Tuesday, November 11, 2014

ඔබේ තීරණයෙන් ලියැවෙන ඔබේ අනාගතය!

ඔන්න බිසි වෙච්ච ටික දවසකට පස්සෙ ආයෙත් බ්ලොග්එක පැත්තෙ..... ඒ එනකොට,....

"ඈත ධූලීන් වැසී ගිය මිහිඳු රජ යැ. මෑත ශාන්ත වූ සෝභිත හිමි යැ. ඇත කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති මිහිඳු රජ යැ. මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල්මහනෙල්පෙති පරයන ඇස් ඇති රතන හිමි යැ. ඈත එබුඑබූ පයින් මහපොළොව පළාපියන්නාක් සේ දිවන ඇත් මිහිඳු රජ යැ,....... "

හෝව් හෝව්! දන්නවනෙ මොකද්ද කේස් එක කියල. දැන් තියන තත්තෙ හැටියට වෙන්න පුළුවන් කතන්දරේ මේකයි. [විශේෂ ස්තුතිය:අනාගතයට යන අයුරු කියාදුන් හෙන්රි බ්ලොග්වෝකර්ට]

*********************************************************************
1.
එක පැත්තකින් මහින්ද බොස් ඉන්නව. ඒකෙ ආයෙ දෙකක් නෑ නෙව! එතකොට අනිත් පැත්තෙන් කවුද?

අනිත් පැත්තෙන් එන්නෙ රනිල්ද නැත්තං පොදු අපේක්ෂකයෙක්ද? පොදු අපේක්ෂකයෙක් මොකටද? ඇයි රනිල්ට බැරිද? රනිල්ට පුළුවන් නම් කෙලින්ම දෙකට යන්න.
පොදු අපේක්ෂකයා ඕනනං තුනට යන්න


2.
ඔන්න රනිල් ඉල්ලනව. රනිල්ට ජවිපෙ සහයක් නෑ කොහොමටවත්. රතන සාදු ඉන්නෙත් "මහින්ද වෙනුවට රනිල් නං එපා" ස්ථාවරයේ. දෙමළ සන්ධානයත් ලොකු ෂුවර් එකක් නෑ. හකීම්-තොණ්ඩමන් දැනටමත් මහින්ද එක්ක. අවසාන ප්‍රතිපලය තමයි රනිල් පරදිනව, සුළු ගානකිං හරි රනිල් පරදිනව.


3.
කවුද පොදු අපේක්ෂකය? එයා නිර්පාක්ෂිකයෙක්ද නැත්තං කරුද? චන්ද්‍රිකාද? පොදු අපේක්ෂකය කරු නං හතරට යන්න. චන්ද්‍රිකා නං පහට යන්න. නිර්පාක්ෂිකයෙක් නං හයට යන්න.


4.
කරුට පුළුවන්ද ජවිපෙ එකතු කරගන්න. යූඇන්පී කාරයෙකුට ජෙප්පො කැමති වෙයිද? කරුට අනිත් අය කැමති වෙයි නං හතට යන්න. නැත්තං අටට යන්න.


5.
චන්ද්‍රිකාට ජවිපෙ කැමති වෙන්න නං එයා ආයෙ මැරිල උපදින්න වෙයි. අනෙක් අයගෙ සහයෝගයත් ෂුවර් නෑ. ඒ ඔක්කෝටමත් වැඩිය මිනිස්සු මහින්දට කැමති වීමේ සම්භාවිතාව වැඩියි මං හිතන්නෙ. අවසාන ප්‍රතිපලය චන්ද්‍රිකා කියන පුස්කෑ පාන් කෑල්ල මේසෙ උඩින් කුණු බක්කියට වැටීම.


6.
නිර්පාක්ෂිකයෙකුගෙ වාසිය තමයි සියළු පක්ෂ එක්කර ගැනීමේ හැකියාව ඉහල වීම. උදාහරණයක් විදියට සෝභිත සාදුට තියනව ඒ හැකියාව. රනිල් සජිත් වගේ බුවාලගෙ කකුලෙන් ඇදිලි නැතිවුනොත් ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සෝභිත සාදු දිනනව නං නවයට යන්න. නැත්තං දහයට යන්න.


7.
මෙතනදි කරූට පුළුවන් සෑහෙන ගේමක් දෙන්න. හෙළ උරුමයට, දෙමළ සන්ධානයට උනත් අවුලක් නැති වෙයි. ජවිපෙත් මහින්දට තියන අකමැත්ත නිසා එකඟ වුනොත් ගොඩ. 50-50 සටනක් අනිවාර්යයි.


8.
මෙතනදි රනිල් ඉල්ලුව වගේම තමයි. සිංහල බෞද්ධ ඡන්ද ටිකක් වැඩිවෙයි. නමුත් පරාදයි. මේ පරාජය කරුගෙ දේශපාලන ජීවිතයට සෑහෙන්න නරකයි.


9.
දිනුවට පස්සෙ පොරොන්දු ඉෂ්ඨ කරල විධායකය අහෝසි කරයිද? එහෙම නැත්තං යූඇන්පියත් එක්ක සෙට් වෙලා අපිට අරීවිද? ඔය දෙකම දැනගන්න නං අනාගතේට යන්න වෙනව.


10.
වියහැකි අයහපත්ම තත්වය තමයි මේක. එදාට ඇතිවන තත්වය අනුමාන කිරීම ඉතාම පහසුයි. කොටින්ම තවත් අවුරුදු හතරකින් තමයි අපායට ඉන්ටවල් එකක් එන්නෙ!

73 comments:

  1. /අවුරුදු හතරකින්/ අවුරුදු හයක් වෙනකං පුළුවන් නේ./

    4ට යන්න 5 ට යන්න 8 ට යන්න 9 ට යන්න කියන කොට පොඩිකාලේ කරපු සෙල්ලමක් මතක් උනා...

    රාජ්,
    ඔතනට චම්පික රණවක වගේ කෙනෙක් අාවොත් මොනව වෙයිද???

    ජ ය ෙව් වා!!

    ReplyDelete
    Replies
    1. පව් උඹ හදන්නේ ඒ මනුස්සයත් හිඟන්නෙක් කරන්නද..? ඇපත් නෑ..

      Delete
    2. චම්පිකත් අවුලක් නෑ. නමුත් දෙමළ සන්ධානය සහ මුස්ලිම්වරු ලොවෙත් කැමති නෑ

      Delete
    3. චම්පික?
      පිස්සු පීකුදු. උන්නැහැ ඡන්දෙ කාලෙ ටිකක් කෑ ගහලා ත‍මන්ගෙ මාකට් එක වැඩි කරගෙන ආයෙත් මහින්දගෙ ඔඩොක්කුවට පනිනවා.

      Delete
  2. එක එක තැන් වලට පැනලා මාර මහන්සියි.. බොමුද සීතල වතුර වීදුරුවක් ?

    ReplyDelete
    Replies
    1. කමක් නෑ, මට ක්‍රීම් සෝඩා එකක්.

      Delete
    2. අපේ නං බ්‍රෑන්ඩ් එක දන්නව නේ?

      Delete
  3. හෙහ් හෙහ් හෙහ් ....

    ලස්සනම වැඩේ කියන්නෙ, රටෙන් භාගෙක විතර උන්ගෙ නම් කියල අන්තිමට පරණ මූනූ ටිකමයි අලුතෙන් එළියට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල

      Delete
  4. කාඩ් කූට්ටමේ කොල පනස් දෙකක්ම තියෙන්නේ. ඕන නං ජෝකර්ල දෙන්නත් ගතෑකි..

    ReplyDelete
    Replies
    1. ඇයි බූරුවො හතරදෙනා

      Delete
    2. රාජ්,
      බූරුවො සෙට් එකම දැං ඉන්නෙ ආන්ඩුවෙ. සජියා විතරයි විපක්ෂෙ ඒ සයිස් බූරුවෙකුට ඉන්නෙ. හැබැයි ඔය බූරුවො ජෝකර්ලා සේරම අනිත් පැත්ත ගහයි පොදු අපේක්ෂකයා දින්නොත්.

      Delete
    3. ඇනෝ,
      අනිවාර්යෙන් සිදුවියහැකි දෙයක්. ඒ වගේම ප්‍රවේශම් වියයුතු දෙයක්.

      Delete
  5. කොහෙ ගැහුවත් කොයි අතට ගැහුවත් අන්තිමට එකම තැන තමා නතර වෙන්නෙ මේ පාරත් ලොක්කට ගේමක් නෑ නෑ කියන්නෙ ලොවෙත් නැ

    ReplyDelete
    Replies
    1. ගේමක් නෑ කියන්නෙ බොරු. යුද්ධෙ දිනපු ගමන් පවා ගේමක් දුන්න එකේ මෙදා ගේම දෙන්න පුළුවන්. හරි කෙනා ඕන

      Delete
    2. තරහ නැත්තං උත්තරයක් දියං රාජ් අය්ය...
      ඔය කියල හරි කෙනා කොහෙද බං ඉන්නෙ ඌ ඉපදිලා නැත්ද නැත්තං මැරිලද

      Delete
    3. ඇයි ඔය උඩ කියල තියෙන්නෙ. මගේ මතය අනුව නං සෝභිත හාමුදුරුවො, කරු දෙන්නම හොඳයි. සරත් ෆොන්සේකා ශිරානි සරත් එන් ඊට චුට්ටක් අඩුවෙන් හොඳයි.

      Delete
  6. Replies
    1. HO, ME ARA ISSARA, KAKKA NAMIN CHOO, PADA, JEE, PUKA, JOKKU GENA LIYANA PORA NEDA

      Delete
    2. මම නං කැමති නෑ

      Delete
  7. RAJ KOHOMADA ME 1,2,3,4,5, NUMBERA DANNE. CHANDRIKA AWOTH SURE EKTAMA DINANAWA.

    ReplyDelete
    Replies
    1. අංකල්ගෙ මනාපයක්!

      Delete
    2. AnonymousNovember 11, 2014 at 2:34 PM
      දෙකක් නෑ මෙයා මංගල බලකායෙ

      Delete
  8. මහින්දට දීලත් බැහැ දෙන්න එකෙකුත් නැහැ

    ReplyDelete
    Replies
    1. මහින්දට දීල බැහැ! අනිත් කෙනා එනකල් ඉඳිමු!

      Delete
  9. අර අන්තීමට තියෙන එක නිකන් හොරර් මූවී එකක් වගේ ලියන්න බැරිද...? එහෙම නැත්නම් අර 2010 පෙන්නපු ඉඩී අමීන් සෝ එක වගේවත්.. අඩු ගානෙ "ඇවටාර්" මූවී එක වගේවත්.. මොකෝ එක සුඛාන්තයක් නම් වෙන්නෙ නෑ කිසි සේත්ම..

    මොකෑ උනේ මෙච්චර දවසක්...?

    ReplyDelete
    Replies
    1. ඒකාන්තයෙන්ම හොරර්. දෙකක් නෑ ආයෙ!

      (ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි දෙන්න ගිහිං මේ ටිකේ එන්න උනේ නෑ බං)

      Delete
  10. රනිල් ආවොත් රනිල්ගේ දේශපාලන ජීවිතය ඉවරකරයි සමහරු.
    කරු ආවොත් කරූට පායයි තරු.
    සාදු ආවොත් මරු.
    සැටලයිට් ආවොත් හොඳ මැච් එකක් තියෙයි මරේ මරු!

    ReplyDelete
    Replies
    1. සැටලයිට් ආවොත් හොඳ මැච් එකක් තියෙයි මරේ මරු!//
      එකඟ නැත

      Delete
    2. සැටලයිට්ට පුලුවන් කියලා හිතීම පවා පරිගණක සාක්ෂරතාවයේ දුර්වලතාවයකි

      Delete
  11. අැයි මේ පොදු අපේක්ෂක ලිස්ට් එකෙන් සරත් එන් සිල්වා සහ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කරලා... එයාලත් මිහිදු රජුට එරෙහි ව සටන් කරන අයනේ..... ප්‍රශ්ණය ඇයට නඩුවක් තිබීම නම් ඕකේ. නැත්තම් අපි හිතුවා ඇය මේ සටන තුළ මුලසුනක් දරාවි කියලා..........

    රාජ්............ මේ අතර ම කතා කළ යුතු තවත් දෙයක් තියෙනවා. දැන් හැමෝම කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය කියන එකනේ. එක්කෝ බලතල අඩු කරනවා. නැතිනම් තනතුරම අයින් කරනවා. ඉතින් ඒකට කැමති කෙනෙක් බලයට ආවාය කියලා අනික් අය ඒ කෙනාට එකගව ම ඒකට තුනෙන් දෙකක බලයක් දෙයිද??/

    අනික් අතට ඊට පස්සේ හැදෙන ව්‍යවස්ථාව කොහොම එකක් වෙයිද??? ඒකත් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද???? කවුද මේවා ගැන කතා කරන්නේ... ඇයි අපි ඒ අයගෙන් ඒ ප්‍රශ්ණ අහන්නැත්තේ......................

    ReplyDelete
    Replies
    1. කතාව දිග වෙන නිසා ලිව්වෙ නෑ. ශිරාණි නෝන නං එයි කියල විශ්වාසයකුත් නෑ.

      අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. නායකයට ඕන නං දැං උනත් ඕක කරන්න පුළුවවන් දෙයක්. කොටින්ම පක්ෂයක් නැති මම ඔතෙන්ට ආවොත් මටත් පුළුවන් මේකට පාර්ගිමේන්තුවෙ කැමැත්ත ගන්න.

      මේක ඉඟුරු දීල මිරිස් ගැනීමක් නෙවේ. මිරිස් තාම කඩල නෑ නෙව. කොහොමද ඵලය මිරිස් කියන්නෙ. පාරෙ වලවල් තිබුනට‍ කෙනෙකුට අවංකව ඕනනං නොවැටී යන්න පුළුවන්.

      Delete
  12. @ රාජ් සහ ආතල් බෝතල් ඇනෝ,

    ආණ්ඩුව බය නැතුව හැමතිස්සෙම බෝතලේ ගණන් වැඩිකරන්නෙ චන්දෙට අපි නොසැලකියයුතු තරම් සුලු කොටසක් නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ බෝතල් වල මිල ඡන්දයට බලපාන්නෙ නැති නිසා. මේක වැඩිය හිතන්නෙ නැතිවුනා‍ට සංකීර්ණ සංස්කෘතික අවුලක් ප්‍රා. බෞද්ධ සංස්කෘතික රටක් වෙච්ච මේ ගැන කතා කරන්න කිසිම පක්ෂයක කෙනෙක් එන්නෙ නෑ. මත්පැන් බීම වරද් කියන තැනින් පටන් ගත්තම තමයි මේක එන්නෙ. මේ ගැන වෙනම ලියන්නං.

      Delete
  13. රාජ් කියන දේ හරි මොකද කවුරු විපක්‍ෂයේ අපේක්ෂකයා වුනත් ඒ වේදිකාවේ ජවිපෙ හඬ තියෙන්න ඕනේ.
    මෙතන කියන විදියට උඹ හිතන්නේ වඩාත් හොඳ සෝභිත හාමුදුරුවෝ කියලාද මහින්දට තරඟයක් දෙන්න.මට නම් හිතෙන්නේ සෝභිත හිමිට වඩා ජන්ද ගන්න කරුට පුළුවන් වේවි කියලයි.

    කොයි හැටි වෙතත් මහින්දට ජයග්‍රහණය පහසුවෙන් බන්දේසියක් උඩ තියලා දෙන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්න අතර තරගය තමා තියෙන්නෙ. කරුට ජවිපෙ කැමතිද?

      Delete
  14. රාජ්ට ප්‍රශ්න මතු වී ඇත්තේ මුල සිට අගට සිතූ නිසාය. අප පටන් ගත යුත්තේ අග සිට මුලටය. මෙසේය.

    1. මහින්ද ගොනෙක් නොවේ.

    2. මහින්දට තව අවුරුදු දෙකක් කරදරයකින් තොරව ඉදිරියට ඇදිය හැකිය.

    3. මහින්ද ගොනෙක් නොවේ නම්, අනවශ්‍ය ලෙස ඉක්මණ් වී ඉදිරියට ඇති අවුරුදු දෙකත් නැති කර ගනීය සිතිය නොහැක.

    4. එනිසා මහින්ද දිනන එක 100% ක් ෂුවර්ය.

    5. පොදු අපේක්ෂකයා පරදින එකත් 100% ක් ෂුවර්ය.

    6. ඉතින් අප කල්පනා කර බැලිය යුත්තේ දිනන්නට හොඳම පොදු අපේක්ෂකයා කවුද කියා නොව පරදින්නට සුදුසුම පොදු අපේක්ෂකයා කවුද යන්නය.

    7. රනිල් නරකම නැත, නමුත් මේකා හැමදාම පරදින හින්දා ඒකෙ කිසිම අළුත් දෙයක් නැත.

    8. අළුත් ගොබිලෙක් ඇවිත් පරදින එක වඩා සොමි වැඩකි.

    9. සෝභිත ගොයියා එන එකේ නම් මාර ගේමක් තිබේ. හොඳ සොමියක් ගත හැක.

    10. අපායට ඊළඟට ඉන්ටවල් ලැබෙන්නේ වසර හතරකින් නොව වසර අටකින් (තියෙන 2 + අළුත් 6) බව දැන සිටියත් වෙන කළ හැකි දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. //3. මහින්ද ගොනෙක් නොවේ නම්, අනවශ්‍ය ලෙස ඉක්මණ් වී ඉදිරියට ඇති අවුරුදු දෙකත් නැති කර ගනීය සිතිය නොහැක.

      4. එනිසා මහින්ද දිනන එක 100% ක් ෂුවර්ය.//
      අැනෝට වැරදුන තැන කියන්නද?

      ඒ, මහින්දගේ සිතුවිලි සියල්ල ඒ ආකාරයට සිදුවෙනවා යයි සිතීමයි.

      10. මම හිතන විදියට වැරදියි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්න පුළුවන් අවුරුද්දයි. එතන ඉඳල වැඩේ පටන් ගන්නව. අනිවාර්යෙන්ම තවත් හතරක්නි බඩු ෂුවර්.
      (බලන්න ආක්‍රව්‍ය 30(3)(ඈ) i, ii ව්‍යවස්ථා)

      Delete
    2. /අැනෝට වැරදුන තැන කියන්නද?

      ඒ, මහින්දගේ සිතුවිලි සියල්ල ඒ ආකාරයට සිදුවෙනවා යයි සිතීමයි. /

      ඔය කමන්ට් දෙක නොකපා මෙහෙමම තියන්න. අපි ජනවාරියේ මැතිවරණයෙන් පස්සෙ බලමු වරදුණේ මටද රාජ්ටද කියලා.

      Delete
    3. පොදු අපේක්ශකයා මොකාද කියන එක එච්චර වැදගත් නෑ නේද.. මොකද ඌ ඇවිල්ලා විධායක ජනාඬිපති ක්‍රමය අහෝසි කරනවා... ඒක නැතිවුනාට පස්සේ ඌගෙන් වැඩක් නෑ... ප්‍රශ්නේ තියෙන්නේ එතනින් එහාට තියෙන වැඩපිළිවෙල මොකද්ද..? මහින්දව පරාද කරන අරමුණ ඇරුනාම එතනින් එහාට මේ මිනිස්සු කරන දේ පැහැදිලිව කියලා තියෙනවද..? ඔය හින්දාම තමයි මේපාරත් මහින්ද දිනන්නේ...

      උදාහරණයක් විදියට මට මේ යන වැඩපිළිවෙල අල්ලන්නේ නෑ... ඒත් මට ඒ වෙනුවට තෝරගනන් තියෙන වැඩපිළිවෙල මොකද්ද..? මොකුත් නෑ... ඉතිං මම කරන්නේ පැස්ටල් පුච්චගන්නේ නැතුව අකමැත්තෙන් වුනත් මේපාර ඡන්දේ නොදා මහින්ද දිනන හැටි බකං නිලාගෙන බලාඉන්න එක...

      අනාවැකි හින්දා මගේ කමෙන්ටුවත් මෙතනම එල්ලනවා... මේක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩුම ජනාධිපතිවරණයක් වේවි...

      Delete
  15. කෝ ජෙනරල්?
    කලින් පාරට වඩා මේ පාර ජෙනරල්ට සුදුසුකම් තියෙනව නේද පොදු අපේක්ෂකයා වෙන්න. ගිය පාර හිරබත් කෑවේ මේ කට්ටිය හින්දනේ. ඉතිං ඇයි ජෙනරල්ට මෙහෙම කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ජෙනරල්ට නීතියෙන් බෑ නේද?

      Delete
  16. කාට එපා උනත් අපිට ඕනේ මහින්ද 3 වෙනි වරටත් ජනාදිපති කරවන්න. හේතුව මේ රට බේරාගත්තු නායකයට තමා බේරා ගත්තු එකේ කැක්කුම ඇගට දැනෙන්නේ. ඕක කරන්න කොච්චාර දුෂ්කර උනාද කියන එකත් දන්නේ ඔහුම විතරයි. ත්‍රස්තවාදියාගේ පැත්තේ හිටපු එවුන්ට දිනා ගත්තු ජයග්‍රහණයේ වටිනාකමක් කොහෙත්ම දැනෙන්නේ නැහැ. උන් බලයට අවොත් රට නොදැනුවත්වම ආයෙත් යුද්දයකට තල්ලු වෙන එක නවත්වන්න බැහැ. ඒනිසා තාම අද ලෝකේ ඉන්න කොටි ඇතුළු NGO නඩය මහින්ද ඔය ජනාදිපති කමෙන් දොට්ට දාන්න හදන්නේ. මේක පිරිබාහරන් වලපල්ලට ගියාදා ඉදලා ලංකාවෙන් පිට දී පටන් ගත්තු වැඩ පිළිවෙලක්. නමුත් මේකට හරි බලපෑමක් රට ඇතුලේ තිබුනේ නැහැ. නමුත් අද කෝට්ටේ NGO විහාරය ඒ කාර්යය කරමින් සිටිනවා. රට බේරාගත්තු නායකයා බලයෙන් පහ කරන්න හදන දෙස හිතෙසි නම් ඇති ngo සංවිදාන තියෙන්නේ ලංකාවේ විතරයි. අද සිවුරු ඇදගත්තු පුරුෂයෝ එදා මහින්ද එලවන්න දගලපු කොටි උවමනාව සපුරමින් ඉන්නවා. unp එක ඇතුළු විපක්ෂය අද කියන්නේ 78 වියවස්තාව වරදක් කියලා. හරි ගස්සනත් අයේ උන්ටම බලය දෙන මෝඩයෝ ඉන්නවද. ඊට පස්සේ මේක පුරුද්දක් වෙනවා. මේක එන්නේ මහින්ද 3 වෙනි වතාවටත් ඉල්ලලන නිසාත් මහින්ද පරද්දන්න බැරි නිසාත්. මහින්ද අවුරුදු දෙකෙන් ගියානම් ඔය කතා අද නැහැ. පිටරට ඉන්න කොටි , සහ ngo ඉන්නෙත් ඔතන. එහෙම ඇරෙන්න NGO නාග විහාරයටත් ඕනේ වෙන්නේ නැහැ ඕක වෙනස්‌ කරන්න .ඕක නිකන් මහින්ද පරද්දන්න බැරි කමට අරලිය ගහ මන්දිරය කුඩු කරනවා වගේ වැඩක්. අපිට ඕනේ රට බේරාගත්තු කැක්කුම තියෙන නියම නායකයා තවදුරටත් බලයේ තියාගන්න . එක තමා නියම දෙස ප්‍රේමීන්ගේ අරමුණ වියයුත්තේ. මොන ප්‍රශ්න තුබුණත්. එනිසා මහින්ද වැඩි චන්ද ලක්ෂ 25 කින් ජයක්ග්‍රහනය කිරීම ngo නඩය නැවතත් වලපල්ලට යැවීමක්.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මේ යන විදියට එන්ජීඕ කාරයන්ට නං අවුලක් නෑ. දුප්පත් ඡන්දදාසලා වෙච්ච අපිත් වල පල්ලය යා මයි අවුල.

      Delete
  17. Podu Apekshakaya,Maduluwawe Sobith,Barinam MuA unath kamakne.hamuduruwekne.

    ReplyDelete
  18. අපේ රටේ ඉන්න දේශපාලන ජනතාවාදී නායකයෝ ඉන්නකම් අවුරුදු හතරකින් නෙවේ කොච්චර කාලෙකින් අපායට ඉන්ටවල් එයිද කියල තමා සුවර් නැත්තේ. ඒ තරම් ජනහිතකාමී :v

    ReplyDelete
    Replies
    1. හැබෑව. මගේ අදහස නං ඊලඟ ඡන්දෙදිත් සැපක් දෙයි අපි‍ට

      Delete
  19. අර කවුද කිව්ව වගේ 4ට යන්න 5ට යන්න කියද්දි පොඩි කාලේ කරපු සෙල්ලමක් මතක් උනා.. අන්තිමේදී කොහොමත් වෙන්නේ අපිට ඉත්තො වගේ එහෙට මෙහෙට කැපෙන්න තමයි..

    මගෙත් අදහස කාගෙත් සහයෝගය විශේෂයෙන්ම UNP හා JVP එකේ සම්පූර්ණ සහයෝගය ගන්න පුළුවන් වෙන විදියට මේ වන විට දේශපාලනයෙන් නම කැත කර ගත්තෙ නැති නිර්පාක්ශික ජේෂ්ඨ පුරවැසියෙක් එනවනම් හොඳයි.. ප්‍රශ්ණේ තියෙන්නේ ඉන්දියාවේ අබ්දූල් කලාම් ල වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවද කියන එක තමයි.. සියලු විපක්ශ කණ්ඩායම් සහයෝගය දීල එවැන්නෙක් දිනවල ඉන් පස්සෙ පාර්ලිමේන්තුව විසුරවල වෙන් වෙන්ව පක්ශ ලෙස තරඟ කරන්න ඕනි. පාර්ලිමේන්තු මැතිවරනයෙන් පස්සෙ විදායක ජනාධිපතිකම අහොසි කරල අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට බලය ලබා දෙන පූර්ව සැලසුමක් තිබිය යුතුයි.

    පොදු අපේක්ශකය හාමුදුරුනමක් වෙන එකනම් කිසිසේත්ම සුදුසු නෑ. සුදුසු පුද්ගලයෙක් හොයල හාමුදුරුවරුන්ට පුළුවන් ඔහුව බලයට ගේන්න කටයුතු කරන්න හා ඉන් පස්සෙ ඔහුව මෙහෙයවන්න.

    ReplyDelete
    Replies
    1. හාමුදුරු කෙනෙකුට මාත් ඒ හැටි මනාපයක් නෑ. නමුත් සෝභිත අමිල වගේ දේශපාලන හාමුුරු කෙනෙක් අවුලකුත් නෑ.

      Delete
  20. අපි ඉතින් අපායට ඉන්ටර්වල් එනකන් බලාගෙන ඉමු..

    ReplyDelete
    Replies
    1. අවුරුදු හතරකිං ඈ!
      (මලේ උඹට සනීපද? (අසනීපෙන් නේද හිටියෙ))

      Delete
    2. දැනට නම් සනීපයි.. තව ටික කාලෙකට බෙහෙත් බොන්න වෙනවා.. ආයි පරණ ජීවිතේ පටන් ගත්තා ඕන දෙයක් කියලා..

      Delete
  21. උඹට උඩින්ම ලියන්න තිබ්බේ, මහින්ද දිනනවා කියලා හිතනවා නම් කෙලින්ම කොමෙන්ට්ස් වලට යන්න කියලා....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .... ඒකත් ඇත්ත

      Delete
  22. //එක පැත්තකින් මහින්ද බොස් ඉන්නව. ඒකෙ ආයෙ දෙකක් නෑ නෙව! //

    මට ප්‍රශ්නෙ ඒකයි.. මහින්දට පස්සෙ දෙවෙනියෙක් නැහැ නොවැ..
    විපක්ෂේ නම් හෙන රොත්තක් ඉන්නවා.
    ප්‍රශ්නෙ එන්නේ මහින්දට පස්සෙ එකා හොයන්න ගියාම. බලපං පරම්පරාවම සාටක පටලවා ගන්න හැටි..

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම අවුලක් නෑ බං. නායකයන් හිඟ වෙන්නෙ විරුද්ධ පක්ෂයට. මොන ආණ්ඩුව තිබුනත් ඒ පැත්තට නායකයන් හිඟ වෙන්නෙ නෑ.
      බලපං ජේආර්-ප්‍රේමෙ, ලලිත්, ගාමිනී,.....
      ප්‍රේමෙ-ලලිත් ගාමිනී රනිල්.....
      චන්ද්‍රිකා-මහින්ද දිමු මෛත්‍රී.....
      මහින්ද-මෛත්‍රී නිමල් ......

      මේ හැම අවස්ථාවකම විපක්ෂය තමයි අවුලෙන් ඉන්නෙ.

      Delete
  23. 1) Sobitha
    2)karu
    3)Fonseka
    4)පොල් පිත්තක් හරි කමක් නැහැ, මේ අශීලාචාර ගමන නවත්වන්න.









    0

    ReplyDelete
    Replies
    1. මගෙත් අනුපිලිවෙල ඕකයි අරූ!

      Delete
  24. මහින්ද දිනන එක දිනනවාමයි. ඒක වෙනස් කරන්න ඇහැක් පොද්දෙක් පෙනෙන තෙක් මානයක නෑ.

    එ හින්ද කරන්න ඕනෙ අර චාමිය කියල තිබ්බ වගේ ඊලඟ මැච් එකට ප්ලෑන් කරන එකයි.

    ඒක ඉන්ඩිවිජුවල් ඉවෙන්ට් එකක් නෙමෙයි ගෲප් එකක්. දුවන්න ඉන්න ගොඩක් පිස්සු අස්සයො, කකුල් කැඩිච්චි උන්. ඉතින් එහෙව් එකේ, උන් එක්ක ගේමට හොඳ බුලට් සෙට් එකක් දාල ඒක දුවල දිනල, අර පැත්තෙන් කීප දෙනෙකුත් ගානක් දීල අරන්, 2002 කල දේ ආයි කරන එක තමයි පසු පාදයේ ආරක්ෂාකාරීව ක්‍රීඩ කරල ගොඩය යන්න පුලුවන් ක්‍රමේ.

    ReplyDelete
    Replies
    1. එච්චරම එකඟ නෑ.
      ඊලඟ මැච් එක ගැන ලොකු ෂුවර් එකක් තියාගන්න බෑ. ගෲප් එකට මේකෙ ප්‍රතිපලය සෑහෙන්න බලපානව. මහින්ද ලොක්ක මේක දිනුවොත් ගෲප් එකට 120ක් වත් හදාගන්න එක මහලොකු අවුලක් කියල හිතෙන්නෙ නෑ මට නං.

      Delete
    2. එහෙම කියන්නෙපා මචෝ, එදා 94 චන්ද්‍රිකා ගැන මිනිස්සුන්ගෙ අච්චර උන්මාදයක් තිබිලත් එක ඡන්දෙන් තමා ආන්ඩුව හැදුවෙ. ඒ වෙලාවෙ රනියයි ඩීබීයි කෙලින් ගාමිණීට සපෝට් නොකල නිසා සහ ගාමිණීගෙ හෙලිකොප්ටරේ කොළඹ ආ අෂ් රොෆ් චන්ද්‍රිකා ගාවට ගිය හින්ද ආන්ඩුව හැදුන. ඒ නිසා ලොක්ක දින්නට ගෝලයො 120 ගොඩ දාගනියිකියන එක සරළ නෑ හිතන තරම්.

      Delete
    3. මේ පාර දිනුවොත් ආපහු පාර්ලිමේන්තු මැතිවරනයක් නැත. ජනමත විචාරනයක් තියයි ඔය පාර්ලිමේන්තුව දිග් කරගන්න. බලපන් බොරුද කියලා.

      Delete
    4. මහින්ද දින්නොත් මහ ඡන්දයක් නැත. ආන්ඩුවේ රස්සා තව අම්බානක දීලා ඒවයෙන්ම ගොඩ යනවා.. සදා සොත්ති භවඃතුතේ...

      Delete
  25. මේවා ඔක්කොම හිතේ දුකට කියවෙන කතා බං...
    හිතේ මේ ටයිප් එකේ දුක් ඇතිනොවෙන විදිහට ජීවත්වෙන කලාව ඉගෙන ගනින්.
    එතකොට මේ පිස්සු ඔළුවට එන්නේ නැහැ.... හික්...

    ReplyDelete
    Replies
    1. //මේ ටයිප් එකේ දුක් ඇතිනොවෙන විදිහට ජීවත්වෙන කලාව//
      හැම මගුලටම 100% පන්නල බදු ගහන රටක ඔහොම චින්තනයක් ඇතිකරගන්න පුළුවන්ද?

      Delete
  26. මේ විපක්ෂයේ එවුන්ට කියන්නෙ. උඹලා උඹලා අතර මොනවා කර ගත්තත් කමක් නැහැ අර රතනයයි චම්පියයි කියන තක්කඩි දෙන්නා දෙන ලනු නම් ගිලින්න එපා. කට්ටියක් දැනටම ගිලලා වගේ පේන නිසයි කියන්නේ. ඔය දෙන්නා අම්බ කපටියෝ. ඔය කෑගහලා කෑගහලා ආයේ මහින්ද මාමාගේ කකුලේ ඇතිල්ලෙන්න යයිද තාම ෂුවර් නැහැ. ඔය නරි දෙන්නාව අයින් කරලා ඕනැ දෙයක් කර ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. මෙතන ලණු ගිලීමක් සිද්ධවෙන එකක් නෑ මිත්‍රයා.... මොකද චම්පික හෝ රතන පොදු අපේක්ෂකය වෙන එකක් නෑ නෙව. එයාල එනව නං එයි නැත්තං දෑත් ශක්තිමත් කරයි. වැදගත් වෙන්නෙ අනිත් උදවිය. විශේෂයෙන්ම එජාප, ජවිපෙ, ටීඑන්ඒ, ෆොන්සේක.

      Delete
  27. මගේ මනාපය රාජ්ට...:P

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ ඔන්න ඔහොමයි මේකෙ ඉන්න ගෑණු හිතන්නෙ. ගොන් වාහෙලා සෙට් එකක්

      Delete
  28. ලොක්කා මෙදා පාරවත් ගෙදර යයිද ?

    ReplyDelete
  29. හොඳ විශ්ලේෂණය රාජ්. හරියට ප්‍රශ්න දෙකේ කතාව වගෙයි.

    ReplyDelete