Friday, January 8, 2016

මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්න්නෙක්ද?

"මාධ්‍ය ප්‍රකාශක" යනු මෑත ඉතිහාසයේ ප්‍රචලිත වූ තනතුරකි. යුද්ධය පැවති සමයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරය දැරූ සරත් මුණසිංහ මහතා සිතියමකට කෝටුවෙන් අනිමින් සටන් සිදුවූ ස්ථාන, මියගිය ප්‍රමාණයන්, සිදුවූ හාණි ආදිය විස්තර කරන ආකාරය නැරඹීටම අප රූපවාහිණියට එබී සිටිය අයුරු මතකය. රාජ්‍ය සේවයේදී මාධ්‍ය සඳහා තොරතුරු ලබාදීම ඕනෑම කෙනෙකුට සිදුකල නොහැකිය. ඒ සඳහා අවසරලත් පිරිසක් වේ. පසු කාලයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ මාධ්‍ය ප්‍රකාශක තනතුරක් ඇතිවිය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉන් කිහිපයකි.

ජනමාධ්‍යයේ ව්‍යාප්තියත් සමඟ මාධ්‍ය ප්‍රකාශක තනතුරු ඇතිවීම අයහපත් දෙයක් නොවේ. මාධ්‍යන්ට තොරතුරු ලබාදීමේ කලාව හොඳින් ප්‍රගුණකල අයෙකු මේ සඳහා යොදාගැනී‍ම "නාගැනීම්" අවම කර ගැනීමට හේතුවකි. එහෙත් රජයේ ආයතන වෙනුවෙන් මාධ්‍යට තොරතුරු සැපයීම සඳහා පත්කර සිටින පිරිසගේ හැසිරීම කිසිසේත්ම රාජ්‍ය සේවයට සුදුසු නැත. උදාහරණයක් ලෙස පසුගිය දිනෙක හිරු නාලිකාවෙන් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට දුරකතන ඇමතුමක් ලබාගත්තේ තහනම් කල ග්ලයිෆොසෙට් වල්නාශක තොගයක් රටට පැමිණීම පිළිබඳව විමසීමටය. තමන් කෑම කමින් සිටින බව පවසමින් ඔහු දුරඇමතුම විසන්ධි කල අතර ඉන් පසුව සම්බන්ධ කරගත නොහැකිවූ බව රූපවාහිනී නාලිකාව ප්‍රකාශ කලේය. ඔහුගේ හැසිරීම රාජ්‍ය සේවයට කිසිසේත්ම නොසුදුසුය. ලජ්ජාශීලි ගැහැණු ළමයෙකුගෙන් කැමැත්ත ඇසූවිට මෙන් හැසිරීම රජයේ වැදගත් තනතුරක් දරන්නෙකුට සුදුසු නැත.

මෑත ඉතිහාසයේ මාධ්‍ය ප්‍රකාශකයන් අතර කුප්‍රකටයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. යම් සිද්ධියක් පිළිබඳව අදාල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු ලබාගත් මාධ්‍යන්ට‍ ඉන්පසු සිදුවූයේ කොළඹ සිටින මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ලංකාවේ ඕනෑම ස්ථානයක සිදුවූ යමක් පිළිබඳ විමසීමටය. පොලිසියේ වීරකම් බලුකම් සියල්ල විස්තර කිරීමට භාරවූයේ ඔහුටය. වැදගත් තනතුරක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රෙදි සෝදන්නෙකුගේ තත්වයට පත්වූයේ පසුගිය ආණ්ඩුව සමායේ එම තනතුර දැරූ අජිත් රෝහණගේ කාලයේදීය. ආණ්ඩුවේ සෘජු අනුදැනුම මත සිදුකල ජඩකම් සහ පෞද්ගලික වශයෙන් පොලිසිවලින් ජනතාවට සිදුවූ අගතීන් වෙනුවෙන් එල්ලවූ චෝදනාවලින් ආණ්ඩුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් ගලවාගැනීමට ගත් උත්සාහයේදී ඔහු නිරුවත් වූයේ අදාල ආයතනයන් දෙකද සමඟය. එකල සුලබව සිදුවූ, අත්අඩංගුවේ සිටි සැතතරුවන් ඝාතන සිදුවීම් ආදිය සාධාරනීකරණය කරන ලද්දේ කිසිදු හිරිකිතයක්න් තොරවය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රුවන් ගුණසේකර මේ වනවිට සිදුකරමින් සිටින්නේද එයමය. පසුගිය දිනෙක ඇඹිලිපිටියේ නිවසකට පහරදීමෙන් එක් අයෙකු මියයාමේ සිද්ධියේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අතේ පැලවෙන බොරු කියන ආකාරය පෙනෙන්නට තිබිනි.

පොලිසියේ වේවා වෙනත් ආයතනයක වේවා මාධ්‍ය ප්‍රකාශක තනතුර දරන්නාගේ වගකීම ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට සැලැස්වීම මිස රෙදි අපුල්ලන්නෙකුගේ කාර්යභාරය කිරීම නොවේ. එසේ නොවුවහොත් සිදුවන්නේ තමාත් තම ආයතනයත් පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීමයි. ඉතා සුළු පිරිසක් සිදුකරන වැරදි සාධාරනීකරණය කිරීමෙන් තම දෙපාර්තමේන්තුව අපකීර්තිමත් වන බවත්, වැරැද්දක් සිදුව අැත්නම් ඒ පිළිබඳව සත්‍ය ප්‍රකාශ කිරීමෙන් පොලිසියේත් රජයේත් තමාගේත් ගෞරවය පහසුවෙන් ආරක්ෂා කල හැකි බැව් තේරුම් ගැනීමට මේ නීතීඥයන්ට නොහැකිවීම පුදුම සහගතය.



පෙර ලිපි :බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්

40 comments:

  1. රාජ් මේ රටේ නියම රාජ්‍ය සේවය කියන්නෙ මොකක්ද කියලා තාම කිසිවෙක් තේරුම් අරන් නැහැ. රාජ්‍ය සේවය කියන්නෙ, රටේ නායකයන්ට කඩේ යන එක කියන එක දැන් නිළ තත්ත්වයට ම වැටිලා. ඒ නිසා ජනතාවත් ඒක ම තමයි තේරුම් අරන් සිටින්නෙ. රාජ්‍ය සේවකයන් පවා හිතන්නෙ ඒක තියන්නේ ජනතාව පෙලන්න කියලා. මේක මේ රටේ තිබෙන විශාල ප්‍රශ්නයක්. යම් තරමකට හොඳ මහත්තුරුත් ඉන්නවා. නමුත් බහුතරය එහෙමයි. එහෙම නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් වෙනස් දෙයක් බලාපොරොත්ටූ වෙන්න පුළුවන් ද. ජනතාව නිතර ම ඉන්නෙ රාජ්‍ය සේවය ගැන තරහකින් වෛරයකින් මේවට පිළියම් වහාම සෙවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ කලහැකි අවමයවත් කරන්නෙ නෑ.

      Delete
  2. මොනවා උනත් අජිත් ගොයියා බොරුව උනත් හරබර විදිය්ට රස කරලා ගොතනකොට තියෙන ආතල් එක දැන් නෑ..මං ඒ සොදුරු අතීතයට තාමත් ආදරෙයි චාමර...සිරවටම..

    ReplyDelete
  3. රෙදි අපුල්ලන්නේ නැත්නම් මාධ්‍ය ප්‍රකාශක ගෙදරනේ. එතකොට මිනිහට මොකද වෙන්නේ..ඒ ගැනත් හිතන්න එපායැ...

    ReplyDelete
    Replies
    1. රාජ්January 8, 2016 at 12:08 PM
      ප්‍රශ්නය - මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්න්නෙක්ද?
      පිළිතුර - එකෙන්ම

      මගේ ප්‍රශ්නය- මොකටද?
      උදාහරණයක් විදියට ඇඹිලිපිටියෙ පොලිසියෙ එවුන් ආරක්ෂා කරගත්ත කියල පොලිස් මාධ්‍ය ප්‍රකාශකටවත් රජයටත් වාසියක් වෙනවද? ඇයි ඔවුන්ට විරුද්ධව සාමාන්‍ය නීතිය සහ රාජ්‍ය සේවය සම්බන්ධ නීති අනුව කටයුතු කරන්න බැරි?

      Delete
  4. ආන්ඩුවේ ඔපිස් එකට වේලා ආන්ඩුවෙ කොම්පීටරෙන් ආන්ඩුවෙ බයිට් පාවිච්චි කරලා අප වැනි හුදී ජනයාට කියවා ඉගෙන ගන්න පාඩම් පෝස්ට් කරන රාජ් තුමාත් එක්තරා රජයේ මාද්‍ය ප්‍රකාස්කයෙක් තමා...

    ReplyDelete
  5. ප්‍රශ්නය - මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්න්නෙක්ද?
    පිළිතුර - එකෙන්ම

    ඕනෑම රජයේ ආයතනයක මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා පුද්ගලයින් පත්කිරීමේදී ලොන්ඩරියක් අයිතිවී තිබීම, ලොන්ඩරියක සේවය කොට තිබීම, ලොන්ඩරි කර්මාන්තයට අදාල පවුල් පසුබිමක් තිබීම ආදී කරුණු විශේෂ සුදුසුකම් ලෙස සලකා බලනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය - මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්න්නෙක්ද?
      පිළිතුර - එකෙන්ම

      මගේ ප්‍රශ්නය- මොකටද?
      උදාහරණයක් විදියට ඇඹිලිපිටියෙ පොලිසියෙ එවුන් ආරක්ෂා කරගත්ත කියල පොලිස් මාධ්‍ය ප්‍රකාශකටවත් රජයටත් වාසියක් වෙනවද? ඇයි ඔවුන්ට විරුද්ධව සාමාන්‍ය නීතිය සහ රාජ්‍ය සේවය සම්බන්ධ නීති අනුව කටයුතු කරන්න බැරි?

      Delete
  6. රජයේ සේවකයන්ට මාධ්‍යයට තොරතුරු දෙන්න බෑ නේ ටොප් මැනේජ්මන්ට් එකෙන් නොඅසා.. ඒවාගේ කතාවක් ආයතන සංග්‍රහයෙත් තියෙනවා කියල මං කොහේදි හරි දැක්කා..

    ReplyDelete
    Replies
    1. අමතක උනා..

      මේ වසරේ චුත වෙන්නට ගොස් යන්තං ජාම බේරාගත් රාජ්ට මගේ උපහාරය. හැක්

      Delete
    2. නූලෙන් බේරුනා!

      Delete
    3. ඒ මොකක්ද බං ඒ කතාව, නොදන්න අපිට දැනගන්න දෙන්නගෙන් කවුරුහරි කියපල්ලකො.

      Delete
    4. ඇයි අනේ හැලපේ මතක නැද්ද මුගේ පහුගිය පෝස්ට් එකක කිව්වා ලබන අවුරුද්දේ (මේ අවුරුද්දේ) ඉදල චුත වෙන්න අදහසක් තියෙයි කියලා..

      Delete
  7. //රෙජිස්ට්‍රාර්වරයාට දුරකතන ඇමතුමක් ලබාගත්තේ තහනම් කල ග්ලයිෆොසෙට් වල්නාශක තොගයක් රටට පැමිණීම පිළිබඳව විමසීමටය. තමන් කෑම කමින් සිටින බව පවසමින් ඔහු දුරඇමතුම විසන්ධි කල අතර ඉන් පසුව සම්බන්ධ කරගත නොහැකිවූ බව රූපවාහිනී නාලිකාව ප්‍රකාශ කලේය. ඔහුගේ හැසිරීම රාජ්‍ය සේවයට කිසිසේත්ම නොසුදුසුය.//

    ආයතන සංග්‍රහයේ දෙවන ඛාණ්ඩයේ xlvii වන පරිච්ජේදයේ අනු අංක 6 යටතේ ජනමාධ්‍යට හෝ මහජනතාවට නිල ප්‍රවෘත්ති සැපයිම පිලිබදව දක්වා ඇත. ඒ අනුව රජයේ නිලධාරියකු යම් මාධ්‍යය ආයතනයකට තොරතුරක් ලබාදීම දැලි පිහියෙන් කිරි කනවා හා සමානය.

    මමනම් දකින හොදම දෙය සංඛයා ලේඛන ආදී තොරතුරු හැර වෙන යම් දෙයක් පිලිබදව විමසනවානම් ලේකම්ගෙන් ඒ පිලිබදව විමසන ලෙස එම ආයතනය දැනුවත් කිරීමය, බොරු කියා මගහැර සිටීම වැඩක් නැතිය. ඇත්ත කියා ගෙදර යැමට හෝ ලෙඩ දමා ගැනීමට බැරිය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කාර්යය තම සහෝදර නිලධාරින් පිලිබදව ගැටලුවක් ඇති නොවන පරිදි තමන්ට ලැබි ඇති තොරතුරු වාර්ථා කිරීමය. ඔහුට ඔහුගේ මතය ප්‍රකාශ කිරිමට බැරිය.

    සැබවින්ම සිදුවි ඇති සිද්ධිය අපි දන්නේ නැතිය. අපට තොරතුරු ලැබෙන්නේ විවිධ පාර්ශවයන්ගෙන්ය. එම එක් එක් පාර්ශවයන් සිද්ධිය පිලිබදව කියන්නේ තමන්ගේ කොණයෙන්ය.

    ඇඔිලිපිටිය සිද්ධිය පිලිබදව ඇසු තොරතුරු අනුව මට මෙවැනි දෙයක් තේරුම් ගියේය

    1. ගෙදර කට්ටිය කා බී සින්දු කියමින් සිටින විට රාත්‍රි 12ද පසුවු පසු සද්දය වැඩි බැවින් අසල්වැසියන්ගේ පැමිණිල්ලක් අනුව හෝ පොලිසිය එම ස්ථානයෙන් යනවිට දැක ඒ ගෙදර පුද්ගලයින්ට එය නවත්වන ලෙස දැනුම් දී ඇත. ( පොලිසිය අනේ මහත්තයෝ අනිත් අයට කරදරයි දැන් ඔයාල නිදා ගන්නකෝ ලෙස පවසන්නේ නැත) මේ අවස්ථාවේ නිවැසියන් සමග බහින් බස්වීමක් සිදුවී පොලිසිය පහර දී ඇත. නිවැසියන්ද පහරදී ඇත.

    පොලිසියට ගැහුවහම (පොලිසියේ වැරැද්ද වුනත් නැතත්) පොලිසියත් නිකන් ඉන්නේ නැතිය මොකක් හෝ ලෙඩක් දානවාය. එනම් පොලිසිය පිලිබදව බියක් ජනතාවතුල ඇති කරනවාය. නැත්නම් පොලිසියට පාරේදි මිනිස්සුන්ගෙන් ගුටි කන්නට වෙනවාය. එලෙස නොවි තියෙන්නේ පොලිසිය පිලිබදව ජනතාවතුල බයක් තියෙන නිසාය. පොලිසිය එය නඩත්තු කල යුතුය. (මෙය හරි නොවේ සිදුවන්නේ මෙයය)

    2. පොලිසිය රූ වෙනකම් පාටි දමා ඇත. තමන්ට බඩු මදිවෙලා යනවිට පාටියක් තිබෙන ගෙයක් දැක අරක්කු ඉල්ලලා ඇත. මේ අවස්ථාවේ නිවැසියන් සමග බහින් බස්වීමක් සිදුවී පොලිසිය පහර දී ඇත. නිවැසියන්ද පහරදී ඇත. (මම දන්නා තරමට ගමේ ගොඩේ බොන කට්ටියද රූ වුනහම බඩු ගන් ඕනැ තැන් දන්නවාය. පොලිසියද බඩු තියෙන තැන් දන්නවාය. ඒනිසා පාටි තියෙන තැන්වලට ගොස් බොතල් ඉල්ලන්නට ඕනැ නැතිය.) මෙම චෝදනාව දෙදෙනෙකු ගහගත් පසු මගේ මාලය කඩාගත්තා කියා පැමිණිල්ලක් දැම්මා හා සමානය.

    හරි වැරිදි කවුද කියා මම නොදනිමි. මේ මම දකින හැටිය. මිනිස්සුද කා බී ගත් පසු නා ගන්නවාය. පොලිසියේ කැරැට්ටුවද හොද නැතිය. මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ නිදහස පිලිබදවත් තමන්ගේ සීමාව පිලිබදවත් නොදැන සිටිම ගැටුමට එක් හේතුවක්ය.

    ReplyDelete
    Replies
    1. 1.මාධ්‍යවේදියෙක් මොනව‍ හරි දෙයක් මගෙන් ඇහුවොත් මම කියන්නෙ ඒ ගැන මට කිසිවක් ප්‍රකාශ කරන්න අයිතියක් නැතිබව සහ අසුවලාගෙන් අසා දැනගන්න පුළුවන් බව.
      පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට අදාල වන්නේත් ‍එම නීතියමයි. එක්කෝ පුළුවන්. නැත්තං බෑ. එවැනි වැදගත් තනතුරක් දරන්නෙක් "මේ වෙලාවෙ කනවනේ" වගේ නෝන්ජල් උත්තරයක් (ඒකත් ටීවී එකේ ප්‍රචාරය කලා) දීම හොඳ නෑ මචං.

      2. පොලිසියෙන් වගේම මිනිස්සු අතිනුත් වැරදි සිදුවෙනව. මෙතනදිත් මේ දෙගොල්ලම අතින් හෝ එක් පා‍ර්ශවයක් අතින් වැරැද්ද සිදුවෙන්න අැති. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පොලිසිය ශුද්ධ කරන්න යාමෙන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තිමත් වන බව තේරුම් ගන්න බැරි තොත්ත බබෙක්ද? මම වැරැද්දක් කලා නම් මගේ ප්‍රධානියා කලයුතු වන්නෙ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම සහ ඒ වග රටට කීම.

      Delete
    2. //පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පොලිසිය ශුද්ධ කරන්න යාමෙන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තිමත් වන බව තේරුම් ගන්න බැරි තොත්ත බබෙක්ද?//

      මම හිතන්නේ ඔහු දන්නව පොලිසිය අපකිර්තීයට ලක් වෙනව කියල හැබැයි ඔවුන් තහවුරු කිරීමට උත්සහ කරන්නේ පොලිසියේ බලය පිලිබදව, පොලිසීයට අත තියල බේරෙන්න බැරිබව සහ පොලිසීය පිලිබදව භිතියක් මහජනතාවතුල ඇති කිරීම.

      පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇවිත් පොලිසියෙන් වරදක් සිදුවෙලා තියෙනවා, ඒ පිලිබදව පරික්ෂාකර බලා එම නිලධාරින්ට දඩුවම් කරනවා කියල ප්‍රසිද්ධියේ කියුවහම මහජනතාවතුල පොලිසිය පිලිබදව තියෙන බය නැතිවෙලා යනව කියල ඔවුන් දන්නව. ඒක නිසා ඔවුන් එවැනි පරික්ෂණයක් කරන්නේ ටිකක් කල් අරගෙන. පොලිසියේ සොක්කගේ ඉදල ලොක්කො දක්වා හැමෝම දන්නව චුදිතයෙක්ට ගහන එක, කුණුහරුප කියල බනින එක වැරදි කියල හැබැයි පොලිසිය එකම කරනව,

      පොලිසියට පරමාදර්ශි ආයතනයක් විමේ අවශ්‍යතාවයක් නැහැ. එලෙස විමෙන් ඔවුන්ට තමන්ගේ කාර්ය කරගෙන යන්න බැරි වෙනවග ඒනිසා ඔවුන්ට සහ රජයට අවශ්‍ය පොලිසිය නරකයි කියල පෙන්වන්න.

      Delete
    3. ප්‍රදීප් හිතන විදියට තමා ගොඩක් දෙන හිතන්නේ. ඒ හින්දම තමා ඔයවගේ දේවල් වෙන්නෙත්. කොච්චර වුනත් අච්චර ප්‍රජාතන්තරේ ගැන කියන ඇමරිකන් පොලිසිය වුනත් ඔය නෙලන්නේ හිටු කියල මේ දවස් වල. කෝ උන්ව නතර කලාද? නෑ.

      Delete
  8. ප්‍රකාශක කියන්නෙ කියන්න කියන දේ කියන එක්කෙනානෙ

    Spokesman/Mouthpiece

    ReplyDelete
  9. ඒ වුණත් අජිත් ලොක්ක තරං ආතල් දෙන පොරක් මේ සක්වලම හිටියේ නැත.. හැක්
    ඒ හි්දනෙ ලංකාවෙ ජනප්‍රියම චරිතෙ වුනේ. හිහි
    දැං ඉන්න එකංට නං සද්ද නැතුව පඩයක් වත් යවාගන්න බැ

    ReplyDelete
    Replies
    1. //දැං ඉන්න එකංට නං සද්ද නැතුව පඩයක් වත් යවාගන්න බැ//
      ඒ වුනාට රෙන එක නං නියමෙට කරනව.

      Delete
  10. ඊයෙ මං දැක්ක ප්‍රශ්නයක් අහපු පත්තර මල්ලියෙක්ට ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ඕ ඕ ගාල ඔරවල ගොරෝනව :D හැක්

    ඉඳගන්න කලිං පුටුව වටෙත් කැරකිල කැරකිලද මන්ද ඉඳගත්තෙ.

    ReplyDelete
  11. ආධුනික බ්ලොග්කාරිණියකගේ කිසිසේත්ම ආධුනික නැති කවි පෙළක් . කරුණාකර ගිහින් කියවා රස විඳ උනන්දු කරවන්න.

    ReplyDelete
  12. පසුකාලීනව හැම තැනකම මාධ්‍ය ප්‍රකාශකයන් බිහිවන්නට විය.පහුගිය අවුරුද්දේ අගවිනිසුරු වරයාගේ මාධ්‍ය ප්‍රකාශක කියාද පුඟුලෙක් ඉදිරිපත් උනා මට මතකය.

    ReplyDelete
  13. ඇයි පොර "අයුතු ජන රාශියක්"ගැනත් කිව්වේ.කොහොමද ඇස් දෙක ලොකු කරලා එව්වා කියන ලස්සන.

    ReplyDelete
  14. දැන් පොලිසියේ පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් නැතුවා වාගේය , කරන්නේ ඔහුව මාජ්ජ ප්‍රකාශක කිරීමය . ඔහු නීතිඥයෙක් ලු . නීතිය හැදැරූ පමණින් අයෙක් මේ මොලය පෑදෙන්නේ නැත .

    පොලිස් නිල ඇඳුම හෝ සමාන ඇඳුම් ඇඳ විකට නාට්‍ය , චිත්‍රපට ආදියේ රඟ පෑම නීතියෙන් තහනම් ය . ඒ නීතියත් හරියට ක්‍රියාත්මක නොවන සෙයකි

    ReplyDelete
  15. රාජ්,

    අනාගතයේ මේ හි ඇත්ත නැත්ත එලි වෙයි, මිනිසුන් ගේ මානසික මට්ටම එන්න එන්න පිරිහෙන බවයි පෙනෙන්නේ.

    ReplyDelete
  16. පොලිස් මාද්දිය පොරකාසක තුමා හෙවත්, පුංචි කාලේ ගෙදරට කිව්ව නම වන, 'මල් බේබි' විතරක් නෙවේ, ඔය කොයි මාද්දිය පොරකාසකත්, කැමරා ඉස්සරහා කියවන්නේ, කලින් සූදානම් කරගත් දෙයක්. ඒ වගේම හරස් ප්‍රශ්න අහපුවම දෙන 'රෙඩිමේඩ්' උත්තර වෙනම ඔලුවේ ගබඩා කරගෙන ඉන්නවා. මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එන්න කලින්, හොඳ නීතීඥයකුගෙන් උපදෙස් අරන් ආවත් වැඩක් නැහැ, අර රෙඩිමේඩ් උත්තර ලැබෙන නිසා.

    ඇත්තටම, අරක තියාගෙන අරකෙන් කිරීම සහ, අරයා ආරක්ෂා කරමින් මෙයා පෙන්වීම, රජය අපහසුතාවයට පත්වීම වලක්වා ගැනීම වැනි දැලිපිහි, තමන් වටේට තියෙද්දී තමයි, ඔය කොයි මාද්දිය පොරකාසක තුමාත් කිරි කන්නේ.

    අවංක මාධ්‍ය ප්‍රකාශක තුමෙක් දැකගන්න, අපේ ජීවිත කාලය තුළ බැරිවෙයි.

    ReplyDelete
  17. පොලිස් කොමිසමක්ද මක්කද මළහත්තිලව්වක් පටන් ගත්තා නේද...? ඒකේ ඉන්නෙත් පොලිස් කාරයොමද....?

    අරුන්ටත් පිස්සු... බෝතල් ඉල්ලගෙන ආපු උන් දෙන්නට කන පැලෙන්න බොන්න දීලා යැව්වා නම් වැඩේ ඉවරනේ....

    ReplyDelete
  18. ඕනෑම රටක මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්ලන්නෙක් කියල මම හිතන්නේ. ඒක තමා රාජකාරිය එයාගේ. විවේචනය කරන එක අපේ රාජකාරිය.

    ReplyDelete
  19. ඕකත් ලංකාවේ තියෙන රස්සාවක් රාජ්.............. ඔය ඇරෙන්න ඔය මිනිහාට කරන්න හැකි කජ්ජක් නැහැ......

    ReplyDelete
  20. රස්සාව කරන්න ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතුව බොරු කියන්න ලැබෙන අය සෑහෙන ලකී අප්පා එක අතකට. හෙහ්.

    හැබැයි මොනා උනත් කලින් මාද්‍ය ප්‍රකාශක වගේ බොරු ඇත්ත කරන සුපිරි පොරක් ආයි කාලෙකට හොයන්න ලැබෙන එකක් නෑ.

    ReplyDelete
  21. පොලීසිය කියන්නේ කිසිම නිර්මාණාත්මක කමක් නැති ජාතියක්. මාධ්‍ය ප්‍රකාශකත් ඔයිට හොඳා ෆෝන් කම්පැනිවල වගේ රෙකොඩින් එකක් හදාගත්තානං, ගණං/නම් එහෙම ඔප්ෂනල් වෙනස් කරන.

    ReplyDelete
  22. මේ අහිංසකයට බැනලා වැඩක් නෑ රාජ්...දරු පවුල රකින්න අකමැත්තෙන් හෝ වෙන කෙනෙක්ගෙ න්‍යාය පත්‍ර‍යකට වැඩ කරන්න මේ අසරණයට සිදුවෙලා කියනවා කියන එක තමයි මගේ අදහස.

    ReplyDelete
  23. පරණ එකා සහ අලුත් එකා යන්න දෙන්නම් කරන්නේ එයාලට කරන්න කියල දීල තියෙන විදිහට ගේම ගොඩ දා ගන්න ට්‍රයි කරන එක...
    ඒකට උන්ට බැනල වැඩක් නැහැ බං...

    ReplyDelete
  24. ඇත්ත... මූට වඩා කලින් හිටපු උන්දැ නියමයි.. කියන්නෙම බොරු උනත් ලස්සනට කිව්ව...

    ReplyDelete