Monday, July 25, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!

දවස් දෙකකට පස්සෙයි ජාලෙට ආවෙ. වීකෙන්ඩ් එකේ ඔපීසිය වහපු නිසා සිකුරාදා හවස දාපු පෝස්ට් එකේ කොමෙනුටු වලට වත් උත්තර බදින්න වුනේ නෑ. තරහ වෙන්න එපා බ්ලොගේට ආපු හැමෝටම ස්තුතියි.
කියන්න යන සිද්ධිය මේකයි.100%ම ඇත්ත.
ඔයාලට මතක ඇති මම ලයිසන් කිරිල්ල ගැන දාපු පෝස්ට් එක.බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.ගොඩක් දෙනෙක් ඒක බලලා තිබුනා.
මම ඔය පෝස්ට් එක දාපු දවසෙම මගේ යාලුවෙක් කෝල් එකක් දීලා ලයිසන් කිරිල්ල ගැන මොනවද ප්‍රශ්න වලයක් ඇහුවා.මම ඒවට උත්තර දීලා අන්තිමට කිවුවා,
මම: වැඩිදුරටත් ඕක ගැන විස්තර දාලා තියනවා මගේ වෙබ් සයිට් එකේ. ඒක බලපන්.
යාලුවා: හිකි හිකි හිකි...
ඒ කතාබහ එතනින් ඉවර වුනා.(යාලුවා ඉන්නෙ අම්බලන්ගොඩ නිතර ජාලෙ ඉන්න එකෙක් කියලත් මතක තියාගන්න)
පහුගිය සිකුරාදා උදේම මට මේ කියන යාලුවා කෝල් එකක් දෙනවා.
යාලුවා: මචෝ.. මම කාරෙක ලයිසන් කරන්න කොළඹ යන ගමන්, මේ..ඒකට ඕනවෙන්නෙ මොනවද?
මම: පොතයි, පරණ ලයිසන් එකයි, දුං සහතිකෙයි,ඉන්සූරන්ස් එකයිනෙ.
යාලුවා: හුටා! මචං ඉන්සුරන්ස් එක දාලානෙ ආවෙ!
මම: උඹ බස් එකේද යන්නෙ?
යාලුවා: නෑ බං මම රුහුණු කුමාරි එකේ යන්නෙ, එහෙනං මම අලුත්ගම බහිනවා!
මම: ඕකනෙ බං මම උඹට කිවුවෙ මගෙ වෙබ්සයිට් එක බලපන් කියලා..හිකි හිකි හිකි...!
උපදේශය:- වැදගත් පුද්ගලයෙකුගේ උපදේශයකට කිසිදා සිනහ නොවිය යුතුය..:D

7 comments:

  1. ඔකටනම් මෙහෙම දෙයක් කියන්න පුලුවන් "කිවුවම නාහන ගුරු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි"

    ReplyDelete
  2. @වේලාව ලගයි
    අන්න වර්ඩ් එක ආවෙ දැන්.

    ReplyDelete
  3. හිකි හිකි.. කතා කරල වැඩක් නෑ අයියා. නොකිය ඉන්න එක ඊට වඩා හොදයි

    ReplyDelete
  4. @යසයා
    හැබැයි මලේ අරූ ඕක බලපු වෙලාවට මගේ රෙදි ගලවයිද දන්නෑ..

    ReplyDelete
  5. :D වැදගත් උපදේශයක්, වැදගත් උපදේශයක්!

    ReplyDelete
  6. @නලිනි චන්දිමා
    කීවා නාහන එවුන්නෙ!

    ReplyDelete
  7. ඔහොම වෙන්නත් ඕන හැදෙන්න ........

    ReplyDelete