේ අතේ තියෙන කොඩිය මොකද්ද කියලා අඳුන ගන්න බැරි එවුන් කොහොමද බං රෑට නිවැරදි විවරය හඳුනා ගන්නේ? මට පේන්නේ ගොම්මන්පිළයි ඩලස් කොටායි දෙන්නම වැරදි දෝනාවෙ යනවා ඇති. ගෑනු තමයි පව්. අනේ ප්‍රදීපා මගෙ නංගියේ... මක් කරන්නද දෝණියේ...

      Delete
    2. ශෂි වීරවංශට කණේ අමාරුවක් හැදිල තිබ්බෙ, ඒ යකා කණේවත් අැරලද දන්නෑ...

      Delete
  4. වැරදීමක් සමා වෙන්න. (තුන්වෙනි කතාවට)

    ReplyDelete
  5. අන්තිම කතාවට අනුග්‍රහය NGO එකකින්ද?

    ReplyDelete
  6. මල් මසුරං කතාව! (අන්තිම එක. කලින් දෙක රාජ්ට මදි)

    ReplyDelete
    Replies
    1. අන්තිම එක විතරයි මගේ

      Delete
  7. ඒකත්...... ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.......ද ...?

    ReplyDelete
    Replies
    1. x ලොක්ක කියන විදියට නං කුමන්ත්‍රණයක්

      Delete
  8. //අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව, එතකොට අර ඇමේසන් වනයට මුදාහැරපු හාව අල්ලපු අපේ පොලිස් රාලහාමි‍ලාගෙ කතාව එහෙම. ///

    අනේ රාජ් අයියේ මේ කතා කලින් ලිවනම් ලින්ක්ස් පීස් දෙම්න .. නැත්නම් කියන්නකෝ,, ෂෝයි

    ReplyDelete
    Replies
    1. ඔමා කොමෙයි ඩයට් එකෙන් පස්සෙ ආයෙමත් බතලි උනාද නැත්නම මේන්ටේන් කරන් යනවද

      Delete
    2. ඒ සතියෙන් පස්සේ බර ආයෙම කිලෝ දෙකක් වැඩි වුණා.. ඒත් කලින් හිටියට වඩා 4ක් අඩුයි,,, දැන් ඉබේටම සීනි කන එක නැවතිලා.. ඒ වගේම මන් පලතුරු කනවා, වැඩියෙන් වතුර බොනවා.. ඒ සතිය අමාරුවෙන් කලාට පස්සේ ඉබේම අපේ හිත වෙනස් වෙනවා ඇනෝ,,, දැන් මට කලින් අදින්න බැරිවෙච්ච ඩෙනිම් 2ක් අදින්න පුළුවන් ආයේ... ඔයත් කරලා බලන්න,,

      Delete
    3. //ඉබේම අපේ හිත වෙනස් වෙනවා//
      මාර ඩයට් එකක්නේ.... :)

      Delete
    4. මමත් කලා ඒ උනාට බැස්සෙ 2kg. හේතුව මම 55 ඇනෝ කොල්ලෙක් වීම් වෙන්නැති. කරාගෑටි වෙච්ච තෙල් තාටු ලේසියකට කැඩෙන්නෙ නෑ වගේ.

      Delete
    5. මං නං දැන් බෙල්ට්වල අළුතින් හිල් විදිනවා. ඊයෙත් එකක විද්දා.

      Delete
    6. තිසර අයියේ @ ඔව් ඒක මාර ඩයට් ප්ලෑන් එකක්,,ඔයත් කැමති නම් කරලා බලන්න ටිකක් අමාරුයි ..

      Delete
    7. ඇනෝ@ නෑ නෑ එහෙම එකක් නෑ.. මං ඒ ප්‍රශ්නේ ඇහුවා ඊට කලින් වතාවක ඩයට් ප්ලෑන් එකක අපේ වයස අනුව ඇඟේ මේද ස්තර වල තද බාවයක් ඇතිවෙන්නේ නෑ.. සීනි අඩුකරලම දාන්න,, ඇඟේ සීනි අඩුවෙද්දී අනිවාර්යෙන්ම ඇඟ ඇතුලෙන් මේදය දිය කරලම ගන්න වෙනවා.. මං නම් උත්සාහය අතාරින්නෙම නෑ තව අගල් 1.5 ක් සහ කිලෝ 5ක් අඩුකර ගෙන ඒ ගාන පවත්වාගෙන යන්න විතරයි මට තියෙන්නේ,.. කරන්න ආයේ පාරක්,,

      Delete
    8. රසිකොලොජිස්ට් @ නියමයිනේ,, මගේ බෙල්ට් එක නම් හොඳ වෙලාවට සිදුරු විදින්න ඕනේ නෑ එකේ මට කැමති තැනකින් තද කරන්න පුළුවන්,,

      Delete
    9. රසික ඊයෙත් එකක් විද්දා ??
      විදින්න විදින්න පුලුවන් තරං,
      තව වැඩිකල් බෑ ඔය විදිල්ල

      Delete
    10. //අනේ රාජ් අයියේ මේ කතා කලින් ලිවනම් ලින්ක්ස් පීස් දෙම්න .. නැත්නම් කියන්නකෝ,, ෂෝයි//

      ෂෝයි කිව්වම නොකිය පුළුවනෑ. අනෙක ලින්ක් හොයනවට වැඩිය ලේසියි ටයිප් කිරිල්ල.

      1.ඔන්න මමියක වයස අවුරුදු පන්දහස් දෙසිය හතලිස් අටයි මාස හතයි දින දාහතරයි කියල හොයාගත්ත විද්‍යාඥයන් කණ්ඩායමක් තීරණය කලා ‍තමුන්ගෙ අභියෝගය අනිත් අයට භාර දෙන්න. ඒ කියන්නෙ හරියට වයස කිව්වොත් දිනුං.

      ඇමරිකන් විද්‍යාඥයන් සෙට් එක ආව. අරකද මේකද පරීක්ෂණ කරල මමියෙන් පොඩි කෑල්ලකුත් කපල ඔන්න කිව්ව අවුරුදු පන් දාහක් විතර වයසයි කියල.

      එංගලන්තෙන් ඇවිල්ල ඒ විදියට හොයල කිව්ව පන්දාස් දෙසීයක් විතර කියල.

      ලංකාවෙ චාන්ස් එක ගත්තෙ අපේ පොලිස් රාලහාමිලා දෙන්නෙක්. ඒ දෙන්න කිව්ව රහසිගතව පරීක්ෂණය කරන්න ඕන නිසා කට්ටිය එලියට යන්න කියල. ඔන්න චුට්ටකින් එලියට ඇවිල්ල කියනව මෙහෙම,

      "මෙයාගෙ වයස අවුරුදු පන්දහස් දෙසිය හතලිස් අටයි මාස හතයි දින දාහතරයි පැය තුනයි" කියල. කට්ටිය හොල්මං. ඇහුව කොහොමද හොයාගත්තෙ කියල,

      "සර්, කකුල් දෙකෙන් එල්ලල දෙකයි දුන්නෙ මූ ඔක්කොම පාපොච්චාරනය කලා" කියල කිව්ව. මමිය උනත් කතා නොකර තියෙයිද අපේ පොලිසිය දැක්කම (උඹලගෙ අම්මට මේක අදාල නෑ:-)

      2.ඇමේසන් වනේට අතහැරපු හාවෙක්ව හොයන්න බාරදුන්න එක එක පොලිසි වලට

      ඇමරිකන් පොලිසිය ඇවිල්ල ගැහුව පත සයිස් බෝම්බයක්. රිපෝට් එක ලිව්ව හාවා මියයන්නට ඇතැයි සැක කරමි කියල. රුසියන්කාරයොත් ගැහැව්ව කැලේ දියවෙලා යන්න බේතක්. රිපෝට් එක දුන්න.

      ලංකාවෙ රාලහාමිලා දෙන්න බැටන් දෙකක් අරං කැලේට ගිහිල්ල තඩි වලහෙක් අල්ල‍ගෙන එනව. වලහ කෑ ගහනව
      "අනේ රාලහාමි ගහන්න නං එපා.... මම තමයි හාව.... මම තමයි හාව....." කියල.

      Delete
    11. කැම්පස් ඉන්න කාලෙ බීච් එකට බැහැල අපි කට්ටියක් කතාව. ඒ කාලෙ කට්ටියට පොඩි උනක් තිබුන ඇඟ හදාගන්න. උන තදටම තිබුන දෙන්නෙක් කතා කරනද්දි එකෙක් කියනව,

      "මචං දුවල හදාගන්න ඇඟ තමයි හොඳ, බර උස්සල හදාගත්තට වැඩක් නෑ ආයෙ බඩ එනව.... පුළුවන් තරං දුවන්න ඕන.... දුවල දුවල හදාගත්ත ඇඟ හැමදාම තියනව"

      Delete
    12. තෑන්ක්ස් අයියේ.. //(උඹලගෙ අම්මට මේක අදාල නෑ// හි හි

      දේශපාලන විහිළු කියෝලා එපා වෙලා ඒ නිසා මේ වගේ ඒවා නිතර ලියන්න හොඳේ...

      Delete
    13. නියමයි රාජ්.. තැන්කුයි.. කීද්දුවාට ඔම්මාට උම්මා

      Delete
    14. අද නම් උදේම රැවුල කපලා සිදුනේ නෑ :D

      Delete
    15. ආ ඔව් ඔව් සීනියි පිටි කෑමයි (බත්, පාන් වගේ ඒවා) පුළුවන් තරම් අඩු කරොත් වෙන මුකුත් ඕන නෑ ලු.

      Delete
  9. රාජ් ටී.වී. එකේ දැක්කද අපේ මාරයා අයියයි නලිනි අක්කයි දෙන්නත් ඔය පටි නැති සිංහ කොඩි වන වනා හිටියා අල්ලස් කොමිසම ගාව? අභීත නම් තාප්පෙ උඩ නැඟලත් උන්නා අර නිල් ඉරි ටී ෂර්ට් එක ඇඳගෙන ටැබ් එකකින්ද කොහෙද වීඩියෝ කරන ගමන්...(විහිළුවට නෙවෙයි සිරාවටම හිටියා)

    ReplyDelete
  10. හිනා වෙන්නද අඬන්නද මංදා......!

    ReplyDelete
    Replies
    1. පිස්සු නම් කෙලින්න එපා දුමියෝ මේක බටහිර කුමන්ත්‍රණයක් තනිකරම මහ බැංකුවේ හොරකම වගේ "සුලු" දෙයක් නෙමේ. :P

      Delete
    2. දුමිගෙ කැමැත්තක්.

      Delete
  11. එතකොට ඔය "අඟහරුවා"ගෙ ඕකට සම්බන්ධයක් තියනවද?

    ReplyDelete
  12. "මට අඟහරුත් පේනව.... හැබැයි අල්ලපු ගෙදර එකා ඇවිල්ල නෝනට %^#^% යනව කියල දන්නෙ යාළුවෙක් කිව්වමයි"
    සිරාම සිරා කතාව බන් . . මේ හු@#$#$න්ට දෙන්න පුලුවන් හොඳම කනේ පාරක් මේක

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කියන්නද බං.....

      Delete
  13. ගොම්මන්පිලයට යි කොලස් ඩටාට යි ජොහින්දගේ මක්කු දුන්නත් වනනවා. මේ කොඩිය නෙවෙයි මුන් දෙන්නගේ කොඩිය පිට කරන්න ඕනේ.

    ReplyDelete
  14. බලකාමයෙන් අන්ධ උනාම ඇස් ඉස්සරහ වනන එකත් මොකද්ද කියල පේන්නෙ නෑ තමා. මම බුකියෙදි "මේක තමා සිංහල කොඩිය" කියන උන්ගෙන් ඇහුව "දෙමළ කතාකරපු, අම්ම අප්ප ඉන්දියානු දෙමළ නායක්කාර් වෙච්චි, රටෙන් කොටහක් විතරක් පාළනය කරපු රජෙකුගෙ කොඩිය සිංහලයගෙ කොඩිය වෙන්නෙ කොහොමද?" කියල. එකෙක්වත් උත්තර දුන්නෙ නෑනෙ තාම..!

    ReplyDelete
  15. අනේ උන්ගේ දේශාප්‍රේමේ තරම දැක්කානේ.ලොක්කාට නම් එකත් කුමන්ත්‍රණයක්.
    උන් තමයි නියම ජෝකර්ලා.කොහොමද විහිළුව.

    ReplyDelete
  16. //හැබැයි අල්ලපු ගෙදර එකා ඇවිල්ල නෝනට %^#^% යනව කියල දන්නෙ යාළුවෙක් කිව්වමයි// ඉංගිරිසි කාරය නෙවෙයි නේද මේක කිව්වෙත්? අරුන් දෙන්නම නේද?? දෙන්නගෙම කොඩි පිටවෙලා ....

    ReplyDelete
  17. ඒක පැරණි සිංහල කොඩිය කියලවත් කියන්න බැරි පි ඩයල් ටිකක් තම කොඩිය අරන් ගිහින් තියෙන්නේ. .

    ReplyDelete
  18. අන්තිම කතාව තමා රාජ කතාව නේ, දෙඅවනි එකනම් පට්ටේ හොඳ එක

    ReplyDelete
  19. රාජ් කැරකිලා කැරකිලා ආවෙ පොල් පැලේ කන්නම තමයි කියල මට හිතුනෙවත් නෑනෙ

    ReplyDelete
  20. මේ හොඳටම මදි රාජ්....
    අඩු ගානේ අර අලුත් මාමිලාගෙත් ඇස් ඇරෙන්න තව මොනාහරි ලියන්න ඕනේ.

    ReplyDelete
  21. අර අන්තිම කතාව තනිකරම බටහිර අදිරාජ්ය වාදී අවශ්යතාව උඩ ලියපු එකක්,(ඔයකොටාල සෙට් එකම බබාලනේ.ඒවා නියම ජාතික කොඩි නොවන නිසා කොඩිටික රෝල් කරල ඒඋඩ සෙට් එකම ඉන්දෙව්වනම් තමයි හරි ) .(රන්ජන්)

    ReplyDelete
  22. හොදම ලෙඩාට තෑගි දීම කියලා තියෙද්දී මම හිතුවේ ජාතික රෝහලට මාරු වුන එක ගැන කතාවයක්ය කියලා..

    ReplyDelete
  23. ඒ වගේම ගොන්මංපිලයා කියන විදිහට, එතකොට ඔය ජාතික කොඩිය වෙනස් කරන්න කියන්නෙත් එන්ජීඕ කාරයො ටිකක්...

    ReplyDelete