Thursday, May 14, 2015

අපි වෙනුවෙන් නොව තොපි වෙනුවෙන් වත්.........

මේ දිනවල හොරු ඇල්ලීම පිළිබඳ කතා බොහෝය. හිටපු ජනාධිපතිවරයා ගිය ගිය තැන කනිපින්දම් කියන්නේ හොරු ඇල්ලීමේ නාමයෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ අඹ යාළුවන්ගෙන් පලිගන්නා බවයි. හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල ඔහු තම දේශපාලන ප්‍රතිවාදීන්ට සැලකූ ආකාරය මේ වනවිට අමතක වී ඇතැයි අපට සිතිය හැකිය. පෙර පැවති පාලකයන්ට සාපේක්ෂව මහින්දගේ පාලන කාලය තුල කැපීපෙනුන දුර්දාන්ත ලක්ෂණ තුනක් හඳුනාගත හැකිය. එකක් පවුල් පාලනයයි. මින් පෙර පවුල් පාලන අවස්ථා ඕනෑ තරම් පැවතියද එය උපරිම තත්වයට පත්වූයේ මහින්දගේ කාලයේදීය. දෙවැන්න දූෂණයයි. සංවර්ධනයේ නාමයෙන්, පසුගිය වසර නවය තුල සිදුවූ දූෂණයන් තරම් දූෂණ ප්‍රමාණයක් මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් දැකගත නොහැක්කක් විය.

අපේ අවධානයට ලක්වන 'දේශපාලන පලිගැනීම්' තෙවැන්නයි. දේශපාලනයේදී ඔහු අනුගමනය කරන ලද්දේ ප්‍රතිවාදීන් තමන්ගේ ඔඩොක්කුවට බාගැනීමයි. එසේ කල නොහැකි වූවන් හට ජීවිතය අපායක් කිරීමට ඔහු සමත් විය. මෙහි පළමු උදාහරණය සරත් ෆොන්සේකාය. ඒ පිළිබඳ අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය.
ජනාධිපති මහින්ද මීට ටික කලකට පෙර රැස්වීමකදී අපූරු ප්‍රකාශයක් කලේය. ඒ ඔහුගේ පලිගැනීම් පිළිබඳ විපක්ෂ දේශපාලනඥයන්ගේ විවේචනයකට පිළිතුරු වශයෙනි. එහිදී ඔහු අවඥාවෙන් සඳහන් කලේ විපක්ෂය කුඩා දරුවන් මෙන් හැසිරෙන බවත් දේශපාලනයේදී ඕනෑම දෙයක් බලාපොරොත්තු වියයුතු බවත්ය. දැන් ඔහුගේ ප්‍රකාශය ඔහු කරා පැමිණි විට ඔහුට හැකිවන්නේද 'කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි' ආකාරයේ හැසිරීමක් පෙන්වීමට පමණි.


මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමෙන් ඔහුට සහනයක් ලැබී අැති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශ හා ජාතික විධායක සභාව ආදියේ නෛතික තත්වයද අභිියෝගයට ලක්වී ඇත.

මේ වනවිට අප රට පත්වී අැත්තේ 'හොරු ඇල්ලීම' හා 'දේශපාලන පලිගැනීම්' වෙන්කරන සීමාව තියුණුව පරීක්ෂා කරන තත්වයකටය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වැනි විශේෂිත ආයතන පිහිටුවීම හා පාලනය කිරීම ඉතාමත් පරීක්ෂාකාරීව සිදුකල යුත්තකි. එසේ නොවූ විට හොරු සහ දේශපාලන සිරකරුවන් වෙන්කල නොහැකි තත්වයට පත්වන අතර, මාංචු සහිත දෑත් උස්සා පෙන්වමින් 'නෙල්සන් මැන්ඩෙලා රංගනය' විදහා පෙන්වීමට හොරුන්ටද ඉඩ සැලසෙනු ඇත.

රටක සාමාන්‍ය නීතියට පරිබාහිරව ගෙන එන නීති-රෙගුලාසි, අනපනත්.... ආදියත්, නීතිය රැකීමට විශේෂයෙන් පිහිටුවන පොලිස් හෝ හමුදා ඒකක ආදියත් කියාපාන්නේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරවීමේ ලා අදාල අංශ දක්වන දුර්වලතාවය මිස අන් යමක් නොවේ. අතීතයේ ක්‍රියාත්මක කල 'හදිසි නීතිය', මාධ්‍ය දඩයම වෙනුවෙන්ම ගෙන ආ 'සාපරාධී අපහාස නීතිය' ආදිය මීට හොඳ උදාහරණ වේ. 88-89 කාලයේ ආණ්ඩුවෙන් ඇතිකල ඊනියා 'ආරක්ෂක' කණ්ඩායම් තරගයට මිනීමැරීම් සිදුකල ආකාරය අපට අමතක නැත. මෙවන් නීති-ඒකක තුලින් කිසියම් හෝ අවස්ථාවක 'දඩයම්' සිදුවිය හැකිය. සාමාන්‍ය නීතිය සියල්ලට ඉහලින් වැදගත් වන්නේ එබැවිනි.

ලංකාවේ දේශපාලනය පරීක්ෂා කිරීමේදී එක් ආණ්ඩුවකින් සිදුකරන 'හොඳ' කෙසේ වෙතත් 'නරක' ඉදිරියට ගෙනයාම ඊලඟ ආණ්ඩුව අනිවාර්යෙන් සිදුකරන බැවින් ඉදිරි කාලයේ දේශපාලන පලිගැනීම් සුලභ විය හැකිය. අද සිරගෙවල සිටින්නන් හෙට රජගෙදරට යන විට අද රජගෙදර සිටින්නන් හෙට සිරගෙවල සිටිය හැකිය. මෙයට විසඳුම වන්නේ රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු වැඩපිලිවෙල සැකසීම පමණි. එවිට පොලීසිය සහ උසාවිය රටේ නීතිය රැකීමට ප්‍රමාණවත් වනු ඇත.

ස්වාධීන කොමිෂන් සභා ඇතුළු, දහනව වන සංශෝධනයෙන් ගෙන ආ ව්‍යවස්ථාව බලාත්මක කරගැනීම රට හමුවේ ඇති මූලික කාර්යක් වන්නේ මෙම තත්වයන් යටතේය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කල පමණින් ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත. මූලිකව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා අනෙකුත් ආයතන වලට නියෝජිතයන් පත්කිරීමට බලකල යුතුය. රටේ ජනතාව තමන්ගේ නිදහස-ස්වාධීනත්වය වෙනුවෙන් කලයුතු බලපෑම, දැනට විපක්ෂයේ සිටින එකසිය ගණනක් වූ පාර්ලිමේන්තු නියෝජිතයන්ද කලයුතුය. ඒ සිරගත වීමෙන් ආරක්ෂා වීමටය. අපට කීමට ඇත්තේ අපේ නිදහස වෙනුවෙන් නොව තොපේ නිදහස වෙනුවෙන් රටේ නීතිය ආරක්ෂා කිරීමට කටයුතු කරපල්ලා යනුවෙන් පමණි.

34 comments:

  1. සැක සහිත හැම එකා ගැනම කව්රු කව්රුත් පැමිණිලි කරාම අහවරයි නෙව..

    ReplyDelete
    Replies
    1. අයිසෙ දේශා, මොනවාහරි ලියනවකො. මොකෝ තමුසෙට වැඩක් තියෙන එකක්යැ.
      පැන්සොන් කාරයනෙවැ.

      Delete
    2. මෙහෙමත් කෙප්ප.. හැක්..

      පැන්සන් යන්න මට තව මාස දෙකක්ම තියනවා. ඕ යෑස්.. හැක්

      බලමු අප්පා.. මේ දවස් වල කාල කළමණාකරනය දුරුවලයි. එක තැනක පැයක් රැදෙන්න හැටියක් නෑ අනේ..

      Delete
    3. ඒකත් හොඳයි.මේකට විධායක සභිකයන්ම ඕන නෑ. එෆ්සීඅයිඩීයම ඕනත් නෑ.

      Delete
    4. පැයක් රැදෙන්න බැරි මොකද...දේශිකා වැඩ නියම කරනවද නිතරම..දර පලන්න කඩේ යන්න රෙදි හෝදන්න වගේ දේවල්...

      Delete
  2. මේරටේ නඩු අහලා හිරේ යන්නම ඕන දේශපාලනයෙන් තාවකාලිකව හරි සමුගන්න. ඕනැ එකෙක් ඉන්නෙ පුලුවන්නම් ඔප්පු කරපන් එතකොට බලමු කියල. ඔප්පු කරන්න තියා ප්‍රශ්නකරන්න හැදුවත් මර ලතෝනිදෙනවා මෙන්නෝ පලිගන්නවා රට අනතුරේ කියල.

    දූෂණ හුඟක් උසාවියක ඔප්පු කිරීමේ භාරයට අවශ්‍ය ගාණට ඔප්පුකරන්න බෑ. වෙනරටවල උනත් එහෙම වෙන අවස්තා තියනව. ඒත් ඒරටවල සැකයට බඳුන්වෙන හෝ නම කැත කරගත්තවුන් ඉල්ලා අස්වෙනව. එහෙම නැත්නම් නාමයෝජනා නෑ. එහෙමත් නැත්නම් චන්ද ලැබෙන්නේ නෑ.
    ඒත් මෙහෙ?

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එකම හරියන්න ඕන බව ඇත්ත. ඕක පටන් ගන්න ඕන මෙතනින්. අවුල් සහිත අයට නාම යෝජනා නොදීමටත් පක්ෂ දෙකට බල කල යුතුයි.

      Delete
  3. මට නම් එපාවෙල තියෙන්නෙ අයිසෙ

    ReplyDelete
  4. හොඳයි,එහෙම කරමු.

    ReplyDelete
  5. මේ ජාතියේ සැකකරුවන්ට මාංචු දාන්න ඕනේ අත්දෙක ඉස්සරහින් නෙමේ අත්දෙක පිටි පස්සට කරලා.

    ඔය ගෝඨා කරපු වැඩෙන් වෙන්නේ ඕක පුර්වාදර්ශයක් කරගෙන තවත් අය උසාවි යාවි.නීතිගරුක පුරවැසියෝනම් යුක්තිය පසිඳලන්න ඉඩ නොදී මේ විදියට කටයුතු කරයිද ?

    ReplyDelete
    Replies
    1. බලමු! තාවකාලික වාරණයක් පමණයිනෙ.

      Delete
  6. මේ නිගමනයට පිවිසෙද්දී, මම නිතර කෙරෙන අභ්‍යුපගමනය, එනම් ගැටළුව වනාහි හොරු ඇල්ලීම ගැන ගැටළුවක් යැයි සැලකීමි. පවුල් පාලනය බිහිවීමත් සමඟ මේ සැලකිල්ල ප්‍රශ්න කරන්නට සමහර අය පටන් ගෙන ඇත. කෙසේවෙතත්, අපරිමිත මූලාශ්‍රයක් තුල පවා පවුල් පාලනය ගැලවී යා නොහැකි ගැටළුවක් මතු කරයි. ජේ. එච්. ෆ්‍රෙම්ලින් විදග්ධ ලෙසින් පෙන්වා දී ඇති පරිදි, හොරු ඇල්ලීම ගැටළුව වෙනුවට එය විසුරැවා හරින ගැටළුව ඇතිවේ. විශ්ලේෂණයේ අංක ගණිතමය සංඥා ආපිට හැරැනත්, බෙන්තම්ගේ අරමුණ එහෙත් අත්පත් කරගත නොහැකියි.

    ReplyDelete
  7. 1. මගෙ ගාව ෆයිල් තියෙනවා! - මැර මූඩ්
    2. ඇත්ත, මම ඒ කාලෙ හොරකම් දූෂණ ගැන හොයා බැලුවෙ නෑ. - ශ්‍රෙක්ගේ පූසගෙ මූඩ් එක.
    3. කෝ හොරු අල්ලන්නැද්ද? - කින්ඩි මූඩ්
    4. මෙන්නෝ පලිගන්නවෝ! - විදේශ කුමන්ත්‍රණ මූඩ්

    ReplyDelete
    Replies
    1. අර කාටද මූනු හතයි කියනවනෙ! ඒවගේ තමයි.

      Delete
  8. ///මේ වනවිට අප රට පත්වී අැත්තේ 'හොරු ඇල්ලීම' හා 'දේශපාලන පලිගැනීම්' වෙන්කරන සීමාව තියුණුව පරීක්ෂා කරන තත්වයකටය/// වෙනස කෙස් ගහකට සමයි. පාලකයින්ගේ දක්ශතාවය මත අවසානය තීරණය වේවී.

    ReplyDelete
    Replies
    1. යේස්. අල කරගැනීම හෝ ගොඩදාගැනීම පාලකයන් සතුයි. ඒකට ප්‍රතිලාභ හෝ අලාභත් එයාලට ලැබෙයි.

      Delete
    2. පූර්වාදර්ශ!

      http://www.island.lk/2004/07/07/news01.html

      Ravi Karunanayake allowed anticipatory bail

      by Deepthi Pramitha Adhikari and Shiran Ranasinghe
      The anticipatory bail application made by former UNP Trade Minister, Ravi Karunanayake to Colombo Fort Magistrate Sarath Karunaratne yesterday (6) was allowed.

      Karunanayake was also ordered by the Magistrate to enter into two cash bail bonds amounting to five million rupees as surety in allowing anticipatory bail.

      Police last month went the residence of the former minister to take him into custody in connection with an alleged misappropriation of state funds and the latter subsequently made an application for anticipatory bail to the Colombo Fort Magistrate.

      Delete
  9. මෑතක කියපු හොඳම කෑල්ල තමයි.. බලන්නකෝ මේ පොඩි පොඩි ඒවට නේ හිරේ දාන්නේ අනේ.... කියපු එක..

    ඒ කියන්නේ මීට වඩා ගේම් දීලා තියෙනවා කියන එක නේ. පව් අප්පා ලොක්කගේ එකක් තියෙන්නේ කට පච කෙලියත් දිව පච කෙලින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්..... මාත් ඇහුව ඒ කතාව

      Delete
  10. හොඳයි හොඳයි. ඔහොම එළියේ හිටපුවාවේ. දැනට අනාවරණය වෙමින් පවතින සාක්ෂි අනුව, නඩුව අවසන් වුනාම, එක සැරේටම හිරේ යන්න පුළුවන්නේ. (සමහරවිට පවුලටම)

    ReplyDelete
  11. සාමාන්‍ය නීතියටත් වඩා ප්‍රබල ස්‌වාභාවික නිතිය නේ. එයා මේවා කොයි පැත්තෙන් හරි ගානට balance කරයි නේද...?

    ReplyDelete
    Replies
    1. ඊලඟ ආත්මෙත් පුළුවන්නෙ එහෙම උනොත්. බෑ බෑ......

      Delete
  12. ජහපාලන අමන මරිමෝල් කාලකණ්නි ටිකක් හින්දා රටටම විඳවන්න වෙන කාලයක්නං අත ළග...වෙන්න තියෙන දේ උනාට පස්සේ කරන්න දෙයක් නැහැ.. හැමෝටම විඳවන්න වෙනවා ඇර.. හැබැයි මේ කාලකණ්නි පාලනේ ගේන්න උදව් කරපු.. ඒ වෙනුවෙන් කඩේ ගිය.. බොරු පැල කරපු හැම එකාගෙම උපදින්න ඉන්න දරුවට පවා මේ කල දේ සාපේ වදිනවා...

    චතුෂ තුෂර කුමාර

    ReplyDelete
    Replies
    1. මෝඩයන්ට අනුකම්පා කිරීම හැර අන් යමක් නැත

      Delete
    2. මචං මාරයෝ, සාප වදිනවා නම් වදින්නෙ ඉතින් රාජපක්ෂ සහෝදර සමාගමේ හැම නරි බලු වැඩක්ම ඉවසා දරා ගනිමින් උන්ටම කඩේ ගිය උඹලටයි උඹේ දරුවන්ටයි උඹේ දෙමව්පියන්ටයි මිස වෙන කාටවත් නම් නෙවෙයි. රාජපක්ෂ කියන හොරාට කත් ඇදලා උඹ කර ගත්තු පව නිසා උඹට නම් ජීවිතේට දරුවෙක් ඇති වෙතැයි හිතන්න බැහැ. මොනවා කරන්න ද තම තමන් කර ගන්න දේවල් තමයි.

      Delete
  13. //එක් ආණ්ඩුවකින් සිදුකරන 'හොඳ' කෙසේ වෙතත් 'නරක' ඉදිරියට ගෙනයාම ඊලඟ ආණ්ඩුව අනිවාර්යෙන් සිදුකරන බැවින්//
    පරම සත්‍යය!

    ReplyDelete
  14. අපේ හොරු බන්ධනාගාර බස් එකට නගින්නෙ දත් තිස් දෙකම පෙන්නලා මාචු දාපු අත් උස්සල වීර කමක් කළා වගේ. ඒවා දැක්කම කෙලින්න හිතෙනවා ඔලුවට පොල්ලෙන්.
    කතාව සම්පූර්ණ ඇත්ත. හොරු ආතල් එකේ චැලෙන්ජ් කරද්දී නීතියට බලන් ඉන්න වෙලා...

    ReplyDelete
  15. අත් උස්සලා හුරේ දාගෙන ජනතා ජයඝෝෂා මැද්දේ ඉස්පිරිතාලේ යන උං ඉන්නේ අපේ රටේ විතරයි මං හිතන්නේ.
    ඔය කවුරුත් අපි වෙනුවෙන් මොකුත් කොරන්නෑ.හොරු අල්ලන්නෙත් නෑ.

    ReplyDelete
  16. අනේ ඉතින් රටක යුද්දයක් නවත්තපු මිනිහෙක්ටනේ බොලා මේ කට කැඩිච්ච කථා හදන්නේ

    ReplyDelete
    Replies
    1. දූෂනය අහස උසට කලත් ඉතිං යුද්ධය දිනුවනෙ....හැක් හැක්..

      Delete
  17. දැන් හැමෝම ගෝඨා කල දේ කලොත් තව ඉස්සරහට කට්ටියව අල්ලලා හමාරයි.. වැරැද්දක් නොකලනම් ඇයි බය වෙලා ඕවා කරන්නේ.. යුද්ධෙට බය නැතුව මූණ දුන්නා කියලා පුරසාරම් ගහන එකේ ඕකටත් මුණ දුන්නම මොකද වෙන්නේ?

    ReplyDelete
  18. මම දැක්කා ගෝඨාට ලබාදුන්න අධිකරණ තීන්දුව දැන් අභියෝගයට ලක්වෙලා තිබෙන වග..විනිසුරුවරුන් තිදෙනෙකු විසින් ලබාදිය යුතු තීන්දුව දෙදෙනෙකු ලබා දීම නීතියට පටහැනි බවත් කියනවා...මරාට තියෙන්නෙ දැන් වින්ද සැප සහ ජනතා පිලිගැනීම නොලැබීම දරාගන්න බැරිකම..ඒ නිසිය ආයෙමත් බලයට එන්න මේ තරම් කෑදර...ලංකා දේශපාලන ඉතිහාසයේම බලයට මේ තරම් කෑදර වෙච්ච නායකයෙක් ඉදලා නෑ කියලයි මම හිතන්නෙ.

    ReplyDelete