Friday, November 23, 2012

ගංජ කවි Weed Poems


බදු බරත් වැඩිවෙලා
ඒ බරෙන් මිරිකිලා
ලැම්බොගිනි අඩුවුනත්
බඩේ ගිනි වැඩිවෙලා

බල්ලන්ට සැරවෙලා
ශිරානිට කෙලවෙලා
තරහගිය බලු රෑන
හපන්නට වටවෙලා

දිවි නැගුම ඇවිල්ලා
ඇට පැකට් බෙදනවා
කුකුල් පැටියගෙ මිලට
කිලෝවක් ගත්තහැකි! :P

එහෙ මෙහේ කසාලා
ළමයිටික ලෙඩවෙලා
රතු වැස්ස වැටීලා
ලෝකෙ අවසන් වෙයිද?

වයස හැත්තෑ හතයි
අපෙ තානපතිතුමා
මිරිකලා සුදු තනේ
දඩකාල සුදු රටේ!

කටුගෙදර කඩු තුනක්
බයගමේ කුනුගොඩේ
කන්ගැට්ට පිටිපස්සෙ
ඉන්නා හොරා කවුද?

අන්තෝ ජටා බහිජටා
ඇතුලෙ-පිට දෙකම ගිනි
ගෙට ගියොත් අඹුනසී
මග ගියොත් තෝ නසී.

සැහැල්ලුව ලැබගන්ට
ගෙනා බඩු 'කේරලෙන්'
ඔතාගෙන ගසාලා
පාවුනෙමි උඩ අහසෙ.

ඉස්සෙල්ල ආකාසෙ
අල්ලන්නෙ එයාමලු
පොඩි බේබි කියනවලු
මං දැක්ක පත්තරේ

හොඳවැයින් මල් ටිකක් ඔතාගෙන ගසාලා
හඳ තරුත් පමණනොව අඟහරුත් අල්ලලා
සෙනසුරුගෙ ඉරි තුනේ හීනියට නිදියලා
ආව නොවැ අපෙ ඇත්තො ඒකාලෙ ඉඳලාම!

85 comments:

  1. නියමෙට දීලා තියෙන්නේ...මේකනම් ගංජා කවියක් වෙන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ. ගංජ කවිම තමා.

      Delete
  2. කේරලෙන් ගෙනාපුව පාරවල් දෙකක් ඇති..
    …හඳ තරු පමණ නොව අඟහරුත් අල්ලන්න
    …සෙනසුරුගෙ ඉරි තුනේ හීනියට නිදියන්න

    …ඇඬෙනවා කවි පෙලට ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්..... තැන්කූ.

      Delete
  3. Replies
    1. අනේ මංද! කොහෙං ගෙනාවත් බඩු බාලයි දැන් දැන්. :)

      Delete
  4. ගංජ කවි.. ගංජ ගහල කිව්වද මන්ද මේ ධර්මද්වීපයේ නම කැත කරන්න හිතාගෙන. ඒවා බෑ ගොයියෝ අපි තාම එතුමගේ උපන්දින උත්සවේ වැඩ.

    ReplyDelete
    Replies
    1. කිරිබත් කන්න ගහපු මඩු ගලවනවද තාම? :)

      Delete
  5. ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යය ඔපවත් කරනුවස් නූතන යුගයේ ‘ගංජ කවි‘ !

    මේව නම් කීයටවත් ගංජ ගහපු එවුන්ට හිතෙන ඒව නෙවි බං. පොළොවෙ පයගහල, එදාවේල ජීවත්වෙන එවුන්ට තියෙන ප්‍රශ්න. ගංජ ගහපු උනුයි, ලොක්කගෙ ලොකු එකට වර්‍ශ වෙච්ච උනුයි ඉන්නෙ පාට පාට හීන ලෝකවල, උන්ට මහපොළොවෙ ප්‍රශ්න වලංගු නෑ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යය ඔපවත් කරනුවස් නූතන යුගයේ ‘ගංජ කවි‘ !

      මාර හැඳින්වීම බං. හීනියට ආඩම්බර හිතුන. :)
      පොලවෙ පයගහල ඉන්න බැරිවුනාම මෙව්ව කරන්න වෙනව.

      Delete
    2. ගංජ ගැහුවම පොළවේ අඩිය තියන එක හොරයි කියනව නේ. මම ඉස්කෝලේ කාලේ ගහපු මලක් හින්දා අඩ අඩ කිව්වා මගේ ඇද කැරකෙනවයි කියලා.. හහ්..

      Delete
  6. එළස්......ගංජත් නරක නෑ බැලුවම.

    ඒක නෙවෙයි බං මොකාටද "කකුල් පැටිය" කියන්නෙ....?

    ReplyDelete
    Replies
    1. කකුල් පැටිය කුකුල්පැටිය කලා. බොහෝම ඉත්තුතියි.

      Delete
  7. මෙවැනි නිර්මාණ බිහි කරන ගංජා වලට ජය වේවා!

    පොඩි බේබි මොක කිව්වත්
    නාසා වෝ තෙපර බෑවත්
    මුලින්ම හදට ගියේ...ලෝකෙ වටේ කැරකුනේ....
    බොබ් මාලිගේ මහ එකා...

    පෙකෙනිවැල කපනවිට 200 ඒ ගාණ
    කොක්ක ගහන කොට 5000 ගෙවාපිය
    මල විගස සහතිකේ ලාබෙටම තොට ලැබෙන
    ජම්බු ගහෙන් පැන්නහම ගහපියකෝ තව ගාණක්

    ReplyDelete
    Replies
    1. ඇත්තට ජම්බු කේස් එකටත් බද්දක් වැටෙයිද?

      Delete
  8. කන්ගැට්ටා නෙමෙයි හොරා... මේක පිටිපස්සෙ ඉන්නෙ මහ හොරෙක්...දැන් යන්නෙ සම්පූර්ණයෙන් නාටකයක්... ඕමල්පේ සෝභිත හාමුදුරුවෙ ඒ නිසා තමයි කිව්වෙ... කුඩ්ඩෙක්ට මෙහෙම වැඩක් කරන්න බෑ... නියම උන් අත්අඩංගුවට ගන්න කියලා..

    මේ වගේ ආටක නාටක පෙන්වන ආණ්ඩුවෙ උන් හිතන් ඉන්නෙ ජනතාව ගංජා ගහලා දපලා කියලා...

    ReplyDelete
    Replies
    1. //මේ වගේ ආටක නාටක පෙන්වන ආණ්ඩුවෙ උන් හිතන් ඉන්නෙ ජනතාව ගංජා ගහලා දපලා කියලා...//

      ඇත්තටම එහෙම නෙවේද?????

      Delete
  9. නියමයි රාජ. මටත් කියන්න වෙන්නෙ අන්තෝ ජටා බහි ජටා අපි මේ නැටුම් කෙළි බළ බළ ඉම්මු නටනා තෙක් දිය සැලියේ.

    ReplyDelete
  10. අඩේ මරු කවි පොජ්ජ බං ...නියමයි

    ReplyDelete
  11. දැන් මහජනතාව ජීවත් වෙන්නේ ගංජා ගහලා වගේ මනෝ ලෝකෙක !

    ReplyDelete
  12. මේව මේ අධිරාජ්‍යවාදී ගංජා කවුද කොහෙද :D :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉන්දියන් බඩු! :)

      Delete
  13. මේ වෙන දේවල් වලට මල් නොගහා බැහැ බං.

    තං මිරිකපු සීං එක එල :ඩී

    ඌ හිතන්න ඇති ලංකාවේ ස්පා වගේ කියල එහෙ ඒවත් !

    ReplyDelete
    Replies
    1. මටත් එකසැරේම හිතුනෙ ඔය සීන්එක. ඌ හිතන්න ඇති ලංකාව වගේ කියල. පව් අසරණය.

      Delete
  14. හිකිස් නියමයි රාජ් අයියා.

    ReplyDelete
  15. පට්ට කවි ටික.
    තව තවත් ගංජ ලැබේවා!!!

    ReplyDelete
  16. මෙක නම් සිරා කතාව (කවි) රජ් අය්යෙ

    ReplyDelete
  17. පාලකයෝ දීපු ගංජා තමා මහජනතාව දිගට හරහට ගහන්නේ. හික්ස් :)

    වෙලාවක් තිබ්බොත් මගේ ටැංකියටත් ගොඩ වෙන්න. ගොඩ වෙන්න කිව්වේ බලන්න එන්න කියලා.:)

    ReplyDelete
    Replies
    1. හ්ම්! ටැංකියට ගියා. ඔන්න මගේ රෝලටත් දැම්ම.

      Delete
  18. මේව ප්‍රින්ට් කරලා බැනර් ටිකක් ගහනවා නම් මම හරි කැමති.

    ගංජා කවි කියලා නෙමෙයි අපි වැදහත් විදියට කියමු මහජන කවි කියලා....

    ReplyDelete
    Replies
    1. එහෙනං කියමුකො මහජන කවි කියල!

      Delete
    2. එහෙමනං මහජන දිනේ තියන තැං වලම එල්ලමු...

      Delete
  19. ඔක්කොම කැලේ අන්තිම කවියට..

    ඔය ළමයි කසන්නේ... බටහිර කුමණ්ත්‍රනයක් වෙන්ඩ බැරිද....?

    ReplyDelete
    Replies
    1. කහන්නෙ මානසික ලෙඩක්ලු! කුමන්ත්‍රණයක් වෙන්න බැරි නෑ. මොකද දැං කාලෙ ඉස්කෝලෙ යන අයියල අක්කල විස්වාස කොරන්න බෑ.

      Delete
  20. ගංජා නාලද ලිව්වේ.... ?

    ReplyDelete
  21. ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  22. මේ තියෙන්නේ ලෙසටම.මටත් මලක් තිබුනානම් මිට වැඩ හොඳට රස විඳින්න පුළුවන්.

    ReplyDelete
  23. මල් හතයි ඈ...හෙහෙ මොනව උනත් මල් ගැන කවියක් නෙව...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් එසේම ‍වේවා.

      Delete
  24. අනේ මටත් දෙක තුනක්ම එවහන්කෝ...!

    ReplyDelete
  25. අඩේ අප්පා ගංජා කවිත් මරු නේ. එත් මේවා අධිරාජ්‍යවාදී පරදේශක්කාර ගැත්තන්ගේ කවි. ආයේ එහෙම ලියනවා නෙමෙයි මේ වගේ කවි. ගංජා ගැහුවා නම් හීනයක් බලාගෙන පාට පාට ලෝකෙක ජීවත් වෙයන් පිස්සු කෙලලා ආයුෂ අඩු කරගන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමත් වෙයිද?

      Delete
  26. නියම කවි ටික රාජ්...

    ReplyDelete
  27. උපරිම රස වින්දා.මෙහෙම කවි ලියවෙනව නම් කොච්චර ගංජ ගැහුවත් මොකද

    ReplyDelete
  28. මරු කවි ටික රාජ් අයියේ ..... හී...හී....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් විකාරෙට කියපුවා!

      Delete
  29. කවුරුත් ගහන එකේ පොඩිකොලුවත් ඔන්නඔහේ එකක් ගැහුවම මොකෝ වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කමක් නෑ පරෙස්සමින්.

      Delete
  30. ඇඬෙනවා ඇත්තටම
    …ඒ කවුදැයි කදුලු පිසලන්න ඉන්නේ

    ReplyDelete
  31. එහෙම කියන්න එපා රාජ් අයියා.. මේක දැකලා ගංජා එකටත් බදු ගැහුවොත් කවි ලියලත් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. දැනටමත් බදු ගහල තිෙයන්ෙන බං.

      Delete
  32. ගංජා නම කවුද මන්දා දැම්මේ.ඒ නමටත් මම නම් කැමති නැ සහෝ.මොකද ඔය නම දකින විට ඒවා පවිච්චි කරන කොල්ලන්ගේ මුණු මැවිලා පේනවා.සුන්දරත්වය නැති කරන මලක්ද මන්දා.නමත් කැතැයි අප්පා.හැබැයි කවි ටික හොඳයි කියලා කියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. නම ගැන එච්චර දුර හිතන්න එපා. ඒක නැතිවුනානං කවිය කියන්න විදියක් නැති වෙනව.

      Delete
  33. මේකනම් හොඳ සිහියෙන් ලියපු එකක් රාජ් අයියේ. හිකිස්

    ReplyDelete
  34. හිකිස් නියමයි හලේ...හලේ..

    ReplyDelete
  35. අර මිරිකපු සීන් එකනං එල...

    ReplyDelete
  36. රජ පැටවුන්ට පදින්ඩ ලැම්බෝ ගිණී
    අපේ පැටවුන්ට හැමදාමත් බඩ ගිණී
    ගෙදර ගෑණුන්ට අඩු නැත සෝ ගිණී
    උගුරක් දියං රාජෝ මට මල් ගිණී

    ReplyDelete
  37. අමුතුවෙන් මොනවා කියන්නද රාජ්. එලම තමයි....!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත්.

      Delete
  38. මැටි සබේ උන්දැලා
    ලැම්බොගිනි ගෙන්නලා
    ජහමනයා ඇන්දිලා
    හොඳහැටියේ මත්වෙලා

    …අපිත් ගංජා ගහලා ද මන්දා අයියේ!

    ReplyDelete
  39. මදන කුලප්පුව ගහපු එකෙක් ප්‍රසිද්ධියේ කියනවා උගේ නලලෙන් සිකුරා බහින්නේ නැතිලු. ඇත්තම හේතුව කවුරු හරි නිවැරදිව මුගේ කර අඹලා නැති වීමයි.

    තව එකෙක් පුවත් මවන්න මෝටර් බයිසිකල් පදිනවා. කකුල බිම තියාගන්න බහ බයිසිකලේ ඉඳලා. උපන් කොටා නිසා. මුගේ මොලේ තලුනද දන්නේ නැහැ.

    ගෑණු දෙන්නෙක් ගෙන් අතෘප්තිමත් එකා තුවනි ගෑනිත් අරන්. උගේ පට්ටි ගොන් සංකල්පය අතහරින්න අමාරියි වගේ.

    විනාශ කාලේ විපරීත බුද්ධිඃ කිව්වලු.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  40. ඕවා ගත්තම විතරද කවි කියවෙන්නේ. අද තමා මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
  41. සීනි දාලා සුපිරි ප්ලෙන්ටියක් දෙන්නද???

    ReplyDelete
  42. මල් දාහතරයි....!!! පට්ට

    ReplyDelete
  43. බල්ලන්ට සැරවෙලා
    ශිරානිට කෙලවෙලා

    :)."බල්ලොත් එක්ක බෑ" කියන්නේ ඒක තමයි.

    ReplyDelete
  44. හෙහ්.. හෙහ්.. හෙහ්...

    පැණි රැසක් දිව ගාලා
    චයිනීස් පාරක් දාලා
    නෙප්චුන් පහු කරලා
    මන් ගියා සුස් ගාලා

    ලම්බෝගිනි පහු කරලා
    ගියා හාර පන්සීයට විදලා
    චන්ද්‍රිකා මග දාලා
    අපි යන්නේ බඩු මිලේ එල්ලීලා

    එකෙක් කාරයෙන් විද ගියේ
    අනෙකා මූදෙන් ගියේ
    තව එකෙක් උඩ යතේ
    දියන් මට, ඔය කොටේ මලේ

    ReplyDelete