Monday, June 10, 2013

දිවිය ලෝකෙත් ප්‍රශ්න!

සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයන් බඹලොව බලා සැපත් වූයේ මහා බ්‍රහ්මයා සමඟ සුහද පිළිසඳරකටය. ඒ දෙව්ලොව සහ බඹලොව ඇති මිත්‍රත්වයේ නාමයෙනි. එහෙත් වැඩි වේලාවක් පිලිසඳරේ යෙදීමට නොහැකි විය.

“ශක්‍ර ඔබ දැන් යායුතුයි. විසඳීමට ප්‍රශ්නයක් ඔබේ දිව්‍ය ලෝකයේ ඇත”

“නැත මිතුර! සියළු ප්‍රශ්න විසඳා අවසන්ය. පාණ්ඩුකම්බලාසනය පාවිච්චියද අත්හල පසු ප්‍රශ්න ඇත්තේම නැති ගානය”

“එසේ නොවේ, මෙය අලුත් ප්‍රශ්නයකි. නුවණැතිව කටයුතු කල මැන!”

ශක්‍ර තෙමේ කල්පනා කරමින් රථයට ගොඩවිය. අලුත් ප්‍රශ්නයක්, අලුත් ප්‍රශ්නයක්.

“විගහට යං මාතලී......ලෑල්ලට පාගල යං......”

ඔහු දෙව්ලොවට පැමිණෙන විට අමුතු යමක් සිදුවී ඇති බැව් පෙනිනි.තැන තැන රැස්වූ දිව්‍ය පුත්‍රයන් පිලිසදරෙහි යෙදී සිටි අතර දිව්‍යාංගනාවන්ද වෙනදා තුබූ සුළු සුළු අමනාපකම් අමතක කරමින් කතාබහේ යෙදී සිටියෝය. එහෙත් ඔවුන් පැලඳි මල් මාලා මැලවී ඇති සෙයකි. වෙනදා ඇති මඳ සුලඟද තරමක් චන්ඩ වී ඇති සෙයකි. දෙව්ලොව එක් අන්තයක පිහිටි කල්ප වෘක්ෂය යට එකම අවුල් ජාලයකි.

“මොකද කලබලේ!....” රථයෙන් බසිමින් ශක්‍ර විමසීය.

“ඔබ වහන්සෙට ආරංචිද?” එක් දිව්‍ය පුත්‍රයෙක් වහා ලඟට පැමිණ ශක්‍රයා අතැති පැස අතට ගෙන ඔහුගේ සුරත නිදහස් කලේය.

“මට බ්‍රහ්ම කිව්ව ප්‍රශ්නයක් කියල, ඒකයි මම ආවෙ”

“සුරා පානය කල රුක් දෙවියන් රාශියක් අනවසරයෙන් දිව්‍ය ලෝකයට පැමිණියා ස්වාමීනි. ඔවුන්.....”

“ඇයි මොකද කලේ? කාගේ අවසර ඇතිවද ඔවුන් දිව්‍ය ලෝකයට පැමිණියේ? මනුලොව වෘක්ෂ තුල වාසය කරන ඔවුන්ට දෙව්ලොවට පැමිනීමට අවසර ඇත්තේ කල්පයකට වරක් බැව් අමතක වීද ”

“අතීතයේ අසුරයන් පැමිණි මඟ දිගේ ඔවුන් පැමිණ තිබෙන්නේ”

“ඊට පසු?”

“ටික දෙනෙකු කල්ප වෘක්ෂය අසලට ගොස් එයින් මනුශ්‍ය ලෝකයට ඇවැසි යම් යම් දේවල් ලබාගත්තා. කිහිප දෙනෙකු දිව්‍යාංගනාවන්ටද කරදර කර තිබෙනවා ස්වාමීනි” දිව්‍යාංගනාවක් පැවසුවාය.

“මොනවා?”

“එසේය ස්වාමීනි මල් නෙලමින් සිටි දිව්‍යාංගනාවන් කිහිප දෙනෙකුගේ අඟපසඟ වලින්ද අල්ලා තිබෙනව” ශක්‍රයාගේ අග මෙහෙසි දිව්‍යාංගනාව පැවසුවේ ඔහුගේ කනට ලං වෙමිනි.

“කල්ප වෘක්ෂයේ අතු කඩා දමා වනසා ඔබේ අමතර රථයටද හාණිකර ඔවුන් ගොස් තිබෙන්නේ”

“කල්ප වෘක්ෂයෙන් කංසා වගයකුත් ලබාගෙන තිබෙනවා ස්වාමීනි!”

“මහා විනාශයක් නොවෙද මොවුන් කර ඇත්තේ. කෙසේද මෙවන් බලයක් මොවුන්ට ලැබ්නේ?”

“ස්වාමීනි, ඔවුන් මනුලොවේ ආධාර උපකාර නිසයි මෙසේ හැසිරෙන්නේ” එවර කටහඬ අවදි කලේ රුක් දෙවිවරුන් සමඟ සම්බන්ධකම් ඇති මාතලීය.

“ඒ කියන්නෙ මාතලී?”

“මනුශ්‍ය ලෝකයේ, සිරි ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයන් සමඟ ඔවුන් සම්බන්ධ වී ඇතිලු!”

“මො මොනවා...

“මාතලී...... පැන් කෙන්ඩිය ගේනෙන්න...... එතුමා විසඥ වූ හැඩයි”

62 comments:

  1. ඒ කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයන්ට ශක්‍ර දෙයියොත් බයයි වගේ. ඔය දේශපාලකයෝ ඔහොම හැසිරෙන නසරානි ජාතියක්ය කියන වගේ වගක් මෙහෙ ඉන්න මහරජතුමාණන් වහන්සෙත් දන්නෙ නෑ මයෙ හිතේ. දන්නවනං එතුමා තරාතිරම නොබලා දඬුවං කොරනවනේ...

    ReplyDelete
    Replies
    1. එතුමා මේව දන්නව නං........

      Delete
    2. එතුමා මේව දන්නව නම් කරන එවුන්ව දඬු කඳේ ගහලා, දසවද දීලා හරි මේවා නවත්තනවා. ඒත් එතුමා මොනවා කරන්ඩද, කරන එවුන් එතුමාවත් රවට්ටලානෙ කරන්නෙ. එතුමා පව්.

      Delete
  2. හැක් හැමදාම උඹේ උපහාසය කියෙව්වම හිනාව වැඩි කමට අධෝ මුඛයත් හිනා වෙනවා.. හැක්. මට මතකයි චන්දරසේනගේ කේස් එක, ඒ වගේ තව ඒවා තිබ්බේ.. මම අහන්න හිටියේ මේ දවස් වල දැක්කේ නැත්තේ තෝ දිව්‍ය ලෝකේද හිටියේ.. නරයා

    ReplyDelete
    Replies
    1. රාජ් තාම නැන්දම්මා ගේ ගෙදරද ඉන්නේ?

      Delete
    2. අනුංගෙ මැසිමකිං එන්නෙ බං. මගේ ජාල ස්විච් එකට කෙලවිලා. ටික දවසක් යයි හදාගන්න.

      කකා
      යේස්. තාම දිව්‍ය ලෝකෙ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද මේ "යොතු යින්ඩි" ක්ලිප් එකක් හැමතැනම දාගෙන යන්නේ?

      Delete
    2. ඇයි පේටන්ට් එක ඔයාගේද?අවුල් අප්ෂට් ද?

      Delete
    3. මොකද්ද කෙන්ජි අයියේ මේක?

      Delete
  4. දැන් අවුරුදු තිස් ගානක ඉඳලා ගස් කපන හැටියට මං හිතුවේ රුක් දෙයියලා අභාවයට ගිය සත්ව කොට්ටාශයක් වෙලා හුඟක් කල් වෙන්න ඕනෑ කියලයි!

    ReplyDelete
  5. මං හිතුවේ මේක නාග ලෝකේට විතරයි වෙලා තියෙන්නේ කියලා...බලං ගියාම දැන් දිව්‍ය ලෝකේටත් කෙල වෙල වගේ......

    මනුස්ස ලෝකේ කථාවක් තියෙනවා නයාට ගහල පොල්ල වරද්දගන්න ඒපා කියලා....නාග ලෝකේ කථාවක් තියෙනවා මහින්දට ගහලා දලේ කඩා ගන්න එපා කියලා.......

    ReplyDelete
    Replies
    1. ඉස්සර බ්ලොග් ලිව්ව සෑම් තමයි ඔය කතාව කිව්වෙ

      Delete
  6. දිවිය ලෝකෙ heaven plus 3.3.1 version එකට අප්ග්‍රේඩ් කරලා බලන්න කියහං.
    තව Automatically download and install plug-ins ටික් කරන්න කියපං.

    ReplyDelete
    Replies
    1. එතකොට රුක් දෙයියන්ට මොකද වෙන්නෙ?

      Delete
  7. //කල්ප වෘක්ෂයෙන් කංසා වගයකුත්// :D:D:D

    දිව්‍ය ලෝකේ යන්ට තිබුනු අදහස අත් ඇරියා...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි බෑ කියනවනං මටත් බෑ.

      Delete
  8. මේ චායාරූපයේ තිබෙන මල් ගසුත් දෙව් ලොව තිබෙනවාද රාජ්?

    ReplyDelete
    Replies
    1. නැත. මෙය හුදෙක් දෙව්ලොව යාමට ගන්නා වරයක් පමණි.

      Delete
    2. @sAm හරියට වරම වරම ගත්තොත් ඇතුල්වීම නොමිලේ

      Delete
    3. Raigama
      මේ මල්වලින් තොර තැනක් දිව්‍ය ලෝකයක් වෙයිද?

      Delete
  9. http://ganakamadura.blogspot.com/2013/06/50-50-years-later.html
    මේ දවස්වල දිව්‍ය ලෝකෙ කතා වැඩි! මොකද මන්දා . . .

    ReplyDelete
  10. ප්‍රාදේශීය දේශපාලකයන්ට ඔහොම බයයි නම් අපේ මහරජතුමාට කොහොමට බය වේවිද...?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ලංකාවෙ කේද් වලට ඇඟිලි ගහන්නැත්තෙ

      Delete
  11. මේ දවස්වල හතරවටේ නිදන් හාරන, කැලෑ කපන සහ හොරාට එළිපිට කරන තව ඒවා එහෙම බලාගෙන ශක්‍රයත් නිකම් ඉන්න එකේ මාත් හිතුවා ෂුවර් එකට අපේ කට්ටියට උන්දැත් පරාණ බයෙන් ඇත්තේ කියලා... හි හි

    ReplyDelete
  12. ප්‍රදේශීය දේශපාලුවන්ට ශක්‍රයත් භයයි...එහෙමද....මම හිතාගෙන හිටියෙ ඒ පලාතෙ පොලෝසියෙ ඇත්තොයි මහ ජනතාවයි විතරයි භය කියලා...කිසිම දෙයක් කොරගන්න බැරි වෙයි කියලා ජනතාව භයට කතිරෙ ගහනවා...බීලා වැරදි කරන ගෝලයො ඇල්ලුවාම පොලෝසියෙ ඇත්තන්ගෙ කන අතගාන නිසා පොලෝසිය භයයි.

    ReplyDelete
  13. සක්‍රයාටත් කෙලෙව්වා එහෙනම්....

    ReplyDelete
  14. ඔය මන්තිරිලට නිකන් ගෑවුනු සම්බන්ධයක්වත් තියෙන එකෙක්වත් හීනෙන්වත් දිව්‍යලෝකයක් දකිනව බොරු. උන් හදන්නෙ තමන්ගෙ පාලන කාලෙ දිව්‍ය ලෝකෙ තමන්ම මවාගන්න. නැතුව ඉතිං ආයෙ යන්න වෙන්නෙ කෙලින්ම අපායටම නොවැ.

    උපහාසෙ නම් නියමයි රාජ්. ඉරිද පත්තරේක කොලම් එකක්වත් ඉල්ල ගත්තොත් නරකෙයි.

    ReplyDelete
  15. උපහාසය නියමයි. හැබැයි ප්‍රාදේශීය දේශපාලකයෙක් දැක්කොත් රාජ්ටත් දිව්‍ය ලෝකෙ යන්න වීසා ලැබෙන්න බැරි නැහැ.

    ReplyDelete
  16. ඕකුන්ම නේ තව ටික කාළේකින් දියවන්නාවට එන්නේ. එදාට නම් මේක සෝමාලියාවම වෙයි....

    ReplyDelete
  17. ලඟදීම රුක් දෙවියොන්ටත් තව ග්‍රහ ලෝකයක් හොයා ගන්න වෙයි!
    -Kandyan-

    ReplyDelete
    Replies
    1. හ්ම්! නැත්තං අපිට යන්න වෙයි.

      Delete
  18. ඊලඟ ඡන්දෙට ඉල්ලන්න ඕන..!

    ReplyDelete
    Replies
    1. අන්න කරනව නං වැඩේ. අතේ සල්ලි තියනවනේ

      Delete
  19. එල කතාව බං.....තාම හිනා...ඔය දේශපාලුවෝ ගැවුනොත් දෙවියොත් ඉවරයි...

    ReplyDelete
  20. මගේ නං හිත ගියේ රාජ් අර උඩම පිංතුරේ තියන ත්‍රෛලෝක විජයම් වලටයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ........ උඹත් යමක් කමක් දන්නව!

      Delete
  21. වැඩක් නැහැනේ, අඟ පසඟ අතගාපු එකේ නඩුව අහපු ගමන් දිව්‍ය ලෝකේ නඩු කාරයත් කියනවා 'හුහ්, ඔව්වා පෙන්නගෙන යන්නේ අතපත ගාවගන්න තමා' කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අන්න දැං මතක් උනේ...... ඒක දාන්න තිබුන නේන්නං.

      Delete
  22. යකෝ දිව්‍ය ලෝකෙ ගියානම් ත්‍රෛලෝක විජය පත්‍රම් ටිකක් ලේසියෙන්ම හොයාගෙන එන්න තිබ්බනෙ

    ReplyDelete
  23. අපොයි.. එතුමා බය උනේ කොයි වෙලාවෙ හරි ඉන් එකෙක් ඇවිත් කල්ප වුරුක්ෂෙ කපං යයි කියල වෙන්න ඇති..

    ReplyDelete
  24. කොහොමද අපේ කස්ටියගේ වැඩ..

    ReplyDelete
  25. රාජ් අර උඩ පිංතූරෙ තියෙන එවුවයින් ටිකක් පාවිච්චි කරලද මේක ලිවුවෙ. :D

    ReplyDelete
  26. ඒ මටත් ඔය පාර පෙන්නන්නකෝ ට්‍රිප් එකක් යනන් :D

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න හැදුවෙ ඒකමයි, හැබැයි දැන් නම් පරක්කු වැඩියි වගේ!

      Delete
  27. ඕකේ අන්තිම ටිකක් වෙනස් මචං.එතුමා විසඥ වුනා නෙමේ. වෙච්ච සිද්ධිය එක එක්කෙනා කිව්වේ එක එක විදිහට...

    දිව්‍යලෝක මාධ්‍යය - එතුමාට රුක් දෙවියෙක් වෙඩි තිබබා
    දිව්‍යලෝක පොලෝසිය - එතුමා රුක් දෙවියට වෙඩි තියන්න හැදුවා, පොලිසිය එතුමට වෙඩි තිබ්බා
    දිව්‍යලෝක උසාවිය - රුක් දෙවියට මතක නැති නිසා නඩුව තව දුරටත් පවත්වාගෙන යා නොහැක
    සෙස්සෝ - එතුමා සිය දිවි හානි කරගෙන ඇත.

    ReplyDelete
  28. හප්පා... සක්කරයත් බයයි එහෙනම් අපේ දේශපාලුවන්ට.... මදැයි... සක්කරයටත් වෙච්චි දෙයක්....

    ReplyDelete
  29. ලංකාවේ ඉන්න අය ලේසි නෑ නේද , හැමතැනටම අනසක පතුරනවා ... කාටද ආඩම්බර .

    ReplyDelete
  30. අයියා ඔයාගෙ බ්ලොග් එකේ ලිපියක් හෙට රෑ 8.30 ට බස් රේඩියෝව Cyber Express වැඩසටහනට ගන්න ඔයාගෙ අවසරය ගන්න ඕනෙ. ඉතින් ඒකට ඔයාගෙ විද්‍යුත් ලිපිනය එවන්න. අපිට මේල් එකක් එවන්න.

    ලස්සන පෝස්ට් එක!!

    ReplyDelete
    Replies
    1. raj_wvp@yahoo.com
      ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් ගන්න!

      Delete
    2. ස්තූතියි.. අයියා

      Delete
  31. දේශපාලකයෝ දේවාල ගානෙ යන හැටි දැක්කහම මටත් හිතුනා නිකම්ම පිහිට ඉල්ලන්න යනවට වඩා දෙයක් ඔතන ඇති කියලා...

    ReplyDelete