Wednesday, December 11, 2013

නත්තල් සීයා සමඟ කතාබහක්!

මේ දවස්වල රෙදි සාප්පුවකට ගියොත් දකින්න තියන දෙයක් තමයි ඉස්සරහ ඉන්න නත්තල් පප්ප. මට හිතුන නත්තල් පප්ප කෙනෙක් එක්ක කතා කරන්න. ඔන්න අල්ලගත්ත එක්කෙනෙක්. මේ එයා එක්ක කතාබහ.

මම: කොහොමද නත්තල සරුද?

පප්ප: නත්තල් සීය දෙන විදියට තමයි.

මම: නත්තල් සීයට දෙන නත්තල් සීය කවුද?

පප්ප: ‍මේ ෂොප් එකේ මුදලාලි තමයි ඉතිං.

මම: කොහොමද ගෙවීම් එහෙම?

පප්ප: උදේ නවයට විතර පටන් ගන්න කෑගැහිල්ලයි නැටිල්ලයි හය හත වෙනකල් කලාම එක්දාස් පන්සීයක් විතර දෙනව. බිස්නස් සරු උනොත් තවත් යමක් කමක් ලැබෙන්න පුළුවන්.

මම: අවුරුදු කීයක් තිස්සෙ පප්පට අඳිනවද?

පප්ප: අවුරුදු හතරක් විතර ඇති.

මම: බබාල හොඳට හුරතල් කරනව නේ?

පප්ප: හ්ම්! ලස්සන අය....

මම: ලස්සන අය? පොඩි එවුන් ලස්සන කැත විදියට බෙදන්න හොඳද මිනිහෝ......?

පප්ප: නෑ නෑ බොස් මම කිව්වෙ බබාල නෙවේ බබාලගෙ අම්මල ගැන.

මම: කියන්නකො නත්තල් පප්ප වෙන්න හිතුන ඇයි කියල.

පප්ප: ඉස්කෝලෙ කාලෙ නාට්ටියකින් තමයි. මම නත්තල් පප්පට ඇඳල හිටිය.

මම: නාට්ටිය හොඳට ගියාද? නත්තල් පප්පට ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට ලැබුනද?

පප්ප: නෑ. රඟපාන්න ලැබුනෙ නෑ.

මම: ඇයි?

පප්ප: මේකනේ,... නත්තල් පප්පට හිටිය එකා එන්න පරක්කු උන නිසා මට ඒක ඇන්දුව. මම ඇඳල ඉවර වෙනකොට ඌ ආව. ඉතිං ආයෙ ගලවල ඌට ඇන්දුව.

54 comments:

  1. රාජ් ආගමික සහජීවනයට බාධාකරමින් ,නත්තල් සීයා යන ආගමික සංකේතය අපහාසයට ලක් කරන හැඩයි ..:D

    ReplyDelete
  2. දැන් නත්තල් සියාලා ඔහොම්මමයි බං, වෙළද භාණ්ඩයක් වෙලා තියෙන්නේ,

    අනේ පව් ආපේ ශාන්ත නිකලස් මුනිවරයා (නත්තල් සියා ) උන්දැ මේවා දන්නවනම් ..

    ReplyDelete
    Replies
    1. ස්වර්ගස්ථ වෙයි නේද?

      Delete
  3. රාජ් රිදම් එක බිදෙන්න දෙන්න එපා... මේ ටිකේ උඹ එක දිගට ලියං ආව පෝස්ට් ටික නියමයි.. විශේෂයෙන්ම පැති දෙක තුනකටම පැතිරෙන විදිහට කතා කරන්න හොද මාතෘකා ටිකක් එක්ක ලියවුන... ඒ අතරේම උඹ මේ ටිකේ අනිත් බ්ලොග්වල දාන කමෙන්ට් වලත් බොහෝම පරිණත ගතියක් තියෙනවා... මුල් කාලේ හිටිය උඹට වඩා බොහෝම පැහුණු රාජ් කෙනෙක් පේන්න ඉන්නවා දැන්... මේ ලිපියෙන් ඒ රිදම් එක ටිකක් බිඳෙනවා වගේ කියලා හිතෙන හින්දා කිව්වේ... අහිතක් හිතන්න එපා... ඒ කිව්වේ මේකේ කතා කරන්න තියෙන දේ මදි මදි වගේ ගතියක් මට හිතෙනවා මේ ටිකේ උඹ ලියපු අනිත්වත් එක්ක ගත්තම...

    ReplyDelete
    Replies
    1. හැමදාම නත්තල් නෑ බං :=)
      ඔහොම හිටිං ටිකක්. ජනවාරි මුල් සතිය ඉවර වෙනකල් ඔලුවට එච්චර නිදහසක් නෑ.

      Delete
    2. මේ කතාවට මාත් එකඟයි. හැබැයි මේ පෝස්ට් එකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නෑ.

      Delete
    3. මාරයා කියන එකට මාත් එකඟයි. අර කකා, මාතලන් වගේ 'ප්‍රවීණයින්' දැන් ලියන මෝඩ බ්ලොග් පෝස්ට් දකින කොටත් දුකයි. ඒ අහු අස්සෙ කියවන්න පුළුවන් හරවත් දෙයක් ලියන උඹලත් පිස්සු කෙළින්න පටන් ගත්තාම හරියනවද?

      Delete
    4. මාරයා,
      මම ලඟදී බැලුව ටැබූ සම්මාන දුන්න පෝස්ටුව. ඒකෙදි උඹ අහනව "හරි දැං මං මොකද්ද කරන්න ඕන" කියල. මටත් ලැජ්ජයි බං ඔහොම කියනකොට.

      Delete
    5. ///මම ලඟදී බැලුව ටැබූ සම්මාන දුන්න පෝස්ටුව.///
      ඇයි අපිට බලන්ට ලින්ක් එකක් දෙන්නෙ නැත්තේ?

      Delete
    6. ඇති තරම් ටැබූ කියවන්න. මෙන්න:
      http://web.archive.org/web/20101109074150/http://taboosubjects.wordpress.com/2010/11/05/199/

      Delete
  4. උඹට බැරිද අර වීරයගේ චරිතේ කරන්න මං කිව්වේ අර වීරයා මැරුනේ... රැව්ලා කන්නාඩිකාරයා සුන්දරයා.. හැක් හැක්.. එළස් මචෝ...

    ReplyDelete
    Replies
    1. මේක වීරයගෙ ආර නෙවේ. වීරය ගැන පෝස්ටු දෙකක් ලිව්ව නිසා ෂෝට් එකක් දැම්ම

      Delete
  5. නත්තල් සියා වණිජ සංකේතයක් වෙලා දැන් බොහොමකල් කියලයි මම හිතන්නේ. හුගක් නත්තල් සියාලාගේ කතාවත් ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. නත්තල් සීය නෙවේ ජේසු බුදුන් පවා විකුණන්නෙ

      Delete
  6. හැමදාම නත්තල් නෑ වගේ... නත්තල් සීයටත් නත්තල් නෑ..
    වඩුවගෙ ගෙදර පුටුවක් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් දන්න ටික තමයි ඉතින්... දන්නේ නැද්ද නත්තල් පප්පා මුළු අවුරුද්ද පුරාම මහන්සි වෙලා සෙල්ලම් බඩු හදන විත්තිය ?

      Delete
  7. දැන් ඉන්න නත්තල් සීයලත් වල් වෙලා වගේ..හැබැයි මෙහෙ එවුන් විතරද කොහෙද?

    ReplyDelete
  8. මේකා ඇග පත පිරිච්චි නත්තල් පප්පෙක්ද?
    කැහැ‍ටු එවුන් නත්තල් පප්පට ඇන්දම නත්තලත් එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. මූ මගේ හිතේ හිටිය එකෙක්.

      Delete
  9. නත්තල, සිංහල අවුරුද්ද, වෙසක් පෝය, මොනවද නොවිකිනෙන්නේ? ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  10. ඔය නත්තල් සීයට ඇඳල ඉන්න අයව දැක්කම සමහර පොඩි ළමයි බය වෙනවා මම දැකල තියෙනවා. එක පාරක් කඩේක හිටිය ඔය වගේ නත්තල් සීයා කෙනෙක් පොඩි එකෙක් ගාවට ගියා විතරයි ඒ ළමයා හයියෙන් කෑගහල අඬන්න ගත්තා.

    ReplyDelete
    Replies
    1. මරුමුස් එවුන් වෙන්නැති

      Delete
  11. එහෙනම් ඉතින් ලොකු පප්පත් හුරතල් කරනව ඇත්තේ ලස්සන අම්මලගෙ බබාල වෙනටැ........:ඩි

    ReplyDelete
    Replies
    1. නැතුව. බබාල නැති අම්මල වෙන්ටත් පුළුවන්

      Delete
    2. සෑර් මේ ලඟදි පබා නෝනා හුරතල් කරල තිබ්බා.
      ජාතියේ නිලිය දැන් වයසයි නේ.
      -සූස්ති

      Delete
  12. \\\\\\\\\\ මම ඇඳල ඉවර වෙනකොට ඌ ආව. ඉතිං ආයෙ ගලවල ඌට ඇන්දුව.\\\\\\\\

    ඕක හැමදාම වෙන එක බන්... මේ අඳිනවා ..මේ ගැලවෙනවා ... :)

    සිරාම පෝස්ට් එක ........ +++++++++++++++++

    ReplyDelete
  13. මේක නිකම්ම ඉවත දැමිය හැකි සටහනක් නොවේ සරලත්වය තුළ උපහාසය පිරි පෝස්ටුවක්.. මේවත් ලියැවෙන්න ඕන රාජ්.. මේකේ වටිනම කෑල්ල සහන් මේ අල්ලලා තියෙන්නේ... ආයි මං මොකටද ඒ ගැන කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹල සීතාම්බර සළුවෙ හැඩ කියනවනෙ. මේකෙ මොකුත් නෑ

      Delete
    2. ඔය කියන්නෙ පත්තරේ ස්ටෑන්ඩඩ් එකෙන්. ලේක් හවුස් පත්තර වල යන දේවල් එක්ක බැලුවාම මේක මාරයි. ඒක සම්පූර්ණ ඇත්ත. රාජ් ඇඳගන්න ඕනැ නෑ.

      Delete
  14. කෝකත් විකිනෙන මේ ලෝකේ . . .නත්තල් පප්පත් පප්පෙක්ද බන් , ,, අඩුම ගැනේ ඔය සංකල්පේ වැරදි ඔව්ව විජාතික බලවේග කිය කියා ජොබ් දීපිය කියනවට වඩා ඔය ඇදුම ඇදල දවසට කියක් හරි හොයන එකට මම කැමති බන් , , , ,

    ReplyDelete
  15. අඩේ මං ප්ලස් එකේ දැක්ක බං ඉටි රූප ටික වගේ ලස්සන ගෑනු ටිකක් නත්තල් සීයත් එක්ක ලෝක වටේ යන්න සෙට් වෙලා තිබුනා. ඒක දැන්වීමක්..ඒත් ඒ ගෑනු අය නත්තල් සීයගේ සපෝට් එකටලු පෝලිං වෙල හිටියෙ. රතුපාටට ඇඳගෙන හිටපු ජංගි කොටේ පටිය සෙන්ටිමීටරයක් වත් පලල නැහැ. අම්මේ ඒ හෙල්පර්ස්ලත් එක්ක නත්තල් සීය ආවොත් නම් මෙහෙ ප්‍රාෙද්සීය සබා සබාපතිලගෙන් බේරගන්නවා බොරු.

    ReplyDelete
  16. වැරදි තැනක වැදුන නිසා මැකුව,
    අනේ බං දැන් නත්තල් සීයාවත් විකුනං කාල ඉවරනෙ,අර ඇඳුම් ගලෝල ආයෙ අන්දපු කතාව නං මරු.

    ReplyDelete
  17. දැන් එතකොට නත්තල් සීයලා හුරතල් කරන්නේ අම්මගේ මූණ බලලද?

    ReplyDelete
  18. අපේ ඉස්සරහ ගෙදර සුද්දගෙ නෝන පොඩි නත්තල් පප්පෙක්ගෙ පිළිමයක් දැම්ම දොරකඩ තියල, දොරේ සුකුරුත්තමක් එල්ලල දැම්මම. අපේ පොඩි එකාට ඒක පෙන්නල තමයි මේ දවස් වල බත් කවන්නෙ. බලහන් ඒකෙ හැටි, ඒ මුනුස්සයගෙ පිළිමෙත් උදව් කරනව. ඒකට අපේ පප්පල!

    ReplyDelete
    Replies
    1. අපේ පප්පල ණය අරන් පැනල යනව නේද? උඹල මොටෝ ඉතින් ණය දෙන්නෙ?

      Delete
    2. පප්පලට උනත් හැමදාම නත්තල් නෑ!

      Delete
  19. 1500 ක් එකත් නත්තල ඉවර උනාම ඉවරයි හැමදාම නත්තල් නෑ

    ReplyDelete
  20. ඕක තමයි රාජ් නත්තලේ ඛේදවාචකය......අප තෑගි ලබන්නෝද ...බෙදන්නෝද කියලා හිතාගන්න බැහැ......හැම තැනම එකම කතාන්දරය තමයි...ඉවරයි ටෙලියෙත් ඔහොම සීන් එකක් තිබුනා.

    මෙහේ තැන් දෙකක සැන්ටාට ඇඳලා ඔය ජොබ කරන පොරවල් දෙකක් මම දන්නවා.....අමු කට්ටලු බන්....දෙන්නාම homeless පොරවල්...සයිඩර් වලින් කික් එක ටොප් අප් කර කර වැඩේ කරනවා.....මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. A/L ඉවරයි ටෙලියේ................

      Delete
  21. ඉහේ ඉඳන් පොරවගෙන පට්ට අව්වේ කන කට්ටක්... ඕන්නං රු.500 ක් හම්බවෙයි... ඒ කමක් නෑ කියලා පප්පා හිතනවා ඇති. කවුරු උනත් ජීවිතේ ගැටගහගන්ට කරන දෙයක්නෙ.

    ReplyDelete
  22. අර යටින් තියෙන පප්පගේ උත්තරේ තමා ලස්සණ...හී හී...

    //නත්තල් පප්පට හිටිය එකා එන්න පරක්කු උන නිසා මට ඒක ඇන්දුව. මම ඇඳල ඉවර වෙනකොට ඌ ආව. ඉතිං ආයෙ ගලවල ඌට ඇන්දුව.//

    ReplyDelete
  23. වැඩියෙන්ම නත්තල් පප්පව විකුනන්නේ ක්‍රිස්තියානි අයමයි .... මොකද මන්දා ඒ ?????

    ReplyDelete
  24. මේ අලුත් හැඩය බොහොම ප්‍රියයි...රසේ උපරිමයි...මේ ආකෘතියෙම සටහනක් ඉස්සර ලක්බිම පුවත් පතෙත් තිබුනා..ඒක ලිව්වෙ නයි ටී එන් එකෙන් ආණ්ඩුවෙ රෙදි හෝදන ඩෝබි....මහින්ද ලොක්කා වෙන්ට ඕනෙ...

    ReplyDelete
  25. අන්න යකා අඩවිය හදාගෙන .දැන් සයිබර් අවකාශෙ යකා නටන්නයි යන්නෙ

    ReplyDelete
  26. හැමදෙයක්ම විකුණගෙන කන ලංකාවෙ ඕක අලුත් දෙයක් නෙමෙයිනෙ.

    ReplyDelete