මේ දවස්වල කතාවෙන කේස් එකක් තමයි රැග් එක. රැග් එකට විපක්ෂ වගේම පක්ෂ අදහස් තියන අයත් ඉන්නව. ඊයෙ කැළණිය විශ්වවිද්‍යාලෙ උපකුලපතිතුමා කියනව රැග්එක දෙන අය ගැන පැමිණිලි කරන්නය එයාල පියවර ගන්නංය කියල. හැබැයි මට හිතෙන හැටියට රැග් එකට විතරක් නෙවේ, මෙවැනි බොහෝ විශමාචාර ක්‍රියා මඬින්න තියන ප්‍රාථමික ක්‍රමයක් තමයි පැමිණිලි කිරීම කියන්නෙ. ඇයි එහෙම කියන්නෙ?
මේ වගේ විශාල පිරිසකට එරෙහිව කෙනෙක් යම් පැමිණිල්ලක් කරල ඊට පස්සෙ විශ්ව විද්‍යාලය ඇතුලෙ යහතින් ඉන්න පුළුවන්ද? ඊට පස්සෙ ඔහුට හෝ ඇයට (සමහර විට සුළු පිරිසක් වෙන්නත් පුළුවන්) මුහුණ දෙන්න සිදුවන්නෙ රැගට වැඩිය නරක තත්වයකට වෙන්න පුළුවන්. ඒ නිසා පැමිණිලි ලබාගෙන රැග නැවැත්වීම කියන්නෙ ඉතාම දුර්වල විසඳුමක්. ඉස්කෝලෙ යන කාලෙ පන්තියක කවුරුහරි වැරැද්දක් කරල ගුරුවරයෙක්/විදුහල්පති ඇවිල්ල පන්තියටම ගැහුවත් පාවා නොදෙන සංස්කෘතියක් අපට තියෙන්නෙ. ඒ නිසා තමයි මේ ක්‍රමය දුර්වලයි කිව්වෙ.
මේ කියන අවුල මෙතන විතරක් තියන දෙයක් නෙවේ. රජයේ බොහෝ ආයතනවල තියන අවුලක්. සාමාන්‍යයෙන් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ක්‍රම කිහිපයක් තියනව. කෙලින්ම පැමිණිලි කිරීම, ලිපියක් මඟින් දැන්වීම, නිර්ණාමික පෙත්සමක් යොමුකිරීම ඉන් කිහිපයක්. මෙතනදි නිර්ණාමිකව පැමිණිලි කිරීමට වැඩිය අනිත් ක්‍රම ප්‍රබලයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ. කෙලින්ම අදාල පාර්හව ගෙනල්ල පැමිණිල්ල විභාග කරන්න පුළුවන්. නිර්ණාමික පැමිණිලිවලදි සාක්ෂි හොයන්න ගියාම වැඩේ අවුල්. හැබැයි වැඩේ තියෙන්නෙ නම්ගම් සහිත පැමිණිලිවලදි අදාල පාර්ශවයන් හෙලිවීම නිසා සිදුවිය හැකි විවිධ මට්ටම්වල තර්ජනයන්ට මුහුණදීමට පැමිණිලිකරුවන්ට සිදුවීම.
ඒ වගේම "යම් පිරිසකට පමණක් බලපාන" සහ "පොදු කාරණාවලට" අදාලව යම් පැමිණිල්ලක් කිරීමට අපේ සමාජයේ තියෙන්නෙ දුර්වල පෙළඹවීමක්. උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාල රැග් කිරීම ගත්තොත්, ඊට විරුද්ධ නොවී තමන්ගෙ වැඩේ කරගෙන ගෙදර යාමටයි බොහෝ දෙනෙක් කැමති.
පැමිණිල්ලකදි පැමිණිලිකරුවන්ගේ ආරක්ෂාව සෑහෙන්න වැදගත්. නමුත් අපේ ආයතනවල කටයුතු යෙදිල තියෙන්නෙ මීට වෙනස්ව. උදාහරණයක් විදියට P කියල කෙනෙක් X කියන කාර්යාලයට විරුද්ධව පැමිණිල්ලක් කරනව X යටත්වන/පාලනය වන A කියන අමාත්‍යාංශයට. එතනදි A අමාත්‍යාංශයේ කාර්යභාරය තමයි පැමිණිල්ලේ කියල තියන අවුලක් ඇත්තටම සිදුවෙලා තියනවද කියල සොයා බැලිම. නමුත් සමහර අවස්ථාවල සිදුවෙන්නෙ A අමාත්‍යාංශය, X කාර්යාලයෙන් නිදහසට කරුණු විමසන්නෙ අර මනුස්සය ලියපු ලිපියෙ පිටපතකුත් පෙන්නල! අම්මගෙන් නෙවේ, හොරාගෙන්ම පේන අහනව කියන්නෙ මේකට.
*****************************************
සුජීව කොකාවලගෙ Shart කතා බ්ලොග් අඩවියේ තියන මේ කෙටිකතාව තාම කියෙව්වෙ නැත්තං මෙන්න වෙලාව.
Tuesday, May 10, 2016
වසන්තයා V, නවකවධය සහ හොරාගෙන් පේන ඇසීම.
Subscribe to:
Post Comments (Atom)
රැගින් ගැන මට ඉතාමත් නින්දිත මට්ටමේ අත්දැකීම් ගොන්නක් තියෙනවා නේවි එකේ.. නේවි එකේ වැරැද්දෙන් මාස හතරක් ඇතුලත බඳවා ගත්ත තුන් වෙනි බැච් එකේ මම බැච් ටොප් උනේ මාස පහ හමාරක seniority gain එකක් එක්ක.. ඒක එහෙම වෙන බව මගේ රිසල්ට්ස් වලින් කලින් දන ගත්ත උන් මට ඉතාම තුච්ච විදියට රැග් කරා. මොකද සීනියර් බැච් දෙකක උන් මට වඩා පස්සට එන නිසා.. නේවි එකේ රැගින් ගැන පැමිණිලි කරපු පලවෙනි එකා මම.. වෙඩි තියාගෙන මැරෙනවද නැත්නම් රිපෝර්ට් කරනවද කියල හිතල හිතල අන්තිමේ බුද්දියට ඉඩ දීලා රිපෝර්ට් කාරයින් අදටත් මම ජිවත් වෙනවා.. කැම්පස් නොයා රැගින් ගැන කතා කරන්න බෑ කියන උන්ට මේ කතා කියලා වැඩක් නෑ. (හැබැයි අදටත් මම කැම්පස් එකකට යනවා.. එතන අපේ ෆැකල්ටියේ උන් කිසිම රැගින් සින් එකක් නැතුවම සීනියර් ජුනියර් ඔක්කොම එකා වගේ ෆුල් සපොර්ටිව් වැඩේ කරගෙන යනවා..)
ReplyDeleteඅඬල හිනාවෙන්න ඕන කතාවක්
Deleteඔය් කැම්පස් රැග් එක ගැන පාරම්බාන කට්ටිය හමුදාවෙ විතරක් නොවෙයි පාසල් ශිෂ්‍යයන්ට දැනුම බෙදාදෙන ගුරුවිද්යාලවල රැග් එක ගැන කට අරින්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ.
Deleteනාවික හමුදාවෙ රැග් එක මාත් හොඳට කෑවා. විශ්වවිද්‍යාල රැග් එකෙන් පස්සෙ. හමුදාවෙ අති අමානුෂිකයි.
ඈ බං, මානුෂික රැගුත් තියෙනවද? යකෝ ෆ්‍රෙශා ඉස්සරහ කුනුහරුප කිව්වම ආතල්ද? ඌ දන්නව ඇති උඹට වඩා කුනුහරුප. යකෝ දැන්වත් ඇත්ත මනුස්සකම මොකද්ද කියල ඉගෙනගනිං. මිනිහෙක්, ගෑනියෙක් පහතට දාල, තමන්ට නැති බලයක් පෙන්නල උන්ට අණදීමෙන් ලැබෙන අහවල් එක මේකයි කියල පෙන්නහංකො පුලුවන් නම්.
DeleteI thought this guy is matured enough. WTF Man? half of our population has some kind of mental instability for sure.
රග කිඉම වැරදියි. හමුදාවේ නොඑ කොහේ වුනත්. හමුදාවේ රග අක්රනවුන් අල්ලලා හිරේ දාන්න ඕනේ. රටක ආරක්ෂාව වෙනුවෙන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අයව රැග් කරන්න කවුද උන්ට බලය දුන්නේ.
DeletePonsiyo,
DeleteHamudhaawe Rag kiyalaa deyak ne. Eka thamaa molding kiyanne. Yuddhe kaale ajith boyagodalaa rahas kotinta denna hethuwa oya molding hariyata nethiweema. Henrilaa wage mayinantata saha kalanasiri wage mudalaalilata eka direwwe nathiwunaata eke prathipala hodatama thiyenawaa. Anata kikaruweema kotharam hariyata wunaada kiyana eka dennama ada eliye inna eken pahadili wenawaa. Kalanasiri meeta wadaa honda netida letwalak kadan goo kewanam
නවක වදය යනු හිංසා කිරීමයි. එයට මහ ලොකු අර්ථකථන විශ්ලේෂන දීලා අමුතු එකක් ලෙස පෙන්නුවට ඒක නිකම්ම ජරා තගරි එකක් පමණයි. සාමාන්‍ය අපරාධකරුවන් ලෙසම අහුවෙන නවක වධකයන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.
ReplyDeleteසපුරා එකඟයි
Deleteවිස්ස විජ්ජාල යනු සඟිස්කෘතියකි,
ReplyDeleteනවක වදය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.
අන්න අටේ පන්තියෙ එවුනුත් උපසංස්කෘතියක් ගේන්න යනවලු! :-)
Deleteරේල් පාර පැනලා , උදේට වෙරළට ශරීර කෘත්‍යයන් සදහා යන අයට (ඒ කියන්නේ රේල්ලේ වැන දනා ) ආණ්ඩුවෙන් පොදු වැසිකිලියක් හදා දෙන්න හදනකොට , උන් විරුද්ද උනාලු මේක උප සංස්කෘතියක් කියලා ... මේ කතාවට කිසිම සම්බන්ධයක් නොමැත
DeleteCampes must be education place. But some senier idiyets try to make campes like their home. They no need education. They go to do political things in campes. This is so sorry thing. Rag is no good mind people doing thing. Its mental problem have some people. This rag senier fools must drive away campes an clean campes to make good education place to future come students. Campes there if no laws its also problem campes chansler and lectures. I think high education minister take action soon to this problem.
ReplyDeleteරෙද්දෙ (පල්ලෙන් බේරෙන ) උප සංස්කෘතිය....
ReplyDeleteයේස්.
Deleteහොරාගෙන් පේන අහන එක බං අනාදිමත් කාලයක ඉඳල රජයේ සේවයේ තියෙන ක්‍රමය.
ReplyDeleteඋඹ නොදන්නවයැ!
Deleteඔය ගැටළු හැම තැනම තියනවා....පාසල්වල පවා...
ReplyDeleteඔව්. ඉහල සිට පහලට එනව නෙව.
Deleteරජයේ සේවයද? කොහොමහරි කරල වංචාකාරය සියළු සාක්කි සහිතව බෙල්ලමුලින් අල්ලලා දුන්නාම, “මේ අළුගුත්තේරුවාට නම් මොනව කළත් හිත් වදින්නෑ, ඒත් මුගේ දරු පවුල, ඒ අය අහිංසකයි, ඒ නිසා මේ වතාවට සමාවක් දුන්නා, දැන් ඔය පැමිණිල්ල අයින්කරගන්න, නැතිනම් ඔයාලට හොඳ නෑ, පස්සේ දවසක බොරු පැමිණිල්ලක් කලා කියලා චෝදනාවක් එන්න පුළුවනි“. අනේ ඉතින් මක්කෙයි කොරන්නේ.
ReplyDeleteඑහෙමත් වෙනව තමයි....
Deleteමධ්‍යම ප්‍රතිපදාව තමයි හරි. ඒවා තේරෙන් උන් නෑනේ. සිද්ද වෙන්නේ බලහත්කාරය.
ReplyDelete:-(
Deleteදන්නදා ඉඳල සෑහෙන පිරිසකගේ ජීවිතහානී සිදුවී තිබෙනවා. ඒ නිසා මෙය මිනිමරන තත්ත්වයට පත්වී තිබෙනවා. විවි අනුකරණය කරමින් වෙනත් උසස් අධ්‍යාපන ආයතන හා පාසල්වලට මෙය පැතිරී තිබෙනවා. වහාම රැග් කිරීම නැවැත්වීමට නීතිමය පියවරගන්නා අතර සමාජවිද්යාත්මකව මෙයට විසඳුම් සෙවීමට අප බලකල යුතුව ඇත.
ReplyDeleteඉස්කෝලවලට පැතිරීම නං අන්තිම නරකයි
Deleteඔය "ලු" නැතිව ඇත්තට මුහුණ දුන්නොත් රැග් කරල එක්කෙනෙක්වත් මැරුණ බවක් අපි දන්නෙ නෑ. නිකං දැක්ක වගේ කියන්න එපා.
DeleteThis comment has been removed by the author.
Deleteඑකෙක් මැරෙන කම් වැඩේ ඇදගෙන යමු....ඊට පස්සේ කතා කරමු. එහෙමද...
Deleteඑහෙම නම් ඉතින් එකෙක්ව මරමු උප සංස්කෘතියේ නාමයෙන්
DeleteWhat about VARAPRAGRASH? JAffNA university?
DeleteWhat about hundreds of students who had to undergo psychiatric treatment in the first year because of ragging??
///ඔය "ලු" නැතිව ඇත්තට මුහුණ දුන්නොත් රැග් කරල එක්කෙනෙක්වත් මැරුණ බවක් අපි දන්නෙ නෑ. නිකං දැක්ක වගේ කියන්න එපා.///
Deleteජපුරේ 2002 වෙච්ච සිද්ධිය අමතකද, රැගින් සීන් එකක් දුර දිග ගිහින් එකෙකුට ගහලා මොනිටර් වලින් ඔලුවට ගහලා මලා මතක නැද්ද...
ඒ සිද්ධියට අපේ ඉස්කෝලේ ගියපු අපිට පහළ පන්තියක හිටපු මෝඩයෙකුත් හිරේ ගියා...
https://en.wikipedia.org/wiki/Samantha_Vithanage
නොකී කතාMay 11, 2016 at 1:12 PM
Deleteඔය "ලු" නැතිව ඇත්තට මුහුණ දුන්නොත් රැග් කරල එක්කෙනෙක්වත් මැරුණ බවක් අපි දන්නෙ නෑ. නිකං දැක්ක වගේ කියන්න එපා.//
රැග් එක නිසා විශාල පිරිසක් මියගොස් ,බරපතල ලෙස ආබාධිත වී සහ සරසවි හැරගොස් තිබෙනවා. වරප්‍රගාෂ් මියගිය විට ආන්දෝලනයක් ආවත් මෙය නිදහස් අධ්‍යාපනය නැති කිරීමේ ලෝක බැංකු උපායක් බව ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කළා.
මෙවරත්මරනයක් සිදුවුනා. රැග් එක නිසා සියදිවි නසාගත් සිසුවිය සිය අන්තිම කැමැත්තෙන් කියා තියනව සිය අවමගුලට සබරගමු සරසවියෙ එක්කෙනෙක්වත් එන්න එපා කියල.
උත්තමයො කියන්නෙ මේ සිසුවියට පිස්සුලු. ඔවු සමහර විට රැග් එක නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඇති. මේ සිසුවිය දුප්පත් කෙල්ලක් හින්ද ඩෙනිම තරමට සමාජයෙ කතාබහට ලක් වුනේ නෑ.
හදන්න බෑ බන් අපේ රට
ReplyDelete:-( බලමු. මේකනං නවතීවි මට හිතෙන හැටියට....
Delete//රාජ්‍ය සේවය යනු සඟිස්කෘතියකි,
ReplyDeleteඈණුම් ඇරීම, නිදාගැනීම, පගාව, ජරාව, වැඩ වර්ජන යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවෙකුටත් ඒ ගැන ප්‍රශ්ණ කල නොහැක.//
:-)
Deleteකැම්පස් එකේ, හමුදාවෙ විතරක් නෙවේ, සමාජෙ හැමතැනම නවක වදේ නේන්නං. අලුතෙන් ඔපීසියකට ගියත් රැග්,කේක් හරි ඉල්ලල වදේ ගහනවනෙ පාරක බහැල ගියත් පාරෙ අයිනෙ ඉන්න පිරිමි ළමයින්ගෙන්, ටුක් ටුක් අය්යලගෙන් රැග්. වෙන එකක් ඕනෙනෑ, ඔෆිස් යන අය නිතර යන්න පුරුදු වෙලා ඉන්න බස් එකකට, කෝච්චියකට නැග්ගම බලන්නකො, කොයිතරං නවක වදයක්ද හම්බෙන්නෙ කියල. නවකයෙකුට ඕනෙ තැනකින් පොඩි හරි පීඩනයක් එනව තමයි.
ReplyDeleteඇත්ත. හැබැයි එහෙම වුනා කියල නවකවධය සාධාරණීකරණය කරන්න බෑ.
Delete"වදය" කොහෙදිවත් සාධාරණ නෑ රාජ් අයියා.. මේ හැමතැනදිමත් වදයට විරුද්ධව මිනිස්සු කතා කරන්න ඕනෙ. ඒම නැති එකනෙ අවුල. ඒම කතා කරනවනම් "වදේ" මුලිනුපුටා දමල මෙලහට. මේකත් හරියට දූෂණ වංචා වගේ තමා
Deleteඅපි ව්‍යාපාරයක් ගොඩ නගමු හැම තමන කරන රැග් වලට විරුද්ධව
Deleteපැමිණිලිකාරය විත්ති කාරය වෙලා තමයි අන්තිමට නවතින්නෙ.
ReplyDeleteඅන්න හරි
Deleteආයතනයට පැමිණිලි කරාට වඩා හපන් කේස් එකක්නේ දැන් මේ පොලිසියට පැමිණිලි කිරීම..ඒ ලමයගේ ඉදිරිය ගැන තියෙන ආරක්ශාව මොකක්ද මන්දා.
ReplyDeleteඒක තමයි අවුල අරූ. පැමිණිලි කරන්න කියල ප්‍රශ්නෙ විසඳීමේ ක්‍රමයට මම නං අමනාපයි.
Deleteමගේ බ්ලොගයේ මම සඳහන් කලේ ශිෂ්‍ය සංගමය මගින් මේක විසඳීමට. සංගම් තුන්නේ ඒවාට. ශිෂ්‍ය සභාපති විසින් අදාල කණ්ඩායම් දෙක ගෙන්වලා වරදක් සිදු වී තිබේනම් අනිත් ශිෂ්‍ය කණ්ඩායමට අවවාද කිරීම හා වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීම. පොලිසියට කියන්න අවශ්‍ය නැහැ.
Deleteඅල්ලපු ගෙදර පොඩි එකා ගංජා ගහනව දකින එකෙක් ගිහිං යහපත් චේතනාවෙන් ගිහිං උන්ගේ අම්මට ඒ ගැන කිව්වම ටික දවසක් ගියාම "අම්මත් හොඳයි කොල්ලත් හොඳයි කියපු එකා නරක මිනිහා" වෙන සඟිස්කෘතියක් සහ ක්‍රමයක් තියන අපේ රටේ , තම වෙනුවෙන් වෙන වැඩේ පැමිණිලි කලාම වෙන සිද්ධිය අහන්නත් දෙයක්ද. කොහොම නමුත් රැග ගැන කිසිම අත්දැකීමක් නැති උනත් ඕක හිංසනය දක්වා වර්ධනය වෙන එක සක්කරයට වත් නවත්තන්න බැරි නිසා රැගට විරුද්ධයි..
ReplyDeleteඒ නිසා තමයි මාත් විරුද්ධ
Deleteමේ පැමිණිළි කිරීම් අඩුකම ගැන ශිෂ්‍ය/ආචාර්ය අත්දැකීම් ඇති ප්ර්රියන්ජිත් පෙරේරා මෙසේ ලියා ඇත.
ReplyDeleteබහුතරයක් නවකයෝ තමන්ට ජ්‍යෙෂ්ඨයින් ගේ උදව් නොමැතිව විභාග සමත් විය නොහැකි බවත්, විශ්ව විද්‍යාලය ජයගත නොහැකි බවත් සිතති. ඇත්තටම, මේ අදහස් නවකයින්ට දෙන්නේ ද ජ්‍යෙෂ්ඨයින් ම ය. එනිසා, නවකවදය මගහැර හෝ පාලකයින්ට පැමිණිලි කර හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කර හෝ ජ්‍යෙෂ්ඨයින් අමනාප කර ගැනීමට නවකයින්ට අවශ්‍ය නැත. (කොහොමටත්, මේ ප්රශ්නය තාවකාලික එකක් නොවැ?)
ශිෂ්‍යයින් සහ අධ්‍යන කාර්ය බණ්ඩලය අතර විශාල පරතරයක් ඇති නිසා, නවකවදයට විරුද්ධ නවකයින්ට සහ ජ්‍යෙෂ්ඨයින්ට තම ගුරුවරුන් විශ්වාස කළ නොහැකි වී ඇත. කලින් සඳහන් කළ, වැඩිහිටියන්ට ගරු කිරීමේ සංස්කෘතිකමය හුරුව මෙහිදී ද බලපායි. එනිසා, නවකවදය මුලිනුපුටා දැමීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය කරන සෑම දෙයක් ම නවකයින්ගෙන් සහ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහයෝගයක් නැතිව අඩපණ වේ.
ජ්‍යෙෂ්ඨ සහ නවක කියන දේ නං එච්චර වැදගත් නෑ මං හිතන්නෙ. මොකද අද නවකයා හෙට ජ්‍යෙෂ්ඨයා නෙව. හැබැයි මේ ප්‍රශ්න සමාජගතවීම තුල නවකවධය නැතිවෙයි කියල මට නං විශ්වාසයක් තියනව.(නිකමට කල්පනා කරල බලන්න බුකියෙ අපි එක්ක සංවාද කරන උසස්පෙල වයසෙ අය අයිතිවාසිකම්/ප්රජාතන්ත්රවාදය ආදිය ගැන කොච්චර දැනුවත්ද කියල)
Deleteඔය කෑගහන අය කාගෙන් හරි අහගත්ත හෝ හිතෙන් හදාගත්ත මනෝවිකාර මතයි උඩ පනින්නේ. ඉඳහිට සීමා ඉක්මවා යන සිදුවීම් වෙනව නම් ඒවාට එරෙහි වීම අදාළ ප්‍රජාවගේ වැඩක්. විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.
ReplyDeleteබබ්බුන්වතොටිල්ලක දාල නළවන්න.
මම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය, ලංඩන් හි යුනිවසිටි කොලීජිය සහ එම්. අයි. ටී එකේ අචාර්ය උපාදිය දක්වා හැදැරුවෙමි. මේ එකදු උසස් අද්යාපන ආයතනයකවත් සුහදතාව වර්දනය කලේ මෙලෙස අනිකා පහත් කර, ඌට පිඩා කිරීමෙන් නොවේ. ඔබ මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. ඔබේ බ්ලොගත් බ්ලොක් ලිස්ට් එකට් දාගන්න ඔනේ.
Delete"ඉඳහිට" එකෙක් දෙන්නෙක් මැරෙනව. විවි අතහැරල යනව. එච්චරයි.
Deleteඅවුලක් නෑ. ඉදහිට දෙතුන් දෙනෙක් මැරෙනව.කීප දෙනෙක් ආබාධිත වෙනව, හැම වසරකම යම් පිරිසක් විශ්ව විද්‍යාල අත ඇරල යනව.
Deleteඅවුෂ්විට්ස් වගෙ වධකාගාර වලටත් ගෙනිච්චෙත් බබ්බු විතරක් නෙමෙයි. වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක් හිංසනයට ලක්වෙනව.
කොන්දේසි විරහිතව වධකයන්ට විරුද්ධ විය යුතුයි. ආරක්ෂක අංශ වල හෝ වේවා, සටන්කාමීන් හෝ වේවා. පාසල් ගුරුවරුන් හෝ වේවා ,විශ්ව විද්‍යාල උත්තමයන් හෝ වේවා ,පොලීසි හෝ වේවා ,ගෘහස්ථ හිංසනය කරන පුරුශයන් හෝ වේවා ,සාමාන්‍ය ගමේ චන්ඩින් හෝ වේවා මේ හැම කෙනෙකුගේම හිංසනයට විරුද්ධ විය යුතුයි.
ඉඳලා හිටලා හරි සීමාව ඉක්මවා යනව නම් එක් අයෙකු හෝ පීඩාවට පත්වෙනව නම් එය නවතා දැමීමට හොඳ හේතුවක්. විනෝද වෙන්න කරන්න දෙයක් දන්නේ නැතිකම, පහසුකම් නැතිකම,...තව හේතු තියෙනව... ඒව මෙතැන කියන්නඕන නෑ. පරපීඩක මානසිකත්වයට හොඳයි කියන්න බෑ.එය අපේ රටේ නොදියුණුකමට එක් හේතුවක්.
ReplyDeleteඉඳලා හිටලා හරි සීමාව ඉක්මවා යනව නම් එක් අයෙකු හෝ පීඩාවට පත්වෙනව නම් එය නවතා දැමීමට හොඳ හේතුවක්.
Deleteඔව්. ඒ හේතුව හොඳටම ඇති.
මේ වගේ සිදුවීමක් ගැන පැමිණිලි කරන්න සෑහෙන ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ. උඩුගං බලා පීනන එක ලේසි වැඩක් නෙවෙයි. පහලට ඕහේ යන්න ඇරලා හෙමීහිට ඉවුරකට සේන්දුවෙන එක හරිම ලේසි වැඩේ.
ReplyDeleteහ්ම්
Deleteනවකවදය කියන වචනය ඇතුලෙම තියෙනවා "වදය"කියන එක.කායිකව හෝ මානසිකව කෙනෙක්ව පිඩාවට පත්කිරීම සරල දෙයක් වෙන්න පුලුවන්ද ?
ReplyDeleteපැමිණිලි කිරීම ගැන කිව්වොත් නම් පැමිණිලිකාරයා බලපුලුවන්කාරයෙක් නෙමේ නම් බොහෝවිට පැමිණිල්ල ගැන ක්‍රියාත්මක වෙන්නේත් මන්දගාමීව.එතකොට පැමිණිලිකාරයාට එපා වෙනවා මේ දේවල් ගැන නීතියෙන් කටයුතු කරන්නත්.අන්තිමට වෙන්නේ අවනීතිය කිරුළු පැලදීමයි.
ඒක තමයි වෙන්නෙ.
Deleteපැමිනිලි කරල වැඩක් නැහැ..
ReplyDeleteහැමිනිලි තමා තියෙන්නෝනි !
හමනල ගන්න වෙන්නෙ.
Deleteඉස්සර අර නරකම එකා පන්තියේ මොනිටර් කරනවා වගේ රැග් කරවන එවුන් සහ එව්වට ලක්වෙන එවුන්ගෙන් සමන්විත මණ්ඩලයක් හදන්න ඕනේ රැග් වැලැක්වීමේ මණ්ඩලය කියලා.
ReplyDeleteඒකත් හොඳයි
Deleteමේ සිද්දියේදී පැමිණිලි කරන්ඩ කොච්චර ආත්ම ශක්තියක් තියෙන්ඩ ඕනෙද, අපි එයට ගරු කළ යුතුයි...
ReplyDeleteඅනිවාර්යෙන්ම! ඒකෙ අමාරුබව තමයි මම මේ කිව්වෙ
Delete