තර්ඩ් අම්පයර්.
පහුගිය දවසක ග්‍රව්න්ඩ් එකක් අයිනෙ ඉන්න වෙලාවක පොඩි එවුන්ගෙ ක්‍රිකට් මැච් එකක් බලං හිටිය. අවුරුදු දොලහක් නැත්තං පහලවක් වගේ වයස හාදයො ටිකක් තමයි එතන හිටියෙ. හයේ-හතරෙ-අවුට් අස්සෙ එකසැරයක් යටිගිරියෙන් කෑගහනව ඇහුන. බැලින්නං කීපර් ඇතුළු ෆීල්ඩ් එකේ එවුන් ප්‍රබල ඉල්ලීමක් කරනව. ඔන්න මාව හොල්මංද පොල්කොල කරමින්, මිඩ් විකට් පැත්ත බලාගෙන, අම්පයර් අත්දෙක උස්සල කොටුව ඇඳල තීරණය දුන්න තර්ඩ් අම්පයර්ට. මොහොතකට, මට හිතුනෙ සීන්එක විහිළුවක් කියල. නමුත් ඒක විහිළුවක් නෙවේ. කට්ටියම මිඩ්විකට් හිටිය කොලුව ලඟට ගිහිල්ල එයා අතේ තිබුන ස්මාට් ෆෝන් එකට එබුන. විනාඩියක් විතර ගියාට පස්සෙ "ස්මාට් අම්පයර්ගෙ" තීරණය අනුව පිතිකරුවාට තව අවස්ථාවක් ලැබුන. වලි නෑ, වැඩිය කතා නෑ, ස්මාට් තීරණයට හැමෝම ගරුකලා.
බවුන්රියෙ හිටපු පොඩිඑකාගෙන් දැනගත්ත විස්තරය අනුව අවුට් වෙච්ච කෙනෙක් හෝ ඉදිරියෙ බැට් කරන්න ඉන්න කෙනෙක් මිඩ්විකට් ඉඳගෙන මැච්එක වීඩියෝ කරනව. රනවුට් එකකදි තීරණය දෙන්නෙ එහෙමයි. මේ කතන්දරේ ආයෙත් මතකත්වුනේ කොදෙව්වන් එක්ක තිබුන තරගයෙදි විනිසුරු තීරණ මතභේදයකට ලක්වීම නිසා. මට හිතෙන හැටියට නීතිවල මොනව තිබුනත් ක්‍රිකට් තරගයක සියල්ල සිදුවෙන්න ඕන "උපරිම අයුරින් සාධාරණය ඉටුවන විදියට". එහෙම බැලුවම ඒ පොඩි එවුන් අයිසීසී එකට වැඩිය ග්‍රේට්.
සැලකිල්ල.
මේක නෝන කියපු කතාවක්.
පහුගිය දවසක කාන්තාවක් අධික රුධිර වහනය නිසා ඉස්පිරිගාලෙට ගෙනල්ල. මේ මනුස්සය ඊට දවස් තුනකට කලින් සිසේරියන් කරල ගිය අම්ම කෙනෙක්. ලේ වහනය වෙලා තියෙන්නෙ කොතනින්ද කියල කියන්න ඕන නෑනෙ. විශ්වාස කරන්න පුළුවන්ද ලේ වහනයට හේතුව? දවස් තුනෙන් ස්වාමි පුරුෂයට "සලකල"! රෝගියාගෙ තත්වය අමාරු බවත් සෑහෙන්න ලේ දුන්න බවත් කිව්ව. රෝහල් කාර්යමණ්ඩලයේ නොමසුරු බැනුම්වලට ලක්වුන බවත් කිව්ව. ඒක අසාධාරණත් නෑ. හිතාගන්න පුළුවන්නේ මේවගේ කෙනෙකුට අහන්න ලැබෙන මිහිරි වදන් මොනවද කියල. බොහෝ දෙනෙක් කියයි මේ ගෑනිට තියන විසේට ආයෙත් එහෙම කරගත්ත කියල. නමුත් කවුද දන්නෙ, බීල ආපු මිනිහ ගෑනි දූෂණය කලාද? ගෑනි ඉන්න තත්වය තේරුම්ගන්න බැරි මිනිහෙක් මාස ගානක "අමාරුව" පිටකරනකල් ඒ මනුස්සය ඉවසුවද? කොමොඩ් එකේ මුත්‍රා හැලීමට වැඩිය සීරියස් ප්‍රශ්න මේව.
කාශ්‍යප මෙතඩ්.
අපේ පොඩිමෑන් කියන්නෙ වෙලාවකට මලපනින හාදයෙක්. බොහොම දරුණු වචන ටිකකුත් කොහෙන් හෝ ඉගනගෙන තියනව. මම හරි නෝන හරි එක්ක තරහ වුනාම කියන්නෙ "මම ඔයා මරණව", "ඔයා පිහියෙන් කපල දානව", "ඔයා නැතිකරනව", "ඔයා බල්ලට කන්න දෙනව" වගේ තර්ජන. ලඟදි දවසක අලුත් "දඬුවම් ක්‍රමයක්" ඉගනගෙන,
"ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව"
මට තග දැම්මෙ එහෙමයි.
Wednesday, March 23, 2016
කාන්සියට චූටි කතා.
Subscribe to:
Post Comments (Atom)
"ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව" :D
ReplyDelete'සැලකිල්ල.
ReplyDeleteමේක නෝන කියපු කතාවක්.... '
ඒ කතන්දරේ ඉන්න ගෑනු කෙනා නං අච්චර අමාරුව තියාගෙනත් මහත්තයට සැලකුවා. ඒ උනාට රාජගේ නෝනා රාජ්ට සලකන්නේ කොහොමද? මොකද නෝනා රෑ වැඩ. රාජ් දවල්ට වැඩ. හැබැට රාජ් ලිංගික ජිවිතයේදී සතුටු වෙන්නේ කොහොමද?
ඇයි තොපේ අම්මා තොට කිව්වේ නැද්ද රාජ් මහත්තයා හොඳා.......යි කියලා?
Deleteරජාගේ පුතා නං කිව්වලු ආයේ රාජායි, නෝනායි සලකනවා දැක්කොත් රජාගේ අහවල් එකට කොන්ක්‍රීට් දානවා කියලා.
Deleteරජා ඔ මංගලියා.
අහස් යන්තරේ ගේ පැල පසුකරන් ගියා. පුංචිඋන් අඩයි රජා බැස්සේ නෑ කියා.
හැබැට ඇයි රජා අහකබලන් ගියේ.
උඹලගේ අම්මා කාර්බලික් සබන් දාලා හෝදගෙන බලාගෙන ඉන්න නිසා.
Deleteරාජා අහක බලං යෑම සම්බන්ධව අපගේ බරපතල අමනාපය මෙයින් දක්වා සිටිමු.
Deleteඕකත් එක්කං වරෙන්කෝ 26 ට..... කතා ටිකක් අහගන්න..... හැක්
ReplyDeleteපොඩිමෑන් ලොකු වෙච්ච ගමන් ලංකාවේ හමුදාවට/ පොලිසියට බඳවපන් සුදුසු කම් දැම්මම පෙන්වනවා
ReplyDeleteපුතා කාශ්‍යප කුමාරයා ධාතුසේන රජ්ජුරුවන්ව හිටුවා පස් ගැහීමේ කතාව මොඩිෆයි කරලා වගේ.
ReplyDeleteපළවෙනි කතාවෙ ඉන්න පොඩි උං ටිකනං අපේ ගොඩක් එවුවන්ට වැඩිය වැදගත් වැඩකට ස්මාට් පෝං එක යූස් කරල තියෙනව.
ReplyDeleteරාජ්ගෙ පොඩි එකා කරල තියෙන්නෙ ධාතුසේන ස්ටෝරි එක රීමේක් කරපු එකක්. සිංදු රීමේක් කරන එකේ ඔය රජ ස්ටෝරිත් එහෙම නොකර ඉන්න හේතුවක් නෑනෙ.
කතා තුනම උඩින් උඩින් කියෙව්වේ.. :) නෝනා මහත්තයට සලකන විදිය ස්මාර්ට් ෆෝන් එකෙන් වීඩියෝ කරලා අහු උනොත් බිත්තියට තියලා කොන්ක්‍රීට් ගහනවා ලු නේ.. අම්මෝ..
ReplyDeleteඑළ!
Deleteඑළ!
Deleteස්මාට් වැඩ නියමයිනේ.දැන් මේ තරගාවලියේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය භාවිතා කරන්න ඉඩක් නැත්තේ ඉන්දියාව මේකට කැමති නැති නිසා නේද ?අර එකෙක් කියලා තිබ්බේ ICC කියන්නේ indian cricket council කියන එකයි කියලා හිටං.
ReplyDeleteකොංක්‍රීට් කෑල්ල පොඩි එකා කොහෙන් හොයා ගත්තු එකක්ද බං ?:D
දැං ඉන්න ඉංදියන් කාරයින්ගෙ ඇටිටියුඩ් එක හොඳටම ක්‍රිකට් වලින් ලෝකෙටම පෙන්නනවනෙ.. ආයෙ මොනව කතා කරන්නද ඒ ගැන.පොඩි එකා වැඩිපුර ටීවී වත් බලනවාද?
ReplyDeleteජයවේවා..!!
ස්මාර්ට් පොඩ්ඩො දෙන්නෙක්. හෙහ්. දෙගොල්ලම මොඩර්නේට් වෙලා.
ReplyDeleteඅයි සී සී යට වඩා හොදයි අනික් එක කොන්ක්‍රීට් දැම්මම කතන්දර අඩුයි හිහි
මැද කතාව ගැන නං මොනව කියන්නද මංද
අර තර්ඩ් අම්පයර් කතාව නම් මාරයි බං. අන්න එහෙමනේ වෙන්න ඕනෙ.
ReplyDeleteරාජ්. අන්තිම කතාව ගැන නම් උඹ ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. උඹ පොඩි එකා එක්ක ඔය ගැන කතා කරපං බං. කොල්ලට වයස කීයද? ඕක කතා කරලා විසඳගන්න පුලුවන්. කියාපං අපි ඒ වගේ වචන පාවිච්චි නොකරන බව. එහෙම කලාම සමාජය අපි ගැන හිතන දේ ගැන. අපිට වෙන අවාසි ගැන. ඔය වගේ විස්තර කිව්වාම ඕක හරියනවා. කොයිවෙලාවකවත් ඔයවගේ දේ ධෛර්යමත් කරන්න එපා. කොල්ලව අවුස්සලා ඕක කියවලා ආතල් ගන්න උඹේ යාලුවන්ට හිතවතුන්ට ඉඩ දෙන්නත් එපා.
ඔව්, ඒක හරි. අපේ තුනේ පන්තියෙ ඉන්න ලොක්කත් දවසක් එයාගෙ මල්ලිව පෙන්නල කියන, අම්මෙ මූ හොර ගෙඩිය වගේ මගේ පොතේ ලියලනෙ කියල.
Deleteවහාම අපි පොඩ්ඩට තේරුම් කරල දුන්න වගේම ඉන් පස්සෙ අපිත් කවදාවත් ආදරේට පොඩි අයට "මූට දෙන්න ඕන දෙකක්" වගේ කතා නොකිය ඉන්න වගබලා ගත්ත.
//ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව"//
ReplyDeleteමේකනම් ගොඩක් දරුණුයි..
ක්‍රිකට් ගහපු උන් නම් පට්ට...
ReplyDeleteරාජ්
ReplyDeleteපුතා ගේ කතා නම් සිනාවට කාරණයක් නොවෙයි නේද? කෙහෙන්ද ඔය කෑලි අල්ලාගෙන තියෙන්නේ?
අර ගිරා පැටවු දෙන්නා ගේ කතාවේ වගේද?
කකාට ඉන්නේ දුවලා දෙන්නෙක්නේ. ඒ නිසා කොල්ලොන් ගැන දන්නේ නෑ.
Deleteතව පරම්පරා දෙකතුනක් යනකොට ලෝකෙ අමුතුම තැනක් වේවි.
ReplyDeleteරාජ් මහත්තයා ආයෙත් ලියන්න අරන් නේද?
ReplyDeleteඒක නම් සතුටක්.
පුතංඩියාගේ කතාව නම් පොඩ්ඩක් වගේ භයානකයි නේද? ස්කෝලේ යනවා නම් හෙම වටේ පිටෙන් ඇහෙන ඒවා වෙන්න ඇති. ඒත් දැන්මම කොන්ට්‍රෝල් වෙනවා නම් හොඳයි නේ.
මහත්තයා කියන්න ඕනි නෑ බුරු පුතේ රාජාට. දැලි රාජා කිව්වා නං ඇති.
Deleteදැලිරාජා කියන්නෙ ඇයි? නොදන්න කමට ඇහුවෙ.
Deleteරාජා කට්ට කලුයි නේ. ඒකයි දැලි රාජා කියන්නේ. කොටින්ම කිව්වොත් රජාගේ සුදු කොන්ඩේ විතරයි. දත් ටිකත් කලුවෙලා ගොලිප් මැලියම් වලට.
Deleteපලවෙනි කතාව අනුව හිතාගන්න පුළුවන් අලුත් පරපුර කොයිතරම් වේගයෙන් නවීන තාක්‍ෂණය සමග අනුගත වෙනවද කියන එක. එහි වරදක් නැහැ. නමුත් ඊට සමගාමීව මානුෂිකත්වයත් වර්ධනය වියයුතුයි.
ReplyDeleteදෙවැනි කතාවනම් හුදෙක්ම නූගත්කමේ ප්‍රතිඵලයක්. අපේ පවුල් සෞඛ්‍ය අධ්‍යාපනය තවමත් යල් පැන ගිය එකක්.
තුන්වැනි කතාව නම් අර ගිරාපෝතක වස්තුවම තමයි. හැදෙන වැඩෙන පරිසරයෙන් තමා අපි සියල්ල උකහාගන්නේ. ගෙදර පරිසරය යහපත් කරගැනීම පළමුවෙන් කලයුතුයි. මා හිතන්නේ නැහැ මේ දරුවා ඔබෙන් හෝ බිරිඳගෙන් මේ වචන ඉගෙනගත්තා කියා. ටිකක් හොයාබලා පිලියමක් යොදන්න උත්සාහ කරන්න.
එතකොට උතුරේ දෙමලු මරද්දී මානුෂිකතත්වය වර්ධනය උනාද මහත්තයෝ?
Deleteනෑ උඹලගේ අම්මගේ පුකේ හිල ලොකු කළා
Deleteමෙ කකුලුවා හරහට යනගමන් දකින දකින එකාට කෙලින් යන්න ටිකක් හොයාබලා පිලියමක් යොදන්න උත්සාහ කරන්න.කියලා උපදෙස් දෙනවා
ReplyDeleteකෙලින් අරින්න බෑ මචෝ උඹලගේ අම්මගේ පුකේ හිල ඇදයි එක එකා ඇරලා
Deleteපළවෙනි කතාව කියවලා යන්තම් හිනා ගියා. කාලේ වෙනස් තාලේ අලුත් කියල හිතුනා.
ReplyDeleteදෙවැනි කතාව කියෙවුවම නොදකින් මේ පිරිමි කියල හිතුනා.
තුන්වෙනි කතාව කියෙවුවම බය හිතුනා. රාජ් මහත්තයෝ ඕව සෙල්ලං කතා නෙමේ.
ඉස්පිරිගාලෙට?
ReplyDelete"රෝහල් කාර්යමණ්ඩලයේ නොමසුරු බැනුම්වලට ලක්වුන බවත් "
ReplyDeleteසක්කිලි නෙ
අපේ එවුන්ට ගන්න තියෙන්නේ අයිසීසී එකට අම්පයර් වලට. ඔක්කොටම වඩා හොදට කරාවි.
ReplyDeleteසැලකිල්ල ගැන කළකිරීමක් ඇති වුනේ.
පොඩිමෑන් සීගිරියකුත් හදන්න ප්ලේස් එකක් වෙන් කරන්නද දන්නේ නෑ ඉන්නේ.
අපිට මතක් වුනේ නෑනේ මූව බිත්තියට තියල කොංක්‍රීට් දාන්න.
ReplyDeleteඋබෙ මේ ෂෝට් ඇන් සූවිට් කතා තමා මං මනාපම..
ReplyDeleteකොන්ක්‍රිට් දාන්න හිතෙනවා බිත්තියකට තියලා!!
මචං. උඹ Walled in ෆිල්ම් එක බැලුවද පුතත් එක්ක?
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Cement_shoes
ReplyDelete