Monday, December 3, 2012

මගේ අප්සට් ගී විචාර

සමහර සිංදු තියනව කොච්චර සාහිත්‍ය රසයක් තිබුනත් අමුවෙන්ම අදහස ගත්තොත් පට්ට චාටර්. ඒ ගැන ඔන්න අද මගේ අප්සට් ගී විචාරය.
මුසාවාදෙ කැඩෙන සිංදු.
වැඩිම බොරු ගනනක් තියන සිංදුව මොකක්ද කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ මොකද්ද?

නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුලෙන් රුවල් දමාලා........
බාලොලියා මල්නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නඟාලා.......

බලන්න කියන බොරු කන්දරාව! ඕකෙ අනිත් ටිකෙත් තියෙන්නෙ ඔයවගේම බොරු තමයි!

අසාධාරණ යෝජනා.

මෙන්න මේ සිංදුව බලන්න.

මාගේ පැලේ අඳුර නසන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ'දුර එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

මෙයා හිතං ඉන්නෙ බැඳිල්ල කියන්නෙ ලේසි පාසු කටයුත්තක් කියල. අනේ පවු! අනිත්එක මේවගේ එකෙකුට ලැජ්ජ නැතුව කෙල්ලෙකුට කතාකරන්න පුළුවන්ද?

උපන් රටෙන් අඟලක් නැත මගෙයි කියන්න
මම අසරණයෙකි අතරමං වුන
මේ ඉර හඳ දෙකටත් බැරි විය අඳුර මකන්න
මම තරුවක් වෙමි අහසෙ පාවෙන

ඉන්න තැනක්වත් නැති එකා ගෑනිට කතාකරන්නෙ නිකං අහසෙ ඉන්න වගේ. හැබැයි අන්තිම කෑල්ලෙදි ඌ පොඩ්ඩක් විතර සාධාරණ ටෝක් එකක් දෙනව මෙන්න බලන්න.

රූප රාජිණියො කුමරියො මම හොයන්නෙ නෑ
ඉඩම් කඩම් මම බලන්නෙ නෑ
කුල මල දෑවැදි කිසිවක් මම තකන්නෙ නෑ
කුලවත් ලළනාවක් තාම දැක්කෙ නෑ

මං නං හිතුවෙම දෑවැද්ද එක්ක එලකිරි කෑල්ලක් ඉල්ලයි කියල. හැබැයි තමුන් ගැන පොඩි හරි තක්සේරුවක් මෑන්ට තිබිල තියනව.

මේ සිංදුව අහද්දි මට මතක් උන අනිත් සිංදුව තමයි මේක. අන්න එතනදි නං මෑන් සර්ව සාධාරණයි.

පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ රටවටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි දන්ඩිය අත්තෙන් අත්තට මාරුවෙනා

කෙල්ල කෙලින්ම ගස් නැගල දෙල් කඩන්න පුළුවන් ගෑනි. එහෙව් ගෑනිට කතා කරන්නෙත් ඉස්සෙල්ල වගේ ඉන්න හිටින්න තැනක් නැති නිකමෙක් නෙවේ මෙන්න මේවගේ ඩයල් එකක්,

ඉන්න හිටින්නට ගේදොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්න කියන්.....

කොල්ල වැවක් ලඟ ඉන්න ගොයිතැන් බතක් කරගෙන අම්මත් එක්ක ජීවත්වෙන එකෙක්. ඌ කියන්නෙ අම්මට බය නැතිවෙන්න කියල විතරයි. උන් දෙන්න නං ටක්කෙටම කැපෙනව.

අතාර්කික සිංදු

මේක ඉස්සර කාලෙට හරි ගියාට අදට හරියන්නෙ නැති සිංදුවක්.

රණබිම මැරුනේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.......
සතුරට ලය දී මිස මැරුනේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.....

මේකෙන් කියන්නෙ සිංහල සෙබලගෙ තියන නිර්භීත බව කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉස්සරහ බලාගෙන යන නිසා පිටේ වෙඩි සලකුණ නෑ කියලයි කියන්නෙ. ඇත්තටම ඒක එහෙමද? නෑ! මේක හරියන්න තිබුන දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ දුණු ඊතලවලින් සෙල්ලම කරද්දි නං. අද කාලෙ ටී පනස්හයේ බුලට් එකක් පපුවට වැදුනොත් පිට පැත්ත ගලවගෙනයි මතුවෙන්නෙ. එහෙම බැලුවම වැඩියෙන් ලේ තියෙන්නෙ පිට පැත්තෙ තමයි. බොරුනං විචාරක මහත්තය කියයි. අනෙක තුවක්කු අරගෙන හිටගෙන ඉස්සරහට යන සිරිතක් අද නෑ නෙව. රණබිම මැරෙන උදවියගෙ කෑලිත් නෑ සමහර වෙලාවට.

අනිත් අප්සට් සිංදුව තමයි
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ....
ටිකිරි හසරැලි බොලඳ සිතුවිලි මෙහි තිබේ හොඳ ආදරේ....

හැබැයි සිසිර සේනාරත්න මහත්තය මෙහෙම කිව්වට, හැන්දෑවට දෙකක් දාගෙන ඇවිල්ල ගෑනිට ළමයින්ට නෙලන එවුන් වැඩියෙන්ම ඉන්නෙ පිදුරු ගෙවල්වලම තමයි. අනිත්එක මහ මන්දිර වල සාමෙ නෑ කියන්නෙ කොහොමද! කොටින්ම ගෙදර, පිදුරුද මහ මන්දිරද කියනඑක සාමෙට බලපෑමක් ඇත්තෙම නෑ. අනෙක මේ සිංදුවෙන් කියන සුන්දර ගම්මාන අද බොහොම අඩුයි.

අදට එපමණය. මේ, අධික රාජකාරී හේතුවෙන් මේ මාසයට ලියවෙන පළමු සහ අන්තිම ලිපියයි. ඔබේ ලිපි කියවීමට නොලැබීම දුකකි. නව වසරේදී හමුවෙමු!

67 comments:

  1. අහෝ දුකකි ඉරකි තිතකි.. හි හි....

    ReplyDelete
  2. නියම ම විචාරයකි.:D එහෙනම් පස්සේ හමුවෙමු. ජය!!

    ReplyDelete
  3. ආහ්............රාජ් අයියා... මම අදමයි මේ පැත්තේ ආවේ... මරැ විග්‍රහය ඈ....

    ReplyDelete
  4. අයියො ඒ මොකද ගොයියො පලමු හා අවසාන එක උනේ තාම මාසෙ පටන්ගත්තා විතරයි

    ReplyDelete
  5. හික්ස්.... මරු ගී විචාරේ.... මට හිනා වෙලා පනත් ගියා..... :)

    ReplyDelete
  6. වලහ කාපිය කියන්ට වෙනව තුන් වෙනිද මාසෙ ඉවර කරන්ට හදනකොට. නිවඩුවක් දාල වත් පෝස්ටුවක් කොටහන් අයියේ

    සින්දු ටික නම් පස්ට, අර "මට ඔබ ඔබ මට පෙම් කල තරමට" කියලත් සින්දුවක් තියෙන්නෙ.

    ReplyDelete
  7. නියම විචාරයක් තමයි.

    ReplyDelete
  8. කවදාවත් දැක්කෙ නැති විදියේ විචාරයක්.. අලුත් විදියට හිතපු එකක්.. හික් එල කිරි..

    ReplyDelete
  9. අලුත් විචාර කාලාවක් වගෙයි...

    ReplyDelete
  10. කාලෙකින් නේද ලිව්වේ?? සුපිරි විචාරයක් ඈ... අම්මපා සම්මාන දෙන්න එපැයි මේවට!! එල එල..

    ReplyDelete
  11. මම පුලුවන් උනානම් උඹව බිබිසියේ ගීත විකාරක අංඝයවට දානවි..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  12. අර පළවෙනි එකටනම් ඉස්සර ඉඳලම අපි කිව්වෙත් වැඩිම බොරු ගානක් තියෙන සින්දුව කියලා තමා... හි හි...
    තව තියෙනවා ඇහෙන‌ෙකාට කියන එකාගේ හොම්බට හැටක් නෙලන්න හිතෙන ජාතියෙ සින්දු.. මතක් වෙන්නෙ නැති හින්දා හොදයි... හි හි...

    ReplyDelete
  13. අදමයි මෙහෙම හිතුවෙ මේ සිංදු ගැන. හික් හික්.

    ReplyDelete
  14. මාර විචාරයක්නේ.......මරේ මරු..මේ වගේ ලිපි කියවන්න ආසයි.

    ReplyDelete
  15. මේකා රට පනින්නවත්ද?

    ReplyDelete
  16. අඩ්ඩඩ්ඩා...නියම විචාරේ...අර රණ බිම මැරුනේ " සින්දුව ගැන නම් මමත් ඔය විදියටම හිතුවා. ඇයි දෙයියනේ වෙඩි තිබ්බම කඩාගෙන යන්නෙ පිට පැත්තෙනේ...

    ReplyDelete
  17. අයියෝ සැලරි කිව්වලු.............

    මාගේ පැලේ අඳුර නසන්න
    හිතෙනවා මනාලියක් ගෙනෙන්න
    නිවසේ'දුර එළිය කරන්න

    යකෝ මේකට කෙල්ලෙක්ම ඕනේ නැහැනේ රාජ් අයියේ ටියුබ් ලයිට් එකක් බැන්දනම් හරිනේ ඔච්චරටම එලිය ඕනෙනම්. හිකිස්.......

    ReplyDelete
  18. හංගිලා හිටහං....! අළුතෙන් අර සුපර්ස්ටාර් එකේ ජජ් බෝඩ් එකට ගොබිලයෝ ටිකක් හොයනවළු....!

    ReplyDelete
  19. මාර විචාර ටික අයියා! :)

    ReplyDelete
  20. රාජ් අයියට සිංහල සින්දු ගැන පුදුමාකාර දනීමක්නේ තියෙන්නේ.කවදා හරි සුපර්ස්ටා ඩ්‍රීම්ස්ටා වගේ එකක් විනිශ්චය කරන්නත් එන්න කියයි.

    ReplyDelete
  21. අනේ අනේ රාජ්, අන්තිමට ඔයා මේ අහක ඉන්න මාවත් පටලවා ගත්තනේ. රයිෆල් උණ්ඩයක ක්‍රියාකාරිත්වය මම මගේ පතරොමක කතාව ලිපියේ දක්වා තියනවා. ඔබ කියන විදිහට රයිෆල් උණ්ඩයක් ඇතුළු වෙන තැනට වඩා පිටවන තැන තුවාලය විශාල බව ඇත්තයි.

    නෑ නෑ මෙහෙමයි. චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ඔය ගීතය කියන්න ඇත්තේ උත්ප්‍රාසය (මොකක්ද ඒ කුණුහරපෙ කියලනම් අහන්න එපා) ජාත්‍යාලය (1983 එක නෙවෙයි) දේශානුරාගය, වැනි හැඟීම් වර්ධනය කරන්නයි. ගීත රචනා කලාවේ අතිශයෝක්තිය බහුලව දැක්වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේදී අහපු, ලංකාව ගැන වර්ණනා කරන ගීතයක තියනවා 'වියලුනු දණ්ඩක් දළු කොළ මල් ලා එක රැයකදි පැළවේ' කියලා. වියලුනු දණ්ඩක් ආයෙත් පැලවෙන්නේ නෑ කියලා කවුද නොදන්නේ. නමුත් ඉතින් ලංකාවේ පොලොව එච්චර සශ්‍රීකයි කියන්නයි එහෙම ලියලා තියෙන්නේ.

    හැබැයි මම කැමති යතාර්ථවාදී ගායකයා ප්‍රියා සූර්යසේන. ප්‍රියා කියනවා, අඳුර අඳුර මගේ, සොඳුර සොඳුර මගේ, නොයනු මැනවි දා, තනිකර එළියේ. මේ මොකද කියන්නේ? එයා සොඳුරට කියනවා, අනේ සොඳුර, තනිකර එළියේ දාගෙන යන්න එපා, (ටිකක්හරි වහගෙන යන්න)කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක


    ReplyDelete
    Replies
    1. මෙන්න විචාර

      Delete
    2. මේකත් අර මම ළඟදී ලියපු එඩ්වඩ් ජයකොඩි මහත්මයා කියන "ජීවත් වෙනවා නම්මා වෙනුවෙන්" කියල තියෙන එක වගේ.

      Delete
    3. විචාරක කියන්නෙ නිකමටද ඈ... :D

      Delete
    4. විචාරක මහත්තය පටලවාගත්තට පාඩුවක් වෙලා නෑ වගේ. ඔය දීල තියෙන්නෙ නියම විචාරයක්.

      Delete
    5. විචාරක තුමා ඊළග වටයට යවන්න පුළුවන් උඩින්ම

      Delete
    6. එතකොට විචාරක මහත්මයා, "මට මුළු ළොවම ඔබයි" ගීතය ගැන ඔබේ අදහස.....?

      Delete
    7. ඉඳ හිට මමද ඔබයි........................

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    8. රාජ් ගෙ පොස්ට් එකේ ඉතිරි ටික මේ තියෙන්නෙ , මරුනෙ

      Delete
  22. අහ්හ්... සුපිරි විචාරයක් නේ.! :)

    ReplyDelete
  23. මේවනෙ යකෝ විචාර කියල කියන්නේ..

    ReplyDelete
  24. හෙහ් හෙහ් පට්ට විචාරේ. නියම අදහස. මොකෝ මේ මාසයක් නිවාඩු දාගෙන? වැඩක්වත් ද ;) ?

    ReplyDelete
  25. මාසයක් නිවාඩු........... ඒ කතාව නම් ඇල්ලුවේ නැ..... මොකද පෑලේ අදුර නසන්න හදනවද ඉතින්... ( රාජ් බැදලා නේද ඉන්නේ ) හ්ම්ම්ම් මෙහෙම හිතුවෙම නැනේ කවදාවත්... ජයෙන් ජයම වේවා

    ReplyDelete
  26. අනේ රාජෝ උඹේ විචාර...ඈ බං දුටුගැමුණු යුද්ධ කරද්දී උන්ඩ දැම්මේ ඊතලේටද?

    කොහොම වුනත් ලිපිය නම් සිරා ඈ...

    අළුත් අවුරුද්ද උඹට සුභා වේවා! උඹට බ්ලොග ඇදගෙන යන්න වෙලාව සෙට් කර නොදෙන ප්‍රා.ලේ. ට කියපං උඹට විවේකයක් නොදුන්නොත් අපිත් ලෙමන් පෆ් උපවාසයක් හරි කරනවා කියල.

    ReplyDelete
    Replies
    1. නෑ බං දුටුගැමුණු කාලෙ ඊතල වලින්නේ යුද්ධෙ කරන්නෙ. පිටිපස්සට වදින්නෙ නං දුවන එකාටයි.

      Delete
  27. උඹලා කරන වැඩ නිසා සින්දුවක් කියන්නත් බයයි බං
    බීටල්ස්ලගෙ සින්දුවක් තියෙනවා
    Eight days a week,
    I looooooooooove you.
    ඒ තරම්ම ආදරෙයි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  28. In parata kittuwa song, boy is asking girl's mother to not to be afraid about girl's future by the statement "ammata baya nathi wenna kiyan as he can provide her food , shelter etc.".
    (sorry cant type in sinhala)

    ReplyDelete
    Replies
    1. AnonymousDecember 4, 2012 12:51 AM +1

      Raj thinks that all mothers are monsters are like his mother :-)

      Delete
  29. අර පාරට කිට්ටුව එකේ තියන සුළැඟිලි දණ්ඩිය කියන්නේ මොකක්ද කියලා මට තාමත් තේරෙන්නේ නෑ. ඇයි අප්පා අර "කඳුල ඉතින් සමා වෙයන්" සින්දුව ගැනත් මොකක් හරි කියන්නේ. සික් විතරක් ඌ නම්.

    ReplyDelete
    Replies
    1. ඒකේ විෂුවල් එක ඊට හපන්.... ඉකේයියා!

      Delete
    2. සුලැඟිලි දන්ඩිය කියන්නෙ මුද්දක් වෙන්නෝන. ඒක අත්තෙන් "අත්තට මාරු වෙනව" කියන්නෙ මේ ගැල්ලමයගෙ අත වැඩකරන වේගය පෙන්නුම් කරනව.

      Delete
  30. වැඩිම නම් ගණනක් තියෙන සිංහල සිංදුව මොකක්ද කියල ඇහුවොත් මෙන්න මෙහෙම කියන්න

    මාලා - කරුණා - දයා - ගුණේ
    සැමදා සැමටම බෙදා - සෙනේ

    ReplyDelete
  31. මේක මම මේ බස් එකක සිංදු කියන මල්ලි කෙනෙක් ගෙන් අහපු සිංදුවක්... චාමර වීරසිංහ ගේ සිංදුව මෙහෙමයි.

    ගුරු ගෙදරට සැමදා යන මව්පියො අතරේ
    කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
    උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ
    පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ

    මල්ලි කිව්වේ මෙහෙමයි.....

    ගුරු ගෙදරට සැමදා යන මව්පියො අතරේ
    කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
    උප්පැන්නේ පියාගේ නම "ලියනසූරිය"
    පියාගෙ නම "තිලක්" උනේ කොහොමද අම්මේ

    අපිත් ඔන්න නිවාඩුවක් ගිහින් ආවා... උඹ එහෙනම් වැඩ රාජකාරි ටික එකලාසයක් කොරගෙන වරෙන්කෝ.... සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්ව ඔන්න....

    ReplyDelete
  32. මුසාවාද වෙන්න හරි, අසාධාරන යෝජනා වෙන්න හරි පරන සිංදු වල වචන ටික හරි පැහැදිලිව ඇහෙන්වා...මේ අළුත් සින්දු වල වචන තේරෙන්නෙම නෑනේ,,,,,

    ReplyDelete
  33. මරු ලිපිය මචෝ.. සහතික ඇත්තම තමා..... කළාවේ තිබෙන රසයත් එයයි...

    ReplyDelete
  34. මරු විචාර ටික..

    මෙන්න මේක ගැන මට ඔය සිංදු ගැන කල්පනා කරනකොට හිතුන දේකුත් මෙතන දාන්නම්කො..
    රණබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.......
    සතුරට ලය දී මිස මැරුනේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..

    මෙන්න මෙතන නිර්බිත සිංහලයෙක් මැරුනොත් රණබිමේ ලේ පැල්ලම් තියෙන්නේ පපුවේ.. පිටේ තිබුනොත් බය ගුල්ලෙක් .. එකනේ කියවෙන්නේ .. එත් බිය ගුළු ත්‍රස්තයෝ පිටි පස්සෙන් ඇවිත් පිටට වෙඩි තියලා දිව්වොත් එතකොට පිටේ ලේ පැල්ලමක් තියෙන රණවිරුවාට කියන්නේ මොකක්ද ...(මට ඔය සින්දුව ඇහෙනකොට ඉස්සර ඉදලම ඔය විදියට හිතෙනවා බං )

    ReplyDelete
  35. රාජ් තුමෝ උ/පෙල සිංහල අමතර පන්ති එහෙම දාන්න අයිඩියා නැද්ද???‍
    ඕං එහෙනං කලින්ම සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා. !!

    ReplyDelete
  36. සුසුදු හංසයෝ විලෙහි සරති
    රසය ඇති තැන් කොහෙද සොයති
    දෑත විහිදා එන්න අදුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ

    හංසයෝ අල්ලන්න කලුවරේම එන්න කියන්නේ මොකටද බන්. විලේ ඉන්න හංසයෝ දවල්ට පැනලා යනවද?

    ReplyDelete
    Replies
    1. දවල් හංසයෝ අල්ලන්න හදලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි ඉතින් අත්දැකීමෙන් කියන්නේ. !!!!!!!!!!!!!

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. මන් හිතන්නෙ දවල්ට හන්සයො පාත්තයො වගේ පේන්නෙ එකයි

      Delete
  37. අමුතුම විචාරයක්, ඒ වගේම ලස්සනයි. මට මතක් උනේ // ආවාට තිබුනාට ජීවිතෙන් // සිංදුව

    ReplyDelete
  38. උඹල වගේ වුන් හැංගිලා ඉන්නේ රටේ අවසානවට. මේවා නේ නියම විචාර.

    ReplyDelete
  39. මේ විචාරය කියවද්දී මතක් වුණේ ජයවිලාල් විලේගොඩ යන්ගේ විචාර කලාව. ඇත්තටම මේ සිංදු වල තියෙන්නේ සංගිතයේ රසය මිසක් වචනාරථ නොවෙයි. බොහොම හොද පෝස්ට් එකක්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  40. ජීවිතේටම කියවපු මේ ජාතියේ පලවෙනි ගීත විචාරය. ඉල ඇදෙන විචාරයක්. හොඳ වෙලාවට ටිකක් ලියලා නැවැත්තුවේ, නැත්නම් තෙල් බෙහෙත් ගාගෙන තමා නතර වෙන්න වෙන්නේ :D

    ReplyDelete
  41. විචාර සියල්ලම බොහොම නිර්මාණාත්මකයි... එහෙනං ඉතිං නව වසරේදී හමු වෙමු... ජය !

    ReplyDelete
  42. හිමගිර මට වැලි අහුරකි - මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි - ඔබ සැනසේ නම්...

    පිණි බිදකින් මුතු අමුණමි - දිනිසුරුගෙන් සීතල දෙමි
    කඩුතුඩු මත සැතපෙන්නෙමි - ඔබ සැනසේ නම්...

    මෙව්වත් ඉතිං ගල් පැලෙන කෙප්පනෙ බන්... ;)

    ReplyDelete
  43. මුසාවාද සින්දු අතාර්කික සින්දු උනත් පරණ් සින්දු වල වචනටික එකතු කරලා ගත්තාම මොකක් හරි තේරුමක් තියෙන දෙයක් කියවෙනවා. ඒත් සමහර අළුත් සින්දු වල තේරුමක් ඇත්තෙම නැහැනේ.

    ReplyDelete
  44. ලොල් ඈ :)


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  45. මම මේ පැත්තේ ආවේ අදමයි...
    විචාරයට නම් මම හදවතින්ම ලයික්ය.. හිහි...ආයෙත් එන්නම්..ජය!!

    ReplyDelete
  46. උඹ ඕනම් සින්දුව ගැන දාලා නෑනේ බං....සමිතා අක්කි කියන "පතිනි මවුන් මට දන් දුන් පතිනි බලය නුඹ අරගන්...."( හයියෝ මනී..........)
    තව ඕනි නම් "ආලෙන් වෙලා ගන්න (මළ ) කෝලං" කරපු හැටිත් කියන්න පුළුවන්...ලොල් පහයි....

    ReplyDelete
  47. ඇවිලුනු ගිණිදැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා...( පිච්චිච්ච බඩුවක් හොයාගෙන )

    පිට දීප දේස ජය ගත්තා..ආදි සිංහළුන්..( පට්ට බොරුනෙ. එක රටකට ගහල නෑ, කාල මිසක )

    ReplyDelete
  48. මේක දැක්කම මටත් හිතෙනවා සිංදුවක් ගැන මොනව හරි ලියන්න.

    ReplyDelete