Thursday, May 21, 2015

ප්‍රතිපාදන වලින් කෙරෙන නීත්‍යානුකූල අල්ලස්!

පහුගිය දවසක මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු අපූරු ප්‍රකාශයක් කණට වැටුන. විමධ්‍යගත අයවැය මන්ත්‍රී ප්‍රතිපාදන වලින් කරන සන්තෝසම්/අල්ලස් නවත්වනව කියල. කරනව නං ඒක බොහොම ප්‍රගතිශීලී වැඩපිලිවෙලක්. මෛත්‍රීපාල බොස් මේ වගේ වටිනා කතා කියපු මුල් අවස්ථාව නෙවේ මේක. මහලොකු ඇකඩමික් පොරක් නොවුනට පරිපාලනය ගැන ඔහුගේ තියන ආකල්ප අනෙකුත් නායකයන්ට සාපේක්ෂව හොඳයි කියන්න පුළුවන්. ඒ ජාතියෙ කතාවක් මුලින්ම ඔහුගෙන් දැක්කෙ අමාත්‍ය මණ්ඩලය පත්කරපු වෙලාවෙද කොහෙද කියපු කතාවකින්. එතනදි ඔහු කිව්වෙ යම් යම් ආයතන වල සිද්ධවෙන දේවල් වලට වගකියන්න ඕන ඉහල ඉන්න උදවිය මිසක් පහල ඉන්න උදවිය නෙවේය වගේ කතාවක්.

අපේ අවධානයට යොමුවෙච්ච මෛත්‍රීපාල මහත්තය කිව්ව කතාව තමයි ඔය ප්‍රතිපාදන අල්ලස්. මොනවද මේ ප්‍රතිපාදන අල්ලස් කියන්නෙ?
පාර්ලිමේන්තු, පළාත් සභා සහ පලාත් පාලන නියෝජිතයන්ට සංවර්ධන වැඩ වෙනුවෙන් යම් මුදලක් වෙන් වෙනව. තමන් ඉන්නෙ කොතනද කියන එක අනුව මුදල වෙනස් වෙනව. මේ ප්‍රතිපාදන වලට මොකද වෙන්නෙ?
මේව තනිකරම වගේ යෙදවෙන්නෙ මන්ත්‍රීවරුන්ගෙ ඊනියා 'සංවර්ධන' වැඩ වෙනුවෙන් තමයි. මොනවද මේ සංවර්ධන වැඩ?
හෙන්චයියන්ට මුදල්/භාණ්ඩ ලබාදීම. තමන්ටම මුදල්/භාණ්ඩ ලබාගැනීම! එහෙම පුළුවන්ද?

පළාත් පාලන ආයතන ගැන නං දන්නෙ නෑ. ඒව එයාල හරහාම කෙරෙනව ඇති. නමුත් අනෙක් දෙගොල්ලගෙ මුදල් නං වියදම් කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඔන්න අපි හිතමු කිරි ඉබ්බන්දෙනියෙ තියනව මරණාධාර සමිතියක්. මේ සමිතියට ඕන වෙනව මඩුවක් හදාගන්න ටකරං කොල ටිකක්. ඔන්න ගිහිල්ල කියනව "හිච්චිපුතා" මන්ත්‍රීතුමාට. එයා තමුන්ගෙ ප්‍රතිපාදන වලින් ගානක් වෙන්කරල දෙනව මේ වැඩේට. ඊට පස්සෙ මේ ඊනියා සංවර්ධන යෝජනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනව. අපි තමයි එයාට ටකරං කොල අරන්දෙන්නෙ. වගකීම අපි වගේ රජයේ සේවකයන්ට. ‍බැලූ බැල්මට මේකෙ අවුලක් නෑ වගේ උනාට අවුලක් තියනව.

ග්‍රාම සංවර්ධන සමිති, සමෘද්ධි සමිති, මිතුරු සමාජ, ලදරු පාසල් හෙවත් පූර්ව ළමාවිය මධ්‍යස්ථාන, මරණාධාර සමිති, ක්‍රීඩා සමාජ, ගොවි සමිති, පන්සල්, පල්ලි, කෝවිල්, පාසල්.... ආදී අටෝරාසියක් වූ සමිති සමාගම්-ආයතන වලටයි මේ ආධාර යන්නෙ. මුදලින් දීම තහනම්. බඩුභාණ්ඩ වලිනුයි දෙන්න ඕන. ඊට අදාල ටෙන්ඩර් කටයුතු කරන්නෙ අපි.

යෝජනාව සම්මතවුනාට පස්සෙ ඒ බව දන්වන ලියුම් කඩදාසිය එන්නත් කලින් සමිති සමාගම් වල කස්ටිය අපි ලඟට එනව. සමහර වෙලාවට එයාල මන්ත්‍රීතුමාගෙ ලඟට ගිහ වෙලාවයි යෝජනාව සම්මත වෙච්ච වෙලාවයි අතර කාලය දික් වෙනකොට ඉල්ලන බඩු වෙනස් කරනව. යෝජනාවෙ තියෙන්නෙ ටකරං. ඇවිල්ල අහනව වහල නං ගැහුව වතුර බූලියක් ගන්න බැරිද කියල. එහෙම වෙලාවට ඉතිං ආයෙත් පාර්ලිමේන්තුවට හරි පලාත් සබාවට දාල හරි යෝජනාව සංශෝධනය කර ගන්න වෙනව. ඒකත් අවුලක් නෑ කියමුකො.

මේ මන්ත්‍රීවරුන්ගෙන් යමක් ගන්නව කියන එක ගලකින් පට්ටයක් ගන්නව වගේ වැඩක් නෙව. තමුන්ටත් උපකාරයක් නැත්තං එයාලගෙන් ගැනිලි බොරු. අනිත් අත‍ට ඔය සමිති සමාගම් පන්සල් ආදියේ ඉන්නෙ දේශපාලන ගැත්තො කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. හරි අයියල අක්කල තමයි ඉන්නෙත්. මේ ‍ගොල්ල මැදිහත් වෙනව ටෙන්ඩර් කැඳවන වෙලාවට.

"මහත්තය අපිට කිට්ටුයි අහවල් කඩෙන් ගන්න පුළුවන් නං..... ගෙනියන්නත් පුළුවන්නෙ" කට්ටියක් එනව ඒ ජාතියෙන්.

"මහත්තය, බඩු නං හැමතැනම තියනව.... ඒත් අහවල් කඩේ නං බඩු හොඳයි..... ඔරිජිනල් බඩු තියෙන්නෙ එතන විතරයි..." තවත් කට්ටියක් එහෙම කියාගෙන එනව.

"ඇත්තම කියන්න මහත්තයෝ දානසාලාව නං හැදුව අමාරුවෙන්...මගේ සල්ලි ටිකකුත් දාල..... සල්ලි ටික ගන්න පුළුවන් නං හොඳයි..... අහවල් කඩේට චෙක් එක ලියාගන්න පුළුවන් නං...... වැඩේ ලේසියි" බොරු නොකියන හාමුදුරුවරු කියන්නෙ එහෙම.

"මහත්තයා..... මේ කතා කරන්නෙ අහවල් මන්ත්‍රීතුමා..... මගේ අර සල්ලි ටිකක් පාස් වෙලා තියනව බඩු ටිකක් බෙදන්න..... පහුගිය දවසක බඩුටික නං දුන්න..... මේ.... අහවල් කඩේට චෙක් එක ලියල දෙනවද?" ඒ ලැජ්ජා නහරෙ කපාගත්ත පලාතෙ මන්ත්‍රීතුමා.

තව තව කතා තියනව මේ ගැන. නමුත් මේ හුඟ දෙනෙක් එන්නෙ බඩු වෙනුවට සල්ලි ගන්න බලාගෙන. අවංකවම බඩු ගන්න එන අයත් ඉන්නව. ඒ මම අර කිව්ව සමිති වල ඉන්න සභාපතිලා ලේකම්ලා....වගේ නිලලත් උදවිය. උදාහරණයක් විදියට ගොවි සමිතියට දෙන වතුර මෝටරය තියෙන්නෙ සභාපතිගෙ ගෙදර පෞද්ගලික පරිභෝජනයට. ලදරු පාසලට හොඳ සෙටප් එකක් ගත්තම ඒක ඉතිං පාලිකාවගෙ ගෙදර මිසක් වෙන කොහේ තියන්නද? [මේ ලදරු පාසල් වගේ පෙද්ගලික ආයතන වලට කරන ප්‍රදාන නං ඉතාම අනවශ්‍ය දෙයක්. එහෙම නං ටියුෂන් පන්ති වලටත් දෙන්න බැරියැ].

මම ඉහලින් කිව්ව ඉල්ලීම් දිනාගන්න බැරිවුන ගමන් ඔය මිනිස්සු සාහසික වෙනව. ප්‍රතිපලය වෙන්නෙ නිලධාරීන්ට මාරුවීම් තර්ජන වගේ දේවල්. එහෙමත් නැත්තං අපිට ඕන භාණ්ඩ අරගෙන දුන්නම පෙත්සම් ගහන්න පුළුවන් බාල බඩු අරගෙන දුන්න කියල. ඊට පස්සෙ ඒ වෙනුවෙන් වග උත්තර බඳින්නත් වෙන්නෙ නිලධාරීන්ට. ඔය සියළු ආපදා වලින් බේරිලා මොනව හරි අරන් දුන්නත් ඒවා විකුණාගෙන කන මිනිස්සු ඕන තරම්. ඒ නිසා මේ වෙනුවෙන් දරන වියදම් වලින් සීයට පහක්වත් ප්‍රයෝජනයක් නෑ කියල කියන්න පුළුවන්.

ජනාධිපතිතුමා කිව්ව උනත් මේ වැඩේ කරන්න පුළුවන්ද කියන එක නං සැකයි. මොකද මේක විශාල පරිමානයේ ජාලයක් නිසා. ලංකාවේ දේශපාලනය බැඳිල තියෙන්නෙ අල්ලස්-කප්පම් එක්ක. ඡන්දය දිනන්න නං බඩු බෙදන්න වෙනව. බඩු බෙදන්නෙ මේ විදියට තමයි. ඡන්දෙ කාලෙට බෙදන්නත්, ඡන්දෙ නැති කාලෙට කලින් බෙදපු බඩු වල සල්ලි ඉල්ලන්නත් ලැජ්ජා නැති දේශපාලකයන් ඉන්න මෙහෙව් රටේ මොකද වෙන්නෙ කියල බලං ඉන්න එකයි කරන්න තියෙන්නෙ.

45 comments:

  1. ජනාධිපතිතුමා කියාපු ඒ කතාවට නං මම අත් දෙකම උස්සල සහයෝගය දෙනවා.මෙච්චර කාලයක් දේශපාලකයො තමන්නෙ විමධ්‍යගත අරමුදලෙන් බඩු භාණ්ඩ පගා දීල ඡන්දෙ ගත්තා.ඒ විතරක්ද පහුගිය ඡන්දෙදි බෙදපු සහ බෙදන්න මොන තරම් බඩු භාණ්ඩ කන්දරාවක් ගෙනල්ල තිබ්බද.මේ තුට්ටු දෙකේ වැඩේ වහාම අවසන් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් බඩු බෙදිල්ල යම් මට්ටමකට නවත්වන්න පුළුවන්. බලමු මොකද වෙන්නෙ කියල

      Delete
    2. මෛත්‍රීපාල කියන්නේ එකක් කරන්නේ වෙන එකක්. ඒ නිසා ඔය කතා ගැන ඒ තරම් ලොකුවට හිතන්න එපා රාජ් සහෝදරයා.
      පහුගිය දවස්වල රවී කරුණානායක කඩුවෙලදී ගෑස් සිලින්ඩර් 1760ක් බෙදුවේ එතකොට ඔය ක්‍රමය යටතේද? නැත්තං ඒ රවීගේ පුද්ගලික සල්ලිද?

      Delete
  2. දැන් දැන් කියන දේවල් කරන ගතියකුත් තියෙනවා නේද රාජ්? ඒ නිසා මේකත් කෙරෙන්න බැරි නෑ. අනික... අපේ මිනිස්සු ගොඩක් අය දැනගෙන හිටියෙ නෑ දේශපාලකයෝ හොරා කනවා කියලා. අදටත් සමහරු කියන්නෙ කලා නම් සාක්කි එක්ක පෙන්නන්න කියලනෙ. දැන් ටික ටික හෙළිවේගෙන යනවා වගේම මිනිස්සු මේ ක්‍රමය තේරුම් අරං ඒක ප්‍රතික්ෂෙප කරන්නත් පටං අරං.
    අඩු ගානෙ අපි එහෙම හිතලවත් සැනසෙමු දැනට.

    ReplyDelete
    Replies
    1. මේකෙන් හැමෝටම පාර වදිනව. කරන්න පුළුවන් නං හොඳයි. අඩු ගානෙ මෙහෙම දෙයක් තිකියන අවධානයට ලක්වීමත් ලොකු දෙයක්

      Delete
  3. හොරකම,අල්ලස වගේ දේවල් ඔය දේශපාලකයෝ මෙහේ නිත්‍යානුකුල කරලා තියෙන්නේ.දැක්කේ නැතිද ගිය ජන්දවල් වල බෙදපු බෙදිල්ල.ලොක්කා අරලිය ගහ මන්දිරේම ඉඳන් දන්සල් කිය කියා අල්ලස් දුන්නේ.

    ජනාධිපතිතුමා කිව්ව දේ කරන්න අමාරු වුනත් කරන්න පටන් ගන්න ඕනේ.සම්පුර්ණයෙන් මේක එක පාරම නතර කරන්න බැරි වුනත් පාලනයක්වත් වේවිනේ අඩු ගානේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගෙත් අදහස

      Delete
  4. Replies
    1. රසූගෙ මතකය හොඳයි

      Delete
    2. තව කවුද කෙනෙකුත් ඔය කතාව කිව්වා!
      හැබැයි කවුද කියල මතක නෑ!!

      Delete
  5. මෙතෙක් පහල වුණු ජනපතිවරුන් අතර.. විජේතුංග මහත්තයට පස්සෙ.. සමහර විට.. ඊටත් වඩා හොඳ කෙනා මෛත්‍රී මහත්තයා කියලයි.. මගේ අදහස.. මේ වගේ මිනිස්සු ජනපති කමේ ඉන්නවා නම්.. ඇත්තටම.. විධායක ජනපතිකම දිගටම තිබුණත් අවුලක් නෑ කියලා හිතෙනවා.. එතුමාගේ වැඩ පිළිවෙල හා අදහස් ගැන මාත් ඉන්නෙ විශාල පැහැදීමකින්.. ඒත් රාජ් කිවුවා වගේ මේ උඩුගං බලා පීනිල්ල ලේසි වෙන්නෙ නෑ.. එතුමා ඒ ගැන හිතනවා නම්.. ඒකත් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රාට දුන්න උත්තරේ තමයි දෙන්න තියෙන්නෙ. මෙයා ඉන්නව නං පරණ විදියට හිටියත් කමක් නෑ. නමුත් නරක කෙනෙක් අතට පත්වුනොත් අවුල්.

      Delete
    2. මේ වගේ මිනිස්සු හැමදාම ඉඳියි කියල තමයි ජේ ආර් ඕක හැදුවෙ. රටට වැඩක් කරනකොට ආණ්ඩු පෙරලිලි, කකුලෙන් ඇදිලි වලක්වන්න. වැරදි එයාගෙනුත් උනා. හැබැයි යනකොට සේසතම රටට දීල ගිය එකෙන් තේරුම් ගන්න ඕන එයාගේ චේතනාව වැරදි නැහැ කියල. විජේතුංග මහත්තයා හැර ඊට පස්සේ ආපු අය තමයි ඒකෙන් උඩ පැන පැන සැප වින්ඳේ. හිටපු හොර රජා ඒකෙත් කප් එක ගැහුව.

      Delete
  6. උම හරි. මෛත්‍රිට සාමාන්‍ය රාජ්‍ය පරිපාලනය හා සැකැස්ම පිළිබද හොද අවබෝධයක් තියෙනවා. ඒ වගේම රජයේ සේවකයා වෙත ගරුත්වයක් පවා තියෙනවා. නමුත් අවංකව ඔහුට උවමනා දේ කරන්න යෝධ බුවලු අඩු ඉවත් කරන්න හැකියාව තියෙද?? බඩු සහ සල්ලි නොගන්න එකෙක් ලංකාවෙ හොයාගන්න බෑ නෙව

    ReplyDelete
    Replies
    1. අමාරුයි තමයි. නමුත් කලයුතුයි. කරන්න බැරිත් නෑ.

      Delete
  7. @Raaj,
    නිකම් හිතෙන්නෙ නැද්ද සිරිසේනගෙ විධායක බලතල අඩුකරන්න නෙමෙයි වැඩි කරන්නයි තිබුනෙ කියල ( අවු 5 කට හා එක වතාවකට පමණයි සංශෝධනයට යටත්ව ) ඊට පස්සෙ විධායක්ජනාධිපති ක්‍රමයම අහෝසි කරන්න ඕනෙ.

    කවුරුත් කියන විදිහටම වැඩ නෑ. ඒත් අඩු ගණනෙ සිරිසේනගෙ කතා අති විශිෂ්ඨයි. ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුගෙන් අහපු හොඳම කතා.

    ඉස්සර එක්කෙනාගෙ වැඩ වලටත් වඩා අප්සෙට් ගැලරි මැජික් බයිස්කෝප් පපුවට ගහගන්න ස්ටේජ්වලට පනින ගොරවන කතා. සිරිසේන අඩුගණනෙ හිතන විදිහවත් හරියි කියල හිතෙනව කතා අහන කොට.

    ඔය සංකල්ප 10%ක්වත් ක්‍රියාත්මක කලොත් ලංකාවෙ රාජ්යපාලනය 50%කින් විතර හොඳවෙනවා. ටික දවසකින් චන්දදායකයත් වැඩවසම්/ වහල්/ බඩ ගාගෙන හැම එකාටම වඳින මානසිකත්වයෙන් 20%කින්වත් මිදෙයිනෙ.
    ඒත් බලලෝභී SLFP අරගලය අස්සේ සිරිසේනට පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිගෙ බලතල හදන්න ඕන අනාගතයෙ පත්විය හැකි අය ගැනත් හිතල. මොකද ඕකට යකෙක් ආවොත් අවුල්.
      සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට මාත් එකඟයි. නමුත් මම හිතන විදියට ඕක ලෙහෙසි වැඩක් නෙවේ. මොකද කාගෙත් ඔලුවල තියෙන්නෙ තමන්ගෙ න්‍යායපත්‍ර. දැක්කනේ මේටිකත් ගත්තෙ කොච්චර අමාරුවෙන් ද කිල.

      ලොක්ක ගැන කියපුවාට එකඟයි

      Delete
    2. වෙන්නැති එක කෙසේ වෙතත් මමත් කැමති මෛත්‍රීගෙ විධායක බලේ අඩුවෙනවට වඩා වැඩිඋනානම්. අඩුම ගානේ අර පොල් රැවුලට පශ්චාත් (භාගයට පයින්) උපාධියක් දෙන්න.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  8. අපිනම් කැමතියි මේ ජනාධිපති ස්වාධින වෙලා ඔය පක්ෂ නායකකමත් අතහැරලා ඉන්නවානම්.... ඒතකොට ස්වාධීන විධායකයක් විපක්ෂයක් සහිත ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් තියෙයි... ඒහෙම වුනොත් මේ ජනාධිපති වැදගත් පාරක් පෙන්නාවි ලෝකයේ ම දේශපාලයට..........

    ReplyDelete
    Replies
    1. පක්ෂය අත්හැරල හිටිය කියල ලොකු දෙයක් වෙන්නෙ නෑ බං. විජේතුංග වගේ අවුරුදු පහක් ඉඳී. ඊට පස්සෙ එන එවුන්ව විශ්වාස කරන්න බෑනෙ. ඒ නිසා මොන විදියට හෝ ඉස්සරහට යායුතුයි.

      Delete
  9. රාජ් දන්නවද වැඩක් “මොකක් හරි කරල දෙනකොට අපටත් මොනවම හරි තියෙන්න ඕනි නැද්දමං අහන්නෙ“ මේ පහුගිය දවස්වල පුංචිම පුංචි දේස පාලකයො වැඩකරපු විදිහ. “මහලොකු ගානක් නැතුව කීයක් හරි උන්ටත් තියාගත්තට කමන් නෑනේ අපට මේ පාර හදල දුන්න එක කොච්චර යෙක්ද“ මේ සමාජ ගතවෙලා තිබ්බ මතය. ගසාකෑම දූෂණය සොරකම සාමාන්‍ය සුළු දේවල් බවට පත්වෙලා තියෙන රටක් පුනරුත්ථාපනය කරන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  10. Replies
    1. මේ දක්වා දැකපු හරවත්ම කතා පවත්වන ජනාධිපති වරයා.. කතාව විතරක් නෙවෙයි වැඩත් ඒ වගේ කියල දැනෙනව. කුරුට්ටා කිව්වා වගේ පක්ෂෙන් අයින් වෙලා ඔය මනුස්සය තව අවුරුදු දහයක් මේක පාලනය කලොත් මේක රටක් වෙයි කියන එකයි මගේ හැගීම..

      Delete
  11. ඒ කියන්නෙ අයිසෙ මුන් තනිකරම ජනතාවගෙ සල්ලි වලින්ම උන්ගෙ චන්ද වැඩි කොර ගන්න එකනෙ කොරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං?
      I say, ඡන්දේ දෙන්නේත් ජනතාවම නේද?

      Delete
    2. මෙන්න මෙතන තියෙනවා උත්තරේ. අපි හිතමු අපි 100%ක් ම ගසා නොකන මන්ත්‍රී වරුන් පත් කර ගත්තා කියලා. නිකං හිතමුකෝ. ඒත් මේ ජනතාව කියන කොටස ඉන්නෙම තමන්ට මොනවා හරි පුද්ගලික දෙයක් නීතියට පිටිං ගිහින් කෙරෙන් විදියක් බලාගෙන. එහෙම නොවෙන කෙනෙකුට එයාලා චන්දෙ දෙන්නේ නෑ. එතකොට අර මම හිතමුකෝ කියලා කියපු කෑල්ල නිකංම බොරු වෙනවා. අර සැනත් නන්දසිරි මහත්තයාගේ සිංදුවක තියෙන්නේ "කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා" කියලා. අන්න ඒ වගේ වැඩක් මේක.

      ඒ කියන්නේ මේක කවදාවත් කෙරෙන දෙයක් නෙවෙයි. මගේ බලාපොරොත්තුවත් හරි දේ වෙන එක. රාජ්‍ය සේවයේත් ඉන්නවා මේ කොටස කරලා දීලා තමන්ටත් වැඩක් කර ගන්න කට්ටිය. මේ දෙගොල්ලෝ හරි ප්‍රබලයි. එයාලට ඕනේ දේ නොවෙනවා නම්, අර කට්ටිය ගෙදර යවන්නත් එයාලා පසුබට වෙනේ නෑ. ඉතිං මේක නිවැරදි කර ගන්න නම් අපිට සිරිසේනවරු ගොඩාක් ඕන වෙනවා.

      Delete
    3. අයිසෙ
      ඒක එහෙම තමයි. ඇයි අවුල්ද?

      සුදීක,
      මිනිස්සුන්ට වැරැද්ද පටවල හිටියොත් පරාදයි.

      Delete
  12. එය වැඩේ හරියට කෙරුවොත් ලොකු දෙයක්...

    ReplyDelete
  13. අපේ ප්‍රදේශයට ආසන්න එක්තරා ග්‍රාම සංවර්ධන සමිතියකට, ප්‍රාදේශීය සභා මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආදී වශයෙන් 'මන්ති-රිලා' රාශියක් විසින් ප්ලාස්ටික් පුටු 2000 කට වැඩි ගණනක් දීලා තියනවා. ඒ සමිතියේ සාමාජිකයන් ගණන 70 ක් පමණ වෙන්නේ. දැන් අර පුටු වලින් සමහරක් ආගිය අතක් නැතිලු. තවත් ඒවා ඒ සමිතියේ නිලධාරීන් විසින් හිතුමතයේ කුලියට දෙනවාලු.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කොතනත් වෙන්නෙ.මේක ජාතික අපරාදයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලක්ෂ පනහක් දෙනව. ඒක සීය කරනව කියලත් කියනව.

      Delete
  14. මෛත්‍රී ජනාධිපති තුමාගේ අදහස නම් හොදයි.. ඒත් ඉතින් අපේ ඉන්න සෙට් එක එක්ක ඕවා කරගන්න එක තමයි ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. බලං ඉඳිමු මොකද වෙන්නෙ කියල

      Delete
  15. අවම වශයෙන් දැන් මේවා ගැන කෙලින් කතා කරන නායකයෙක් ඉන්නවා. ඔහුට ඒව නැවත්වීමට අවශ්‍ය බවත් පැහැදිලිව පෙනෙනවා. ප්‍රශ්නය බහුතරයක් හොරු ඊට ඉඩ දෙයිද කියන එකයි

    ReplyDelete
    Replies
    1. ඔහුට උවමනාවක් තියනව. අවාසනාවකට අනිත් එවුන්ට ඒ උවමනාව නෑ

      Delete
  16. කිරි ඉබ්බන්දෙනියේ මහ රජ්ජුරුවොන්ගේ කාලේ නම් 'හිච්චිපුතා' මන්තීතුමා හොඳට සැලකුවා කිරි ඉබ්බන්දෙණියට.. දැන් වැලේ වැල් නැතුව ඇති මං හිතන්නේ ඒ පැත්තට.. සිරා ගේ කතානම් පට්ට සිරා.. වැඩේ කරනකොට කකුලෙන් අදින උන් තමයි වැඩි..

    ReplyDelete
    Replies
    1. හ්ම්. හිච්චි පුත්තු ගොඩක් දෙනෙක් අසහනයට පත්වෙලා

      Delete
  17. තව ටික කාලයක් හිටියනම් හම්බන්තොට ගලවලා කොලඹට ගෙනත් කොලඹ ගලවලා එහෙට දානවා.

    ReplyDelete
  18. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය ගැන ඉගෙන ගන්නා අනාගතයේ දරුවෙකුට ටකරන් සෙවිලි තහඩු ගැන තියෙන පොත් එහෙම කියවන්ට වේවි

    ReplyDelete
    Replies
    1. ටකරං, වතුර බූලි, පන්සල් වලට ලව්ඩ්ස්පීකර්, සුදු කොඩි, ටීවී කැසට්, ප්ලාස්ටික් පුටු,....
      ඔය ප්ලාස්ටික් පුටු නං ලංකාවෙ ජනගහනයට වැඩිය ගන්න ඇති

      Delete
  19. මේ ඔක්කොටම එක හේතුවක් තියෙනවා. ඉස්කෝලේ යන ලමයිට අදාල නීති හදන්නේ විදුහල්පති සහ ගුරු පිරිස, කොම්පනියක නීති හදන්නේ ඉහල කළමනාකාරිත්වය, ඒ උනාට පාර්ලිමේන්තුවට යන උන්ට අදාල නීති හදන්නේ උන්මයි. උන් වැඩකරන්න ඕන විදිහ, හැසිරෙන්න ඕන විදිහ, මහජනයාගේ මුදල් වලට වග කියන්න ඕන විදිහට අදාල නීති හදන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීල නැති මණඩලයක් හදාගන්න කං මේක හරියන්නේ නැහැ. ඊයෙ පෙරේදා අනුමත උන 19 යේ ව්‍යස්ථාදායක මණඩලයටත් උන්ම එන විදිහට වෙනස් කරගත්තනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කිසිම විලිලැජ්ජාවක් නැති විදියටනෙ එයාල තීරන ගන්නෙ. මිනිස්සු මේව තේරුම් ගත්ත දවසට බලාගන්න පුළුවන් තත්වෙ

      Delete
  20. මෙච්චර කාලෙකට හොඳට සැලසුම් සහගතව වැදගත් දේවල් ගොඩක් කතා කරපු ජනාධිපති කෙනෙක්. ඉස්සර වගේ ප්‍රතාපවත් පෙනුමක් නොතිබ්බට කොහොම හරි කියන දේ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මේ වැඩේ හරියට කරනකන් බලන් ඉමු කියල තමා මාත් කියන්නෙ.

    ReplyDelete