Saturday, November 3, 2012

ඔබාමාට ලියුමක්.


රාජ් මහතා,
රාජ්ගෙ නවාතැන,
(http://raj1st.blogspot.com)
2012-11-03

බැරක් ඔබාමා,
අංක
වයිට් හවුස්,
ඇමෙරිකාව.

හිතවත් ඔබාමා මහත්මයානනි,

මංතුමා මේ ලිපිය ලියන්නෙ ශ්‍රී ලංකාව කියන රටේ ඉඳල. ඔබතුමා අහල නැතිවෙන්න බෑනේ. මොකද ඔයගොල්ල හතලිස් අටේ ඉඳල අපේ රට අල්ලගන්න කුමණ්ත්‍රණය කරනව කියල කියන්නෙ අපේ නිවාස ඇමතිතුමා. එහෙව් එකේ දන්නෑ කියල නං කියන්න එපා. ඒගැන කතා ඇති. මේ දවස්වල ඔබතුමාගෙ රටේ තියන ජනාධිපතිවරණය ගැන මම ටීවී එකේ දැකල ඔබතුමා ගැන අනුකම්පාවෙන් මේ ලියුං කෑල්ල ලියන්න හිතුවෙ.

කිව්වට කරහවෙන්න එපා ඔබාම මහත්තයෝ, ඇමරිකාව කියන්නෙ ලෝකෙට ලොක්ක උනාට ඔහේල චන්ද කරන්නෙ කොච්චර නොදියුණු විදියටද කියල අහපු අපේ බලුනකුටත් ඇඬුං ආව. ඔහේල මේ චන්ද කෙරුවාව කරනවට වැඩිය හොඳට අපි නිදහසෙන් පස්සෙ පලවෙනි ඡන්දෙත් කෙරුව. අටුවා ටිකා නැතුව කෙලින්ම කියන්න ආපු කාරණාවට බහින්නං.

මම දැක්ක ඊයෙ පෙරේද ඔබතුමා ප්‍රචාරක වැඩ අවසන් කලා කියල. මොකද්ද මහත්තයෝ ඔය වැඩවල තේරුම! ඔබතුමා ජනාධිපති නේද? අනෙක රොම්නි මහත්තයත් ලේසිපාසු පුතෙක් නෙවෙන එකේ ඔබතුමා ඉන්නෙ බොහොම අමාරු තත්වෙක. බොරුද මං අහන්නෙ? ඉතිං ඔබාම මහත්තයෝ ඡන්ද ප්‍රචාරයට නිල වශයෙන් දීල තිබුන කාලය අවසන් වෙන්නෙ අනිත් අපේක්ෂකයන්ට විතරයි‍ කියල දන්නෙ නැද්ද? ජනාධිපති‍ට ඕන තැනක ගිහිල්ල කතාකරන්න, බඩු බෙදන්න, විවෘතකිරීම් කරන්න පුළුවන්නෙ. ඉතිං ඔබතුමාට තියෙන්නෙ ඒ වගේ වැඩ ටිකක් දාගෙන රොම්නි මහත්තයට පලුයන්න බනිනඑකයි! කාටවත් පුළුවන්ද ඒව නවත්තන්න? බෑනෙ!

ඊට පස්සෙ අර සැන්ඩි. මම දැක්ක ඔබතුමයි රොම්නියි දෙන්නම සැන්ඩි නිසා කලිංම ඡන්ද වැඩ නවත්තල කියල. අම්මප ඔහෙල දෙන්නටම පිස්සු! අපේ එවුන්ට ඡන්ද කාලෙක ඔහොම වාසියක් එන්නෙ නෑනෙ. ඔබාම මහත්තයෝ වාසනාවට පයිං ගහන්නෙ නැතුව ලකුණු ටිකක් දාගන්න පුළුවන් අවස්තාව අතාරින්න එපා. වහාම රජයේ සේවකයන්ට නිවේදනයක් නිකුත් කරන්න "චක්‍රලේඛ-අනපනත්, ඒආර්-එෆ්ආර් බලන්නෙ නැතුව මිනිස්සුන්ට කන්න දෙන්න" කියල. රජයේ නිලධාරීන් දෙතුන්දෙනෙකුට පලු යන්න බනින්න. ඊට පස්සෙ මිනිස්සු අතරට ගිහිල්ල පොඩිඑකෙක් දෙන්නෙක් වඩාගෙන ඉඹල කියල එනඑක මහලොකු අමාරු දෙයක් නෙවේනෙ.

මම දැක්ක අනිත් අවුල තමයි ඔබතුමන්ලගෙ රටේ ඡන්ද කෙරුවාවෙ තියන දුරුවලකං. නිකමට කියන්න බලන්න ඔබතුමාගෙ ඡන්ද වියදම කීයද කියල! හා... පොඩි ගානක් නේද? මෝඩ රොම්නිත් ඒ ගාන වෙන්නැති. හැබෑට ඇමරිකන් කාරයො තමුන්ට බලය ගැනීම වෙනුවෙන් වත් සල්ලි ටිකක් විසිකරන්න ලෝබද ඔයතරමටම. ඔහොම ගියොත් නං ඔබතුමාට ගෙදර යන්න වෙනවම තමයි. දැං බලන්න කෝටි ගානක් ජනගහනය ඉන්න ‍රටේ මිනිස්සුන්ට බලාගන්න ඔබතුමාගෙ පෝස්ටර් කීයක් නං තාප්ප වල ගැහුවද? මේව හිනාවෙන්න කාරණා නෙවේ. ඇමරිකාවෙ කොච්චර තාප්ප ගොඩනැඟිලි නං තියනවද පෝස්ටර් ගහන්න. අනෙක අපි බලන ඇමරිකානු චිත්‍රපටිවල ඉන්නෙම චන්ඩි. උන්ට අරක්කු ටිකක් බත්පැකට් ටිකක් දුන්නනං එකරැයින් රටපුරා ගේම දෙයි. රොම්නිටත් පොඩි තර්ජනපාරක් දාල කාර්යාල දෙකතුනක් ගිණිතියල ගෙටත් වෙඩිතියල ගියා කියල මොකෝ ජාත්‍යන්තරෙන් චෝදනා ගෙනල්ල සම්බාධක දාන්නයැ! කරුමෙට බේත් නෑ ඔබාම මහත්තයෝ!

ඔබතුමාගෙ සහනාධාර වැඩපිලිවෙලට නං අපේ අරුණි නෝනත් විරුද්ධයි. ඒ උනත් වැඩේ අනාගත්තෙ ඔබතුමාම තමයි. ඕක කරන්න තිබුනෙ එහෙම නෙවේ. ඡන්දෙ කිට්ටු කරල සහනාධාර පාරක් දුන්නනං මනාප කී ලක්ෂයක්ද! ඔය එක එක ප්‍රතිපත්ති හද හද ඉන්න ඕන නෑ. භාණ්ඩාගාරෙන් ගත්ත බෙදුව එච්චරයි. ආයෙ ඕව පාර්ලිමේන්තුවෙං-අධිකරනෙං අහ අහ ඉන්න ඕන නෑ ආයිබෝවං. මේ මාස කීපයට වයිට් හවුස් එකෙන් කී දෙනෙකුට කන්න දීල තියනවද? මනුස්සයෙකුට කන්න ටිකක් දෙන්න බැරි තරමට ඔහෙල බංකොලොත් වෙලාද?

ඔක්කෝමත් හරි කියමුකො. මේකට උත්තර දෙන්න! ඔබතුමා දැං අවුරුදු 4ක් හිටියනේ. ඔබතුමාගෙ නෑදෑයො කීදෙනෙක් ඇමති මණ්ඩලේ ඉන්නවද? කීයක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද? කීයක් පහල මන්ත්‍රී මණ්ඩලේ ඉන්නවද? කීයක් අමාත්‍යංශ ලේකම්ල ඉන්නවද? කීයක් සංස්තා සබාපතිකං කරනවද? කවුරුත් නෑ නේද? අම්මප ඔහේ ඉපදුනේ ඕපපාතිකවද? නැත්තං නෑදෑයො නැතිවෙන්න බෑනේ! අඩුගානෙ ඔහේගෙ නෝන මොකද කරන්නෙ! ඉඳලහිටල පොඩි ඩාන්ස් පාරක් දානව විතරයි නේද? ඔහේට පොඩිහරි කණගාටු වෙන්න කාරණය තමයි, ක්ලබ් එකකට ගිහිල්ල දෙතුන්දෙනෙකුගෙ ඔලු පලල එන්න අවුරුදු දහඅටක විස්සක පුතෙක් නැතිඑක. ඒකට නං කරන්න දෙයක් නෑ. අනිත් කාරණා ගැනවත් බලන්නකෝ.

හිතවත් ඔබාමා මහත්තයෝ,
ලියන්න කාරණා බොහොමයක් තියනව. ඒත් ඒව කියල වැඩක් නෑ. ඡන්ද කෙරුවාව ගැන ඔබතුමාට ඉගනගන්න ගොඩක් දේවල් තියනව. ප්‍රාන්ත ගනනාවක් තියන රටේ තමුන්ට වාසි ප්‍රාන්තයෙන් පටං අරගෙන මැතිවරණය තිව්ව නං මෙලාහකටත් ඔබතුමා දිනල. දැං ඒව කියල වැඩක් නෑ. දැනට නවතින්නං. මේ දවස් තුනේ උනත් මම කිව්ව විදියට කලොත් ඔබතුමා ගොඩ. නැත්තං සොරි තමයි.

ඔබතුමාට සුබ අනාගතයක්!
මීට හිතවත්,
රාජ්.

ප.ලි.- කියන්න අමතක උනා!
මේ ඡන්දෙං ඔබතුමා දිනුවොත්,
ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මොකද්ද දන්නවද? ජනාධිපති වෙන්න පුළුවන් වාරගනන දෙකයි කියනඑක අයිං කරන්න. මොකද මිනිස්සු කැමති නං ඒකනෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සදා කාලයටම රොම්නි තියාගන්න විපක්ෂ නායක පුටුවෙ. එහෙම කරන්නෙ කොහොමද කියල දැනගන්න ඉස්සෙල්ලම එන්නකො ලංකාවට.

මේ ඡන්දෙං ඔබතුමා පැරදුනොත්(එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනව),
සූට්කේස් එකේ බඩු දාගෙන යන්නෙ නැතුව ධවල මන්දිරේ බිත්ති හතර ඉතුරු වෙද්දි ගෙන්යන්න අනිත් හැම මගුලම! හෙමින් සැරේ ටික ටික විකුණගන්න බැරිය. නැත්තං පැන්ෂන් එකෙංම තමයි ඉන්න වෙන්නෙ.

ප.ප.ලි.- නැද්ද ජෝතිෂයෙන් අනාවැකි කියන උන්දැල එකෙක් දෙන්නෙක් සෙට්කරගන්න, පාවෙන ඡන්ද ටික කඩාගන්න? හැමදාම බලයේ ඉන්න පුළුවන් කඩු, සුර

92 comments:

  1. ඔබ මාමලත් මෙහෙට එහා.. බබාලා වඩාගන්නවා අත වනනවා අතට අත දෙනවා. මම හිතන්නේ මෙහෙන් පුරුදු වෙලාද කොහෙද.. වියදමුත් ඒ වගේම තමයි. ඇඩිස් වලට විතරක් දෙන්නා වියදම් කරපු ගානෙන් අපේ මුලු බජට් එකම රන් කරන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්න හැදුවේ එකම තමයි.... එයාලා කැම්පේන් එක රන් කරන්න වෙනම සල්ලි එකතු කරනවා ( වගේ වැඩක්) කරනවා නේද..

      Delete
    2. වියදම් කරන්නේ පාක්‍ෂිකයින් ගෙන් එකතු කරන ආධාර මුදල්. ඔබාමාත් කැටේ හොල්ලලා තමයි එකතු කරන්නේ අපේ වගේ ජනාධිපති කියල ආණ්ඩුවේ වාහන, සල්ලි පාවිච්චි කරන්න තරම් මොලයක් නැති හැටි. ඒ මදිවට ගණන් හිලව් හරියට විනිවිද භාවයෙන් යුතුව අපේක්ෂකයන් දෙන්නම මෙතැන පෙන්නනවා http://www.fec.gov/pindex.shtml

      Delete
    3. තුන්දෙනාටම ස්තුතියි. මාතලන් කියන්න වගේ වියදම ටිකක් වැඩියුනාට උදිත කියන්න වගේ ආණ්ඩුවෙ සම්පත් පාවිච්චියක් නැතුවැති. නැත්තං ඉතිං ඇමරිකාව ලංකාවක් වෙන්නෙපැයි!

      Delete
    4. උදිත මගේ මිත්‍රයා උනත් මේ ටික නොකියා බෑ. එතකොට ඔබා මාමා යන අර පත් ජම්බෝ ජෙට් එක, යුද්ධ ටැංකියක් වගේ කාර් එක. ඒවට ගන පැස්ටෝල් එහෙමත් ඔබා මාමාගේ පෞද්ගලික සල්ලි වෙන්න ඇති. එක අතකින් අවුරුදු හතරක් ඇමරිකාවේ ජනාධිපති වෙලා ඉඳලත් ප්‍රයිවට් ජෙට් එකක්වත් ගත්තෙ නැති එකේ ඒවල යන්නේ නැතුව වෙන මොනවයිද යන්නෙ නම් කියන්න එපා. ඒක මගේ වැරැද්ද නෙමෙයිනේ. එයාගේ වැරද්ද.

      Delete
    5. මාතලං නියමයි මචෝ උත්තරේ... අපට මේ සේරම සිරිත් බලෙන්ම පැටෙව්වේ මුන්ම තමා.මතකනේ කාලයක් රනිල් මහත්තයා ක්ලින්ටන්ට ඇඳලා හිටියා එක චන්දෙකදි
      මම සමකය වටේ (samakaya wate) දුවන එකා

      Delete
    6. @මාතලන්
      according to the Congressional Research Service
      When Air Force One is used for political purposes, the president often reimburses the government for the cost of food, lodging and travel. The president or his election campaign pays back an amount that is "equivalent of the airfare that they would have paid had they used a commercial airline.

      Delete
    7. @මාතලන්
      ඇත්තටම ලංකාව සහ ඇමරිකාව සංසන්දනය කරන්න බැහැ. ලංකාවේ අසාමාන්‍ය සිදුවීම් සාමාන්‍ය දේවල් වෙලා නේ. මේ වගේ දේවල් වෙන්නේ නැත්නම් තමයි අප්සට් එක. දැන් ඔබාමා බදු ගෙවන්නන් ගේ මුදල් චන්ද ව්‍යාපාරයට යොදා ගැනීම වුනොත් ඒක ලොකු කේස් එකක්.අසාමාන්‍ය දෙයක් ලෙස ජනතාව දකිනවා ලංකාවේ එහෙම නෑ. මම හුඟක් තැන් වල කොමෙන්ට් දැකල තියනවා ලංකාවේ වැරැද්දක් පෙන්නුවම ඇමරිකාවෙත් මෙහෙමයි ඕව කියල බටහිර රටක ඇමරිකාවේ සිදුවුන ඊට සමාන සිදුවීමක ලින්ක් හරි යූ ටියුබ් ක්ලිප් එකක් දානව. මාතලන් වෙනස තමයි ඒ රටවල මිනිස්සු දන්නවා ඒ සිදුවීම වැරැද්දක් අප්සට් වැඩක් කියල නිවැරිදි කරගන්න බලනවා. අපේ සිරිත හැදියාව තමයි එහෙත් එහෙම තමයි ඉතිං මෙහේ එහෙම උනාම මොකද කීම.දැන් රාජ් මේ ලිපියෙන් කියපු ඒකට මාතලන්ගේ ප්‍රතිචාරය තමයි එහෙත් එහෙමයි කීම. නැත්ද? පරිපූර්ණ සමාජ නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ අප්සට් එක තමයි වැරැද්ද හරියි කියා තර්ක කිරීම.

      Delete
    8. @මාතලන්
      මාතලන් මිස්ටර් බීන් විහිලු බලල තියනවනේ දැන් ඒවායේ මිස්ටර් බීන් කරන්නේ සමාජ සම්මත හරි දේවල් උල්ලංගණය කිරීම උදාහරනෙකට පෝලිමේ මිනිස්සු ඉන්නව මිස්ටර් බීන් හෙමීට ඇවිල්ල ඉස්සරහින් සක්කයක් ගහනවා. අපි හිනාවෙනවා. දැන් ලංකාවේ වෙන්නේ පෝලිම පනින එක සාමාන්‍ය දෙයක් එතකොට පෝලිමේ ඉස්සරහට පනින ඒකට හිනාවෙන්න බැහැ.සමාජ සම්මතය තමයි අසාමාන්‍ය දෙය. මෙතැන රාජ් කියන වෙනස ඔබ තේරුම් ගත් අකාරය වැරදියි. බලයට මිනිස්සු කෑදරයි ඒක මිනිස් ගතිය ඇමරිකාව ලංකාව ඔබාමා මහින්ද කියල වෙනසක් නැහැ ඔබාමාත් පුළුවන් කම තියේනම් බලය රැකගන්න මහින්දට වඩා හපන් දේවල් කරයි. එත් එයාට ඒ සෙල්ලම් ලේසි නැත්තේ ඒ රටේ සිහි බුද්ධියෙන් ඉන්න හරි වැරැද්ද සම්මතය අසම්මතය නිවැරිදිව දකින්න පුළුවන් බහුතර ජනතාවක් ඉන්න නිසා. වෙනස තියෙන්නේ ඔබ මාමල සහ මෙහේ මාමල අතර නොවෙයි වැරැද්ද වරදක් ලෙස තේරුම් නොගත් එහෙ ජනතාව සහ විහිලුව පිස්සුව සාමාන්‍ය දෙයක් කරගත් අපේ ජනතාව අතරයි.

      Delete
    9. දූපතක් ඇතුලෙ ඉන්න අපේ බුද්ධිමත් ජනතාවගෙන් ඒ දේ කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා මචං. අනික අපේ රටේ කොහෙද ඉන්නේ බුද්ධිමතුන්. බුද්ධිමතුන් බිහිකරන තැනත් ඉන්නෙ ගිරවු ටිකක්. සුද්දා ටියුබ් නැතුව ටයර් එකට හුලං ගහගෙන දුවනවා. අපේ උන් සුද්දා දීල ගිය ටියුබ් එකේ පැච් දදා දුවනවා. දැන් පැච් දාන්න තැනක් නෑ. මේකට වග කියන්න ඕන ජනතාවද...? පාලකයොද..? ආගමික නායකයොද..? ගුරුවරුද...? ආචාර්ය මහාචාර්යවරුද...?

      උඹ කියන දේ මට තේරෙනවා. ඒත් මේ රටේ හරක්ට ඒක තේරෙන්නේ නැත්තන් වෙන මොනවා කරන්නද. රියැලටි ෂෝ එකට ජොයින් වෙනවා ඇර.

      Delete
    10. මාතලන්
      ඔබාම ජම්බෝ ජෙට්එකේ ගියත් මොකද බං. උන්ට ඒක මහලොකු දෙයක් නෙවේ. වැඩිය ඕන නෑ ඕනනං හොයාගෙන බලපං මේ අනුපාත දෙක,

      ලංකාවෙ ජනාධිපතිගෙ වියදම : අමාත්‍යංශයකට වෙන්වන සාමාන්‍ය වියදම
      ඇමෙරිකාවෙ ජ. වියදම : අමාත්‍යංශයකට වෙන්වන සාමාන්‍ය වියදම

      මොකද වෙන්නෙ කියල තේරේවි.

      Delete
    11. @ රාජ්
      ඇමරිකාව කියන්නේ ළෝකයේ පළවන බලවතා තවමත්
      අපි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ අධි වේගෙන් ගල් යුගයට යන
      තවත් කෙටියෙන්...
      ඇමරිකන් ජනපති මැක්සිමම් අවුරුදු 8 ගෙදර යන කෙනෙක්
      අපේ ජනපති සදා සැරදේ...ගල් යුගයට යන
      ඉතාම කෙටියෙන්
      එහෙ තෝරගන්නෙ ජනාධිපති කෙනෙක්
      අපේ සක් දෙව් කෙනෙක්

      Delete
  2. අනේද කියන්නේ පව් ඔබාමා.. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක පිස්සු ජනාධිපතිවරණයට ඉල්ලන්නේ. අර සැන්ඩි කේස් එකෙදී වගේ බවලතුන් බදාගන්ට දෙනව නං අපේ ගොයියොත් ඕන දෙයක් කොරාවි. රාජෝ.. අහිංසක මිනිසුන්ට අමාරුවේ වැටෙන කතා කියන්ට එපා..

    ReplyDelete
    Replies
    1. අමාරුවෙ දාන්න හැදුවෙ කවුද? මම කිව්වෙ ගොඩයන්න පුළුවන් විදිය.

      Delete
  3. නියමයි.ඇත්තටම ඔය වියදම් කරන සල්ලි ඡන්දය වෙනුවෙන් දුප්පත් අහිංසක මිනිසුන්ට ගෙවල් කීයක් නම් හදලා දෙන්න පුළුවන්ද.ඡන්දය ගන්න තියෙනවා කියලවත් එහෙම වැඩැක්වත් අපේ උන්දැලා කරනවා නම් කොච්චර අගේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්. අපේ කට්ටිය හුරුවෙලා ඉන්නෙ ක්ෂණිකව දෙයක් ලැබුනොත් ඡන්දෙ දෙන්න බලාගෙන. ගෙයක් දෙනවට වැඩිය උදළුතලයක් දුන්නම වාසි වැඩියි.

      Delete

  4. කිසි දෙයක් කියන්න ඉතුරුවෙලා නෑ...ඔක්කොම කියල..හික්..!
    ඒ උනාට එහෙට විජාතික බලවේග,කුමන්ත්‍රන එහෙම නැතෙයි..!

    ReplyDelete
    Replies
    1. පොඩිවංශ ඇමතිතුමා තමයි කුමන්ත්‍රණ කරනවනං ඉන්නෙ.

      Delete
  5. නියමයි රාජ් අයියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලී.

      Delete
  6. රටේ ජනාධිපති නම් සුළි සුළඟක් එනවා කියල දැන ගත්තම කරන්න තියන තව වැඩක් තියනවා රාජ්. ඒ තමයි අධිවේගී මාර්ගයක් විවුර්ත කරන එක. ඒ දවසෙම, ඒ වෙලාවට.

    ReplyDelete
  7. හෑ රාජ් අය්යට ඇමරිකාවෙන් ජනාදිපති උපදේෂක තනතුරක් හම්බවෙනවා සුවර්.. ඕන් අය්යේ එදාට මේ එකට වැටිලා බ්ලොග් කොටපු අපිව අමතක කොරල දානව එහෙම නෙවෙයි... ග්‍රීන් කාඩ් එකක්වත් ඕනේ හරිද

    ReplyDelete
    Replies
    1. උපදේශක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි ලිව්වෙ. ග්‍රීන්කාඩ් 1ට දහයක් දෙන්නංකෝ ලැබුනොත්.

      Delete
  8. හි හි.. ඔබාමව ලංකාවට එක්කං ඇවිල්ලා ඡන්ද කරන්නේ කොහොමද කියලා ට්‍රේනිං එකක් දෙන්න තියෙන්නේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. ඒවා හඳේ හිරු අක්කේ අපේ පංචායුද අයියා ඉන්නකං හරිද.

      Delete
    2. ළංකාවෙ ප්‍රාදේශීය සභාවකට ඉල්ලන්න කියමුද? ඊට උඩ එකක් නං දිනන්න බැරිවෙයි. :)

      Delete
    3. හිරුවනං හැමදාම ඡන්ද කරනවා නේ ගේ ඇතුලේ ඉඳන්...හි..හි..

      Delete
  9. ඔබාමාගෙයි අපේ මාමාගෙයි වෙනස හොර මැරකම් කරලා මාට්ටු වෙන ප්‍රතිශතය විතරයි. නැත්නම් මේ දේශපාලු ගොයියලා සේරම එකයි. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ. ඕං මං කිව්වා ...

    ReplyDelete
    Replies
    1. //ඔබාමාගෙයි අපේ මාමාගෙයි වෙනස හොර මැරකම් කරලා මාට්ටු වෙන ප්‍රතිශතය විතරයි.//
      හොයල බලන්න ඕන කාරණාවක්. හැබැයි හොරකම් කලාම අහුවෙන ප්‍රතිශතයයි අහුවුනාම දඬුවම් ලැබෙන ප්‍රතිශතයයි මෙහේ සෑහෙන තරමට අඩුයි

      Delete
  10. උඹ හොරෙන් හොරෙන් අපේ රහස් පිටරටට විකුනනවා නේද....!!!!

    ReplyDelete
    Replies
    1. මේ අදහසමයි මටත් ආවේ... අපේ රහස් වෙන අයට දෙන්න හොඳ නෑනෙ...

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් හොඳ දේවල් පැතිරෙන්න එපැයි!

      Delete
  11. ඇමරිකාවේ ජනතාව චන්දෙ දාන්න පුල පුලා බලන් ඉන්නේ. ඒකට අපේ උන්දලා. පෝස්ටර් ගහල, බැනර් ගහල, රේඩියෝ ටී වී වල ඇඩ් දාල, සල්ලි දීලා, මොන මගුල කරත් යනවද චන්දෙ දාන්න. ගෙනියන්න ඕනෙ හරියට මරන්න ගෙනියන හරක් වගේනේ. මට බය ඊළඟ පාර 40%ක් වත් චන්දෙ පාවිච්චි කරයි කියල.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එච්චර අඩුවෙන එකක් නෑ.

      Delete
  12. අන්න එහෙම මතක් කරලා දෙන එක අපේ යුතුකම! :)

    ReplyDelete
  13. පට්ටයි මචෝ පට්ටයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.

      Delete
  14. //ප්‍රජාචතන්ත්‍රවාදය// හෙහ් හෙහ් හෙහ්... පව් අප්පා...

    ReplyDelete
  15. චන්දේ දිනන්න ඕන නම් අපේ රටෙන් ඉගෙන ගන්න ඕන.
    අහෝ ඇමරිකාවට සිදු වූ දෙය හික්ස්.

    ReplyDelete
  16. ලෝකෙට හැමදේම ඉගෙන්නුවේ ලාංකියකයන්. කෝ අපේ මීවනපලානේ උන්නැහැ දැන් නැද්ද :D

    ReplyDelete
    Replies
    1. උන්නැහේටත් වැඩේ එපා වෙලා වගේ.. සද්දයක් නැහැ නේද ?

      Delete
    2. ඔව්. මීවනපලානෙ ජයරත්න මහත්තය වැඩේ අත්හැරලද කොහෙද. සත් ගානකින් ලිපියක් නෑ.

      Delete
  17. කොම්පූටර ජිල්මාට්‌ ගැන කියලා දුන්නේ නැතෙයි?
    චන්ද කොහොම වැටුනත් මේ ක්‍රමේ ඉගෙනගත්ත නම් ඔබාමා ඇත්තෝ කොහොමත් ගොඩ යනවා නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං. කොම්පීතරුත් ඇතිවෙන්න තියනඑකේ ජිල්මාට් කොහොම දාන්න බැරිද!

      Delete
  18. ඔබාමට පුද්ගලික අයිතිය ඇති හෙලිකොප්ටරයක් නැද්ද අපේ පළාත් සභා මන්ත්‍රී අපේක්ෂකයින්ට වගේ ?

    ReplyDelete
    Replies
    1. නැතුවැති මං හිතන්නෙ.

      Delete
  19. ඔබාමත් එකයි. රොමිනි මිටුත් එකයි.

    ReplyDelete
  20. හොඳ වෙලාවට ඔබාමා ලොක්කට සිංහල බැරි. නැත්නම් මේක කියවලා බඩ කපාගෙන මැරෙනවා ඉච්ඡා භංගත්වයට පත්වෙලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අන්න අරුණි අක්ක ඉංග්‍රීසියෙන් යවනවලු!

      Delete
  21. අනේ ඔබාමා අයියෙ අපේ සූටි කොලුවට ගලවගන්න අර අහවල් ප්ලග් එක තියෙන තැනත් කියන්න... පවුනෙ හදාගත්ත කොලුවනෙ...

    ReplyDelete
  22. ඔක කියවලවත් හැදෙයිද?

    ReplyDelete
  23. සුපිරි කථාව රාජ් අයියා... මං නම් ඉතින් රොම්නි ට තමයි. මේ කථාව link එකෙන්ම fb දැම්මා හැමොටම බලාගන්න. අව්ලක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශෙයා කලාට.

      Delete
  24. මට පේන්නේ ඔබාමා ගැන හරියට රාජ් ඉස්ටඩීකරලා නැ එක්කො මේ අපිට පේන්න මේක දාන්න කලින් ඔබාමාට මේ ලිපිය ඇරලා. මුන්නැහේ ඔය වැඩ බොහෝමයක් කරනවා නොවැ. එක්කො මෙහේ එකෙක්ව උපදෙශක තනතුරටවත් ගත්තාවත්ද?

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. මොනවද මෙහේ කරන වැඩ. නෑදෑයන් ඇතුලට ගත්තද? රජයේ දේපල ඡන්දෙට ගත්තද? දන්සැල් දෙනවද? කාර්යාල කඩනවද? පෝස්ටර් අලවනවද?

      Delete
  25. ඔන්න රාජ්ගෙ ලියුම මම පරිවර්තනයක් ගහලා යවනවා වහාම ධවල මන්දිරයට. ඇඩ්‍රස් එක මෙහෙමයි, 1600 පෙන්සිල්වේනියා ඇවනියු. අනිවාර්යෙන්ම රාජ්ට ලියුමක් ලැබෙනවා හැරෙන තැපෑලෙන්. හැබැයි මේ කියපු කිසි දේකට උත්තර ලැබේවි කියලා හිතන්න නම් එපා. එයා උත්තර දෙන්නෙ එයා වැදගත් යැයි හිතන දේ ගැනයි.

    ඉහත ලොකු ජෝන් කියනවා වගේ දැනටමත් ඔබාමා මේකෙ තියන බොහොමයක් අනුගමනය කරනවා. රාජ්ව උපදේශක කරගෙනත් සැකයි තමා!!!!

    පැරදෙන චාන්ස් එක නම් ඉතා අඩුයි. කොහෙද ඔබාමාව ගෙදර යවන්න මං වත් රොම්නිට චන්දෙ දේවි යැයි!!!!!

    ReplyDelete
    Replies
    1. හරි. මම හිතුව අරුණි අක්කගෙන් ඒ වගේ උදව්වක් ලැබෙයි කියල!
      මම වෙබ් අඩවියක දැක්ක විදියට නං ඔබාමා 46කුත් රොම්නි 50ද කොහෙදත් තමයි තිබුනෙ.

      Delete
    2. ඔට්ටුවක් වත් අල්ලන්නට බයයි එච්චරට 50/50 ගානයි මට හිතෙන හැටියට. කියෝපු විස්තරවල හැටියට මම කීවෙ

      Delete
    3. //කොහෙද ඔබාමාව ගෙදර යවන්න මං වත් රොම්නිට චන්දෙ දේවි යැයි!!!!!//

      දුන්නා නම් හොඳයිනේ අප්පා ,

      Delete
    4. ඒ කියන්නෙ අරුණි අක්කයි (බොහෝටිට සුදු අප්පුහාමියි දෝනියි) පාවෙන චන්ද තුනක්! :)

      Delete
  26. මොකා ආවත් එකයි.

    හැබැයි අර පරණ ඡන්ද කතාවක් තියෙනවානේ මෙහෙම

    ඌත් හොරා
    මූත් හොරා
    අපේ හොරා
    අපිට හොඳා!

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියෙනවා. එක අපෙක්ශකයෙක් ගෝනි හොරෙක් අනිකා ගෑනු හොරෙක්.. කට්ටියක් කියනවා ගෑනු හොරා අපිට එපා ගෝනි හොරා අපිට හොඳා !

      Delete
  27. හී හී...නියම ලියුම. හැබැයි යවලා තියෙන්නේ පමාවෙලා...:D

    ReplyDelete
    Replies
    1. එච්චර පමාවක් නෑ පොඩ්ඩි! හැදෙනව නං දැනුත් ඇති වෙලාව.

      Delete
  28. පට්ට කතවා..විශ්ව ලේඛන කලාවේ මෙම ආකෘතියත් එක්තරා සුවිශේෂී ආකෘතියක්..මෙය මුලින්ම ඇරඹිලා තියෙන්නේ බිරිතානියේ පුවත් පත් කලාවේදීන් අතර..ලියුමක් අනුසාරයෙන් යම් පුද්ගලයෙක් හෝ පොදු සමාජය ආමන්ත්‍රණය කරමින් කණ පැලෙන්න පහර දීම ඉතාම උපක්‍රමශීලි ක්‍රමයක්..ඔබ බොහොම අපූරුවට ඒක කරලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීමට.

      Delete
  29. හීන් නූලේ කැපිල්ල දාල තියෙන්නේ රාජ් අයියේ එල ලිපිය.

    ReplyDelete
  30. හිකිස්....ඔබා මාමා ලියුම කියවලවත් වැඩක් ගත්තොත් හොඳයි....හික්....

    ReplyDelete
  31. ඔබාමාට එන්න කියමු.....අපේ රට බලන්න කියමු..බලාලා ඉගෙන ගන්න කියමු අපි!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබාමට ටියුෂන් දෙමුකො අපි.

      Delete
  32. ගෙවැදුනේ හොද ඉසව්වකට නොවැ.ආයිමත් එන්නං.
    මම සමකය වටේ (samakaya wate) දුවන එකා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව.

      Delete
  33. කියලා වැඩක් නෑ රාජ් අයියේ. මාර නිර්මාණාත්මකයි,,,, ඔබාමා පැරදුනොත් නම් ඉතින් මනුස්සයාගේ ගොන්කම් හින්දම තමයි,..මෙච්චර මේ රටේ ගන්න උදාහරණ තියෙද්දී, ජිල්මාට් තියෙද්දී ඔහොම ඉන්නකොට නම් ඉතින් .........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  34. ලෝක බලවත කිවුවට අපේ අය එක හැරෙන්නවත් බෑනෙ ඇත්තටම මේ කට්ටියට.. ලංකාවට එන්න කියලා උගන්නන්න වටිනවා..

    ReplyDelete
  35. ෂා ...ෂා .... මෙයා ඇමරිකාවෙ ජනාධිපතිට ‘හිතවත් මහත්මයානනි‘ කියලනේ ආමන්ත්‍රණය කරල තියෙන්නෙ. අර පිටුපුරා පත්තරේ ඇඩ් දාපු උන්නැහේ නම් කියල තිබුණෙ ‘උතුමාණනි‘ කියල.

    ReplyDelete
    Replies
    1. එහේ උදවියත් මිස්ට ප්‍රසිඩන්ට් කියනඑකේ ආයෙ අපි මොකටෑ උතුමානනි කියන්නෙ.

      Delete
  36. අපිට ඔබාමාත් එක්ක කේන්ති යනවා.ලෝකේ දේශපාලනය ගැන දන්නේ නැහැ. ඉදිරි පැවැත්ම ගැන හිතන්නෙම නැහැ.පරම්පරා 7 ගොඩ යන්න තිබුන චෑන්ස් එක..

    ReplyDelete
    Replies
    1. පරම්පරා 7 ගොඩ යන්න තිබුන චෑන්ස් එක//
      ඒකනෙ බං මමත් කිව්වෙ.

      Delete
  37. දෙන එක දීල තියෙනවා කන පැලෙන්න..
    හි හි... හෙට අනිද්දා පත්තරේ යයිද දන්නෑ -ඇමරිකාවේ ජනාධිපති උපදේෂක තනතුරට ශ්‍රී ලාංකිකයෙක්- කියල හෙඩිමක්..


    ජය..

    ReplyDelete
  38. අම්මප කියලා වැඩක් නෑ රාජ් ලෙසටම තියෙනවා උපදෙස් ටික නම්. කෙරේමේ දන්න පොරවල් මෙහෙ ඉද්දි මොකාව තියාගෙන ඉන්නවද මේ හාදයා උපදේශක තනතුරේ. දින්නොත් නම් මෙදා රාජ්ට ෂුවර් උපදෙශ්ක තනතුර.

    ReplyDelete
  39. බලපං උන් ඡන්දෙ ඉල්ලන්නේ බූරුවා ලකුනෙන්...

    ReplyDelete
  40. සතුටුයි!ඔබෙ සටහනට,මේක පත්තරෙක දාගන්න බෑරිද?අමෙරිකවේ කිසි දෙයක් හොයන්නෙ නෑතුව බනින,ණයට කකා ඉන්න බව තෙරෙම් ගන්න බෑරි අපෙ මිනිස්සුන්ට මොලෙ ටිකක් පෑදෙන්න.

    ලන්කාවෙ හුගක් බ්ලොග් කරුවො මෙතන ඉන්නවා.මගෙ ඉල්ලීම මාතලන් වගේ කරන්න දෙයක් නෑ කියන එක නෙමේ,ගග යන අතට ඔරුව පදින එකත් නෙමේ,ලන්කවෙ මිනිස්සුන්ගෙ මොලෙ පාදන්න උදව් වෙන්න,දේශපාලනය වෙනස් කරන්න නෙමේ,මිනිස්සු වෙනස් කරන්න

    ReplyDelete
  41. මට හරි ආඩම්බරයි උඹ ගැන රාජ්. මේ පුංචි ලංකාවේ ඉපදුන උඹ කියපු දේ අහල ඔබාමා මාමි මේ සැරේ බැටේ දුන්නනේ.

    ReplyDelete
  42. ඕකා හිටියත් එකයි නැත්තත් එකයි මටනම්

    ReplyDelete