Monday, October 13, 2014

මලාලා යුසුෆ්සායි සහ මහින්ද රාජපක්ෂ!

මෙවර නොබෙල් සාම ත්‍යාගය(සම) මලාලා යුසුෆ්සායි වෙත පිරිනැමිනි. දෙදහස් දොලහ වසරේදී මලාලාට වෙඩි තැබීමට පසුව මෙම අඩවියේදී ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කල පිරිස අතර සිටි ඊමේල් කවිකාරිය විසින්, දිනෙක ඇය නොබෙල් ත්‍යාගය දිනාගන්නා බවට කල අනාවැකියක්ද සටහන් කර තිබුනි. බ්ලොග් අඩවියක් මඟින් අධ්‍යාපන අයිතිය ඉල්ලූ ඇයට ‍එල්ලවූ අන්තවාදී ප්‍රහාරයෙන් හරියටම වසර දෙකකට පසු නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම බ්ලොග්කරුවන් ලෙස අපටද ආඩම්බර වියහැකි කාරණාවකි. එමෙන්ම නොබෙල් ත්‍යාගයක් දිනූ පළමු බ්ලොග්කාරිය ලෙස ඉතිහාසගත වන ඇයට සුභපැතීමට මෙය අවස්ථාවක් කරගනිමු!

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ අරමුණ සාමය උදාකිරීම වුවද මෑත කාලයේ සාම ත්‍යාග පිරිනැමීම් දැඩි විවාදාත්මක විය. බලයට පත්වී ඉතාම කෙටි කලකදී බරක් ඔබාමා වෙත සාම ත්‍යාගය පිරිනැමීම එක් උදාහරණයකි. ඒ මේ පිළිබඳ කතා කිරීම අනවශ්‍ය යයි සිතමි. නොබෙල් සාම ත්‍යාගයක් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ අවස්තාවක් මඟහැරී ගියා යැයි කිවහොත්?


මගේ අදහස නම් එය එසේ වූ බවයි. ඒ අනෙකෙකුට නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. ලෝකයේ කෲරතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ එල්ටීටීඊය යුධමය ලෙස පරාජය කර මුලිනුපුටා දමා තිස් අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය අවසන් කර කෝටි දෙකකට අධික ජන සමාජයකට සාමය උදා කිරීම නොබෙල් සාම ත්‍යාගයෙන් පිදීමට සුදුසු වන කටයුත්තක් නොවන්නේද? මගේ අදහස නම් එය එසේ වන බවයි. යුද්ධය අවසන් කිරීම යන කාර්යය සැලකූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යභාරය ඔබාමා, මලාලා, අල් ගෝර් සහ තවත් ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකුගේ කාර්යභාරයට වඩා ඉහලය. ඔහුගේ කාර්යය සාම ත්‍යාගය පිරිනැමීමේ අර්ථයෙන් උසස්ය.

ඉතිහාසය පුරාම, ලැබිය යුතුව තිබූ ජයග්‍රහනයන් බොහොමයක් නූලෙන් මිස් කරගන්නා ජාතියක් වන අප මෙහිදීද නොකල යුත්තක් සිදුකර තිබුනි. අතිශය අපහසුවෙන් ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසු සිදුකල යුතුව තිබුන අත්‍යාවශ්‍ය සහ පහසුවෙන් සිදුකල හැකිව තිබූ ප්‍රතිසංස්කරනයන් රාශියක් හිතාමතාම මඟහැරිනි. එහි ප්‍රතිපලය ලෙස යුද්ධය අවසන් වුවද වාර්ගික අසමඟිය අවසන් නොවුනි. නොබෙල් ත්‍යාගය නූලෙන් මිස්වුනා යයි කිව හැක්කේ එබැවිනි.

47 comments:

  1. අනේ අපිට මොකටද ඔය විජාතික යුරෝපීය මිනීමරුවන්ගෙ සම්මාන අපෙ හාංදුරුවනේ ( එහෙයි එහෙයි.. ). අපි අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සෙ ( 1956 වෙනකල් ) සාමය සමානාත්මතාවය ආරක්ෂාකරපු, කුරුල්ලොන්ටත් කන්න ( හදල විකුණ ගන්න ) වගාවෙන් කොටසක් දීපු උතුම් ජාතියක්. අපේ රටට ඔය යුද්ධවල මිනී මැරෙන ඩයිනමයිට් සල්ලි වලින් දෙන සාම තෑගි වෙනුවට ( චීන ) ජනතා තෑගි ඇති පදම් ලැබිල තියෙනව, ඉස්සරහටත් ලැබෙන්න තියෙනව. දඩ දඩ..දඩ..

    ReplyDelete
    Replies
    1. අම්මප! ඕක තමයි කතාව!

      Delete
    2. ඉන්දික : ++++++++++++++++++ හිනා කාල මලා.

      Delete
  2. සටන් විරාමය හරහා රනිල් රට බෙදලා සාමය උදාකළා නම් අනිවාර්යෙන්ම රනිල්ට නම් නොබෙල් සාම තෑග්ග ලැබෙනවා. මහින්දටත් දෙමලාට ඊලමක් දුන්නා නම් ඕක ගන්න තිබුනා. ඊලමක් නොදී මහින්දට නොබෙල් සාම තෑග්ග ගන්නවා නම් හීනයක් තමයි.

    ReplyDelete
    Replies
    1. නමටම ගැලපෙන කමෙන්ටුව!

      Delete
    2. //ඊලමක් නොදී මහින්දට නොබෙල් සාම තෑග්ග ගන්නවා නම් හීනයක් තමයි.// Norwegian Nobel Committee එක තමයි නොබෙල් සාම තෑග්ගේ තීරකයා ඒක නිසා එරික් සෝල්හයිම් කියපු පිළිවලට ගියා නම් මහින්දට මෙවර නොබෙල් සාම තෑග්ග ෂුවර්.

      Delete
    3. මකසි ඔබ හරි.ඊළම දුන්නනම් ඔය තෑග්ග රනිල්ට දෙන්නලු හිටියෙ.සාම ලැදි නායකයන් දෙදෙනා කියල රනිල්ටයි ප්‍රභාටයි දෙන්නටම දෙන්නලු හිටියෙ

      Delete
  3. අපේ කොට ඩලාට නම් නොබෙල් හම්බවෙලා තියෙන්නේ. ඌට බෙල්ලක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. කවුද කොට ඩලා? බෙල්ලක් නැති කොට මොඩල් කොච්චර ඉන්නවද!

      Delete
    2. Alas Dalahapperuma

      Delete
  4. ප්‍රතිලෝමේ වුනානම්......යුද්දේ ඉවරවුණ ගමන්ම මහින්දට නොබේල් තෑග්ග දීලා දැම්මානම්......සමහර විට තෑගීලාභීයා විදිහට මහින්ද වාර්ගික සමගිය වෙනුවෙන් වැඩි යමක් කරන්න තිබුනා....

    ReplyDelete
    Replies
    1. අතීතෙට මිසක් අනාගතේට තෑගි දෙන්නෙ නෑ නෙව!

      Delete
  5. රාජගේ අවසාන ඡේදයේ කරුණු සමග සම්පුර්ණයෙන් එකඟයි . මං හිතන්නේ කතාව සම්පුර්ණයි එකත් එක්ක

    ReplyDelete
  6. අර වැඩේ මම අත ඇරලා දැම්මා... අයිති කාරයත් පස්ස ගහනව වගේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්....... උඹනං.......

      Delete
    2. ඇනෝ, මේකනං ක්‍රියෙටිව් +++

      Delete
    3. හෙණ ගේමක් දීලා තමා නොකප ඉන්න පුළුවන් කොමෙන්ට් එකක් දාගත්තෙ......

      Delete
  7. ඕක නොලැබුන එකමයි කාරිය, නැත්නම් අවුරුදු ගානක් තිස්සේ ඇහෙන මහා කන්දොස්කිරියාවක් වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඉතිං එහෙම තමා!

      Delete
  8. මලාලා ගේ නොබෙල් සාම තැග්ගවෙනුවටමහින්ද අංකල්ට ඒක නොලැබී යාම පිළිබද ඇති වුන පස්චාත්තාප්පයකින් ලියල ලද්දකි....
    හිහි.....
    හරිම මාන්දමිකයි නේහ්....
    අහෝ දුකකි ඉරකි තිතති පොලිස් පොල්ලකි...

    ReplyDelete
  9. අපේ ආඩම්බරකාර තාත්තාට අතට ගත්තුදේ කටට දා ගැනීමට පින නැත!

    ReplyDelete
  10. ඔය තෑග්ග විජාතික මිත්යාදෘශ්ටික ජාත්යන්තර කුමණ්ත්‍රනයක් නේ?

    හොඳ වෙලාවට නාත දෙය්යො හීනෙන් කියලද කොහෙද අපේ දේශප්‍රෙමී දේශපාලන ආගමික නායකයො උගුලෙන් අපිව බේර ගත්ත

    ReplyDelete
  11. ඕක මහින්ද මහත්තයාට නොදීපු එකත් හොඳයි.නැතිනම් යුද්දේ දිනපු මානුෂිය හමුදාව පස්සේ කාලෙක රතුපස්වල කරපු මෙහෙයුම් වලටත් එතුමා ගේ නම ගැවිලා තව,තව සම්මාන දෙන්න ගන්න තිබ්බා කට්ටිය.

    ReplyDelete
  12. ලොක්කා කියන්නෙනං ඕක නැති එකමයි හොඳ කියලලු...දෙන්නෙ නොර්වීජියන් කාරයෝනෙ...රට බෙදන්ට වලිකන එවුන් -

    ReplyDelete
  13. Dunnanam balanna thibuna,peya24 purawata tv walai,mulu ratema poster baner walati ape badhu salliwalata kelina heti,denata uddayawitharai wikunanne,NObel Hambaunanam.KALU HAMITA ASSAYA DUNNA WAGE HITIWI.

    ReplyDelete
  14. තමුන්ගෙ රටේ ලමයින්ගෙ අද්යාපනය වෙනුවෙන්,ජීවිතය වුනත් දෙන්න ලෑස්තිවුන ලමයෙකුත්,තමුන්ගෙ අද්යාපනය වෙනුවෙන් ලැබෙන්න ඕන,අවම පහසුකම් ටික ඉල්ලද්දි,ඒ ලමයින්ව මරල හරි තමුන්ගෙ බලය පවත්වගෙන යනකාලකන්නි පාලකයෙකුත්,එක පෙලකට දාල තියෙන හැටි මට නම් හිතාගන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. මූ ඇන්දිල තියන තරම්.මලාලාට විරුද්ධව පාකිස්තානෙ එවුන් බනින්නෙ අමු කුනුහරපෙන්.පාකිස්තානයට විරුද්ධව බටහිර මිනීමරුවන්ගෙ පැත්ත අරන් අහිංසක දරුවන් ඩ්‍රෝන් ප්‍රහාරවලින් මරන්න හවුල් වුනා කියල

      Delete
  15. Bella Nethi Kota modal Dala,THUN HULAS boru Kiyana DALAS.

    ReplyDelete
  16. මහින්ද මහත්තයා ඕක දුන්නත් ගන්නේ නෑ.. ඇයි ඉතින් ඕක ගෙනත් අර රජගෙදර රිලවගෙන් කනක් ඇහිලා ඉන්න කියලය..

    බටහිර කුමන්ත්‍රණ... බටහිර කුමන්ත්‍රණ.. බටහිර කුමන්ත්‍රණ..... කියයි උදේ හවා...

    ReplyDelete
  17. හිත හදාගන්න අමාරුයි අසැබි දේ නැතුව කමෙන්ට් එකක් ලියන්න. ඒ නිසා නිහඬ වෙනවා.

    ReplyDelete
  18. එහෙනං නොබෙල් සිංදුවක් එහෙම අහන්න තිබ්බා....

    නො-බෙල් ත්‍යාගයෙන්
    ලෝ පිදු උතුම්
    අපටත් රජෙක් උරුමව ඇතේ

    ReplyDelete
  19. අර ඉන්දික කිව්ව ටික මාත් මහ සද්දෙන් කිව්ව කියල හිතාගන්..

    ReplyDelete
  20. ගලා එන අදහස් කෙසේ අකුරු කරම් ද !!! :)

    ReplyDelete
  21. ඕක දුන්නනං හතරවෙනි පාරටත් ඉල්ලන්න තිබ්බා මාකටිං කොරලා. චැහ්...මිදි ඇඹුලයි අප්පා...

    ReplyDelete
  22. නොබෙල් ත්‍යාගය කියන්නෙ බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රබල ලකුණක්.බටහිර නොවන අයට ඒක ළැබිල තියෙන හැම අවස්ථාවකම ඒ අය අධිරාජ්‍යවාදය වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවල.
    මලාලා කියන්නෙ බටහිර මාධ්‍ය වල ප්‍රදර්ශන භාන්ඩයක්.ඇමරිකානු ඩ්‍රෝන් යානා වලින් ළැමයි දහස් ගනනක් මැරෙනව.ඉරාකයෙ ,ළමයි යුරේනියම් වස යෙදූ අවිවල ප්‍රහාරවලින් මැරෙනව.ඒව ගැන කතා කළානම් නොබෙල් තෑගි ලැබෙන්නෙ නෑ.මලාලා කතා කළේ ඇමරිකන් හමුදාව එක්ක සටන් කරන තලේබාන්ලට විරුද්ධව
    ඒකයි තෑගි ලැබුනෙ.මෙහෙ ඉන්න ගොබ්බයන්ට නොබෙල් තෑග්ග මහ ලොකු දෙයක්.

    ReplyDelete
  23. ඔය හත්තිලව්ව හම්බ නොවුන එකම තමයි හොඳ...
    ඕක ලැබෙනවා මහින්ද යුද්ධ නොකර රට බෙදල දුන්නනම්
    රට බෙදුව කියන්නේ ඔය තෑගි දෙන උන් දන්නවා අද නැතත් හෙට හරි ආපහු උන්ට බඩ පුරව ගන්න පුළුවන් යුද්ධයක් ආපහු මේ රටේ ඇවිලෙන බව
    එහෙම නොවුන නිසා තමයි ඔය කියන අහවල් එක නොලැබුණේ...
    (උඩ හරියේ තිබ්බ කමෙන්ට් වලත් මේ කතාවම තියෙනවා මම දැක්කා)

    ReplyDelete
  24. මල මලාලලා දහස් ගනන්... පිළිම නෙලා නැති..

    ReplyDelete
  25. ලොක්කට නොබෙල් එක ගන්න වගේ ඉන්න කිව්වාලු. හිටපු විදිහ කැත නිසා දුන්නේ නැතිලු.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ සත පහ අහුලන්න වගේ ඉන්න කිව්ව කියලද?

      Delete
    2. ඉන්දික..... ඔව්.ඔව්.ඕක දැකපු එකා කිව්වේ සත පහක් නෙමේ රුපියලක් ඇහිදින්න වගේ ඉන්න කිව්වා කියලා.

      Delete
  26. තමන්ගේ සහ රටේ අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදුනු මලාලාත්, කිසිම විධියකින් අධ්‍යාපනය වැදගත් යයි නොසිතන (බන්දුල සහ එස් බී ට අමාත්‍යාංශ 2 දීමෙන්ම මේ බව ප්‍රත්‍යක්ෂ වේ) සහ එය තමන්ට අභියෝගයක් වේ යයි සිතා රටේ අධ්‍යාපනය වල පල්ලට යවන පාලකයෙකුත් එකට සමාන කරන්න බැහැ. අනිත් එක මහින්ද රාජපක්ෂ යුද්ධය දිනෙව්වට දෙමල ජාතිකයන්ට සිදුවුන අසාධාරණකම් කිසිම දවසක පිලි ගත්තේ නැහැ. ජාතීන් අතර සංහිදියාව ඇතිකරනවා වෙනුවට යුද්ධයෙන් පසු තමන්ගේ බලය වෙනුවෙන් ජාතින් කොටවන පාලකයෙකුට කොහොමද කිසිම සාම තෑග්ගක් දෙන්නේ. මනුස්සකම අදුනන කිසිම කෙනෙකුට නිකං යෝජනා කරන්නවත් බැහැ...

    ReplyDelete