Friday, November 14, 2014

හොරාට සවන්දුන් දුරකතන සංවාද කිහිපයක්! [කතාවක ඇතුල්පැත්ත]

මට ලැබුන දුරකතන සංවාද වලට සවන් දෙන්න පුළුවන් ගැජට්ටුවක්. අනුන්ගෙ සංවාද ඇහීම හොඳ නැතත් ඒ දේ කලා. එක එක සංවාද අස්සෙ තිබුන සංවාද කිහිපයක් එකිනෙක සම්බන්ධයි වගේ හිතුන නිසා ඒක දාන්න හිතුව. අනුංගෙ ලියුං බලල මේකෙත් දාපු එකේ ඔන්නොහෙ දානව.

1. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"හෙලෝ.....ආ මචං...."

"අපි නං හොඳිං....කොහොමද මචං උඹලට?...."

"පුක ඉරාගෙන ගේමට ලෑස්ති වෙනව බං මේ දවස්වල...."

"හහ් හහ් හහ්.... මට ආරංචියි....මට ආරංචියි.... [ඒයි සිං.... කවුද අර ගේට්ටුව ගාව කානුවෙ රෙන එකා....? මුන්ට රෙන්නත් මෙතෙන්ට එන්න ඕනද?]"

"ඇයි මචං.... උඹලගෙ කක්කුස්සි ප්‍රශ්නෙ විසඳිලා නෑ නේද? ඔහොම හිටපංකො මම ඊලඟ පාර ආවම උඹලට"

"නෑ නෑ ඒකෙ අවුලක් නෑ මම කතා කලේ වෙන කේස් එකකට"

"මොකද්ද?"

"අපේ කොල්ලන්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න ඕනලු!"

"ඕකටද තෙපර බෑවේ? ඉතිං එවන්න මෙහේ! අපේ කොල්ලොත් එක්ක සෙල්ලං කරන්නෙ නැතෑ!"

"නෑ නෑ ඔහේගෙ කොල්ලො ටික මෙහේ එවන්න.... අතටත් කීයක් හරි දෙන්නං....."

"හරි හරි ඕක මොකද්ද?"

"එහෙනං තියන්නං....නමස්තේ"

"නමස්‍ෙතේ"

2. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"සර් ඇයි මේ හදිස්සියෙ.... නින්ද යන්නෙ නැද්ද?.... එවන්නද...."

"නෑ නෑ ඕයි.... අන්න මෝඩි කතාකරල කිව්ව කොල්ලො ටික එහෙට එවන්න කියල"

"යර්ස් සර්.... නෝ ප්‍රොබ්ලම්....මේ මේ...."

[දඩාස්]

3. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"හෙලෝ....."

"අන්න ලොක්ක කියනව කොල්ලො ටික ඉන්දියාවට යවන්න කියල!"

"ඇයි? දඹදිව වත් පෙන්නන්නද?"

"නෑ නෑ බං.... වන්ඩේ සීරීස් එකකට"

"මේ හදිස්සියෙ? මේක කොහොමද කොල්ලන්ට කියන්නෙ? අ‍නික උං ප්‍රැක්ටිස් කරලත් නෑ හරියට....."

"ඕයි මේව උඩිං එන ඕඩර්! තමුසෙ කොල්ලො ටික යවනවකො! සෙල්ලං ටික උං පෙන්නයි"

"ඕකේ සර්"

4. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"ඇන්ජි..... අපිට ඉන්දියාවට යන්න වෙලා කොල්ලෝ..... ඕඩීඅයිස් පහක් දීල"

"^%$*%*% මේ වෙලාවෙ?"

"මේක උඩිං ආපු ඕඩර් එකක් බං....."

"ඇයි යකෝ අපිත් දරුපවුල් කාරයො!"

"මට තේරෙනව බං.... කොහොම හරි ගහමු!"

"[%$$*&^ තමයි ගහන්න වෙන්නෙ]"

5. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"අැයි බං මේ මහරෑ?"

"මාර අවුලක් අයියේ.... ඉන්දියාවෙ යන්න වෙලා.....පහක්"

"මොන &^&^$&ද බං? එහෙම කියන කියන වෙලාවට සෙල්ලං කරන්න අපි ඇන්ලීන් බොනව කියලද මුං හිතං ඉන්නෙ? මට නං බෑ මම සික් ලීව් දානව"

"අනේ අයියේ එහෙම කරන්න එපා බං.....මාත් අමාරුවෙ"

"ඔහොම හිටපං බලන්න"

6.ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"මචං...?"

"මේ.......මාර කේස් එකක්....ඉන්දියාවට යන්න වෙලා ඕඩිඅයි පහකට!"

"මොන %$$$$ද! මේ හදිස්සියෙ?"

"ඔව් බං &*%(^()^()^&^%$පුතාලා ඔක්කෝටම හා කියල, දැං මටත් කිව්වෙ!"

"හරි! එහෙනං අපි දෙමු හොඳ ගේමක්! ඕකුං හැඳිගෑවිලා යන්න...."

"එහෙම කොහොමද බං..... මේ හදිස්සියෙ......"

"ඔහොම හිටපංකො කියන්න.... අපි පහම උන්ට දෙමු!"

"ඉතිං.....?"

"මේකෙං පුල් අවුලක් හැදෙනව!"

"ඒ කොහොමද බං....."

"දෝනිය ඊයෙ කතා කලා.... ඌ ලෙඩිං.... දැං කෝලිය තමයි කැපා වෙන්නෙ.... මේ පහම උන්ට දුන්නොත් කෝලියගෙං ආයෙ ඕක ගන්න බැරි වෙනව.... වර්ල්ඩ් කප් ගහන්න බෑ දෝනිය නැතුව!"

"එච්චරද?"

"නෑ නෑ.... මුන්ට ගහන්න දෙන්න ඕන තුන්සීය පැනල.... අවුට් කරන්න හොඳ නෑ..... හොඳට බෝල් කරන්න ඕනත් නෑ.... උන්ට ප්‍රැක්ටිස් දෙන්නෙ මොකටද අපි?"

"ඒකත් හරි.....හැබැයි...."

"ඔහොම ඉඳිංකො.... මුල් තුන දින්න ගමං මුං ටීම් එක වෙනස් කරනව..... ඔන්න අපි හිතමු ඔපනින් එන රහනෙයි ධාවනුයි හොඳට‍ ගැහුවත් හතරෙදි වගේ රෝහිත් එන්න ඉඩ තියනව.... ඌටත් ගහන්න දෙනව හොඳට...."

"ඉතිං....?"

"ඉතිං වර්ල්ඩ් කප් එකට ටීම් එක තෝරන්න ගිහිල්ල මුන්ටික අනාගන්නව.... ටීම් එකට විස්සක් වත් දාල තමයි වලි බේරන්න වෙන්නෙ.... හහ් හහ් හා......"

"වැඩේ නං හොඳයි තමයි.... එහෙනං දෙමු ගේම කට්ටියට වර්ල්ඩ් කප් තෝරන්න ගියාම ඇ‍ඬෙන්නම....."

42 comments:

  1. පස්ටයි යකෝ... හැක් හැක්.. දුකින් උනත් සතුටක් උපදිනවා දැන්නං..

    ReplyDelete
    Replies
    1. මාරයා කියුදෙයක් වැරදී නැත.... අමු මිරිස් සෙල්ලමට කෙලවී ඇත... දැන් අළුත් වැඩක් පටන් ගමු....

      දේශීය කන්සෙප්ට් එකක් එක්ක යන්න ඕනි නිසා වම්බටු ගහගන්න වගේ වැඩක් ප්‍රමෝට් කරමු...

      Delete
  2. එහෙම කියලවත් හිත හදාගමු සුදෝ......................
    සමාව දෙංඤං අපි හිත හදාගමූ...
    ඕ යේ

    ReplyDelete
    Replies
    1. හිත හදාගන්න දෙයක් නෑ බං. සහතික ඇත්ත කියන්නෙ.

      Delete
  3. යන්තම් ඇති දැනුයි හොටු පිහදාගත්තෙ. ඒනම් ඒකයි උනේ. අපි මේ වැලපෙනව.

    ReplyDelete
    Replies
    1. වැලපෙන්න වෙන්නෙ ඉන්දියන්කාරයන්ට. වර්ල්ඩ් කප් එකේද! ඔව්!

      Delete
  4. අම්මපා මූ ගාව ඇත්තටම ටැලිපෝං ටැප් කරන ගැජට් එකක් තියනවද කොහෙද. පස්ටයි ඕයි.

    මමත් ඊයේ හවස කෝච්චියෙ එද්දි කොල්ලො සෙට් එකක චැට් එකක් ටැප් කරා. මෙන්න ඒ දෙබස්
    1කොල්ලා : (ස්මාට්ෆෝනය දෙස බලා) හැහ්! අරුන් හාරසිීයක්වත් ගහයි. දැනටම ඔවර් 46 යි. ලකුණු 356
    2 කොල්ලා: නෑ.. එහෙනං අරූ (ෂර්මා) 250ක් වත් ගහයි. හැක හැක.
    3 කොල්ලා: (කින්ඩියයට මෙන් එබී බලා) ටෙස්ට් මැච් එකක්ද බන්...
    4 කොල්ලා: මමනං මේ සීරීස් එක බලන්නෙ නෑ.. කන එක ෂුවර්නෙ.. අපේ උනුත් 150-200ක් ගහන්නෙ නැතෑ..
    1කොල්ලා: ඒ වුනාට මමනං කියන්නෙ අපේ උං මේ කරන්නෙ බොරුවක්. බලපංකෝ ඊළඟට එන ඉංග්ලන්ඩ් ටීම් එකත් එක්ක යන සීරීස් එකේදී දෙන ගේම
    3 කොල්ලා: අනේ පලයන් බං.. ගහයි %තේ...
    2 කොල්ලා: මටත් ඕකනං හිතුනා බං
    1කොල්ලා : දාමුද ඔට්ටුවක්... මම කියන්නෙ අපේ උං ඒ සීරීස් එක වින් කරනවා...(4 කොල්ලාට) යමුද ඒ මැච් එකක් බලන්න. 26 පටන් ගන්නේ.
    4 කොල්ලා යමු යමු. අපේ උන් පොරි හැලෙන්න දෙන එක 100% ෂුවර්..

    මමනං ඔය විස්තර මුකුත් දැනං හිටියෙ නෑ.. මම ක්‍රිකට් ගැන ඉන්ටරෙස්ට් නැති නිසා. උංගෙ කතාවලින්මයි දැනගත්තෙ ඊළඟට ඉන්ල්ගන්ඩ් ටීම් එක මෙහෙට එන බවත් 26 ඒ මැච් පටංගන්න බවත්. රිජ් විහිළුවට කියන කතා ඇත්ත වෙන්නත් බැරිම නෑ.

    ReplyDelete
  5. මගෙත් ඔය බෝල සෙල්ලං ගැන වැඩි උනන්දුවක් නෑ බං. ඒත් දැන් නම් මේක බෝලෙන් කරන සෙල්ලමට එහා ගියපු එකක්. පේනව නේ උඹේ ඔය සංවාද ටිකෙන්ම වැඩේ. :)

    හැබෑට මම මේ කම්පනා කළේ මුං එකෙක්ට වත් කුණුහරුපයක් නැතුව වචන දහයක් කතාකරන්න බෑනේ.

    ඕං මේ ළඟදිත් ඔය වගේ තව එකක් කියෙව්වා.

    ReplyDelete
  6. එහෙම වෙයිද ඈ..

    ReplyDelete
  7. චැක් අම්මප ඇන්ජියගෙ මොළේ තමයි මොළේ,කවුද හිතුවෙ මෙහෙම උපක්‍රමයක් ගැන.ඇත්ත තමයි බං දෙකක් නෑ ලෝකෙ හොඳම කැප්ටන් ඇන්ජියා,ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අනේ මේ වාහේ. ඕයි මේ කියන්නේ ඇන්ජියගේ මොලයක් ගැන නෙවෙයි. මහියයි සංඝයි ගහන ප්ලෑනක් ගැන. කොහෙද ඉතිං හරියට කියවන එකක්ද?

      Delete
    2. හැලපයියා ඇන්ජියගෙ මොළේ වගේ නේද අපේ මහින්ද ලොක්කගේ,රනිල් ගේ මොළේ එහෙමත්..:D

      Delete
  8. මාත් ක්‍රිකට් ගැන උනන්දුවක් නැති හින්ද ඕක ගැන එච්චර බැලුවෙ නෑ. ඒත් ඉතිං බුකියට ආවම පත්තරේ අතට ගත්තට අන්තයිනෙ.
    එහෙනං එහෙමයි සිද්ධිය වෙලා තියෙන්නෙ. රාජ් ඔය ගැජට් එක දිගටම තියාගන්න. ඊගාව මැච් එකටත් ඕක ඕන වෙයිනෙ.

    ReplyDelete

  9. වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍ සි‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍
    පා‍මූ‍ තු‍ටි‍න්‍ න‍ටමූ‍ මේ‍ ලී‍ ද‍රා‍ අ‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ අ‍හා‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ඔ‍හෝ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍ සි‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍

    කෝ‍ම‍ල‍ ම‍ධු‍ර‍ බ‍ශි‍නී‍ මේ‍ ගී‍
    සා‍දා‍ ප‍ව‍ස‍මු‍ දැ‍න්‍
    න‍ට‍මු‍ පේ‍ළි‍ පේ‍ළි‍ ගැ‍සී‍
    ර‍ජි‍ඳා‍ තු‍ටු‍ව‍න‍ මෙ‍න්‍

    සි‍රි‍යා‍ ව‍සා‍ය‍ උ‍රේ‍ ආ‍ශා‍වෙ‍ භූ‍ප‍තී‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍
    ආ‍ලෝ‍ක‍ වී‍ ර‍ජී‍ඳු‍ බෝ‍ ප්‍රී‍ති‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍

    න‍ට‍ න‍ට‍ කිංකිණි නාද‍ දී‍ අපි
    ය‍මු පාරේ තුති දිදී බොහෝ සේ
    භූපතී ලක වැජඹේවා

    නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ

    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ..

    නා‍ට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම

    ReplyDelete
    Replies
    1. [උඹ තමයි දවසකටවත් මිනිහ]
      මේ සින්දුව වැඩිපුරම ඇහුවෙ ප්‍රේමදාස ජනපතිතුමාගෙ කාලෙ. මගේ කන්වල තිබුන මොකක්දෝ වැරැද්දකට මේක තනිකරම කුනුහබ්බයක් විතරයි. කොහොම උනත් අදටත් හරියනව.

      Delete
    2. රාජ් මට ඊයේ හම්බ උනා අපිට සින්දු ඇහෙන තාලෙ කියලා සින්දු සෙට් එකක් .....
      මෙතන දාන්න බ මචෝ ගොඩක් තියනවා .මම මෙලක් දාන්නම් ...

      සුදුසු හන්සයෝ... විලෙහි සරතී.... (මධුර යාමේ.....)
      "පින් මාලු වලේ හුටන් ටැන්ට මාලු බානවා"
      දුහුල් මලක මල් පෙත්තක සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය සමනලයෙක් අතේ එව්වා හම්බ වුණාද ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර

      ගුරු ගෙදරට හැමදා එන මව්පියෝ අතරේ...
      කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ...
      උප්පැන්නේ පියාගේ නම ලියනසූරිය...
      පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ...

      Delete
  10. මුලින් ලියුම් හොරෙන් කියවීම
    ඉන්පසු ටෙලිෆෝන් ටැප් කිරීම
    ඊටත් පසු ??????????????????????????

    ReplyDelete
    Replies
    1. අපි ඉස්පිටිතාලෙට යනව රාජ්ගෙ සුවදුක් බලන්න. :)

      Delete
    2. සුදු ලිමොසීන්

      Delete
    3. යතුරු හිලෙන් බැලීම.. හැක් හැක්

      Delete
  11. අන්තිම මැච් එක බලන්න අමුතු ආසාවක් ආවා.. දැන්නෙ වැඩේ තේරුණේ.. හැබෑට මුන් දැන් කවුද කපන්නේ.. අපේ උන් කරන්නෙත් හතර වරං වැඩ තමයි.. හිකිස්..

    ReplyDelete
  12. ලංකාවේ අපේ එවුන් නේ නියමයි අහ :D

    ReplyDelete
  13. චම්පියයි ගම්මයි ඒ සැරේ කියනවා ආණ්ඩුවෙන් යන්න නැතිලු. ඔය ජඩ බල්ලන්ට රැවටෙන්න එපා කියලා මම කලින් කිවා නේද?

    ReplyDelete
  14. අනිච්චා වත සංඛාරා.....

    ReplyDelete
  15. අම්මටසිරි!! එහෙනම් ඕකයි වෙලා තියෙන්නෙ. මං ඒත් බැලුව මොකද උනේ කියල!!!

    ReplyDelete
  16. වාසනාවන්... අන්න බොඩ්එකේ කචල්ලු

    ජ ය වේ වා !!! (ඉංදියාවට)

    ReplyDelete
  17. එහෙමනම් ඉතින් අවුලක් නෑ..

    ReplyDelete
  18. සිද්දිය ඒකනම්.. කොච්චර පැරදුනත් මොකද අප්පා වෙන්නේ..

    ReplyDelete
  19. මේ ක ලියල තියෙන්නේ ලංකාවේ ටීම් එක පරාජයෙන් පරාජයට යන එකට දුකෙන්ද? නැත්නම්?

    ReplyDelete
  20. අනේ පැරා, මාතේ, රාජ්, මේ රට උඹලාව ගණන් ගන්න තරම! මේකට නිකම් වත් ආරාධනයක් ලැබුණද?

    ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග්කරුවෝ අද කවුඩුල්ල වන පෙතට ගොස් වන අලි නරඹමින් එහි අසිරිය විඳගත්හ.

    ලොව නන් දෙසින් පැමිණි බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.

    ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියාවේ ප්‍රථම සංචාරක බිලොග්කරුවන්ගේ සමුළුවට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත. ඔවුන්ගේ ප්‍රථම සංචාරය වුයේ කවුඩුල්ල වන පෙතයි.

    ඔවුන් මෙරට රැදී සිටින කාලය තුළ හබරණ, පොලොන්නරුවල, සීගිරිය, මහනුවර, ගාල්ල යන ප්‍රදේශ වල සංචාරය කරමින් මෙරට ආකර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතය.

    සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.

    සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව සමුළුව සංවිධානය කරනු ලබන අතර විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46 දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. //සමුළුව සඳහා දේශකයින්//

      හරි හරි ඔය යක්කු තුන්දෙනා නැතිවට ඔය මගේ කට්ටිය නං ඉන්නේ.. හැක් මාත් දැක්කා මේ නිව්ස් එක ලංකාදීපේ..

      Delete
    2. //සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට//


      මේකට මොකටෙයි බං ඔය දේශපාලනෙයි, ඕපදූපයි, හිනායන්නෙනැති විහිළුයි, මෙලෝ රහක් නැති කතා සහ කවියි ලියන අපේ ( මමත් ඇතුළු ) සිංහල බ්ලොග් කරුවො ගාවගන්නෙ. ඔන්න නඩේ ගුරා හරි ලක්දසුන් හරි සයිට් එකක් කරන උන්ට කතා නොකලනම් ඒක වැරදියි.

      Delete
  21. මේ පෝස්ට් එක කලින් දාන්න තිබුනා...
    අන්න ඒකයි මං කියන්නෙ

    ReplyDelete
  22. කොහොමත් මේක මේ කන්න බලන්ම ගිය ගමනක් නොවැ.මුලදීම ඇන්ජි කිවේ අපි මේ ටුවර් එකට සුදානමක් නැහැ කියලා.

    ReplyDelete
  23. දැන්නෙ ඇත්ත සීන් එක තේරුනේ!

    ReplyDelete
  24. මරු. හොඳ වෙලාවට ඉන්දියාවේ වගේ අපේ පයිප්ලයින් එකේ එහෙම ප්ලේයර්ස් ලා නෑ. නැත්නම් මුන් ටික ඔක්කොම හැලුවොත්..බේබිලා තමයි යවන්න වෙන්නේ

    ReplyDelete
  25. වාසනාවට මේක සිංහලෙන් ලිව්වෙ ..බැරිවෙලාවත් ඉන්දියාවේ එකෙක් කියෙව්වනම් .................. :P

    ReplyDelete
  26. සුපිරි තමයි රාජො ...

    ReplyDelete
  27. කන්න දෙනවා නම්...බොන්න දෙනවා නම්...තව කෙංගෙඩියද තව ඕන කියන්නේ....

    අපි කියන විදිහට කරපන් කියන මොඩ්ල් එකේ පාලකයින් ඉන්න රටක තව කෙංගෙඩියද අපි කරන්න ඕන. ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි. අපි සුකිරි බටිල්ලෝ වෙමු.

    ReplyDelete
  28. රාජ්......තහනම් වචන බ්ලොග් එකට ගිහින් බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා.

    ReplyDelete