නිවාඩු දවසෙ දවල් කෑමෙන් පස්සෙ පොඩ්ඩක් නිදාගන්න කලින් ෆෝන් එක අතට අරගෙන බුකිගත වෙලා ඉන්නකොට පුතා ආව. ටික වෙලාවක ඉඳල පුතා, අල්ලපු ගෙදර යාලුව එක්ක සෙල්ලම් කරමින් හිටියෙ.
“තාත්තේ කැවුං මඩුවෙ ගින්දර තියනව... වතුර ටිකක් දාන්න“
පුතාගෙ කතාව ඇත්ත වෙන්න පුළුවන්, අම්ම දවල් කැවුම් වගයක් හදනව දැක්ක ගේ ලඟ තියන පොඩි ගේ කෑල්ලෙ. ඉතිං ගින්දර ඉතිරි වෙලා තියෙන්න පුළුවන්.
“හරි හරි... පුතාල ඒ පැත්තට යන්න එපා... මම වතුර ටිකක් දාන්නං...“
******************************************************
පොරොන්දු වුනාට ෆෝන් එකේ එල්ලිලා හිටිය මට ගින්දර ගැන අමතක වෙලාම ගියා.
“තාත්තේ... අන්න කැවුං මඩුව ගිනිගන්නව...“
පුතාගෙ කටහඬ ඇහුන...
“ඒ කොහොමද?“
“අපි අඟුරු ටිකට පිදුරුයි වේලිච්ච තණකොල ටිකකුයි දැම්ම....“
“ඒ මොකටද? මම කිව්වනේ ඔයාලට ඒ පැත්තට යන්න එපා කියල...“
“ඉතිං ඊට ඉස්සෙල්ල මම තාත්තට කිව්වනේ වතුර දාන්න කියල.... තාත්ත වතුර දැම්මද? නෑනෙ! ඉතිං අපි ගිනි තිව්ව එතකොටවත් ඒවි කියල... දැං දුවල එයි වතුරත් අරගෙන.... හි හි හි....“
කොල්ලයි යාලුවයි පැනල දුවද්දි තමයි ගින්න නිවන්න කල්පනාවට ආවෙ.... මඩුවෙ බාගයක් විතර පිච්චිලා.... ගින්න වහල දක්වා පැතිරිලා....
“මෙන්න මඩුව ගිනිගන්නවා.... ඉක්මනට යං නිවන්න.....“ මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුව...
“මොකද මේ මහ දවල් හීනෙං බෙරිහන් දෙන්නෙ?“ හාමිනේගෙ සද්දෙට තමයි ඇහැරුනේ!
හාමිනේට උත්තර දෙන්න සුනංගු නොවී මම ගියා මඩුව ලඟට... කැවුම් පුච්චපු ලිපට වතුර දාල... ගින්න නිවල තිබුන... පුතා යාලුව එක්ක ආව...
“තාත්ත ආවෙ නෑනෙ... අපි මල් තෙමන බටේ අරගෙන ලිපට වතුර දැම්ම...“
“මොකද්ද දැං වුනේ? ඇයි ඔයා හීනෙං බයවෙලා මඩුවට ආවෙ?“ හාමිනේ ඇහුව.
“ආචාර්ය මහාචාර්යලාට වැඩිය ළමයින්ට තේරෙනව ඒ නිසා අවුලක් නෑ!“
Monday, April 3, 2017
කැවුම් මඩුවෙ ගින්න
Subscribe to:
Post Comments (Atom)
මාස ගානකින් කියෙව්වා නිසා වෙන්ටැති මට කරෝකල අතෑරියා වගේ.. හැක්..
ReplyDeleteකොහොමත් එහෙමනෙ!
Deleteහැක්
Delete+++++
ReplyDeleteමගේ නම් අදහස පොර ඒ ප්‍රකාශය කළේ ගෝටාගමනයේ ඇති භයානකත්වය ගැන කතිකාවක් ඇති කිරීමට කියා යි.
ReplyDeleteමතකද, ජේවීපීකාරයින් මරා දිනවන්නට ගෙනා අලි-කොටි ගිවිසුම් උප්පරවැට්ටිය?
ඒකම රතු-අලි නමින් පසුව ආවාට ඒ කම්බිනේෂන් එකේ විභවයක් නෑ.
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅලි කොටි ගිවිසුමක් තිබුණා, ඒක මේ ප්‍රභා එක පැත්තකින් අත්සන් කරපු, අනිත් පැත්තෙන් රනිල් අත්සන් කරපු සටන් විරාම ගිවිසුම වගේ නිල එකක් නෙවෙයි. නිල නොවන මට්ටමින් ෆෙඩරල් දෙන්න යුඇම්පිය සහ කොටි අතර, බාලසිංහම් තමිල් සෙල්වම්, නඩේසන් වැනි චරිත හරහා ඇතිකරගත් එකඟතාවයක්, හැබැයි ප්‍රභා විරුද්ධයි. මේ හරහා උතුරේ ඡන්ද යුඇම්පියට ලබා ගැනීම තමයි අරමුණ. දැන් මිනිස්සුන්ට ඒවා අමතකයි. 2005 මහින්ද ආවෙ නැත්නම් රට කොටියාට යාම නියතයි. ඒ වගේම 2015, මහින්ද පැරැද්දුවෙ නැත්නම් , මහින්ද මේ රට විනාශ කරනවා. ඔය කැපුවත් කොල, නිල්, රතු වගේ ගොබිලයන්ට මෙව්වා තේරෙන්නෙ නෑ. හැබැයි 2020 රට ගෝඨාට ගියොත්, මෙතෙක් පහල වෙච්ච ජේආර්, ප්‍රේමදාස, මහින්දට වඩා දරුණු මිනීමරු ඒකාධිපතියෙකුට රට අයිති වෙනවා.
Deleteමරු...!!
ReplyDeleteහීනෙන්ම මේක කියවලා දැම්මා
ReplyDeletehmm
ReplyDeleteඉදිරියේ එන 2020 ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත් වේවිද නැද්ද කියන්න දැම්ම කල් වැඩියි.හැබැයි ගෝඨා ආවොත් ෆොන්සේකා 2010 ගත්තට වඩා වැඩියෙන් ජන්ද ගන්න එක නම් ෂුවර්.ඒ නිසා මම නම් දැම්ම තීරණය කරලා තියෙන්නේ ගෝඨාට විරුද්දව ජන්දේ දෙන්න.
ReplyDeleteමනෝගෙ ඡන්දෙන් තමයි ගෝතයා පරදින්නෙ.
Deleteඅයිසෙ රොබර්ට්
Deleteවර්ෂ 2020 ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් හා ගෝඨාබය ආරක්ෂක ලේකම් කාලයේ රජයේ ආරක්ෂක අංශ විසින් කල අපරාධ වලට පරීක්ෂණ පවත්වා ඔහුව ඊට වැරදිකරු වශයෙන් පටලවා නීතිමය වශයෙන් දඩුවම් නොකළොත්, (ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි නොකළොත්) ඔහු එම තනතුරට ඉදිරිපත්වීමම පමණක් නොව ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත් වීමද නොවැළැක්විය හැක්කකි.
දැනට පහළ මට්ටමේ කැපුවත් කොළ එජාප පාක්ෂිකයන්ට පවා එපා වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ, නිදහස් පක්ෂයේ 90%කට එපාවී ඇති මෛත්‍රීපාල මහතාට හෝ පිරිහී සිටින චම්පික රණවක ආදීන්ට ඔහුට අභියෝග කිරීමට තබා සිතීමටද නොහැකිය. ඉදිරියේ මරාටත් වඩා මිලිටේරිකරණය උග්රවූ භයානක පාලනයක පෙරනිමිති පහල වී තිබේ. අහෝ අප දැනුදු ප්‍රමාදය. විකල්පය කොහිද?
Gota is a good contract administrator. He knows how to plan and execute any project whether it is war or development. But who is this monkey to talk about Gota? This person has not done anything to the country except his verbal diarrhea.
DeleteRead the constitution. If it is not amended Gota is not eligible as he is a dual citizen
Deleteඇවන්ට්ගාඩ් වලින් නැව් වලට ආයුධ සැපයීම නාවික හමුදාවට ගත්ත එකේ දෙවෙන බිල්ල, ඩුබායි වල සිට යාත්‍රා කල ඉන්දියානු නැවක් සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගෙන. මේකද යහපාලනේ?
ReplyDeleteකෝ අප්පා අර කබීර් හෂීම්. මිනිහනේ කිව්වේ මහින්දගේ කාලේ මේක කුඩු රටක් කියල. දැන් මොකද කියන්නේ . දැන් මේක කුඩු රටක් විතරක් නෙවෙයි , බැංකු හොරු ඉන්න රටක්, පොලිසියයි , ඇටෝනි කාරය යි නහුතෙටම නිතිය නමන රටක් . පාතාල කාරයෝ රජ කරන රටක් , දේශපාලුවෝ පිස්සුම කෙලින රටක් , කයිවාරු පොර ටෝක් රජකරන රටක්, ගුවන් තොටුපොළවල වී ගබඩා කරපු මීහරක් ඇමතිවරු ඉන්න රටක් , එදා මාගම්පුර වරාය වැඩක් නැහැ අපරාධයක් කියල අද තලු මර මර අද එකේම හොඳ කියල විකුනන්න වෙර දරන ඇමති ගොබිලෝ ඉන්න රටක් , ජනතාවට චන්ද නොදී ප්රජාතන්ත්ර වාදය මරණ රටක් . තව කොච්චර නම් කියන්න තියෙනවද. අද හොඳක් සැනසිල්ලක් කියල මේ රට ගැන මොනවද කියන්න ඇත්තේ ?
Deleteඉයන් ඔබ දන්නවාද 1977-1993 කාලයේ එජාප පාලන සමයේදී දකුණේ මාධ්‍ය බොහෝ දුරට රාජ්‍ය ඒකාධිකාරයක්. ඒ කාලයේ පෞද්ගලික ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකා තිබුණේ නැහැ. රජයේ නොවන ජාතික පුවත්පත් කිහිපයක් තිබුණත් ඒවායේ තනිකරම තිබුණේ ඒකපාර්ශ්වික මතවාදයක්. ඇත්ත වැනි බොහෝ පුවත්පත් වල "බලධාරියා විසින් කපා හරින ලදී" සහිත හිස් පිටු හා තීරු (බල්ලො කාපු) ඒ කාලයේ සාමාන්‍ය දෙයක්. මෙය අන්ත දූෂිත අශීලාචාර රාජපක්ෂ යුගයේ (බිය නිසා පනවාගත්) ස්වයං වාරණය වැන්නක් නොවෙයි ඊටත් වඩා දැඩි ලෙස බරපතල සෘජු වාරණයක්.
Deleteමේ තත්ත්වය වෙනස් කිරීමට මුල් වුණේ 1985 පමණ මාසික සඟරාවක් ලෙස පටන්ගත් රාවයයි. මේ සිද්ධියේදී මාසික සඟරාවක ප්රවෘත්තිමය වටිනාකමක් තිබුණේ නැහැ. අප විකල්ප පුවත් ගැන දැනගත් ප්‍රධාන මාධ්‍යයන් වුණේ බීබීසී ගුවන් විදුලියේ සංදේශය සිංහල විකාශය හා ප්ලොට් සංවිධානයේ සිංහල කෙටි තරංග විකාශයයි. බීබීසී ප්රවෘත්ති ගියේ රෑ නවයයි විසිපහට වගෙයි මතක. ප්ලොට් එකේ සිංහල අඩපැය හවස හතරහමාරේ සිට පමණ විකාශනය කෙරුණා. මේ ගුවන් විදුලි තරංග වලට එවකට පැවති මිනීමරු එක්සත් ජාතික පක්ෂ රජය විසින් බාධා කළ නිසා තරංගය මාරු කරමිනුයි බොහෝ විට අහන්න වුණේ. ඔබ එකල සිටියේ විදේශයකද?
ඇනෝ කියපුවා ඔක්කොම ඇත්ත ඒකාලෙ හිටපු අයට මතක ඇතිනෙ.
Deleteඉයන් ශ්‍රී ලංකාවේ මෑතකදී විශාල වශයෙන් සිනි කන්ට්රෙනර් තුල පැමිණි මත්ද්‍රව්‍ය අල්ලා ගත් බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන ලදි, එමෙන්ම රටේ රාජ්‍ය නායකයා වු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පලමු වරට මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කල ස්ථානයක් වූ කොළඹ වරාය පරිශ්‍රයට ගොස් ශ්‍රීලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීම මුදල් අමාත්‍ය රවි කරුනානායක සමඟ නිරීක්ෂණය කලේය.
Deleteඑහෙත් මේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගෙනා පුද්ගලයා ඇතුළු පිරිස මේ වනවිට නිදහස් කිරීමට පොලිසියේ ඉහළම පාර්ශවයන් ක්‍රියාත්මක වී ඇති බැව් එක්තරා වෙබ් අඩවියක් වාර්තා කොට ඇත. ඔබ දන්නවාද?
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල වාර්ෂික වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පරිභෝජනය ශ්‍රිඝ්‍රයෙන් ඉහළ යන බවද ඔහුන්ගේ නවතම වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දි ඇත.
ඇනෝ කියපුවා ඔක්කොම ඇත්ත.
Deleteස්වප්නයක්මද බං
ReplyDeleteඅප්පා හැරෙද්දි කොල්ලා වැඩේ කරල !
ReplyDeleteඅන්න දරුවො !!
නින්දෙන් නැගිට්ට ගමන් වගේ මමත් ඉන්නේ...
ReplyDeleteආයේ පාරක් නින්දෙන් නැගිට්ටා වගේ වුණා...
අදනෙ මං මේ පැත්තට ආවෙ. මට කොච්චරක් නම් බ්ලොග් මිස් වෙලාද අප්පා...
ReplyDeleteහප්පට සිරි, රාජ් දැම්මම කැවුනුත් හදල ඉවරද?
ReplyDeleteඅනාගත සිහිනයක්
ReplyDeleteහැංගිච්ච අර්ථය පැත්තක තිබ්බොත්.. ඔය සින් එක මටත් පට්ටෙට වෙනවා.. නින්දේ ගිහින් පණිවුඩේ හීනෙකින් කන්ටිනියු වෙන එක..
ReplyDeleteහැංගිච්ච අර්ථය ගැන කතා කරන්නවත් කැමති නෑ.. :/
අහා අවුරුද්දට වැඩ අල්ලලා වගේ. හැංගිච්ච අර්ථයක් නම් මටනම් තේරුනේ නැද්ද මන්දා
ReplyDelete
ReplyDelete- ජය බෝලී නාත් -