Thursday, May 23, 2013

වෙසක් සිතුවිලි!

කාර්යාලෙ කස්ටිය බහුතරයක් අද සිල්. එකතැනක ඉන්න තියන අමාරුවත් වාහන ලයිසන් දෙන නුපුහුණු ළමයට සපෝට් එකක් විදියටත් මංතුමා පුරුදු පරිදි වෙනද ගන්න සීලෙන්. සිල් ගැන කිව්වම මතක් උනේ කතන්දරකාරයගෙ පංචසීල තියරිය.

Ppp> Pad> Pkm> Pmw> Psm

සමහරු මේකට විරුද්ධ වෙලා තිබුන බුදු දහම විකෘති කරනව කියල. තවත් සමහරු අහල තිබුන මේක ගත්ත විදිය මොකද්ද කියල.
බුදු හාමුදුරුවො කියපු බොහෝ දේවල් තර්කාණුකූලයි. ඒ වගේම අලුත් ගැටළුවක් පැන නැඟුනොත් ධර්මයේ මූලික සිද්ධාන්ත වලින් විසඳන්න පුළුවන්. අර ගණිතයේ තියන අපෝහන ක්‍රමය වගේ. කවුදෝ හාමුදුරු කෙනෙක් ලියපු “බුදු හාමුදුරුවෝ” කියන ප්‍රසිද්ධ පොත කියවපු කවුරුහරි ඉන්නව නම් මතක ඇති, ඒකෙ ලියවිලා තියෙන්නෙ බුදු හාමුදුරුවන් තුල තිබුන යම් යම් ගති ලක්ෂන සහ ඒවාට උදාහරණ. උදාහරණයක් විදියට ඒකෙ තියනව බුදු හාමුදුරුවෝ කියන්නෙ හොඳ මනෝ වෛද්‍යවරයෙක් කියල. ළමය මළ ශෝකයෙන් තමුන් ලඟට ආපු කිසාගෝතමීට දුන්න ප්‍රථිකාරය, තමයි සාධකය.

ආයෙත් මාතෘකාවට ආවොත් මම කිව්වෙ අපෝහනය කිරීමේ ක්‍රමය ගැන. යම්කිසි ක්‍රියාවක් කල යුතුද නැද්ද යන්න තමුන්ටම තීරණය කිරීමේ ක්‍රමයක් බුදු හාමුදුරුවො කියල තියනව.
“යම් ක්‍රියාවකින් තමන්ට-අනුන්ට යහපතක් වේනම් එය කිරීම සුදුසු බවත් තමන්ටත් අන්‍යන්ටත් අයහපතක් වේ නම් එය නොකිරීම සුදුසු බවත්” තමයි කෙටියෙන් කිව්වොත්. ඔය තියරියට දාල බැලුවම පස් පව් අතරින් වඩා අයහපත් ප්‍රාන ඝාතය. ඊට පස්සෙ සොරකම, වැරදි කාම සේවනය, බොරුව සහ සුරා පානය ආදී වශයෙන් ගන්න පුළුවන්. හැබැයි තමුන් කියන බොරුවක් නිසා තවත් කෙනෙක් මියයනව නම්, මියයන බව දන්නව නම් එතනදි කේස්එක සංකීර්ණයි. අකුසල් සෙට් එකෙන් අන්තිම එක, සුරා පානය එච්චර ප්‍රභල නෑ කියල මටත් හිතෙනව.(දී කිරට සාක්කි කියන බළල්ලු?). ප්‍රානඝාත, අදත්තාදාන,.... හතරටම අදාලව අකුසල් සිදුවන ආකාරය බුදු හාමුදුරුවො කියල තියනව. ඒ කියන්නෙ ප්‍රානඝාතයට නං පනඇති සතෙකු වීම, ඒ වග දැනගැනීම, චේතනාව පහලවීම, උපාය යෙදීම, මැරීම....ආදී වශයෙන්. සුරාව සම්බන්ධයෙන් ඔයවගේ චේතනා-ක්‍රියා මූලයන් විස්තර කරල නෑ. ඒ වගේ වෙලාවට තමයි මම මුලින් කිව්ව තියරියට දාල සුරාව නරකයි කියල ඔප්පු කරන්න වෙන්නෙ. කොහොම උනත් ප්‍රශ්න නොකිරීමට තරම් අධික ශ්‍රද්ධාව පැත්තක තියල මේව ගැන කල්පනා කිරීම-සංවාද කිරීම මට නං බොහොම සුන්දර අත්දැකීමක්.

මම කිව්ව අපෝහනය කිරීමේ ක්‍රමවේදයෙන් ඔප්පු කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනව. පහුගිය කාලෙක කතිකාවක් ආව ජාතික ගීය කියද්දි හාමුදුරු කෙනෙක් නැඟීසිටින්න ඕනද කියල. අන්තිමට මේක මහානායක හාමුදුරුවන්ගෙන් අහන්න ඕන කියන තත්වයට පත්වුනා. පැවිදි වූ කෙනෙක් කියන්නෙ ලෞකික දේවල් වලින් ඈත්වෙලා තම ‘අරමුණ’ කරා යන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට කොයින්ද ජාතිකත්වයක්? ජාතික ගීයට තියා මොන මඟුලටවත් නැගිටින්න ඕන නෑ එහෙම කෙනෙක්.

සංඝ්‍යාවහන්සේලා සම්බන්ධ වාද විවාද වලදි බොහෝදෙනා මතුකරන තර්කයක් තමයි “පුළුවන් නම් සිවුරක් දාගෙන බලන්න, කොහොමද ර‍ඟේ කියල” කියනඑක. මූලික අර්ථයෙන් බැහැර වෙලා පැවිදි උනාම තමයි ඔයවගේ කේස් වෙන්නෙ. එහෙම උදවියට ජාතික ගීය ඇහෙනකොට නැඟිටින්න හිතෙනව නං පුදුම වෙන්න දෙයක් නෑ.

මම සාමාන්‍යයෙන් ටීවී එකේ යන හොදයි කියල හිතෙන ධර්ම සාකච්ඡා බලනව. ඔන්න සමහර වෙලාවට සමහරු කතාකරල හාමුදුරුවන්ගෙන් අහනව මේවගේ ප්‍රශ්න,
“හාමුදුරුවනේ මම ඇවිදිනකොට කඩියෙක් පෑගිලා මැරුණ. හැබැයි පෑගෙන්න කලින් මම ඌව දැක්ක. ඒත් වලක්වාගන්න බැරිවුනා, මට අකුසලයක් සිදුවෙනවද?”මේව බුදු දහමේ මූලික තියරි වලින් විසඳගන්න පුළුවන් ප්‍රශ්න. ඒත් මේවත් ප්‍රශ්න බවට පත්කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නව.

*************************************************************************************

ටික දවසකට කලින් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා අපූරු නියෝගයක් දුන්න. වෙසක් කූඩු, දන්සැල්, තොරණ, ආදී කාරණා කීපයක් සම්බන්ධව. කොහොම උනත් වැඩි වෙලාවක් යන්න කලින් ඒක සංශෝධනය කරන්නත් උන්නැහේ පියවර ගත්ත. බොදුබල හාමුදුරුවරුත් වේවැල් අරගෙන පාරට බහින්න ලෑස්ති කතාවක් කියනව. වෙසක් කූඩු විකිණිල්ල, ඔලුබක්කො නැටිල්ල.... වගේ දේවල් හොඳ නෑ කියලයි එයාල කියන්නෙ. මිනිස්සුන්ට අද තියන විවේකයත් එක්ක බැලුවම වෙසක් කූඩුවක් හදන්න වෙලාවක් නෑ. අවුරුද්දට කැවිලි කඩෙන් ගෙනල්ල කන මේ කාලෙ ඕවට විරුද්ධ උනා කියල වැඩක් නෑ. හැම දෙයක්ම මධ්‍යස්ථව හිතල බලල වැඩකරනව නං තමා හොඳ. විශේෂයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් වගේ කෙනෙක් අන්තවාදී ස්වරූපයකින් කටයුතු කලොත් බුදු දහමටයි හොඳ නැත්තෙ.

වෙසක් දන්සැල් ගැනත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි. බලෙන් එකතු කරල බලෙන් ගිල්ලවන්න හදන දන්සැල් ක්‍රමේට නං මමත් විරුද්ධයි. විශේෂයෙන්ම දන්සැල්වලට ආධාර එකතුකිරීම බොහොම සංයමයෙන් කරන්න ඕන වැඩක්. සමහරු ඉන්නව අනුන්ගෙන්ම අරගෙන දන්සැල් දීල ‘ගොඩයන්න’ බලං ඉන්න උදවිය. දාන ගැන කියද්දි මට මතක් වෙන්නෙ බුදු හාමුදුරුවො ප්‍රශ්නෙකට දුන්න උත්තරයක්.
මට මතක විදියට මුගලන් හාමුදුරුවන් අහනව මෙන්න මේවගේ ප්‍රශ්නයක්.

“ස්වාමීනි, භාගයවතුන් වහන්ස, සමහර මිනිසුන් ධනවත්ව එමෙන්ම පිරිස් බලය සහිතව සිටීමට හේතුව කුමක්ද?”
“සමහර මිනිසුන් ධනවත් නමුත් පිරිස් බලය රහිතව සිටීමට හේතුව කුමක්ද?”
“සමහර මිනිසුන් ධනවත් නොවන නමුත් පිරිස් බලය සහිතව සිටීමට හේතුව කුමක්ද?”
“සමහර මිනිසුන් ධනයෙන්ද පිරිස් බලයෙන්ද රහිතව සිටීමට හේතුව කුමක්ද?”

බුදු හාමුදුරුවන්ගෙ උත්තරේ වෙන්නෙ,

“යමෙක් තම වස්තුව වියදම් කරමින් දානමාන පින්කම් කරයිද ඒ සඳහා අන්‍යන්ද සහභාගී කරගනීද ඔහු ධනවත්ව හා පිරිස් බලය සහිත වේ”.
“යමෙක් තම වස්තුව වියදම් කරමින් දානමාන පින්කම් කලද ඒ සඳහා අන්‍යන් සහභාගී කර නොගනීද ඔහු ධනවත් නමුත් පිරිස් බල රහිත වේ”.
“යමෙක් දානමාන පින්කම් කලද ඒ සඳහා තම ධනය යොදා නොගන්නා නමුත් අන්‍යන් සහභාගී කරගනීද ඔහු ධනවත් නොවුවත් පිරිස් බලය සහිත වේ”.
“යමෙක් දානමාන පින්කම් නොකරයිද අන්‍යන් ඒ සඳහා පොලඹවා නොගනීද ඔහු ධනයෙන්ද පිරිස් බලයෙන්ද හීන වේ”


බැලූ බැල්මට මේක වෙන්න පුළුවන් කේස් එකක්. මේ වර්ග හතරෙම මිනිස්සු ඔහේල දැකල ඇති.

ඕව තමයි මගේ වෙසක් සිතුවිලි. දැනට ඔය ඇති. රයිට් මංතුමා යනව ගිලන්පස බෙදන්න. කියන්න තියන දෙයක් පහලින් ලියල යන්න. ආයේ මගේ සිතිවිලි එක්ක පෑහුනේ නෑ කියල අමනාප නෑ.



76 comments:

  1. මූටත් වෙසක් සිතුවිලි පහල වෙලා නෙව කාලෙකින්

    ReplyDelete
  2. අද බාර් වහලද?

    ReplyDelete
    Replies
    1. නැත. වෙසක් සතිය 21-27 කියල තිබුනට බාර් වහන්නෙ 24-25 විතරයි. වෙනද නං සතියක් වැහුව. මෙදාපාර කවුරු කවුරුත් ගැන හිතල තියනව

      Delete
  3. Replies
    1. මංජුටත් තෙරුවන් සරණයි.

      Delete
  4. මෙහෙම හිතපං.... පොරක් ගෙදර හාමිනේට කියනව අද ඕටී එන්න රෑ වෙනවා කියලා... ශේප් එකේ ලොකු දුවගේ හෑන්ඩ් බෑග් එකෙන් රුපියල් 1000 උස්සනවා... වැඩ කරලා ඕටී නොකර ගිහින් යාලුවෝ එක්ක බාර් එකකට ගිහින් මූ බාගයක් බොනවා... රෑවෙලා යන්න බස් එක එනකං ඉන්නකොට මූට ගණිකාවක් සෙට් වෙනවා... ඒ වැඩෙත් අහවර කරලා ගෙදර එනකොට, ඉස්තොප්පුවේ පොඩි කුරුමිණියෙක් ඉන්නවා, මූ කකුලෙන් පාගලා ඌව මරනවා. ඔතනදි මට හිතෙන්නේ මෙහෙමයි.

    Pkm > Pad > Psm > Pmw > Ppp

    ඒ නිසා පව් වල වර්ගයෙන්ම විතරක් කෝකද වැඩි කියන එක තීරණය කරන්න බැහැ. තව සාධක පාවිච්චි කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ. උඹ වැරදියි. ඉස්තෝප්පුවෙ හිටිය කුරුමිණියා පෑගීම අන්තිමට දාන්නෙ කොහොමද? ඒක ප්‍රාන ඝාතයක්. කරුණු පහම සම්පූර්ණ වෙනව. ඒක සුළු නෑ. මම හිතන විදියට උඹ පටලවාගෙන තියෙන්නෙ 'අකුසලය කරන්න දරන මහන්සිය' ගැන විතරක් හිතීමෙන්. එහෙම නේද?

      පෝස්ටුවේ ලියන්න හිටියත් නොලිව්ව කාරණාවක් උඹ මතු කරනව. ගණිකාවක් ඇසුරු කිරීම පාපයක්ද? මට හිතෙන හැටියට නං නෑ.
      පරදාර සේවනයට අහුවෙන්නෙ වෙන එකෙකුගෙ ගෑණියක් ඇසුරු කිරීමෙන්. කොටු පැනිලි වගේ දේවල් කෙලින්ම ඒ ගනයට වැටෙනව. ඒත් පැය ගනනකට සල්ලි දීල ගන්න ගණිකාවක් ඇසුරු කලොත් පව සිදුවන එක කරුණක් කැපිල යනව. අවිවාහකයෙකුට නං අවුලක් ඇත්තෙම නෑ. වැඩේ කරන්නෙ විවාහකයෙක් නං ටිකක් හිතන්න වෙනව. ඒත් අර කරුණ එසේමයි.

      Delete
    2. කාමයේ වරදවා හැසිරීමයි පරදාර සේවනයයි දෙකක්... නිසි විවාහයකින් කාමයේ නිවැරදි හැසිරීම වුවත් සසර ගමන දිගු කරාට බුදු හාමුදුරුවො එය ගිහියන්ට අනු දැන වදාරලා තියනව....

      Delete
    3. කාමයේ වරදවා හැසිරීමයි පරදාර සේවනයයි දෙකක්//
      සරළ උදාහරණ දෙකක් දෙන්න පුළුවන්ද දෙකක් නං ඒ දෙකෙන්?

      Delete
    4. මචන් බුද්ධාගම පොඩ්ඩක්වත් ඉගෙන ගනින්... සල්ලි දීලා පව් කමා කරගන්න ක්‍රමයක් බුද්ධාගමේ කියල නෑ....

      කොටින්ම බුදුදහමේ ඔය වේටඩ් ස්කේල් එකක් ගැන කියලා නෑ.... පස් පව් නොකරා කියා නිවන් යනවා කියාත් නෑ... පස් පව් ගිහියන්ට ඇති ගයිඩ් ලයින් එකක් පමණයි...නිවන් මගට යන මග ඉන් මහත් සේ අපගමනයවු මගක්....

      ඔබ ඔබට හිමි නොවූ (එය අන් අයෙකුට අයිති නොවූ විය හැක ) කම් සැපක් විදීනම් එයයි අයුතු කම් සැප... මෙයත් බුදුන් වදාල දෙයක් නොවෙයි... මගේ නැණ පමනින් වටහාගත් දෙයක්... කම් සැප නොවිද රාග කෙලෙස් දුරලා නිවන් අවබෝධය තකා කටයුතු කිරීම එයටත් එහා දෙයක්...

      වෙසක් නිමිතිකරගෙන ධර්මය ගැන කතා කිරීමට අවශ්‍යනම් පව් වල ප්‍රාමාණික අගය ගැන විචිකිච්චාවන් දුරලා.. සියලු පවින් ඈත්වී.. හැකිතාක් කුසල් උපදවමින්... සිත දමනය කරමින් (මේවා කරන අයුරු අභිධර්මයේ සදහන්) නිවන් උදෙසා කටයුතු කරන අයුරු ගැන කතා කරන්න....

      Delete
    5. ඉතිං හරිත ඔයටික නම දාලම කියපන්කො

      Delete
    6. මචන් මම හරිත කියන එකෙක් නෙවෙයි... මම ප්‍රොෆයිල් එකක් නැති ඇනෝවෙක්......ඇනෝ ආවාම ඒකෙ පස්සෙ තියන මූණ හොයන්න යන්න එපා... කියල තියන දේ ගැන හිතපන්....

      මම ප්‍රොෆයිල් එකක් හදා ගන්නෙ නැත්තෙත් ඕක තමයි... අපි ප්‍රොෆයිල් එකක් හදාගෙන කොමෙන්ට් කරන්න ගත්තාම අපිව යම් මතවාද වලට රෙජිස්ටර් වෙනවා..
      මාතලන් - යූ. ඇන්. පී. / ජ්‍යොතිශ්ය
      නලීන් - මරා
      පැරා - සමාජවාදෙ
      ඉන්පස්සෙ අපි මොන මතවාදයක් දැරුවත් බලන එකා බලන්නෙ හා ප්‍රති තර්ක ගොඩ නගන්නෙ අර ප්‍රොෆයිල් එක නියෝජනය කරන පුද්ගලයගෙ තියන චරිතය ඈදලා... උඹ මෙතන කරලා තියෙන්නෙත් එයමයි...

      Delete
    7. ඔබ ඔබට හිමි නොවූ (එය අන් අයෙකුට අයිති නොවූ විය හැක ) කම් සැපක් විදීනම් එයයි අයුතු කම් සැප... මෙයත් බුදුන් වදාල දෙයක් නොවෙයි... මගේ නැණ පමනින් වටහාගත් දෙයක්...//

      ඒක මිසක්!

      Delete
    8. ඔව් රාජ්, තමන් කරන වැරදි වේටඩ් ස්කේල් දාලා තමන්ට ඕන විදිහට කැටගරයිස් කරගත්තට.. තම තම නැණ පමනින් ධර්මාවබෝධය කලාට සන්සාර ගමන දිගු කොට වෙන්නෙ එකම ස්කේල් එකෙන් මම දන්න තරමට.... නමුත් ඔබට භව තන්හාව, (ඒ ඒ භවයන්ගේ ඇලෙමින් ඉන්ද්‍රිය සැප ලබා ගැනීමේ ආසාව ) තියනව නම්.. එයත් ගැටලුවක් නෑ...

      Delete
    9. මම කොතැනකදී හරි දැකලා තියෙනවා මෙහෙම දෙයක් වැරදි නම් නිවැරදි කරන්න

      දෙමව් පියන් විසින් ආරක්ෂා කරන(අවිවාහක නිවසේ සිටින), සැමියෙකු විසින් ආරක්ෂා කරන(විවාපත් ස්ත්‍රිය), වෙනත් වැඩිහිටියෙක්(ආච්චි/සීයා/නැන්දා/මාමා...) විසින් ආරක්ෂා කරන ගණයට අයත් ස්ත්‍රියත් සමග එක් වීම කාමය වරදවා හැසිරීමක්. කොටින්ම තමන්ගේ විවාහක බිරිඳ හැරෙන්නට. මේකෙන් පැහැදිලි වෙනවා සමහර විට ගණිකාවක් වුවත් දෙමාපියන්, සැමියා, වැඩිහිටියන් ආරක්ෂා කරන කෙනෙක් වුනොත්, මේ වරදට අහු වෙනවා. එහෙනං කොහොම අයද හරි ? බුදුන් සමයේ සිටි ඕපාපාතික අම්බපාලි වගේ අය. මේ ගණයට ඇය දැනුත් ඉන්න පුළුවන්. දෙමාපියන් හෝ කිසිම වැඩිහිටියෙක් නැති, සැමියෙක් නැති අය.

      Delete
    10. ආ...... මට උඩින් තව දෙකක් වැටිල.

      @Jean Guwan Comney
      නම අවුලක් නෑ මට.

      @ඇනෝ
      ඇනෝ පැමිනීම අවුලක් නෑ. ඒත් ඇනෝ එන්න ඔය හේතුව නං පිලිගන්න බෑ.
      //අපි ප්‍රොෆයිල් එකක් හදාගෙන කොමෙන්ට් කරන්න ගත්තාම අපිව යම් මතවාද වලට රෙජිස්ටර් වෙනවා//
      ඉතිං ඒකෙ තියන වැරැද්ද මොකද්ද? සමාජවාදය විශ්වාස කරන එකා සමාජවාදියා කියන්න කාටවත් බයවෙන්න ඕන නෑ. අනික තමුන්ගෙ මතවාදය ටක්කෙටම කියන්න පුළුවන් ප්‍රොෆයිල් එකකින්. දැං මම "රාජ්" කියන නමින් එනව. (ඒ නම මගේ ඇත්තම නම වෙන්න ඕන නෑ, ඒත් වර්චුවල් අවකාශයේ "රාජ්" අනන්‍යයි.) එතකොට මගේ කමෙන්ට් වල තියන පරස්පරතාවය ප්‍රශ්න කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඇනෝ ආවම එහෙම බෑ.


      Delete
    11. AnonymousMay 23, 2013 at 12:54 PM
      හරි! පැහැදිලියි. භව තන්හාව නැත්තං නැත්තෙ බෞද්ධයන්ටම විතරයි මං හිතන්නෙ.

      Delete
    12. හරි මචන් රාජ්... ඒක මගේ කැමැත්ත... උඹට අවුල නම් මම නෑවිත් ඉන්නම්... ඔය බ්ලොග් අවකාශෙ පොරවල් ඇනෝ බ්ලොක් කරන් ඉන්නෙ....

      මම කැමති නෑ මම දරන යම් මතවාදයක් තවත් මතවාදයක් එක්ක එකට පටලවල බලනවට... ඒක මගේ දෙවනි මතවාදයට කරන අසාධාරණයක් කියලයි මගේ හැගීම....

      Delete
    13. අපොයි නෑ. මම මුලින්ම කිව්වෙ ඒකනේ. මේක මතවාදය ගැන අවුලක් මිසක් නමේ අවුලක් නෙවේ. මගේ බ්ලොගේ ඇනෝ විවෘතව තියෙන්නෙ උඹල වගේ 'හොඳ' අදහස් දක්වන්නන් ඉන්න නිසා. :)

      උඹ දෙවනි ඡේදයේ කියන කාරණාව ගැන මම කිව්ව කතාව තේරිලා නෑ. නමින් එනකොට අදහස් දෙකක් දරන්න බෑ. උදාහරණයක් විදියට සමාජවාදය ගැන එක තැනක පක්ෂව කතා කරල තව තැනක විරුද්ධව කතා කිරීම වගේ කාරණා මම මතුකලේ. හරි හරි දැං ඒව වැඩක් නෑ.

      Delete
    14. සු දී කMay 23, 2013 at 12:54 PM
      මම හිතන්නෙ නෑ ඕක හරි කියල. දැන් උඹේ තර්කයේ තියනව පුරුෂාධිපත්‍ය පිලිබඳ අවුලකුත්. වෙනත් විදියකට කියනව නං මෙන්න මේ කෑල්ල බලපං,

      //දෙමව් පියන් විසින් ආරක්ෂා කරන(අවිවාහක නිවසේ සිටින), සැමියෙකු විසින් ආරක්ෂා කරන(විවාපත් ස්ත්‍රිය), වෙනත් වැඩිහිටියෙක්(ආච්චි/සීයා/නැන්දා/මාමා...) විසින් ආරක්ෂා කරන ...//
      මේකෙන් කියවෙන්නෙ කාන්තාවට තිබුන තත්වය. ඒ කියන්නෙ අනෙක් අයෙකුගේ ආරක්ෂාව 'යටතේ' ඉන්න ඕන කතාවක්.
      සරළව ගනිමු. කාන්තාවක් ඉන්නව. ඇයට පුරුෂයෙකුගෙ ඇසුරක් උවමනායි. ඇය ඒක ලබාගැනීම වැරැද්දක්ද(අකුසල කර්මයක්ද?)
      තවත් කේස් එකක්. මම මගේ අදහස ඉදිරිපත් කරගන්න සැලකිල්ලට ගත්ත තවත් කාරණාවක් තමයි රජවරුන්ගේ අන්ත:පුරය. බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් ඕක තිබිල තියනව. බුදුහාමුදුරුවො කියල තියනවද කොහේහරි ඒක වැරදියි කියල. මම දන්න තරමින් නෑ. ඔන්න ඔය කාරණාවෙන් තමයි මම අපෝහනය කලේ ගණිකාවක් ලබාගෙන(නීත්‍යානුකූලව මුදල් ගෙවල) ඇගේ ‍පහස ලැබුවට වරදක් නෑ කියල.

      කොටින්ම පවතින රාමුවට එරෙහිවීම තමයි පාපයට මුල්වෙන්නෙ වඩාත්ම. හේතුව ඒ අවස්ථා වලදි චේතනාව බලවත් වීම.

      Delete
    15. සුදීක by default ගණිකාවක් යනු වෙනත් කෙනකු විසින් ආරක්ෂා කරනු නොලබන ස්ත්‍රියක්. වෙනත් කෙනකු විසින් ආරක්ෂා කරනවා නම් ඇයට ගණිකාවක් වෙන්න බැහැ.

      Delete
    16. කාමයේ වරදවා හැසිරීමයි පරදාර සේවනයයි දෙකක්//

      ඇත්ත. කාමයේ වරදවා හැසිරීම කියන එක පළල්. තමන්ට අයිති නොවන කාම වස්තූන්ගෙන් සැපයක් විඳීම තමයි කාමයේ වරදවා හැසිරීම. උදාහරණයක් හැටියට තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය නොවන ගැහැණියකගේ නිරුවත ඇයගේ අනුදැනුමකින් තොරව දකිමින් වින්දනයක් ලැබීමත් කාමයේ වරදවා හැසිරීමක්. පරදාර සේවනය කියන්නේ එහි එක් විශේෂිත අංගයක් පමණයි. පර = අනුන්ගේ; දාර = භාර්යාවන් සේවනය.

      Delete
    17. කාමයේ වරදවා හැසිරීම කියන්නේ, විවාහකයෙක් නම් ගෑණු අය වගේම පති දම් රකින්න ඕන. නැත්නම් ගෑණිටත් එහෙම යන්න දෙන්න ඕන. මම හිතන්නේ නෑ බුදු හාමුදුරුවෝ අද ඉන්න හරක් බලනවා වගේ ගණිකාවන් දිහා බැලුවා කියලා. බුදු සමයේ ගණිකාව කියන්නේ. ඉහළ රැකියාවක්. ඔය බන පොත් එහෙම කියවලා බලන්නකෝ. සමහර අය කියනවා එක් වෙන දෙදෙනගේ කැමත්ත තිබුනම ඇති කියල. ඒත් විවාහ ඒත් තම බිරිඳ හෝ සැමියා එහෙම එක්වෙන බව දැන ගත්තොත් තුන්වන පාර්ෂවයක් දුක් වෙනවා. ඒක පවක්. මේ ගැන ඉතින් පෝස්ට් එකක් දාන්න තරම් කරුණු තියෙනවා. බුද්ධාගමෙන්ම උදාහරන අරගෙන.

      Delete
    18. AnonymousMay 23, 2013 at 1:51 PM

      අපේ රටේ ගණිකාව දේශපාලඥයන් විසින් හෝ පාතාලය විසින් රකිනවා...

      Delete
    19. // නැත්නම් ගෑණිටත් එහෙම යන්න දෙන්න ඕන//
      එතකොට කාමයේ වරදවා හැසිරීම අහෝසි වෙන්නෙ කෝමද? එතකොට වෙන්නෙ දෙන්නම කාමයේ හැසිරීමයි... මාතලන්ගෙ ආගමද මේ?

      Delete
    20. /අපේ රටේ ගණිකාව දේශපාලඥයන් විසින් හෝ පාතාලය විසින් රකිනවා.../

      ප්‍රියන්ත හේවගේ මහත්තයෝ, නැත! මෙතැන රකිනවා, ආරක්ෂා කරනවා කියන්නේ මවක් සිය දියණිය ආරක්ෂා කරනවා වගේ ආදරයෙන් කරන ආරක්ෂා කරන එකටයි.

      Delete
    21. //අපේ රටේ ගණිකාව දේශපාලඥයන් විසින් හෝ පාතාලය විසින් රකිනවා...//
      මේක ආගමට අදාලවෙන්නෙ කොහොමද? ඔයාගෙ නායකයා කොල්ලො ගහනවා... එතකොට ඒක කොහොමද?

      Delete
    22. මාර කතාවක්නෙ. කොල්ලො ගහන එක කාමයේ වරදවා හැසිරීමක් නම් යකෝ අතේ ගහන එකත් කාමයේ වරදවා හැසිරීමක් වෙන්න එපායැ!

      Delete
    23. හා හා ළමයිනේ........!

      Delete
    24. ඉදුරන් පිනවීම අකුසලයක්... එහෙම නැත්තම් සසර දිගු කරන්නක්... කොල්ලො ගැහුවා අතේ ගැහුවා කියලා වෙනසක් නෑ... (බුදු වදන )

      කොල්ලා තමන්ගෙ භාර්යාව/ස්වාමිපුරුෂයා වගේ තමන්ගෙම පාට්නර් විතරයි නම් ඉතින් කාමය වරදවා හැසිරීමක් වෙන්නෙ නෑ.... ( මේ මට හිතෙන හැටි, බුදු හාමුදුරුවො කොල්ලො ගහන එකයි අතේ ගහන එක ගැන කිව්වද කියල මම දන්නෙ නෑ )

      Delete
    25. ආගම් අනුව බැලුවොත්, කොයිදේත් පවක්, නිර් ආගමිකව උන්නම, ඒක පවක් වෙන්නේ නෑ. මම නම් හිතන්නේ චේතනාහං බික්ඛවේ කම්මං වදාමි කියන එක හරියටම හරි. අයිස්ලන්තේ ඉන්න උන්ට කන්න වෙජිටබල් නෑනේ. ඉතින් ඌ සතෙක් මරාගෙන කනවා. එතන ඒ මනුස්සයා ඒක එයාට දෙවියන් වහන්සේ දුන්න දෙයක් කියලා හිතුවම. ඒ මනුස්සයට පවක් සිද්ද වෙන්නේ නෑ.
      ඩීප් එකටම ගියාම ගස් කොලන් කන එකත් පවු. ඒ නිසා ඕවා ගැන වැඩියේ හිතන්නේ නැතුව. ජීවිතේ විඳින එකයි තියෙන්නේ. කොල්ලෝ ගහන එක ගැන කතා කරනවනම්. ආගමික ස්ථාන වල තරම් කොල්ලෝ ගහන බාල පචාර තියෙන තැන් මේ ළෝකේ කොහේවත් නැතුව ඇති..

      Delete
    26. /ඉදුරන් පිනවීම අකුසලයක්... එහෙම නැත්තම් සසර දිගු කරන්නක්.../

      එහෙම නම් ඔය මාතලන්ලාගේ, කෙන්ජිලාගේ, කකාලගේ, මාරයාලගේ සසර ආලෝක වර්ෂ ගණනක් දිග ඇති!!

      Delete
    27. අහෝසි කර්ම කියලා දේවල් අහලා නැද්ද.... අහෝ බුදු දහම නොදන්නා බෞවුද්ද කියන පිරිස් දුටුවිට ඇති වන්නේ මහත් දුකකි....

      Delete
    28. අපි නම් මේ ආත්මෙන්ම නිවන් යනවා. ඔහේලා ඉන්න බවේ සැරි සර සර...

      Delete
    29. උඹලා නිවන් ගියත් මේ ආත්මෙදි නම් බලයට එන්නෙ නෑ රනිල් ඉන්නකම්....

      Delete
    30. අපිට මොකා හිටියත් හොඳයි.. දුප්පත් මිනිස්සු ගැනයි අපිට දුක... රනිල් නෙමෙයි මගේ බලාපොරොත්තුව, වෙන කෙනෙක්....

      Delete
    31. බුදු බණේ ගණිකා ඇසුර කම්සුව වරදවා විඳීමක් සේ දැක්වෙන එකම එක තැනක් වත් තියේද කියන්න බලන්න?

      Delete
  5. කකාගෙ තියරිය ඇත්තක් වගේ පෙනෙනව පන්සිල් වලින් අත ඇරපු සිල්පද පහ ගත්තාම. වැදගත්කමේ අනුපිළිවෙළට තමයි ඔය සිල්පද හදලා තියෙන්නේ. රෝම ලන්දේසි නීතියත් එහෙමයි. දඬුවම් බලමු.

    1. ප්‍රාණඝාතය: මිනිසකු මැරීම සඳහා දඬුවම මරණය, ජීවිතාන්තය තෙක් හෝ දීර්ඝකාලීන සිර දඩුවම්

    2. අදත්තාදානය: සැලකිය යුතු තරම් දීර්ඝ සිර දඬුවම්

    3. කාම මිච්චාචාරය: කිරිමේල් වරදක් නොවේ; සිවිල් නඩු වලදී අනෙක් පාර්ශ්වයට යම් වාසියක් අත්වේ.

    4. බොරු කීම: කිරිමේල් වරදක් නොවේ; සිරගත නොවේ. වන්දියක් ගෙවීමට සිදුවීමට පිළිවන.

    5. සුරාමේරය: වරදක් නොවේ. බීමත්ව කරන ක්‍රියා නිසා වරදක් සේ සැලකෙන අවස්ථා තිබිය හැකිය.

    6. විකාල භෝජනා: නච්ච ගීත වාදිත...: උච්චා සයන...: කිසිසේත් වරද සේ නොගැණේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්! බීල ප්‍රානඝාතයක් කලොත් ඒක ප්‍රාණඝාතය මිසක් බීම නෙවේ. බිව්වට පස්සෙ ඔය කරන වැරදි වැඩිවෙන නිසා වෙන්න ඇති ඔහොම සිල් පදයක් එකතු කලේ. නැත්තං බීල බෝපැල වගේ ඉන්නව නං අවුලක් නෑ! :)

      Delete
    2. මේක රෝම ලන්දේසි නීතිය නේද ?

      Delete
    3. බොහෝ සමාජ වල ඔය විදියටයි නීති සකස්වෙලා තියෙන්නෙ.

      Delete
    4. බීලා ප්‍රාණඝාතයක් කිරීම ගැන නෙවෙයි කතා කළේ, බීලා රිය පැදවීම වගේ දෙයක්. බීම හෝ රියපැදවීම වැරදි නෙවෙයි. ඒත් බීලා රිය පැදවීම වැරදියි. ඒ වගේම බීලා රිය පදවලා වැරද්දක් කළොත් දඬුවම වැඩියි. ඒ කියන්නෙ බීම යම් පමණකින් වරදක්, රෝම ලන්දේසි නීතිය අනුවත්.

      Delete
  6. දාන මාන් පින් කම් කියන එක වෙනුවට කන බොන එක ආදේෂ කලාම හරි. අරෙහම කියලා තියෙන්නේ. එයාලා කන්නේ නොමිලේ නිසා..

    මාතලන්

    ReplyDelete
    Replies
    1. කන බොන එක කියන්නෙ අපි කරන දෙයක්. දානය කියන්නෙ "අන්‍යන්ට දෙන" දෙයක්. පටලවාගන්න එපා. ඒ වගේම බුදු හාමුදුරුවො මේව කිව්වෙ කන්න නෙවේ. මොකද කන්න නැතුව හිටපු කෙනෙක් නෙවේ සිදුහත් කුමාරය.

      Delete
    2. සිදුහත් කුමාරයාට කන්න බොන්න අඩු පාඩුවක් නම් තිබුනේ නෑ. දුෂ්කර ක්‍රියා කරපු කාළේ හැර ඉතිරි ටිකෙත් එහෙම නෑ. ඒත් පූජකයෝයි දේශපාලකයෝ හෝ දේශපාලනයෝ කියන්නේ නිකන් කන අය.

      Delete
    3. ඒක හරි! ඒත් ඒකට වැරදිකරුවන් ඒ උදවිය තමයි. තම තමන් වගා කල දේ තම තමන් ගෙනයයි කියන්නෙ ඕකට. හැබැයි පරමාණු බෝම්බ හැදීම ගැන අයින්ස්ටයින්ට බැනල වැඩක් නෑ.

      Delete
    4. නෑ බනින්න ඕන. එයාට ඒක සමාජයට නොදී ඉන්න තිබුනා...

      Delete
  7. මදයට හා පමාදයට හේතුවෙන මත් භාවිතයෙන් වලකිමි කියලනෙ අපි කියන්නෙ. ඇත්තටම මත් වී සිහිය විකල් උන මිනිහා අතින් අනිත් හතර පදයම කැඩෙන්න පුලුවන්.. අර කතාවක් මං ලිවුවෙ අන්තිම පේලියට.. අම්ම තාත්ත පුතාව වර්ණන කරනව අනාගත මාමණ්ඩිට..අපේ පුතා ඔය සිගරට් එකක් බිවුවත් බොන්නෙ අඩියක් ගහපුදාට විතරයි.. ඒකත් ඉතිං ඔය ගෑනියෙක් එක්ක ඉන්න වෙලාවටවිතරයි..

    ReplyDelete
  8. මොකද මේ බන් ගොන් කොමෙන්ට් එක හැම තැනම දදා යන්නෙ?

    ReplyDelete
  9. ඩ්‍රයිවින් ලයිසොම් ගැන ප්‍රශ්නයක් අහන්නෙ කොහොමද ඊයක් එවන්න ලිපිනය නැතුව ?

    ReplyDelete
    Replies
    1. raj_wvp@yahoo.com
      අහමු බලන්න. දන්න දෙයක් තියනව නං කියන්න බැරිය. :)

      Delete
    2. මටත් තියෙනවා වාහන ලයිසන් ගැන ප්‍රශ්ණයක්....ඊමේලයක් එවන්නම්....

      Delete
    3. ඔන්න බලන්න අදයි මේක දැක්කෙ. මං බලල තියෙන්නෙ පස්සෙ ආපු ලිපිවල. කොහෙද ඉතිං අපි මාසෙකට එකක් ලියන්න දත කනකොට රාජ් සතියට හතරක් ලියනවනෙ..

      Delete
  10. හෙහ් හෙහ් හෙහ්..... කෙන්ජි අයියත් මාර වැඩ කරන්නෙ. එසේම වේවා!

    ReplyDelete
  11. නිර්නාමික ඇමතුම,
    හෑ! ඒ ගමන මොකද?

    ReplyDelete
  12. රාජ්ගේ ලිපියේ ගතයුතු බොහෝ දේ තියෙනවා. මම හිතන්නේ පස්පව් එක සමානව තමා තියෙන්නේ. ඒකට අනු පිළිවෙලක් තියෙනවනම් උන්වහන්සේම දේශනා කරනවා. මම හිතන්නේ බුදුදහම කාටවත් අඩුපාඩු සකසන්න තියෙන එකක් නොවේ. බුදු දහමේ හැටියට කවුරු හරි එහෙම උත්සාහ කරනවානම් ඒකත් පව්. හැබැයි තර්කානුකුලව බාර ගැනීම එකක්. මෙතනදී කියන්නේ අවුබෝධයෙන්, මනා සිහියෙන් තේරුම් ගන්න කියන එක. අපි මේවගේ ඇත්ත නැත්ත, අරව මේවා නැතිව භක්තියෙන් විශ්වාස කරනවා නම් ඉතිරි ටික පහසුයි.

    තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවො පංච ශීලය දේශනා කලේ නිවන් මාර්ගයේ ගමන් නොකරන්නන් හට. එතනදි අනිවාර්යෙන්ම ඒ කාලයේ පැවති සමාජ වටපිටාව බලපාන්න ඇති. එතනදි ස්කේල්එක කිව්වෙ නෑ තමයි, (කියන්න වැඩකුත් නෑ ඒව අපේ තර්කනේ).
      නමුත් භක්තියෙන් විශ්වාස කරනවට වඩා හොඳයි තර්ක කරල තේරුම් අරගෙන විශ්වාස කලාම. එහෙම උනොත් අර හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න ජාතියේ ඒව අහන්න අපිට හිතෙන එකක් නෑ.

      Delete
    2. සුදීක බුදුහාමුදුරුවො කොතැනද කියලා තියෙන්නෙ Ppp = Pad = Pkm = Pmw = Psm කියලා.

      පෙන්නන්න පුළුවන් නම්.

      Delete
    3. කියල තියනවා කියලා ඌ කොහේ වත් කියල නෑ බන්... ඌ කියල තියෙන්නෙ "මට හිතෙන හැටියට කියලා"..... තමතම නැණ පමණින් තමයි ඉතින්... මට හිතෙන විදිහට ඔය වෙටඩ් ස්කේල් එක වැඩක් නෑ... පුලුවන් තරම් පවෙන් ඈත්විය යුතුයි....

      Delete
    4. වතාවක් ඔහොම සිද්ධියක් බුද්ධ කාලෙ වුණාලු. හාමුදුරුවරු පස්නමක් හිටියලු එක්කෙනෙක් පානාතිපාතය පමණක් රකින, අනිකා අදිනාදානය පමණක් රකින, ආදී වශයෙන්.. මෙයාල බුදු හිමියෝ හම්බවෙලා හරිම ආඩම්බරෙන් තම තමන්ගේ සීලය ගැන කිව්වම බුදු හිමියෝ ඒ සියල්ලන්ටම වරද පහදා දෙනවා.. ඇස් පමණක් පෙනෙන, කණ පමණක් ඇහෙන, ආදී වශයෙන් උපමාවකුත් එක්කම..

      Delete
  13. සාදු සාදු...හොද බණ පදයක් කාලෙකින් අහගත්තා...

    ReplyDelete
  14. ගණිකාවක් තම ඇග විකුණන්නේ ආසාවට නොවේ දිවිය රැක ගන්නයි..එය ඇයට ආදායමක් පහසුවෙන් ලබා ගත හැකි මගකි. මේ දේ නොකොට වෙනත් වෘත්තීන් වල වුව යෙදිය හැකි වුවත් මෙමගින් අඩු වෙහෙසකින් වැඩි මිලක් උපයා ගත හැකියි.. ඉතින් ඇය හැ මුදලව යහන් ගත වන්නා කරන්නේ පවක්ද? නො එසේ නම් මුදලට ඇග විකීණිම කරන්නිය කරන්නේ පවක් නොවෙද?

    මේතැන්වල පව පින දෙකම සාපේක්ෂ වෙනවා..සුචරිතවාදියාට මේ ක්‍රියා දෙකම පාපයකි..එහෙත් රහසින් ඔහුත් පවු කරයි. මනුස්සයා තුළ ආසාව නැතිවන්නේ කවදාද එදිනට පවු නොකෙරෙනු ඇත..
    ඉතාමත් හොද පෝස්ටුවක් රාජ්

    ReplyDelete
    Replies
    1. මොකද ඇනෝ බ්ලොක් කරේ?

      Delete
    2. බ්ලොක් කරන්නේ තොපි කුණුහබ්බ ලියනවනේ...

      Delete
    3. ගණිකා වෘත්තීය කාමයේ වරදවා හැසිරීමට ගැනෙන්නේ නැත.

      Delete
  15. පස් පව් සම්බ්නධයෙන් අපේ අරමුණ වෙන්න ඕනෑ කරන පව් අවම කිරීමයි.

    ඒ කියන්නේ අපේ Objective function එක

    Minmise Z = Wpp*Ppp + Wad*Pad + Wks*Pks + Wmw*Pmw + Wsm*Psm

    මෙහි Ppp, Pad, Pks, Pmw, Psm යනු එක් එක් පව ද

    Pxx = {0,1} ද (පව නොකළොත් Pxx = 0, පව කළොත් Pxx = 1)

    Wpp, Wad, Wks, Wmw, Wsm යනු එක් එක් පව සඳහා ඇති භාරය ද

    Wpp > Wad > Wks > Wmw > Wsm ද

    වේ.

    මේ අනුව පෙනී යන්නේ Wxx භාරයන් කුමක් වුවද Objective function (Z) අගය අවම අගය ගන්නේ සියළුම Pxx අගයන් 0 වන විට, එනම් කිසිම පවක් නොකරන විට බවය.

    සාදු, සාදු, සාදු!


    ReplyDelete
    Replies
    1. පන්සිල් වලට OR පාවිච්චි කරනවා දැක්කමයි!

      Delete
  16. මං හිතන්නේ සුරාමේරය පවක් කියලා කිව්වේ සුරාපානය කළ පුද්ගලයා යහපත් මනසකින් නොසිටින නිසා ඒ පුද්ගලයා අතින් අනිකුත් අකුසලයන් සිදුවිමේ ඉඩකඩ වැඩියි. ප්‍රාණඝාතයක් කරලා අනේ මං දන්නේ නෑ මං බීලා හිටියේ ඒ වෙලාවේ කිව්වට අකුසලයේ අඩුවීමක්වත් නීතියෙන් ගැලවීමක්වත් සිද්ධවෙන්නේ නෑනේ.

    ReplyDelete
  17. උඹ හොඳ සංවාදෙකට ඉඩකඩ හදලා දීලා තියෙනවා මචං. ස්තූතියි.

    ReplyDelete
  18. කියෙවුවා. මහා බර කොමෙන්ට් ටිකකුත් තිබුන..

    ReplyDelete
  19. “අත්තානං උපමං කත්වා“ මේ බුදු වදනයි.

    ReplyDelete
  20. එක පැත්තකින් අධ්‍යාත්මය වගේම අනික් පැත්තෙන් මිනිස්සන් ඒක රාශී විම එකිනෙකාට උදව් කරගැන්ම වාගේ දේවලුත් හුරු වෙන්න වෙසක් පොහොය අපිට උදව් වෙයි.

    ReplyDelete