Friday, May 11, 2012

රුක් දෙවියගෙ දත් ගැලවිල්ල.

අද කියන්න යන්නෙ කතාවක්. ඒ කියන්නෙ ඔරිජිනල්ම කතාවක්. ඉස්සර, රාජ් පැටිය කාලෙ හැමදාම නිදාගන්න කලින් තාත්තගෙ කතාවක් අහන්නම ඕන. ඒ කාලෙ අපේ නගා හිටියෙත් නෑ. අක්කල දෙන්න දෙපැත්තෙ තියාගත්තම බාලය වෙච්ච මට තාත්තගෙ ඔඩොක්කුව හිමිවෙන්නෙ නිතරගයෙන්මයි. කරුමෙ කියන්නෙ අවුරුදු ගනනක් යනකන් කතන්දර වලින් අහන්න ලැබුනෙ මැද හරියක් වෙනකන් විතරයි. ඊට පස්සෙ තාත්තගෙ ඔඩොක්කුවෙම නිදි. කතාව අවසන් වෙනකන් අහන්න තරම් වයසට එනකොට කතා ඉබේම නැවතුනා. අනිත් කාරණාව නගා ඉපදුනාට පස්සෙ ඔඩොක්කුවෙ අයිතියත් එයාට මාරුවුනා. හරි! ඒ ගැන ඒ ඇති.

ඊට පස්සෙ කතන්දර ගැන කියන්න ‍වචනයක් තියනව. කතන්දර කියනව-අහනව කියන්නෙ අපේ පැරැන්නන්ගෙ නම් ජීවිතවල කොටසක්. දැන් වගේ තාක්ෂනය දියුණු තත්වයක නැති ඒ කාලෙ ගෙදර ඉස්තෝප්පුවෙ එල්ලල තියන පැට්‍රල් ලාම්පු එලියෙන් හරි චිමිනි ලාම්පුවක එලියෙන් හරි ආලෝකමත් වෙච්ච තැනක රවුමට බිම වාඩිවෙලා ඉදගෙන කතන්දර කියනඑක-අහනඑක තරම් ආශ්වාදයක් තවත් කොයින්ද. ඒකාලෙ රූපවාහිනිය කියනදේ ගැන අහල තිබුන විතරයි.(අපේ කාලෙ, ඊට ඉස්සර දන්නෙත් නෑනෙ). ඒ අහපු කතන්දර වෙනුවට අද තියෙන්නෙ ජරා මෙගා නාට්ටි බැලිල්ල විතරයි. අනිත් කාරණාව ඒ ජාතියෙ කතන්දර අද වෙනකොට අභා‍වයට ගිහිල්ල ඉවරයි. දැන් තියෙන්නෙ කියල ඉවරවුනාම (ටියුබ්ලයිට් පොරක් නෙවේ නම්) ඉල ඇදෙන්න හිනායන කතන්දර විතරයි. එයිනුත් හොදම ඒව අම්ම තාත්ත ළමයි ඉස්සරහ කියන්න පුළුවන් දේවල් නෙවෙයි කියල දන්නෝ දන්නවනෙ. අනෙක දැන් ඉන්න පුංචි එවුන්ට කතා අහන්න තරම් වෙලාවක් නෑ. අපි කතන්දර අහපුවෙලාවල උන් ඉන්නෙ එක්කෝ නයිට් ක්ලාස් එකක නැත්තං හෝම් වර්ක් ගොඩකට යටවෙලා. හරි දැන් කතාව අහන්නකෝ, අන්තිමට හිනා යන එකක්නං නෑ.

ඔන්න එකෝමත් එක රටක තිබුන දුප්පත් ගමක්. මේ ගමේ හිටිය තරමක් වයසක ගෑණු මනුස්සයෙක්. දවසක් හවස්යාමෙ මේ මනුස්සය ඉරිගු ටිකක් එහෙම බැදගෙන කාල කැලේට ගියා දර ටිකක් හොයාගන්න. කැලේ ඇවිදල ලොකු දර මිටියකුත් බැදගෙන ඉවර වෙනකොට ටිකක් විතර ඇගට මහන්සියි. ඒගමන වටපිට බලනකොට දැක්ක රූස්ස ගහක්. මේ මනුස්සය දර මිටිය පැත්තකින් තියල ගස් හෙවනෙ ගහට පිටදීල ඉන්නකොට දන්නෙම නැතුව නින්ද ගියා.

නිදාගන්න අතරෙ මෙයා අපූරු හීනයක් දැක්ක. ලස්සන රූපයක් තියන දිව්‍ය සළු ඇදගත් රුක් දෙවියෙක් ගහෙන් බැහැල මේ අම්ම ලගට ආව. ඒ වෙනකොටත් මෙයා කට ඇරගෙනයි නිදාගෙන හිටියෙ. රුක් දෙවිය සමහර විට ගිය ආත්මයක දත් දොස්තර කෙනෙක් වෙන්න ඇති, එයාගෙ අවධානය යොමුවුනේ නිදාගෙන ඉන්න කාන්තාවගෙ දත්‍සැට්එක දිහාවට. එහෙන් මෙහෙන් ගැලවිලා තිබුන දත් අතරින් හොද යයි කියන්න තරම් එක දතක්වත් කටේ තිබුනෙ නෑ. ඉතින් රුක් දෙවිය කලේ දත්ටික එකින් එක ගැලවීම. ඊට පස්සෙ මුතු ඇට පෙලක් වගේ දත් සැට් එකක් කටට සවිකලා. අදකාලෙ වගේ ඉන්ජෙක්ෂන් ගැහුවෙ නැතුවට දේව බලෙන් වේදනාවක් නැතිවෙන විදියට වැඩේ කරලා ගහට නැගල අතුරුදහන් උනා. හීනය අවසානයේ ඇහැ ඇරුන කාන්තාවට තමන්ගෙ කටට වෙච්ච අමුත්ත තේරුනා. වහාම දර මිටියත් අරගෙන ගෙදර ගිය හැටියෙම භාජනයකට වතුර එකක් පුරවගෙන දත් සැට්එක බැලුව. බලල වෙච්ච දේ තේරුම් ගත්ත.

කොහොම කොහොම හරි අල්ලපු ගෙදර ගෑණු මනුස්සයගෙ කනටත් මේ කතාව ගියා. එයාගෙත් දත්වල පොඩි අප්සැට් එකක් තිබුන නිසා මුල ඉදලම කතාව අහගත්ත. අන්තිමට එයත් තීරණයක් ගත්ත. අර මනුස්සය කලා වගේම ඉරිගු ටිකකුත් බැදගෙන කාල දර මිටියකුත් බැදගෙන ගහ ලගට ඇවිල්ල හොදට කටත් ඇගෙන හොර නින්ද පටන් ගත්ත. මේ අතරෙදි සුපුරුදු පරිදිම රුක් දෙවියත් ආව. ඇවිල්ල හෙමිහිට දත් සැටිඑක ගැලෙව්ව. දැං ගෑනිට ඉවසිල්ලක් නෑ, රුක් දෙවිය මොන විදියට දත්ටික හදයිද කියල. මේ අතරෙ පොඩි තන්හාවකුත් ඇතිවුනා අල්ලපු ගෙදර ගෑණිගෙ දත්ටික තරමටම හොද තත්වයේ දත් සැට් එකක් ලැබෙයිද කියලත්. ඉතින් මේ මනුස්සය කලේ ඇදල පැදල "අයිටත් හොදී...........න්" කියල කිවුව එක. මේ ගෑනිගෙ කතාව අහපු රුක් දෙවියො හොදටම භයවුනා. එයා කලේ වහාම ගහට නැගල අතුරුදහන් වෙන එකයි.

ගෙදර ගිහිං වතුර හට්ටියෙන් බැලුවමයි ගෑණිට තරු පෙනුනෙ තිබුන දත්ටිකත් නැතිවෙලා. වැඩි තන්හාව දුකට හේතුවේ කියන්නෙ ඕක තමයි.

අදට ඉවරයි. සදුද එන්නං. කතාව/කතන්දර ගැන දන්න දේවල් තියනව නම් කියන්න.


42 comments:

  1. ඉස්සර කතන්දර නෑ කියලා ඔච්චර දුක්වෙන්න එපා.
    කතන්දරකාරයා ඉන්වානේ!
    නාඩා දොයියන්න!

    ReplyDelete
    Replies
    1. ඒ කතන්දර වලට නින්ද නොයා හීනෙන් බය වෙනවනේ කතන්දර මාමේ... ;)

      Delete
  2. අයියෝ දත් සැට් එක :/

    ReplyDelete
  3. මම හිතුවෙ කලින් ගෑනිගෙ පරන සෙට් එක මෙ ගෑනිට හයි කලා කියලා

    ReplyDelete
    Replies
    1. එහෙම කලා නම් ඌ ප්‍රතිපාදන කැපිච්ච හිඟන රුක් දෙය්යෙක් , එහෙමත් නැත්නම් ලංගම ඩිපෝවක ටෙම්පරියක් හරි ඇඳපු එකෙක් !

      Delete
    2. ලංගම බස් වලට, අයින් කරපු බස් වල කොටස් හයි කරන එක නම් හුඟාක් කාලෙක ඉඳන් කෙරුන වැඩක්, ඒ කියල ලංගමට අපහාසෙ දාන්න එපා බුවා {:-)

      Delete
    3. මට හිතාගන්න බැහැ බං තාම...

      Delete
  4. මම හිතුවේ අලුත් දත් එක්ක අලුත් රූපෙකුත් ලැබෙයි කියලයි. අපරාදේ!!!

    ReplyDelete
  5. අයියෝ දත්
    මොකක්ද මේ අයිටත් හොදී.....න් කිව්වේ?

    ReplyDelete
  6. වැඩි තන්හාවට ගියාම වෙන්නේ ඕක තමයි...

    අර කතන්දර ගැන කියපු කතාව එක්ක එකගයි.. ඉස්සර චන්ද්‍රිකා නෝනා ලයිට් කපන කාලේ නම් මටයි අක්කටයි අම්මගෙන් කතන්දර අහන්න චාන්ස් එක තිබ්බා.. ඒ ගැන නම් මම සතුටුයි..

    ReplyDelete
  7. මේ කතාවේ මට හොදම හරිය තමයි රාජ් පැටියට තාත්තගේ ඔඩොක්කුවේ නින්ද යන එක.
    ඒක කියවද්දි මට මතක් වුනා හොද කතාවක්. ටිකක් දිගයි කමක් නැහැ අනුන්ගේ බ්ලොග් එකක් මගේ පෝස්ට් එකක් කර ගන්න ඕනෙ නැහැනේ. හොයලා කියවන්න. මහාභාරත කතාවේ අභිමන්‍යු කියන අර්ජුනගේ පුතා චක්‍ර යුද්ධ ශිල්පය ගැන දැනගත් හැටිත් ඔහු ඒකෙන් විනාශ වූ හැටිත්, යුද්ධයේ දී අර්ජුනගේ ජයට ඒක හෙතුවුන හැටිත් ගැන.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තය මෙතන පෝස්ට් එකක් දැම්මට රාජ් තරහ වෙන එකක් නෑ මගේ හිතේ... කතාව දන්නව වුනාට අභිමන්‍යු මැරුණ එක අර්ජුනගෙ ජයග්‍රහණයට හේතුවුන හැටි නම් දන්නෙ නෑ...

      Delete
  8. හෆොයි දත් සෙට් එක.. තිබුන ටිකත් නැතිව ගෙදර ගියම කොහොමට තියෙන ඇත්ද?
    …ඔන්න මන් අදමයි ආවෙ. අයියා දත් ගලවන්න හදනවනෙ පලවෙනි දවසෙම : P

    ReplyDelete
  9. හයියූ ඩත්ටික.............................

    ReplyDelete
  10. ඔන්න ඒහෙනං පොඩි ඒකෙක් කතාවක් කියෙව්වා..
    මරු කතාව...

    ReplyDelete
  11. හෆොයි... මම හිතුවෙ කට ඇරන් ඉද්දි නරක අතවරයක් වත් කියල..හිකිස්

    ReplyDelete
  12. මං අහලා තියෙන්නේ කරෝල බැදලා කාලා කියලා...

    ReplyDelete
  13. දෙයියොත් දත් ගලවනවද අප්පේ?

    ReplyDelete
  14. හොක් හොක් හොක් ..බොකක්ඩ අර "අයිටත් හොදී...........න්" කිෆ්වෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඕක වෙන්නැති දත් ගැලවීමේ ආරම්භය....

    ReplyDelete
  17. චූටි කාලෙ කතන්දර කිය කියා කිරි අම්මා බත් කවපු හැටි මට තාම මතකයි. කිරි අම්මා වැඩිපුරම කිව්වෙ ජාතක කතා.

    ReplyDelete
  18. මේ කතන්දරේ මම නම් අහල තියෙන්නෙ වෙන විදිහකට... ඒකෙදි එන්නෙ රුක් දෙවියෙක් නෙමෙයි යකෙක්... ඇවිත් දත් ටික ගලවල ඒවල රැදිල තිබුන කෑම සූප්පු කරල ආපහු පිළිවෙලකට හිටවනව..

    දෙවනි ගෑණු කෙනාගෙ දත් ටික ආපහු සෙට් කරනකොට තොවිලෙක බෙර හඬක්ද කොහෙද ඇවිත් එහෙන් මෙහෙන් දත් ටික සෙට් කරල යනව... :)

    ReplyDelete
  19. හෆොයි දත් ටික...

    ReplyDelete
  20. මමත් මේ කතාව අහලා තියෙන්නේ පොඩි ගමයයි මහ ගමයයි ඉරිඟු පුච්චං කාලා හේනේ පැලේ බුදියා ගත්තයි කියලා සීන් එකක් . යකා ඇවිදින් දත් සැට් එක ගලෝලා ඒ අතරේ තිබ්බ කෑලි කාලා ආයේ ලස්සනට ගැහැවුවා කියලා ..ඒ කතාව මට කීවෙත් මයෙ තාත්තා . එතකොට මම ඉස්කෝලේ එක වසරේ ඉන්න පොඩි එකා මට මතකයි මම ඒ කතාව පන්තිය ඉස්සහට ගිහින් කියාපු හැටි ..

    ස්තුතියි බොල .. මේක ලීවටයි මතක් කලාටයි ..

    ReplyDelete
    Replies
    1. අම්මේ හොද කතාවක් ලියවෙයි සදරුවගෙන්

      Delete
  21. මටත් පොඩි කාලේ කතා කියල දුන්න 3 වසරට වෙනකන් ඒත් කවදාවත් නිදි මත වුනේ නැහැ.

    මේ කතාව කලින් අහල තිබුනේ නැහැ..

    ReplyDelete
  22. මට ආත්තම්මා කතන්දර කියල දෙන කාලෙ බොරු කතා කිව්වොත් මම රන්ඩු කරනවා...මම හැමදාම අහන්න ආශකලේ රජ කතා.....:):)

    ReplyDelete
    Replies
    1. රජ කතා වලට කැමති ඔයා 'රං ගොජා' නිසානේ.. ;)

      Delete
  23. වැඩි තණ්හාවට ගිහින් තිබ්බ පුකත් අහිරිච්චි කියලා කතාවකුත් තියෙනවා... අහලා ඇතිනේ...

    ReplyDelete
  24. තණ්හාව ගැහැනු උදවියට වැඩීද මන්ද පිරිමි උදවියට වඩා..........

    ReplyDelete
  25. වැඩි තන්හාව. ඉතින් දෙයියෝ දත් ගැන විතරක් බැලුවේ? ලස්සන මූනකුත් දුන්නනම්නේ හොඳ.

    ReplyDelete
  26. දෙයියොත් එක්ක වැඩ කරද්දි ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ.....

    ReplyDelete
  27. මේ කතාව මීට කලින් අසා තිබේ. හැබැයි වෙනස් විදිහක ට.
    මේකත් නරක ම නෑ....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
  28. මේ වගේ ම කතාවක් මීට ටිකක් වෙනස් විදියට අහලා තියෙනවා.. හැබැයි ඒකෙ හිටියේ යකෙක්..
    යක්කුන්ට වඩා දේවතාවෝ හොඳයි නේ!!
    ජය!!

    ReplyDelete
  29. රුක් දෙවියන්ටත් තියෙන රාජකාරි එහෙනම් මේවා නෙ?

    ReplyDelete
  30. මමත් අහලා තියෙන්නෙ ඔය වැඩේ යකෙක් කළා කියන කතාවයි
    "යකා හිටෝපු දත් වගේ" කියලා කියමනකුත් තියෙනවා

    ඒත් ඒ කතාවට මෙ තරම් හාස්‍යජනක නෑ.

    ReplyDelete
  31. හදිස්සියෙම බ්ලොග් එකට ලොග් උනාම ඉස්සෙල්ලම දැක්කෙ ඔබා අයිය ගැන. මේ පෝස්ට් එකටත් දෙතැනක කොමෙන්ටු දාල....... ඊට වඩා මොකුත් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඔබාගෙ පරන කමෙන්ට් බලනවා රාජ්.. හොද මිතුරෙක්..

      Delete