Thursday, August 22, 2013

එන්න ගිනිතියන්න [This is how we burn]

කොළඹ නගරසභාවෙ ලිපිගොණු දහස් ගනනක් බොරැල්ල කනත්තෙදි ගිනි තියලලු. පුළුස්සා දමල තියන ලිපිගොණු වලින් ටිකක් මන්ත්‍රීවරු සෙට් එකක් ගිහිල්ල බේරගෙන නගරාධිපතිතුමාට භාරදීලත් තියනව. මේ කියන්න යන්නෙ පිච්චිල්ල ගැන. ටිකක් නීරස උනත් කියවල බලන්න.

කාලයක් යද්දි සාමාන්‍යයෙන් ඕනෑම කාර්යාලයක ලිපි ගොණු එකතු වෙනව. මොකද හැම අවුරුද්දකම අලුත් ලිපිගොණු හැදෙන නිසා. විශේෂයෙන්ම රජයේ කටයුතු කෙරෙන්නෙ ලිපි-ලේඛණ මත. ලිපියක් හෝ ගොණුවක් කියන්නෙ සාක්ෂියක්. අන්න ඒ නිසා සෑම දෙයක්ම ලිඛිතව පැවතිය යුතුයි කියල නීතියක් තියනව. ඒ නිසා කට වචනෙට අපේ වැඩ නෑ. [ඒ වගේම තාක්ෂණයත් එක්ක ලිපි කියන දේ දැන් වෙනස්වෙලා තියනව. උදාහරණයක් විදියට ඊමේල් එකක් එහෙම නැත්තං වෙබ් අඩවියක ඇති තොරතුරක් වගේ, ඕනෑම අවස්ථාවක අදාල අඩවියට ගිහිල්ල ලේඛණය කියවන්න පුළුවන් නම් ලිඛිතව පැවතීමේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනව කියල ඉලෙක්ට්‍රොනික් ගණුදෙනු පණතේ තියනව]. මේ විදියට එකතු වෙන ලිපිගොණු අදාල නිලධාරීන් භාරයේ තියනව. ලිපිගොණු අක්‍රිය තත්වයට පත් වුනාම ඒව කාර්යාලය තුලම තියන ලේඛණාගාරයට යවනව.


[CD එකක් burn කරන හැටි]

ටික කලක් යනකොට ලේඛනාගාරෙ පිරෙනව. ඔන්න ඊට පස්සෙයි ගිනි තියන්න හිතෙන්නෙ. ඒකටත් ප්‍රොසීඩියර් එකක් තියනව. ඒ වගේම විනාශ නොකල යුතුයි කියල නියම කරල තියන ලිපි ලේඛණ වර්ග තියනව.

$ නිදහස ලැබෙන්න කලින් යටත් විජිත මහලේකම් කාර්යාලය එක්ක ගණුදෙනු කල ලිපි

$ අලුත් දෙපාර්තමේන්තු ඇතිකිරීම සම්බන්ධ ලිපි

$ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධ ලිපි

$ මුදල් නෝට්ටු හා කාසි වල ආදර්ශ (සල්ලි නං කවුද පුච්චන්නෙ)

$ ජාත්‍යන්තරව ප්‍රසිද්ධ සිදුවීමක් හෝ උත්සවයක් සම්බන්ධ වාර්තා

$ විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා

....................................

මේ විදියට විනාශ නොකල යුතුයි කියන ලිපි ලේඛණ වර්ග ගණනාවක් තියනව. ඒ ටික අත්හැරල දාල අනික් ඒවයි ගිනිතියන්න ඕන.
ගිනිතියන්නත් තියනව ක්‍රමයක්. ගිනි තියන්නත් ක්‍රමවේදයක් තියනව. සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්වයේ තියන ලිපිගොණු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය අරගෙන තමයි පුච්චන්න ඕන. ඊට කලින් හෑම ලිපි ගොණුවකම අඩංගු දේවල් ගැන විස්තරයක් තියාගන්න වෙනව. ලිපිගොණුවේ අංකය හා දිනය, විෂය, අදාල කාල පරිච්ඡේදය, ලිපි ගොණුවේ සාරාංශයක්, විනාශ කරන්න අවසර දුන් ලිපියේ අංකය, විනාශ කල පිලිවෙල හා දිනය කියන කාරණා ටික ඒකෙ අඩංගු වෙන්න ඕන.

දැන් බලමු ප්‍රායෝගික පැත්ත. සාමාන්‍යයෙන් ලිපිගොණු දහස් ගනනක් විනාශ කිරීමේදී සෑහෙන වැඩ කොටසක් කරන්න වෙනව. ෆයිල් එකින් එක අරගෙන ඒවායේ විස්තර කෙටියෙන් ලිවිල්ලත් හිතන තරම් ලේසි නෑ. මේ නිසා සමහර ලේඛණාගාර භාරකරුවන් වැඩක් නෑ කියල හිතන ෆයිල් නිකංම පුච්චල දානව. ඔන්න ඕකයි වෙන්නෙ.

කොළඹ නගර සභාවෙ කේස් එක නං මීට බරපතළයි. මොකද සේවකයන් බඳවාගැනීම් වගේ කරුණු සම්බන්ධ ලිපිගොණුත් ගිණිතියල. බලමු මොකද වෙන්නෙ කියල.

73 comments:

  1. බලමු මොකද වෙන්නෙ කියල.///

    එච්චර තමයි ඉතිං කරන්න තියෙන්නෙත්...

    ReplyDelete
  2. රාජ්ට වැරදිලාද මන්දා..ඇයි එතකොට අර රාජ්‍ය මැදිහත් වීම යටතේ කොළඹ කච්චේරිය පිටින්ම ඉඩ කඩම් තොරතුරු ගිනි තිබ්බ ඒවා නීති විරෝධී කියලද රාජ් කියන්නේ.

    ඈ...එහෙම එකකුත් වුනාද..කියල කවුරු හරි ඇහුවත් පුදුම නෑ.

    මං කිව්වේ මේක ගැන.

    ඕව ලස්සනට යට යන ලස්සන බලහංකෝ. මහ නගර සභාවක වැඩ කරන යාළුවෙක් ළගදී කිව්වා අළුතෙන් නියෝගයක් ආවලු පර්. 100ට වැඩි, අයිතිකරුවන් පිළිබද නිශ්චිත තොරතුරක් කාලෙකින් අප්ඩේට් වෙලා නැති ඉඩම් ගැන වාර්තාවක් එවන්න කියල. ඉතුරු ටික හිතාගත්තැහැකිනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන්. කොළඹ ගැන දැනුයි මතක් උනේ :-)

      Delete
  3. හැබැයි හිතලම මේ වා ගිනිතිබ්බත්, ගිනිතිබ්බේ වැදගත්ම දේවල් වුනත් නීතියෙන් කරන්න දෙයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තෙ? මේක බරපතළ කේස් එකක්. හිරේ දාන්න පුළුවන්. නිකමට හිතල බලපං නඩුම කීයක් දාන්න පුළුවන්ද කියල.

      Delete
    2. නෑ බං මුන් අවසර අරං තියෙනවා ෆයිල් 134 ක් පුච්චන්න, එත් එක්දාස් ගානක් පුච්චලා, වැරැද්ද යන්නේ පුච්චපු කා.කා.ස. පිටින්. කරපු එවුන් බේරිලා.
      "පහත් තැනින් යයි ගලා ජලේ.........වේගයෙනී"

      Delete
    3. ම්.... සාමාන්‍යයෙන් ලේඛනාගාර භාරව ඉන්නෙ කාකාසල තමයි. ඒත් ගිනි තියනද්දි අධික්ෂණයට කෙනෙක් ඉන්න ඕන. හැබැයි ඉතිං අන්තිමට කාකාසල විතරක් ගස් යන්නත් පුළුවන් මොකද මේ ලංකාව‍ෙන්

      Delete
  4. සීඩී එකක් බර්න් කරන්නෙ අරහෙමද? :D

    ReplyDelete
  5. මේක මොන තරම් විශාල වරදක් උනත් හරියට නිතිය ක්‍රියාත්මක වේවිද කියන සැකය තියෙනවා.
    නැත්නම් මිට කලින් මොන තරම් ඒවා ගිනි ගත්තාද..?කෝ ඒවාට කල පරීක්ෂණ...?

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. ගිනිගන්නව විතරයි

      Delete
  6. ඔය විදියට බේරිච්ච එක ඇති කොළඹ නගර සභාවම ගිනි තියන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් මොනවද මේ කතා.

      Delete
  7. මං කොහෙ හරි කතාවක් දැක්ක, බැංකු ශාඛාවක ඉඩ මදි වෙලා, පරණ ලියකියවිලි විනාශ කරල දාන්න ඉල්ලීමක් කරල හෙඩ් ඔෆිස් එකට යැව්වහම, ඒ ඉල්ලීම අනුමත කරල එවල තිබුනලු එක කොන්දේසියක් එක්ක...

    "විනාශ කරන සෑම ලියවිල්ලකම පිටපතක් තබා ගත යුතුයි" ...

    :D

    ReplyDelete
    Replies
    1. ෂෝක් විහිළුව.

      Delete
    2. මතක් උනා ඒ කතාව දැකපු තැන... "පත්තඬුවනගේ අහපු කියපු කතා" පොතේ...
      :)

      Delete
  8. මම හිතුව මේ සීඩී බර්න් කරන අලුත් කලාවක් හොයා ගෙන කියල... නගර සභාවටත් වෙච්චි දෙයක්

    ReplyDelete
    Replies
    1. මේ විදියට තමයි බර්න් කරන්නෙ.

      Delete
  9. මමත් මේ විදිහට CD එකක් බර්න් කරන්න ඕන.

    ReplyDelete
  10. මේක බාල ගිනි තිවිල්ලක්. නිකම්ම ගිනි ගත්තා වගේ වුනා නම් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳයි ෆයිල් තමුන්ටම ගිනිතියාගන්නව දැක්ක කියල කවුරුහරි කිව්ව නං

      Delete
    2. මෙහේ හැටියට කොළඹ වුනත් ලැව් ගින්නකින් ෆයිල් ගිනි ගන්න බැරි නැහැ.

      Delete
  11. මොන වෙන්න ද ඕක ඔච්චරයි. ඩිජිටයිස් නොකිරීමේ ප්‍රතිඵල. කාලයත්, ඉඩත්, ශ්‍රමයත්, නාස්තියත්, අනවශ්‍ය තදබදයත්, නැතිකර ගැනීමේ එකම ක්‍රමය ඩිජිටයිස් කිරීමයි. මට තේරෙන් නැහැ අපේ රාජ්‍ය ආයථන ඒකට තාම යන්නෙ නැත්තේ ඇයි කියලා. හැබැයි බොහෝ ආයතන ඒක කරලා නේද දැන්. අපි මේ දිනවල පුස්කොලපොත් ඩිජිටයිස් කරනවා. මට නම් එය බොහොම හොද වැඩක් විදියටයි පෙනෙන්නේ. නමුත් තාමත් සම-හරක් නම් එයට බොහෝ විරුද්ධයි. දැනුම පිට යනවලු. හෙක්... හෙක්...

    ReplyDelete
    Replies
    1. (ඩිජිටයිස් ද වචනෙ?)
      ඩිජිටයිස් කිරීමත් ලේසි නෑ වෙදනා. හැබැයි අලුතෙන් එන ලිපි ඔන්ලයින් තියාගන්න පුළුවන්.
      දැනුම පිට යනඑක වලක්වන්න බෑ.

      Delete
    2. Digitize - To convert an image, graph, or other data into digital form for processing on a computer.

      Delete
    3. අනිවාර්යෙන් ඉස්සරහට ඩිජිටල් ලෙඛන වලට යන්න වෙයි. ඒ තුලින් කොච්චර කාලයක්, ඉඩක් ඉතුරු කරගන්න පුලුවන්ද? අනික මීට වඩා කල් ලේඛන ගබඩා කරල තියාගන්නත් පුලුවන්. පුස්කොල පොත් ඩිජිටයිz කරන එක ලොකු දෙයක් අනාගත පරම්පරාවට ඒ දේවල් ලබා දෙන්න. මම ලඟදි ලිපියක් කියෙව්ව බ්‍රිතාන්ය පුතකාලය වෙබ් පිටු සංරක්ෂනය කරන්න පටන් ගෙන කියල. මොකද වෙබ් සයිට් යාවත් කාලීන කරද්දි පරන පිටු ගැලවෙන නිසා.

      Delete
    4. "දැනුම පිට යනවලු"
      ඔයිට වඩා දැනුම පිටයනවා තියෙන දැනුමෙන් වැඩක් නොගත්තම මොලේ තියන අය රට අතහැරලා යන කොට.
      // පුස්කොලපොත් ඩිජිටයිස් කරනවා
      වෙද අයියේ මේක කරන්නේ කොහොමද - Scan කරලද? ෆොටෝ ගහලද (Google අය කරනවා වගේ)

      Delete
    5. මම දෙවැනි පාරට යාපනේ පුස්තකාලෙට ගිය වෙලේ එකේ උඩ තට්ටුවක එක අංශයක මේ වැඩේ කෙරීගෙන යනවා දැක්කා.. ඒ ගමන එතැනට වෙලා සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා.. ඇතුලේ පොටෝ ගැනීම තහනම් කියලා තිබුන හින්දා මං කැමරාව එළියට අදින්න ගියේ නැති එකේ පාඩුව දැන් තමා තේරෙන්නේ...

      එතැන පුස්කොල පොත් විශාල ප්‍රමාණයක් තිබුනා.. තරුණ හාදයෙක් ලැප්ටොප් එකක් පැත්තකින් තියාගෙන පුස්කොල පිටු එකින් එක අරං මේසය මත අටවාපු කැමරාවක් යටින් තියලා ඒක දිහා ලැප් එකෙන් බලලා උවමනා විදියට සකස් කරං පොටෝ ගහනවා.. කැමරාව තියෙන්නේ මේසයට ඉහලින්... සෑම පිටුවක් එක්කම ප්‍රමාණය බලාගැනීමය පහසු වෙන අන්දමට අඩි රූලකුත් හේත්තු කරලයි පොටෝව ගන්නේ... මෑන් එක දිගට ඒ වැඩේ කරං යනවා බොහෝම පිළිවෙලට... බලං ඉන්න ආසයි... වටින කියන වැඩක්...

      Delete
    6. නිකමා මිත්‍රයා මාරයා මල්ලි කියලා තියෙන විදියට තමා ඩිජිටයිස් කරන්නෙ. ඔය දැණුම පිට යනවා කියන්නෙ පොල් බූරුවෝ. කරන මඟුලකුත් නැහැ. කොරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ. එලොවටත් නැති මෙලොවටත් නැති ගෝත කරුම.

      Delete
    7. කිව්වමයි මතක් උනේ මට එකෙක් කිව්ව කතාවක්. ඌට සෙට් වෙලා තියනව ජාලෙ ඩේටා එන්ට්‍රි ජොබක්. කරන්න තියෙන්නෙ ටයිප් කිරීමලු. පුස්තකාලයක තියන පොත් කියලයි ඌ කිව්වෙ.

      අපේ අමාත්‍යංශෙ වෙබ්එකේ තියනව චක්‍රලේඛ. එදා සිට අද දක්වා සියළු චක්‍රලේඛ බාගන්න පුළුවන්(මේව අපිට වැදගත්). දැන් නං pdf විදියටම දෙනව. ඉස්සර පොත්වල තිබුන චක්‍රලේඛ තියෙන්නෙ ඔය විදියට ස්කෑන් කරල. ස්කෑන් කිරීම ටිකක් විතර ඉඩ(බයිට්) වැඩි වුනත් නරකම නෑ.

      Delete
    8. දැනුම පිට යනවා කියන එකෙන් මතක් වුනා, කලින් අපි නොදන්න ලයිව් එකේ ගිය වගන්තියක්

      ‘එහෙම කරන අය හොරු ය. නිකම්ම හොරුත් නෙමෙයි, පෙරේත හොරුය‘

      රාජ් ඉන්නෙ රාජ්‍ය පරිපාලනේද?

      Delete
    9. ප්‍රාලේ කාර්යාලයක

      Delete
  12. ඇයි බං ඔය හිටී ගමන් සමහර අධිකරණවල ලේඛනාගාරත් නඩු භාණ්ඩ සමඟ ගබඩාත් නිකන්ම ගිනිගත්ත නේද පහුගිය කාලෙ. කොළඹ කච්චේරිය පිටින්ම ගිනිගත්තෙ, ඔය ෆයිල් වෙන් කර කර ගිනි තියනවට වැඩිය කොච්චර ලේසිද ඒක.



    නිකමට අහන්නෙ, ඔය උඹලගෙ ලේඛනාගාරවල වැඩකරන මිනිස්සුන්ට පරණ ෆයිල් අවුස්සනකොට හෙම්බිරිස්සාව හැදෙන ලෙඩේ නැත්ද, ඕක මහ වාත කේස් එකක් මට නම්.

    ReplyDelete
    Replies
    1. හපොයි මමත් ටික කාලයක් ලේඛනාගාර ඩියුටිය කලා. එපාවෙනව තමයි. සමහර වෙලාවට මම කියනව අහවල් තැන තියනව ගන්න කියල. එතකොට එන කෙනා අරගෙන යනව. :-)
      හැබැයි හොඳට නඩත්තු කරනව නම් අවුලක් නෑ.

      Delete
  13. නගරාධිපති දන්නෙත් නැතිව මේ වගේ වැඩ වෙන එකෙන් පේනවා ඔතන වැඩ සිද්ද වෙන විදිය.

    ReplyDelete
    Replies
    1. නගරාධිපති සාමාන්‍යයෙන් ‍මේවට සම්බන්ධ වෙන්නෙ නෑ. නාගරික කොමසාරිස්ට තමයි අවසාන වගකීම.

      Delete
  14. ලිපි ලේඛණ ගිනි තැබීම සම්බන්ධව නොදන්න කාරණා රාශියක් දැනගත්තා.

    ReplyDelete
  15. ඔය තවත් එක සිද්දියක් පමණයි.
    අනිත් සිද්දි වලට වුන අබ සරණං ගච්චාමි තමයි.

    ReplyDelete
  16. මේ ළගදිම තමයි සතොසේ මාධ්‍ය ඒකකයත් ගිනි ගත්තේ... අලාභය කෝටි ගාණක්....අවුරුදු ගණනාවක් පැරණි ලිපි ගොනු සේරම විනාශයි.

    ReplyDelete
    Replies
    1. ස්වාභාවික ගින්නක් වෙන්නැති නේද?

      Delete
  17. කාඹර ගනං පුරවලා තියෙන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන් තරමේ ෆයිල් වලට මොකද වෙන්නේ කියලා මටත් ඕවා දැක්කම හිතෙනවා. ඒත් ඕවා ගැන හොයල බලන්න එතනින් එලියට එද්දිම අමතක වෙනවා :D

    ReplyDelete
    Replies
    1. සමහර ෆයිල් කාලයක් තියාගන්න සිදුවෙනව. හොඳම දේ තමයි ඩිජිටයිස් කිරීම

      Delete
  18. මොනවා වෙන්ඩද රාජ්, අන්තිමට ඔය ඔක්කොම files වල තිබුන දේවල් Forget File එකට දානවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද? හැබැයි මට නං හිතෙන්නෙ කීහිප දෙනෙකුගෙ රස්සා නැති වෙන්නත් පුළුවන්.

      Delete
  19. නීතියට අනුව ගිනිතියන හැටි දැනුවත් කලාට ස්තුතියි Raj.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවට. මේ නිශාන්ද?

      Delete
    2. නෑ raj, ඇහැකි වෙලාවට පෝර දාන එකෙක් මේ :-)

      Delete
  20. මේවා කනත්තටම ගෙනිහින් ගිණිතිබ්බ එක සංකේතාත්මකයි කියලා හිතෙන්නේ නැද්ද රාජ්?
    A touch of finality.

    ReplyDelete
    Replies
    1. ඒක හරි හෙන්රි අයියේ. ඒත් බං මේව රාජකාරී නෙව.

      Delete
  21. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා බොහොම ස්තුතියි. මම ඒ පැත්තෙ යනව. අලුත් එකකුත් දාල නේද?

      Delete
  22. නීතියට මුවාවෙන් හීන් නුලෙන් ගේම දෙන අපේ ගොයියෝ ගැන ඉතින් වෙන මොන කතාද

    ReplyDelete
    Replies
    1. මෙතනදි නං මුවා වුනාට ඔක්කොම එලියේ.

      Delete
  23. අනෙ මන්ද මෙක ලන්කාවනෙ ස්වයන්ගිනිතබාගෑනිමක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  24. සමුපකාර කඩ ගිනිගන්නෙ උසාවි ගිනි ගන්නෙ ඔය වගේම තමයි.. ලේසි ක්‍රමයනෙ..

    ReplyDelete
    Replies
    1. සරත් අයියගෙ කාලෙ ගිනිගැනීම් තිබුනෙ නැද්ද?

      Delete
  25. ඔතන ඒ හැටි සිරා කේස් එකක් නෑ රාජ්...දන්නවය වෙල තියෙන්නෙ මොකක්ද කියල?...

    කනත්තෙ මුරකාරයගෙ බාප්පගෙ දෙවෙනි කසාදෙ පවුලගෙ බාල මල්ලිගෙ නෑන තමයි නගර සබාවෙ කාකාස බැඳල ඉන්නෙ. කාකාස නතර වෙලා ඉන්නෙත් මුරකාරයගෙ ගෙදර. කනත්ත ඇතුලෙමයි ගෙදර තියෙන්නෙත්. ඔය මුර කාරයට රෑට රෑට හීතලක් හැදෙනව.

    " මලේ බොලාගෙ ඔෆිස් එකේ පරන පයිල් එහෙම තියේනං අරං වරෙංකො රෑට ගිනි තපින්ට " දවසක් උදේ වැඩට යන්ට සූදානං වෙන කාකාසට මුරකාරය කිව්වලු.

    " හොඳමයි අයියෙ මම හවහට ගේන්නංකො…" කාකාසත් පොරොන්දු උනාලු.

    ඔන්න ඔච්චර්යි බං... උඹල මේ තලියෙත් කිඹුල්ලු දකින ජාතියෙ පොරවල් නෙව.

    අර ජීවිතයක් බේරාගැනීමට උත්සාහ කිරීමකදී මාර්ග නීති උල්ලංඝනය කිරීම වරදක් නොවෙනව වගෙ අසාධ්‍ය අසනීපයකට ප්‍රතිකාර වශයෙන් කරන කිසිම දේකට විරුද්ධව ආයතන සංග්‍රහය යටතෙ පියවර ගන්ටත් බෑ මම දන්න විදිහට...ඒ හින්ද නෝ කේස් ඇටෝල් හියර් මිස්ටර් රාජ්...හෙහ්, හෙහ්

    ReplyDelete
    Replies
    1. රවී බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. ඔයවගේ කේස් එකක් වෙන්නත් පුළුවන් තමයි.

      Delete
  26. හනුමා රට ගිණි තිබ්බට දෙවෙනි නෑ කොළඹ නගර සභාවේ ෆයිල් ගිණි තැබීම.
    ළඟද් කොළඹ කච්චේරියත් ගිණිගත්ත නේද?අයේ කොළඹ වරායේ කන්ටේනර් වගයකුත් ගිණිගත්ත නේද?

    ReplyDelete
    Replies
    1. කච්චේරිය නං සම්පූර්ණයෙන්ම පිච්චුනා.

      Delete
  27. ගින තියපු එක හොඳයි... නැත්තං ලොකු ලොක්කෝ කී දෙනෙක් නම් අමාරුවේ වැටෙන්න පුළුවන්ද ඔව්වෑ තිබුන ඇත්ත නැත්ත හොයාගෙන ගියොත්...

    ReplyDelete
  28. ඕකෙ මහලොකු කේස් එකක් නෑ.. ගිනිතියන්න යන හැම ලියවිල්ලකම ෆොටෝ කොපියක් අරගෙන ආයෙ ලේකනාගාරයෙ සුරක්ශිතව අරන් තියන එකනෙ කරන්න තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. එතකොට සියබලා ගෙනල්ල නෑ

      Delete
    2. සුජියො, උඹ කියපු එක මට් තේරුන්නෑ.. තව ටිකක් විස්තර කරහන්කො. ඒක නෙමේ කෝ බන් උඹේ බ්ලොග් එක ? ඒකට මොකද වුනේ ?

      Delete
    3. ෆොටෝ කොපියක් තියා ගැනීම තරම්ම අමාරුයි දැනට තියන ක්‍රමෙත්.

      Delete
  29. සමහරවිට කොළ කෑලි වලට ගිණි ඇවිලෙන්න ඇති මගේ හිතේ. නැත්නම් කොළ කෑලි ගිණි ගොඩකට පනින්න ඇති.

    Bora Diyaka Induwara

    ReplyDelete
  30. //කොළඹ නගර සභාවෙ කේස් එක නං මීට බරපතළයි//

    දතුත් හැලුනා නේද බරපතල කමට ? :p

    ReplyDelete