Tuesday, August 9, 2011

විවාහයේ පළමු සමාසිකය.

දවස් කීපයකින් මේපැත්තෙ එන්න ලැබුනෙත් නෑ. දාන්න හිතාගෙන හිටිය පෝස්ට් එක නෙවේ අද දාන්න යන්නෙ වෙන එකක්. මෙකක්ද දන්නවාද.....
මගේ විවාහයට හරියටම අදට මාස හයයි. මගේ කියන්නෙ මගෙයි මගේ නෝනාගෙයි.
අපේ විවාහය සිද්ධ වුනේ 2011 පෙබරවාරි 9 වෙනිදා. ඒත් ඉතින් ලංකාවෙ පහල කොනේ රස්සාව කරන මටයි අගනුවර රස්සාව කරන නෝනටයි මාසෙකට තියෙන්නෙ දවස් දහයක විතර කාලයක්.(හතුරෙකුටවත් මේවන් දුක් වෙන්න එපා:)
නෝනා ගැන කියනවනං එයා නයිටිංගේල් පරම්පරාවෙ එක්කෙනෙක්. මට වඩා අවුරුදු දෙකක් බාලයි.(මගේ වයස 31(කිවුවද මන්ද)). මම බ්ලොග් එකක් පටන්ගත්තා කිව්වම මගේ නෝනා ඇහැව්වෙ
"ඔයා මම ගැනත් ලිව්වද?" කියලා.(බ්ලොග් කියන්නෙ මොකක්ද කියලා එයා දැනගෙනහිටියෙ නෑ).
නෝනා ගැන කිපු හින්දා අද එයා සම්බන්ධ පුංචි කතාවක් කියන්නම්.
මේක සිද්ධ වුනේ මීට පැය දෙකකට කලින්. මම කොලඹ ඉන්න කාලෙ කරපු ‍කොම්පීතර කෝස් එකක සැටිපිකට් එකක් ඊයෙ ඔපීසියට තැපෑලෙන් ආවා. මම ඒකත් අරගෙන ගෙදර ගිහිල්ලා මගේ සහතික තියන ෆයිල් එකට දානකොට නෝනා ඒ ෆයිල් එක අරගෙන මගේ ඩීටේල් සැටිපිකේට් එකක් බලනවා..
නෝනා: ආපෝ..ඔයාට E එකකුත් තියනවා...ආ..මෙන්න "ඒ නෙගටිව්" එකකුත් තියනවා.
(ඒ මයිනස් එකට ඒ නෙගටිව් කියවුනේ එයා කරන වෘත්තීයත් එක්ක තියන සම්බන්ධෙ නිසා)
එහෙනං කතා ඉවරයි. ඕං පළවෙනි සැරේට බ්ලොග් එකෙන් මම නෝනාට කියනවා;
"සුදූ, මම ඔයාට ගොඩාක් ආදරෙයි"
හරි ඔයාලා කේක් කෑවානේ...එහෙනම් මම අද දවසම නෝනත් එක්ක ඉන්නවා. ඕං අපි දොර වහගත්තා.

20 comments:

  1. බොහොම ස්තුතියි බුවා.

    ReplyDelete
  2. එළ එළ.. මගෙනුත් සුභ පැතුම් රාජ්!!!

    ReplyDelete
  3. තැන්කූ තැන්කූ...

    ReplyDelete
  4. හාටියස් කොන්ග්‍රැට්ස්...!!! දැන් තමයි හොඳම හරිය...

    ReplyDelete
  5. //දැන් තමයි හොඳම හරිය..//
    උඹ මක්කෑ මේ කියන්නේ..:)

    ReplyDelete
  6. එලම තම ඔන්න මගෙනුත් සුභ පැතුම් !! පරක්කු වුනේ දැන් ආයිත් නිවාඩුව ඉවර නිසයි, හවසට තමයි කියවන්න වෙන්නේ..

    ReplyDelete
  7. සුභ පැතුම් රාජ් අය්යා

    ReplyDelete
  8. ඔන්න එහෙනම් දෙන්නටම මගේ සුබ පැතුම් !!!!
    ඒ මයිනස් වලට ඒ නෙගටිවු කියපු කතාව නම් පට්ට !!!!

    ReplyDelete
  9. වාසනාවත් අනාගතයකට සුභ පැතුම්!

    ReplyDelete
  10. සුභ පැතුම් සහෝදරයා.............
    (බ්ලොග් එකේ වැඩිය කාලේ නාස්ති කරන්න එපා)

    ReplyDelete
  11. සුභපැතුම් අයියේ

    ReplyDelete
  12. එල එල.....අපෙනුත් සුබ මෙව්වා එකක්...!!

    ReplyDelete
  13. ඕන් ඕන් මගෙනුත් සුබ පැතුම්...
    ඔය දොරවල් වහගෙන හිටියට පිරිසිදු හුලං පොදක් හරි වදින්න ජනේලයක් හරි ඇරගෙන ඉන්න... :D

    ReplyDelete
  14. මේන් සුභපැතුම්!!! :)

    ReplyDelete
  15. සුභ පැතුම් අයියේ.. :)

    ReplyDelete
  16. @all
    සුභපැතූ හැමෝටම ස්තුතියි.ඉදිරියටත් මාත් එක්ක ඉන්න.

    ReplyDelete
  17. පරක්කු උනත් මගෙනුත් සුබ පැතුම් .....

    ආ..මෙන්න "ඒ නෙගටිව්" එකකුත් තියනවා.

    මේකත් ඉතිං තේරුම වැරදි නැහැනෙ ..... (හිහ් .. හිහ් ...)

    ReplyDelete
  18. මම මේක මගේ බ්ලොග් රෝල් එකට ඇඩ් කරලා තිබුනෙ නැහැ, ඔන්න අද දැම්මා ........

    ReplyDelete