Saturday, January 11, 2014

අන්‍තෝ ජටා බහිජටා!

නලීන් දිල්රුක්ෂ, දිනමිණ සංස්කාරකවරයා, සිටි‍යේ නින්ද අහලකවත් ඇති සීමාවක ‍නො‍වේ. ‍වෙනදාට සුවපහසු නින්ද ලැබ‍දෙන සයන‍යෙන් කිසිදු පිළිසරණක් නැත‍. අඩුම තරමින් සන්ධ්‍යා‍වේ ගත් මධුවිත පවා සුව නින්දට උපකාරයක් නැත. අන්ති‍මේදී සයනය අසල වූ ටී‍පෝ‍වේ තිබූ වතුර වීදුරුව පානය කර කලිසම් සාක්කුවක තිබූ දුම්වැටි පැකට්ටු‍වෙන් එකක් රැ‍ගෙන දල්වා‍ගෙන ‍ගෙයින් මිදුලට පිවිසි‍යේය.

"හරි! බ්‍‍‍ලොග්වලින් අහුලල හරි දාන්න ‍දෙයක් තියනව නං දානව‍කො! හැබැයි පු‍තෝ වගකීම ගන්න ‍වෙන්‍‍නෙ උඹටම තමයි! දාන්‍‍‍නෙ ‍මොනවද කියලත් උඹම තීරණය කරපං"

ප්‍රධාන කතෘ‍ගේ වදන් තවමත් ඔහු‍ගේ කන්තුල ‍දෝංකාර ‍දෙන්නට විය. භාගයක් පමණ ඉරූ දුම්වැටිය තාප්පයට ඉහලින් මාවතට විසිකර දැමූ සංස්කාරක වරයා නැවතත් සයනයට පිවිසි‍යේය. සුව නින්දක ඇතැයි සිතා සිටියද ඔහු‍ගේ භාර්යා‍තො‍මෝද සිටි‍යේ අඩ නින්‍දේය. ‍වෙනදාට මධුවිතක් ‍තොලගා පැමිණ සුව‍සේ නිඳන සැමියා‍ගේ අමුතු හැසිරීම ඇයට ප්‍ර‍හේලිකාවකි.

"ඇයි අ‍නේ? ‍මොකද ‍වෙලා ති‍යෙන්‍නෙ ඔයාට? ‍මොකද නින්ද යන්‍නෙ නැත්‍තෙ?"

"මටත් උ‍නේ මාර ප්‍රශ්නයක්‍නෙ ‍නෝ‍නේ"

"ඇයි, ‍මොකද්ද ප්‍රශ්‍‍නෙ? සර් ‍මොකුත් කිව්වද?"

"නෑ නෑ..... එයා ‍මොනව කියන්නද?"

"එ‍හෙනං..... ඇමති ‍කෙ‍නෙක්.......?"

"එයාල අපි එක්ක තරහ ‍වෙන්න අපි එයාල‍ගෙ වැඩ ‍නොකර හිටි‍යෙ කවදද?"

"එ‍හෙනං ‍මොකද්ද අ‍නේ ඔයා‍ගෙ ප්‍රශ්නෙ? ‍මො‍කෝ ආණ්ඩුව ‍පෙර‍ලෙන වගකුත් නැති එ‍කේ?"

"ඒක නං හැබෑව! ‍මේක මම විහින් දාගත්ත එකක් ‍නෝ‍නෙ"

"ඒ කිව්‍වෙ?"

"අ‍පේ අර බ්‍‍ලොග් ලියන ‍කොල්‍‍ලො ‍‍කෙල්ලො..... ඔයා දන්නව‍නේ....."

"ඔව් ඔව්.... ඔයා ලඟදිත් ගි‍හිල්ල ‍හොඳටම බීල ආ‍වෙ මොකද්ද අර බීච් පාටියක...."

"අන්න එයාල තමයි"

"ඉතිං?"

"මම ඒ ‍කොල්‍‍ලො ‍කෙල්‍‍ලො ටිකට ස‍පෝට් එකක් විදියට හැමදාම පත්ත‍රෙන් පිටුවක් බ්‍‍ලොග් ‍වෙනු‍වෙන් ‍වෙංකලා"

"දැං ‍මොකද්ද ප්‍රශ්‍‍නෙ?"

"ප්‍රශ්‍‍නෙ කියන්‍‍නෙ හාමි‍නේ මුං එ‍කෙක්වත් අ‍පේ රජ්ජුරුවන්‍‍ගෙ ‍හොඳක් ලියන එවු‍වො ‍නෙ‍වේ. ආදර කයියක් විහිළු කතාවක් ඇරුනම මුං හැම එකාලම ලියන්‍නෙ ‍ද්‍රෝහී කතා විතරයි! ‍දුරදිග ‍නොහිතා පටං ගත්තට මං කල්පනා ක‍ලේ ‍මොනවද ‍මේ‍කෙ දාන්‍න ති‍යෙන්නෙ කියල!"

52 comments:

  1. භාර්යාතේමෝ = සුදුහාමිනේ...(නලියා කියන්නේ එහෙමයි)

    ReplyDelete
    Replies
    1. යකෝ ඒක කෙටි කතාවක් විතරයි....

      Delete
  2. හිතට ආව දේවල් කිව්වොත් උදේ පාන්දරම අහ ගන්න වෙනවා.. ඒ හින්දා මං කැපෙනවා... :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං මේ මාරය ලියන එව්ව තියෙන්නෙ. දාහන්කො බෝනස් එකක් හම්බුවෙන්නෙ නැද්ද බලන්න. මදිවට මාතලන්ගෙ "ඔක්කොම කැතයි ලොක්ක හොඳයි" එව්වත් තියෙන්නෙ.

      Delete
    2. ඇත්තනේ.... මාරයියගෙ ලිපියක් දැම්මනම් වැඩේ බැලන්ස්. ඒ පිනෙන් දැන් ඉන්න කතෘට හි.ක. වෙන්න ටිකට් එක ඇදිල .. නෑ... එක්කො ඕන නෑ. :)

      Delete
    3. කොහෙද රාජ් මේව දන්න එකක් යෑ..

      Delete
  3. පොඩ්ඩක ඉවසලා ඉමු. නුදුරු අනාගතයේදීම සිංහල බ්ලොග් අවකාශය රාජ පාක්ශික වයසක ඇත්තන්ගෙන් පිරිලා ඉතිරිලා යයි.. එතකොට දාන්න දේවල් තෝර ගන්න බැරුව නලින්ට කුසපත් අදින්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අපි වගේ කොල්ලන්ට තමයි කෙලවෙන්නේ. නලියා බොග් ටියුෂන් ක්ලාස් එකක් දායි රාජ - පස්සලාට

      Delete
    2. සෙන්නා ++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. නලින් අයියටත් වෙන දේවල්...හැබෑටම දැන් මොකෑ කොරන්නේ....කාටහරි කියලා ලියවාගන්නවත් වෙයිද එහෙම එකක්

    ReplyDelete
  5. ඇහ්.. ඒකියන්නෙ වැඩේ ලත් තැනම ලොප් වෙන්නද යන්නෙ.

    ReplyDelete
  6. //ආදර කයියක් විහිළු කතාවක් ඇරුනම මුං හැම එකාලම ලියන්‍නෙ ‍ද්‍රෝහී කතා විතරයි!//
    ද්‍රෝහී කතා වර්ග කිහිපයක් ඇත.
    දේශ ද්‍රෝහී කථා- ලියන කිහිප දෙනෙක් ඇත. කොතනකවත් පල කල යුතු නොවේ.
    රාජ්‍ය ද්‍රෝහී කථා - නලින්ට කෙසේවත් පලකල නොහැක. එම කථා සමහර විට දේශ ද්‍රෝහී නොවිය හැක.
    විපක්ෂ ද්‍රෝහී කථා- එහෙම කථා ලියන වුන් අඩුය නලින්ට එම කථා පලකල හැක.
    ආගම්වලට ද්‍රෝහී කථා- එකෙක් දෙන්නෙක් සිටී.
    ජාති ද්‍රෝහී කථා - එකෙක් දෙන්නෙක් සිටී.

    මම නම් ඔය වර්ග වල කථා ලියන්නේ නැත.

    ReplyDelete
  7. හි හි අනිවා තව ටිකක් කල් යනකොට ලොක්ක කාට හරි කියල හරි එකක් ලියව ගනී... එතකං ටිකක් ඉවසුව නං

    ReplyDelete
  8. ඇයි දෙයියනේ.. මාරයගෙ බ්ලොග් එක පොඩ්ඩක් ඇවිස්සුවා නං මාස ගානකට ඇති වෙන්න රජ්ජුරුවන්ගේ හොඳ ලියපුවා හම්බුවෙයිනෙ... හි හි....

    හැබෑට ඒකෙත් හැටි නේද.... නලීන් අයියට කොහෙන් ගියත් මොකක් හරි කේස් එකක්මයි වැටෙන්නෙ.. ග්‍රහය හොඳ නැද්ද මන්ද... මාරයටවත් කියල කේන්දරේ බලවා ගත්තනං හොඳයි වගේ... හි හි

    රාජ්ටත් හිතෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ අපේ ඉස්කෝලේ සගයගේ බ්ලොගේ බඩු තියනවා ඕන තරම්.

      Delete
  9. අනේ අම්මපා මෙච්චර හොඳ දෙයක් කරන්න ගිහිල්ලා නලියා වැටිච්ච අමාරුවක්.

    ReplyDelete
  10. ඇත්තටම රාජ් දිනමිණ පාඨකයන් පිරිස සහ බ්ලොග් පාඨකයන් අතර පොඩි විරසක භාවයක් තියෙනවනේ දේශපාලනිකව.... ඒ නිසා මම නම් කියන්නේ නලියගේ ජොබ් එකට හෙණ වදින්නේ නැතුව ඕනේ දෙයක්...

    දිනමිණ පාඨකයන්ගේ හිත බිඳෙයි බ්ලොග් වල යන පෝස්ට් දැක්කම... හැක හැක ...

    ReplyDelete
  11. යක්කුන්ටත් කුක්කු පොවන්නේ කොක්කු පෙන්නලා කියලා බජාර් එකේ කථාවක් තියෙනවා.....නලීන් වැඩේ ගොඩ දායි...

    ReplyDelete
  12. මේ කතාව මුලින්ම දැක්කමත් මට හිතුනේ ඕක.
    මේවයේ ලියවෙන දේවලුයි දිනමිණයි බලපුවහම,බුමි තෙලුයි පරිප්පුයි වගේ.
    නිකන් ඉතාලි කෑමක් නෙලුම් කොලේට බෙදලා වගේ.
    හැබැයි ඉතින් මනුස්සයා දක්සයාලුනේ

    ReplyDelete
  13. මහින්ද ගේ උපන් දිනේට දාන්න නම් නලීන් ගේ ම බ්ලොග් ලිපියක් තියෙනවානේ?

    ReplyDelete
    Replies
    1. හැක්.. අන්න මාර්කටින්...

      Delete
    2. 2012 දි නම් නලීන් අයිය එහෙම එකක් දැම්මද කොහෙද, ඒකට ආපු කමෙන්ට්ස් ටික නිසාම වෙන්නෝන 2013 දී නම් එහෙම ලිපියක් තියෙනව මම දැක්කෙ නෑ.

      Delete
    3. පළමු ලිපියෙන් කෑ පරිප්පුවෙන් පසු මෙවර එය අතැරියෙමි කකා..

      Delete
    4. නලින්,
      අ‍නේ ඒකෙන් උ‍නේ උ‍ඹේ ‍කෙල්ලටවත් සුභ පතන්න ඉඩ ‍නොලැබීම.

      Delete
  14. හෆ්ෆටසිලි .... සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. නලීන් අයියට බෝතලයක් ගෙදර ගෙනිහින් තියාගත්තත් අවුලක් නෑ වගේ.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. //// කෙල්ලේ මට අවශ්‍ය තියෙන පුංචි සිදුරෙන් රිංගලා අපේ බ්ලොග් ලියන්නන්ට වැඩක් කර දෙන්නයි.///

    මේ එයාට අවශ්‍ය වෙච්ච දේ එයාගෙම වචන වලින් දවස් කීපයකට පෙර මා සමග කියපු කතාව ..ඒත් සමහර බ්ලොග් පෝස්ට් දකිද්දී හිතෙනවා හවසට ට්‍රේන් එකේ යනගමන් හිමිට බ්ලොග් එකක් කියෝගෙන ගෙදර ගියානම් හොදයි කියල දැන් නලින් අයියට හිතෙනවා ඇති....


    ReplyDelete
  17. මං දන්නව මීලඟ ගෙට්‍ටුවෙදි.. නලියගෙ...කනේ මයිලුත් ගලවනව කට්ටිය...ඇයි බැලුවම දාන්න ලිපි...නලියටම තමා ලියන්න වෙන්නෙ..! හික්

    ReplyDelete
  18. ඉස්සරහට පොස්ට් එකක් ලියනකොට පත්තරේ දාන්න සුදුසු/නුසුදුසු , කැමති/අකමැති වගේ වචනයකුත් මාතෘකාව එක්කම දාන්න වෙයි වගේ.. හය්යු... බ්ලොග් ලියන එකත් එන්න එන්න සංකීර්ණ වෙන්නයි යන්නේ.. :D

    ReplyDelete
  19. අවුලක් නෑ.. ඔය සම හරක් කියන්නේ පට ගත්ත කාළේ මාරම ඒවා ගියා කියලා.. ඒවා හරි දාන්න බැරිය...

    ReplyDelete
  20. නලීන් මෙහෙම ගියොත් උඹ ලියපුවා ගෙන්ම තමයි පිටුව පුරවන්න වෙන්නේ.

    මානි දැන් රාජ්ගේ බ්ලොග් එකේ පෝස්ට් ලියන එක දිගටම කරගෙන යනවා වගේ නේද? ලේක් හවුස් එකේ කරන්න වැඩකුත් නැතුව ඇතිනේ.

    ReplyDelete
  21. හයියෝ.... නලින් අයියටත් වෙන දේවල් :)

    ReplyDelete
  22. ඔහොම කිව්වට දැන් කට්ටිය ෆෝම් වෙලා ඉන්නෙ, දැන් ලියයි දිගට හරහට පත්තරේ නම දාගන්න :D

    ReplyDelete
  23. හෙට දාන නිව්ස් ගැන අද උදේ ලොක්ක එක්ක ජිම් එකේ කතා කරන මාධ්‍ය මුදලාලිලා ඉන්න රටේ,දිනමිණ වගේ පුවත් පතකින් යමක් වෙනස් කිරීමට හැකි යැයි සිතීම විහිළුවකි.
    නලින් කියන චරිතයද යම් කිසි රාමුවක් තුල කොටු වී ඇති බැවිනි.
    මාතලන් ලියන යෝජනා නම් ලොක්කගෙ සිත් ගැනීමට ඉඩ ඇත.නමුත් ක්‍රියාත්මක කරන්නේ තුප්පහි නිලධාරීන් නිසා කිසිම දෙයක් මේ ආත්මයේදී සිදු නොවෙනු ඇත.
    මගේ ඒකායන පැතුම සාර්ථක වේවා යන්නයි!
    නමුත් එයද මේ ආත්මයේ නොවෙනු ඇත.

    ReplyDelete
  24. දිනමිණ පත්තරේ බ්ලොග් ගැන යන සීන් ඒක දැක්කම මතක් වුනේ හැත්තෑ ගණන් වල සිරිමාගේ ආණ්ඩු කාලේ ඩේලී නිවුස් පත්තරේ ගියා කියනMr. D.E.M.O'cracyගේ මරණ දැන්වීම.ඒ කාලේ ඒ දැන්වීම සහෙන්න අන්දෝලනයක් ඇති කලාලු.
    පත්තරේ බලලා, බ්ලොග් කියවන්න ආපු අහිංසක රාජ-පාක්ෂිකයින්ගේ රාජපාක්ෂිකභාවය බිඳේව්වේ බ්ලොග් කාරයෝ කියලා දවසක කියන්න බැරි නෑ! :D

    (ඕන්න සම්පුර්ණ මරණ දැන්වීම)
    DEATH NOTICE
    O'CRACY - The death occurred under
    tragic circumstances of D. E. M. O'cracy,
    beloved husband of T. Ruth, loving father
    of L. I. Bertie, brother of Faith, Hope and
    Justitia, interred on Saturday 20th inst.
    Araliya Medura, Panagiyawatte,
    Anduruwala.
    (ඉස්සුවේ දිවයින පත්තරේන්)

    ReplyDelete
  25. නලින් අයියා වෙනුවෙන් ලියවුන තවත් එකක්.

    මලමගුලයි. නලින් අයියට ඔය කෙටිකතා, කවි එහෙම තෝරන්නත් අමාරු වෙයි. ඒවයෙත් සමහර වෙලාවට හීන් නූලෙන් මහරජාටමනෙ කපන්නෙ!

    ReplyDelete
  26. නෑ. නෑ. අදින් පස්සෙ අපි නම් පවතින ක්‍රමය, දේශපාලනය ගැන වචනයක් කියන්නෑ.

    හැබැයි අද නෙමේ හෙට!

    ReplyDelete
  27. මටත් ලියන්ඩ හිතෙනවා මේ ගැන ලිපියක්

    ReplyDelete
    Replies
    1. අටමෝ ලියපන්!

      Delete
  28. බ්ලොග් ලෝකේ පොඩි කුණාටුවක් හමාගෙන ගිහින් වගේ. :D

    ReplyDelete
  29. නෑ නෑ ඔන්න එහෙනම් අද ඉදලවත් අපිත් දෑත් ශක්තිමත් කොරන්න පටන් ගන්නෝ..

    ReplyDelete
  30. රස්සාවට කඩේ යෑමයි රස්සාවෙන් පස්සේ කඩේ යෑමයි කියන්නේ දෙකක් කියලා නලින් දිලෘක්ෂ තේරුම් ගන්නකං හැමදාම ඔය ලිපි වලට ලැබෙන්නේ ගල් මුල් විතරක්මයි.

    ReplyDelete
  31. ඒ කතාවත් ඇත්ත තමයි බලාගෙන යද්දී.. බලමුකෝ නලීන් අයියා මොකද කරන්නේ කියලා..

    ReplyDelete
  32. I did try to comment on a couple of other posts, but didn't work. Not sure if something wrong with my proxy settings. Anyway, as usual, I read something I would expect from Lakbima Editor. Good job man.

    ReplyDelete
  33. නලින් අයියාගේ ගෙදර කතා බහා කොහොමද යකෝ රාජ් දැනගත්තේ...?

    ReplyDelete
    Replies
    1. අන්න පරශ්නේ

      Delete
    2. +++
      නලින් අයියේ.. නිදා ගන්න කලින් සෝච් පාරක් දාන්ඩ හොඳට. නැත්නම් හෙට අනිද්දට මොනවා ලියවෙයි ද කියන්න බෑ.. :D

      Delete
  34. අපේ නලින් මාමා නේද ඔය පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ....වැඩේ ගොඩ දාගනියි...නැත්තං එයාම ලියලා හරි ලිපි පල කරයි...

    ReplyDelete
  35. නලීන් අයියේ මම මේ කියන්නෙ නලීන් අයියගෙ හොදට.... පොඩ්ඩක් නිදාගන්න යද්දි ඇද යට මේස යට පොඩ්ඩක් සර්ච් පාරක් දැම්මනම් හොදයි... මොකද නැත්තම් මේ වගේ කතා රාජ් දැන ගන්න විදියක් නෑ නොවැ....

    එල එල නලීන් අයියා... මොනවහරි කුණු ගොඩක් දන්නකෝ....

    ReplyDelete
  36. ඔන්න එල වැඩක් එතකොට බ්ලොග් කියවන්න තව කට්ටියක් එකතුවෙයි න

    ReplyDelete
  37. ලොකු මහත්තයගෙ නිල බ්ලොග් රචකයාවන්නට ඇත්නම් මට...

    මතු මහලේ තිබිය හැකි වියෝ, වූ ලකී වැඩ සිටි
    ආසනය මතට නගින්නට තතනන හිරු පසුකරමින්
    ගොස් පහල මාලයට ගොස්
    තුන් සිය හැට පහේම පීඩිත පොදු ජනයාගේ මුදල්වලින් නඩත්තුවන විවෘතව ඇති මහ දන්සැලෙන් රසමසවුලු වලින් කුස පුරවාගෙන
    ජනයාගේ මුදලින් නොමිලේ ලැබුනු ලැපත් කරේ රුවා, පිටාංගනයේ
    නොනවත්වා පත්තුවන නිල ඡායාරූප ශිල්පියාගේ කැමරාවටත්
    දත් හතලිස් අටම පෙන්වා ඩයල් එක දාගෙන
    ජනයගේ මුදලින් නඩත්තුවන දඩ වාහනයක නැගී
    මහේශාක්‍ය ලෙස කොස්සන්ටත් පාට් එකක් දාගෙන
    දියවන්නාවට ගොඩ බැස,
    එහි නිල ආසනයක් සඳහා දීර්ඝකාලීන ව්‍යාපෘතියකට සෙට් විය හැක

    ReplyDelete