Wednesday, February 15, 2012

ශෝ ගහන්න හරි ලේසී බං!

අද කාලෙ මළගෙයක් කිව්වොත් එතෙන්ට බූරු කූට්ටම නැත්තෙ එහෙමත් තැනක තමයි. එතනදී ඕමි ගැහිල්ලෙන් පටන් ගත්තම මහා පරිමාණ බූරුවා ගැසීම දක්වා කාඩ් පැක් එකේ ප්‍රයෝජන විවිධයි. පොලීසියෙන් පැනීමත් අඩු නිසා ඕන විදියකට සෙල්ලං කරන්න පුළුවන්.

කියන්න යන කතාව අපේ ගමට ගම් තුනතක් හතරක් ඈත ස්ථානයක මළගෙදරක වෙච්ච සීන් එකක්. දන්නව ඇතිනෙ පැක් එකෙන් "ශෝ ගැහිල්ල" කියන සෙල්ලම. මේක එක එක පැතිවල නීතිරීති වෙනස්ව වගේම නමත් වෙනස්ව තියෙන්න පුළුවන් නිසා පොඩි විස්තරයක් දෙන්නම්.

ඕමි වගේම මේකෙදිත් ගන්නෙ කොල තිස්දෙකයි. ක්‍රීඩකයන් හතරයි. එකාට කොල අට බැගින් බෙදනව. ඊට පස්සෙ අදාල පුද්ගලය තමන්ගෙ "තුරුම්පු" කොල වර්ගය මොකක්ද කියල කියනව. එක්කෙනෙකුට පුළුවන් නම් පස් වතාවක් ගන්න එයා දිනුම්. ඉල්ලන කෙනා අනිත් තුන්දෙනාට එරෙහිව තරගකරන්න ඕන. තමන් "අවස්තාව" ලබාගන්නෙ නැත්නම් අනිත් කෙනාට චෑන්ස් එක දෙනව. කවුරුවත් අභියෝගය භාරගන්නෙ නැත්නම් ආයෙත් බෙදනව. කැට වලට, වතුර වලට එහෙම ක්‍රීඩාව කරන්න පුළුවන්.

මේ කියන මළගෙදරත් කස්ටියක් මේ ක්‍රීඩාව කරගෙන ගියා. ඒ අතරෙ ක්‍රීඩාව ගැන දන්නෙ නැති, එතෙන්ට ආව කෙනෙක් බලාගෙන ඉන්නව. ඔන්න ඉස්සෙල්ලම කාඩ් ටික බෙදුව. "ඉල්ලන කෙනා" චෑන්ස් එක අනිත් එක්කෙනාට පාස් කලා. එයාටත් 5ක් ගන්න බෑ වගේ නිසා අනිත් කෙනාටත් අන්තිමට හතරවැන්නත් "මට බෑ" කිව්ව. මේ විදියට පිට පිට වාර තුනකදි ‍හතරදෙනාම "මට බෑ" කීම සිද්ධ උනා.

බලාගෙන හිටිය කෙනා "ක්‍රීඩාව ඉගනගෙන" වෙන තැනක්ට ගිහිල්ල තවත් තුන්දෙනෙක් එක්ක ක්‍රීඩාකරන්න ලැහැස්ති උනා. ඒ අයත් දැනගෙන හිටියෙ නෑ කොහොමද ශෝ ගහන්නෙ කියල. "අයියෝ...ශෝ ගහන්න හරි ලේසී බං" කියල,"දන්න කෙනා" කියාදුන් විදියට එතන ක්‍රීඩාව සිද්ධ වෙලා තියෙන්නෙ මෙහෙමයි,

ඔන්න කාඩ් තිස්දෙක හතර දෙනා අතරෙ බෙදනව.
පළවෙනිය:මට බෑ!
දෙවැන්න:මටත් බෑ
තුන්වැන්න:මටත් බෑ
හතරවැන්න:මටත් බෑ

ආයෙත් කාඩ්ටික එකතු කරල බෙදනව.
පළවෙනිය:මට බෑ!
දෙවැන්න:මටත් බෑ
තුන්වැන්න:මටත් බෑ
හතරවැන්න:මටත් බෑ

ආයෙත් කාඩ්ටික එකතු කරල බෙදනව.
පළවෙනිය:මට බෑ!
දෙවැන්න:මටත් බෑ
තුන්වැන්න:මටත් බෑ
හතරවැන්න:මටත් බෑ
.............................................
.............................................
.............................................
.............................................

ඔය විදියට පැය දෙකක් විතර සතුටින් ශෝ ගැහුව කියලයි ආරංචි.

62 comments:

  1. කට්ටිය අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳට.........

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල!පැය දෙකක් කියන්නෙ සෙල්ලං නෑ.

      Delete
  2. අයියෝ...මටත් බෑ............හික් ශෝ ගැහිල්ල

    ReplyDelete
  3. මේවට කමෙන්ට් කරන්න නම් මට බෑ ......

    ReplyDelete
    Replies
    1. කව්රුත්ම මොකද බෑ බෑ ගාන්නෙ.

      Delete
  4. මළ ගෙවල්වලටම ගැලපෙන කස්ටිය...

    ReplyDelete
    Replies
    1. දන්නවනේ මළ ගෙදරක යනවනං එක්කෝ බොන්න ඕන නැත්තං කාඩ් පැක්එක හුරුවෙන්න ඕන.

      Delete
  5. හිකිස්...මටත් බෑ වගේ...

    ReplyDelete
    Replies
    1. හැදෙන ළමයි වෙච්චිකොට! පුරුදු වෙන්න ඕන.

      Delete
  6. ඕකට අපේ පැත්තෙ කියන්නෙ පස් වාසි කියලා, ඕකේ නීති රීති ‍ගොඩක් තියනවා, පට්ට සෙල්ලම ......

    ඒ කාලේ පස්වාසි, ත්‍රී කාඩ් වගේ සල්ලිවලට කරන සෙල්ලම් වගේම, තුන්සිය හතර, ඕමි එහෙමත් පැල් බැඳගෙන ගැහුවා ........

    ReplyDelete
    Replies
    1. උඹ නං ඔය ඔක්කෝටම වැඩිය බේබි කපල ඇති!

      Delete
    2. මොකෑ නැත්තෙ. ඒකනෙ මං කිව්වෙ.

      Delete
  7. මටත් බැරියෝ...!!!

    ReplyDelete
  8. සිරා ශෝ ගැහිල්ලක් නොවැ..

    මල ගෙවල් තමයි ෆට්ට ෆන් බොල. හැබැයි අපේ පැත්තේ ඕමි ගහද්දිත් එක්කෙනෙක්ට තනියම ගහන්න පුළුවන්නම් වෙන එකක් තුරුම්පු (එයාට වැ‍ඩියෙම තියෙන වංශෙ) කියල ගහන සීන් එකක් තියෙනවා. රාජ් දන්නවද දන්නෙ නැහැ...

    ReplyDelete
  9. Replies
    1. මොකද බ්ලොගේ තාම මොකුත් නැත්තෙ? රයිටර්ස් බ්ලොක්ද?

      Delete
  10. Replies
    1. මරු නේන්නං පැය දෙකක් විතර මට බෑ කියන එක.

      Delete
  11. මේ වගේම හත් වාසි ගහනවා කියලා තුන්දෙනෙක් ගහන කාඩ් සෙල්ලමක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකට තුන්දෙනයි. මේ වගේ තමයි.

      Delete
  12. ආඬි හතරදෙනාගෙ "ෂෝක්" ගැහිල්ල වගේ!

    ReplyDelete
  13. මට නම් පුළුවන්.... "මටත් බෑ" කියල කියන්න...පැය පහක් හයක් හරි කියන්නම්කො

    ReplyDelete
  14. හිකිස්‌ මටත් බෑ

    ReplyDelete
    Replies
    1. හත් වාසියම තමා මේ මුන් අලුත් විදියකට ගහලා තියෙන්නේ :D

      Delete
    2. මෙව්ව පළාතෙන් පළාතට වෙනස් ක්‍රීඩා.

      Delete
  15. උඹ දෙකට ගැන ගන්න බෑ වගේ හිටියාට කරන වැඩ....

    ReplyDelete
  16. මට ඔය කාඩ් පැක් එකේ කිසිම දෙයක් බෑ....කොච්චර කියල දුන්නත් මතක තියා ගන්නත් බෑ......හික්ස්.

    ReplyDelete
    Replies
    1. අපේ නංගිටත් එහෙමයි. ඉස්සර අවුරුද්දට අපි එක එක සෙල්ලම් කරනව. නංගිට හේර පොරව බූරු හැමදාම ටැපලෙනව. එයා කියන්නෙ K Q J කියල.

      Delete
    2. කිරිල්ලි ඇයි ඔයා දන්නේ නැද්ද කාඩ් කුට්ටමේ ජෝඩු තෝරන්න සෙල්ලම..

      Delete
    3. මම දැන් ඔය ජෝඩු ජෝඩු සෙල්ලම් ටිකක් නතර කරලනෙ තියෙන්නෙ ....

      Delete
  17. මල ගෙදරක් නම් අනිවා එතන කාඩ් කුට්ටමයි කැරම් බෝඩ් එකයි .ටකරං හට් එකයි මාරි පෙට්ටියයි . වැඩි සීනි ප්ලේන්ටියයි . තියෙන්නම ඕනෙ

    මිනිය නම් නැතත් කමන්නෑ !

    ReplyDelete
    Replies
    1. මල ගෙදරක් නම් අනිවා එතන කාඩ් කුට්ටමයි කැරම් බෝඩ් එකයි .ටකරං හට් එකයි මාරි පෙට්ටියයි . වැඩි සීනි ප්ලේන්ටියයි ගැලුමක දාපු තව මොනවදයි, සදරුවයි.

      මිනිය නැතත් කමන්නෑ !

      Delete
  18. මම දන්නේ ජෝඩු තෝරන්න ජූස් ඇතින්න වගේ සෙල්ලම්.තව බුරුව ගහන්නත් දන්නවා.සල්ලිවලටනම් කරලා නැහැ.

    මචං පොඩි දෙයක් අහන්න ඕනේ.උඩින් තිබුනේ වචනයක්."චෑන්ස්" කියලා. එකේ හරි වචනේ "චාන්ස් ද චෑන්ස් ද?" සිරාවට ගොඩ දෙනෙක් ලියන්නේ "චෑන්ස්" කියල. ඇත්තටම මොකක්ද හරි ඒක කියල දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. chance කියන වචනෙ සුද්දො උච්චාරනය කරන්නෙ චාන්ස් සහ චෑන්ස් කියන දෙක අතරමැද සවුන්ඩ් එකකින්. මම නං හිතන්නෙ චෑන්ස් පැත්තටයි වැඩිය බර කියල. ඒත් සිංහල අපේ වචනය චාන්ස්. මම මෙතෙන්ට චෑන්ස් කියන එක දැම්මෙ කට්ටිය කියන වචනෙට කස්ටිය කියනව වගේ අදහසකින්. හරිනේ.

      Delete
  19. අඩේ හරිම ලේසියි නේ.
    මේක නිකන් හරියට අපි කැරම් ගැහුවා වගේ නේ.

    ReplyDelete
  20. කියන්නත් ලැජ්ජයි. මටත් කවදාවත් කාඩ් ගේම් ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නෑ. කුට්ටමේ කොළ ටික නම් අඳුනනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  21. මම නම් දන්නේ ඕමි සහ 304 විතරයි...ෂෝ නම් මට බෑ

    ReplyDelete
    Replies
    1. ඒ දන්නටික ඇති හොදටම:)

      Delete
  22. අයීයෝ ශෝ ගහන්න හරි ලේසියිනේ රාජ් අයියේ... :)

    ReplyDelete
  23. ලේසී නේන්නං. මට බෑ විතරනේ:)

    ReplyDelete
  24. හොල්මන්ද පොල්කොල

    ReplyDelete
  25. මාර ශෝ එකක් නෝ හලෝ.. හප්ෆා...!!!

    අපිනම් ඕක කරන්නේ තුන්දෙනෙක් එක්ක හත්වාසි කියලා... ඒ ජාතියේම වෙන්නෑ ඕකත්... මෙනවා වුනත් බලන් හිටපු එකා හොඳට කියලා දීලා තීනවා..!!! හැක් !!!

    ReplyDelete
    Replies
    1. ඒවගේ තමයි මේකත්.

      Delete
    2. ඔය ශෝ ගහනවා කියන්නෙ පස්වාසිම තමා මේකෙදි වාසි පහක් ගන්න ඕන, හත් වාසි වලදි වාසි හතක් ගන්න ඕන ඒකයි වෙනස .....

      වරෙන් වෙලාවක සෙට් වෙලා ගහමු .......

      Delete
    3. කොහොමද හත්වාසි ගහන්නේ. කොල කොහොමද බෙදන්නේ

      Delete
  26. රම් ගහනවා කියන්නෙත් ඕකටමද.....

    ReplyDelete
  27. ඈ.. මේක මම දන්නෙ නෑනේ! හත් වාසි බලනවා වගේ වැඩක්ද...

    ReplyDelete
  28. අපිත් කරන්නෙ හත් වාස් කියලා මේකම වාසි හතක් ගන්න එක..

    ReplyDelete
  29. මගේ ආසම ක්‍රීඩාව තමයි පෑක් එකේ 304,නියම තින්කින් ගේම් එක,

    ReplyDelete
  30. පිස්සු කොර ඈ....

    ReplyDelete