Monday, May 27, 2013

අපේ හාමුදුරුවරු සහ බෞද්ධයෝ!

“ඉන්ද්‍රසාර ගිණි සහ ස්වර්ණවාහිනී!” යන හිසින් මෙම අඩවියේ මා පලකල ලිපියට ලැබුන ප්‍රතිචාර කිහිපයකි මේ,
“උඹ ඇතැම් පොස්ට් වල ගරු කල යුතු පුද්ගලයින්ට හන්දියේ වල බැහැල ඉන්න සෙට් එකේ එකෙක්ව ආමන්ත්‍රණය කරන විදියට ආමන්ත්‍රණය කරන්නේ උඹ ඒ හැම කෙනෙකුටම වඩා ශේෂ්ඨ වගේ හිතෙන නිසාද නැත්නම් ඒ උඹේ හැටි ද?.

“ඔබ මෙහි ඉන්ද්‍රසාර යනුවෙන් අමතන්නේ ඔබගේ මවගේ සොර සැමියාට නොවන බව මාගේ වැටහීමයි”

උක්ත සිද්ධිය අලලා කතන්දරකාරයා පලකල ලිපියට‍ දැමූ ප්‍රතිචාරයකි මේ,

“අතුරු ලියේ රතන" උඹෙ තාත්තට කතාකරන විදියට ලියන්නේ එහෙනන් උඹ තනිකර පරයන්ට කඹුරන කතෝලිකයෙක් නේද? දැන්නෙ දන්නෙ”

ඉහත ප්‍රථිචාර තුනටම වඩා විශේෂ මේ ප්‍රතිචාරයපලවී තිබුනේ w3lankaඅඩවියේ තිබූ ලිපියටයි.

“අදහස නම් හොඳයි ඒත් භික්ෂුන් වහන්සේ නමකට නමින් ඇමතීමට තරම් උද්දච්ච කමක් ඔබට ආවේ කොහොමද? කහ පටියක් බෙල්ලේ ගැට ගහ ගෙන හිටපු නුවර උගයේ ගනින්නාන්න්සේලා පවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගුණයෙන් උසස් බව ඔබ ඉගෙන ගත ආනන්ද විද්‍යාලයේදී උගත්තේ නැද්ද?”

මෙම අදහස් වලින් කියවෙන්නේ කුමක්ද? ශ්‍රී ලාංකීය බොදු බහුතරයක් තවමත් බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පමණක් නොව උන්වහන්සේගේ ගෝලයන් යයි කියාගත් වත්මන් සංඝ පරපුර වදාරන ‘ධර්මය’ කුමක් වුවත්, කිසිදු තර්කයකින් තොරව පිලිගැනීමට සූදානම් බවය. මොවුන් කරන්නේ කාලාම සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ දෙසූ, යමක් තර්ක කර සිතින් විග්‍රහකොට පිලිගැනීම අමතක කර දමමින් චීවරය දරන්නාවූ ඕනෑම අයෙකු කියන්නක් දොහොත් මුදුන් දී පිලිගැනීම නොවේද?
වසල සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ යමෙකු වසලයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යනුයි. කහ පටියක් ගෙලෙහි එල්ලාගත් පමණින් ඔහුගේ සිල්වත්කම පිලිබඳව තීරණය කිරීම කොතරම් අනුවනකමක්ද! එය බුදු දහමට ඇති නොගැලපීම ඔවුන්ට නොපෙනේද? මෙවැනි ‘බෞද්ධයන්ට’ අනුකම්පා කිරීමත් නුවණ පහලවේවායි පැතීමත් හැර අන් යමක් කල නොහැක.
වැදගත් කාරණාවට බහින්නේ දැන්ය.

ඉහත ප්‍රතිචාර වලින් කියවෙන්නේ බහුතරයක් බෞද්ධයන් බුදු දහම සම්බන්ධ‍වත් සංඝ්‍යා වහන්සේලා සම්බන්ධවත් ඇති ගෞරවනීය බවයි. “අපි වඳින්නෙ සිව්රට” යනුවෙන් පවසන බෞද්ධයන් මට ඕනෑ තරම් මුනගැසී ඇත. චීවරය දැරීමට නුසුදුස්සන් හට පවා දොහොත් මුදුන් දී වැඳීමත් ගෞරවනීය අයුරින් ඇමතීමටත් බෞද්ධයන් නොපැකිලේ. එය ඔවුන්ගේ වරදක් නොවේ. චිරාත් කාලයක් ලාංකීය සංස්කෘතියට බද්ධ වී ඇති දහමටත් එහි අනෙකුත් අංග වලටත් ඇති ගෞරවය තර්කයෙන් ඉක්මවා යාමට ඇති අකමැත්තයි.
ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. බෞද්ධයන්ගේ මෙම ගරු සැලකිලි වලට ලක්වීමට තරම් සුදුසු තත්වයක බොහෝ භික්ෂූන් නොමැති වීමයි. බුදු දහමේ හැටියට බොරුවක් කීම පවා පාපයකි. පාපයට මුල් වන්නේ චේතනාවයි. නැති සිල්වත් බවක් පෙන්වමින් තමාට අයත් නොවන ගෞරවයක් ගිහියන්ගෙන් ලබාගැනීම ඊටත් වඩා පාපයකි. මක්නිසාද යත් මොවුන් ක්‍රීඩා කරන්නේ අහිංසක මිනිසුන්ගේ චෛතසිකයන් සමඟ වීමය.


79 comments:

  1. උදේ හවා සිල් ගත්තත් එය මෝඩ කමට බේතක් නොවේ.

    සිවුරේ ඇති සීලයක් නැත. සීලය ඇත්තේ ක්‍රියාවේය.

    මගේ අද කතන්දරයේ ප/ලි කොටස මෙහි උපුටා දක්වමි.

    ===========================

    බුදු දහම පිළිපැදීම යනු නොපෙනෙන, නොවැටහෙන දේ දේව වචනයක් ලෙස ඇදහීම නොවේ. ඒ සැමෙකක්ම ප්‍රශ්න කිරීමයි. චිචාර බුද්ධියෙන් විමසීමයි.

    මා ඉගෙන ගෙන ඇත්තේ එලෙසය.

    බුදු දහම ගැන කතා කිරීම ආනන්තර්ය පාප කරමයක්, අපහාසයක් ලෙස සලකා, එසේ කරන අය හා ආරවුල් ඇති කරගන්නා කණ්ඩායමක් අද බිහිවෙමින් පවතී.

    මේ අන්තවාදය බුදු දහමට නිගා දෙන්නකි. බුදු දහමට සැබෑ අපහාසය ඒ අන්තවාදයයි.

    ReplyDelete
    Replies
    1. බුදු දහම විවේචනාත්මකව බලන්න බොහෝ අය ඉදිරිපත් වන්නේ, බෞද්ධ ජනතාව අනෙකුත් ආගම් දෙස සමහරක් බෞද්ධ ජනතාව විවේචනාත්මක බැලීමේ ප්‍රතිවිපාකයක් ලෙසයි. කාගේ වුනත් ඇදහිල්ල ඒ පුද්ගලයාගේ පුද්ගලික දෙයක් සහ ඔවුන්ගේ ආගමේ තිබෙන දේ අපට වෙනස් කල නොහැකි නිසා, බෞද්ධයන් වශයෙන් අපට කල හැක්කේ ඔවුන්ගේ ඇදහිලි ඔවුන්ට කර ගන්නට හැර ධර්මයේ හැසිරීමයි. වෙනත් ආගම් වෙනස් කරන්න කිසි විටෙකත් බුදුරජාණන් වහන්සේ වදාරා හෝ උත්සාහ කොට නැත. අප අන්තවාදී නොවී නිහතමානීව මේ දෙස බැලිය යුතුයි. අනෙකුත් ආගමික භක්තිකයන් අන්තවාදී වුවත් අප අන්තවාදී නොවිය යුතුයි.

      Delete
    2. සු දී ක
      කතාව හරි. ඒත් ආගම හෝ ඇදහිල්ල තමන්ගෙ ඔලුවෙන් පිටතට ඇවිල්ල සමාජ ප්‍රශ්නයක් වනවිට ඒ ගැන කතාකරන්න සිදුවීම සාමාන්‍යයි. අනෙකුත් ආගම් සම්බන්ධව උනත් එච්චරයි. උදාහරණයක් විදියට කතෝලිකයන්ගේ දෙවියන් පිලිබඳ විශ්වාසය අපිට අවුලක් නෙවේ. ඒත් මුස්ලිම්වරුන්ගේ ඒ විශ්වාසයන් සමාජ ප්‍රශ්න වනවිට කතා කරන්න සිදු වෙනව. මේ මස් කෑමේ කේස් එකත් එහෙමයි.
      -රාජ්

      Delete
    3. anthimata mokada wenne?gawa gathanaya nawathwanne nehe.RATE PRASHNA AMATHAKA KARANNA HONDA POTAK OKA.DEN HALAL WALATA MOKADA UNE?NATAPU THOWILEKUTH NE.BERE PALUWAKUTH NE.BBS HELA URUMAYATA ONA SINHALA MUSLIM GATUMAK.EKATA DEPETHTHENMA MINEE TIKAK ONA.NETHNAM E AYATA PEWETHMAK NE?
      -DILKI-

      Delete
    4. OHEGE KATHANDARA OHEGE BOGE DAGANNAWA.

      Delete
  2. චීවරයට ඇති ගෞරවය නැති කර ගත්තේ අපේ ඇතැම් ස්වාමින් වහන්සේලාගේ ම ක්‍රියා කලාපයන් හේතුවෙන්ය. එය අවිවාදිතය. ලොව පුද්ගලයෝ විවිධය. එකිනෙකා එකිනෙකාට විවිධ අයුරින් අමතති..අනෙකකුට අගෞරව කිරීම විනෝදාංශය කොට ගත් පිරිස් ද වෙති. මේවා මනෝව්‍යාධින් ය. තමන් නිතර අනෙකාට නිසි ගෞරවය ලබා දෙන කල්හි තමනට ද ඒ ගෞරවය ලැබෙනු ඇත.
    වරදක් පෙන්වාදීම හෝ තම මතවාදයක් පැවසීම කිසිසේත් අගෞරවයක් නොවේ.. එහෙත් එය පවසන අයුර තුළ අපහාසය හෝ අගෞරවය තිබෙන්නට හැකි වීමය වරද.

    ReplyDelete
  3. මේ මොහොතේ ඉන්ද්‍රසාර කියා ඇමතීමෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේ ඔහුගේ භික්ෂුත්වය අහෝසි වී හමාරය. ඒ ගැන විනය පිළිබඳ දන්නා අය දනිති. තහනම් වචන බ්ලොග් ලිපියේද ඉතා විස්තරාත්මකව ධර්ම කරුණු අන්තරගතය. ඒ සියල්ල නිවැරදිය. ඒ නිසා රාජ්ගේ ඇමතීමේ කිසිදු වරදක් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ඒකගෙ නම ඉන්ද්‍රසාර නෙවෙයි ඉන්ද්‍රරතනනෙ. ඉන්ද්‍රරතනට ඉන්ද්‍රසාර කියන එක වැරද්දක් නොවෙන්නෙ කොහොමෙයි?

      Delete
    2. ඉන්ද්‍රසාර ඉන්ද්‍රරතන පැටලිලා.
      -රාජ්

      Delete
    3. හරි වෙද මහත්තයෝ, ඔය ඉන්ද්‍ර කියන කෙනා හික්ෂු භාවයේ හිටිය කියමු... මොන එකටද අපි එයාට වහන්සේ කියන්නෙ.... කියනවනම් කියන්න ඕනි ගොන් වහන්සේ කියලා...

      Delete
  4. මේ ගැන මට හිතෙන්නේ මෙහෙමයි. ඔය කොයි ක්‍රමයේත් මට නම් ලොකු අවුලක් නැහැ. හැබැයි හාමුදුරු කෙනෙක් කොච්චර සිල්වත් ද කියලා හොයලා බලල වඳිනවා කියන එක එච්චර ප්‍රායෝගික නෑ මං හිතන්නේ.

    අනික රාජ් මේ හාමුදුරුවන්ව බැරි වෙලා හරි මුණ ගැහුනා නම් අමතන්නේ කොහොමද? ඉන්ද්‍රසාර කියලද නැත්නම් හාමුදුරුවනේ කියලද, නැත්නම් ආමන්ත්‍රණයක් නැතුවම කතා කරනවද?

    අපි අපේ ගුරුවරයෙකුට අමතන්නේ, ඒ ගුරුවරයා කොච්චර හොඳ 'ගුරුවරයෙක්' උනාද නැද්ද කියලා හිතලා නෙමෙයිනෙ. සර්, මැඩම්, ටීචර් වගේ අපිට හුරු පුරුදු ආමන්ත්‍රණයකින් අමතනවා. මිතුරන්ගේ ගෙවල් වල ගියාම ඒ ගෙවල් වල වැඩිහිටියන්ට වඳින්නේ ඔවුන්ගේ ගුණ යහපත්කම ගැන හොයලාඅ නෙමෙයිනේ. හාමුදුරුවරුන් සම්බන්ධයෙනුත් ඒකම අනුගමනය කලා නම් වැරැද්දක් නෑ මට හිතෙන්නේ.

    සමහර හාමුදුරුවරු අපේ වැඳීම්, හෝ ගරු ආමන්ත්‍රණ ලබන්න සුදුසු නැති බව ඇත්ත. ඒත් මට හිතෙන්නේ අපි ඒවා ඔලුවේ තියාගෙන ආමන්ත්‍රණය කරන්න යෑම, අපෙත් දුර්වලතාවයක් පෙන්නුම් කරනවා කියලයි.

    ReplyDelete
    Replies
    1. තේරුම්ගත යුත්ත තමයි පොදුවේ ඇමතීම සහ හොඳින් දන්නා අයෙකු ඇමතීම දෙවිදියක්. මට ඔහු මුනගැසුනා නම් අමතන්නෙ හාමුදුරුවනේ කියල තමයි. ඒත් බ්ලොග් එක වෙනුවෙන් නමින් ඇමතීමත් එච්චර අවුලක් නෑ. මම කියන්නෙ 'ඇමතීම' එච්චර හිතන්න ඕන දෙයක් නොවන බව. "ඇමතීම" අවුල් අය වෙනුවෙනුයි මේ ලිපිය දැම්මෙ. පැහැදිලිද?
      -රාජ්

      Delete
  5. දුස්සීලයන්ගේ චාටර් වැඩ දෙස බලන් උන්ට අනුකම්පා කිරිම සීලවන්තයාගේ ගුණයකි

    ReplyDelete
  6. ගොඩක් උදවිය . මේක තමයි ධර්මය මේක තමයි රකින්න ඕනේ කියලා සම්ප්‍රදායක වත් පිළිවෙත් කිහිපයක් ඉහ මුදුනේ තියාගෙන රකිනවා...ඒ ටික හැරුනාම අනිත්වා ඔක්කොම ධර්මෙන් පිට ගියත් ඒ වැරැද්ද එයාලට පෙන්නේ නැහැ ...

    හරියට නිකන් සත්ව ඝාතන එපා කියලා තම පන නහගන්නවා වගේ වැඩක් .. අනුන්ට පව් කරන්න එපා කියන ගමන් එයිට වඩා විශාල පවක් තමන්ම කරගෙන .

    ReplyDelete
  7. ඕනෑම කෙනෙකුට ගෞරවය බලෙන් ලබා ගත හැකි හෝ බලෙන් ලබා දිය හැකි දෙයක් නොවේ. ගෞරවය 'උපයා' ගත යුතු දෙයක් ලෙසයි මා සලකන්නේ. තමන් කරන ක්‍රියාව මත තමන්ට හිමි තැන ලැබෙනවා ඇත. මෙතන කතා කල යුතු ලොකුම ප්‍රශ්නය රාජ් එම චීවරදාරියාට ඇමතු ක්‍රමය නොව එම චීවරදාරියා කල දේය. මහා වේදනා පැවසු පරිදි මෙවැනි ක්‍රියා මත ඔහුගේ භික්ෂු භාවය අහෝසි වනවා ඇත. හැඟීම වලට වහල් වී එම පුද්ගලයා වීරයකු කරගෙන වැඩක් නැත. ඔහු වීරයකු කර ගත යුත්තේ හින්දු බතිමතුන්ය. දේවත්වයෙන් ගවයා අදහන හින්දු බැතිමතෙක් මෙය සිදු කළා නම් අප පුදුම විය යුතු නැත. අවිහිංසාවාදය ඉතාම හොඳයි. නමුත් දෙයක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් මෙය ක්‍රමය නොවේ. ඒ සඳහා යම් කතිකාවක් ගොඩ නැගිය යුතුය. විදුලි බිල අඩු කර ගැනීමටවත් සාර්ථකව ජනයා එකතු කර ගත නොහැකි රටක, මෙවැනි දෙයකට ජනතාව පෙළ ගැස්විය හැකිද ?

    ReplyDelete
  8. //“අපි වඳින්නෙ සිව්රට” යනුවෙන් පවසන බෞද්ධයන් මට ඕනෑ තරම් මුනගැසී ඇත. චීවරය දැරීමට නුසුදුස්සන් හට පවා දොහොත් මුදුන් දී වැඳීමත් ගෞරවනීය අයුරින් ඇමතීමටත් බෞද්ධයන් නොපැකිලේ.//

    මමත් ඉස්සර හිටියේ මොනවා උනත් මං වඳින්නේ සිවුරක් පොරව ගෙන ඉන්න නිසා කියන තැන.. මොකද හාමුදුරුවරුන්ගේ චරිත ගැන දැනගන්න තරම් අපි ඒ අයව ආශ්‍රයක් නෑනේ.. ඉතිං කොහොමද මෙයා හොඳයි මෙයා නරකයි කියලා තිරණයක් කරලා එක්කෙනෙකුට වැඳලා තව කෙනෙක්ට නොවැඳ ඉන්නේ....

    දැන් කරන්න වෙලා තියෙන්නේ කිසි කෙනෙක් හරිය කියලා හිතන්න බැරි නිසා කාටවත් නොවැඳ ඉන්න එක... මොකද කොච්චර හොඳයි කිව්වත් අපි කොහොමද දන්නේ ඇත්තටම මේ අය හොඳ අයද, හාමුදුරුවරු කෙසේ වෙතත් හොඳ මනුශ්‍යයොද කියලා... සමහර පන්සල් වල දායකයෝ කියනවා “ අපේ පන්සලේ, අපේ අසපුවේ, අපේ සෙනසුනේ ඉන්න හාමුදුරුවරු ඉතාමත් සිල්වත්, අනිත් හැම කෙනාටම වඩා ” කියලා.. ඒත් ඉතිං අනේ මන්දා... මට නම් තේරුම් ගන්න බෑ.. ඒකත් එක්තරා විදියට මාන්නයක් කියලා මම හිතන්නේ...

    කාටවත් වඳිනවට වඩා මම කැමතියි බුද්ධ දේශනාව දර්ශනයක් විදියට දැනගන්න... ඉගෙන ගන්න... ඒත් ඒක නම් මේ දැන් තියෙන ශුද්ධ වූ බෞද්ධ අන්තවාදී පන්සල් වල කරන්න පුලුවන් බවක් මට පේන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. හිරු
      ඔයාගෙ අරමුන ඉශ්ට කරගන්න පන්සල්ම ඕන නැහැ.රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික පුලුවන්වෙලාවට කියවන්න.මම දන්න තරම දැන් නෙට් එකෙත් තියනව.

      Delete
    2. Books written by
      Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero

      http://www.ogatharana.org/

      Delete
    3. AnonymousMay 27, 2013 at 7:23 PM
      ස්තුතියි ඔත්තුවට.

      Delete
    4. ස්තූතියි ඇනෝ....

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. මොකද රාජ් මගේ කොමෙන්ට් එකට ඇරියේ.... හිරුට විතරද හිනාවෙන්න පුලුවන්......

      Delete
    7. AnonymousMay 28, 2013 at 2:31 PM
      හිරු තමුන්ගෙ අදහස ගැන කමෙන්ටුවක් දාල තියනව බොහොම හොඳට. ඊට යටින් ඇනෝනිමස් කෙනෙකුත් අදහස් දක්වල, ලින්ක් එකකුත් දාල තියනව. මම මගේ බ්ලොග් එකේ ඉන්න ප්‍රොෆයිල්කරුවන්ගෙන් සහ ඇනෝනිමස්ලාගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ ප්‍රථිචාර මිසක් හී හී ගෑම් නොවේ. ඔහේට හිනාවෙන්න තියන අයිතිය මම පිලිගන්න අතරෙ තවත් කෙනෙකු අපහාස නොවිඳ සිටීමේ අයිතියත් පිලිගන්න ඕන නිසා හී හී එක ඩිලීට් කලා.

      Delete
  9. මට නම් අපේ බෞද්ධයන් ගැන හා මේ සිද්දිය ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ. එයා මැරුණ එක නම් හොඳයි. නැත්නම් ඉතින් පට්ට දුකක් විඳින්න වෙන්නේ. මේ අඬන එකෙක්වත් එන්නේ නෑ එදාට එයාව බලන්න. මට දුක මේ බෞද්ධයෝ, අපිටත් රස්තියාදුකාරයින්ට ගරු නම්බු දීලා කතා කරන්න කියන් එකට. තෙරපුත්ථාභයලා යුද්ධ කරේ සිවුර ගලවලා ගිහින්. අපේ රටේ හාමුදුරු නමක් කියලා අපිත් ළෝකයත් බලාපොරොත්තු වෙන්නේ බොහෝම නිවුන පූජකයන් පිරිසක්, අනික ධර්ම කරුණු වලින් පොහොසත් පිරිසක්. මොකෙක් හරි කමක් නෑ. මුන් ඇත්තටම උපසම්පදා භික්ෂූන්ද එහෙම නැත්නම් පාතාලේ උන්ද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත නම් රටටයි සාසනේටයි දෙකටම හොඳයි. මේ වගේ පොල් බූරුවෝ සෙට් එකකුත් තියාගෙනද ළෝක සමුළු තියන්න යන්නේ. මුන් හොඳයි ස්වාසීලන්තෙට පටවන්න.

    ReplyDelete
  10. උඹ මහ මෝඩයෙක් බව නැවතත් ඔප්පු කරන ලදී..

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
    අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
    පුපුරන්නෙය කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති
    සිංහල කොල්ලකු අය්යෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
    දෙව්රජුනේ ලක රක්නා

    ජාතික ආලෙහි ජීවනගා කිරි
    දී වෙඬරූ රස දුන්නූ
    මේ ලක ගොයි මහගේ සතු සම්පත
    කොයිබද ඒ කිරි දෙන්නූ
    කාමුක නීච සිරිත් පුරුදු කර
    උන් මරලා ගිල දැම්මෝ
    මේ එක දේම නොවේද අහෝ අද
    ජාතික හානියෙ හේතු

    එස් මහින්ද හිමි

    ReplyDelete
    Replies
    1. මහින්ද හිමියන්ගේ උපන් රට චීනුන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීම පිලිබදව වචනයක් නොකියන අප, උන්වහන්සේගේ රචනා අපේ අර්බුද වලදී ගායනා කිරීමට ලැජ්ජා විය යුතුය.

      Delete
    2. keerthi raterala
      උඹ වැනි පරයින් ලක් මවගේ කුසින් බිහිවීම ගැන අප ලැජ්ජා විය යුතුය

      Delete
    3. "මහින්ද හිමියන්ගේ උපන් රට චීනුන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීම පිලිබදව වචනයක් නොකියන අප, උන්වහන්සේගේ රචනා අපේ අර්බුද වලදී ගායනා කිරීමට ලැජ්ජා විය යුතුය."

      චීනෙට බනින්නෙපා....නෙළුම් පොකුණෙන් නාට්ටි බලල හයිවේ එකේ ගෙහුං මත්තලත් වැඳන් ඉබ්බෙකුත් මරාගෙන මාගම්පුරෙන් නැව් නැගල නොරොච්චෝලෙ යන්නෙ කොහොමෙයි එතකොට?

      Delete
    4. ස්තුතියි! ඉන්දික.


      Ano,
      //උඹ වැනි පරයින් ලක් මවගේ කුසින් බිහිවීම ගැන අප ලැජ්ජා විය යුතුය//

      මෙහිදී "පරයින් " යන වචනය භාවිතා කිරීමෙන්, ඔබ මහින්ද හිමියන්ට අවමන් කර අැත.

      Delete
    5. පරයින් යනු කයින් මෙහි සිටිමින් සිතින් පරයින් වන නුඹ වැන්නන් වේ

      Delete
    6. සිංහල භාෂාවෙ වචන තිබුනට අර්ථයක් නැතිව පාවච්චි කරන්න ඒපා. පරයා යන වචනය වැඩිපුරම ගැලපෙන්නේ කාටදැයි, මා මුලින් දැමූ කමෙන්ටුව (පහත දක්වා අැත) නැවත කියවා බලා අවබෝධ කර ගන්න.

      "මහින්ද හිමියන්ගේ උපන් රට චීනුන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීම පිලිබදව වචනයක් නොකියන අප, උන්වහන්සේගේ රචනා අපේ අර්බුද වලදී ගායනා කිරීමට ලැජ්ජා විය යුතුය."

      Delete
  11. මේ සිද්ධිය ගැන එක එක අය එක එක අර්ත දැක්වීම් දක්වනවා නේ. මේ හාමුදුරුවෝ කරපු වැඩෙන් උන්වහන්සේගේ භික්ෂුත්වය නැතිවුනාද නැද්ද කියන එක කියන්න අපි කවුරුවත්ම හරියට දන්නේ නෑනේ. ඉතින් අහක යන නයි ඔඩොක්කුවේ දා ගන්නවා වගේ අපි මොකටද උන්වහන්සේට අපහාස උපහාස කරලා අපි පව් සිද්ධ කරගන්නේ. වරදක් කරලා තියනවා නම් ඒක උන්වහන්සේ විදවාවි. අපි කරන්නේ ඒක පිටින් අපිත් පව් කරගන්න එකනේ (ද්වේශය නේ අප තුළ ඇති වන්නේ)

    ReplyDelete
  12. ගව ඝාාතනය නතර කිරීමට නම් ගව මස් අාහාරයට ගැනීම නතර කල යුතුය. ඒය කල හැකිද? කරන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්ණයකි. බෞධ ස්වාමීන් වහන්සේලා විසින් කල යුත්තේ ඒහි යම් අාදීනවයක් අැත්නම් ඒය බෞධය්න්ට පහදා දී ඔවුන් ගව මස් අාහාරයට ගැනීමෙන් වලක්වා ගැනීමයි. ඒසේ නොමැතිව මස් කඩ වැසීමෙන් පමණක් ගව ඝාතනය වැලැක් විය නොහැක. උදාහරණයක් වශයෙන් වන සතුන් දඩයම් කර මස් විකිනීම තහනම් කර අැතත් රට පුරා බොහෝ අාපණශාලා සහ හෝටල් වල දඩ මස් නමින් වන සතුන්ගේ මස් අාහාරයට ගැනීමට අැත. ඒවා දෙනු ලබන්නේ පුරුදු විශ්වාෂවන්ත ගනුදෙනු කරුවන්ට පමණක් වන අතර ඒය සුඛෝපභෝගී අාහාරයත් බවට පත්ව අැත. ගව මස් කඩ වසාදැමීමෙන් සිදුවන්නේ ගව මස්ද ඒ තත්වයට පත්වීමයි.

    අනෙක් කරුන නම් කර්මාන්තයක් වශයෙන් ගෙන බැලුවහොත් ඒම තීරණය රටේ සමස්ථ කිරි නිෂ්පාදනය කෙරෙහිද අහිතකර අන්දමින් බල පෑ හැක.අද ගවයින් අැතිකරන්නන්විසින් කරනුයේ කිරිලබාගතහැකි තාක් කල් ඒ ගවය්න්ගෙන් කිරි ලබා ගෙන පසුව උන් මසට විකිනීමයි. ඒම ක්‍රියාව හෘද සාක්ෂියට ඒකගව අනුමත කල නොහැකි නමුත් , ඒයින් ඔවුන්ට තම කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අවශ්‍යය තරමට අාදායමක් ලැබේ. ගව මස් කඩ වසාදැමුව හොත් කිරිපට්ටි හිමියන්ගේ අාදායම අඩුවීම නිසා, ඔවුන් ඒම කර්මාන්තයෙන් ඉවත්වීම නිසා, ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ඉඩ අැත.

    බුද්ධ දේශනාවට අනුව අායුධ වෙලදාම, මහල් වෙලදාම, මස්පිණිස සතුන් වෙලදාම,මත්ද්‍රව්‍යය වෙලදාමසහ විෂවර්ග වෙලදාමෙන් ගිහියන් විසින් වැලැකිය යුතුය. ඒයින් අදහස් කරන්නේ බෞධ ස්වාමීන් වහන්සේලා සිමුර කැසපොට ගසාගෙන පොළු මුගුරු රැගෙන ගොස් ඒම වෙලද සැල් කුඩු පට්ටම් කර දැටීට නොවේ. උන් වහන්සේලා විසින් කල යුත්තේ ගිහියන් විසින් නොකල යුතු ඒම වෙලදාම් වපින් වැලැක්වීමට අවශ්‍ය්‍ය මානසික හැඩගැස්වීම ලෙස මම දකිමි. ජනගහනයෙන් 70% වන බෞධයින් ගවමස් අාහාරයෙන් (අනෙක් මස්වර්ග නොසලකා හැරියත්) වැලකුනු හොත් දිනපතා ඝාතනය වනවා යයි කියන ගවයින් පන්දහස සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකිවනු අැත. ඔය කල යුත්තේ ගිහියන්ට අවවාද අනුශාසනා කිරීම් තුලින් මිස බලහත් කාරයෙන් මස් කඩ වැස්සවීමෙන් නොවේ.දස් ටිකක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති නිසා, ඒපවළු පරිප්පු වැනිදෙයක් සමග අාහාර ගන්නා ගිහියා "ෂිට්! මස් ටිකක් ගන්න තැනැක් නැහැනේ" යි පසුතැවිලි වේනම් ඔහුගේ බෞධ කමින අැති වැඩක් නැත. අල්ලපු වැටේ මස් කඩය තිබියදී තම ගෙදර සිට ඒලවළු සමග අාහාර ගන්නා පුද්ගලයෙකු අපට නිර්මානය කල හැකිනම් ඔහු නියම අවිහිංසා වාදියෙකි.

    නමුත් අප බුද්ධියෙන්ි විමසා බැලිය යුතු ප්‍රශණයක් අැත. ඒ නම් හිටි අඩියේ ඉන්ද්‍රරතන හිමි ඝාතනය (මා දකින්නේ ඒය ඝාතනයක් ලෙසය)වැනි නාටක කරලියට ඒන්නේ කෙසේද? යන්නයි. මට හැගෙන අයුරින් නම් පසුගිය කාලය පුරාවටම රට පුරා අැතිවූ මෙවැනි නොයෙකුත් ප්‍රශ්ණ පාලකයින් විසින් වුවමනාවෙන්ම අැතිකරනු ලබන අර්බුධයන් ය. තම නොහැකියාවත් අකාර්යක්ෂමතාවයත් තුලින් අැතිවන අර්බුද ජනතා අවධානයෙක් බැහැර කරවීම සදහා පාලකය්න විසින් සිතිමතාම අැතිකරනු ලබන මෙවැනි ප්‍රශ්ණ ගිහි පැවිදි අප සියළු දෙනාම පැහැදිලිව තේරුම් ගත යුතුව අැත.

    ReplyDelete
    Replies
    1. //අල්ලපු වැටේ මස් කඩය තිබියදී තම ගෙදර සිට ඒලවළු සමග අාහාර ගන්නා පුද්ගලයෙකු අපට නිර්මානය කල හැකිනම් ඔහු නියම අවිහිංසා වාදියෙකි.//
      මෙම රජය තව කලක් පැවතුනහොත් අනිවාර්යයෙන් අවිහින්සාවාදී රටක් නිර්මාණය වනු ඇත....

      Delete
  13. මේ බ්ලොග් කාරයෝ මාර සිල්වතුන් වගේනෙ.අපි එහෙනම් පින්තකා කතන්දරලට රාජ්ලට වදිමු.

    ReplyDelete
    Replies
    1. හොර ගණයින්ට වැන්දා කියලා මොකක්ද වෙන පින...

      Delete
    2. KATHANDARA YATA MONA EHEKATA WANDINAWADA

      Delete
  14. රාජ් මහතා,
    ඔබට මගේ comment එකක් ප්‍රශ්නයක් වෙලා. ගනින්නාන්සේලා ගැන මා ලිව් එක විශේෂයෙන් දැම්මේ ඒකනෙ. මෙන්න හේතු පාඨ

    1. කාලාම සුත්‍රය විතරක් හැම එකකටම පට්ට ගහන්න එපා. බුදුන් වහන්සේ දෙසු සුත්‍ර 82000ක් තියෙනවා. මෙන්න මගේ අතට අහු උන එකක් මඣම නිකායේ (1පොත)චෙතොඛිල (සිතේ ඇඳුනු උල ) කියල සුත්‍රයක් තියෙනවා ඒකෙ තියෙන්නේ පුද්ගලයකුගේ සිතේ ඇලුණු උල් 5ක් සහ බන්ධන 5ක් ගැනයි.
    - බුදුන් වහන්සේ ගැන සැක කිරීම
    - බුදුන් වහන්සේ දෙසු ධර්මය ගැන සැක කිරීම
    - බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සැක කිරීම
    - ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කිරීම
    - එකට ධර්ම මාර්ගයේ හැසිරෙන අය සමග ගැටීම

    මේ 3 වන උල මගේ ලයේ ඇණි නැත.

    . නුවර යුගයේ (බුදු දහම පිරිහුනම අවස්ථාවේ) භික්ෂුන් වහන්සේලා වෙනුවට හිටියේ ගිහි ගෙදර ඉඳ අඹුදරුවන් රකින ගනින්නන්සේලයි. එත් ඒ උත්තමයන් තමන් දහම නොදනිතත් දහම් පොත් සිය පනමෙන් රැක්කා .අද ඔබත් මමත් කියවන්නේ එසේ රැක්ක දහම් පොත් . විනාශවී ඇති පොත් දෙස සිතන විට මේවා රැක්ක අය අද ඉන්න සාමාන්‍ය පුද්ගලයන්ට වඩා උතුම් නොවන්නේ කෙසේද?

    3.හාමුදුරුවන් වහන්සේ සිය දිවි පුජා කල video පටය මා නිරීක්ෂණය කර බැලුවා.උමතුවූ අයෙක් හෝ මරණ බියෙන් තැති ගත් හෝ තම ජීවිතය බේරා දෙන ලෙස යදින්නෙක් එතන හිටියේ නැහැ.(සිය දිවි හානි කර ගැනීමට තැත් කල අයගේ පසු හැසිරීම් මා මිට කලින් දැක තිබෙනවා) උන් වහන්සේගේ අවසාන වචනය "දළදා හාමුදුරුවනේ ගවයන් ඝාතනයෙන් බේරා දෙන්න" බව මා ඇසුවා.
    4. කුඹුරේ හාන මි හරකාට උනත් සිංහල බෞධයෝ කතා කරන්නේ මයේ අප්පා,මයෙ දෙය්යෝ වැනි බුහුමන් වචන වලින්. මගේ ඒ මුල් බිඳිලා නැහැ.
    4. මේ හාමුදුරුවන්ගේ ජිවිත පුජාව මට වැටහෙන්නෙ පෙරුම් පිරීමක් විදියට.මේක මෝඩ කමක් හැටියට පෙනෙනවා නම් දහම් සොඬ ජාතක හෝ සස ජාතකය හැරු අයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies

    1. +++++++++++++++++++

      ඕනවට වඩා රැඩිකල් වෙන්න ගියාම තමන්ගේ මතය හැර අනිත් සියලුම දේවල් වැරදි කියන මානසිකත්වය එනවා. ඒ ගතිය කමෙන්ට් එකකින් නැති කරන්න බැහැ. මොනවා උනත් උඹේ චොමෙන්ට් එක ගොඩාක් හොඳයි.

      Delete
    2. "බුදුන් වහන්සේ දෙසු සුත්‍ර 82000ක් තියෙනවා"

      සිහි නුවණ, තර්ක බුද්ධිය පොඩ්ඩක් පාවිච්චි කරල බලන්න. දවසට සූත්‍ර 5 ගානෙ අනවරතව වදාළ කියන එක හරිද නැත්තං කට වචනයෙන් අවුරුදු පන්සීයකට කිට්ටු කාලයක් ඉස්සරහට ආපු දහමට පසු කාලීනව අමතර සූත්‍ර එකතු උනාද?

      Delete
    3. සූත්‍ර 82000 ක්.....!!!!?????

      එවකටත් පරිගණක තාක්ෂණය දියුණු මට්ටමක තියෙන්න ඇති අපි නොදන්නවට... ;)

      Delete
    4. wmk මහතා
      82000ගැන පොඩ්ඩක් කිව්ව නං හොඳයි නේද?
      සූත්‍ර වල මොනවා තිබුනත් දුසිල්වතෙකු සිල්වතෙකු වේද සිව්ර දාගත්ත පලියට? ඒක තේරුම්ගන්න සූත්‍ර 82000ක් ඕනද?

      තවත් දෙයක්,
      ඔබේ කමෙන්ටුව මට ප්‍රශ්නයක් නොවේ. මේ ලිපිය ඒ පිලිබඳව විචාරයක් පමණි. පෞද්ගලික අමනාපකම් නැත.

      අසරණයා
      රැඩිකල් වීමට අවශ්‍ය නැත. නොවීමටද අවශ්‍ය නැත. රැඩිකල් වූවා හෝ නොවූවාට සංතෝසම් දීමට කෙනෙක් නැත. අමනාප වීමට කාරි නැත.

      Delete
    5. රාජ්
      .......

      අමනාපයක් නැත උඹේ පොස්ට් එකට මගේ ප්‍රතිචාරය. මේ පොස්ට් එකඟ පසු සියල් අහවරයි.

      Delete
  15. රාජ් මහතා,
    ඔබට මගේ comment එකක් ප්‍රශ්නයක් වෙලා. ගනින්නාන්සේලා ගැන මා ලිව් එක විශේෂයෙන් දැම්මේ ඒකනෙ. මෙන්න හේතු පාඨ

    1. කාලාම සුත්‍රය විතරක් හැම එකකටම පට්ට ගහන්න එපා. බුදුන් වහන්සේ දෙසු සුත්‍ර 82000ක් තියෙනවා. මෙන්න මගේ අතට අහු උන එකක් මඣම නිකායේ (1පොත)චෙතොඛිල (සිතේ ඇඳුනු උල ) කියල සුත්‍රයක් තියෙනවා ඒකෙ තියෙන්නේ පුද්ගලයකුගේ සිතේ ඇලුණු උල් 5ක් සහ බන්ධන 5ක් ගැනයි.
    - බුදුන් වහන්සේ ගැන සැක කිරීම
    - බුදුන් වහන්සේ දෙසු ධර්මය ගැන සැක කිරීම
    - බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සැක කිරීම
    - ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කිරීම
    - එකට ධර්ම මාර්ගයේ හැසිරෙන අය සමග ගැටීම

    මේ 3 වන උල මගේ ලයේ ඇණි නැත.

    . නුවර යුගයේ (බුදු දහම පිරිහුනම අවස්ථාවේ) භික්ෂුන් වහන්සේලා වෙනුවට හිටියේ ගිහි ගෙදර ඉඳ අඹුදරුවන් රකින ගනින්නන්සේලයි. එත් ඒ උත්තමයන් තමන් දහම නොදනිතත් දහම් පොත් සිය පනමෙන් රැක්කා .අද ඔබත් මමත් කියවන්නේ එසේ රැක්ක දහම් පොත් . විනාශවී ඇති පොත් දෙස සිතන විට මේවා රැක්ක අය අද ඉන්න සාමාන්‍ය පුද්ගලයන්ට වඩා උතුම් නොවන්නේ කෙසේද?

    3.හාමුදුරුවන් වහන්සේ සිය දිවි පුජා කල video පටය මා නිරීක්ෂණය කර බැලුවා.උමතුවූ අයෙක් හෝ මරණ බියෙන් තැති ගත් හෝ තම ජීවිතය බේරා දෙන ලෙස යදින්නෙක් එතන හිටියේ නැහැ.(සිය දිවි හානි කර ගැනීමට තැත් කල අයගේ පසු හැසිරීම් මා මිට කලින් දැක තිබෙනවා) උන් වහන්සේගේ අවසාන වචනය "දළදා හාමුදුරුවනේ ගවයන් ඝාතනයෙන් බේරා දෙන්න" බව මා ඇසුවා.
    4. කුඹුරේ හාන මි හරකාට උනත් සිංහල බෞධයෝ කතා කරන්නේ මයේ අප්පා,මයෙ දෙය්යෝ වැනි බුහුමන් වචන වලින්. මගේ ඒ මුල් බිඳිලා නැහැ.
    4. මේ හාමුදුරුවන්ගේ ජිවිත පුජාව මට වැටහෙන්නෙ පෙරුම් පිරීමක් විදියට.මේක මෝඩ කමක් හැටියට පෙනෙනවා නම් දහම් සොඬ ජාතක හෝ සස ජාතකය හැරු අයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. දිවි නසා ගන්නවාද? වෙන එකෙක් ගිනි තියනවාද? මේ වීඩියෝවේ මිනිත්තු 1:04 බලන්න.
      https://www.facebook.com/photo.php?v=270659789746447&set=vb.100004072852129&type=2&theater

      Delete
    2. මා පුද්ගලිකව දන්නා නුවර සිටීන කෙනෙකු පැවසුවේ ඔහු හදුනන එම පුද්ගලයා උත්සාහ කර ඇත්තේ ල්ය්ටරය හාමුදුරුවන් අතින් උදුරා ගැනීමට බවයි.එහිදී ඔහුත් ඔහුගේ පුතාත් ගිනිනෙන් පිලිස්සී රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බවත් කිව්වා.

      Delete
    3. මාත් හිතන්නේ AnonymousMay 27, 2013 at 7:18 PM කියන කතාව නිවැරදියි

      මේ සිද්ධිය ගැන අන්තර්ජාලයේ පලවන වීඩියෝ දර්ශන අඩුම තරමින් 2ක් තියෙනවා. එකක් තමයි ස්වර්ණවාහිනියේ වෘත්තීය කැමරා ශිල්පියා ගේ වීඩියෝව.ඒකේ පැහැදිලිව පෙනෙනවා හාමුදුරුවෝ (කෑන් එකේ තිබෙන පෙට්‍රල් සියල්ල ඇඟට හලා ගන්නටත් පෙර)අනෙක් අතේ තියෙන ලයිටරය දල්වාගන්නවා.
      මේ සිද්ධිය වෙනත් කෝණයකින් රූගත කල වීඩීයෝව දක්වල තමයි සමහරු කියන්නේ මේක ගිනිතැබීමක් කියල.නමුත් මට පේන්නෙත් ඒ පුද්ගලයා උත්සහා කරන්නේ හාමුදුරුවන්ගේ අතින් ලයිටරය උදුරාගන්නයි.

      Delete
    4. http://www.gossiplanka.lk/2013/06/how-mrdias-tries-to-prevent-monk-self.html
      hari neda mama kiwwa de?

      Delete
  16. බෝවත්තේ ඉන්දරේ ගේ අයිආර්සී තෝම්බුව මෙන්න------
    (from LankaeNews)

    http://142.4.27.83/Sinhala/news.php?id=22588



    ReplyDelete
    Replies
    1. අපෝ... උඹත් E NEWS බලන කෙනෙක්ද?. ඉතින් එහෙනම් කතා කරලා වැඩැක් නැහැ.

      Delete
    2. අයි ටී එන් එක බැලුවම සේරම පේනවා.

      Delete
    3. ITN ... ඔව් එක ශෝක්... කඩේ යන වුන්ටනම්.

      Delete
    4. ENEWS BORU MOKATA METHANA DIGA ARINAWADA.

      Delete
  17. අපිට බැරිද දේවාචික බෞද්ධයෝ වෙන්න...

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නෑ සිතුම්.ත්‍රිවිධ රත්නයේ සඟුන් කියන්නේ බුදුහිමියන් ජීවමාන කාලයේ සිට පැවත එන සංඝයාවහන්සේ පරපුර.“සැරියුත් මුගලන් ආදී කොට ඇත්තා වූ ..........“ කියල අහල ඇතිනේ.

      Delete
  18. "ඉන්ද්‍ර" කියන්නෙ හින්දු දෙවියෙක්...
    ගවයත් හින්දූන්ගෙ පූජනීය වස්තුවක්....!
    ලංකාවේ චීවරධාරී බහුතරයක් හින්දු පූජකයො..(පූසාරි)
    බෞද්ධයෝ හැටියට පෙනී ඉන්නොත් අදහන්නෙ හින්දු දෙවියො,

    මේ සියල්ලම එකලාසයක් වුනාම "සිදුවීම" ගානට හරියනවා.

    ReplyDelete
  19. //“අපි වඳින්නෙ සිව්රට” යනුවෙන් පවසන බෞද්ධයන් මට ඕනෑ තරම් මුනගැසී ඇත.//
    ඔය සිවුරු විකුණන කඩ තියෙන්නේ හන්දියක් හන්දියක් ගානේ ඕන තරම්. වදින්න හාමුදුරු කෙනෙක්ම ඉන්න ඕනයැ. වැදපල්ලකෝ කඩේ විකුනන්න තියෙන සිවුරු තොගේටම ඇති පදම්.

    ReplyDelete
  20. සිවුරට වදිනවා කියන එක මන්දබුද්දික කතාවක හෑටියටයි මටනම් පේන්නෙ . අපි වදින්න ඕනෑ සිවුර දරාගන සිටින ඒ සදහා සුදුසු පුද්ගලයාට විය යුතුයි .සිවුරට වදින අයට හාමුදුරුවන් වහන්සේලා අව්ශ්‍ය නෑහෑ පන්සලට ගියහම වනලා තියන සිවුරකට උනත් වදින්න පුලුවන්.සිල්වත් හාමුදුරුවන් වහන්සේලා අදටත් ඕනෑ තරම් ඉන්නවා .ඒ අතරෙ නිර්මල බෞද්ධ දර්ශණයට නිගා දෙන චීවරධාරින්ට උන්ගෙ නමින් කතා කරණ එක ගෑණ ගොන් කතා කියන්න එපා .විමුක්තිය හොයාගන පාර්ලිමේන්තු යන .යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සහ ජ්‍යෝතිශය වෑනි ම්ත්‍යවන් සමාජගත කරන . වෙනත් රටේ නෑති දුෂ්ශීලයන්හි යෙදෙන කාලකන්නි චීවරදාරින් සසුනින් නෙරපීම සදහා . ශාසනයට ලෑදි සියලුදෙනා පෙලගෑසියයුතු කාලයක් උදාවෙලා තියනවා.

    ReplyDelete
  21. මඩ ගොහොරුවේ නෙලුම් වගේ සිල්වත් හිමිවරුන් තවමත් ඉන්නා බැවින් චීවරදාරීන් ගැන කතා නොකිරීම වඩා හොඳයි කියල මට වෙලාවකට හිතෙනවා රාජ්.. විනය පිටකය කියෙවුවොත් තේරේවි බුද්ධ කාලීනවත් තත්වය වෙනස් නැති බව,, බුදුන් පිරිනිවන් පා සතියක් තුල ඒ ගැන සතු‍ටුවන අබද්‍ර හිමිවරුන් සිටි නිසානෙ පලවෙනි සංගායනාව කෙරෙන්නේ..

    ReplyDelete
  22. @ රාජ් ,මහතා,
    wmk මහතා
    82000ගැන පොඩ්ඩක් කිව්ව නං හොඳයි නේද?
    සූත්‍ර වල මොනවා තිබුනත් දුසිල්වතෙකු සිල්වතෙකු වේද සිව්ර දාගත්ත පලියට? ඒක තේරුම්ගන්න සූත්‍ර 82000ක් ඕනද?

    තවත් දෙයක්,
    ඔබේ කමෙන්ටුව මට ප්‍රශ්නයක් නොවේ. මේ ලිපිය ඒ පිලිබඳව විචාරයක් පමණි. පෞද්ගලික අමනාපකම් නැත.
    -----------------------------------------------------------

    ඔබේ පිළිතුරට ස්තුතියි,

    ඔබේ මෙම ඉදිරිපත් කිරීම නිසා හරවත් සංවාදයක් ඇතිවෙනවා.ඉතින් මම ඔබ සමග අමනාප වන්නේ මොකටද? මා විශ්වාස කරන දෙයක් තමයි අඩු තරමේ blog සංවාදයක් වත් හරවත් දෙයක් විය යුතුය කියන එක.(පත්තර/ටි.වී ./ටෙලි නාට්‍ය වලින් දෙන අරුත් සුන් මෙන්ම පදනම් විරහිත පණිවිඩ දන්නවානේ) මම මේ සංවාද වලින් ගොඩක් දේ ඉගෙන ගන්නවා.(වයසින් අවුරුදු 66ක් උනත් මා තවමත් ශිෂ්‍යයෙක් )

    ත්‍රිපිටකය තුල බුදුන් වහන්සේ විසින් දෙසු සුත්‍ර 82000ක් තිබෙනවා යයි මගේ කීම වැරදියි.(එය පෙන්නීම ගැන ස්තුතියි) බුදුන් වහන්සේ විසින් දෙසු ධර්ම ස්කන්ධ (කොටස්) 82000 ක් තිබෙනවා. ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා වීසින් දෙසු ධර්ම ස්කන්ධ (කොටස්) 2000 ක් තිබෙනවා. එකතුව ධර්ම ස්කන්ධ (කොටස්) 8000 යි (පොත් හැටියට ආසන්න වශයෙන් පොත් 52ක් විතර)

    බුදුන් වහන්සේ, බුද්ධ ධර්මය,සහ සංඝයා වහන්සේ ගැන කතා නොකළ යුතු යයි මා අදහස් කරන්නේ නැ.(බුදු දහමේ දේව රහස් නැහැනේ) නමුත් ශ්‍රද්ධා,කැමැත්ත,විරිය,විමර්ශනය (බුදු දහමේ මුල්ගල සතර ඉර්ධි පාද මත ඇත.) යන කරුණු පදනම් කරගෙන එය කල යුතු යයි මා අදහස් කරනවා.

    සුසිල් වත්මෙන්ම දුසිල්වත් භික්ෂුන් වහන්සේලා හඳුනා ගන්න සාමාන්‍ය බුද්ධිය හොඳටම ඇති. නමුත් ගැටලුව දුසිල්වත් භික්ෂුන් වහන්සේලා හඳුනා ගත් පසු අපේ කාර්ය භාරය කුමක්ද? කල යුත්තේ විවේචනය කිරීම පමණක්ද? විවේචනය කිරීමෙන් පමණක් අනාගතයේදී මහන වෙන්න ඉන්න අයගේ ප්‍රමාණය වැඩි වෙනවාද? ඒ අය වෙනුවට අපිට මහන වෙන්න පුලුවන්ද? අපිට අත්හැරීම කරන්න පුලුවන්ද? මේ ප්‍රශ්න පුළුල්ව කතා කල යුතු මාතෘකා.

    වෙන විදියකින් කිව්වොත් 5 වන ධර්ම සංගායනාව පැවැත්විය යුතු කාලය ඇවිල්ලද?

    ReplyDelete
    Replies
    1. wmk මහතා
      හිතවත්කමට මේන්ම කමෙන්ටුවටත් බොහොම ස්තුතියි. වෙනස ඇත්තේ අපගේ මතවල පමණයි.
      සංගායනාවක් පැවැත්විය හැකි නම් හොඳයි. නමුත් මගේ අදහස අනුව ඊට සුදුස්සන් සොයාගැනීම ප්‍රායෝගික ගැටළුවක්. මගේ යෝජනාව නම් සහ තනතුරු වලින් බැහැරවී බුදු දහම ප්‍රායෝගිකව භාවිතා කරන ගිහි පැවිදි පිරිස එක්වී මෙය කලයුතුයි යන්න. කොහොම උනත් අමාරු වැඩපිලිවෙලක්.

      Delete
    2. මෙයාව ගම්මු සන්ගායනාවට...

      Delete
    3. ඔව් මෙයා හොඳයි... 82+2=8 ..එලම කිරි... හොඳට (සං) ගායනා කරයි..

      Delete
  23. දැන් කෝ විදුලි බිල් ප්‍රශ්නය??? ගොබල්ස් මාධ්‍ය හැසිරවීම.

    ReplyDelete
  24. මහත්තයෙකුට ගොනා කීවොත් අපහාසයක් වෙන හින්දා මම ආය එහෙම කියන්නෑ. හැබැයි ගොනෙකුට මහත්තයා කීවට කමක් නැනේ.
    (මහත්තයා කියන තැනට හාමුදුරුවෝ කියලා එහෙම දාගෙන මට බනින්නේ එහෙම නැ ඔං )

    ReplyDelete
  25. http://www.youtube.com/watch?v=AUCMtGXcLKY

    ReplyDelete
  26. @Anonymous
    ඔව් මෙයා හොඳයි... 82+2=8 ..එලම කිරි... හොඳට (සං) ගායනා කරයි..
    --------------------------
    මිතුර,
    ලිවීමේ වැරැද්ද පෙන්වීම ගැන ස්තුතියි. නිවැරදි ගණන 82000+2000 = 84000

    මගේ අන් මතයන් ගැන ඔබේ අදහස ගැන ගැනීමට කැමතියි.

    ReplyDelete
  27. ඉන්දුසාර පොල් පරාල.. උගේ කටේ ගොං ජරාව

    ඉන්දසාර කියන්නේ පල් මෝඩ **යෙක් කියන්න බය වෙන්න ඕන නෑ...

    ReplyDelete
    Replies
    1. කෙනෙක් තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් දිවි දීම මෝඩ කමක්ද ? මැරුණ කෙනෙකුට ස්වාමින්වහන්සෙ කෙනෙක් නූනත් අපහාස කිරීම ශිෂ්ඨ මිනිහෙකු කලයුතුද ? දැන් පල් මෝඩයා කවුද ?

      Delete
    2. ඕකම තමයි මෝඩයෝ දේශකයා කරලා තියෙන්නෙත්. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී ඉන්න එක.

      Delete
  28. ගිහියකු හෝ පැවිද්දෙකු හෝ වේවා සිය පණ නසා ගැනීම (ආත්ම පූජාව ඇතුළුව ) බුද්ධ ධර්මයට අනුව නම් පාප කර්මයක්.
    -Kandyan-

    ReplyDelete
  29. අද ලංකාවේ ඉන්නෙ මොල සේදිමට ලක්වුන ගොබ්බ අන්ධ බෞද්ධ රුලක්. මේ චීවරධාරියෝ උන්ගෙ අම්.. . කල ගියත් උන් කියයි උතුම් වු සංඝයා වහන්සේලාට මොකවත් කියන්න එපා කියල. මේ චිවර සංස්කෘතිය සමාජයේ බලවත් වෙලා තියෙන්නෙ කාලයක් තිස්සෙ තකතිරු අමන අනුගාමිකයන් පිරිසක් හදාගන. ඇත්තටම ලංකාවේ මේ චිවරධාරියෝ කියල කොටසක් නොහිටියා නම් මේ රටේ ප්‍රශ්ඹ 75% කින් අඩුවෙනවා.

    ReplyDelete
  30. 01) . මැරිච්ච හාමුදුරුවො කලේ සිය දිවි නසා ගැනීමක් නොවේය ඒකෙන් පාපයක් සිද්ධ නොවෙනවාය කියල බුද්ධ දේශනාවෙන් ඔප්පු කරන්න පුලුවන්ද ? (ජාතක කථා කියන සුරංගනා කථා පොතෙන් නෙවෙයි )

    02) හරක් මස් විතරද පව් , එතකොට හාල් මැස්සො කුණිස්සො උන්ට තියෙන්නෙ පණ නෙවෙයිද?

    03) හරක් මස් විශේශ කරලා බුදු හාමුදුරුවන් දේශනා කරල තියෙන්නේ කොතනද ?

    ඔන්න ඔය ප්‍රශ්න තුන තමයි "සිංහල-බෞද්ධ" සෙට් එකෙන් අහන්න තියෙන්නේ . ආමාන්ත්‍රණය ගැන කියනවා නම් ඒක දරාගන්න අපේ "සිංහල-බෞද්ධ" අය්යලා මෝරලා මදිය කියල තමයි කියන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොකෝ පේන්න නොහිටියෙ? බ්ලොග් ලියල විදේශ සංචාරයක්වත් ලැබුනද?

      Delete
  31. පහල බුවා කවුද කියල මම නම් දන්නෙ නැහැ. ඒත් සංඝයාට මස් මාංස කැපද කියන කාරනය ගැන නම් නියම කතාවක් කියනවා.

    http://www.forum.laankeshwara.org/2012/07/28/2/

    ReplyDelete