Tuesday, December 25, 2012

Sri lanken simple logic

1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.එහෙත් ඔහු 119ට කතාකර නැත.
විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත්තේ ඔහු විසින්මය.


1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.එහෙත් රාජපක්ෂ මහතාගේත් ඔහුගේ පුත්‍රයාගේත් සාක්ෂි පරස්පරය.
විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත්තේ ඔහු විස්න්මය.


1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ සිටියවුන් අතරින් .....ද කෙනෙකි.
වෙඩිතැබීමට .....ගේ සම්බන්ධයක් තිබිය කොහැක.
(බුවාගෙන් උස්සපු අදහසක්)


1.විද්‍යාව ප්‍රශ්නපත්‍රය කලින් පිටවී ඇත.
2.ප්‍රශ්නපත්‍ර හදන්නේ විභාග දෙපාර්තමේන්තුව මිස අධ්‍යාපන ඇමතිතුමා නොවේ.
ඇමතිතුමා ඉල්ලා අස්වීම තේරුමක් නැත.


1.විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න 19කලින් පිටවී ඇත.
2.එම ප්‍රශ්න 19ට සියල්ලන්ටම ලකුණු ලබාදීමට තීරණය කර ඇත.
දැන් ප්‍රශ්නයක් නැත.


1.හලාල් = පිරිසිදු
හලාල් කෑම එපා = පිරිසිදු කෑම එපා.


1.2012-12-21න් මායා කැලැන්ඩරය අවසන්.
2012-12-21න් පසු ලෝකය අවසන්.


1.උත්තරීතර(ව්‍යවස්ථාදායකය)> උත්තරීතර(අධිකරණය)
2.ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්> අධිකරන නිලධාරීන්.
මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අගවිනිසුරුතුමියට කුනුහබ්බෙන් බනින්න.


1.සුරාමේරය බෞද්ධයන්ට අකැප නිසා පෝයට බාර් වසා ඇත.
2.ලංකාව කියන්නෙ බෞද්ධ රටක්.
නත්තලටත් බාර් වහල.


1.මගේ මතය තමයි අහවල් එක.
2.උඹලගෙ මතය තමයි ඒක.
3.මම තමයි පොර.
උඹලගෙත් මතය අහවල් එකම වෙන්න ඕන.


ඔන්න ඕව තමයි ලොජික් කියන්නෙ. දැං මේක කියවන කෙනෙක් මේවගේ ලොජික් එකක් ගේන්න පුළුවන්.

1.රාජ්ට බොන්න ඕනවුනා.
2.නත්තල් නිසා බාර් වහල.
තදවෙලා මේක ලිව්ව.

ඔහෙලට වැරදිලා.


සියල්ලන්ටම සුභ නත්තලක්!

57 comments:

  1. උදේ පාන්දරම කියෙව්ව ලොජික් එකක්.... දෑන් ඉතින් ඈප්ලයි කරන්නයි තියෙන්නෙ අද දවසෙම ලොජික්.. අපි නම් ඉතින් ඔෆිස් නෙ... බලමුකෝ බොස්ට ලොජික් දාල...

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙන බොස්ට ලොජික් දාන්නෙ.

      Delete
    2. හලාල් = පිරිසිදු

      වුණේ කොහොමද?

      Delete
    3. මගේ ලොජික් එක තේරිලා නෑ වගේ. හලාල් කියනඑකේ එක තේරුමක් තමයි පිරිසිදු කියන්නෙ. ඒක අල්ලගෙන තමයි ඔය හලාල් ඕන කියන උදවිය අහන්නෙ, "හලාල් එපා කියන්නෙ අපිරිසිදු කෑමද ඕන?"කියල.

      Delete
  2. යේ යේ මම එක....

    ReplyDelete
  3. 1.බෝතලයක්(හෝ මුට්ටියක් ) සහ බොන්න තියන ආසාව බීම සඳහා අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතා වේ
    2. බාර් විවෘත වි තීබීම බීමට අනිවාර්ය හෝ ප්‍රමාණවත් අවශ්‍යතාවක් නොවේ
    ∴ රාජ් අද බොනවා !

    ලංකාවේ ජනතාව කොයිතරම් ලොජිකල්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ බං. අද බොන්න අදහසක් නෑ. :-)

      Delete
  4. 1. දේශපාලඥයෝ මොකද කරන්නේ, හොරකම් කරනවා...
    2. හොරා මොකද කරන්නේ... දේශපාලනය කරනවා...
    ∴ අපි දේශපාලනය කරමු....

    -නරි බුරති-

    ReplyDelete
    Replies
    1. 1. දේශපාලඥයෝ මොකද කරන්නේ, හොරකම් කරනවා...
      2. හොරා මොකද කරන්නේ... දේශපාලනය කරනවා...
      ∴ දේශපාලඥයෝ=හොරු.

      එහෙම කිව්වනං ලොජිකල් ගතිය වැඩියි නේද?

      Delete
  5. 1.හලාල් = මුස්ලිම් අයට පමණක් අනුමත
    2.මුස්ලිම් ජනගහණය < 10%
    ∴ හලාල් කෑම එපා = මුස්ලිම් අයට පමණක් අනුමත කෑම එපා.

    ReplyDelete
    Replies
    1. 1.හලාල් = මුස්ලිම් අයට පමණක් අනුමත.
      2.මුස්ලිම් = අන්‍ය ජාතීන් හා ආගම් විනාශ කිරීම.
      ∴ හලාල් කෑම එපා = තමන්ෙග් ජාතිය හා ආගම විනාශයෙන් ෙබ්රා ගැනීම.
      ‍‍‍

      Delete
  6. 1.ලංකාව දූපතකි.
    2.ලෝකය ගෝලාකාරය.
    ∴ ලෝකය ඇත්තේ ලංකාවේය.

    ReplyDelete
  7. 1 ප්‍රශ්න කලින් පිට වෙලා
    2 පිට උන ප්‍රශ්න වලට ලකුණු දෙනවා
    හිනා මූණූ දාලා පේපර් එකක් ගහලා එලියට දාමු.

    ReplyDelete
    Replies
    1. හොර ඡන්ද දාන්න සම්බන්ධවෙච්ච අහිංසකයන්වත් මේ විදියට පාර්ලිමේන්තුවට ගත්තනං හරි.

      Delete
  8. 1.කොහෙහරි මනුස්සයෙක්ව පැහැරගෙන ගිහින් මරලා දානවා.
    2.නයිටීඑන්,සැලලිහිණි,විමලේ...කියනවා ඕකා කොටියෙක්,ඕකා ජෙප්පෙක්,ඕකා අරකෙක් මේකෙක්..
    ∴ ඒ වගේ එවුන් මරා දැමීම හොඳයි.ඒ වගේ අනිත් එවුනුත් අල්ලලා මරල දාන්න ඕනි. (ජහමනයා)

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නෙ නියමෙට.

      Delete
  9. සත්‍යය තර්කානුකූල වුවද තර්කය හැමවිටම සත්‍ය නොවේ...

    ReplyDelete
    Replies
    1. මගේ මුළු පෝස්ටුවම උඹ එක වාක්‍යකින් කියල.

      Delete
  10. බාර් වහන එකනම් හරිම අසාධාරණයි. රාජ් අයියටත් සුභ නත්තලක් වේවා!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා මලයා.

      Delete
  11. 1 විජයදාසගේ නිවසට වෙඩිතබා ඇත
    2 පසුව රේස් කාර් එකක් යනවා ඇසී ඇත
    * පාතාලයට දැන් ලැම්බෝගිනි ඇත.

    1 විජයදාසගේ නිවසට වෙඩිතබා ඇත
    2 වෙඩි තබා ඇත්තේ නිවසටයි.
    * කාලෙකින් වැඩක් නොලැබුන බාස් කෙනෙක්ගේ වැඩක්ය.

    1 විභාග ප්රශ්නපත්තර කලින් පිටවී ඇත.
    2 විභාග ප්රශ්නපත්තරවල තිබුනේ ටියුසන් ගුරුවරු කලින් සිසුන්ට ලබාදුන් ප්රශ්නමය.
    * විභාග ප්රශ්නපත්තර නිර්මානය කර ඇත්තේ ටියුසන් ගුරුවරුන්ගෙන් කොපි කරලාය.

    1 නත්තලට නිවාඩුය
    2 නත්තලට බාර් වහලාය
    * බීලා වැඩකලයුතුය

    1 රාජ් බීමක් මතක් කලාය
    2 අද බාර් වහලාය
    * අද දේශීය දේවල්වලට වටිනාකමක් එක්වෙනු ඇත.

    මම දැනම යනව.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඇති තරං ලොජික්

      Delete
  12. රාජ්ටත් සුබ තන්තලක් !

    මේක මහ පිස්සු රටක් බං. වෙන මොනව කියන්නද.

    ReplyDelete

  13. අපි සල්ලි ඇතිවෙන්න දීල තියෙන්නෙ නිලධාරීන්ට උන් තමයි හරියට බෙදාහරින්නැත්තෙ අනාතවූවන්ට සහනාධාර. - අනාත ඇමතිතුමා.

    පෑවිල්ලටත් බනින්නෙ ආන්ඩුවට..
    වැස්සත් බනින්නෙ ආන්ඩුවට..
    :. පෑවිල්ල = වැස්ස.....මීට ඇමතිවරු සියලුදෙනා.

    ReplyDelete
    Replies
    1. සහනාධාර බෙදිල්ල ගැන කියන්න ගියොත් නං මටත් කෙලවෙනව. ඒ නිසා මොකුත් නොකිය ඉන්නං.

      Delete
  14. මට කියහන් ඔය එමනිසා කියන තිත් තුන තිබ්බ විදිය විතරක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න එක පේලියට තිත් තුනක් තියනව. ඒකෙ දකුණු පැත්තෙන් තවත් අකුරක් ටයිප් කරනව. ඊට පස්සෙ වම් පැත්තෙන‍් කර්සර් එක තියල ස්පේස් බාර්එක ඔබනව. ඔබාගෙන ඉන්නකොට තිත් තුන තදවෙලා මැද එක උඩට පනිනව. හරිම සරළයි. හැබැයි වැඩිපුර තදකරගෙන හිටියොත් තිත් තුන එකක් උඩ එකක් විදියට පේලියට එයි. :)

      Delete
  15. 1.මේ ලොජික් වලින් ඇතමුන්ට රිදෙනවා ඇත.
    2. ඒ ඇත්තන්ට රිදෙන්න ලොජික් දාන එවුන්ට පිටරටින් ඩොලර් කුට්ටි ලැබේ.
    ∴ රාජ්ටත් ළගදීම ඩොලර් කුට්ටියක් ලැබේ ( එතකොට බාර් වැහුවත් හැමදාම බොන්නත් පුළුවන්ය ලැම්බෝගිනියක් ගන්නත් පුළුවන්ය)

    ReplyDelete
    Replies
    1. ඔව්. එදාට මහින්ද අබේසුන්දරගෙ විමසුම වගේ එකක් ලියාගෙන ඉන්ට බැරියැ.

      Delete
  16. 1. විජයදාසද රාජපක්ෂ කෙනෙකි.
    2. රාජපක්ෂද විජයදාස බලන්නට ගියේය.
    විජයදාසද රාජපක්ෂ කෙනෙකු නිසා වෙඩි තිබ්බේද රාජපක්ෂ කෙනෙකි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මෙන්න විචාරක මහත්තය කියන කතා. අපි නං ඕන දන්නෙ නෑ.

      Delete
    2. පැන්සොන් එක බලාගෙන මහත්තයෝ ...
      දැක්කනේ කොලබින් අක්කරයක් දෙන්න
      හදද්දී එපා කියල වෙච්ච දේ...

      Delete
  17. මචන් චන්දෙ දීපු කිසිම කෙනක් දැන් හොයාගන්න නැහැනේ...
    නියම ලොජික් ටික රාජ්.ඔය ලොජික් සෙල්ලමෙන්
    තමා මේ රටක් ගෙනියන්නේ..ඕවට ඔහොම
    අඩු තක්සේරුවක් දෙන්ට එපා ළමයෝ..
    අපී ජීවනාලිය තමා බොල ඔය ..

    ReplyDelete
  18. මචන් චන්දෙ දීපු කිසිම කෙනක් දැන් හොයාගන්න නැහැනේ...
    නියම ලොජික් ටික රාජ්.ඔය ලොජික් සෙල්ලමෙන්
    තමා මේ රටක් ගෙනියන්නේ..ඕවට ඔහොම
    අඩු තක්සේරුවක් දෙන්ට එපා ළමයෝ..
    අපී ජීවනාලිය තමා බොල ඔය ..

    ReplyDelete
  19. හැම ප්‍රශ්නයකටම පැති දෙකක් ඇත.
    එකක් හරි පැත්තය.
    අනික රාජ් ගේ පැත්තය.

    අන්න ලොජික්!

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණයට පැති තුනක් ඇත. එකක් විජේගේ සහ විපක්සයේ පැත්තය. අනික ආන්ඩුවේ පැත්තය. තුන්වෙනි එක හරි පැත්ත වේ.

      Delete
  20. කාලෙකට පස්සේ ඇවිත්, කට්ටියගේ ලොජික් බලලා හොඳටම හිනා උනා.
    තාම අර තිත් තුන තියාගන්ට බලනවා...:-)

    ReplyDelete
  21. එම නිසා තිත් තුන තියන්නට ටුයි කරමින් සිටිමි.. ඒත් බැරිය..
    හැබෑටම ලොජිකලි.. කොහොමද ඒක කරන්නේ...

    ReplyDelete
  22. අම්මපා අපිට වැරදිලා නැත..මෙය නම් මල පැනලම ලියපු එකක් තමා..මෙරි ක්‍රිස්ට්මස් මෙව්වා එකක් වෙන්න ඕනෑ

    ReplyDelete
  23. 1.රටේ "සමහරක්" දේශපාලඥයෝ බොරුම දොඩති.
    2.රටේ "සමහරක්" මහජනයෝ ඒවා බොරු බව දැන දැනම පිළිගනීති.
    ∴ සමහරක් දේශපාලඥයෝ සහ සමහරක් මහජනයෝ හරක්ම වෙති.

    ReplyDelete
  24. දේශපාලුවෝ ඡන්දය ඉල්ලයි........
    ඡන්ද දායකයෝ ඔඋන්ව පත් කරයි........
    දේශපාලුවෝ අපිට කෙලවති........
    අපි උඩ බලාගෙන කෙලගසාගනී.........

    ReplyDelete
  25. Replies
    1. ඉඳලා, ඉඳලා මේ පැත්තේ ආවාම තිත් තුනක් ගහලා බේරෙනවා නේද? :D:D:D

      Delete
  26. මේක නම් සිරාම පෝස්ටුව. සරලයි පුදුමයි.. ලංකාවටම උචිතයි..

    //මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අගවිනිසුරුතුමියට කුනුහබ්බෙන් බනින්න.//

    පව් කිරි බන්ඩි මාමා ඒ කාලේ අඨිකරනෙට පුක කියලා හිරේ දුක් වින්දේ :(

    ReplyDelete
  27. දේහපාලකයෝ ලැම්බොගිනි වලින් යති..
    අපි ඒ බලා හූල්ලති...
    හේහහෙ ඒක නෙමෙයි. බොන්න බාර් වහපු එක නම් හොඳ වැඩක් නෙව. මතට තිත...

    ReplyDelete
  28. කෝල් කරන්න එපයි බං මේ වගේ හොඳ දවසක.. අනේ මන්ද ලොක්කත් දැං මඤ්ඤංමයි කෙලින්නේ....

    ReplyDelete
  29. 1.චන්ද්‍රිකාව යවන ව්‍යාපෘතිය පිටිපස්සේ ඉඳං ඔක්කොම ප්ලෑන් කළේ මම
    2.චන්ද්‍රිකාව චීනෙයි අපේ පෞද්ගලික ආයතනයකයි එකක්.රජයේ සම්බන්ධයක් නෑ
    ∴ චන්ද්‍රිකාව ගියා ගියාමය.වෙච්ච දෙයක් නැත.

    ReplyDelete
  30. කොකාගෙ යස සුද පෙනෙන්නෙ
    ඉගිලී යන විටලු

    රූපසිංහ මාස්ටර් ගායනා
    කලා වගේ

    වැදගතුනට උගතුනට ගරහන සමාජය
    පාඩම් ඉකමනටම ඉගෙන ගන්නව

    උගත් කමයි වැදගත් කමයි
    මුදලට ගන්න පුලුවන් දේ නොවෙයි

    ReplyDelete
  31. රාජ්,
    ගොයම් කොළෙත් මිනී මරපු රටක් නෙ මේක.

    ReplyDelete
  32. ලොජික් ටික නම් මරු.
    අර හලාල් කතාවට නම් මම එකඟ නැත !

    ප.ලි. - තිත් තුන තියන විදිහ කියාදෙන්න බැයි ද

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියවල නෑ ෙන්ද? උත්තර තියනව ප්‍රශ්න දෙකටම.

      Delete
  33. මට ලොජික් බෑ.. වයිෆ්ගෙන් අහන්න ඕන... :)

    ReplyDelete
  34. මටත් ලොජික් බැහැ මේවා කියවලා ඔන්න ඔහේ ඉන්නවා.
    සුභ නත්තලක් රාජ් අයියා

    ReplyDelete
  35. හැම දෙයක්ම ලොජික් ලොජික් නැත්නම් වැඩක් නැත.

    ReplyDelete