Saturday, May 25, 2013

ඉන්ද්‍රසාර ගිණි සහ ස්වර්ණවාහිනී!

ජපන් කෙටි කතාවකට අනුව, රජතුමා වෙනුවෙන් අපායේ චිත්‍රයක් ඇඳීමෙහි නිරතවන රජුගේ ප්‍රධාන චිත්‍ර ශිල්පියාට චිත්‍රයේ නිමාව වෙනුවෙන් අවශ්‍යතාවයක් වෙයි. ගිණිගෙන දැවෙන කරත්තයක නැඟි තරුණියක් ගිණි දැල් මැද විලාප දෙමින් දැවී යන ආකාරයේ දර්ශනයකි ඔහුට ඇවැසි වන්නේ. කෘතීමව සකස්කල දර්ශනයකට ඔහු නොකැමැති වන අතර අවසානයේ රජුගේ නියෝගය වන්නේ චිත්‍ර ශිල්පියාගේ තරුණ රූමත් දියනිය යොදාගෙන දර්ශනය තාත්විකව ලබාදීමටය. චිත්‍රය තාත්විකතාවය ලබාගන්නේ එවැනි බිහිසුනු ආකාරයකටය.[මතකයේ හැටියට ලේඛකයා රියුනෝසුකෙ අකුතගාවාය].

අපට මේ කතාව සිහිගන්වන්නේ ඊයේ දිනයේදී දළදා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනිතබාගත් බෝවත්තේ ඉන්ද්‍රසාර නැමති භික්ෂුවකගේ ක්‍රියාකලාපය හා ස්වර්ණවාහිනය එය විකාශය කල ආකාරය දුටු විටය. මෙම සිද්ධිය නැරඹූ ඕනෑම අයෙකුට දැනෙන යථාර්තය වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍යවේදියා ඇතුළු පිරිස මෙම ක්‍රියාව කලින් දැනගෙන සිටි බවය. යුධ පුවත් වාර්තාකරණය හා යුද්ධය පැවති සමයේ පිපිරුන බෝම්බ පිලිබඳව, තරග‍යට මෙන් 'සත්‍ය ප්‍රථමයෙන්' වාර්තා කිරීමෙහි යෙදී සිටි මාධ්‍ය ආයතන යුද්ධය නිමාවීමත් සමඟ මේ ගනයේ පුවත් හිඟයකින් පෙළෙන්නට විය. රථවාහන අනතුරු, මිනීමැරීම්, දියේ ගිලී මියයෑම්,... වැනි 'සිල්ලර' ජස්ට් නිව්ස් වර්ධනය වී ඇති තත්වයේ තරමය මේ. මෙහි ඉදිරියෙන්ම සිටින ස්වර්ණවාහිනිය පිලිබඳ මීට පෙරත් කතා කර ඇති බැවින් දිගින් දිගටම කතා කිරීම අනවශ්‍ය වේ. අනෙක් අතට මෙම දිවි නසාගැනීම රටවටා යැවීම සඳහා ඉන්ද්‍රසාර භික්ෂුව, 'වඩාත් නිවැරදි' මේ අංශයේ ප්‍රමුඛයා තෝරාගැනීම සිදුකර ඇත. ඉදිරි කාලයේදී සිය මව, පියා, බිරිඳ-සැමියා හෝ දරුවන් ගිනිගන්නා විට නැතිනම් දියේ ගිලෙන විට ඔවුන් බේරාගැනීම පසෙකලා වඩාත් තාත්වික 'ෂොට්එක' සෙවීමෙහි නිරත වන්නන් සිටියහොත් පුදුම වියයුතු නැත‍.

දැන් මූලික කාරණය දෙසට යොමුවෙමු.
ඉන්ද්‍රසාර භික්ෂුවගේ අරමුණ බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හැරවීම නැවැත්වීමත් ගවඝාතනය තහනම් කිරීමත්ය. ඔහුගේ යෝජනාව මේ සඳහා නීති රීති පාර්ලිමේන්තුවට ගෙන ඒමයි. මිනිසෙකුගේ අතිශයින් පෞද්ගලික කාරණාවක් වන ආගම-ලබ්ධිය හෝ දර්ශනය බලහත්කාරයෙන් වෙනස් කලහැක්කක් නොවේ‍. මෙම චෝදනාව නඟන්නෙක් නම් ඔහු කලයුතු පළමු ක්‍රියාව වන්නේ, යම් ආගමකට බැඳිය යුතු යැයි තර්ජනයක් ලැබූ අයෙකු හෝ එවැනි කාරණාවක් සම්බන්ධව පොලීසියට ලැබුනු පැමිණිලි කල අයෙකු සම්බන්ධව නීතිය ඉටු නොවූ අවස්ථාවන් ඇත්දැයි හෙලිකිරීමයි‍. ඉන්පසුව අදාල කාරණා එකින් එක සොයාබැලිය හැකිය. එතෙක් මෙම චෝදනාව ප්‍රලාපයක් පමණි.

ඉන්ද්‍රසාර භික්ෂුවගේ දෙවැනි කරුණ කතා කලයුත්තකි. ඔහුට අනුව ලංකාව තුල සිදුවන දෛනික ගව ඝාතන සංඛ්‍යාව පන්දහසකි. වරක් ටැබූ කී ලෙස මෙම පන්දහසින් වැඩි ප්‍රමාණයක් බෞද්ධයන්ගේ මාංශ පරිභෝජනය වෙනුවෙන් ඝාතනය වන ගවයන් විය හැකිය. ගව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. {ඒ අනුව (ඉන්ද්‍රසාර නියෝජනය කරන) හෙළ උරුමයේ මතය අනුව, 'ව්‍යවස්ථාවට එකඟව' සිදුවන සත්ව ඝාතනය එතරම් ගනන් ගතයුතු නොවේ[සූදු පනත මතක ඇතැයි සිතමි]}. ගවඝාතනය පමණක් නොව ඌරන් කුකුලන් එළුවන් ආදී සියලු සත්වයන් මිනිස් පරිභෝජනය වෙනුවෙන් මිය යන්නේ එම නීති යටතේය. යම් සිංහල බෞද්ධයන් ප්‍රථිශතයකට ගවමස් කෑමට රුචි නොවන අතර ගව ඝාතනය තහනම් කලහොත් ඉන් වඩාත් අපහසුතාවයට පත් වන්නේ ඌරු මසින්ද වලකින මුස්ලිමුන්ය. වැල්ලවාය ගව ඝාතකාගාරය වසර කිහිපයක සිට වසා දමා ඇත්තේ එහි සභාපතිවරයා විසින් එය මිලදීගෙන වසා දැමීමෙනි. මෙම මස්කඩ වසාදැමීමේ ක්‍රමය තැන් කිහිපයකම ක්‍රියාත්මක වේ[ටෙන්ඩරයක් ලබාගත් පසු අදාල සේවය සපයන්නේ නැතිනම් එයද නීති විරෝධීය]. 'උත්තරීතර' පාර්ලිමේන්තුවවේ ඌරුමස් තහනම් කර ඇත්තේ මුස්ලිම් නියෝජිතයන්ගේ විරෝධතාවය නිසාය. කෙසේ වුවත් මෙම කරුණු අපට කියන්නේ එක් දෙයකි. එනම් ලාංකිකයන්ගේ ඇති අන්තවාදී ස්වභාවයයි. සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝදෙනා උත්සාහ කරන්නේ 'තම කැමැත්ත අන් සැමගේ කැමැත්ත' බවට පත් කිරීමටයි. සත්ව ඝාතනය අනුමත කල හැක්කක් නොවුවද, සිංහලයාට ඌරුමස්ද මරක්කලයාට ගවමස්ද කෑමට ඇති අයිතියට සිංහලයාද මරක්කලයාද ගරු කලයුතුය‍.

මේ පිලිබඳ වෙනත් ලිපි: w3lanka, රැඩිකල් අදහස්

105 comments:

  1. අපට මෙන්ම සතුන්ටද ජීවත් වීමට ඇති අයිතියට මුලින්ම ගරු කළොත් නරකද?

    ReplyDelete
    Replies
    1. පවතින නීතියේ රාමුවෙ ඉඳගෙන ඒක රැකීම වඩා ලේසි නැද්ද?

      Delete
    2. කුකුලෙකුට වඩා වැඩි ජීවත් වීමේ අයිතියක් හරකෙකුට ලැබෙන්නේ ඇයි?

      Delete
    3. හැමදේකටම, මිනිසාට සාපේක්ෂව වටිනාකමක් තියනවා. ඒ අනුව හරකෙක් මැරීම කියන එක කුකුලෙක් මැරීමට වඩා පවක්, හෝ කෲර ක්‍රියාවක් ලෙස සැලකෙනවා.

      Delete
    4. @තිසර,

      මසටම කියා ඇතිකරන කුකුළන්ගේත් හරකුන්ගේත් වෙනසක් නැහැනේ?

      Delete
    5. @radical

      ඇති කරන්නේ මසට නම්.. මැරීම අනිවාර්යයක්නෙ... ජීවත්වීම අයිතිය ගැන වෙනසක් තියෙන්න බැහැ එහෙනම්.

      Delete
    6. හොඳ අදහසක්
      ක්‍රියාත්මක කල යුතු ආකරයත් කිව්වානම්

      Delete
    7. ඕක ඉස්සෙලම ගිහින් බොලාගේ ලොක්කට කිව්වා නම් නේද කොල්ලෝ හොඳ ?

      Delete
    8. තිසර & radical
      ඔය දෙකේ වෙනස මනිනව නම් මනින්න වෙන්නෙ මෙහෙම,
      හරකෙකුගෙ බර වගේ 100වාරයක් කුකුලෙකුගෙ බර අඩු නම් හරක මැරුවම සිදුවෙන පව Ph හා කුකුල මැරුවම ඇතිවෙන පව Pk නම්
      Ph=100Pk වගේ සමීකරණයකින්. ඕව ගැන කතා කලොත් බැනුං අහන්න වෙන්නෙ :-)

      Delete
    9. moda katha kiyanna epa buro patau, mokoa meruwath pawa ekai, HARAK ta thiyena gurawe nisa thama oya prashane, methna comment karala thiyenne booru pataui tikak ne :P

      Delete
    10. අනේ ඉතිං හරක් බූරුවන්ට බනින්න හොඳ නෑනේ.

      Delete

    11. හාල් මැස්සන් 1000 ක් මැරීමේ පව = හරකුන් 1ක් මැරීම

      Delete
    12. මෙතන හරකා කියන සත්ත්වයා ඉලිප්පිලා තියෙන්නේ ආගමික හේතුවකට වඩා සංස්කෘතික හේතුවක් නිසා. මං හිතන්නේ 'තහනම් වචනය' ලියපු ඒ ලිපියේ සවිස්තරව ඒ පසුබිම විස්තර වෙලා තියෙනවා!

      Delete
    13. හරකට විතරක් ඇයි විශේෂත්වයක්,

      Delete
    14. හරකා ලංකාවට ඔය තරම් වැදගත් වෙලා තියෙන්නේ හින්දු සංස්කෘතියේ බලපෑම නිසා.ඒකයි බොහෝ අය අන් සතුන් ගැන කතා නොකර හරක් ගැන විතරක් වාද කරන්නේ.මම නම් කැමතියි කිසිම සතෙක් නොමැරී ඉන්නවා නම් නමුත් බොහෝ අය හරකා ගැන විතරක් කතා කරන්නේ ඒ ගොල්ලෝ හරක් මස් ඇරෙන්න අනෙක් මස් ජාති කන නිසා වෙන්න ඇති.

      Delete
    15. අනේ පලයන් නලියො යන්න. දවස පුරා මහ එකාට දීල දීල මෙතැන බණ කියන්න එනවා. උඹ දන්න මනුසත් කම. ගිහින් උඹේ ලොක්කට කියහං රට කන එක නතර කරන්න කියල.

      Delete
    16.  සියලු මදුරුවන්ගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කරනු. ඩෙංගු, මැලේරිය බරවා  ඇතුළු සියලුම මදුරුවන් මරාදැමීම වහා නවතනු. මැරීම නීතියෙන් තහනම් කරනු. තහනම් නොකළහොත් අපි තොපිට ඇනගෙන ඇනගෙන යන එක වලක්වන්නට කාටවත් බැරිය.
      මිට 
      ජාතික මදුරු එකමුතුව 

      Delete
  2. ගිනිතබා ගැනීමේ සැඟවුණු කතාව මෙතනින් කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඉතා අනර්ඝ ළිපියක්. මෙවන් ළිපියක් ළිවිය හැකි එකම මාධ්‍යවේදියෙක් කිසිම මාධ්‍යයක නැති බව අවධාරණයෙන් කියමි. පරිඝනකය භාවිතා කිරීම අපහසු ප්‍රදේශයක් සිටින නිසා දීර්ඝ කොමෙන්ටුවක් දැමීමට නොහැකිවීම ගැන අතිශයින් කනගාටුවට පත්වෙමි. බ්ලොග් ලොවට ආඩම්බරයක් සහෝ...

      Delete
  3. තමා දෙනෝ දාහක් ඉදිරිපිටදී (කුඩා දරුවෙක්ද මේ දෙස බලා සිටියි ), සිරුරට ගිනි තබා ගැනීම, සහ ස්වර්ණවාහිනිය සමග එකතු වී එය රටටම බලාගැනීමට සැලස්වීම, ඔහුගේම වචනයෙන් ඒ "දහස බුදුන් බුදුවන උදෑසනකට" අවුලක් නැද්ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තමා අදහන ආගම ධර්මයට විරුද්ධ පණිවිඩයක් මේ හාමුදුරුවෝ දීලා තියෙන්නේ. තමන්ගේ ජීවිතය උණත් විනාශ කිරීම අනුන්ගේ ජීවිතයක් විනාශ කලා හා සමානයි.

      Delete
  4. 'මස් කෑම පවක්' ලෙසත්, මස් නොකෑයුතු බවත්, බුදු දහමේ කොතනක හරි සඳහන් වෙලා තියෙනවද? 'පර පණ නැසීම' පව් බව නම් දන්නවා.

    ReplyDelete
    Replies
    1. අන් පණක් නසන්න අපට කිසි අයිතියක් නෑ සාදාචාරාත්මකත් නැ...සැමට ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි.

      Delete
    2. ඕක ඉස්සෙලම ගිහින් බොලාගේ ලොක්කට කිව්වා නම් නේද කොල්ලෝ හොඳ ?

      Delete
    3. මස්කෑම අවුල් තමයි. ඒත් ඒක තමුන්ගෙ කැමැත්තෙන් නතර කරල තමුන් හැදුනම හරි.

      Delete
    4. අපොයි ඔව් ඇනෝ ඒ කාලේ හිටිය ඔයාලගේ ලොක්කන් ඒව කළේ මේ වගේ සිය ගුණයක් ඉහළින් නේ නේද? ඒ අතිතය ලාංකිකයන්ට තාම අමතක නැතිබව ඔබට අමතකයිනේ.

      Delete
    5. රාජ් - සියලු බෞද්ධයෝ ස්වකීය කැමැත්තෙන් සියලු මාංශ අත් හැරියානම් ප්‍රශ්නේ ඉවරෙටම ඉවරයි. එහෙම වුණානම් සියලු මුසල්මානුවන්ගේ මාංශ වෙළදාමත් අහවරයි.

      Delete
    6. මරන්න ඉන්න හරක් නිදහස් කරනවා ඔබ දකින්න ඇති. නමුත් මස් කඩවල තිබෙන මස් මිලදී ගෙන ඒවා වලලනවා ඔබ දැක තිබේද ? එයින් පැහැදිලි වන්නේ වැළක්විය යුත්තේ සත්ව ඝාතනය මිස, ඝාතනය වූ සතාගේ මස් පරිභෝජනය කිරීම නොවන වග.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
  5. සෝමා ආච්චිගේ කුණුගඳ වාහිනිය මිනීමැරුම්, ස්ත්‍රීදුෂණ, හදිසි අනතුරු විස්තර කරන්නේ හිටිවන බයිලා වගේ. (ඉස්සර ඇඟේ කෑල්ලක් වගේ වන තරමට හුරු පිස්තොලේ, මේ දවස්වල ළඟ තිබුනානම්, පාඩුව මටම නේද කියා නොසිතා, ටී වී තිරය කුඩු වෙන්නත් ඉඩ තිබුනා. :D)

    මේ මාතෘකාව ගැන අද දවසේ කියවන දෙවැනි ලිපිය මේ. 'තහනම් වචනත්' ඉතා කාලීන ලිපියක් ලියා තිබුනා. බෞද්ධ දර්ශනයේ මූලික හරයවත් නොදන්නා චීවර ධාරියකු විසින් කල, පිළිකුල් සහගතව හෙලා දැකිය යුතු ක්‍රියාවක් බවයි, මටනම් පෙනෙන්නේ. මෙවැනි අවස්ථාවලදී මහානායක ස්වාමීන් වහන්සේලා නිහඬව සිටීම මටනම් ගැටළුවක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies

    1. ඔබේ යෝජනාව හොරාගේ අම්මගෙන් පේන අහන්න කියනවා වගේ එකක්නේ..
      මම කවුද කියල ඔබට දැනෙන්න ඇති.මට මෙවන් දැ කියන්නට නමින් පැමිණිය නොහැක.

      Delete
    2. හා හා කේන්ති ගැනීම හොඳ නෑ.

      Delete
    3. මමත් දැක්ක ලගකදී ඉදල විචාරක තුමාගෙ ඉහේ මල් පොකුරැ පිපිලා :).

      Delete
  6. අන්තවාදයෙන් අන්ධ වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච, සිවුරක් පොරවගත්තට බුදුදහමේ හරය නොදන්නා මේ හිමිනමට අනුකම්පා කරමු!

    (පර පණ නැසීම මෙන්ම කෙනෙක් වඩාත් ම ආදරය කරන තම පණ නැසීම ද පාපයකි)

    ReplyDelete
    Replies
    1. අනුකම්පා කරමු. සුව පතමු.

      Delete
    2. සුවපත් වූ පශු භික්ෂු භාවය අහෝසියි නේද ?

      Delete
  7. මට නම් ඔය අනම් මනම් තර්ක නෙමේ ගැටලුව,[මහනායක හිමි වරුන්ට ඊයේ වෙසක් නිසා වැඩ වැඩි ඇති.අද රෑටවත් වාහෙලාගේ වාහිනියකට වොයිස් කට්ටක් දෙයිද කියල බලමු.]
    රුපවාහිනි ප්‍රවෘති වාර්තාකරණ කැමරා ශිල්පියකු ඉදිරියේදී දකුණු අතින් ලීටර් 5හේ පෙට්‍රල් බුලියක්ද,වම් අත්ලේ මිට මොලවා ගත් ලයිටරයක් ද සමග පට්ට දේශනාවක් කරද්දී එවුන්ට තිබුනෙ ආරක්ෂක අංශ දැනුවත් කරන්න නෙමේද?
    අනිත් එක ඉන්ද්‍රසාරෙත් හිතන්න ඇති විනාඩි ගානක පට්ට දේශනය දෙද්දී වෙසක් දවසෙ බුද්ධාලම්ඹන ප්‍රීතියෙන් ඔද වැටිච්ච ත්‍රිවිල් බුවෙක් වත් පැනල බුලිය උදුරන් දුවයි කියල.
    කිලෝමීටර් 50ක් 60ක් දුවන්න තිබුන පෙට්‍රල් ටික අපරාදේ.


    ReplyDelete
    Replies
    1. අපරාදෙ නේන්නං පෙට්‍රල්ටික.

      Delete
    2. ජාතික ප්‍රශ්න විසඳනු, පෙට්‍රල් මිල අඩු කරනු!

      Delete
  8. ගිනි තබා ගැනිම කොහෙත්ම අනුමත නොකරමි.මිනිසුන්ට බලෙන් කිසි දේයක් ඇති කරන්න බැ.එක අසාර්ථකයි.තමන්ට හිතෙන්න ඕන තමන් කරන වැරැද්ද.බුද්ධ ධර්මයට අනුව අපට නැවත ඉපදිමක් ඇත.එක නිසා තමන් කරන පාපය තමන් පසු පස එනවා.මේ අත්මේ මුස්ලිම් ජාතිකයා ලබන අත්මේ බෞද්ධයෙක් විමට හැක.අපි උනත් ලබන අත්මේ මුස්ලිම් ජාතික වෙන්න පුළුවන්.හොඳම දේ අනුන්ට කරදරයක් නැතිව තම ජිවිතය ගෙන යන එක.කාගෙවත් ජිවිතයක් අපට විනාශ කරන්න බැ.අපි මේ ලොකයේ අයිතිකරුවන් නොවෙමු.අපි මෙහි අගන්තුකයින් වෙමු.අගාන්තුකයා නැවත යා යුතුය.

    ReplyDelete
  9. උඹ ඇතැම් පොස්ට් වල ගරු කල යුතු පුද්ගලයින්ට හන්දියේ වල බැහැල ඉන්න සෙට් එකේ එකෙක්ව ආමන්ත්‍රණය කරන විදියට ආමන්ත්‍රණය කරන්නේ උඹ ඒ හැම කෙනෙකුටම වඩා ශේෂ්ඨ වගේ හිතෙන නිසාද නැත්නම් ඒ උඹේ හැටි ද?.

    ReplyDelete
    Replies
    1. //උඹ ඇතැම් පොස්ට් වල ගරු කල යුතු පුද්ගලයින්ට හන්දියේ වල බැහැල ඉන්න සෙට් එකේ එකෙක්ව ආමන්ත්‍රණය කරන විදියට ආමන්ත්‍රණය කරන්නේ//

      උදාහරණයක් දෙන්න පුළුවන්ද? ඊට පස්සෙ උත්තර දෙඥ්ඥං

      Delete
    2. මං හිතන්නේ රාජ් වගේ අයෙකුට උඹ කියා ඇමතීම හොඳ නැති බව තමයි ඔය උදාහරණයක් සහිත ප්‍රශ්නයෙන් අසරණයා කියලා තියෙන්නේ.

      Delete
    3. :) හරි හිනයි!

      Delete
    4. හෙහ්.. හෙහ්..හේඒඒඒඒඒ...අසරණය...

      Delete
    5. මම මේ කලෙකින් නමටම ගැලපෙන නම් හිමියෙක් දැක්ක!

      Delete
    6. @ ඉන්දික

      දැන් දැක්කයි?.. එහෙනම් එකත් හරි නේ.

      Delete
    7. අසරණයා
      වෙනම ලිපියකින් උත්තර දෙන්න පුළුවන් වේවි.

      Delete
  10. මේ වගේ කාළකන්නී නම් බෞද්ධයෝ කියන්නේ. ඒක බුදුන් දෙසූ දහමටත් නිගාවක්. මේ කාළකන්නියා මේ කල දේ බුද්ධාගමටත්, බෞද්ධයන්ටත්, ඒ නිර්මල දහමටත්, සංඝයා වහන්සේටත්, ශ්‍රී ලංකාවටත් කල නිගාවක්. මේවා හෙලා දකිමින් ප්‍රකාෂ නිකුත් කරන්න ඕන අපි නෙමෙයි. මහ ළොකු මහා නායක හාමුදුරුවරු. පඩික්කං පුරව පුරව මිනීමරුවන්ට පිරිත් නූල් බැඳ බැඳ ඉන්නවා. ගෝලයෝ සාසනේ කනවා. බුදු රජානන් වහන්සේ ප්‍රශ්ණ විසඳාගන්න කියලා දීලා තියෙන්නේ මෙහෙමද? මොකක්ද මේ කරන විනාශය. උපාසක උපාසිකාවන්ට බණ කියන්න ඉස්සෙල්ලා. හාමුදුරුවරුන්ට බණ උගන්නලා ඉන්න. අපරාදේ බේරගත්තේ, දැන් ඉතින් කරපු ගොන් කමට විඳවන්න එපාය. පැට්‍රල් ටිකක් දාන්න තිබ්බේ, නිවන් දකින්නම. හරක් මස් වලදන්න හොඳ නෑ, පව්, චිකන් බුරියානි කෑවට අවුලක් නෑ. මේක ථේරවාදද, රත්තවාදෙද?

    ReplyDelete
    Replies
    1. හේවගේ මහත්තය,

      ඉස්සරවෙලාම පැට්‍රොල් වක් කරලා ගිනි තබා ගත්තේ මේ හාමුදුරුවෝ නෙමෙයි.ඔබට අමතක උනාද දකුණු වියට්නාමේ ක්වාන් ඩක් හාමුදුරුවෝ.එතකොට නම කව්රුත් ඒ හාමුදුරුවන්ට කාලකන්නියෙක් කිව්වෙත් නැහැ.බුධාගමට අපහාස කළා වත් කියල කිව්වේ නැහැ. ඔබ එහෙම කිව්වද?

      Delete
    2. අදටත් ටිබෙට් රටේ ප්‍රසිද්ධ හැමතැනකම ගිණි නිවන භටයො ඉන්නව ගිණිතියාගන්න හාමුදුරුවරු වලක්කන්න. ඒත් ලෝකෙ උන් ඒ අයට ගරහන්නෙ නෑ මොකද ඒ ගිණි තියාගන්නෙ චීන ආක්‍රමණයට එරෙහි වෙන්න ඔවුනට තියෙන එකම එකම සහ එකම විකල්පය ඒක වෙලා තියෙන නිසා. වියට්නාම් කේසෙ එක මේ වගේ නෙමෙයි හාමුදුරුවො සමාධියෙන්ම ඉඳ අපවත් උනා අන්න ඒ නිසා ලෝකෙ අදටත් ඒ විශේෂ අධිශ්ඨානය ගැන කතා අකරනව, අගය කරනව. මෙතන උනේ පක්ෂෙන් පන්නපු කෙනෙක් මීට කලින් ලොකුවට ඉල්ලල නොදීපු දෙයක්වත්, රටේ හෝ සංඝ සමාජයෙ පොදු ප්‍රභල ඉල්ලීමක්වත් නොවෙන දේකට මාධ්‍ය කාරයො ගෙන්නගෙන කරපු සංදර්ශනයකට මිනිස්සු හිනා වෙන එක. ඔබ සත පහළවට බස් එකේ ගිය කාලෙ කෙනෙක් නම් මේ දෙකේ වෙනස නොපෙනෙන්නෙ අන්ධ භක්තිකයෙක් නිසා කියන එක පැහැදිලියි.

      Delete
    3. ඕනෑම දෙයක් සිදු වෙන පරිසරය ඒකෙ ගුණ-ගුණ තීරණය වෙන්න හේතු වෙනවා.

      Delete
    4. wmk
      සාමාන්‍යයෙන් අපි කතා කරන්නෙ අපිට හොඳට දැනෙන දේවල් ගැන. ටිබෙට් වල සිදුවන මරණයකට වැඩිය ලංකාවේ මරණය අපිට දැනෙනව.(දෙකම මරණ උනත්)

      Delete
  11. // සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝදෙනා උත්සාහ කරන්නේ 'තම කැමැත්ත අන් සැමගේ කැමැත්ත' බවට පත් කිරීමටයි.//
    ++++++++++++++++++++++++++++++++
    හරියට හරි රාජ්

    ReplyDelete
  12. තර්ජනය කරල ආගම වෙනස් කරනවා නම් වැරදියි,එත් අද ගම්මාන වල අන්‍යාගමිකරනයට හේතුව ආර්ථික සහන ලබාදීම....

    ReplyDelete
  13. අන්න විමලේ මාලිගාවට ගිහිල්ල කියල "රජ තුමනි.!ගව ඝාතනය නතර නොකලොත් මෙතුලම ගිනි තියා ගනිමි..." කියල.
    ලොක්කට කට කොනකට හිනා ආවලු.

    ReplyDelete
  14. අපට මෙන්ම සතුන්ටද ජීවත් වීමට ඇති අයිතියට මුලින්ම ගරු කළොත් නරකද?
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඒ සත්ව කරුණාව නිසානෙ බං අපි මේ උන්නාන්සෙ ගැන මේතරම් කම්පා වෙන්නේ.

      Delete
  15. මේ හාමුදුරුවො ගිනි තියාගන්නකොට ඒක වලක්වන්නෙ නෑතිව මුල සිටම ඒ ගෑණ දෑන දෑනත් පුවතෙ මාකට් එක ගෑණ පමණක් හිතලා ඒක වීඩියෝ කරපු නොමිනිසුන්ට නීතියෙන් දඩුවමක් නෑතිද ?

    ReplyDelete
    Replies
    1. අනේ මංද! ඒක අන්තිම පහත් වැඩක්. නමුත් වැඩිය කතා වෙන්නෙ නෑ ඒ ගැන.

      Delete
  16. මේ හාමුදුරුවො ගිනි තියාගන්නකොට ඒක වලක්වන්නෙ නෑතිව මුල සිටම ඒ ගෑණ දෑන දෑනත් පුවතෙ මාකට් එක ගෑණ පමණක් හිතලා ඒක වීඩියෝ කරපු නොමිනිසුන්ට නීතියෙන් දඩුවමක් නෑතිද ?

    ReplyDelete
  17. පරපන නැසීම බෞද්ධයෙකු ලෙස අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. එතකොට සිය පණ නසා ගැනීම අනුමත කරනවද?

      Delete
  18. අතීත ඉන්දියාවේ සිදුහත් නම් රජ කුමරෙක් ජීවත් විය. ඔහු ගිහි ගෙය හැර දමා ගොස් මිනිසාට විමුක්තිය ලබා ගත හැකි දහමක් පිලිබඳ ගවේෂණය කළේය. ආත්ම ගවේෂණයෙන් පසු අහිංසාවාදී ප්‍රයෝගික දර්ශනයක් එම ශේෂ්ඨ මිනිසා විසින් ජනතාවට හඳුන්වා දෙනු ලැබිය. මේ ධර්මය ලෝකයේ බුද්ධිමතුන් විසින් මනා සේ පිළිගනු ලැබිණ . එම දහම වතිකානුව මෙන් රටවල් අල්ලාගෙන ජන ඝාතන කිරීමට අනුබල දුන්නේ නැත, කුරානය මෙන් අල්ලාහ් නොඅදහන්නාගේ බෙල්ල කැපිය යුතු බව කීවේ නැත. මේ නිසා මෙම දහම මානවවාදී දහමක් ලෙසට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණි.

    මේ ධර්මය ලංකාවට ලැබුණු නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි බොහෝ විකෘති ඇති විය. දායකයන් විසින් ලබා දෙන සිව්පසේ ඇළුනු සමහර භික්ෂුන් ගිහියන්ටත් වඩා තන්හා අධික වී කාමභෝගී ජිවිත ගත කරන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙකු මහණ වුයේ සසර කලකිරී හෝ ආත්ම විමුක්තිය පතා නොව බඩගින්නෙන් මිදෙන්නටය. රැකියාවක් නොකොට අතපය නොසෙල්වා තුන්වේල කෑමට ඉතා සුදුසු පරිසරයක් සමහරු පන්සල් තුල ඇති කර ගත්හ. ඔවුන් දෙන දානයක් අපිට පමණක් දීපල්ලා යැයි ව්‍යංගයෙන් කිහ. මේ අනුව බඩගිනි බුදු දහම බිහි විය. දාන මාන කළමනා මුදල් වැඩිපුර ලැබීමේදී මේ පන්සල් සමහරු අසපු බවට පත් කර ගත්හ. දේශපාලකයන් පසුපස ගොස් ඔවුන්ට පිරිත් නුල් බැඳ ඔවුන්ගෙන් අනුග්‍රහ ලැබ ගත්හ. ගෞතම බුද්ධ නම් එම ශේෂ්ඨ දාර්ශනිකයාගේ ධර්මය තමන්ගේ උදර පෝෂණය සඳහා විකෘති කොට අමුතු දහම් දේශනා කළහ. මේ සිවුරුකාරයන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. යන්තම් පන්සිල් දීමටත් ගථා දෙක තුනක් ජප කිරීමට හැර වෙන දැනුමක් නොමැත. මේ නිසා ඕනෑම අන්තවාදියෙකුට මේ නූගත් සිවුරුකාරයන් උසි ගන්වා උද්ඝෝෂණ සඳහා පාරට දැක්කීමට හැකිය.

    බුදුදහම රැකීම සඳහා කියමින් මොවුන් පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු බවට පත් සිටිති. ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වැනි ෂඩ් ශාස්තෘවරු , සච්චක බමුණා වැන්නවුන් සමග මතවාදීව ගැටී සත්‍ය ඉස්මතු කරගත් නමුත් ධර්ම ඥානයක් සමාජ දැනුමක් නොමැති එහෙත් හරකුන්ට මෙන් දෙගාත් හයිය පමණක් ඇති මොවුන් බුදු දහම බේරා ගැනීමට කරන්නේ බුදුදහම වැරදි ආකාරයට අර්ථකථනය කරන වඳුරඹ සිරිවර්ධන වැනි මානසික රෝගීන්ගේ හිස් මතට පොලු මුගුරු පත බෑමය , ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමය. සිංහල ජාතිය බේරාගැනීමට කියමින් සායන වැටලිමය , අන්‍ය ආගමික ස්ථාන ගිණි තැබීමය.

    මේ සිවුරුකාර තලිබාන්වරු බොහෝදෙනෙකු සාමනේර කාලයේ දී පන්සල් වලදී වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගිකව අපයෝජනයට ලක් වූ වින්දිතයන් වෙති. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි.බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට

      Delete
    2. අසපු ගැන කතාව සම්බන්ධ පොඩි කුකුසක් තියෙනවා.. නමුත් ඉතිරි ටිකට එකඟයි..

      Delete
    3. ප්‍රවීන්May 29, 2013 at 9:07 AM

      තනිකර උපකල්පන මත ලියපු මනඃකල්පිතයක් මේවට 100%ක් එකඟයි කියන එවුන්ගේ අරමුණු පැහැලිදියි ස්වර්ණවාහානිය රේටින් වැඩි කර ගන්න මේක කලා නම් තමන්ගේ ස්ටැට් වැඩිකරගන්න ඕන දහ ජරාවක් ලියන්න මේ බ්ලොග් කාරයොත් සූදානම් බව මේ ලිපියෙන් පැහැදිලියි. එතකොට මේ තහනම් චවන කියන එකාට අසපු කතාව කකුසක් වෙලා ඉතිරි ටිකට එකඟ වෙන්න පුළුවන් වුනේ ඌ පන්සල් වලට ගරහන ඊනියා අසපු වාදියෙක් නිසයි. මේ ඔක්කොම රටට හෝ ආගමට ආදරෙන් ලියනව නෙවෙයි මස් කෑල්ලට බෝතලේට ආත්මයම පාවල දීලා සමාජය ඉඳිරියේ බොරු සුචරිතවාදීන් කියල පෙන්නන්න ලියන උන්.

      Delete
    4. තහනම් වචන - අසපු කාරයොත් බඩ ජහරියෝ සෙට් එකක් තමයි . අර එකෙක් කාලයක් බුදු රැස් පෙන්නුවේ අන්න ඒ වගේ තමයි . ඔය කෙහෙල් මල් අසපු අටවා ගෙන තරුණ කොල්ලො කෙල්ලො " නිවන්" යවන උන්නාන්සෙලාට වඩා උගත් සිල්වත් දහම ගැන ගැබුරු කතිකාවක් කරන්න පුලුවන් ස්වාමින් වහන්සෙලා ගම් වල පන්සල් වල ඉන්නවා , උන්වහන්සෙලා ටිවි රේඩියො වල හොස්ස දාන්න නොයන නිසා තමයි ගොබ්බ සේනා ල රටේම මිනිසුන්ගේ ඔලු ගෙඩි වල විකාර පුරවන්නේ

      Delete
  19. @ ඉන්දික උපශාන්ත.
    ඔබේ මතය අනුව වියට්නාමයේ හාමුදුරුවෝ නමක් තම උසස් පරමාර්ථය අනුව ගිනිතබා ගත්තාම ඒක වීර කමක්.තිබ්බතයේදී එහෙම උනාම එකත් ගරුකටයුතු දෙයක්. එත ලංකාවේදී එහෙම කලවිට එය නින්දා ලැබිය යුතු දෙයක් .

    එහෙම වෙන්නේ කොහොමද? භික්ෂුන් වහන්සේකට බුදු දහම කියා දෙන්නට පෙර,ඔබගේ මනස පැහැදිලි කර ගැනීමට මේ කාරණය ගැන භික්ෂුන් වහන්සේ නමක් විසින් ඉදිරිපත් කල මතයක් (ලංකාදීප පත්තරේ) මං ඉදිරිපත් කරනවා.

    "මුලනේ ගුණනන්ද හිමි 2013-05-25 22:42:24
    මෙහි අදහස් පළ කරන බොහෝ දෙනා දහම ගැනවත්,සිදු වූ දෙය පිළිබඳවත් හරි අවබෝධයක් නැතිව අදහස් පළකිරීම කනගාටුවට කරුණකි.බුදු සමයෙහි භික්ෂුවවට ප්රාෙණඝාතය බරපතල ඇවතකි.එය මහණකම පවා නැතිවන වරදකි.භික්ෂුඒවට විනයෙන් උගන්වන්නේ ආත්මඝාතනය දුක්කටාපත්තියක් බවයි.''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්යද ආපත්ති දුක්කටස්ස'' (මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ.) භික්ෂුකවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි. (ස)

    ReplyDelete
    Replies
    1. ප්‍රවීන්May 26, 2013 at 9:09 AM

      @wmk +++++++++

      ඔබ තුමාගේ අදහස නිවැරදියි මේ බ්ලොග් එක ලියන පුද්ගලයයි මේකේ අදහස් පලකරන ඔහුගේ බහුතර සහචර පිරිසයි, බුදු දහම වෙනුවෙන් කිසිත් නොකර යමක් කිරීමට උත්සාහ කරන්නන් හටත් අපහාස කරන කුහක නාමමාත්‍රික බෞද්ධයන් පිරිසක් බව මා නම් හඳුනාගෙන බොහෝ කල්. අවාසනාවකට දැන් ලංකාවේ බහුතර සිංහල බෞද්ධයන් මොවුන්ගේ ගණයට තමයි අයත් වෙන්නේ, මේ විදිහට ගියොත් නම් තව අවුරුදු 100ක් යන්නත් කලින් මේ රටෙන් බුදු දහම තුරන් වෙලා යන එක කාටවත් නවත්වන්න බෑ. අනගාරික ධර්මපාල තුමත් මරාණාසන්නයේදී යලිත් කවදාවත් ලංකාවේ උපත ලබන්න එපා කියල ප්‍රාර්ථනා කලේ මේ වගේ කුහකයෝ ඉන්න රටක මිනිස්සුන්ට කෙතරම් ගුණ කලත් වැඩක් නොවන නිසා වෙන්න ඇති.

      Delete
    2. ප්‍රවීන්
      නෑ! ලංකාවේ බහුතරය ඔබගේ වර්ගයේ. බුද්ධ දර්ශනය කරේ තියාගෙන යන උදවිය‍. හැබැයි ජීවිතයට ගතයුත්ත ගන්නෙ නෑ. අනුන්ගේ ඇසේ ඇති කෙන්ද සොයමින් සිටින අය.

      Delete
    3. @wmk: උසස් පරමාර්ථය පැහැදිළිව දැක්වෙනවා සමන්තපාසාදිකාවේ.. හිතළු නොකියා දහම සොයා බලා අදහස් දක්වන්න. වියට්නාමයේ හිමියන්ගේ ක්‍රියාවත් මේ ක්‍රියාවත්, බෝසතුන් දිවි දීමත්, ගෝධික තෙරුන් ගේ සියදිවි නසාගනීමත් යන මේවා එකක් වත් එකටෙක පෑහෙන දේ නොවේ.

      Delete
    4. ප්‍රවීන්May 26, 2013 at 3:52 PM

      @ රාජ්

      ඔබ වැන්නන් දන්න හෝ පිළිපදින බෞද්ධ දර්ශනයක් නෑ. ඔබ වැන්නන්ට අනුව ජීවිතයට ගතයුත්ත යනු නිර් ආගමිකයන් ලෙස සර්වාගමික මනෝ රාජ්‍යයන්වල ජීවත් වී, සෝද සෝදා මඩේ දැමීමට අවශ්‍ය වූ විට තමන් බෞද්ධ බව මතක් වී නින්දෙන් ඇහුරුනාක් මෙන් දැළි පිහි අතට ගත් වඳුරන් මෙන් හැසිරීමයි. ඔබ මෙහි ඉන්ද්‍රසාර යනුවෙන් අමතන්නේ ඔබගේ මවගේ සොර සැමියාට නොවන බව මාගේ වැටහීමයි.

      Delete
    5. ප්‍රවීන්
      මගේ දර්ශනය පිලිබඳව කතාකිරීමට ඔබට ඇති දැනුම-අවශ්‍යතාවය ලැබුනේ කොහෙන්ද? ඔබේ අශිෂ්ඨ වචන වලින් අපහාස කරන්නේ ඔබ ගරු කරන්නාට නොවේද? ඉන්ද්‍රසාර ඔබේ මවගේ සොර සැමියා වීම මට ප්‍රශ්නයක් නොවේ.

      Delete
    6. අයියෝ රාජ්

      ඔන්න තිරිසනා අවදි උනා

      Delete
    7. ප්‍රවීන්May 29, 2013 at 8:56 AM

      @රාජ් ඒක ඔබගේ හැසිරීමෙන් පැහැදිලියි අනික උබගෙයි අර අන්වර් මනතුංග කියන ඒකාගෙයි වැඩි වෙනසකුත් මට පේන්නේ නෑ. මට උබේ මූණත් තහඩුව මීටර් කෝකටත් පාර තොටක නම් මට අහුවෙන්න එපා !

      Delete
    8. ප්‍රවීන්May 29, 2013 at 8:56 AM
      //කෝකටත් පාර තොටක නම් මට අහුවෙන්න එපා !//

      ගොන් කතාවල ඉවරයක් නැද්ද?

      Delete
  20. රාජ් මේ ගැන මගේ මතය මෙහෙමයි.
    1. මුලින්ම කිසියම් කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙක් මරන්න, ඒ වගේම ස්වකීය ජීවිතය නැතිකර ගැනීමටත් කිසිම අයිතියක් නැහැ කියන එකයි මගේ මතය.
    2. මරණයකට අනුබල දීමත් වරදක්. ඒ අනුව මෙහිදී ස්වර්ණවාහිණිය සහ එහි මාධ්‍යවේදීන් විශාල වරදක් කර තිබෙනවා. මරණයක් වැලැක්වීමට උත්සාහ නොගැනීම නිසා. එය අපරාධයක්.
    3. සත්තු මරණ එක වැරදියි.
    4. යමෙක් සතුන් මරණව නම් අප කළ යුත්තේ එම මස් නොකා සිටීමයි. හැබැයි ඒකට හැමෝටම නිදහස තිබෙනවා කැමැත්තක් කිරීමට. ඒ නිසා මෙහිදී සත්තු මරණ එක වලක්වනවා නම් එය කළ යුත්තේ නීතියෙන් නෙමෙයි. නොකා සිටීමෙන්.
    5. 70% කිට්ටු බෞද්ධයෝ ඉන්න රටක සත්තු දහස් ගණන් මරණ්නේ අන්‍යාගමිකයින්ට කන්නම නෙමේනෙ. ඒ නිසා බෞද්ධයෝ කැමති අය ඉන් වැලකුනා නම් මේක නිකම්ම අඩු වෙයි නේද?
    උන් වහන්සේ සුගතියක ඉපදේවා!!!

    ReplyDelete
  21. ඇයි යකෝ අර සද්ද දාගෙන පාර්ලිමන්ට් ගිය හිමිවරුන්ගෙන් අන්තිමට ඉතුරු වුණ සැට් එකටවත් බැරිද ජනාදිපති මාමා ලවා මේක නවත්තන්න. හරක් මස් කන්න ඕන උන් වෙන ඔප්ෂන් හොයාගෙන වෙන සතෙක් වත් කන්නෙ නැතෑ..

    ReplyDelete
  22. සසරේ භයංකාර බව වැටහුනා නම් මේ හාමදුරුවෝ කවදාකවත් ඔය දේ කරන්නේ නෑ.අනුකම්පා සහගතයි.

    ReplyDelete
  23. සෝමා අක්කත් බීෆ් ඩෙවල් කෑල්ලක් හප හපා ස්වර්ණවාහිනියෙ රේටිං උඩගිය හැටි ආතොල් එකේ බලාගෙන ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සිරා කමෙන්ට් එක

      Delete
    2. @සිරා: බොරැල්ලේ EAP බාර් එකේ ඉඳන් වෙන්න ඇති

      Delete
  24. මම නම් කියන්නෙ අනිවාර්යෙන්ම සම හරක් අපේ අතින්ම මරන්න ඕන.
    නැත්නම් කවද හරි 225 හ 450 වෙනව.

    ReplyDelete
    Replies
    1. අර වැඩේ කරලද

      Delete
    2. ඒ වැඩේ කොරනවනම් කොරොවන්න ඕන හොද කේප්ප වස්සො දාල.

      Delete
  25. තවත් එක ජාතිවාදි මරණයක්.. තවත් ඒවා ඇත...උං කනවනං කාපුවාවේ. බලෙන් විවරණ දෙන්න බැරි විත්තිය බුදුන් දේශනා කොරල නෙව තියෙන්නේ.. ඔය හාමුදුරුවෝ කාරයාගේ වැරැද්දක් නෑ. ජාතිවාදි බලවේග වලට හොද එකෙන් ම අහුවෙච්චි හුනු පැටියෙක් නිසා..

    ReplyDelete
    Replies
    1. පව්කාර ඝෝශකයා උඹනං අපායටම තමා හොද

      Delete
    2. නපුංසක ඇනෝ කල්ලිය වැඩේට බැස තිබේ.

      Delete
    3. @තහනම් වචන

      එතකොට ඔබේ නපුන්සක බව පෙන්වූයේ ඇයි?

      Delete
  26. හාමුදුරුවො සියදිවි නසාගත්ත එක වැරදියි,
    ඒත් ඒක නිසා මේ බ්ලොග් ලියන ඊනියා බුද්ධිමතුන්, අර අමන මාරයා වගේ සිවුරෙන් පහ වෙච්ච හීරලුවො වගේම මේවා විකුනන් කන හොර විමල්ලා වගේ එවුන්ට ගහල පන්නන්න ඔනෑ,
    මුන්ගේ මෝඩ කටවල් ඇරෙන්නෙ තමන්ගෙ වාසියටම තමා,
    බ්ලොග්කාරයො හිට් වලට,
    විමල් ඡන්ද වලට.
    ඔක්කොම හොරු.
    වැඩක් නෑ කතා කරලා,

    ReplyDelete
    Replies
    1. ඔයත් චෝයි මාත් චෝයි

      Delete
  27. මුලින්ම මේ අදෝනාවාහිනිය ගැන එලි කිරීම ගැන රාජ්ට ස්තුතියි. ඇත්තටම ඔවුන් පුවත් කියා කියන්නේ තනිකර අදෝනාවල්ය. මිනිසුන් කුපිත වන ආකාරයේ දේවල්ය. මගේ විශ්වාසය නම මෙවැනි නාලිකා වලට පුවත් විකාශන අයිතිය ලබා නොදිය යුතු බවයි. සැබෑ පුවත් වුවද එහෙන් මෙහෙන් කපා ජනතාවගේ කුතුහලය ඇවිස්සෙන අකාරයට, ඕපාදුප අකාරයෙන් ගෙනේ එයි. ඒවා නැරඹීම නොකිරීම හොඳම දේ බව මගේ විශ්වාසයයි. වෙසක් දින කිහිපය නොවන්නට මාද ඔය පුවත් අසන්නේ මිතුරකුගෙන් වන්නට ඉඩ තිබුණි. මේ දවස් දෙකේ බණ දේශනා බලන්න අවශ්‍ය වූ නිසා මම ලංකාවේ නාලිකා නරඹන්න සිද්ද වුනේ. මේ රටේ දුක් පීඩා විඳින මිනිසුන් ගැන වාර්තා වැඩසටහනක් වගේ එකක්වත් කරන්න මේ මිනිසුන්ට බැරි ඇයි?

    දැන් මේ චීවරදාරී සාහාසිකයා ගැන කතා කළහොත්, ඔහු කර ඇත්තේ සාහාසික ක්‍රියාවලියකි. නීති පද්දතියක් කියා දෙයක් තියෙන රටක මේවා ගැන ක්‍රියාත්මක විය යුතු ආකාර ඇත. හැංගීම් වලට වහල් වී කරන මෙවැනි ක්‍රියා සමස්ත මහජනතාවම හෙලා දැකිය යුතුය. ඔහු අගෞරව කලේ බුද්ධ ශාසනයටයි. ඔහුගේ භික්ෂු භාවය අහෝසි කල යුතුය. විවිධ ජාතීන් ජීවත් වන රටක මෙවැනි දේ සාධාරණ නැත. අපි පව් යයි විශ්වාස කරන දේ, ඉස්ලාම් බැතිමතෙකු හෝ ක්‍රිස්තු බැතිමතෙකු පව් ලෙස නොදකී. ඉතිං ඔවුන් මස් පිණිස සතුන් මරයි නම් අපිට ඒවාට විරුද්ධ විය නොහැක. මේ චීවරධාරියා සහ එයාට උඩගෙඩි දුන් බලවේග පවසන්නේ මේ රටේ සෙසු ජනයාට අවශ්‍ය ගවමස් ආනයනය කල යුතු බවද ?
    ස්වාමීන් වහන්සේලාට කරනවානම් මීට වඩා සේවාවල් කිරීමට හැක. ජීවත් වීමට වකුගඩු ඉල්ලන අයට අප ස්වාමීන් වහන්සේලා වකුගඩු කී දාහක් ලබා දී තිබේද ? ඔහු අගෞරව කලේ එවැනි සංඝ පරම්පරාවකටයි. බුදු සසුනට පරිභව කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට උඩගෙඩි සැපයීමක් මින් සිදු වී තිබේ. ලංකාව සියදිවි හානි කර ගැනීම අතින් ලෝකයේ කප් ගසා තිබූ රටකි. ඒ වාර්තාව වෙනත් රටවලට යා නොදී රැක ගැනීමට දරන උත්සාහයයන් ලෙස මේවා ගෙන හැර දැක්වීම හැර වෙන දෙයක් කල හැකිද ?

    ReplyDelete
  28. හරකුන්ට, මිනිස්සුන්ට වඩා වටිනාකමක් තියෙන බව දන්නෙ දැනුයි. මෙච්චර මිනිස්සු මරණවා, අතුරුදහන් කරනවා. ඊට විරුද්ධ වෙන ජාත්‍යන්තර බලවේග වලට විරුද්ධව හෙළ උරුමෙත් අයිති ආණ්ඩුව රෙද්ද උස්සගෙන කෑගහනවා. මෙතන හරක් මරණ එක ගැන ගිණිතියාගන්නවා. ඇයි බොලව් මුලින්ම කෑගහන්න ඕනෙ මිනිස්සු මරණවට විරුද්ධවනෙ. ඒ වුනාට එහෙම කෑගැහුවම ඌ දේශ ද්‍රොහියෙක් වෙනවනෙ නේද?

    ReplyDelete
    Replies
    1. මස් කන්න පුරුදු වෙච්ච එකාට මිනී මස් උයල දුන්නත් කනවා ඒ ගැන මොකද කියන්නේ?

      Delete
  29. මොනම හේතුවක් නිස හෝ සිය පණ නසා ගැනීම පාපයක් හැටියට තමයි බුදු දහම හඳුන්වන්නෙ. හැබැයි ජාතක කතා අනුව ගියොත් ගෞතම බුදුන්වහන්සේ බෝධිසත්වයෙක් හැටියට එක වරක් කොටි දෙනක් කුස ගින්න නිසා තම දරුවන් කෑම වැලැක්වීමට දිවි පුදනවා. ඉතින් ඒක ජීවිත ගනනක් බේරන්න කල දිවි පිදීමක්. මෙතනදිත් හාමුදුරුවෝ නිර්නාමික සතුන් දහස් ගනනක් වෙනුවෙන් දිවි පිදු නිසා චේතනාව පාරිශුද්ධයි..ඒත් උන් වහන්සේට ජීවත්ව ඉඳගෙන ඊට වඩා මෙහෙයක් කරන්න තිබුණා. හැබැයි එහෙම කියල අනිත් පැත්තත් කියන්න ඕනෙ. බුද්ධාගම බේරාගන්න වගේම සතුන් මැරීම වලක්වන්න කෙසේ වෙතත් අවම කරන්න නම් කරන්න ඕනෙ ප්‍රතිපත්ති රකින සංග පරපුරක් හා ගිහි පරපුරක් ඇති කිරීමට වෙහෙසීමයි ආදර්ශයෙන් මිනිසුන් පෙලඹීමයි.. එහෙම නැතුව සිවුර කරට අරන් පොලිසිය එක්ක යුද්ද කරමින් රටේ නීතිය තමන් අතට ගැනීම නෙවෙයි..
    බුදුන් වහන්සේ වැඩසිටි අරමට අද්දර චුන්ද සූකර ඌරන් මැරුවා. බුදුන් වහන්සේ රජවරුන් හරහා නීති මගින් ඒවා නැවැත්වීම්ට තැත් කිරීම නිශ්පල බව දැන ගෙන පලමුව තමන් පාරිශුද්ධවීම පමණක් කල හැකි කලයුතු බව දේශනා කලා ක්‍රියාවෙන් ඔප්පු කලා. අදටත් මේ සත්‍යය ඒ විදිහටම වලංගුයි.. බටහිර රටවල ඇරඹුන නිර්මාංෂ ව්‍යාපාර ජනප්‍රියවෙන්නේ බුද්දාගම නිසා නෙවෙයි .. සතුන්ගේ අයිතිවාසිකම් පිලිගැනීමට තරම් බුද්දියෙන් මිනිසත්කමෙන් පරිනාම උන මිනිස්සුන් මූලික වීම නිසයි.. ‍රැකියාව උදෙසා රටවල සංචාරය කරන නිර්මාංෂිකයෙක් වන මම දශක යකට පෙර තරම් අසීරුකම් අද නොදකිමි. සෑම නගරයකම නිර්මාංශිකයින් සඳහා වෙන්වූ ආපන ශාලාත් සෑම ගුවන් සමාගමකම නිර්මාංෂික ආහාර සැපයීමත් බහුතරයක් හෝටල් වල නිර්මාංශික ආහාර වෙනම සැපයීමත් අද සාමාන්‍ය දෙයක්.. සෑම සතෙකුටම මේ මහ පොලොව මත වදයෙන් හිංසාවෙන් තොරව ජීවත් වීමේ අයිතියක් තියෙන බව පිලිගන්න තරම් මිනිසා මනුස්සත්වයෙන් පරිනාම වෙන්න කල්ප ගනනක් යාවි.අමතක කරන්න එපා මිනීමස් කා ජීවත් වූ මිනිසුන් සිටි යුගයක් නිමා වූ බව..මිස්නීමස් කෑ සියලු මිනිසුන් එය ආගමක් ලෙස සැලකූ බව හා එය වරදක් ලෙස නොදු‍ටු බව් අමතක කරන්න එපා ඒත් එක සත්ව ජීවිතයක් හෝ ‍රැකීම වටිනා දෙයක්.. පලමුවෙන්ම සංග පරම්පරාව නිර්මාංෂික විය යුතුයි.. මස් කැමේ වරදක් නැති බවට දේශනා කරන බහුතරයක් සිටින රටක ඔබ වහන්සේගේ පරිත්‍යාගය නිෂ්පල නොවේවා.
    සතුන් මැරිල්ල අපේ රටේ ශීග්‍රයෙන් වැඩිවේගෙන යන්නේ ඉල්ලුම වැඩිවීම නිසා මිස සැපයුම වැඩි වීම නිසා නෙවෙයි කලයුත්තේ ඉල්ලුම අඩු කිරීමයි එය කල හැක්කේ මිනිස් මනස් හැදීමෙන් විතරයි යන බුදු වදන මම මතක් කරන්නම්..
    දිවි පිදීමෙන් විසඳිය නොහැකි බව ඇත්තක් වුවත් අහිංසක සතුන්ගේ ජීවිත වෙනුවෙන් දිවි පිදූ ඔබ වහන්සේට මම ශීර්ෂ ප්‍රනාමය පුදමි..එහෙත් නියම මග එය නොවන බැවු බුදු හිමි පෙන්වූ මග බව නැවත් නැවතත් කියන්නෙමි..

    ReplyDelete
    Replies
    1. එකඟයි.

      කෝ අර ලයිසන් ප්‍රශ්නෙ? මේල් 1ත් දැම්ම මම?

      Delete
  30. ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්‍රලියාවෙන් ටින් කළ ගවමස් ආනයනය කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්---

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.4.00) ගව ඝාතනය නැවැත්වීමට උද්ඝෝෂනය කිරීම පිටුපස ඕස්ට්‍රේලියාවෙන් ටින්කළ ගව මස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසයි. චීවරධාරියෙක් ගිනි තබා ගැනීම දඩමීමා කරගෙන ආණ්ඩුව විශාල කොමිස් ගැහිල්ලක් බලාපොරොත්තුව මෙසේ කිරීමට යන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ කීවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැඛෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. පුක තමයි එතකොට ඔස්ට්‍රේලියාවෙන් පිටිකල කිරිපිටි ගේන ඒකත් මහා කුමන්ත්‍රණයක් වෙන්න ඇති නේද? මේ වගේ බ්ලොග් කාරයො ලියන ඒවයි ඔය ඊනිවුස් කාරයන්ගේ ගොන් කථයි හොඳයි උබල වගේ බත් කන හරක්ට.

      Delete
  31. kanna one eka kai... one nathi eka nikam indi...

    http://www.youtube.com/watch?v=AUCMtGXcLKY

    ReplyDelete