Monday, June 24, 2013

බ්ලොග් කියවන්නන් වෙත කරුණාවෙනි!

"ඇමතීම" අවුලක් වීම පිලිබඳ අපූරු මාතෘකාවක් සහිත ලිපියක් අජිත් පැරකුම් මහතාගේ ඩබ්ලියු ත්‍රී ලංකා අඩවියේ පලවී තිබිනි. ස්වාමීන්වහන්සේ කෙනෙකුට "ඔහු" යනුවෙන් ඇමතීම පිලිබඳව පාඨකයෙකු අසතුටට පත්වීමක් ඊට හේතුවී තිබිනි. මේ බ්ලොග් අඩවියේ පලවූ ලිපියකද "ඇමතීම" සම්බන්ධව පාඨකයන් කිහිප දෙනෙකු දැක්වූ ප්‍රථිචාර අරභයා ලිපියක් ලිවීමට සිටියද එය ප්‍රමාද වූ බැවින් මෙසේ ලියමි.

"ඇමතීම" සම්බන්ධව මේ බ්ලොග් කරුවාගේ ස්ථිර ප්‍රථිපත්තියක් වෙයි. ඒ මෙසේය,

1.යම් සංඝ්‍යාවහන්සේ කෙනෙකු, අන්‍යාගමික පූජකතුමෙකු, මහත්මයෙකු-මහත්මියක, මහජන නියෝජිතයෙකු.... අදාල ගෞරව නාමය ලැබීමට සුදුස්සෙකු නම් ඔහුගේ නාමයට මුලින් ගෞරව පදය යෙදීමත්,

2.යම් සංඝ්‍යාවහන්සේ කෙනෙකු, අන්‍යාගමික පූජකතුමෙකු, මහත්මයෙකු-මහත්මියක, මහජන නියෝජිතයෙකු.... අදාල ගෞරව නාමය ලැබීමට සුදුස්සෙකුද නැත්ද යන්න නිශ්චිතව නොදන්නා විටද සැකයේ වාසිය ඔහුට/ඇයට දී අදාල ගෞරව නාමය දීමට මෙම බ්ලොග්කරුවා පසුබට නොවේ.

3.එහෙත් යමෙකු තම තනතුරට අදාල ගෞරවය රැකගැනීමට අපොහොසත් වනවිට ඔහු/ඇය නමින් හෝ වෙනත් අයුරකින් ඇමතීමට සිදුවීම නොවැලැක්විය හැක්කකි. ප්‍රශ්නයට තුඩුදෙන ඇමතීම් වන "ඥානසාර", "ඉන්දරතන",... වැනි යෙදුම් භාවිත කිරීමට සිදුවන්නේ මෙම කොන්දේසිය යටතේය.

4.මීටත් අමතරව, සමහර විටෙක "මහත්මාකම" අමතක කර දමා "මහත්මයා" යොදන අවස්ථාද තිබේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා, මර්වින් සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා...
මෙසේ යෙදීමේදී මුලින් කී කොන්දේසි උල්ලංඝනය වන ආකාරයක් පෙනුනද එය එසේ නොවේ. මැතිතුමා මහත්මා වැනි ගෞරවාර්ථ පද දීර්ඝ කාලයක් ඔවුන්ගේ නම සමඟ යෙදී, (ඔවුන්ගේ ක්‍රියාවන් හේතුවෙන්) ගෞරවය ඉවත්වී වචනය පමණක් ඉතිරිවී ඇති අවස්ථාවයි මේ. :D


සාමාන්‍යයෙන් ලාංකීය සමාජයේ "ඇමතීම්" තරමක් සංකීර්ණ ස්වරූපයක් ගනී. මහත්මා ගති ඇත්තේ වුවද ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ගායික-ගායිකාවන්, නළු නිළියන් සඳහා මෙම ගෞරව පද භාවිතා නොවේ. උදාහරණයක් ලෙස ක්‍රිකට් විස්තර විචාරයේදී "මහේල ජයවර්ධන මහතා" වැනි වදන් පාවිච්චි කිරීම විකාරයකි.

අනෙක් අතට මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ලංකාවේ තත්වය ඉඳුරාම වෙනස්ය. ඕනෑම ජඩයෙකු එහිදී "මැතිතුමෙකි" නැතිනම් "මැතිණියකි". ඒ ලංකාවේ ක්‍රමයයි.
මා දැනට සේවය කරන ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය අසල පිහිටි ප්‍රාදේශීය සභාවේ ලිපිකරුවෙකු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පහර කෑමකට ලක්විය. හේතුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ වැටුප් බහාලන කවරයේ ඔහුගේ නම සමඟ "ගරු" යන්න නොමැති වීමයි.

ඇමතීම සම්බන්ධයෙන් අජිත් පැරකුම් මහතාගේ ලිපියෙහි වැදගත් අදහස් කිහිපයක් මතුවී තිබුනි. එකක් නම් ඇමතුම් ලබන්නා කවර ආකාරයේ අයෙකු වුවද ඔහුට ගෞරවයෙන් ඇමතීම අමතන්නාගේ මහත්මා ගතියක් බවයි. එය එක් එක් අයගේ කැමැත්තයි. අනෙක් අදහස නම් ඇමතීමේ ක්‍රමය හේතුවෙන් ලියා ඇති ලිපියේ අවධානය වෙනතකට යොමුවිය හැකි බවයි. එය නම් සත්‍යකි. මේ සටහන ඒ වෙනුවෙනි. එවිට අඩුම තරමින් එවැනි අවස්ථාවක මෙහි සබැඳිය හෝ දක්වා පලායාමට හැකිය.

78 comments:

  1. නළු නිලියන්ට, ගායක, ගායිකාවන්ට සහ වෙතනත් කළකරුවන්ට මහතා/මහත්මිය යනුවෙන් කියනවා මා අසා තියෙනවා අනන්තවත්.

    අද මා ගායනා කරන්න යන්නේ එඩ්වඩ් ජයෙකොඩි මහතාගේ ගීතයක් / ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගේ ගීතයක් .....

    ඒක මං අජිත් පැරකුම් ගේ ලිපියේ කිව්වා වගේම ඔවුන්ට කරන අපහාසයක්.

    මං නං කියන්නේ කාටත් නම කිව්වාම ඉවරයි. පුජ්‍ය අයට පුජ්‍ය කියන්න.

    ReplyDelete
    Replies
    1. APPE ME APE KAKKA THUMA NEDA, BLOG LOKAYE KIRULU PALAN RAJU, ITHAMA HARA BARA KATHA LIYANNE, PUKA, JOKKU, CHOO, PADA JEE ADIYA GENA. HARIMA RASAWATH. KATHA.

      Delete
    2. එඩ්වඩ් ජයෙකොඩි (මහතා) වගේ ප්‍රවිනයෙන්ට ගෞරවාර්ත පදයක් යෙදීමේ වරදක් මමනම් දකින්නේ නැහැ. නමුත් තාක්ෂණයෙන් සින්දු කියන අයට පට්ටම් එල්ලීම විකාර වැඩක්.

      Delete
    3. කතන්දර කාරයා
      එකෙන්ම!

      අංකල්
      අංකල් හැම වෙලාවෙම කකා එක්ක පැටලෙන්නෙ ඇයි. කැපිටල් අකුරින් උනත් මොකක් හරි හොඳ ප්‍රතිචාරයක් දක්වනව නම් හොඳයි.

      අරවින්ද
      ප්‍රවීන ආධුනික විදියට බෙදන්න ගියොත් තවත් අවුලක් හැදෙයිද?

      Delete
    4. KAKA EKKA PATALUNE NEHE NE AYUOBOWANDA, E THUMAGE HAKIYAWA, DAKSHAKAMA WENUWA MISA.

      Delete
  2. මිනිස්සුන්ට නමක් දීලා තියෙනවනේ. ඒකෙන් කතා කලාම හොඳටම ඇති. අර ගෙවල් වල පුංචි මහත්තයා. හිච්චි මහත්තයා කියනවා වගේ. ප්‍රේමදාස මහත්තයා, මහින්ද මහත්තයා නම් ලියාපදිංචි වෙලා...

    ReplyDelete
    Replies
    1. එතකොට මගෙ රනිල් මහත්තය.

      Delete
    2. කෙන්ජියෝ.. මට හුරු වෙලා තියෙන්නේ රනිල් ලොක්කා කියලා... මහින්ද මහත්තයටත් හුරු වෙලා තියෙන්නේ නිකංම ලොක්කා කියලා.. මගේ පල් හෑලි වල දැකලා ඇති නේ...

      Delete
    3. 'මගේ පල් හෑලි'...... ඔයටික තේරුම් ගන්න ඔයා කොච්චර වචනයි කාළෙයි නාස්‌ති කලාද ?

      Delete
    4. ඉතින් ඔයාට අර්ශස්ද ඒවා බලන්නේ...

      Delete
    5. දේශපාලකයන්ට සින්න වෙච්ච වචනයක් තමයි ඔය මහත්තය කියන්නෙ. මම නං ඒ ඇමතීම යොදන්නෙ නියුට්‍රල්! කිසි ගෞරවයක් එතන ඇත්තෙ නෑ.

      Delete
  3. රාජ් ඔය "ගරු"කියන නාමය,නමේ ඉදිරියට දමන්නෙ කිසිම මුදලක් අය නොකොට සේවයක් සපයන අයටයි.
    අද හැම ගස් බල්ලන් ගෙ නම් ඉදිරියෙ "ගරු"කෑල්ල තියෙනව.
    අද "ගරු"නාමයත් බල්ලට ගිහිල්ල.

    ReplyDelete
    Replies
    1. අපේ අයියලා වචනේ තේරුම දන්නේ නැතිවයි ඔහොම කියන්නේ. ඒගොල්ලෝ ගරු කියන්නේ ගරු කොරනවා කියලා හිතාගෙන. ඒක අහ ගන්න බොහෝ අයත් හිතන්නේ ගරු කියන්නේ ඒකට කියලා. හරියට අර fibre කියන එක කෙඳි සහිත කියන පරිවර්ථනේ වගේ. අපේ තාත්තලාගේ පරපුර කෙඳි සහිත ආහාර කිව්වේ කෙහෙල් බඩ, කොහිල වගේ ජාති වලට. නමුත් නියම fibre content තියෙන ආහාර තමයි කුරක්කන්, ගස්ලබු වගේ නිකම්ම කැඩෙන දියවෙන ඒවා.

      Delete
    2. ඔන්න අපිට නම් ගරු කෑල්ල දැම්මට අවුලක් නෑ..
      ගරු මාතලන් මහතා
      ගරු රාජ් මහතා
      ගරු මාරයා මහතා
      ගරු කතන්දර මහතා

      මොකෝ අපි කරන්නේ ගරු සේවයක්නේ.. ලංකා ඊ නිව්ස් වගේ ආධාර ඉල්ලන්නෙත් නෑනේ..

      Delete
    3. සහතික ඇත්ත.
      අද සිට ඒ ඇත්තන් සියලු දෙනාට මම එසේ භාවිතා කරමි.

      Delete
    4. ගරු මැලේ රාළ මහතා ................. හි හි හි නියමයි ඔයි .........

      Delete
    5. ගරු කෙන්ජි මහත්මයා කියන කතාව හරි. ඒත් ඔය මුදල් අය නොකරන ගොඩට අපේ එතුමන්ලත් වැටෙනවනේ.
      ගරු සුදීක මහත්මයා කියන්නෙත් පංකාදු කතාවක්. මාත් හිතං හිටියෙ කෙඳි සහිත කියන්නෙ ඔය කෙඳි තියන කෑම කියල. ගරු මාතලන් මහතාගේ සහ ගරු මැලේ රාළ මහතාගේ අදහසට බොහොම ස්තුතියි.

      Delete
    6. කෙන්ජියට කොහොමද ගරු කෑල්ල දාන්නෙ? ඌ කරන සේවෙ මොකක්ද? කෙන්ජිය කරන්නෙ සේවනේ..... එතකොට ගරු නෙවෙයි... සෙවල...

      Delete
    7. ගරු ඇනෝ;
      බලහත්කාර කමෙන් නම් අපාචාරය.
      ඉල්ලද්දී දෙන සේවනය පන නල තියෙන එව්වන්න්ට ගරු බුහුමන් ලැබෙන කරුනක් වෙනවා.

      Delete
  4. ඇමතුම ගැන ඔබේ නිර්ණායක ඉහළින් දී තිබෙනවානේ. ඉතින් ඒ ඔබේ මතය. අනෙක් අයගේ මත එයිට ඉදුරා වෙනස් විය හැකියි. ඉහත කතන්දර කියනවා සේ නමින් පමණක් අමතන සංස්කෘතියක් තිබුණා නම් හොදයි. ඒත් අපට එවන් පුහුණුවක් නැ. ඒ නිසාම අප විවිධ පුද්ගලයන් අතරේ ගරු කරන්නට ගොස් විහින්ම බයාදුවනවා.
    මගේ ප්‍රතිපත්තිය ගරු කළ යුත්තාට ගෞරවනීයව ඇමතුමයි. ඒත් ඔහු ඉදිරියේ බයාදුවන්නටනම් යන්නේ නෑ. එවන් තත්ත්වයන් තුළ වදනිනි දෙකෙන් ඒ පුද්ගලයාවත් ඒ ගොඩටම දානවා කොහොම හරි.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රතිපත්තිය ගරු කළ යුත්තාට ගෞරවනීයව ඇමතුමයි.
      මගෙත් ඒක!

      Delete
  5. අනිඛ ලංකාවේ ඔබතුමා කියන වචනේ භාවිතා කරන්නේ දැන් නම් අපහාසයට දෝ කියා හිතෙනවා.

    මං කලින් දවසක කතන්දරයක කිව්වා වගේ එක දවසක් අර්ජුන රණතුංග කියන දේශපාලන අංකල් ගෙන් මං පොඩි ප්‍රශ්නයක් ඇහැව්වාම, පොර උත්තර දෙන්න කතාකලේ ඔබතුමා කියලයි.

    http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

    මට නං හිතෙන්නේ ඒ වගේ තැන්වල, අර ටැලිවිෂොන් වලට කතාකරලා ප්‍රශ්න අහන අයට හෙම ඔබතුමා කියන්නේ කිචේට කියලයි.

    ReplyDelete
    Replies
    1. OBA THUMAGE OYA PUKE LINK OBATHUMAGE GEDARA ELLA GANTA. EWA METHANATA UWAMANA NEHE.

      Delete
    2. ඔව්. ඔබතුමා කියන්නෙ අපහාසාත්මක විදියට යොදන්න පුළුවන් වචනයක්.

      Delete
  6. කාටත් නමින් ඇමතුවාම ඇති. ආරළු බූරළු අවශ්‍ය නැහැ. පූජ්‍ය පක්ෂයට පමණක් පූජ්‍ය කිව්වම ඇති. අනික ගරු කියන්න එකෙක් ඉන්නව ද මේකෙ. ගරු කියන්නෙ කෙන්ජි කියනව වගේ නොමිලෙ සේවය කරන කියන එක. එහෙම අයෙක්ට ඒක කිව්වට කමක් නැහැ. නමින් ඇමතිම ප්‍රමාණවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහවෙදන.

      Delete
  7. තමන් තමන් කැමති විදියට අනිත් අයව හඳුන්වන්න පුලුවන්, ඒකෙ කිසි ගැටලුවක් නෑ. මොකද හරි වැරද්දෙන් වැඩක් නෑ, ලංකාවෙ විදියට හොඳ හෝ නරක ප්‍රතිඵලය ලැබෙන්නෙ අමතන්නාටමනෙ, රාජ් කියනවා වගෙ අර ලිපිකරුවට වගෙ. නමුත් ගැටලුව තියෙන්නෙ මට කවුරුත් ලොකු නෑ කියන කස්ටිය හොරෙන්ම ගිහින් දණ ගාගෙන කතා කරන විට. උදා: ඔය කාට කාට කාටත් මහින්ද ලඟට ගිහින් කතා කරන්න ලැබුනොත්? එහෙම නැත්නම් "ගරු" මර්වින් "මැතිතුමා" ඉන්න රැස්වීමක "එතුමා" ට කතා කරන්න ලැබුනොත්? කොරයිද?

    එත රාජ්ගෙ ඔය උඩ තිය අංක 3 යි 4 යි ටිකක් පරස්පරයි නේඩ? නිකන් දඩමස් ගොරක උනා වගෙ නැද්ද?

    (කොමෙන්ටුව දැම්මෙ වලියක හෙම නොවේ :D)

    ReplyDelete
    Replies
    1. itnishantha
      \එකෙන්ම

      නැති තැන බනින්නෙත් ඇති තැන දෙකට නැමිලා පුටුව දෙන්නෙත් කරන්න දෙයක් නැති නිසා. කපන්න බැරි ඇත ඉඹිනවා කියන්නේ ඕකට

      Delete
    2. මංතුමා නං දනගාගෙන යන්නෙ මගේ පුතා පිටේ තියාගත්තම, ඌ එක එක අහුමුළුවල රිංගුවම විතරයි. ඒ නිසා ඒව මට අදාල කාරණා නෙවේ. හැබැයි මෙහෙම දෙයක් තියනව, මිනිස්සු මූනට ගරු නම්බු දීල ඇමතුවෙ නැත්තං ඒකත් අවුල් වෙන වෙලාවල් තියනව. අපි හිතමු අර ලිපිකරුව ගුටිකෑවට පස්සෙ "ගරු" යෙදුව කියල. ඒත් ඇත්තටම එතන බයට ගරු කරනව මිසක් හැබෑවට ගරුකිරීමක් නෑ. ඒ ගරු කිරිල්ලෙන් වැඩකුත් නෑ.

      3,4 පරස්පරයි කියල මම කියල තියනව පෝස්ටුවෙ
      //මෙසේ යෙදීමේදී මුලින් කී කොන්දේසි උල්ලංඝනය වන ආකාරයක් පෙනුනද එය එසේ නොවේ. මැතිතුමා මහත්මා වැනි ගෞරවාර්ථ පද දීර්ඝ කාලයක් ඔවුන්ගේ නම සමඟ යෙදී, (ඔවුන්ගේ ක්‍රියාවන් හේතුවෙන්) ගෞරවය ඉවත්වී වචනය පමණක් ඉතිරිවී ඇති අවස්ථාවයි මේ. :D//

      Delete
    3. එහෙම කොන්දේසි දාන්න බෑ, මේකෙන් හරියටම කියවෙන්නෙ කන්න ඕනෙ උනාම කබරයත් තලගොයා කරන කතාවමයි.

      ඔයාම කියල තියනවනෙ "එහෙත් යමෙකු තම තනතුරට අදාල ගෞරවය රැකගැනීමට අපොහොසත්..... ", ඉතින් නිකමට ගමු මර්වින්ව, ඉතින් අනිත් අය මහත්තයා/එතුමා කිව්ව කියල ඔයාට වැඩක් නෑනෙ, ඔයාගෙ කෙලින් ප්‍රතිපත්තියෙ හැටියට මර්වින් හම්බ උනාම කතා කරන්න ඕනෙ නිකම්ම නිකන් මර්වින් කියල.
      එහෙම නැත්ත්නම් ඉතින් මහ දියාරු ප්‍රතිපත්තියක් නෙ තියෙන්නෙ. එකයි ඔය ඇනෝ කියල තියෙන්නෙ ටෝක්ස් දැම්මට අන්තිමේ කවුරු කවුරුත් ශේප් න්‍යාය දාල ගොඩ යනව.

      Delete
    4. //එහෙම කොන්දේසි දාන්න බෑ, මේකෙන් හරියටම කියවෙන්නෙ කන්න ඕනෙ උනාම කබරයත් තලගොයා කරන කතාවමයි//

      මොකෝ බැරි? මේ ලිපිය පුරාම කතා කරල තියෙන්නෙ "මගේ ඇමතීම" ගැන විතරනේ :-)
      ඉතින් ඒක මට ඕන විදියට කරන්න බැරිද?
      මර්වින්ට කියන්න ඕන මර්වින් කියල තමයි. මට එහෙම කියන්න මර්වින් මුනගැහේවිද කියල නං කියන්න බෑ.

      Delete
  8. රටේ යන විදියට වෙනස්ව අපි වැඩ කරන්න ගියොත් අමුතු සත්තු වගේ පෙනෙනවා. ඒ නිසා යන රැල්ලට නොගියොත් ගුටි තමයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න දැන් බ්ලොග් පොරවල්!!!

      Delete
    2. ඒ කියන්නේ රටේ අනික් උන් කරන පලියට ඕනි බුරු වැඩක් කලට කමක් නෑ

      Delete
  9. ගරු නම්බු බලෙන් ලබා ගැනිම සාර්ථක නැ.එකට පැවැත්මකුත් නැ.

    ReplyDelete
  10. ටිං ටිං...
    හා හරි මහත්තයා, යං මහත්තයා
    හා මහත්තයා
    මතක් වුනා මට නම්.

    ඇත්තටම සමහර ගායකයො ගායිකාවො විතරක් මහත්මයා මහත්මිය වෙන්නේ කොහොමද?

    ඔබේ ප්‍රියතම ගීතය කුමක්ද කියලා කිව්වොත්...
    මගේ ප්‍රියතම ගීතය තමයි ටී එම් ජයරත්න මහත්මයගේ එස් ආර් සිනහා ගීතය.

    ReplyDelete
    Replies
    1. මචං...මගේ ප්‍රියතම ගීතය තමයි ජික්කි? මහත්මිය ගයන ඉංග්‍රීසි අකුරකට කතාකරන ගීතය...එනම්
      ඕ... එන්න ඕ... එන්න ප්‍රීතිවන්න මාහා

      Delete
    2. හුටා. මම හිතුවේ උඹ කැමති ජික්කිගෙ පහත් තැනින් යයි ගලා ජලේටෙයි කියලා.

      උඹ අහලා නැද්ද ඒ ජේ ක්ලැරිනට් මහත්මයාගේ ගේ කරීම් වාදනයක් හෙම?

      Delete
    3. මම හිතුවේ හැලපේ කැමති ජික්කිගේ පහත් තැනින් යයි ගලා ජලේ සින්දුවට කියලා.

      උඹ කැමති නැද්ද ඒ. ජේ. ක්ලැරිනට් මහත්මයාගේ කරීම් වාදනයක් අහන්න?

      Delete
    4. ආදිකාලෙ මහත්වරු කතාකරන දේවල් අපිට තේරෙන්නෙත් නෑ.

      Delete
    5. ක්‌ලෑරිනට් මහත්තයාගේ කරීම් වාදනේ නම් අහල නෑ,අමුරාජ් මහතාගේ ගීතයක් නම් අහල තියෙනව

      Delete
  11. මමත් රාජ් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි...කෙනෙක් තමන් විසින්ම තමන්ගෙ ගෞරවය නැතිකරගන්නවනං නම පමණක් කියා ඇමතීමේ කිසිම වරදක් මා දකින්නේ නෑ.
    රාජ්,
    ප්‍රථිචාර=ප්‍රතිචාර
    ප්‍රථිපත්තිය=ප්‍රතිපත්තිය

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ වැරදි බොහොම අඩුයි..
      මෙන්න ඉතිරිය

      පිලිබඳ - පිළිබඳ
      පලවී තිබිනි - පළවී තිබිණි
      අදාල - අදාළ
      නොවැලැක්විය - නොවැළැක්විය
      මැතිණියකි - මැතිණියකි
      තිබුනි - තිබුණි

      Delete
    2. බොහොම ස්තුතියි දෙන්නටම. මම කැමතියි මෙන්න මේ විදියට පෝස්ටුවෙ වැරදි පෙන්නුව නං. ල ළ නං මගේ හොඳටම අවුල්. න ණ නං ටිකක් විතර මතකයි.

      Delete
  12. අපි පුංචි කාලේ ඇහුනේ,

    1. කළු මාමේ, ලොකු නැන්දේ, වැනි, අදත් කියන නෑදෑකම් සඳහා ඇමතීම්.

    2. අවසරයි අපේ හාමුදුරුවනේ, වෙල්විදානේ මහත්තයා බෑරැක්ද? ආයිබෝවන්ඩ ලොකු ඉස්කෝලේ මහත්තයා, වැනි ගෞරවාර්ථ ඇමතීම්.

    3. 'ඉස්පෑට්ටර්' මහත්තයා, සාජන් රාලාමි, (රාජන් කියලා කියවෙන අයත් හිටියා) සැන්ටිබෝට් මහත්තයා, (Sanitary Inspector) ඩීයාරෝ උන්නාන්සේ (D.R.O) නඩුකාර උන්නාන්සේ වැනි අනිවාර්ය රාජ්‍ය නිලධාරි ඇමතුම් පද.

    තමන්ගේ කල්ක්‍රියාව අනුව මිනිස්සු තමන්ට ගෞරවාර්ථ පද නිකම්ම පටබඳින බව මගේ අත්දැකීමයි. අපි මේ තුමා උතුමා ඔලුවට පටවාගත්තේ වෙස්මිනිස්ටර් කොම්ප්‍රදෝරු සංස්කෘතියෙන්. අද ඒ රටවල Mr President කියලා අමතද්දී, අපි තමයි අතිගරු දාගෙන තටමන්නේ. සියලුම සංඝයා වහන්සේලා අමතන්නේද Good Morning Venerable වැනි අවස්ථාවෝචිත යෙදුමකින් පමණි. (ඔබේ ලිපියේ සංඝයා, ප්‍රතිපත්ති,යන වචන නිවැරදි විය යුතු බව කාරුණිකව සඳහන් කරමි)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නෑදෑකම් ඇමතීම් අපේ ගම්වල තාම තියනව. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  13. ගෞරව නාමවලට ලෝභ වෙන එක ඉතිං මිනිස්සුන්ගෙ සාමාන්‍ය ස්වභාවයනේ. ඒත් සමහරුනම් ගෞරවනීය තනතුරුවලට පත්වුනාම තමන්ගෙ ගෞරවේ කෙසේ වෙතත් තනතුරේ ගරුත්වයවත් රැකෙන විදියට වැඩකරන්නෙ නෑ.

    රාජ් මේ කතාව කිව්වම මට මතක් උනේ අපේ යාළුවෙක් මට කියපු කතාවක්. එයා පොලිස් අධිකාරී කාර්යාලෙක ලිපිකරුවෙක් විදියට වැඩකරන්නෙ. එයාලගෙ එස්.එස්.පී. පෙන්ෂන් යන්න කිට්ටු වයසක කෙනෙක්ලු. ඒ මනුස්සය පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිට යවන ලියුම්වලට නියෝජ්‍ය පොලිස්පතිතුමා කියල ලියන්න කියල කාර්යාලෙ අයට උපදෙස් දීල තිබිල තියෙන්නෙ. මගේ යාළුව දවසක් එයාගෙ විෂයට අදාලව ගහපු ලියුමක ‘තුමා‘ නැතිව ටයිප්කරවගෙන ගිහින් එස්.එස්.පී. ළඟට අත්සන් කරවගන්න. මිනිහ ඒක බලල කිව්වලු මේකට අත්සන්කරන්න බෑ, මේ ලියුම ආයිත් ගහගෙන එන්න කියල ‘තුමා‘ දාලා. ඉතිං යාළුව කිව්වලු සර් නියෝජ්‍ය පොලිස්පති කියන්නෙ ගෞරවනීය තනතුරක් ආයෙ ඒකට අමුතුවෙන් තුමා කියල ලියන්න ඕන නෑනේද, අනික සර්රුත් එස්.එස්.පී. කෙනෙක්නේ, එහෙම ලියන එක සර්ගෙ තත්ත්වෙටත් හරිනෑනේ කියල. ඉතිං එයා අන්තිමට ඒක අත්සන් කරාලු, එදයින් පස්සෙ යාළුව ලියුම් ගහන්නෙ ‘තුමා‘ නැතුවලු. රාජ්ටත් රාජ්‍ය සේවයෙ ඔය වගේ අත්දැකීම් නම් ලැබිල ඇති. ලියුම්වල එහෙම ආමන්ත්‍රණය කිරීමේ නීතියක් හෝ සම්ප්‍රදායක් තියෙනවද කියල නම් මම දන්නෙ නෑ හරියටම.

    ReplyDelete
    Replies
    1. DDT මතුකලේ වැදගත් කාරණයක්. රාජකාරියේදී ගරු නම් අනවශ්‍යයි. උදාහරණයක් විදියට තුමා ඕන නෑ. යම් තනතුරකට අදාල නාමය ගෞරව නාමය විදියටයි සැලකෙන්නෙ. ප්‍රාදේශීය ලේකම්,....අමාත්‍යංශ ලේකම්,... විදියට තනතුරෙන් පමණයි අපි අමතන්නෙ. එහෙම සාම්ප්‍රදායක් රාජ්‍ය සේවයේ තියනව. ඒ වගේම මහජන නියෝජිතයන්ට ඇමතීමේදී තනතුරට ඉදිරියෙන් "ගරු" යොදන්න ඕන. (ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අහවලා). තනතුරටත් නමටත් මැදින් ගරු යොදන්න බෑ(පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අහවලා කිව්වොත් වැරදියි)

      ඒ වගේම රාජ්‍ය සේවයේ නොවන කෙනෙකු අැමතීමේදී පූජ්‍ය, මහත්මයා, මහත්මිය,.... ආදී වශයෙන් අමතන්න ඕන(ලිපි වලදී). ඒ වගේම ලිපිය අවසානයේ රාජ්‍ය සේවකයා අත්සන් කරන්න ඕන "මෙයට විශ්වාසී, අහවලා" කියල.
      දෙකේ වෙනස ඒකයි.

      Delete
  14. මගේ යාළුවෙක් ඉන්නව ඌට අපි කියන්නෙ "මහත්තය" කියල. මොකද මිනිහ ඕන කෙනෙකුට කතා කරන්නෙ "නෑ මහත්තය, මේකයි මහත්තයො, එහෙම නෙමෙයි මහත්තයො" වගේ ආමත්‍රණ වලින්. දවසක් අපි දෙන්න මාතර බස් ස්ටෑන්ඩ් එකේ කුල්ල් කාරයෙක් කතා කරගන්න ගිහිල්ල පොඩි බඩු වගයක් පටවගන්න, අර කුලී කාරය කියනව "මහත්තය අකසිය පණහක් දෙන්න සීරටම" කියල. එතකොට මූ කියනව "මෙහෙමයි මහත්තයො, අපි මේ බෞද්ධ ශිශ්‍ය සම්මේලනේ සාමජිකයො බ්ලා බ්ලා, ඒ නිසා මහත්තයගෙ ගාන ටිකක් අඩු කරල වැඩේ කරල දෙන්න" කියල. අන්තිමට වැඩේ සීයට කරගත්ත "මහත්තයට" පින් සිද්ධවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔයවගේ පොරක් ගැන යාලුවෙක් මටත් කිව්ව. උගේ නම සේනලු! කියන්නෙ සාමාන්‍ය සේන කියලලු. "සාමාන්‍යයෙන් මල්ලී...." කියලලු ඕන එකක් පටන් ගන්නෙ.

      Delete
  15. නමින් ඇමතීමකදී වුනත් අදාල "ගෞරවය" උච්චාරණයේ දී එක් කරන්න පුළුවන්. ලිවීමේ දී මහතා,මහත්මිය, පූජ්‍ය යනුවෙන් යෙදීම ප්‍රමාණවත්.නැත්නම් තනතුරේ මට්ටමට "ඇමතුම" ෂෝක් කරන්න ගියොත් ඒකෙ කෙළවරක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙමනෙ කස්ටිය බලාපොරොත්තු වෙන්නෙ

      Delete
  16. ඒකනේ මෙහේ මිනිස්සු කාට වුනත් නමින් කතා කරන්නේ.. වයසවත් තනතුරවත් අදාලා නෑ..

    ReplyDelete
  17. නම විතරක් මදිම කියල හිතෙනවා නම් තනතුරත් එක්ක කියන්න පුලුවන් (අදාල තනතුර කිව්වාම ඒකට ගරුවත්වයක් නෑ කියල හිතෙනවා නම් ඒක තනතුර දරපු අයගෙම වැරැද්ද නෙව )

    ReplyDelete
    Replies
    1. //අදාල තනතුර කිව්වාම ඒකට ගරුවත්වයක් නෑ කියල හිතෙනවා නම් ඒක තනතුර දරපු අයගෙම වැරැද්ද නෙව//
      ඒක හරියටම හරි. තමුන්ගෙ තනතුර බබලවන්න කියන්නෙ ඕකනෙ. මේකෙ අනිත් පැත්ත තමයි කෙනෙක් තමුන්ගෙ තනතුර චාටර් කලාම ඊලඟට එන කෙනාටත් වන්දි ගෙවන්න සිදුවීම.

      Delete
  18. ".එහෙත් යමෙකු තම තනතුරට අදාල ගෞරවය රැකගැනීමට අපොහොසත් වනවිට ඔහු/ඇය නමින් හෝ වෙනත් අයුරකින් ඇමතීමට සිදුවීම නොවැලැක්විය හැක්කකි. ප්‍රශ්නයට තුඩුදෙන ඇමතීම් වන "ඥානසාර", "ඉන්දරතන",... වැනි යෙදුම් භාවිත කිරීමට සිදුවන්නේ මෙම කොන්දේසිය යටතේය. "
    -----------------------------------------------------------
    ඥානසාර හාමුදුරුවෝ මහනුවර රැස්වීමේදී "අපි නුවරට ආවා. දැන් පුළුවන් නම් අඬු කඩන්න එන්න කියල එස්.බී. දිසානායක ඇමති තුමාට කෙලින්ම අභියෝග කළා අභියෝග කල බව ඔබ දන්නේ නැති හැඩයි. එමෙන්ම ඉන්දරතන හාමුදුරුවන්ගේ ජිවිටැහැ පුජාව ගැන ඇති සංස්කරණය නොකළ video එක ඔබ බැලුවේ නැති හැඩයි..

    ReplyDelete
  19. මම නම් ගරු කල යුත්තන්ට ගරු කිරීමට හෝ මිනිසෙකු වශයෙන් සැලකිල්ලක් දැක්විය යුතු අයෙකුට එසේ සැලකිලි දැක්වීමට පකිලෙන්නේ නැහැ. මාලිගාවට යන කොට ඉන ඉහ අතගා ශරීර පරික්ෂාව කරන නිලධාරියෙකුට මෝනින් මල්ලි යයි කියන කොට හෝ බස් එකේදී මාරු සල්ලි ඉල්ලන කොට මාරු කාසි නැති විටෙක මාරු කාසි නැ මල්ලි යයි කිව්වමත් බොහෝ විට මට නම් ලැබිලා තියෙන්නේ ශුභ ප්‍රතිචාර.ඒ කව්රුත් සිනහ පිරි මුහුණෙන් යුක්ය්හව මට මහත්තයා කියල උත්තර දුන්න මිසක් අයියා කියල උත්තර දුන්නේ නැහැ.
    මගේ මේ කියමනම විතරක් ඔබ පිලි ගන්න එපා. අන් යට ගරුත්වක් දෙනවිට නිරායාසයෙන්ම තමන්ටත් ගැරුත්වයක් ලැබෙන බව අත්දැකීමෙන්ම වටහා ගන්න.

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලී.....

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

      ඇනෝ,
      wmk මහත්තය අවුරුදු 66ක් වයසයි. ඔහේ ඊටත් වැඩිද?

      Delete
    3. ඥානසාර හාමුදුරුවන් විවේචනය කරන අය ගැන පාඨකයෙක් විසින් ලියු හොඳ පිළිතුරක් මා දුටුවා.මා එම උත්තරය සමග එකඟයි. එබැවින් එය මෙසේ පල කරනවා.
      "
      ටිකිරි
      June 24, 2013 at 10:29 pm · Reply
      මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව. අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
      එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
      සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ..
      මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
      උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා’"





      Delete
    4. mata uba gana duka sithe..............ane pawe

      Delete
    5. බොදු හිමි නමක් විදිහට ඥාණසාර හිමියන්ගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු ඇත. එහෙත් උන්වහන්සේ අපි වෙනුවෙන් කරලා තියෙන්නෙ විශාල කැපකිරීමක්.. ඒ ගෞරවය උන්වහන්සේට හිමියි.. ඉන්ද්‍රරතන හිමියන් ගේ ජීවිත පූජාව ගැන මෙහෙම අවතක්සේරු කරන්නෙ ඇයි කියන එක මට හිතාගන්න බෑ.. මං හිතන්නේ මාතලන් කියන විදිහට අපි ගෝපයි වැද්දො හින්දා අපට තේරෙන්නෙ නැතුව ඇති.. රාජ්ගෙ ලිපියේ අනෙක් කරුණු සමඟ එකඟයි..

      Delete
    6. නානසාර නෙමේද පොර ගේ නම?

      Delete
  20. පහු ගිය කාලේ ඇතිවුණු කතාබහ නිසා මාත් මේ ගැන කල්පනා කලා. මට හිතෙනවා මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ ලිවීමේ ස්ටයිල් එකත් එක්ක කියලා. සම්පූර්ණ ලිපිය ලියලා තියන පිළිවෙලත් එක්ක මේ ඇමතීම් ගැලපෙන්න ඕනේ. යම්කිසි විවේචනාත්මක ලිපියකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා භාවිතා කිරීමත්, ජනාධිපතිවරයාට ලිපියක් යැවීමේදී අතිගරු ජනාධිපතිතුමා වගේ යෙදුමක් යෙදෙන්නෙත් ඒ නිසා. සමහර විට තුන්වල පාර්ශවයක් සමග ජනාධිපතිවරයා පිළිබඳ සඳහනකදීත් රාජපක්ෂ මහත්තයා වගේ සඳහන් කරන්න පුළුවන්, ඒ තුන්වෙනි පාර්ශවය කවුද කියන එක අනුව. මාතලන්ගේ කවියකදී නිකම්ම රාජපක්ෂ කියලා යොදන්නත් පුළුවන්. ඒ නිසා තමන් ලියන දෙයට අදාලව ඇමතීම වෙනස් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ.

    යම් යම් පෞද්ගලික කාරණා නිසාත් මේ ආමන්ත්‍රණය වෙනස් වෙනවා. තමන් ඉතා ගරු කරන පුද්ගලයෙකුට ඒ ගරුත්වය හැඟවෙන පරිදි ආමන්ත්‍රණය කිරීම අපගේ සිරිතයි. කතන්දරතුමා පවා, තමන්ගේ ගුරුවරයෙකු සම්බන්ධයෙන් 'එතුමා' යන වචනය භාවිතාකර තිබෙනු මම දැක්කා. දැන් රාජ් උනත්, ඉන්දරතන, ඥානසාර වැනි ඇමතීම් භාවිතා කරන්න්නේ පෞද්ගලිකව ඒ භික්ෂූන්ගේ ක්‍රියාකලාපය අනුමත නොකරන නිසා තම අප්‍රසාදය දැක්වීමේ ක්‍රමයක් ලෙසින්නේ. ඉතින් ඕක කියවන අයත් තේරුම් ගන්න ඕනේ. අන්තිමේදි කියන්න තියෙන්නේ... ඇමතීම කොහොම විය යුතුද කියලා තීරණය කරන ක්‍රමවේදයක් හදන්න බැහැ. ලිපියේ ආකෘතිය සහ පෞද්ගලික කාරණා හැමදේම ඒකට බලපානවා. කියවන්නා තේරුම්ගත යුතුයි එම ආමන්ත්‍රණ වලින් දෙන්න හදන පණිවිඩය.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක හැමෝටම එකඟ වෙන්න පුළුවන් තැනක් නෙවේ. මගේ අදහස කියන්නයි ලිව්වෙ. ඊට පස්සෙ ආයෙත් මේ ප්‍රශ්නෙ මතුකරනව නං ‍මගේ මතය මේකයි කියනව. :-)

      උඹේ කතාවෙ ඇත්තක් තියනව. ඒත් කරන්න දෙයක් නෑ. ඇමතීම ඕක තමයි.

      Delete
  21. ඔය ගරු නාමය කතාකරද්දී ඉබේම වගේ එන්නේ. නියම මහත්මයෙක් දැක්කම මහත්තය කියල අමතන්න කව්රුත් කියන්න ඕන නැහැ. එක ඒ මනුස්සය ගත කරන ජීවිතය එක්ක බැඳුන දෙයක්. ඒ උනත් හොරු තමා වැඩිපුර මහත්තය කියල කියවගන්න හදන්නේ අනික් උන් ලවා

    ReplyDelete
  22. තමං මහත්මා ගතිය ඇතුව ජීවත් වෙනවනං ඉල්ලගෙන නම්බුනාම ගහගන්න ඕන නෑ නිරායාසයෙන්ම ඒව හම්බවෙනව කියල තමයි මටත් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  23. කෙනෙකුට දෙන ගෞරවය, අමතන කෙනාගේ හෘදසාක්ෂියට අදාළ දෙයක් කියලයි මගෙ අදහස. මට කෙනෙක් ගැන ගෞරවයක් තියෙනවා නම් මම එයා මට හිතෙන ගෞරව පදයකින් නම් කරනවා. ඒකයි මගෙ එක පෝස්ට් එකක සුනිල් පෙරේරා සූරීන් කියලා සඳහන් කළේ.

    ReplyDelete
  24. කෙන්ජි අංකල් වෙන වෙන මනස්ගාත කිව්වට මේවා කියන්නෙ නැති හින්දා මමවත් කියන්න හිතුවා.

    ජපානය කියන්නෙ මිනිස්සුන්ට ඉතාම ගරු කරන රටක්. හැමෝටම එකවගේ ගැහැණු, පිරිමි භේදයක් නැතුව X සන්, Y සන් විදියට අමතනවා. ආයෙ මම මෙයාට සන් කියන්න ඕනෙද කියලා හිත හිත ඉන්නෙ නෑ. සමහරු එතනිනුත් එහාට ගිහින් සමා කියලා කියනවා. දේශපාලකයින්ට කියලා වෙනසක් නෑ. මගේ ප්‍රොපාත් මට 'ඇනො' සමා කියලා කතාකරන්නෙ ඊමේල් ලිපිවලදි. වයසින් බාල පිරිමි ලමයින්ට කුන් කියන වචනයත් ගැහැණු ලමයින්ට චන් කියන වචනයත් නමට අගින් යොදලා කතාකරනවා. ගුරුවරුන්ට, දොස්තරලට කතාකරනකොට පොදුවේ සෙන්සේ කියන වචනය භාවිතාකරනවා. හාමුදුරුගොල්ලන්ට මොකක් කියනවද දන්නෙ නෑ මම කොහොමත් එයාලව වැඩිය ආශ්‍රය කරන්නෙ නැති හින්දා. සමා කියල වෙන්න ඇති කියලා හිතනවා දෙවියන්ට කමිසමා කියන නිසා. ඔය රාජ් කියන නෑකමක් එක්ක ඇමතීම ජපන් සමාජයෙත් තියෙනවා. නමුත් වෘත්තීයමය කටයුතුවලදි භාවිතාවෙනවා දැකලා නැහැ.

    මම මේ ක්‍රමේට හරි කැමතියි. හරිම සරලයි. තමුන් ගරු කරනවා වගේම තමුන්ට නිසි ගරුත්වය ලැබෙනවා. ආයෙ ගරු කලාද, නැද්ද, ගරු කරන්න ඕනෙ කොහොමද වගේ වැඩකට නැති තර්ක අවශ්යවෙන්නෙත් නෑ. මහ ගොඩක් යෙදුම් ඕනෙවෙන්නෙත් නෑ.

    අන්තිමට කියන්න තියෙන්නෙ මේ ප්‍රශ්න එන්නෙ වෙන මොකුත් හින්දා නෙමෙයි. සිංහලයා අනුන්ට ගරුකරන්න කැමති එකෙක් නොවන නිසා. අටෝරාසියක් වචන තියෙද්දිත් මොකක් කියනවද කියලා හිතාගන්න බැරිවෙන්නෙයි එක්කෙනෙක් හිතන ගරු මට්ටම තව කෙනෙක්ට මදි වෙන්නෙයි ඒකයි.

    ReplyDelete
    Replies
    1. ගරු ඇනෝ;
      බොහොම හොදයි මේ ප්‍රශ්නය මතු කලාට.
      කොම්පැනි වල බොසාට කියන්නෙ සචෝ කියල.සමහරු සාන් කෑල්ලත් දාල කියනව.සචෝට පස්සෙ ඉන්නෙ කචෝ,බුචෝ,සෙම්මු ආදී කට්ටිය.
      කුඩා දරුවන්ට ගැහැණු/පිරිමි බේදයක් නැතිව නමට පස්සෙ චාන් කියල අමතනව.
      වයසක පිරිමි අයට ඔජිසාන් යනු වේන්ද,වයසක ගැහැණු අයට ඔබාසාන් යනුවෙන්ද ආමන්ත්‍රණය කරයි.
      ජපන් භාෂාවෙන් බබා කිව්වොත් වයස 40/50 හේ ගැහැණු අය ඉදිරි පිටදී ඒ අයට තරහා යානාව,එහි තේරුම නාකිච්චි කියන එකයි.
      හාමුදුරුවන්ට කියන්නෙ ඔබෝසාන් කියල.

      Delete
    2. ඔය ලියලා තියෙන්නෙ එලකිරි වගෙ!!!!

      බොටම් ලයින් එක ගත්තොත්, කිසි ලෝබකමක් නැතුව හමෝටම ගරුකරලා ආමන්ත්‍රනය කරනව මිසක් මම මෙයාට ගරුකරන්න ඕනෙද නැද්ද කියලා රටේ නැති තර්ක දාල හිතන්නෙ නෑ.

      Having said that,

      අර උඩින් තිසර කියල කෙනෙක් ලියලා තියෙන දේ හරියටම හරි. කෙනෙක් ලිපියක යමක් ලියන්නෙ ඔහු හෝ ඇය ට කියන්න අවශ්ය දේ ඉස්මතුවෙන ආකාරයට. එතෙන්දි තුන්වන පාර්ශ්වයක් අමතන ආකාරය අවස්ථානුකූලව වෙනස්වෙන්න පුලුවන්. ඒ අර්ථයෙන් ගත්තොත් භික්ෂුවකට "ඔහු" කීම ලේඛකයාගෙ අවස්ථානුකූල කැමැත්ත.

      Delete
  25. "ගෞරවය ඉවත්වී වචනය පමණක් ඉතිරිවී ඇති අවස්ථාවයි " හරියටම හරි

    ReplyDelete
  26. මහත්තයකුට බල්ලා කියල ඇමතීමට විරුද්ධව මහත්තයා නඩුවක් දාලා.
    පැමිණිලිකරු: ස්වාමීනි, මේ විත්තිකරු මට බල්ලා කියල කීවා.
    විනිසුරු: යුෂ්මතා මේ මහත්මයාට බල්ලා කියා කීම ගැන වරද පිළිගන්නවද?
    විත්තිකරු: ස්වාමීනි, බල්ලෙකුට මහත්මයා කියල කීවට කමක් නැද්ද?
    විනිසුරු: ඒකට කමක් නෑ.
    විත්තිකරු: එහෙමයි ස්වාමීනි, මේ මහත්මයාට මං බල්ලා කියල කිව්වා.

    ReplyDelete
  27. රාජ් උතුමාණනි
    ජයවේවා

    ReplyDelete