Monday, July 4, 2011

ආ.. පිසික්ස් නේ...

දවස් තුනකට පස්සෙ අද තමයි ජාලෙ පැත්තෙ ආවෙ. බ්ලොගේට ආපු/ කොමෙන්ටු දාපු අයට ස්තුතියි. මේක පටන්ගත්ත දවසේ ඉදලා ලියන්න හිතාගෙන හිටිය දේවල් වලින් එකම එක පෝස්ට් එකයි දැම්මෙ. අනෙක් ඒවා ඔක්කොම වගේ විහිළු කතා තමයි. ඒත් වැඩිපුරම කස්ටිය කැමතිත් විහිළු කතා වලට වගේ. stat බැලුවම තේරෙන්නෙ එහෙම.
අවුරුදු 5කට විතර පස්සෙ මහා ක්‍රිකට් ගැටුමකට සම්බන්ධ වෙලා ඇග නිකන් ගුටිකාපු ගානයි.
හරි මෙන්න අද කතාව.
මේක මට කිවුවෙ මගේ යාලුවෙක් 100% ඇත්ත කතාවක්.
ඔය කියන මගේ යාලුවා පොලොන්නරුව පැත්තෙ ඉස්කොලෙක තමයි ඉගනගත්තෙ. ඒ දවස්වල ඕ ලෙවෙල් පාස් වෙලා ඒ ලෙවෙල් පංතියට ගිය අලුත. ආ..අමතක වුනා Maths වලින් තමයි ඒ ලෙවෙල් කරන්න ගත්තෙ. ඒ ලෙවෙල් පටන්ගන්න කාලෙ ඔය සබ්ජෙට් වලට කියන ඉංගිරිසි වචන හැමෝටම බෑනෙ. මටත් එහෙමයි. Pure Maths,Applied maths,..බ්ලා, බ්ලා, බ්ලා...
හරි ආයෙත් කතාවට එමුකෝ,
එක දවසක් මගේ යාලුවා පන්තියෙ අනෙත් සෙට් එකත් එක්ක. පන්තියෙ ගුරුවරයෙක් නෑ. මේවගේ පන්ති වලින් අර මූද ගොඩ ගලනකොට වගේ සද්දයක් එන්නෙ, අහලා ඇතිනේ....:D
කොහොම හරි ඔය සද්දෙට ප්‍රින්සිපල් ආවා. ඊටපස්සෙ සංවාදෙ මෙහෙමයි.
ප්‍රින්සිපල්: (තේජාන්විතව) ළමායි, මොකද සද්දෙ? මොනවද දැන් තියෙන්නෙ?
එක ළමයෙක්: සර් දැන් තියෙන්නෙ රසායන විද්‍යාව.
ප්‍රින්සිපල්: (තේජාන්විතව හිස සිරස්ව වනමින්) ආ.. පිසික්ස් නේ...

1 comment:

  1. හාපොයි. :D :D හික් හික්. පව් අප්පා, අහිංසකයා.

    ReplyDelete