කාලෙකින් කතන්දරයක් කියන්න බැරිවුන නිසා මෙන්න ඒකට අවස්තාව.
ඔන්න ලඟදි දවසක අපේ කාර්යාලෙට ආව උසස් නිලධාරීන් වීමට පුහුණු වෙන තරග විභාගයකින් පාස්වුන කස්ටියක්. සාමාන්‍යයෙන් මේ වගේ උදවිය කාලෙන් කාලෙට එනව පුහුණුවට. මේගොල්ලට තියන පුහුණුවෙ එක අංගයක් තමයි සේවා දායකයන් ගැන හෙවිල්ලෙන් ඉඳීම. ඒ කියන්නෙ ආයතනයේ එක එක අංශ වලට තමුන්ගෙ වැඩ කරගන්න එන ජනතාවගෙ තෘප්තිය-මේකට කියන්නෙ සේවාලාභී තෘප්තිය කියල, එහෙම නැතුව එක එක ගොඩ වෙදකං වලින් ගන්න තෘප්තිය නෙවේ- ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් සිටීම.
ඔන්න දවසක් මේ නෝන-මහත්වරු සෙට් එක ෆෝම් කොල ටිකකුත් අරගෙන ගියා අපේ ඉඩම් අංශයට. මේ කිව්ව ෆෝම් එක එක්තරා විදියක ප්‍රශ්න පත්තරයක්. ප්‍රශ්න හතලිහක් පනහක් තිබුන. ඉතිං ඉඩම් අංශයට ආපු කස්ටමර්ලට මේ ප්‍රශ්නපත්තර බෙදල කිව්ව යන්න කලින් මේක පුරවල දෙන්න කියල.
සාමාන්‍යයෙන් අපේ කාර්යාලෙ තියන පලාත වගේ දුෂ්කර පලාත්වල කාර්යාල වලට එන බොහොමයක් මිනිස්සුන්ට ෆෝම් එකක් පුරවගන්නවත් තේරුමක් නෑ. අනිත් කාරණය තමයි මේ වැඩ කරගන්න එන්නෙ දැනුවත්භාවයෙන් අඩු උදවිය. ඒකටත් හේතුවක් තියනව. උදාහරණයක් විදියට රස්සාවක් කරන කෙනෙකුට තමුන්ගෙ උප්පැන්න සහතිකයක් ගන්න ඕනවුනා කියල හිතමු. ඉතිං එයා නිවාඩු දාල ඒ වැඩේට එන්නෙ නෑ. තමුන්ගෙ අම්ම හරි තාත්ත හරි තමයි එවන්නෙ. මේ කේස්එක නිසා තත්වය දරුණු වෙන හැටි තේරෙනවනේ. මේ වගේ දේට එන මනුස්සයො තමන්ගෙ අයදුම්පත්‍රය පුරවාගන්නෙ කාර්යාලෙම කාටහරි කියල, නැත්තං ඒ වැඩේටම ආපු කෙනෙක් ලවා.
ආයෙත් කතාවට ආවොත්, ඉඩම් අංශෙට ආපු වයසක මනුස්සයට ලැබුනනේ මේ වගේ ප්‍රශ්න කොලයක්. එයා ඒක අරගෙන ආව මගේ ලඟට.
“මහත්තය මේක පුරවල දෙන්නකෝ...... මගේ ඇස් පේන්නෙත් නෑ” මම බැලූකොට මේක අපේ හරි වැරදි හොයන්න ගහපු ප්‍රශ්න පත්තරයක් නෙව. මම එයාට ඒක පැහැදිලි කලා.
“ම්..... මේක තියෙන්නෙ ඔහේල මේ කාර්යාලෙට ඇවිල්ල වැඩක් කරගත්තම හරි වැඩේ කෙරුනෙ නැත්තං ඒ ගැන ඔහේගෙ හිතේ තියන දේවල් කියන්න. ඒක මම පුරවල හරියන්නෙ නෑනේ”
“ඒ උනාට මහත්තය මට තේරෙන්නෙ නෑ ඕව. අඩුගානෙ මට කියන්න මේක පුරවන හැටි”
ඔන්න මම කියවන්න පටන් ගත්ත.
“මෙම කාර්යාලයේ උපකරණ භාවිතය ගැන ඔබේ අදහස කුමක්ද? ඒ, ඉතා අසතුටුදාටකයි බී අසතුටුදායකයි සී තරමක් හොඳයි ඩී හොඳයි ඊ ඉතා හොඳයි.............”
මංතුමා කල්පනා කලා මේ ප්‍රශ්නෙ ගැන, “හෑ! කාර්යාලෙ තියන උපකරණ ගැන මේ මනුස්සය දන්නෙ කොහොමද? මුන්ට පිස්සු!”
මේ වැඩේ හරියන එකක් නෙවේ. මම ඊට පස්සෙ ඇහුව මොකටද ආවෙ? අපු වැඩේ කෙරුනද? ඒකට දවස් කීයක් ආවද කියල.
බැලින්නං මොකද්දෝ ලේසිපාසු නැති ඉඩම් කේස් එකකට මෙයා ඇවිල්ල තියෙන්නෙ. දවස් දහයක් විතර ඇවිල්ලත් තියනව. ඒ වගේම තව දවස් ගානක් එන්නත් තියනව කේස් එකේ බරපතලකමට. අන්තිමට මම ප්‍රශ්න පත්තරේ ආපිට දීපු කෙනාටම දෙන්න කිව්ව. මේ වගේ දෙයක් කරද්දි ටිකක් දැනුම තේරුම ඇති කෙනෙකුට දෙන්න ඕන. නැත්තං වැඩේ මුළුමනින්ම අසාර්ථකයි.
*************************************************************************
මේ තවත් කතාවක්. ඔන්න සේවාදායකයන්ගේ තෘප්තිය පිලිබඳ පුහුණුවකට ගියා කාර්යාලෙක එක්තරා නිලධාරිණියක්. මේ පුහුණුවෙදි උගන්නන්නෙ මිනිස්සුන්ට යහපත් ආකාරයට සලකන්නෙ කොහොමද කියන කාරණාව. සේවා දායකයා කරන්න බැරි දෙයක් කරල දෙන්න කියල ඉල්ලීමක් කලත් කාරුණිකව ඉල්ලීම ප්‍රථික්ෂේප කරන්නෙ කොහොමද වගේ කාරණා තමයි ඉගනගත්තෙ.
ඔන්න සතියක විතර ට්‍රේනින්එක අවසානයේ අර නෝන වැඩට ආව. එයා හිතාගෙන ආවෙ තමුන් ඉගනගත්ත දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඔන්න එනව සේවා දායකයෙක්, නෝන ටක් ගාල එයා පිලිඅරගෙන වාඩිවෙන්න කියල බලෙන්ම ඉස්සරහ තිබුන පුටුවෙ වාඩිකලා. සේවා දායකය මොනවදෝ කියන්න හැදුවත් නෝනගෙ කාරුණික වචන ඔහුගේ චචන අභිබවාගියා. නෝනගෙ දිග වාක්‍ය කිහිපයකට පස්සෙ සේවා දායකයට පුළුවන් උනා තමුන්ගෙ කටටත් අවස්තාව ගන්න.
“නෝන මම ආවෙ..... හොඳ තළ කැරලි තියනව ගන්නවද?...... හොඳ කිතුල්පැණිත් තියනව,.....කලවං නෑ,....... කාල බලල ගන්න පුළුවන් නෝන.........”
බැලින්නං මේ හාදය බඩු විකුණන කෙනෙක්! මේවගේ උදවිය අපේ කාර්යාල වලට එනව ඕන තරම්. අපරාදෙ නෝනගෙ කාරුණික වදන් ටික!
Thursday, June 13, 2013
සේවාදායක තෘප්තිය, හොඳ වර්ගයේ තල කැරලි සහ කිතුල් පැණි
Subscribe to:
Post Comments (Atom)
ඔය වගේ ට්‍රේනිං ගත්ත අය තමා එහෙනං මේ අපට ගියාම ටිං කිරි හිනා දාලා විකාර ප්‍රශ්න අහන්නේ.. හැක්..
ReplyDelete;-)
Deleteඉතිං අර නෝනට තිබුණනෙ අර තල කැරළි, කිතුල් පැණි කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න.
ReplyDeleteනෑ නෑ නෝන සැර කලේ නෑ. එයාට ඕන උනේ තමුන්ට කියල දුන්න විදියට වැඩ කරන්න. ඒකට අවස්තාවක් නැතිවුනානෙව. ආවෙ සේවා දායකයෙක් නෙවේ වෙලෙන්දෙක් නිසා.
Deleteහම්මේ මේ වගේ ඔලුව මංඥං වෙන බරපතල කතා ලියල මගෙ කඩමල්ලෙ අරෙහෙම ලිවුවෙ කම්මැලිකමට නේද ?
ReplyDeleteමොකද කියන්නේ රාජට දෙමුද ගේමක්. .අයියේ.. මේ දවස් වල රාජ් හොදටෝම කම්මැලි ගැහිලා.. මොකද මන්ද හීතලට වෙන්ටැති... හැක්..
Deleteඊයෙ වැඩ තිබුන දවසක් සරත් අයියේ. එහෙ මෙහේ දුව දුව බ්ලොග් කියෙව්වෙ. බරපතළ කාරණා ගැන හිතන්න කම්මැලියි ඒ වගේ වෙලාවට.
Deleteදේශකයා
අන්න මට ගේමක් දෙන්න හදනව එක්කෙනෙක් මාතලන්ගෙ-කකාගෙ අඩවියේ. මම ඇනෝ කමෙන්ට් දාල කියල. මං හිතන්නෙ මගේ කම්මැලිකම තේරිලා. :-)
ආයේ මොනවද ඇනෝ දේශකයෙක් මටත් ඉන්නේ ඔය හැම තැනම පහරන..
Deleteඋඹේ අර දෙවෙනි කතාව කියෙව්වාම මට මතක් වුනේ දවසක් රාජ් කියලා පොරක් බස් ඉඳගෙන යන කොට ටිකක් බරපතල නෝනා කෙනෙක් ඇවිත් ලඟින් හිටගත්තලු. එතකොටම රාජ් නැගිට්ටලු. අර නෝනා 'එපා එපා ඕනෙ නෑ' කියලා රාජ්ගේ උරෙස්සෙන් අල්ලලා ඉන්දෙව්වලු. රාජුත් සද්ද නැතුව ඉඳගෙන ටික දුරක් ගිහින් ආයෙම නැගිටින්න හදනවලු. නෝනා රාජ්ව ඉන්දවනවලු ඕනෙ නෑ ඕනෙ නෑ කිය කිය. අන්තිමට රාජ් බලෙන්ම නැගිටල කිව්වලු...
ReplyDelete(හරි මොකක්ද කිව්වේ කියාපල්ලකෝ මේ කතාව දන්න කෙනෙක්.
හෑ! ඒ ගමන මොන මරාලයක්ද?
Deleteඅනේ නෝනා දැන්වත් මට බහින්න දෙන්න. මං බහින හෝල්ට් එක පහුවුනා.
Deleteඔය "රාජ්" කෙනෙක් වෙන්න බෑ. මොකද නෝන කෙනෙක් ඉන්න තැන බහින්න හදිසි වෙන ඩයල් එකක් නෙවේ මෑන්.
Deleteකකා හරි. අඩේ ජනිතුත් කියලා තියෙනවනේ උත්තරේ.
Delete"මොන මගුලක්ද නෝනා? දැන් මගේ හෝලට් එක පහුවෙලා හෝල්ට් තුනකුත් ගියා. මට බහින්න දෙනේ නැද්ද?"
රාජ් මේ නෝනා හෙන බරපතල නෝනා කෙනෙක්. අර නැව් කඹෙයි, කපපු බැරල් බාගෙයි ඕනෙ වෙන සයිස්.
මචං ඒකත් හරියට අර ආනමාලු ගෙඩිය පිටිපස්සෙ සාක්කුවෙ දාගෙන පොඩිවෙනවට අල්ලගෙන බස් එකේ ගියපු කෙල්ලට පිටිපස්සෙන් හිටපු මනුස්සය "නෝනා දැන් අතාරින්න මම බහින තැන ළඟයි "කිව්ව වගේ නේද බං...
Delete@ හෙන්රි අයියා: රාජ් කිව්වලු "!@#@#$$%%^^&* මම බහින හෝල්ට් එක පහු උනා ...!!"
ReplyDelete1987 දී විතර අපේ දෙවැනි ලුතිතන් කෙනෙක් ආවා විධායක අධිකාරි හම්බවෙන්න හදිසියෙන්. I'm busy, wait for a moment කිව්වා විධායක අධිකාරි අර ලුතිතන්ට කතා කලේ විනාඩි 15 කට පසේ. මිනිහා හති දදා කියනවා සර්, කොටි ගහලා අපේ කොල්ලෝ ටිකක් මිසිං, මෙහෙන් කට්ටියක් යවාගන්න ඕනේ උන් ගැන බලන්න කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
එහෙම වෙලාවටවත්, ලොක්කගෙ ඕඩරේට පිටින් ගිහිල්ල ඔය විස්තරේ කියන්න බැරි තරම් උසස් නිලධාරීන්ට බයද? මොකද කාරණාවෙ බරපතලකම අනුව පණිවිඩය කිව්වට පස්සෙ, ඒක බැනුං අහන්න තරම් දේකට වඩා බරපතලයිනේ.
Deleteඅපොයි!!!!
ReplyDeleteමෙහෙම වැඩ නම් ඕනෙ තරම් කියලා වැඩක් නැහැ. පොතේ දැනුමෙන් එන ගොයියන්ගේ වැඩ. ප්‍රායෝගික නැති ඔලමොට්ටල වැඩ වෙන මොනවා කියන්න ද?
මේක පොතේ දැනුමට අමතරව සාමාන්‍ය සමාජය ආශ්‍රය නොකිරීමේ අවුලක් විදියටයි මම නං දකින්නෙ. මොකද බෙල්ල ගහල යන නැන් වලත් ඔලුව බේරගන්න උදවිය ඕන තරම් ඉන්නෙ. (ඔය උඩ ඉන්න සරත් ලංකාප්‍රිය මහත්තයත් එහෙම කෙනෙක්)
Deleteඅන්තිමට දාල ආව රාජ්.. මගෙ බෙල්ල කෙසේ වෙතත් දරු පවුල රැකෙන්න එපායැ..
Deleteපෝර්ම කොල සමීක්ෂණ ඕන නෑ...ආව වැඩේ කලට වේලාවට රස්තියාදු නොකර, බොරු පුස් පාට් දාන්නැතුව කරල දෙනවනං සේවාදායකයා ෆුල් සැටිස්!
ReplyDeleteහ්ම්. ඒත් එහෙම නොවෙන වෙලාවලුත් තියනව.
Deleteරාජ්‍ය සේවයේ සමහර අවුල් සහගත තැන් එනව. උදාහරණයක් විදියට දේශපාලන සම්බන්ධකම් ඇති උදවිය කියන දේවල් කලොත් ජොබ්එකත් නැතිවෙනව. නොකලොත් ගුටිකෑමේ සිට යාපනයට මාරුවීම දක්වා වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට බලය නැති සාමාන්‍ය මිනිස්සු යම්කිසි කරදරයක් විඳ දරාගෙන හරි වැඩේ කරගෙන පාඩුවෙ යනව. ඒත් මම උඩින් කිව්ව උදවිය එහෙම නෑ. ඒ වගේම මිනිස්සුන්ගෙ ඔලු තුලට අයහපත් චිත්‍ර මවන්නෙත් ඒ උදවිය.
උඹලට විතරක් නෙමෙයි පෞද්ගලික අංශෙත් එනවා ඕන තරම් ඔහොම කස්ටිය. දැන් ඒකත් ආදයම් මාරගයක් නේ. එක දවසක් ඔය වගේ ආපු එකෙක් මගේ කාමරේ මගේ පුටුවේ ඉඳගෙන කස්ටමස්ලා හැඬල් කරන හැටි මට කියලා දුන්නා. ඕන් ආවා කස්ටමර් කෙනෙක්. මම් මූගේ ක්ලේම් එක රිජෙක්ට් කරලා තිබුනේ. හොර පප්පෙක්. ඒත් මූ හැමදාම එනවා, එක එක ඉන්ෆුලවන්ස් එක්ක. මම ඌට කිව්වා අන්න අළුත් මහත්තයෙක් කාමරේ ඉන්නවා ගිහින් ඌත් එක්ක බේර ගන්න කියලා. අපිට උගන්නන ආපු එකා සමාජේ මෙළෝ දෙයක් නොදන්න පොතෙන් ඉගෙන ගත්ත එකෙක්. අරු කුණුහබ්බ දෙකයි කිව්වේ මෙන්න අපේ උපදේශක මහත්තයා කාමරෙන් එලියට ඇවිත් මට කියනවා. පොඩ්ඩක් බලන්න බොනවද කරන්න පුළුවන් කියලා. ඕන අපේ උපදේශකයෝ...
ReplyDeleteප්‍රතිඵලේ හැමතැනම එක වගේ අවුල්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් ආණ්ඩුවෙ කන්තෝරුවල ඉන්න ගෑණු / මිනිස්සුන්ට තමුන්ගෙන් වැඩක් කරගන්න එන අයට කාරුණිකව කතාකරලා යහපත් සේවයක් දෙන හැටි කියලා දෙන වැඩමුලු තියනවා කියන එකත් අහන්න සතුටුයි.
ReplyDeleteදවසක් මං රණ්භාණ්ඩ අංශෙ වැඩ කරද්දි අපි සේප්පුවෙන් රන්භාණ්ඩ ගන්නා වෙලාවක ආපු කෙනෙකුගෙන් ඇහුවා උකස් බේරන්නද ආවෙ කියලා. ඔව් කිව නිසා උකස් පත්‍රිකාව යැවුවා සේප්පුවට. (නැත්නම් තවත් පැයකට වඩා කාලයක් ඉන්න වෙනවා අාපසු සේප්පු අරින්න) ටික වෙලාවකට පස්සෙ ඒ මනුස්සයා කියනවා මම ආවෙ මැරුණුෙකනෙකුගෙ රත්‍රන්බඩු බේරගන්නෙ කොහොමද දැනගන්නයි කියලා. එදායින් පස්සෙ ඉක්මන් සේවය ලබා දෙන එක නැවැත්තුවා මම.
ReplyDeleteපොතේ දැන්මෙන් ‘දෙන්නං වැඩේ‘ කියලා හිතාගෙන එන උදවියත් ටික දවසක් වැඩ කරද්දි ප්‍රායෝගිකව වැඩ කරන්න පුරුදු වෙනවා. එතකං ඉතිං අපිට ආතල් දෙන එක තමා ඒ අයගෙන් වෙන ලොකුම සේවය.
ReplyDeleteරාජ් ඔයා කතා කරලා තියෙන්නේ හොඳ මාතෘකාවක්. ලංකාවේ ජන ජීවිතේ තේරුම් ගන්නේ නැතිව මොනවාවත් කරන්න බැරියි කියන එකයි මගේ විශ්වාසේ. මම ලංකාවේ හැම මුල්ලකම ගිහිං තියෙන නිසා දන්නවා මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ බලාපොරොත්තු. අපේ බොහොමයක් දේශපාලඥයෝ ඉඳලා රජයේ, පුද්ගලික, සහ නගරබද වැසියෝ දන්නේ නෑ මේ දේ. අනික ලංකාවේ වැඩියක් ඉන්නේ මේ කුලකයට අයිති අය. හරි නම් ඔවුන්ගේ අවශ්‍යතා අනුව තමයි රටේ බොහෝ දේ සිදු වෙන්න ඕනේ.
ReplyDeleteමරු කථා දෙක... දෙවැනි එකනම් නියමයි .. අර නෝනා ට මොනවා හිතුනද දන්නේ නැහැ ..හික්..
ReplyDeleteඅපො ඔය වග්.එ කස්ටමර් සර්විස් ගන බන කියන අයනම් ඔන තරම්.වඩක් කරන්න පුලුවන් අය තමයි නෑත්තෙ
ReplyDeleteසැහෙන්න වැදගත් කතාවක් රාජ්.
ReplyDelete