Friday, February 24, 2012

ඔඩිට් එකෙන් ඇවිල්ලා.....

කාර්යාලය විගණනයට පැමිණ ඇත. ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙනි. තේරෙන භාෂාවෙන් කිවහොත් "ඔඩිට්" එකෙනි. විගණන පරීක්ෂකවරුන්ගේ පැමිණීම, සාමාන්‍යයෙන් රජයේ කාර්යාල තුල එදිනෙදා සිදුවන විවිධ වූ සිදුවීම් අතර විශේෂ වූ ස්ථානයක් ගනී. කලින් වතාවක මැතිවරණ රාජකාරී පිළිබදව "ඉලෙක්ෂන් ඩියුටි" තුලින් සදහන් කලාසේ "ඔඩිට් පැණීමද" වෙනම සාකච්ඡා කලහැකි තරමේ මාතෘකාවකි.

මුලින්ම විගණකාපති හා එම දෙපාර්තමේන්තුව පිළිබද යම් සදහනක් කල යුතුය.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 153 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා පත්කර ඇති අතර 154 ව්‍යවස්ථාවෙන් ඔහුට අදාල බලය පවරා ඇත.(විගණකාධිපතිවරයාගේ වැටුප් ගෙවීම සිදුවන්නේ කෙලින්ම ඒකාබද්ධ අරමුදලෙනි).
විගණනයට ලක්වන ආයතන වන්නේ මූලිකවම රජයේ අමාත්‍යාංශ-දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් සභා හා පළාත් පාලන ආයතන වන අතර යම් නීතියක් මගින් රජයට පවරාගන්නා ආයතනයන්ද විගණනයට ලක්කල යුතුය.
විගණනයේ සීමාවන් පනවා නොමැති අතර එය විගණකාධිපතිවරයා විසින් තීරණය කලයුතුය. රාජ්‍ය දේපළ/මුදල් පරිහරණය සම්බන්ධයෙන්ද ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සෑහීමකට පත්වියහැකි මට්ටමේ විගණනයක් සිදුකරයි. තම විගණන කටයුතු වලදී පහත සදහන් බලතල විගණකාධිපතිවරයාට පවතී.

විගණනයට ලක්වන ආයතනයට අදාල යම් තාක්ෂණික, වෘත්තීය හෝ විද්‍යාත්මක පරීක්ෂණයකට බාහිර ආයතනයක් සම්බන්ධ කරගැනීමටත් ඔවුන් මෙහෙයවීමටත්,

අවශ්‍ය පොත්පත් වාර්තා ආදිය ලබාගැනීමටත්,
යම් යම් නිළධාරීන්ගෙන් ප්‍රශ්න කර අවශ්‍ය පැහැදිලි කිරීම් ලබාගැනීමටත්,
විගණනයට භාජනය කලයුතු යම් දේපලකට ඇතුල් වීමටත්"

ඔහුට බලය ඇත (එනම් ඔහු වෙනුවෙන් පැමිණෙන නිලධාරීන්ටද මෙම බලය ඇත).

විගනනයට ලක්කරන ආයතනවලට අදාල වාර්තාවන් ඊලග වසරේ 10වන මාසයේදීවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය.

කාර්යාලයට විගණන නිලධාරීන් පැමිණීම විශේෂ සිද්ධියක් බව මුලින් සදහන් කලෙමි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ පැමිණීම අවුරුද්දේ මුල් කාලයේ සිදුවන්නේ කලින් වසරෙහි අවසන් කරනලද කටයුතු පරීක්ෂා කිරීමටය. එබැවින් විගණනයට ලක්වන කාලයට අදාල වුචර්පත්, ලේඛණ, ලිපිගොණු ආදියේ ඇති අඩුපාඩු සකස් කිරීමට නිලධාරීන් පෙළඹේ.
උදාහරණයක් ලෙස දැනට රජයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සිදුකරන්නේ බැංකු තුලින් බැවින්, වැටුප් මුදලින් ගෙවූ පෙර පැවති ක්‍රමයේදී මෙන් වැටුප් පත්‍රයට (Pay Sheet) එවලේම අත්සන් කිරීමක් සිදු නොවේ. "නීතියේ හැටියට" එය අත්සන් කලයුතු බැවින් අදාල නිලධාරීන්ට පණිවුඩයවා හෝ කාර්ය ඉටුකරවාගනී.

විගණන කටයුතු අවසානයේ හෙලිවන අඩුපාඩු, අකටයුතු පිළිබද ආයතනය දැනුවත් කරන අතර ඔවුන් ඉදිරිපත් කරන "විගණන විමසුම"(Audit Query) සදහා අදාල ආයතනය පිළිතුරු සැපයිය යුතුය. හෙලිවන තොරතුරු අනුව සමහර අවස්ථා වලදී යම් යම් නිලදාරීන්ට අධිභාර පැනවීමටද ඔවුන් ක්‍රියා කරයි.

කෙසේ වුවද විගණන කටයුතුවලදී හෙලිවන මහා පරිමාණ වංචා දූෂණ පිලිබදව සොයාබැලීම රජයේ කාර්යභාරයකි.



39 comments:

  1. දැන්නම් විගණකාධිපති එකේ කලින් තත්වය නැති බව අපේ පියානෝගේ අදහසයි. අපේ පියානෝත් ඔඩිටින් නොවැ කරන්නේ. (කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රදාන අභ්‍යන්තර විගණක)ඇත්තටම ඉතින් වංචා අහුවෙනවද?

    ReplyDelete
  2. ඒකත් එහෙමද?
    මෙහෙමයි, අපේනං හැමදාම වගේ චූටි දේවල් අහුවෙනව. ඒ කියන්නෙ ක්‍රියා පටිපාටි කඩවීම් වගේ. ඒ ඇරෙන්න වංචා දූෂණ නං නෑ. ඒව අහුවෙන තැන්වල මොකද වෙන්නෙ කියල දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ටික කාලෙකට වැඩ තහනම් කරනවා. ඊට පස්සේ විනය පරික්ෂණයක් තියලා දඬුවම තීරණය කරනවා. ඒක නේද සාමාන්‍යයෙන් වෙන්නේ?

      Delete
    2. නැහැ මලයෝ කිසිදෙයක් වෙන්නෑ. යට යනව.

      Delete
    3. අපේ තාත්තා කරපු ඒවානම් යට ගිහින් නෑ. මම හිතන්නේ ඒක තමයි අපේ පියානෝ කියන්න ඇත්තේ දැන් General Audit එක අන්තිමයි කියලා.

      Delete
  3. පෞද්ගලික අංශයෙත් ඔහොමම තමයි.. කොම්ප/නි වලින් හදල යන එකට ඔඩිට් ෆර්ම් එක ඇපෘවල් දෙනවා.. තනිකර බොරුව.. මම මේක දන්නේ කාළයක් මම ඇනුවල් රිපොට් අංශයේ සිටිය නිසා.. අන්තීමේදී සමාගමම කඩා වැටුනා.. ඇපෘවල් දීපූ කස්ටියත් හිරේ ගියා.. වෙන කොහෙවත් නෙමෙයි.. සෙලින්කෝ සමාගම් සමූහය.. අනික්වලත් ඕකම තමා තත්වය.. තනිකර බොරුව,,,

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ඒවයෙ තත්වය හොදයි කියල. හැබැයි ඉතිං වැරදිකරුවන්ට දඩුවම් හරි ලැබුන කියල හිතහදාගන්න පුළුවන්නේ.

      Delete
  4. //අධිභාර// කියන්නෙ මොනවද ?

    මං මාහෝ ඩිපෝවෙ වැඩ කරන කාලේ, ඔඩිට් පොරක් එක්ක කතා කරමින් ඉන්න වෙලාවක ඉන්ධන පුරවන මනුස්සය ඇවිත් මට බස් එකක නොම්මරයක් කියල ඒකෙ තෙල් බලන කූර [Dip stick] නැති නිසා අයින් කරල තියන බස් එකක තෙල් කූර ඒකට දැම්ම කිව්ව.

    ටික දවසකට පස්සේ ආපු Audit Query එකක අහල තියෙන්නේ අහවල් අංක දරන බස් රථය තෙල් කුරක් නැතිව ධාවනය වෙන බව දන්නවද ? ඒකට ගන්න ක්‍රියා මාර්ගය මොකද්ද ? කියල අහල.

    ReplyDelete
    Replies
    1. අධිභාර කියන්නෙ යම් නිලධාරියෙකුගෙ මොකක්හරි නොසැලකිල්ලක් නිසා රජයට පාඩුවක් උනාම අදාල පාඩුව එයාගෙන් අයකරගන්න එකට. එතනදි දූෂණ හෝ වංචා නිසා වන දේවල් වලදී නම් නීතිමය කටයුතු කරනව.
      මම ඉස්සෙල්ලම ජොබ්එකට ගිහිල්ල කලේ වවුචර් පරීක්ෂා කිරීමේ රාජකාරිය. එතනදි මගේ අතින් වැරදීමක් වෙලා කෙනෙකුට වැඩිපුර රුපියල් දෙසීය ගනනක් ගෙවුන. ඒක ඔඩිට් එකට අහුවෙලා මට තමයි අධිභාර කලේ.

      ඔව්. රජයේ පොඩිදෙයක් හෝ නැතිවුනාම යන්න ඕන ප්‍රොසීඩියර් එකක් තියනවනේ. නැතිවෙච්ච එකකට වෙනඑකක් තියන එක නීති විරෝධියි. මේකට රජයේ සේවකයන් කියන්නෙ "රූපෙට රූපෙ තියනව" කියල. ඒක ඔඩිට් එකේ මණුස්සයෙක් ඉස්සරහ කියනව කියන්නෙ එයාගෙ රාජකාරිය ලේසි කරනඑකයි.

      Delete
    2. අපරාදේ රුපියල් දෙසීය, පාන් රාත්තල්ම හතරක් මචං.. ;)

      Delete
  5. ඕකෙනුත් පොඩි උන් මිසක්, ලොකු උන් තැලෙන්නෙ නෑ, ඔඩිඩි කරන්න කියපංකෝ ඔය ලොකු ලොකු ප්‍රො‍ජෙක්ට් එහෙම, කවුද මාට්ටු වෙන්නෙ බලන්න ........

    ReplyDelete
    Replies
    1. එව්ව එහෙම තමයි බං. පහත් තැනින්නේ වතුර බහින්නෙ.

      Delete
  6. මේකේ තව කොටසකුත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ටිකක් දිගට ලියන්න හිතාගෙන හිටියෙ. වෙලාවක් නැතිවුනා. ආයෙ ලියන්නත් කම්මැලියි පබ්ලිෂ් කලා.

      Delete
  7. "කෙසේ වුවද විගණන කටයුතුවලදී හෙලිවන මහා පරිමාණ වංචා දූෂණ පිලිබදව සොයාබැලීම රජයේ කාර්යභාරයකි."

    මෙන්න මේ දේ අන්තිමේ වෙනවද කියන එක තමයි ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒක තමයි ප්‍රශ්නෙ.

      Delete
  8. මම නම් මේ ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ.

    ReplyDelete
  9. ව්ගණන දෙපාර්තමේන්තුවට හැක්කේ බිරීමට පමණි..හපා කෑමට බලය ලැබෙන තෙක් විගණන දෙපාර්තමේන්තුවද ... අනේ මන්දා රාජ් ..එක්කෝ ඕනි නෑ...

    ReplyDelete
  10. අපේ කාර්යාලෙත් එක්ක අමාත්‍යංශෙ අභ්‍යන්තර විගණනයේ කට්ටිය සෑහෙන්න ඔරොප්පුයි. මොකද ලේකම් හැමවෙලේම අපේ එකට එන්න කියල එයලට වද දෙනවලු. එයාල හැබැයි සීසී මහත්තයට කතා කරල ඔන්න අපි එනවා කියල කියල තමයි එන්නේ....

    මාස 2-3කට සැරයක් එනව. කිසි වරදක් අහු වෙන්නෙ නෑ ;-)

    ReplyDelete
  11. මම නම් මේ මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑනේ...හැබැයි ඉතින් මේ තාක් කල් ඕකෙන් පැන්නා කියලා අහුවෙච්ච එකෙක් නෑ නේද අයියේ... කාගෙද මට වරද නොතේරේ... !

    ReplyDelete
  12. Audit, ISO..... මේ වගේ දේවල් මටනම් මහා කුණුහරප
    මුන් නිසා සමහර වෙලාවට රස්සා කරන්නත් එපා වෙනවා
    සමහර ඒවා ඒ තරම් ගොන් පාට්...
    දැනුත් මම වැඩ කරන තැන මම Internal Auditor(ISO) කෙනෙක්, ඒකත් තනිකර වාතයක්. තවත් මේ වගේ වාත ගොඩකට අහුවෙලා එපා වෙලා ඉන්නේ
    අපිව ඒවාට තෝරගත්තට පස්සේ බැහැ කියන්නත් බැහැනේ
    හැබැයි ඒ වෙනුවෙන් ලැබුණු සහතිකේනම් වටිනවා :)

    ReplyDelete
  13. අම්මේ ගොඩාක් දේවල් දැනගත්තා

    ReplyDelete
  14. මට නං ඔය සයිඩ් එක ග්‍රීක් වගේ. අපි ඔහේ කෝඩ් කෑල්ලක් ලියාගෙන ඉන්නවනෙ.

    ReplyDelete
  15. ආණ්ඩුවේ ඔඩිට්ද? කතාකරන්න එපා........මාසයක් විතර කාලෙ කාලා....පැදුරක් විතරක් රිපෝර්ට් එකක් එවනවා තව මාස හයකට විතර පස්සේ.... ඒකත් ෆොගෙට් ෆයිල් එකට යනවා ටික දවසකින්....මේක තමයි ඔඩිට් චක්‍රය...

    ReplyDelete
  16. විගණන කටයුතු ගැන මගේ දැනුම නිල් !
    මෙලෝ හසරක් නොදනිමි !

    ReplyDelete
  17. මේ ගැන වැඩිය කියන්න දන්නේ නැහැ.ඒත් වංචා දුෂණ වෙනවා කියලනම් දන්නවා.

    ස්තුතියි රාජ් මේ දේ ගැන විස්තර කිවුවට.

    ReplyDelete
  18. අපේ මාමත් ඉස්සර ඔඩිට් එකෙන් පනිනවා කියලා ලෑස්ති උනේ ඕක වෙන්න ඇති...

    ReplyDelete
  19. ඔය ඔඩිට් කස්ටිය රජයේ සේවකයොන්ගේ අක්‍රමිකතා විතරක් හොයන්නේ නැතුව රජයේ පාලකයොන්ගේ වැඩ ගැනත් හෙව්වනම් එයාලා බංකොලොත් වෙලා යනවා..අධිභාර ගෙවාගන්න බැරුව..

    ReplyDelete
  20. අපේ පැත්තෙ නම් ඔය වගේ අය නැහැ....මේවා පුද්ගලික නිසාද දන්නෙ නැහැ....

    ReplyDelete
  21. මං නම් ඔය ගැන හරියටම දැනගත්තේ අද

    ReplyDelete
  22. අද තමා දැනුවත් උනේ. ඔඩිට් ඔඩිට් කිව්වට අපි දන්නවද ඕවා..

    ReplyDelete
  23. මේගැන අපිනම් මෙලව දෙයක් දැනං උන්නේ නෑ අපි වැඩකරන ආයතනයට එන්නේ ඉගන ගන්න ළමයි ටික ඇරුනාම ලයිට් බිල දෙන බුවා සහ වතුර බිල දෙන බුවා විතරමයි ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මට ලියුමක් වත් එන්නෙත් ඔය දෙකෙන් විතරනෙ.

      Delete
  24. සියල්ලන්ටම,
    ඔඩිට් ඉවරඋනා විතරයි, මට මේ අවස්වල වෙන කාර්යාලයක දවස් 4ක රාජකාරියක් පැවරිලා තියනව. ලබන සතියෙ එන්නං.

    ReplyDelete
  25. රජයේ ඔඩිට් වැඩ වැඩක් නෑ කියන්නම බෑ. ඔඩිට් ඔෆිසර්ස්ලා ගොඩාක් දෙනෙක් අවංකව රාජකාරිය කරනවා. ඔය අහුවෙන ඒවා අන්තිමේදි යට යන්නේ ලොකු ලොක්කො අතින්. සමහර වංචා යට යනවා කියන්නේ එව්වා රිපෝට් උනත් කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැති නිසා.
    153 හා 154 වගන්තිය විය යුතුයි නේද? (පර්ච්චේද 17, මූල්‍යයය)
    විගණනාධිපති කියන්නේ එසේ මෙසේ පොරක් නෙමේ පත් කරන්නේ ජනාධිපති. ජනාධිපතිට උනත් විගණනාධිපති අයින් කරන්න ඕනේ නම් ඒකට පාර්ලිමේන්තුවේ දී කතාවක් කරලා තමා කරන්න ඕනේ.
    පුද්ගලික ආයතන වල විගණන වැඩක් නෑ කියන එක නම් පිලිගන්න බෑ. ඒකෙන් කියන්නේ නෑ හොර වැඩ වෙන්නේ නෑ කියලා. හොර වැඩ කලත් ඒවා වැඩි කාලයක් කරන්න බෑ. ස්තුතියි රාජ් දැනුවත් කිරීමට, තව තවත් රාජ්‍යයය සේවය ගැන ලියන්න !

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලාකියපුකතාවහරි.මම කිව්වෙ ඔඩිට් එ‍ක වැරදි අල්ලන්නෙ නෑ කියල නෙවේ අහුවෙන ලොකුම වැරදි යටයනඑක ගැන.
      153 හා 154 වගන්ති උනාට ඒවට කියන්නෙ මම කියපු විදියට "ව්‍යවස්ථාව කියල තමයි.

      Delete
  26. වයි දිස් ඔඩිටිං?

    ReplyDelete
  27. අපේ ඔෆිස් එකේ අය අඩු පාඩු තියෙන වවුචර් වල කොඩි ගහල තියෙනවා. ඔඩිට් එකෙන් ආවම කරන්නෙ ඒවා බලාගෙන ගිහින් අපිට Audit Query එවන එක.අපේ කට්ටියත් ඉතින් කරන්නෙ ආයෙ එහෙම නොවෙන්ට වග බලා ගන්නව කියල reply කරන එක..

    ReplyDelete