Tuesday, May 6, 2014

බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්

හීනියට ෂොට් එකක් දාගන්න කියල හිතාගෙන ඔන්න මම ගියා හැන්දෑ යාමෙක සුපුරුදු ‍පොට් එකකට‍. බාගයකුත් අරගෙන අනුමත වෙන අතරෙ දැක්ක ටීවී එකේ දැකල පුරුදු ඩයල් එකක් තනියම ටේබල් එකක ඉන්නව. හෑ! ‍මෑන් තමයි ලඟදිත් චැනල් එකකට ඇවිල්ල හිටියෙ..... හොඳ බ්‍රෑන්ඩ් එකකින් බෝතලයක් අරගෙන බොනව. බෝතලේ අඩුවෙච්ච ටික බැලුවම නං මෑන් හොඳ සිහියෙන් වෙන්න බෑ. කෝකටත් මම ලඟට ගියා.

"ම්....මේ උදයකාන්ත වර්ණසූරිය මහත්තය නේද?"

එයා ඔලුව උස්සල බැලුව. මූණ හරියටම උන්මත්තකයෙකුගෙ වගේ වෙලා තිබුන. මොකක් හරි අවුලක් නං වෙන්න ඕන. නැත්තං මෙහෙම වෙන්න විදියක් නෑ.

"මේ උදයකාන්ත අයිය නේද?" මම ආයෙත් ඇහුව. මොකුත් නොකිව්ව එයා වාඩිවෙන්න කියල අතින් සංඥා කලා. මම වාඩිවුනා.

"මොකෑ මේ තනියම..... අප්සට් එකකින් වගේ?"

"වැඩක් නෑ මල්ලී......" මෑන් කිව්වෙ අඬන්න වගේ.

"ඇයි මොකද්ද කේස් එක?"

"මගේ අලුත් එක......" හෝ හෝ මට දැනුයි මතක් වෙන්නෙ. ‍කොස්තාපල් පුඥ්ඥසෝම එකේ අධ්‍යක්ෂක නිෂ්පාදක මෙයා නෙව! කොහොම උනත් නොදන්න බව පෙන්නන්න හොඳ නෑ...

"කොස්තාපල් පුඥ්ඥසෝම නැගල යනව ඇති නේ මේ දවස් වල....?....මාත් නෝනයි දරුවයි එක්ක බලන්න යන්නයි ඉන්නෙ....." ඒ ගමන මෑන් මගේ දිහා බැලුවෙ මම කරන්නෙ විහිළුවක්ද නැද්ද කියල හිතාගන්න බැරුව වගේ.

"හුහ්...නැගල!"

"ඇයි ඔ‍බතුමාගෙ ෆිල්ම් පාඩුවෙලා නෑනෙ මෙතෙක්..."

"නමුත් මේ සැරේ වැරදුනා මල්ලී.... හොඳටෝම වැරදුනා....."

"ඇයි අයියේ පෝලිමේ ඉන්න උනාද ගොඩක් කල්?"

"අපි කවද්ද බං පෝලිමේ හිටියෙ! පෝලිං ස්කිප් කරන සාත්තරේ මම දන්නැතෑ!"

"එහෙනං.... සෝම ඇන්ටිගෙ මණ්ඩලේ අවුලක්ද?"

"නෑ බං.... එයාගෙ මණ්ඩලේ පාවිච්චි කරන්නෙ කොච්චර කල් ඉඳලද"

"එහෙනං? වෙන කොමඩියක් ඇවිල්ලද?" ඒකට මෑන් ඔලුව උස්සල මගේ මූන බැලුව.

"හා..... ටෙනිය හරි බන්දු හරි එකක් දාලද?"

"ම්හු"

"නැත්තං මේ රටේ සිද්ධවෙන ජෝක් නිසා ජෝක් ෆිල්ම් බලන්න මිනිස්සු නැද්ද?" අන්න ඒ ගමන නං එයාගෙ මූනෙ හීන් හිනාවක් ඇඳුන.

"අන්න හරි! මල්ලි ලඟටම ආව.... මම මේක දැම්මෙ වැරදි කාලෙක..... ඒකෙන් වෙන්නෙ තව අවුරුදු ගානකට මගේ වැඩ හිරවෙන එකයි...."

"මට නං තාමත් එච්චර....."

"එස්එස්පී කෙනෙක් දවස ගානෙ ටීවී එකට ඇවිල්ල ඉල ඇදෙන ජෝක් කරද්දි කොස්තාපල් කෙනෙකුගෙ ජෝක් බලන්න සල්ලි වියදං කරන්නෙ කවුද බං!"


77 comments:

  1. පස්ටයි ...පොලොස් මාධ්‍ය පුරකාසක ඉන්න කන් මේ චිත්‍රපටිය දුවලා ඉවරයි ,හැමදාම මොකක් හරි කියලා මිනිස්සුන්ව හිනස්වන ජොකර කෙනෙක් ගේ තැනට ඇවිත් ඒ මනුස්සයා...

    ReplyDelete
    Replies
    1. ඊයෙත් 306ට ඇවිත් නෑව

      Delete
    2. නෑව නෙන්නම්,එයා පාන්දර 4.30 නැගිටින එකයි,දවසකට කෝල් 600 විතර කතා කරනවා කියන එකයි ඇරෙන්නේ කිවේ මොනවාද..?අර සිදුවීමේදී පොලිසිය සේවය පැහැර හැර තියෙනවා,මේ සිදුවීම බලන්න ඕනේ අපි නෙමේ වනජීවී එකෙන්,හැබැයි අපෙත් වැරද්දක් නැතුව නෙමේ.ඔය වගේ ඒවා තමයි කියෙව්වේ.

      Delete
    3. මෑන් ආඳා. පොලිසිය පැත්තට බොලෙ එනව නං හෙමිහිට පාස් කරනව. අනිත් පැත්තට යනව නං හොඳ ශොට් එකකුත් දෙනව. උදාහරණයක් විදියට අර යූ ඇන්පී අපේක්ෂකය හොරකමකට අහුඋන වෙලාවෙ මෙයා උසාවියටත් කලින් ඒ මිනිහ වැරදිකාරය කියල කියනව. නමුත් හම්බන්තොට-මත්තල, ඊට පස්සෙ අර ‍මාධ්‍යවේදිය පැහැරගත්ත වෙලාවෙ කිව්වෙ පරීක්ෂණයක් කරල පොලිසිය වැරැද්දක් කිරල තියනව නං දඬුවම් කරනව කියල

      Delete
  2. පිස්සු හැදෙන සඳ රාජ්........

    ReplyDelete
    Replies
    1. බොට වැරදිල නලියෝ .මේකා මෞවුර්ය රාජ්

      Delete
  3. අයියෝ නීතීඥ අජිත් රෝහණ ජේෂ්ට පොලිස් අධිකාරී තුමා

    ReplyDelete
  4. හයියෝ ජේ.පො අජිත්.....හරක් කිරි ටිකක් බීලම හරාකිරි කරගන්න....:D

    ReplyDelete
  5. අලුත් බ්ලොග් එකක් ගැන හෝඩුවාවක්...

    http://chiththapata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්. අපි ගියා එහේ...

      Delete
    2. නියම ඔත්තුවක් සුමිත්. උඹ දැක්කෙත් කලකට පස්සෙ

      Delete
    3. ඒක නියමයි සුමිත්.

      Delete
    4. අපේ මිත්තරයා නිශ්මං රණසිංහ ලියන්නේ

      Delete
    5. අප්පට සිරි නලියෝ. මට නිශ්මං කිව්වට දැං තමා මතක් උනේ. අර කකාගේ පිට කසපු එකා.. හැක්.. නියම අදහස් ටිකක් තියෙනවා.. කස්ටිය බලනවනං හොදයි..

      Delete
    6. පත්තර මිත්‍රයෙක්ද? පත්තර කාරයො ගනනාවක් ආව. නමුත් දිගටම හිටියෙ නලින් විතරයි. අර රතු රජරට කියන එකත් නෑ.

      Delete
  6. ඔය සිද්ධිය ගැන මාත් එච්චර දැනං හිටියේ නෑ. ඒත් පත්තරේක තිබුන කාටුන් එකක් නිසා හොයල බැලුවා.. හැක්..

    ReplyDelete
  7. ෆිල්ම් එකට වඩා මේ පෝස්ට් එක රහයි.

    ReplyDelete
  8. එක අතකට මනුස්සය ගැන දුකයි.පට්ටම රැකගෙන ජිවිතේ ගැට ගහගන්නනම් ඔහොම කියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ රැකගන්න කිව්වට රැකගන්නමත් නෙවේ. මීට කලින් හිටපු මිනිස්සු මෙච්චර චාටර් උනේ නෑ නෙව.

      Delete
  9. රෙදි හේදිල්ල ලේසි වැඩක් නෙවෙයි..

    ReplyDelete
  10. පව් අඩේ උදය කාන්ත අය්ය...
    අතිං කාල හරක් බලනව ඇතිනේ.... හැක්...
    අර මාද්දිය පුරකාසකට නං හොදක් වෙන්න එපා මේ මනුස්සයටබඩේ පාර ගැහුවට

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්......

      Delete
  11. ඇත්ත නේන්නම් කන්න,බොන්න නැතත්,මානව හිමිකම් කියලා දෙයක් නැතත්,ඒකාධිපති පාලනයක් තිබුනත් රටේ විහිළු වලින් අඩුවක් නැහැනේ.එහෙව් එකේ මොන මිනිහාද සල්ලි දීලා විකට චිත්‍රපටි බලන්න යන්නේ..?

    ReplyDelete
  12. නියමයි රාජ්,පව් බං උදයකාන්තට පොර මගෙත් යාලුව තමා ,ඒත් ඉතිං මොනා කරන්නද.

    ReplyDelete
    Replies
    1. කම් නෑ පුළුවන් උදව්වක් කරපං යාළුවට

      Delete
  13. අනේ අප්පොච්චියෙ!! මං දන්නව මේ යකා හින්ද අපේ ටෙනියටයි බන්දුටයි තියෙන ඉල්ලුමත් නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ටෙනීල බන්දුල කැලේ. මෙයා විශ්‍රාම ගියාම නීතීඥ වෘත්තියට යනවලු. නමුත් දැං යන විදියට ජෝකර් කෙනෙක් වෙන්න පුළුවන් "තානාපති කමක් නොලැබුනොත්"

      Delete
    2. නැතිනම් එක්සත් ජාතින්ගේ සංවිධානයට යනවා කියලා කිවේ.

      Delete
    3. එහෙත් තියනවද ජෝකර්ලට තනතුරු?

      Delete
  14. කවුද බං ඒ- එස් .එස්.පී. මම දන්නේ නැහැනේ ඔය කතාව ..

    ReplyDelete
    Replies
    1. උඹ‍ට පෙන්නන්න ට්‍රයි එකක් දෙන්නං.

      Delete
  15. දවස ගානේ ඔය ITN එකේ හෙම නොමිලේ පෙන්නන ඒවා මදැයි. තව මොකටද පෝලිමේ ඉඳලා සල්ලි දීලා බලන්නේ. හරි අපුරෑවට ලියලා තියෙනවා රාජ්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් දිලිනි. ඊයෙ රෑ දෙරණෙ 360 ෂෝ එක ගියා පැය දෙක තුනක්ම

      Delete
    2. හිටහල්ලකෝ මම හොයාගන්නම් අදම .

      Delete
    3. මමත් ටිකක් බැලුවා. හිනා නෙවෙයි ඇඩෙනවා මේ වෙන දේවල් දැක්කම රාජ්.

      Delete
    4. මම බැලු‍වෙ එ‍හෙන් ‍මෙ‍හෙන්. ඔන්න ‍ප්‍රේක්ෂක‍යෙක් අහනව අත්අඩංගු‍වෙ ඉන්න සැකකරුවන් මියයාම ගැන. ‍මෙන්න ‍මෙයා කියනව ආත්මාරක්ෂාවට ඔ්න ‍දෙයක් කරන්න පුළුවන්ය අ‍නෙක ඒක උසාවිය පිලි අරගෙන තියනවය කියල.

      Delete
  16. ඒ වුණාට පුඤ්ඤසෝම දුවයි.ලොක්කන්ගෙ හැම ජෝක් එකම සිරා විදිහට එළියට දාන්න පවරන්නෙ පීසීලටනෙ.එස්පී ල කරන්නෙ විහිළු කියවන එක.(දැන්නම් එහෙමත් නෑ රගපාන්නත් යනවා) පීසීල තමයි රගපාන්නෙ.තව විදිහකට කිව්වොත් එස්පී ල හඩ කැවීම් ශිල්පියො.අධ්‍යක්ෂණය කරන්න සහ පිටපත ලියන්න ඉන්නෙ ඊටත් ඉහළ අය.කුරුණාගල අද රාළහාමිල දෙන්නෙක් පැහැර ගන්නෙ.එක් කෙනෙක් දැනටම මැරිලා.ඒකටත් හඩ කවයි අද හවස.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් නිස්මාන්. පිටපත නං එන්නෙ ටිකක් ඉහලින් තමයි. පැහැරගැනීම ගැන නං දන්නෙ නෑ...

      Delete
  17. මූට පිටපත් ලියන එකා හොයා ගත්තානම් ගෙදරට ගිහින්ම සම්මාණයක් දෙන්න තිබුනා. සුමති සම්මාණත් ලඟයිනේ දැන්. ඇත්තද බන් ලක්බිමෙන් සමන් වග ආරච්චිව අයින් කරලා කියන්නේ? ඒකටත් මේ හාදයා මාධ්‍ය ප්‍රකාශයක් කියවයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඊයෙ රෑ තිබුන සාකච්ඡාවකදිත් මේ කේස් එක ඇදිල ආව යන්තමින් වගේ.

      Delete
  18. අපිත් දන්නා කතාවක් ලියපල්ලකෝ බන්

    ReplyDelete
    Replies
    1. කියපන්කො එහෙනම් උඹ දන්න එකක්..... ලියන්න

      Delete
    2. මැලේ රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.

      Delete
  19. පුඥ්ඤසෝමට වඩා අජිත් රෝහණ ගැලපෙනවා නේද? අපරාදෙ ඇත්තටම ෆිලම් එකේ නම ඩී අයි ජි අජිත් රෝශන වුනානම් මිනිස්සු පැනගෙන යයි පොලිමේ බලන්න..

    ReplyDelete
    Replies
    1. ඒ නම දැම්ම නං හොඳයි තමයි

      Delete
  20. ලංකා සී නිවුස් එකේ //අලි පැටවා පැහැර ගැනීමට ‘අම්මා මරා දමලා’// කියන නිව්ස් එකට කවුද එකෙක් පොමාගෙ නමින් දාපු මේ කමෙන්ට් එක මෙතන අලෝන ඒ ලියාපු හාදයටත් උපරිම ගෞරවේ දෙමින්.

    පොලිස් මා. ප්‍ර. says:
    May 6, 2014 at 9:21 am

    මේ අලි පැටියගෙ මව සියදිවි නසාගෙන තියෙනවා. අලි පැටියා තනියම කැලේ ඉන්න හින්දා ඌව නගරයට ගෙනිහින් හොද තැනකට හදාවඩාගන්න ගෙනියන්න හදනකොට ගම්වාසින් ඒකට බාධා කරල. මේ කටයුත්තට බධා කරපු ගම් වාසින් පිළිබද අපි පරික්ෂණ කටයුතු කරගෙන යනවා.

    අපිට වාර්තාවෙලා තියන විදියට මෙකට ආඩම්බරකාර තාත්තගෙ නැයො කිසිලෙසකවත් සම්බන්ධ වෙලා නැ. එගොල්ලො ඒවෙලාවෙ ගෙදර ටීවී බල බලා ඉදල තියෙන්නෙ. ඒ උත්තමයො මෙකට සම්බන්ධ කරල කතන්දර හදන උන්ගෙ කටට හෙන හත වදින්න එපායැ

    ReplyDelete
    Replies
    1. මැවිල පේනව ඔයටික කියන හැටි

      Delete
  21. දිනපතා සෑම නාලිකාවකම විකාශනය වන ලංකාවේ ජනප්‍රියම කොමඩි වැඩසටහන...

    කොස්තාපල් S.S.P.A.R

    තවමත් නරඹා නැත්නම් අදම නරඹන්න...ඔනෑම නාලිකාවක ප්‍රවෘත්ති ජවනිකා අතරතුර...

    ReplyDelete
    Replies
    1. ඔනෑම නාලිකාවක ප්‍රවෘත්ති ජවනිකා අතරතුර...
      අන්න හරි

      Delete
  22. මට දුක මෙහෙම ගිහින් මානිට හුළං වෙන එක ගැනයි... :D

    ReplyDelete
  23. කෙටියි - රහයි. අයි ටී එන් ඉතින් කොමඩි චැනල් එක නේ...

    ReplyDelete
    Replies
    1. අයිටීඑන් විතරක් නෙවේ මෙයා ගිය ගිය තැන කොමඩි

      Delete
  24. ඇයි අර සිංදු කියන ඩීඅයිජී? එයාඑ ස්එස්පී ට එහා...

    ReplyDelete
    Replies
    1. ඌ ඉස්සර නම් සින්දු කිව්වා. දැන් කියන්නේ රැප්. සින්දුවේ පොඩ්ඩයි. වැල් වටාරම් කෝටියයි. තාම ප්‍රසිද්ධියේ එක අතක් බිම තියලා ඩාන්ස් කරන ලෙවල් එක දැක්කේ නැහැ. නොදකින් පොලිස් ලොක්කෝ. පොන්න පොලිස්. පද පිට පොට හරවලා ලිව්වත් ලියවෙන්නේ පොන්න පොලිස් කියලා.

      Delete
    2. අනේද කියන්නෙ, ලැජ්ජ නැතිකම පොලිස්පති කමටත් කමටත් වඩාලොකුයි කියලයි කියන්ට වෙන්නෙ.

      Delete
    3. සිංදු කියන කෙනා නං දැක නැත

      Delete
    4. මෙන්න මෙයා...
      https://www.youtube.com/watch?v=EPULk73wpiE

      Delete
  25. අපි මේ ගැන දැනටමත් විශේෂ පරීක්ෂණ මණ්ඩල හයක් පත්කර තිබෙනවා, පොලිස්පතිතුමාගේ විශේෂ පරීක්ෂණ මැදිරිය සමග ඔවුන් කෙලින්ම සම්බන්ධවී සිටිනවා පැය 24 පුරාම, ඔය වර්ණසූරිය කියන පුද්ගලයා ආයුධ වගයක් සඟවා ඇතිබවට තොරතුරු ලැබී තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහු ලවාම ඒ ආයුධ සඟවා ඇති තැනින් එලියට ගන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි අහිංසක මනුස්සය!

      Delete
  26. රඟපාලා එඩිට් කරලා දෙන විහිළු වගේද ලයිව් නැචුරල් විදිහට දෙන කොමඩි.. එවුවනේ ගති..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වෙනස.

      Delete
  27. TV නොබලන නිසා දැනුවත් කිරීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. ඉඳහිට බලන්න ආතල් එකට.

      Delete
  28. රාජ්,
    මේ වගේ තව සීන් ටිකක් ලියලා ෆිල්ම් එකක් ගහමුද? එළට තියෙයි.

    ReplyDelete
    Replies
    1. එච්චරට හිනා යනවද?

      Delete
  29. ජනතවට විහිලු සපයන්නා....
    පවු උදයකාන්ත....

    ජය වේවා!!!

    ReplyDelete
  30. නියම නිර්මාණයක් රාජ්. වර්ණසූරිය දැක්කොත් උඹට දෙනවා ඊළඟ ෆිල්ම් එකේ පිටපත ලියන්න. ඒ වුණාට අබ්බකාත් තුමා නිකං කියවද්දී මලබද්ධය හැදිලා වගේ නේද කියන්නේ. හිනා ගිහිං පස්සේ ඒ මනුස්සයා ගැන දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හිනා ගිහිං පස්සේ ඒ මනුස්සයා ගැන දුක හිතෙනවා//

      මට නං දුක අර පොලිස් නිලධාරීන් ගැන

      Delete
  31. ඔන්න දැන් තමා මට හිතෙන්නේ මගේ නෙට් කනෙක්සන් එක වීඩියෝ එකක් බලන්න බැරි තරම් ස්ලෝ වීම කොච්චර වාසනාවක්ද කියලා.

    ReplyDelete