Wednesday, October 19, 2016

කංකරු-සිකුරිටි කතා

සජිත් ලොක්කගෙ කම්කරු සිකුරිටි කතන්දරය නැගලම යනවනේ. ඕක ඔහොම ගිහිල්ල මේ වගේ පැතිවලටත් යන්න පුළුවන්.

යාලුවගෙ පුතා
"හා..... මේ ඉන්නෙ ඔයාගෙ පුතා නේද? බලන්න මම ගියපාර දකිද්දි කම්කරු, දැං සිකුරිටි සයිස් නේ...."

පොරොන්දම
"නෝනා මේ කසාදෙ නං කරල වැඩක් නෑ! මේ දෙන්නගෙ "සජිත් පොරොන්දම" ගැලපෙන්නෑනෙ..... ඒක ‍ගැලපෙන්නැතුව කසාද බැඳල වැඩක් තියනවයැ! පිරිමි ලමය කංකරු, ගෑනු ලමය සිකුරිටි! විවාහ වුනොත් පවුල කැඩෙනව දෙකක් නෑ"

සුදුසුකම
"ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. පපුව අඟල් තිස් දෙකක් හා උස සිකුරිටි මට්ටම ඉක්මවා තිබිය යුතුය"

මාපියන්ගෙ සතුට
"කම්කරු දුවෙකුයි සිකුරිටි පුතෙකුයි ඉන්නව නං මදෑ!"

"සයිස් එක"(ඔව්වොව් ඒක තමයි)
"නංගී..... කම්කරු වුනාට අපිත් සිකුරිටි කොල්ලො තමයි හරිය...."

"කම්කරු මොඩල් ලඟ පිකප්"

"අද මං ඔබට කියල දෙන්නෙ කම්කරු සයිස් එක සිකුරිටි සයිස් කරගන්න පුළුවන් ෆෙංශුයි කෙමක්. ඇත්තටම මේක චීනෙ ගොඩක් ජනප්‍රිය ක්‍රමයක්. චීනෙ ජනගහනය ඔච්චර වැඩිවෙලා තියෙන්නෙත් මේ නිසා..... හරි මේකයි ඔබට කරන්න තියෙන්නෙ..... ගන්න හොඳ දිග ආනමාලු ගෙඩියක්,.... නැත්තං ඇම්බුං ගෙඩියක් නං වඩාත් හොඳයි.... මේක අරගෙන, දිග අතට අඟලක විතර කැපුමක් දාල මම ඔබට ලබාදෙන 'ඕං ජුන්ඩං සයිසං කංකරුං සිකුරිට්ටං පුහ්' කියන මන්ත්‍රය අඩංගු තඹ පත්‍රය කෙසෙල්ගෙඩිය ඇතුලට යවල නිවසට නිරිත දිශාවෙන් වලදාන්න..... සතියක් යනවිට ඔබට සාර්තක ප්‍රතිපල ලබාගන්න පුළුවන්"

33 comments:

  1. කම්කරු ලිපියක් සිකුරිටි අදහසක් :D

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු [°•_•°]
      (නම ගැහුවෙ බොහොමමාරුවෙන්)

      Delete
    2. [°•_•°] {`^`…´^´} (~•`_´•~)

      මචෝ ඔය විදිහට ඊ මේල් ඇඩ්‍රස් එකක් හදන හැටි කියලා දෙනවද?

      Delete
  2. හඳහන් බලන්නන්ට කංකරුයි....

    ReplyDelete
  3. අපි සැමදා කංකරු හෙනං

    ReplyDelete
    Replies
    1. මාත් මෙයාගේ ලඟින්ම මගේ කමෙන්ට් එකත් මෙවුවා කරනවා. දැන් අන්ෆලෝ බට්න් එකකුත් ඇවිත් ශෝක්

      Delete
  4. හැබැයි සජියාට වඩා සුපිරි ආතල් දෙනවා අසිරියා.

    ReplyDelete
  5. අන්තිම මන්තරේ කම් මරැ.

    සජිත් කැබිනට් රැස්විමට යනකොට ඇහෙන කතා මැවිලා පේනවා

    ReplyDelete
    Replies
    1. මන්තරේ පෲෆ් බැලුවෙ නෑනෙ. අකුරක් වැරදිලා දැං හැදුව ඔන්න.

      Delete
  6. කාලෙකින් වල්ලපට්ට පෝස්ට් එකක් කියෙව්ව.
    සජිත් පොරොන්දම ගැලපෙන්නැත්නම් මගුල් කැඩෙනව තමා දික්තල සිකුරිටි කාලගෝල කම්කරුනෙ (හත් අවුරුද්දක් කම්කරු වැඩ කලාලුනෙ ).
    කම්කරු සයීස් ඒව සිකුරිටි කරගන්න කෙමක් ආසිරිය හදුන්වල දෙයි. දැනටත් දීලද දන්නෙ නෑ. පාන්ගෙඩියෙ මදේ අයින්කරල ෆෙන්ශුයි මන්තරේ කොලේක ලියල රෝල් කරල පාන්ගෙඩියට දාල පාන්ගෙඩිය ඩස්බින් එකට දාන ආසිරියට ඕක වැඩක්ද.

    ReplyDelete
  7. ඕනෑම කම්කරු ප්‍රමාණයේ එකක් සතියකින් සිකුරිටි කර දෙනු ලැබේ.

    අප කළ ගුරුකමක් වැරදුනේ නැත.

    හරි ගිය පසු ගාස්තු.

    N.K. සාමි, නුවර එළිය.

    ReplyDelete
    Replies
    1. නුවරඑළියෙ ගියාම කොයි සිකුරිටිත් කම්කරු වෙනව.

      Delete
    2. හීතලට එහෙම තමයි කම්මලේ. වයිෆ් ට ඕක කොහොම හරි විස්තර කරල දීපන්.

      Delete
  8. මේවගේ දේවලදී පින්තූර වලින් විස්තර සමඟ උපදෙස් පත්‍රිකාවක් මුද්‍රණය කළොත් හොඳයි. කට්ටිය ඕක වැරදි කෙසෙල් ගෙඩියේ ගැහුවොත් ! ඒක නිසා.

    ReplyDelete
  9. /////නංගී..... කම්කරු වුනාට අපිත් සිකුරිටි කොල්ලො තමයි හරිය...."/////
    නියමයි!!!!

    සජිත්ගේ ප්‍රසිද්ධ වේදිකාවේ සිකුරිටි ටෝක් දැන් කම්කරු වෙලාම ගියා.

    සිකුරිටිම සිකුරිට් කොල්ලෙකුයි, කම්කරුම කම්කරු කෙල්ලෙකුයි පෙම් සුව විඳිනවා වගේ.

    ReplyDelete
  10. අපිත් සිකුරිටි තමයි හරි.

    ReplyDelete
  11. 'ඕං ජුන්ඩං සයිසං කංකරුං සිකුරිට්ටං පුහ්' මන්ත්‍රයෙන් කටුකම්බියකට මතුරල කටුකම්බිය එස්ලෝන් බටයක් ඇතුලට දාල සජිතයට අහවල් තැනින් වළඳවල එස්ලෝන් බටේ අරන්දා ලා කටුකම්බිය කොනෙන් අල්ලලා අර මන්තරේ හත් පාරක් කියමින් කම්බිය කරකවන්න පුලුවන්නම් ප්‍රතිපල ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
  12. හා හා නියමයි නියම්යි

    ReplyDelete
  13. http://www.elakiri.com/forum/showthread.php?t=1767625
    උස්සන තැන කියන්න නැති හොරු ටිකක්

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ආණ්ඩු මාරු වුනාට සිස්ටම් එක එකයි. එකම ෆිල්ම් එකේ රීමේක්.

    ReplyDelete
  16. කම්කරු චීනයේ ජනගහනය වැඩි එක සිකියුරිටි බටහිර රට වලටත් හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් නේ.

    ReplyDelete
  17. ...අඩි සික්‍යුරිටි පාවහන් පැළඳි ඈ ගමන් කලේ අසීරුවෙනි...
    ...අපිට ඔය සික්‍යුරිටි-කම්කරු, කලු-සුදු බේද නෑනෙ. අපි කලා කාරයෝ...

    සික්‍යුරිටි ලියලා තියෙනවා වැරදි බව දැක්කෙ පස්සෙ

    ReplyDelete
  18. හැක්....බස් කොන්දොස්තර මාමිල කියයි... ඔය කම්කරු නංගි ළඟට වෙලා හිටගෙන ඉන්න සිකුරුටි මල්ලි ඔතනින් ඉස්සරහට යන්න කියල

    ReplyDelete
  19. මටනම් හිනායන්නේ, සජිත් ගොයියා, උන්නැහේගේ පියාණන් අනුකරණය කරමින් කතාකරන, විකට විලාශයටයි.

    ReplyDelete
  20. මේ ෆෙන් ෂුයි ගැන අන්තිම ඡේදන නම් පට්ටයි

    ReplyDelete
  21. ඕව පබ්ලිෂ් කරන්න එපා ඕයි

    ReplyDelete
  22. Mamanam gange panninawa wathura beela merenawa

    Numba nadan numba nadan numbata owa hoda padam...!

    ReplyDelete