Friday, August 26, 2011

ගල් කේස් (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.)

අද කියන්න යන්නෙ ඊයෙ පෙරේදා දවසක වෙච්ච සිද්ධියක්.
ස්ථානය: අපේ ඔෆීසිය.
පාත්‍ර වර්ගයා:රවී, නාලනී මිස්, තිලක මිස්, ප්‍රගීත්(මෙයා කාලයක් තිස්සෙ මුත්‍රාශයේ හැදෙන ගල් නිසා පීඩා වින්ද කෙනෙක් ලගදි මේ අයියට හොදටම අමාරුවෙලා කරාපිටියෙ ඉස්පිරිතාලෙට ඇතුල් කලා.)
එපිසෝඩ් වන්.
වේලාව: උදේ 10.00ට විතර;
නාලනී මිස්: රවී මල්ලී, ප්‍රගීත් හොස්පිට්ල් ඇඩ්මිට් කරලලු නේද? දැන් කොහොමද දන්නෑ?
රවී : ආ..මටත් බලන්න යන්න බැරිවුනා, අද හවස තමයි යන්නෙ, ප්‍රගීත්ගෙ වයිෆ් කිවුවා ඔපරේෂන් කරනවා කියලා.
තිලකමිස් : ඇයි රවී, ප්‍රගීත්ට මොනව වෙලාද?
රවී : ගල් කේස් එක තමයි.(පිටව යයි)
එපිසෝඩ් ටූ.
වෙලාව: හවස 2.00
නාලනී මිස්: රවී තිලකා මිස් මාර කතාවක් කිව්වනේ.
රවී : මොකද්ද?
නාලනී මිස්: උදේ ඔයා කිවුවනේ ප්‍රගීත් ගල් කේස් එකක් නිසා හොස්පිට්ල් ඇඩ්මිට් කලා කියලා. ඒක අහගෙන ඉදපු තිලකා මිස් මගෙන් අහනවා "ප්‍රගීත් මහත්තයා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවනේ. එයා ඒවගේ කෙනෙක්ද? අනිත් එක ඕය ගල්කේස් තියනවයි කියන්නෙ පන්සල් වලනේ"
(නම් මනඃකල්පිතයි)
තරයේ අවවාදයයි: හොරාට කලිං කෙහෙල් කැනට වැට පැණීමට ඉඩ නොදිය යුතුයි.
කොහොමද හිනා ගියාද?

23 comments:

  1. ඒ කියන්නෙ? තේරුනේ නෑනේ?

    ReplyDelete
  2. නදී,
    අනේ මංදා නගාට මේවා කියලත් බෑ නොකියත් බෑ. බලමු වෙන කාව හරි තේරුම්ගනීද කියලා. කොල්ලොන්ට නං අල් කලාම මෙව්ව තේරෙනවා.

    ReplyDelete
  3. නලිනි මිස්වනම් එක්කන් යන්න එපා ලෙඩා බලන්න හොදේ. ලෙඩාගෙන් මොනා අහවිද දන්නෙ නෑ...

    ReplyDelete
  4. @ නදී
    තේරෙක බාසාවකින් කිව්වොත් ගේ කුරුලු කතාවක්...

    ReplyDelete
  5. Gimhani
    ඒක ඇත්ත. කාලෙකින් මේ පැත්තෙ.
    තීර්ථ යාත්‍රිකයා
    මට ඒකවත් මතක් වුනේ නෑනෙ.දැංවත් තේරුංයන්නෙ නැතෑ.ඒත් බැරිනං සොරි.බොහොම ස්තුතියි උදව්වට.
    ලෙඩා හොදවෙලා ආවම කියපු කතා කියන්න බෑ. කොච්චර උනත් සින්ඩිවල එල්ලිලා ඉන්නෙපැයි.

    ReplyDelete
  6. හිහ් ..... හිහ් ...... ගල් කේස් .........

    ReplyDelete
  7. හික් හික් දැන් තේරුනා :)

    ReplyDelete
  8. හෙහ්..හෙහ්..හෙහ්.. ඔය යන්නෙ..

    ReplyDelete
  9. mokakda me pansal kathawa...ahhh???? uba demelek neda dooo

    ReplyDelete
  10. හෙ හෙ....අනේ මංද ඉතිං~

    ReplyDelete
  11. Anonymous,
    උඹලා වගේ එවුන් ඉන්නෙ කොහෙන් හරි කෑල්ලක් අල්ලගන්න. මම දෙමළ උනත් සිංහල උනත් උඹට මොකද?
    ඉන්දික,
    අනේ (මාත්) මංදා!

    ReplyDelete
  12. ලොල්ය තිලකා මිස් පැහිලා වැඩී.. :D
    අනේ අර ලෙඩ මනුස්සයට ඇහුනා නම් මුත්‍රාශය පුපුරවා ගෙන මැරෙයි..

    ReplyDelete
  13. ලොලේ ලොල්... :D

    ReplyDelete
  14. හිතන හැටි තමයි ඉතිං... කැත විදියට හිතුවට මොනා කරන්නද....

    ReplyDelete
  15. චතුර....
    හික්!
    ChammA
    ප්‍රසංග
    කැත හිත!

    ReplyDelete
  16. අති යන්තම් නදී අක්කට කතාව තේරුනා.
    නලිනි මිස් ව ලෙඩාව බලන්න එක්ක යාමෙන් වලකින්න

    ReplyDelete
  17. මධුරංග
    ඇයි මේ හැමෝම නලිනිට මෙච්චර බය!

    ReplyDelete
  18. ගල් සීන් ගැන නාලිනි මිස් ගෙ දැනුම හික් හික්

    ReplyDelete
  19. පිස්සා පලාමල්ල
    මං නං දන්නෑ

    ReplyDelete
  20. හික්z ගල් කේස් එකක් නේ..?

    ReplyDelete
  21. ආ... මේ ගල් තැලුමක් ගැන නේද කියන්නෙ?
    අපරාදෙ ඕකට ඔපරේසන් කොලේ, සිංහල වෙද කමක් කොරන්න තිබ්බනෙ අගේට

    ReplyDelete
  22. ඔය කියල තියෙන්නෙ.... ඕං කියල තියෙනව ඔබා..... :D

    ReplyDelete