Thursday, January 23, 2014

වැල පොයින්ට් කවුන්සිලයට........... (Road to PC-1)

නළු නිළියන් දේශපාලනයට පැමිණීම මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි. මේ පිළිබඳව විරුද්ධ අදහස් මෙන්ම පක්ෂ අදහස්ද දක්නට ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිකුත් කර ඇති නිවේදනය වැදගත්ය.
ඔවුන්ට අනුව "දීර්ඝ කාලයක් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටි අත්දැකීම් සහ දේශපාලන විනයක් සහිත පුද්ගලයින්ට නාම යෝජනා නොදෙන පක්ෂ තම නාමයෝජනා ‘ලිංගික සංකේත‘ වලින් පුරවමින් සිටියි"

නළු නිළියන්ගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අපට ආගන්තුක නොවේ. ගාමිණි ෆොන්සේකා විජය කුමාරතුංග ආදීන් මීට පෙර ජාතික දේශපාලනයට පැමිණියහ. නමුත් අනර්කලීලා පබාලා වැනි දේශපාලනය හසරක් නොදත් පියරුබබාලාගේ ආගමනයත් සමඟ වර්ධනය වූ මේ ක්‍රියාදචාමය මේ වනවිට මුළුමනින්ම පාහේ අයහපත්ය. එය කසිප්පු කාරයන්ගේ කුඩුකාරයන්ගේ දේශපාලන ආගමනයෙන් වෙනස් නොවේ. සමහර විට ඊටත් වඩා පසුගාමීය. දේශපාලනයට පැමිණිය යුත්තේ අසුවල් කුලකයේ අයවලුන් යයි නියම කල නොහැකි වුවත් අඩුම තරමින් ඔවුන් "දේශපාලනය" යන්නවත් අවබෝධය ඇති අය වියයුතුය. එසේ නොවූ විට ඇතිවන්නේ 360ට පැමිණි පබා මෙන් ඇඹරීම්ය, සිතූ ලෙස පිල් මාරු කිරීම්ය, දැඩි අකාර්යක්ෂම නායකයන් බිහිවීම්ය.

මෑත කාලීන නළු නිළියන්ගේ දේශපාලන ආගමනයට හේතුව ලෙස තවත් සාධකයක් දැකිය හැකිය. එනම් මුදල් සාධකයයි. අතීතයේ මෙන් නොව මේ වනවිට සිනමා හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරතව සිටියවුන් අති විශාල ධනස්කන්ධයන්ට හිමිකම් ඇත්තවුන්ය. අතුපතර වැවී හතර අතට මුල් විහිදීගත් මහා දේශපාලන වෘක්ෂයන් සමඟ පොරයට වැටීමට තරම් මුදල් ඔවුන් සතුය. කවුදෝ කීවාක් මෙන් "ධනයෙන් ආඩ්‍යව ඇත්තාගේ ඊලඟ අරමුණ සපත්තු ලෙවකන්නන්ය" යන නියමයට අනුවද අවශ්‍ය නම් මෙය විස්තර කලහැක.

අවසාන වශයෙන් කිවයුත්තක් ඇත. ‍ලාංකීය දේශපාලකයන් කාලයක් තිස්සේ ඡන්ද දායකයා පරීක්ෂා කරමින් සිටී. ඒ විවිධ මුහුණු දේශපාලනයට ගෙන ඒමෙනි. ක්‍රම ක්‍රමයෙන් තත්වයෙන් බාල මුහුණු කරලියට පැමිණියද ඡන්ද දායකයාගේ ඉල්ලීම දුන්නාටත් වඩාත් "බාල" මුහුණුය. මේ ක්‍රියාදාමයේ නැවැත්ම කවදා සිදුවෙතැයි අනුමාන කල නොහැකිය. මක්නිසාද යත් තමා පරාජයට පත්වූවත් ඒ බැව් පිලිගැනීමට තරම් බුද්ධියක් ඔවුන්ට නොමැති බැවිනි.

43 comments:

  1. මං කරේකල අතෑරිය වගේ නේ බං මේ මොනවද අම්මප අර රටක් වටින පත්තිනි අම්මලට කියන කතාද මේ..

    ReplyDelete
  2. අනේද කියන්නේ දේශකයෝ...බලන්ටකෝ මූණු ටිකේ ලස්සණ විතරක්. මීට පස්සේ කට්ටියට නිදිමත හැදෙන එකක් නෑ. :D:D

    ReplyDelete
    Replies
    1. හැක් හැක් අනිවා කවුරු එපා කිව්වත් මානාපේ නොදි කොමද ?මේ අර 4වෙනියාට ඉන්නෙ කවුද හැබැට ..

      මීට පස්සේ කට්ටියට නිදිමත හැදෙන එකක් නෑ.////
      ඇයි ද දන්නෙ නෑනේ ..

      Delete
  3. මේගොල්ලන් දේශපාලනය අතින් jokers (or worse) බව ඈත්ත. නමුත් කුඩුකාරයන්, කුඩු මුදලාලිලා, චන්ඩින් (ගීතගෙ ටෝක් වලින් නම් ඒගනයටත් අයිති වගේ), ස්ත්‍රී/ලමා දූශකයින්, චන්ඩි හාමුදුරුවරු, සමාජවාදී වෘත්තියක් ලෙස වර්ජන කරන්නන්, මිනීමරුවන් ආදීන් මේගොල්ලන්ට වඩා හොදද? Most of the full time politicians are un-convicted criminals, and they are NOT sexy! So, why not these who are at least pleasing to the eye?

    ReplyDelete
    Replies
    1. නෑ! එකෙන්ම නෑ! ප්‍රා කියන ජාතියෙ එවුන් එක්ක බැලුවම නං අනර්කලීල නදීෂල හොඳයි කියල හිතෙන්න පුළුවන්. නමුත් මගේ හැඟීමේ හැටියට නං මේක පසුගාමී පියවරක්. මෙන්න හේතු.

      අතීතයේ යම් කාලයක මහත්මා යයි කියන්න පුළුවන් ලක්ෂණ සහිතව දේශපාලනය තිබුන. ඊට පස්සෙ ආවෙ පාදඩ දේශපාලනය. ඊටත් පස්සෙ ආවෙ කෙලින්ම කුඩුකාරයන් කසිප්පුකාරයන් ආදීන්. ඊටත් පස්සෙ තමයි මේ රැල්ල ආවෙ.

      ලංකාවෙ දේශපාලනයේ (සහ මුළු සිස්ටම් එකේම) අවුලක් තියනව. නීතියක් රීතියක් එතන නෑ. ඒ දේවල් වෙනස් වෙන්න ඕන. කුඩුකාරයන් කසිප්පුකාරයන් ඉවත් වෙලා පිරිසිදු තැනක් වෙන්න ඕන. (අඩු ගානෙ එහෙම වෙන්න පසුබිමක්-යාන්ත්‍රණයක් තියෙන්න ඕන). ඒ වෙනකල් ගැලවීක් නෑ.

      ජනප්‍රිය චරිත දේශපාලනයට පැමිණීමත් මම ඉහලින් කිව්ව පිරිහීමේම කොටසක් -දිගුවක්-මිසක් වෙන යමක් නෙවේ. මොකද මේ ගොල්ල එන්නෙ සිනමාවෙ වගේ දුෂ්ඨයගෙන් අපිව ගලවාගන්න නෙවේ. අන්න ඒකයි මම කියන්නෙ මේක පසුගාමී පියවරක් කියල.
      (මම බලාපොරොත්තු උන ප්‍රශ්නයක් කලින්ම මතුකලාට ස්තුතියි)

      Delete
    2. my point ;-
      "සුදුසු" නෑත්නම් "අඩුම නුසුදුසු"

      Delete
    3. ඔය තර්කය පිළිගන්න පුළුවන් සුදුසු අය නැත්නම්. දැන් ඉන්න අය එක්ක නෙමෙයිනෙ ඕක සංසන්දනය කරන්න ඕනේ. ඔය සංවිධායක තනතුරු වලට පත්වෙන්න හිටපු නියැදි වලින් අඩුම නුසුදුසුකම් තියන අයද මේ? එහෙම ක්‍රමවේදයක්වත් තියනවා නම් ඒකත් පුදුමයට කාරණාවක් තමයි. දැන් මේ අය මීට කලින් ආසන සංවිධායකවරු වත් වෙලා හිටියද?

      Delete
    4. "මේ වනවිට සිනමා හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරතව සිටියවුන් අති විශාල ධනස්කන්ධයන්ට හිමිකම් ඇත්තවුන්ය."
      ඒ අය මුදලාලිලට සහ අපරාදකාරයන්ට නයගෑතිව චන්දකරල දිනුවහම හොරකම් කරන එක චුට්ටක් වත් අඩුවෙන් කරන්න චාන්ස් එකක් තියනව නේද? කෙසේවෙතත් PC කිසිම වෑඩකට නෑති breeding grounds for politicians විතරයි.

      Delete
  4. සුනීල් පෙරේරාත් නළු නිළියො දේශපාලනයට එම ඒක ගැන මරු කතා ටිකක් කියලා තිබුනා.

    ReplyDelete
  5. දැන් පවතින දේශපාලනය මීට වඩා අයහපත් හෝ නොදියුණු එකෙක් බ්නවට පත් කිරීමට මොවුන්ට දිය හැකි දායකත්වයනම් අවමය. මන්ද කුනුගොඩට කොතරම් කුණු එකතු වුවද එය වඩා නරක කුණුගොඩක් බවට පත්කරලිය නොහැකි නිසාය.

    ReplyDelete
  6. අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕවාට තමා ඉතින්...

    ReplyDelete
  7. ඊලඟ පාර්ලිමේන්තුව කාමුකම පාර්ලිමේන්තුවක් වෙයි කියල සැමා කියල තිබුන.ඒකට කොමෙන්ට් කරල අතගත්ත විතරයි.සියල්ල අලෙවි වෙනකොට ලිංගිකත්වය අලෙවි කිරීම නරක දෙයක් නොවෙයි.හැබැයි මේ වගෙ විකාර දිගටම වෙන්න ගියාම ජනතාවටම ඇතිවෙලා දිල්ලියෙ අර්බින්ද් කෙජ්‍රිවාල් පත් කළා වගෙ ඊනියා ප්‍රධාන පක්ශ වලට එපිටින් වූ විකල්ප දෙසට යොමු වෙන්නත් බැරි නෑ.රටම නිකන් ජෝක් එකක් වෙනව මෙහෙම ගිහාම

    ReplyDelete
  8. කොහොමත් දැන් මෙයාලා දේශපාලනයට පැමිණීම හොද මාකට් එකක් කරගෙන තියෙන්නේ මාධ්‍ය ආයතන.දේශපාලනය ගැන උන්නදුවක් නොදක්වන අය පවා දැන් මේ නිසා දේශපාලනය ගැන කතා කරන්න අරන් තියෙනවා.හැබැයි ඉතින් රටේ ජන්ද දායකයෝ ඉල්ලා ඉන්නෙත් මේ වගේ අයනේ.අනික් එක මෙයලා හිතනවා ඇති පබාට,අනර්කලීට පුළුවන් දේ ඇයි මේ අපිට බැරි කියලා...:D

    ReplyDelete
  9. සෑබෑ ජනතා නියෝජනයක් වෙන්න නම් සමාජයේ හැම තරාතිරකම, සමාජ මට්ටමකම අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා ඔය වගේ අදහස් කියන එක සාධාරණයි..
      අනේ මහත්තයෝ ඔයා ඒ රටේ උන්නට කමක් නෑ. මේ වගේ දේවල් කියන්න යන්න එපා.

      Delete
    2. කකා,

      ඔසී පාර්ලීමෙන්තුවෙත් ඉන්නවද "Constitution" එක කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැති උදවිය. (මම මේ පබා මන්ත්‍රීතුමිය මතක් වෙලා කිව්වා කියලා එහෙම හිතන්න එපා ) සැබෑ ජනතා නියෝජනයක් තියෙන්න ඕනෙ උනත්, තමන්ට ලැබිච්ච වගකීමේ මුලීක කරුණු ටික ගැනවත් හදාරා තියෙන්න ඕනේ නේද? මොකෝ ඔය සියලුම දෙනා වෙනුවෙන් අන්තිමට ගෙවන්නෙ අපේ බදු සල්ලිවලින්නේ.

      Delete
    3. මොනවද මේ විකාර කතා?

      මිනිස්සු ගෑණු මොකවුණී් පාර්ලිමේන්තුවට යන්නේ මහජන ඡන්දෙන් / කැමැත්තෙන් නොවේද? ඒ දෙන ඡනදවල වටිනාකම අඩුද?

      අපි කඩේකට ගියත් බඩුවක් ගන්න චෙයිස් එකක් තිබුණොත් නේද හොඳ? අපේ රුචිකත්වයට අනුව අපි තෝරා ගන්නවා නේද?

      ඡන්දෙට ඉදිරිපත්වෙන්නත් නිසි වයසේ අයට සමාන අයිතියක් තියෙනවා නේද? ඒ අයගේ අයිතීන් ගැන කවුද පෙනී සිටින්නේ?

      අනික මේ අදහස් කියූ මගේ පැටිකිරිය මෙතනට මොකටද?

      මේ පහලින් මාතලන් සහ විචාරක කියා තියෙන දේත් කියවන්න!

      Delete
    4. මගේ අදහස මේකයි.

      මම නම් මෙතන යම් අයෙකුට ඡන්දය ඉල්ලීමේ අයිතිය ගැන ප්‍රශ්නයක් දකින්නේ නැහැ. මේ අයට ඡන්දය ඉල්ලන්න ඇති අයිතිය ගැනත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඡන්දයක් කියන එක කඩේකින් බඩුවක් තෝරනවා වගේ නිදහස් තේරීමක් කියලා මම හිතන්නේ නෑ. අපි අකමැති දෙයක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඡන්දයකදි නැහැ. ඒ ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් යම් පිරිසක් පත්වීම් අනිවාර්යයෙන් ලබනවා. පක්ෂයකට ඉදිරිපත්කල හැකි අපේක්ෂකයන් ගණන ගැන සීමාවක් තියනවා. ඒ නිසා එක් එක් ඡන්ද කොට්ටාශ වලින් ඉදිරිපත් වෙන අයගේ සීමාවක් තියනවා. මෙතැනදී ඡන්දයට ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක්ට ඡන්දය දෙන්න ඡන්දදායකයාට සිද්ධ වෙනවා. බහුතරය ඡන්දය පාවිච්චි නොකර සිටියා වුණත් එහි වෙනසක් වෙන්නේ නැහැ.

      මේකත් අර සංස්ථා සභාපතිවරු, තානාපතිවරු පත්කරනවා වගේ. ඒවා ජනාධිපතිවරයා විසින් කරන පත්වීම්. ඒ පත්වීම් නීත්‍යානුකූල වුණත් නුසුදුසු අය ඒ තැන් වලට පත් වුණාම සිද්ධ වෙන දේවල් අපි දකිනවනේ. ඒ නිසා මමත් මේක දකින්නේ ඉන්න නුසුදුස්සන්ගේ ගොඩට තවත් නුසුදුස්සන් එකතු කිරීමක් හැටියට. ඒ නිසා ඊට විරෝධයක් පෑම වරදක් විදිහට මම දකින්නේ නෑ. රටේ හැටියට මෙහෙම තමයි වෙන්න ඕනේ වගේ කතා හරි. නමුත් එහෙමයි කියලා ඊට විරුද්ධව කතා කරන්න බැරි කමක් නැහැනේ.

      හැබැ‍යි මේකත් කියන්න ඕනේ. මම දැක්ක ගොඩ දෙනෙක් මේකට විරුද්ධ මේ අය නිළියෝ, නිරුවතින් රඟ පෑවා, බිකිනි ඇන්දා කියලා. ඒ වගේ කතා නම් තේරුමක් නැහැ. ඒ අර්ථයෙන් නෙමෙයි මම අකමැති. මේකෙන් වෙන්නේ දැනට තියන මහා පරිමාණ හොරකම් කරන, මැර, අවනීතික දේශපාලනයට තවත් මානයක් එකතුවීම පමනක් නිසා.

      Delete
  10. අපි කොච්චර කිවත් පාර්ලිමේන්තුවේ ඉන්න අය කොච්චර ආස ඇද්ද අනේ ඔය අන්ගනාවියෝ එක පාර්ලිමේන්තු සභා ඝර්භයේ ඉන්න,,, කලින්ට වඩා කොච්චර කිට්ටුවෙන් ආශ්‍රය කරන්න හම්බෙනවද බලන්නකෝ.... අනික ගයේෂට අර බිත්ති දිගේ ඉගිල්ලිලා හම්බුණේ 50000 ලුනේ,, ඉතින් පවුනේ සල්ලි ටිකක් හොයාගන්න නිසානේ ඔය එන්නේ

    ReplyDelete
  11. පබාවත් පාර්ලිමේන්තු යවපු ජනතාවක් උන්නු රටක් මහත්තයෝ මේක !

    ReplyDelete
  12. ඕක කරල හරි ලංකාවෙ චැනල්වල පෙන්නන ජරා ටෙලි නාට්‍ය ටික නැවතුනොත් ලොකු දෙයක්.

    ReplyDelete
  13. https://www.youtube.com/watch?v=RblIuDKjsA8#t=236

    Menna Set eka genama thiyanawoooooooo

    ReplyDelete
  14. අඩේ හරි ශොයි ,දැන් ඉන්න බඩාලා දිහා බලන්න බැරි එකේ දියවන්නාව ලස්සනට තියේයි ,බිකිනි ඇදන් ජබුක් ගලා තෙත කොන්ඩ වනාගෙන කතා කොරන දර්ශන ඇසට කොයිතරම් ප්‍රිය ද ඈ ....අයේ ඔය රෙදි අඩුවෙන් ඇදලා පුරුදු නැති අය නේ....බිත්ති දිගේ උඩට යන්න දක්ෂ ඇයොත් එනවැයි කියන්නෙ ....මාලනි ,ගිතා වගේ අයට බිකිනි අදින්න වෙයි ද දන්නෑ ඉස්සරහට ජන්දේ ගන්න ,මොකද ලොක්කා ජාතික ලයිස්තුවත් රූ රැජින තරගයකින්ම තොරයි ද දන්නෙ නෑ ....


    ඔබ සැමට කාමුක අනාගතයක් ..................!

    ReplyDelete
  15. මම නම් මේ ගැන කිසි විරුද්ද්ජත්වයක් නෑ.. අර කැෆේ සංවිධානේ කිව්වා පලපුරුද්දක්, විනයක් තියෙන ප්‍රාදේශීය දේශපාලඥයින් ඉන්නේ වෙන රටක වෙන්න ඇති.. අපි නම් දන්නේ දැක්ක ගමන් විනය තකා ගෙන තකා ගෙන යන උන්.. උන්ට වඩා මේ කෙල්ලෝ.. දාහෙන් හොඳයි.. මෙතන තියෙන්නේ පුරුෂාධිපත්‍යයට හෙන වැදීම.. නැතිව වෙන දෙයක් නෙමෙයි..

    ReplyDelete
  16. කාලීන සමාජයේ බහුතරයකගේ බුද්ධි මට්ටමේ සංකේතයන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි අපේ සමාජයේ සිතුම් පැතුම්වල පැතිකඩක් තමයි ඔය නියෝජනය වෙන්නේ!!

      Delete
  17. රටට වෙච්ච දේ ගැන කතා කොරල වැඩක් නැහැ..

    ReplyDelete
  18. මම නම් නායකයින්ට දොස් කියන්නෙ නෑ. දිනන්න ඕනෙ නම් ලංකාවෙ චන්දෙ දාන ගොබ්බයින්ට පෙන්නන්න ඕනෙ ඔව්ව කියල එයාල දන්නවා. මිනිස්සුන්ට හම්බවෙන්නෙ තමුන්ට ගැලපෙන නායකයො..

    ReplyDelete
  19. වැල නොබලා වැල අදින්න පුළුවන් වැඩක් ලොක්කා සෙට් කරලා,,,
    මුන්ට ඒක තේරෙන්නේ නැති හැටියක්.. හෙක් හෙක්..

    ReplyDelete
  20. මම මේ කල්පනා කරේ අලුත් නිලියෝ තොගයක් චන්දෙ ඉල්ලුවට එකම අලුත් නළුවෙක්වත් නැනේද බන්

    ReplyDelete
  21. ලංකාවේ අනාගතය බොහොම පැහැදිලියි. ලංකාව තායිලන්තයක් වන දිනය වැඩි දුර නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ ජිතක්කට දෙන්න ස්විස්ටර්ලන්තය කරාවි එයා

      Delete
  22. කමක් නෑ අෆ්ෆා සුදු මුහුණු ටික දැකපු ගමන් තියෙන ප්‍රශ්ණත් අමතක වෙනවා නොවෑ.

    ReplyDelete
  23. මේ මොන විවරණ ගියත් මෙදා පාරත් මේ අය ගන්න ඡන්ද සංක්‍යාව ඇසුරින් ඡන්ද දායකයාගේ භූමිකාව ගැන වැටහීමක් ගත හැකිවේවි.

    ReplyDelete
  24. හැමෝම අමතක කරන දෙයනම් පාලකයන් පාලිතයන්ගේ ප්‍රතිබිම්බ යන්නය .රටකට නායකයන් ලැබෙන්නේ එහි වැසියන් අනුවය .ලංකාවේ පුර වැසියන් නොමැති අතර සිටින්නේ ප්‍රවේනි දාසයන් සහ වහලුන් වේ

    ReplyDelete
  25. මේගොල්ලෝ මේච්චල් කරන්න පහසු අය මොනවා වුණත්.

    ReplyDelete
  26. ඔය දැන් ඉන්න බඩ තියෙන ඇමතිලා වගේද රාජ් අයියේ මේ ගොල්ලා.. බලන්නකෝ ලස්සන.. අඩුගානේ සභාවක ඉස්සරා වාඩි කරලා හරි තියන්න පුළුවන් ලස්සනට..

    ReplyDelete
  27. කිරි කලයකට ගොම බිඳක් දැමිමෙන් එහි ප්රයෝජනයට ගත හැකි බව නැති වේ. නමුත් එයට ගොම දමාගෙන දමාගෙන යාමෙදි එහි ගුනාත්මක බව වෙනස් වී එක් ගොම බින්දුවක් විසින් එය ගොම දියරයක් බවට පත් කරයි (නේද?)
    චොයිස් වැඩි වෙන වෙන තරමට , මිනිසුන්ගේ ආකර්ශනය වැඩිවී මිනිසුන් වැඩි වැඩියෙන් දේවල් මිලදී ගන්නට පෙලඹෙනවාද?

    ReplyDelete
  28. මුන්ගෙ අතේ සල්ලි කීයක් හරි තියෙන නිසා ලොක්ක මුන්ට නොමිනේෂන් දීල පක්ෂෙ ප්‍රෙමා්ට් කරගන්නවා වෙන්න බැරිද? උන්ට බැන බැන ගිහින් කතිරෙ ගහන උන් ඉන්න අතරේ, උන්ට අකැමැති නිසා පක්ෂෙ වෙන එකෙක්ට ගහන උන් ඉන්න බැරිද?

    මොක වුණත් ඡන්ද දායකයා අතේ තියෙන වැඩක් නිසා, මුන්ට ඡන්දෙ නොදී හිටියම ඇති..
    පලි - මුන්ගෙ පක්ෂෙටවත් දෙන්න එපා හලිද??

    ReplyDelete
  29. ///// මෙතන තියෙන්නේ පුරුෂාධිපත්‍යයට හෙන වැදීම.. නැතිව වෙන දෙයක් නෙමෙයි../// මාත් මාතලං ගෙ මේ කතාවට එකගයි...
    මොකද ඔ වගේ කුණු හුගක් එළියට දාන්න හදන්නෙ ඔය අයට ස්ථිරවම මඩ ලේබල් එකක් අලවලා ජනතාවගෙ හිතෙන් ඔයාලව බ්ලැක් ලිස්ට් කරල දාන්න... එතකොට එයාලගෙ ඡන්ද වලින් කැඩෙන ප්‍රතිහතය ටිකක් හරි අවම කරගන්න පුලුවංනෙ...
    මං නං මේ ඉන්න අයට වඩා වෙනස් මූණු ටිකක් එනවට එකෙන්ම කැමතී

    ReplyDelete
  30. අපි පාගලා යන්නේ රිවර්ස් ගියර් එකේ නිසා මේවා බලන් ඉන්න තමයි වෙන්නේ. නළුවාද නිලියද කියන එකට වඩා මටනම් තියෙන්නේ මේ උදවිය කොතරම් දුරට අඩුම ගානේ රට යන පැත්ත ගැනවත් දැණුවත්ද කියලා. චූන්වලට මිනිස්සු කැමතිය. මෝඩ චූන් නම් හිරිකිතය.

    ReplyDelete
  31. ඡන්දෙ ඉල්ලන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒත් රටට වැඩක් කරන්න පුලුවන්, දේශපාලනය ගැන අවබෝධයක් තියෙන අයව තෝරා ගන්න එක ඡන්ද දායකයින්ගෙ වැඩක්

    ReplyDelete
  32. ගාමිණීලා විජයලට අලගු තියන්නවත් මේ සුකිරි බටිල්ලන්ට පුලුවන්ද ? ඒ අය රගපෑවත් මේ බඩු වලට වඩා සමාජය පිළිබද වගේම දේශපාලනය පිළිබදවත් ලොකු දැනුමක් තිබුනා....ජින්ජර් වගේ කෙනෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්....හාන්සි වීම හැර....

    ReplyDelete