Tuesday, October 4, 2016

මිත්‍ර ද්‍රෝහියෝ....

අල්ලපු ගෙදර ජයසේන මාමගෙ සද්දෙ කනට එන එක නවත්තන්න හුලඟට වැනෙන තිර රෙදිකෑල්ල ප්‍රමාණවත් නෑ වගේ. යන්තමට පටන්ගත්ත සද්දෙ දැං හොඳට ඇහෙනව. ජයසේන මාමාගෙ දෙබස් අවසන් වෙනකොටම තවත් කටහඬක් ඇහෙනව. කෝකටත් කියල එකෙක් දෙන්නෙක් මැරෙන්න කලිං මාත් ගියා ඒ පැත්තට. රණ්ඩුව යන්නෙ ජයසේන මාමයි එයාගෙ අතිජාත මිත්‍රයෙක් වෙච්ච සමරෙ මාමයි අතරෙ. ගිහිල්ල පොඩ්ඩක් දෙන්න සමාදාන කරන්න හිතාගෙන කේස් එක අවුස්සල බැලුව.

"රාජ් පුතේ, උඹට කියන්න මම මූට කොච්චර නං උදව් කරල තියනවද.... උඹ දන්නවනෙ අපි දෙන්න හිටියෙ කොහොමද කියල.... දැං බලපං මූ කරල තියන වැඩේ...."

"ඇයි මොකද්ද සමරෙ මාමා කලේ?"

"උඹ දන්නවනෙ රාලහාමියත් එක්ක මගේ අර දංගහලඟ කුඹුරට තියන නඩුව?"

"ඔව්වොව්... මොකෝ මං නොදන්නෙ? දැං මොකද්ද නඩුවට වෙලා තියෙන්නෙ?"

"පෙරේද හැන්දෑවෙත් මගේ ගල්බෝතලේ ගහපු මූ දැං රාලයගෙ පැත්තට සාක්කි දෙන්න හදනව!"

"චී චී.... ඈ සමරෙ මාමේ ඇත්තද මේ කියන්නෙ?" ඒ ගමන සමරෙ මාමත් කතාවට සෙට්වුනා.

"මේකනෙ පුතේ.... මූ හො‍ඳේකා බව ඇත්ත! හැබැයි මට රාලහාමි අතාරින්න බෑනෙ.... බොලාට මේව තේරෙන්නෑ බං.... "

උගේ හරුපෙ තේරුනේ නැතත් උං දෙන්න මරාගන්න තරමටම අවුලක් නැති නිසා මම ආව හන්දිය පැත්තට. හන්දියෙ කඩේගාවත් හෙන කතාවක්. අතරින් පතර කුනුහබ්බත් එක දෙක ඇහෙනව. ප්ලේන්ටියක් බොන්න කියල ආපු මමත් බංකුවෙන් වාඩිවුනා. වලිය මූලික වශයෙන්ම තියෙන්නෙ කඩේ ලොකුමාමයි ධර්මෙ අයියයි අතරෙ. රුවන් මල්ලි ලඟින් වාඩිවෙලා සීන් එක මොකද්ද කියල ඇහුව.

"හේතුව නං මොකද්ද මංදා රාජ් අයියේ.... කේස් එක නං ලොකු මාම හතලිහට සිගරැට් විකුණල අහුවෙලා.... ධර්මෙ අයිය ලොකුමාමට විරුද්ධව සාක්කි දීල...."

"මොකක්?....යකෝ එහෙමත් කැතවැඩ කරනවද බං?"

"අන්න උඹට තේරුනා පුතේ.... මගෙං ණයට කාල මටම කෙලිනව!"

"උඹල මොනව කිව්වත් ඔහොම තමයි දැං වැඩ සිද්ධවෙන්නෙ.... උඹල මොනවද දන්නෙ?...."

"ඒ කියන්නෙ මුගෙං කාල මූට කෙලින එක හරි?" පැත්තක ඉඳපු මහතුං මාමත් කතාවට ආව.

"එ්ක තමයි අලුත්ම මෙව්ව එක.... ඇයි බොලව් බලපල්ල යුද්ධෙ කාලෙ පකිස්තාන්කාරයො අපට කොච්චර උදව් කලාද! උං මොනවද අපිට නොදුන්නෙ.... හැබැයි උං ඉන්දියාව එක්ක ඇරගන්නකොට අපි ඉන්නෙ ඉන්දියාව පැත්තෙ.... අනේ උඹල දන්න ඩිප්ලොමැටික්...."

19 comments:

  1. මසුරං කතාව.....
    ඇත්තටම අපේ උන්ට පිස්සුද නැත්තං ඩිප්ලොමැටික් එහෙමද ?

    ReplyDelete
  2. ඉන්දියාව සහ පාකිස්තානේද.....

    ස ර ස තුමා නම් හිතුවේ මාතලන් සහ තොප්පි කඩේ අතර ප්‍රස්නේකියලා!

    ReplyDelete
  3. කරන්න තිබ්බ හොඳම දේ අපි සද්ද නැතුව ඉන්න එක උන්ට එක විසඳ ගන්න දීලා.එක පැත්තක් ගත්තොත් අනිත් පැත්ත තරහා වෙනවා.පස්සේ දෙගොල්ලෝ හොඳ වෙලා අනික් උන් නරක් වෙනවා.

    ReplyDelete
  4. පිස්සුද ඕකුන් කෙලගන්නෙ නෑ. ඔය බෝඩර් එක හරියෙ බට්ටෙක් දෙන්නක් පත්තු කොරනව විතරයි. ඒව දෙපැත්තෙම ඉන්න ලේ දකින්න ආස හැත්තව සනසවන්න ගහන බයිල විතරයි.

    ReplyDelete
  5. හතලිහනං මොකක්ද හෙට ඉඳල 42 කටම බොන්න පුලුවන්නෙ.

    පේනව නේද ගල් වල බලේ.
    -ගල් බලකාය-

    ReplyDelete
  6. රාජ්, බංකි මූන් පැන්ෂොන් ගන්න ළඟයි. මොකද කියන්නේ
    ?

    ReplyDelete
    Replies
    1. අපේ මාතලන් දාමු, දෙයි ලෝකෙටම අපේ දේශීය කුනුහබ්බ.

      Delete
  7. ඔය මොනවා උනත් ශිවන්යා අක්කාට එහෙම මොකුත් වෙන්නේ නැති වෙයි නේ!

    ReplyDelete
  8. ඉන්දියාවෙ කොලු කාරයො පිරිල, නපුංසකයොත් එහෙමමයි. ඒකනෙ මේ සේරම.

    ReplyDelete
    Replies
    1. මහා ඇලෙක්සැන්ඩර් යුද්ධ කලානෙ ඔය හරියෙ?

      Delete
  9. ප්‍රස්තුතය සම්බන්ධයෙන් කිසිවක් නොකියමි. නමුත් මේ ගැන මීට වඩා හැදෑරිය යුතුව තිබුණා.

    ReplyDelete
  10. පරණ ලොක්කා හිටියනම් මිත්‍රද්‍රෝහි නොවෙන්නත් තිබුනා හැබැයි.

    ReplyDelete
  11. අලි **** අපි මැරෙනවා වගේ කේස් එකක්. කූඤ්ඤ ගලවන්න ගියාම පරිස්සම් වෙන්න ඕන.



    ReplyDelete
  12. ඉන්දියාවෙන් අපට (ආණ්ඩුවට) මේ දවස්වල දෙන සප් එක නිසා බෑ කියන්න බැරුව ඇති

    ReplyDelete
  13. පකිස් මෝටාර් ඉන්දියන් රේඩාර්, ඔය දෙකම ලැබුණා. ඒ නිසා පැත්තක් ගන්නේ නැතුව ඉන්නයි තිබුණේ.

    ReplyDelete
  14. හරි හරි දැන් බලමු රනිල් මහත්තයා ඉන්දියාවට ගිහින් මේ කචල් එක ෂේප් කරගන්න විදිහක් කථා කරනවද දන්නේ නෑනේ.

    ReplyDelete
  15. ඉන්දියා පකිස්තාන් ප්‍රස්න පැත්තකින් තියල ගමේ ප්‍රස්න ගොඩිං විසඳගන්න බලමු.. හැක්

    ReplyDelete