Thursday, August 1, 2013

අසාධාරණ මිල වැඩිවීමට එරෙහිව.

..........ඔව් රාජ්ගෙ නවාතැනේ අපි පාරට බැස්ස ජනතා අදහස් විමසීමට, ඔව් අපි ඉදිරියට පැමිණෙනව මහත්මයෙක්,.......

"මහත්මයා ඔබේ අදහස කියන්න අරක්කු සිගරට් මිල වැඩිවීම පිළිබඳව"

"අපේ කරුමෙ තමයි පුතා. ඇ‍ඟේපතේ අමාරුව යවාගන්න දැං ඉතිං කැලේ බඩගාන්න වෙනව"

ඔව් මේ අසාධාරණ මිල වැඩිකිරීම ගැන කතා කරගන්න තවත් කෙනෙක් එකතු වෙනවා ගලධාරී හෝටලය අසලදී.

"තරුණයෙක් විදියට අරක්කු සිගරට් මිල වැඩිවීම ගැන ඔබේ අදහස කියන්න"

"(කපාදමන ලදී) mothefucker fuck again,....... bitch.......(කපා සමන ලදී)........මට නං අවුලක් නෑ ....ඩැඩීට සල්ලි තියනව...... ඒත් වැඩේ කැතයි....."
මීලඟට හැටේ වත්තෙන් එකතු වෙනවා තවත් මහත්මයෙක්,

"ඔව් ඔබේ නම කියන්න, අරක්කු සිගරට් වැඩිවීම ගැන මොකද කියන්නෙ?"

"කියල වැඩක් නෑ බොෂ්! නැතිබැරි එකාටමයි මුං අරින්නෙ! හැන්දෑවට අරක්කු බාගයක් ගහන්නත් දවසකට බෙලි දෙක තුනක් කපන්න වෙයි වගේ"

ජනතා මතය අනුව බොහෝ දෙනෙක් මේකට විරුද්ධයි වගේ, අපි කාන්තාවකගෙන් අහල බලමු මේ ගැන,

"සමා වෙන්න නෝනා..... අපි රාජ්ගෙ නවාතැනෙන්,....."

"හානේ ඔයාල සල්ලි දෙන්න නේද? අපි අහන්නෙ හිරු තමයි අනේ. කීයක් දෙනවද?"

ඇත්තටම ඇයට වැරදීමක් වගේ අපි වෙන කෙනෙකුගෙන් අහල බලමු,

("මොන *&%^*ද මං හිතුවෙ සල්ලි දෙන්න කියල")

"නෝනා ඊයේ සිට අරක්කු සිගරට් මිල වැඩිවුනා මේ ගැන ඔබේ අදහස කියන්න"

"අනේ අපිට මොකෝ,....... අපි ඔය ජරාව බොන්නෙ නෑ"

ඔව් තවත් කාන්තාවක් එකතු වෙනවා ඔබේ අදහස කියන්න,

"මගේ මිනිහට දවසට ලැබෙන්නෙ දාහයි. එයා කොහොමත් හවසට කාලක් බොනව. අඩුය වැඩිය කියල වෙනසක් නෑ. ගෙදරට ගේන හාල්ටික පාං ගෙඩියෙන් තමයි අඩුවෙන්නෙ....."

අන්න දැක්කද කාන්තාවක් උනත් අරක්කු සිගරට් වැඩිවීම කුස්සියට බලපාන හැටි ඇය ඔප්පු කලා, මීලඟට තණමල්විල ප්‍රදේශයෙන් අපිත් එක්ක එකතු වෙනවා තරුණයෙක් අප් ඔහුගේ අහහසත් දැනගනිමු.

"අයියා දැං ඉතිං සූස්තියක් ගහන්න වෙන්නෙ නීට්. සිගරට් දාල ගහනවට වැඩිය හොඳයි ඒක"

අන්න ඔහු තවත් නව අදහසක් මතුකලා, පාර අයිනේ සිටින වයසක මහතාගෙනුත් අපි විස්තර දැනගනිමු.

"රත්තගෙ බඩු පොට්එකෙන් දවස ෂේප්වෙන අපිට නං අවුලක් නෑ. බීඩි මිල ගිහිල්ල නෑ නේද දරුවෝ?....."

පේනව නේද ජනතා ප්‍රතිචාර මොන වගේද කියල. තවත් ස්වල්ප මොහොතකින් පැවැත්වෙන මත්පැන් දුම්වැටි මිල වැඩිකිරීමට එරෙහිව විපක්ෂයේ පොල්ගැසීම සමඟ එකතු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා.

********************************************************************************

අරක්කු සිගරට් මිල වැඩිවීම පිටුපස ඇත්තේ මෙවැනි කතාවකි. පසුගිය දිනෙක ජනාධිපතිතුමා ප්‍රකාශකලේ "බාර් වල අරක්කු වැඩියෙන් විකිණෙන්නේ පෝය දිනට පෙරදින" බවය. එය ඇසූ ජනාධිපති උපදේශකයෙකු යෝජනා කලේ "එහෙනං සර් පෝයට කලින් දවසෙ බාර් වහමු" යන්නය. උපදේශකයන්ගේ ගොං කතා අසා එක්වරම ක්‍රියාත්මක නොවන එතුමා මේ පිලිබඳව සෙවීමට කම්ටුවක් පත් කලේය. අවසානයේදී තීරණය කලේ අරක්කු සිගරට් වලින් ජනතාව මුදාගැනීමේ එකම ක්‍රමය එහි මිල වැඩිකිරීම බවයි.

කෙසේ වුවත් මෙම මිල ඉහලයාම පිලිබඳව මේ බ්ලොග්කරුවා දැනගත්තේ සති තුන හතරකට පෙරය. ඒ ව්‍යාපාරිකයෙකුගේ අසාමාන්‍ය සිගරට් මිලදීගැනීමේ ක්‍රියාකලාපයක් පිලිබඳ දැනගැනීමකිනි. මෙහි කරුණ "ඇතුලත ගිනි පිටට දෙන" එකෙකු හෝ කිහිප දෙනෙකු ඉහල පුටුවල සිටින බැවින් ජනාධිපතිතුමා ප්‍රවේශම් වියයුතු බවයි.

මාතලන් මට කලින් ලියල.


විරුද්ධ නං ශෙයා කරන්න.

57 comments:

  1. මමත් එකහෙලාම විරුද්දයි.....

    ReplyDelete
    Replies
    1. බෛාහොම ස්තුතියි :)

      Delete
  2. ~@!#$% &*(^%$#@ )(*!~#@$% *&^%$#@ *($#@! :P :P :P

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නියම උත්තරේ

      Delete
    2. අරත්තු දැනද තිතලත් දැනද නත්තං දෙතතමද ඩිෂුම් තියේ

      Delete
  3. අරක්කු දුමිවැටි මිල වහා අඩුකරනු !

    ReplyDelete
  4. බස් වලට දෙනව කිව්ව සහනෙට සල්ලි හොයන්න තමා ඕක කරන්න ඇත්තේ.... කොහොම උනත් වැඩේ අසාධාරණයි

    ReplyDelete
    Replies
    1. බස්වලට සහනයක්? මොකද්ද?
      මේ මීගොඩය නේද?

      Delete
  5. මොනා උනත් ආණ්ඩුව ඉඳල හිටල හරි හොඳ වැඩත් කරනවා. හික් .. හික් ......

    ReplyDelete
  6. ජන හද හඳුනන රාජ්ගේ නවාතැන.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ආයෙත් අහල

      Delete
  7. 100ට 3යි ඉතුරු 10යි හැක්ස් 2යි.
    නයිට් කඩේ අක්කට හොද පල්ලම, එකක් දැන් 30 යි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව 30කට නෙමෙයි 50කට කෙලියත් කමක් නැ.පෙට්ටි ක‍ඩේ එකා දෙකකට කෙලින එක තමා බං කාල ඉන්ඩ බැරි

      Delete
  8. මටත් කියන්න තියෙන්න විචාරක මහත්තය කියපු දේම තමයි

    ReplyDelete
    Replies
    1. ගායනා කරමු කට්ටියත් එක්ක.

      Delete
  9. පොදු රාජ්‍ය මණ්ඩලේ රැස්වීම වෙනුවෙන් මේ වගේ සුලු දෙයක්වත් අපේ ජනතාවට දරා ගන්න බැරිනම් කවර කතාද...?:D

    ReplyDelete
  10. වැඩිපුර පිනට බොන රජයේ සේවකයෙක් වන රාජ් වගේ කෙනෙක්ට මේ මිල වැඩිවීම බලපාන ආකාරය අපි දැනගන්න කැමතියි.....

    ReplyDelete
    Replies
    1. ඔහේ අරං දෙනව මං බොනව. හරිම සිම්පල් නේ?

      Delete
    2. නැහැ... මෙයින් ඔබට බලපෑමක් ඇති උනාද කියලයි ඇහුවේ?

      කට්ටිය බොන්න අරන් දෙන එක අඩු වෙයිද? සිගරට් පැකට් එකක් දෙකක් සාක්කුවට වැටෙයිද? හොද බයිට් එකක් ලැබෙයිද?

      මම හිතන්නේ මේවා තමයි ඇතිවිය හැකි ප්‍රශ්න......

      Delete
  11. අපි ඉතිං ජනතාව ගැන හිතල බොලාට වෙලාවට පඩි ගෙවන්න හෙම ඕන නේද වගේ දහසකුත් කැප කිරීම් කරන්න ජාතියක් වශයෙන් තියෙන අවශ්‍යාතවය නිසි ලෙස තේරුම් ගනිමින් කිසි දිනෙක මීට විරුද්ධ නොවෙන අතර, උඹලාගේ අනාතගය ගැන හිත වැඩි මිල වුවත් ප්‍රමානයේ අඩුවක් නැතිවම සියළු සහායෝගය දීමට එකපයින් සුදානං.. ජනාධිපතිතුමා මොට්ට සිමයියෙක් නොවෙන හින්දා තමා බං අර පෝය දවසට කලින් දවසේ බාර් වහන යෝජනාවට (අර වගේ මෝඩ පකීර් නිලධෘරින් දෙන උපදෙස්) අකමැති උනේ. නැත්ද මං අහන්නේ..

    ReplyDelete
    Replies
    1. පඩි දෙන එකත් අවුල් තමයි. එහෙනං බං ටිකක් අඩුකලාම බොනව වැඩි නිසා වාසිය වැඩියිනේ.

      Delete
  12. මිල වැඩි වුනේ නිෂ්පාදන වියදම් වැඩි වීමෙන් නම් එය දරාගත යුතුයි. හැබැයි එය වැඩි වුනේ නිෂ්පාදකයත් නොවන බෙදාහරින්නත් නොවන පාරිබෝගිකයත් නොවන වෙනත් පාර්ශ්වයක අවශ්‍යතා වෙනුවෙන් නම් එය අසාධාරණයි විතරක් නෙමේ එය පැහැදිලිවම මංකොල්ලයක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙලා තියෙන්නෙ

      Delete
    2. වෙද මහත්තයත් ඉදලා හිටලා වාතෙට පිතට සෙමට කියලා දෙකක් දාන පාටයි.

      Delete
  13. ගල් බෝතලේ තිබුනෙ 830 ට මගේ හිතේ එතකොට අලුත් ගාන 890 හා හා ආශ්චරිය ආශ්චරිය

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් හුඟක් තැන්වල නියමිත මිලටත් 10-20 වැඩියි

      Delete
    2. ඔව් බං රාජෝ

      ස්ටෝංග් බෝතලයක් හිස් බෝතලයක් නැතුව ( පරණ මීල )

      රාගම 220යි
      පේරලන්ද 210යි
      ඇලපිටිවල 200යි

      මුන්ට හෙන හත ගහන්ඩ එපැයි බං

      Delete
    3. අටමා රට වටේම ගිහින් බොන්න ගේනවා වගේ...

      Delete
  14. ඔව් යකෝ මේ හු.....මුදල් ලේකම් කාරය අපිටමයි කෙලින්නේ....හවා පුසා අලියා මොනරා කක්කුට්ටා .!@@#$%@^#^@&@ // සමාවෙයං බං හුඟ කාලෙකින් ඇවිල්ල නරක වචන කියලා ගියාට //

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. හිතේ කේන්තියට කියන කතානේ

      Delete
  15. ජොනී මහත්තයාගේ පුතාගේ චන්ද වැඩවලට සල්ලි ඕනනේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද! ඒ අහිංසකය ගෙනාපු ස්ප්‍රීතු ටිකත් ඇල්ලුවනේ.

      Delete
  16. වැඩිවන රාජ්‍ය බර අඩු කිරීම සදහා රාජ්‍ය සේවකයින් අඩු කල යුතුයි. ඔවුන්ගේ වැටුප් අඩු කල යුතුයි. එයට අමතරව අයථා ලෙස ලබා ගන්නා ගමන් දීමනා. අතීකාල ආදිය ගැන හොයා බලා ඒවා කප්පාදු කල යුතුයි. විශේෂයෙන්ම රජයේ අන්තරංජාල බිල යටතේ අන්තර්ජාලගත වී දූෂණය හා නාස්තිය පිටු දකින්නට කතා කරන අය හට සම්මාන දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවකයන් අඩු කරනවට මාත් කැමතියි. මෙන්න බලන්න

      http://raj1st.blogspot.com/2011/12/blog-post_07.html

      Delete
  17. කමක් නෑ මචෝ.. ලොක්කයි තව කී දෙනෙක් ජීවත් වෙනවද අපි නිසා.. රනිල් ජීවත් වෙන්නෙත් අපි නිසා නෑ. වැඩි කරන්න ලොක්කා තව වැඩි කරන්න. කිසි අවුලක් නෑ. මොකෝ කෑ ගහන්න එකෙක් වත් නෑ. ගල් බෝතලේ 1000 ට ගෙනිච්චත් අවුලක් නෑ.. සිකැරට් එකක් 50 කරන්න මයෙ දෙයියා. එතකොටවත් ඔහේලට සංතෝසෙන් ඉන්න පුළුවන්නම්. අපේ සතුටත් එයමයි..

    ආයිබෝ වේවා... මහරජානනේ...!!!

    ReplyDelete
  18. දැන් කවුරු කවුරුත් ප්‍රිශාන්ත මහත්තය වගේ රට රටවල රැකවරන පැතුවොත් නරකැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම අදහස් තියෙන අයට වීසා හදාගන්න පිළිවෙල මගේ බ්ලොගේ තියෙනවා

      Delete
    2. තොගේ තියෙන්නෙ හොර වැඩ...හෙහ් හේහෙ ..

      Delete
  19. මම අරක්කු සිගරට් බොන එවුන් එක්ක තරහය ..... මම පොඩි කලේ අපේ ගෙවල් පැත්තේ ඕව පාවිච්චි කරපු ය නිසා එක එහෙම වුනේ ...... තරහ කාරයින්ට බඩේ පර වදිනකොට මට සතුටුය ..... වරහන් ඇතුලේ සමහර වෙලාවට මම මාත් එක්කත් තරහ වෙනවාය

    ReplyDelete
    Replies
    1. එවුවැං කාරි නැ මැලේ බෝතලයක් සෙට් කරහං ආ ගමන්ම ගහන්න.

      Delete
  20. මට කේන්ති නැත.අප්සට්ය.සිගරට් නොදා ජොයින්ට් එක එතුවහම වදින්නේ හොම්බෙන් යන්නය.හැම වැඩි කිරිල්ලක්ම හොම්බෙන් යෑමට හේතුවේ.

    ReplyDelete
    Replies
    1. මොන දුම් කොලද මල්ලි ලා පියෝ දළු උගුරක ෂනිපේ....හෙහ්...හෙහ්...!

      Delete
    2. දැනට අවුරුදු දහයකට කලින්නං මාත් කෙන්ජියා එක්ක එකෙන්ම

      Delete
  21. අෆ්ෆේ... මොනා උනත් කල වැඩේ ලොල්. අපිටමයි කෙල වෙන්නේ. ලියන්න හිතුනත් මම නොලියම උන්නේ අපේ මස් අපේ කරින් අදින්න බැරි නිසා..
    එක අතකින් හොඳ වැඩක්. තව අතකින් නරක වැඩක්..
    හොඳ නොහොඳ හැම අතින්ම තියෙනවා. සමාජ විවිධත්වය කියලාවත් කියමුකෝ..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  22. මෙචර කාලයක් ආණ්ඩු කලේ,ජන්ඳයක් ළඟ නම් බොරුවට හරි අර "ජන්ද ගුණ්ඩු" කියන සහන වාගේ පේන එව්වා ටිකක් දෙන එක.අරක්කු ,සිගරට් පැත්තකින් තියමු,කිරි හිටන් ගණන් ගියානේ..ඒත් ආණ්ඩුවට ජන්දේ දින එක ගැන බයක්වත් නැහැ...ඒ අස්සේ බොන්න වතුර ඉල්ලුව මිනිස්සුන්ට වෙඩි තියලා....රටට මොකක්ද වෙන්න යන්නේ?

    ReplyDelete
  23. කතාකරල වැඩක් නෑ.. මොකට හිත දූෂණය කර ගන්නවද ?

    ReplyDelete
  24. API NAM THITHATA MATHA, RATHUPASWALA APATA WATHURATH NEHE.

    ReplyDelete
  25. ඩ්‍රැකියාගේ සෙට් එක සිගරැට් පටන් ගන්නකොට ගෝර්ලිස් එක මිලිමීටර් 45යි, මිල රු. 4.50 යි. නවත්තනකොට රු. 12.00යි. දැං?
    අනම්‍ය ඉල්ලුමක් තියෙන, ටැක්ස් ගහන්ඩ හොඳම දේ තමා, දුප්පතා ප්‍රහ්න වලට සහනයක් සොයා යන මේ වගේ සුළු සුළු ආතල් මාර්ග.

    ReplyDelete
  26. ඇත්තටම සිගරට් බොන අරක්කු බොන අයට නෙද මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ...
    …...නෑ මම මේ දන්නෙ නැති හන්දා අහන්නෙ ...

    ReplyDelete
  27. රෑ 9 පස්සේ, පෝය දවස් වලට, අවුරුදු දවස් වලට වගේ බාර් වහපු දවස් වලට අරක්කු ගන්න ගනන් දන්නවනම් එහෙම ඔයිට වඩා වැඩි කරනවා ගාන.

    ReplyDelete