Tuesday, October 13, 2015

නිදහස......










අටසිය පහලවේ රජාගෙන් අපි ලැබු නිදහස
ඊට පස්සෙ සුද්ද අපෙන් උදුරගත්ත නිදහස
හතලිස් අට වෙනකොට ඌ යවල ගත්ත නිදහස
ඒත් අනේ අපිට ලැබුනෙ නෑලු නියම නිදහස

ධනපති යූ ඇන්පීය විත් නැතිවුනාලු නිදහස
බණ්ඩ ඇවිල්ලා දුන්නලු පොඩි මිනිහට නිදහස
දුන්න තරම මදිවීලා බණ්ඩගෙ ඒ නිදහස
ගණයෙක් ඇවිදින් බණ්ඩට දුන්න භවෙන් නිදහස

මැතිණි ඇවිත් හැත්කෑවේ දෙන්න කියල නිදහස
ලොකු සුද්දිගෙ කිරීටයෙන් ගලවල දුනි නිදහස
වැඩි දවසක් තිබුනේ නෑ අනේ ඒත් නිදහස
ඉස්මුරුත්ත හැදුන කාල මැතිණි දුන්න නිදහස

හාල් ටිකක් ගෙනයන්නට පාරක නෑ නිදහස
දානව පොල්ලක් හරහට නැති කරලා නිදහස
ලොකු ලොක්කන් හට කන්නට පමණයි ඒ නිදහස
කර කොල මලවං කාපිය ඒකලු අපෙ නිදහස

ජේආර් පප්පා ඇවිදින් දුන්න අපට නිදහස
ටයර් සෑයෙ දැවුන කොල්ලො ඉල්ලූ විට නිදහස
උතුරෙදි කොල්ලෝ ඉල්ලූ විට උන්හට නිදහස
වඳුරු හමුදාව ගෙනල්ල නැතිකෙරුවා නිදහස

ප්‍රේමේ ආවා දෙන්නං උඹලට මම නිදහස
ඔන්දස්පොට් වෙනකල් නං ලැබුනේ නෑ නිදහස
සාම නෝන ආවත් නෑ ලංකාවට නිදහස
බෝම්බ වදිනව පාරක යන්නට බෑ නිදහස

මහින්ද ඇවිදින් දුන්නා ආයෙ අපට නිදහස
ටික දවසයි තිබුනෙ ඒත් මේ කියනා නිදහස
එයාගෙ ගෝලයෝ ඇවිත් අතට ගත්ත නිදහස
එයත් යවන්නට සිදුවුනි නැති හින්දා නිදහස

පොදු අපේක්ෂකයා විත් දෙන්න යලිත් නිදහස
තටමනවා විතරයි නෙව ලැබුනේ නෑ නිදහස
එයාගෙනුත් බැරිනම් ගන්නට ඕනෑ නිදහස
එයාට දෙන්නට වෙනවා ඊලඟවර නිදහස

ඕන්න ඔහොමයි මිතුරනි අපට ලැබෙන නිදහස
ලෙවන්න විතරයි කවදත් කන්නට නෑ නිදහස
පොඩි කොල්ලන්ගෙන් අහලා ලැබුනු දවස නිදහස
කොර කරන්න එපා උන්ට නැති කරලා නිදහස


පලි:
රයිටරයයි රීඩරයයි අරගෙන මගෙ නිදහස
ලියන්න කියවන්නට බෑ ඔලුවේ නෑ නිදහස
උන් දෙන්නාගෙන් ආයෙත් අරගෙන මගෙ නිදහස
පියඹා එන්නම් ජාලෙට රැගෙන කුරුළු නිදහස

පපලි: මේ ගැන සුපිරි පැහැදිලි කිරීමක් දමිත් කේතක ලියල තියනව. අනිවාර්යෙන් බලන්න ‍

33 comments:

  1. මේක කියෙවුවට පස්සෙ හිතට දැනුනු නිදහස...
    නියමයි රාජ්...

    ReplyDelete
  2. අම්මපා නිදහස ගැන මේ කතා කරා විතරයි...... අපිට නැතිම දේ තමා නිදහස........

    ReplyDelete
  3. රාජ්,

    මම සාමන්යෙන් කවි කියවන්නේ නෑ. නමුත් උබේ කවිනම් පට්ටයි රාජ් !!!

    ReplyDelete
  4. ලොකු වරහනක් දාලා නිදහස කියන වචනේ පිටට ගන්න පුළුවනි නේද?

    ReplyDelete
  5. කොටි මැරුවත් ඇති කරලා රටේ නිදහස
    නැති කෙරුවාලු මහින්ද අපේ නිදහස
    හිටං ඇවිත් ඇති කරන්න රටේ නිදහස
    කරන දේවල් දැක්කාමත් හිතට නැහැනේ නිදහස

    ReplyDelete
  6. නියමයි..... පට්ට......... සුපිරි........

    ReplyDelete
  7. තාම නිදහස් සටනේ.... අපි...

    ReplyDelete
  8. ලංකාවෙ අපිට කවද ලැබෙයිදෝ මේ නිදහස.

    ReplyDelete
  9. හෑං...??? තරහ වෙන්න එපා ඇහුවට... ඇත්තටම නිදහස කියන්නෙ මොකද්ද බං......???????

    ReplyDelete
  10. හෑං...??? තරහ වෙන්න එපා ඇහුවට... ඇත්තටම නිදහස කියන්නෙ මොකද්ද බං......???????

    ReplyDelete
  11. හිතට දැනෙන සිතිවිලි වල හොයන නිදහස
    උපතේ ඉදලා මැරෙනකම්ම නැත්තේ නිදහස

    ReplyDelete
  12. නිදහස කියන්නේ සාපේක්ෂ දෙයක්. භීෂණ යුගයෙදි අපිට ඕනෙ වුනේ දෙයියනේ කියලා නිරපරාදේ මැරුම් නොකා ඉන්න නිදහස. අද හිරේ ඉන්න කෙනෙකුට ඕනෙ නිදහස් වෙලා ගෙදර යන්න නිදහස. ඒ නිදහස් වෙලා යන්න බලාපොරොත්තුවෙන සමාජය කොයිතරම් වැටකඩොලු තියෙන එකක් වුනත් සාපේක්ෂව හිරේට වඩා හොඳයි. අවුරුදු දාහතේ එකා බලං ඉන්නේ දහ අට වෙනකල් ඌට නිදහසේ බයික් එකක් පදින්න. දැනට බයික් පදින එකා බලාපොරොත්තු වෙන්නේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන යන්න තියෙන නිදහස. ලව් කරන එකා බලාගෙන ඉන්නෙ බැන්දම හම්බව්වෙන ලැයිසොම නිසා නිදහසේ හැසිරෙන්න . බැඳපු එකා වයිපරේ අම්මලගෙ ගෙදර යනකල් ඉන්නේ නිදහසේ පිස්සුවක් කෙලින්න යාලුවොත් එක්ක. මම මේ බලා ඉන්නේ හෙට නිවාඩු නිසා හෙට අලාම් එක ඕෆ් කරලා පුකට එලිය වැටෙනකල් නිදාගෙන ඉඳලා දවසම ෂෝට් කෑල්ලක් විතරක් ඇඳගෙන ඔහේ ගෙදර ඉන්න නිදහස

    ReplyDelete
    Replies
    1. මහ දවල් වෙනකල් ෂේප් එකේ නිදාගන්නව කියල හිතාගෙන ඉන්න නිවාඩු දවස්වලට වෙනදාටත් කළින් ඇහැරෙනවනෙ බං.මළාට නින්ද යන්නෙ නෑ.උඹට එහෙම නැද්ද මට නං බොහෝ දුරට එහෙමයි.හොඳට නින්නද යන්නෙ සතියෙ දිනවල විතරයි.

      Delete
    2. Dude
      බාත් රූම් එකේ දොරවහගෙන නිර්වස්තරෙන් නානකොට දැනෙන නිදහසයි,එහෙම දොයියාගන්නකොට දැනෙන නිදහසයි තරම් නිදහසක් මටනම් වෙන නැ මචං.

      Delete
    3. හැලපෙ, උඹ කියන එක සහතික ඇත්ත. නිවාඩු කියලා යටිහිත දන්න නිසා උදෙන්ම ඇහැරෙනවා බං. වැඩට යන්න තියෙනකොට ඇස් වලට වැලි දාලා වගේ නිදමත.

      මනෝ. හෙලුකොට්ටෙන් නිදාගන්නෙ නම් නෑ බං. ඒ වුනාට මම ගෙදරට ඉන්න කැමති ෂෝට් එකක් විතරක් ඇඳගෙන ෂර්ට් එකක් නැතුව. කවුරුහරි ආවාම දොර අරින්න කලින් ගේ පුරා දුවනවා ටී ෂර්ට් එකක් හොයන්න. ඒ අතරේ දොරට තට්‍ටු කරපු එකා දොර කැඩෙනකල් තඩිබානවා.

      Delete
  13. මෙව්වා මෙහෙම ලියන්ඩවත් නිදහසක් තියනවා මදෑ

    ReplyDelete
  14. නිදහස සාපේක්ෂ දෙයකි නේද...?

    ReplyDelete
  15. මව්කුස තුලදීවත් නිදහසක් නැත්තේමයි...
    ජීවිතෙන් නිදහස් වූ දා වත් නිදහසක් ලැබේදෝ....

    ReplyDelete
  16. මට නම් නිදහස ලැබෙන්නේ සරම හැඳගත්විටය

    ReplyDelete
  17. නිදහසේ ඉන්න වෙලාවක කමෙන්ට් කරන්නන්කෝ

    ReplyDelete
  18. නිදහස - අපට අඩුවෙන්ම ලැබෙන දේ
    අපි හැමෝම හොයන දේ

    ReplyDelete
  19. පාලකයො කවුරුතක් පෙන්නල දෙන නිදහසෙන් නිදහස් වෙන්නඩ කවදා ඉඩක් එයිද මන්ද

    ReplyDelete
  20. මේ දවස්වල අඩුවෙන්ම දැනෙන දේ- නිදහස..

    හුටා මාතේගේ පොස්ට් එකේ ලින්ක් එකෙන් ආවේ.. ඒකේ කොමෙන්ටෙකක් දාන්නත් නිදහසක් නැති උනා.. :)

    ReplyDelete
  21. මේ දවස්වල අඩුවෙන්ම දැනෙන දේ- නිදහස..

    හුටා මාතේගේ පොස්ට් එකේ ලින්ක් එකෙන් ආවේ.. ඒකේ කොමෙන්ටෙකක් දාන්නත් නිදහසක් නැති උනා.. :)

    ReplyDelete
  22. නිදහස...????මේ දවස වල බුකිය පුරා නිදහස

    ReplyDelete
  23. නිදහස...????මේ දවස වල බුකිය පුරා නිදහස

    ReplyDelete
  24. කන්නද බං ඔච්චර නිදහස? ඔච්චරම ඕක ඕනේ නම් වනගත වෙයං...

    ReplyDelete
  25. ලංකාවට හරියටම නිදහස හම්බ වුනේ කවදද? :P

    ReplyDelete
  26. අඩන්න ඔනෙ දෙයක් ගැන හිනා යන්න ලියලා...

    ReplyDelete
  27. මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා
    ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එළිසම නොමරා ගයමු නිදහස සමරා.......

    නිදහස ලැබුනා මල්ලි, නිදහස ලැබුනා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා......

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

    ලේ හැලුනේ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
    තවත් සුමිහිරියි අද ඒ පානෙ මිතුරනී.......

    හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැල.......

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.
    ගායනය -නන්දා මාලිනි

    ReplyDelete
  28. මේ නිදහස මට දැන් එපා වෙලා...... කිසිම නිදහසක් නෑ...

    ReplyDelete