Saturday, December 24, 2016

ආගංගොඩ? කොහේද යකෝ ඒ?

ආගංගොඩ තියෙන්නෙ කොහේද?
“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

ඇයි මේකට ආගංගොඩ කියන්නෙ?
මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.
හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ?

කවුද ආගංගොඩ ඉන්නෙ?
එක්කෙනෙක් තමයි සිරිසේන මහත්තය. ඒ කියන්නෙ ගමේ ග්‍රාමසේවක මහත්තය. හැබැයි එයා රස්සාවෙන් අස්වුනා. ගමේ යූ ඇම් පී කාරයින්ගෙන් කරදර නිසා.

ඊට පස්සෙ?
ඊට පස්සෙ සිරිසේන මහත්තය පොතක් ලියන්න පටන් ගත්ත.

තව කවුද ගමේ ඉන්නෙ?
සමන්තභද්‍ර රහතන් වහන්සේ, එතකොට...

ඇහ්? සමන්තභද්‍ර රහතන් වහන්සේ?
නැතුව නැතුව. මෙන්න බලන්න....
"සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ අරහත් භාවය ලබා ගත්තෙ කොළඹ හිල්ටන් හෝටලයෙදි. අර එක තට්ටුවක් අඩු හෝටලේ කියන්නෙ. ඔව්, ඒකෙදි තමයි."
"ඒ එක්කම පින්වතුනි ඔය ඇත්තන් සිහියේ තබා ගත යුතුයි සමන්තබද්‍ර වහන්සේද අරහත් භාවය ලබා ගන්නේ ඉතාම දුෂ්කර ක්‍රියා කලාපයකින් පසුව බව. කොටින්ම ඔය සම්පූර්ණ කාලය මුලුල්ලේම තන්හා රතී රාගා මර දෙවඟනන් තිදෙනාම සමන්තබද්‍ර වහන්සේගේ සයනය මත උන් වහන්සේගෙ වෑයම අඩපණ කරන මෙහෙයුමක යෙදී සිටියා පින්වතුනි. සමන්තබද්‍ර වහන්සේ අරහත් භාවය ලබා ගන්නේ ඒ මර දුවරුන් සමඟ කළ මාර පරාජයෙන් පසුවයි"

තව?
තව ඉන්නව බ්‍රදර් බර්නාඩ්, මුස්ලිං කෙල්ලයි දෙමළ කොල්ලයි හෙළ බොදු යුක්තිය සංවිධානෙ....

ටහිකෙන ගමක්නෙ යකෝ මේක! කොහේද මේ ගම තියෙන්නෙ?
තියෙන්නෙ ආගංගොඩයගෙ ඔලුවෙ! ඔලුවෙ තියන දේ බ්ලොග් එකට එනව.

එහෙනං ඉතිං පිලිවෙලකට කියවන්න බැරියැ!
එහෙමත් බෑ ඉතිං.... ඒ යකා ටයිං ෆ්‍රේම් මාරු කරනව කිසි කිසි ගාල.... මතකනෙ අර සමනල විප්ලවේ.... පිස්සු හදාගන්නෙ නැතිව කියවන්න එහෙනං.... මෙන්න තැන!

16 comments:

  1. මේ රාජ් උන්නැහේ, ඇත්ත කියනවා. තමුසේ නේද අර රවිරාජ්ව මැරුවේ. රාජ්ට ඉහලින් ඉන්න රවිරාජ් කවුද යකෝ කියලා, තමුසේ නේවි කාරයෝ, ආමි කාරයෝ, කට්ටියක් අල්ලාගෙන, අර බලගතු ලේකම් උන්නැහෙවත් බය කරගෙන, කරුණා අම්මාන්ට චූ යන්න ටොක්කක් ඇනලා, ආමි එක ඒ මිනිහට දුන්න T 56 තුවක්කු අරගෙන, වැඩේ දුන්නා නේද? යන්තම් අර අහිංසක සැකකරුවන් ටික නිදහස් වෙලා ඊයේ රෑ 12.00 ට.

    ReplyDelete
    Replies
    1. 'ලංකාදීප-රවිරාජ් ඝාතන සැකකරුවෝ නිදහස්

      විශේෂ ජූරිය තීරණය කරයි : නඩු විභාගය මැදියම් රැය වනතුරු

      හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා කොළඹ දී වෙඩි තබා මරා දැමීමේ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන ලෙස විශේෂ ජූරි සභාව සිකුරාදා (23) මධ්‍යම රාත්‍රී තීරණය කළේය.

      නාවික හමුදාවේ තිදෙනකු ඇතුළු පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී පැවැති නඩු විභාගය විශේෂ ජූරි සභාවක් විභාග කරන ලෙස විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීම අනුව එය ජූරි සභාවක් ඉදිරියේ පැවැත්විණි. '

      මට මේ නිවුස් එක දැක්ක ගමන් මතක් උනේ 1957 තිරගත වූ '12 angry men' කියන ලොව ප්‍රකට චිත්‍රපටය. මේක බලල තියෙන අයට රවිරාජ් ඝාතන නඩුවේ ජුරි සභාව ගත්තු තීරණය ගැන හොද අදහසක් එයි. විචාරක මහතා බලලා ඇතිනේ එම චිත්‍රපටය. IMDB වාර්තාව අනුව ලෝකේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම චිත්‍රපට පහෙන් එකක්.

      Delete
    2. යකෝ රෑ දොලහ වෙනකල් නඩු අහල!

      Delete
  2. ආගංගොඩ කියවලා පිස්සු හැදිලා බං ඉන්නේ. මාර පොරක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්. අර සමනල විප්ලවය වගේ තමයි

      Delete
  3. මේක කියවලා හීනා ගිය පාර කෙල ඉස්මොල්ලේ ගිහිං මාර අමරු උනා ඔයි. අනුන්ගේ බ්ලොග් හදුන්වලා දෙන්න කලින් මේකට හිට්ස් ටිකක් ගෙන්න බලහං බං රාජ්. උබට වඩා ඌට හිට්ස් වදිනවා මං හිතන්නේ. පුළුවන් නං ඒකට ගිහිං මේකේ ලින්ක් එක දාපන්, මේකට හිට්ස් ගෙන්න ගන්න. මාතේ එලෙව්වනේ රාජ්ව සින්ඩියෙන්.

    ReplyDelete
  4. ටහිකෙනව නේන්නං .. පට්ට ..

    ReplyDelete
  5. සමන්තභද්‍ර ආගංගොඩ හරහා ඉර්දියෙන් වැඩිල්ලක් වඩින ගමන් ක්‍රෑෂ් ලෑන්ඩ් කරනවා මිසක් ආගංගොඩ එකෙකු නොවෙයි නේද?

    ReplyDelete
  6. අන්ජනන් දේවි දැන් අංජනමෙන් හිට්ස් බලන වැඩෙත් පටන් අරගෙනද? බිස්නස් ජයයි වගේ.

    ReplyDelete
  7. මම බ්ලොග් එකේ ඉන්ට්‍රො එකක් දෙන්න හිතුවේ - වෙලාවට උඹ ඒක කරලා - ගුඩ් ගඩ්

    ReplyDelete
  8. ආගංගොඩ එල්ලගන්නගමන්ම රාජ්වත් එල්ලගත්ත ඕං,

    ReplyDelete
  9. අපිවත් අංගොඩ ගෙනගියාට බොහෝම පිං

    ReplyDelete
  10. සමනළ විප්ලවය ලියූ ලේඛකයා සහ ආගංගොඩ ලියන මහත්තයා එකෙකු නොව දෙදෙනෙකු යැයි සිතමි.

    ReplyDelete