Wednesday, August 7, 2013

හීන

පොඩි එකා දැං දනගානව. ඇවිදින්න ඔන්න මෙන්න. දොර ඇරල තිබුනොත් නවතින්නෙ මිදුලෙ. ඔන්න ආයෙත් යන්නයි සූදානම. මොන විදියෙන්වත් නවත්වන්න බෑ. මම අන්තිම තුරුම්පුව දමල ගැහුව. සාක්කුවෙ තිබුන පර්ස් එක දුන්න. සෙල්ලම් බඩු කොච්චර තිබුනත් ඌ අවධානය යොමුකරන දේවල් තුනයි තියෙන්නෙ මේ වෙනකොට. එකක් මගේ ෆෝන් එක. ඒක දෙන්න බෑ. ගත්ත ගමන් පොලවෙ ගහනව. දෙක ටීවී රිමෝට් එක. ඒකටත් ඒ සරණ තමයි. අන්තිම එක තමයි මගේ පර්ස් එක. ඔන්න දැන් පොඩ්ඩ පර්ස් එක මස් කරනව. ඒකෙ තියන සල්ලි බැංකු කාඩ් බයික් රාජයගෙ ලයිසන්-ඉන්ෂූරන්ස් ඔක්කොම මෑන් අතේ. මේ අතරෙ සල්ලි-බැංකු ටෙලර් කාඩ් දැක්ක මගේ හිත වෙන පැත්තක.

ඉස්සර නං අපි බැංකුවට ගිහිල්ලයි සල්ලි ගත්තෙ. අපි කිව්වට අපේ වැඩිහිටියො. වැඩිහිටියො කිව්වට සල්ලි බාගෙ තියන වැඩිහිටියො. නැත්තං සල්ලි තියෙන්නෙ ලාච්චුවෙ. සල්ලි කිව්වම ආයෙත් මගේ හිත වෙන පැත්තකට යනව. මිනිහෙක් ලඟ තියන සල්ලි කියන්නෙ එයාගෙ හිත-කය දෙකේ මහන්සියේ ප්‍රථිපලය. හිත කය දෙකේ අනුපාතය එක් එක්කෙනාට වෙනස්. කම්කරුවෙක් ගත්තොත් වැඩි ප්‍රථිශතය එන්නෙ ඇ‍ඟෙන්. මාතලන්ගෙ වචනයෙන් ගොංපීතර වැඩ කරන බුවෙක් ගත්තොත් වැඩි ප්‍රමාණය ඔළුවෙන් එන්නෙ. කොහොම උනත් මිනිහෙක් සතු මුදල් ප්‍රමාණය කියන්න පුළුවන් මේ විදියට.

X=Y+Z

X=මුළු මුදල

Y=කායික වෙහෙසවීම

Z= මානසික වෙහෙසවීම

ඊට පස්සෙ මගේ ඔළුවට එන්නෙ මේ වගේ දේවල්.
මිනිහෙකුගෙ ශක්තිය නැත්තං මහන්සිය හොරාට ගන්න කාටවත් බෑ. නෑ නෑ මේ කියන්නෙ සමාජවාදියො කියන සූරාකෑම ගැන නෙවේ. ඊට වඩා සරළව ගත්තොත් අද කාලෙ වහල්ලු නෑනේ ඒ නිසා ශ්‍රමය කියන දේ හොරාගන්න බෑ. ඒත් අවුලක් තියනව. මොකද්ද? ශ්‍රමය හොරාගන්න බැරිවුනාට ශ්‍රමයේ අවසාන ඵලය වෙච්ච "මුදල්" කෙනෙකුට හොරාගන්න පුළුවන්. ඔන්න ඔය තත්වයට එක විසඳුමක් තමයි ඔය නානාවිධ බැංකු කාඩ් ක්‍රම තියෙන්නෙ. ක්‍රෙඩිට් කාඩ්, ටෙලර් කාඩ් වගේ දේවල්. හැබැයි මේ වෙනකොටත් මුදල්, කාසි සහ නෝට්ටු වලින් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපිට පුළුවන් කමක් ලැබිල නෑ.

ඔන්න මම රස්සාව කරනව. මගේ ආයතනයෙන් මගේ වැටුප යනව බැංකුවට. මම බඩු ගන්න කඩවල හැම තැනකම තියනව ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවිමේ පහසුකම. ටොපියක් කෑවත් ගෙවන්න පුළුවන් ඒකෙන්. මගේ අතේ සතේ නෑ කොයි වෙලාවක බැලුවත්. කාඩ් එකෙන් තමයි ඔක්කොම වැඩ සිදුවෙන්නෙ. ඉස්සර රජයේ ආයතන වල පඩි ගෙව්වෙ අතට. පඩි දවස කිව්වම අමුතු කික් එකක් එනව. පඩියට වෙනදේ ගැන මුල් දවස්වල පොඩි කයියකුත් ලිව්ව. මම රස්සාවට ආපු අලුත, මීට අවුරුදු හතකට විතර කලින්, තිබුනේ ඒ ක්‍රමය. ඊට පස්සෙ බැංකුව හරහා පඩි ගෙවන ක්‍රමය ඇතිවුනා. මම ඉන්න කාලෙ තමයි ඒ ක්‍රමේ ආවෙ. එතකොට පඩි දවසට දවසකට දෙකකට කලින් චෙක් එකක් යවනව බැංකුවට. පඩි ගන්න ඕන අයගෙ මුදල් ගැන විස්තරේකුත් එක්ක. ඊටත් පස්සෙ ඇතිවුනා ස්ලිප් ක්‍රමය කියල එකක්. ඒකෙදි ඉස්සෙල්ල වගේ චෙක්පත් බර ගානක් ලියන්න ඕන නෑ. ආණ්ඩුවෙ බැංකු තුනටත් සෙලාන්, කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්, වගේ බැංකු වල්න් පඩි ගන්න උදවියගෙ විස්තර තියන ටෙක්ස් ෆයිල් කෑල්ලක් තමයි ආණ්ඩුවෙ ගිණුම තියන බැංකුවට යවන්නෙ. වෙලාවට පඩි ලැබෙනව. මේ දක්වාම තියෙන්නෙ ඒ ක්‍රමේ.

හරි. මම කියකිය හිටියෙ "සල්ලි" වල අභාවය ගැන. රටම එකම ජාලයක් වෙලා. ඔන්න මෑන් කෙනෙක් ඉන්නව කාට හරි පොල්ලක් තියල. අද කාලෙ වගේ සෙල්ලං බෑ. අතට සල්ලි ලැබෙන්නෙ නෑනේ. දෙන්න සල්ලි අච්චු ගහලත් නෑ. සල්ලි කියන්නෙ නිකංම නිකං වර්චුවල් දෙයක් විතරයි. පොලුකාරය තමුන්ගෙ ශරීරය-මනස වෙහෙසවලා සල්ලි ගන්න ගියාම, නැත්තං සල්ලි තියනව කියල භාණ්ඩ-සේවා ලබාගන්න ගියාම සල්ලි නෑ. ණය වෙනුවෙන් ඒක කැපිල! අන්න වැඩ! කාටවත් ණය පොලු තියන්න බෑ.

ලෝකෙ මොන රටේවත් සල්ලි නැත්තට නැතිවෙලා නෑ. අඩුවැඩි වශයෙන් තියනව. ඉස්සරම භාණ්ඩ හුවමාරුව තිබුන කාලෙ නං සල්ලි තිබිල නෑ. ඒත් ඒක අදට ගැලපෙන්නෙ නෑ. මොකද සීනි කිලෝවක් ගන්න හාල් කිලෝ දෙකක් අරගෙන යන්න ඕනනේ.

"ඔන්න පුතා රුපියල් සීය ඉරුව"

නෝනගෙ කතාවෙන් මගේ මනෝ ‍ලොකෙ බිඳ වැටුන. කොලුව සියෙ කොලේකට වැඩේ දීල. කමක් නෑ එහෙම නූන නං මං කොතනින් නවතීද කවුද දන්නෙ!

67 comments:

  1. මොකද සීනි කිලෝවක් ගන්න හාල් කිලෝ දෙකක් අරගෙන යන්න ඕනනේ.///

    අනිත් ඒවා කෙසේ වෙතත් මේක නං හීතයක් නෙවෙයි..100% ෂුයර්.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඇ. ඩොලර් එකක් ගන්න දැන් අපිට රුපියල් ගෝනියක් ගෙනියන්න වෙනව වගේ. වැඩි වෙනසක් නෑනේ, යන තාලෙට නම් චූටි රුපියල්, ලොරියක පටවන් යන්න වෙයිද මංද ඉස්සරහට.

      Delete
    2. හිරු
      නෑ මං කිව්වෙ ඉස්සර තිබුන විදිය දැන් ප්‍රායෝගික නෑ කියල.

      DDT
      එක්දාස් නවසිය විසි නවයෙද කොහෙද තිබුන ලෝක ආර්ථික පරිහාණිය වෙලාවෙ ජර්මන් මාක් වලට ඔය ඉරනම අත් උනාලු. ලඟදි සිම්බාබ්වේත් ඔය කේස් එක උනා. ඩොලරයට ලක්ෂ ගානක් තරම් මුදල් අනුපාතෙ පහලට බැස්ස.

      Delete
  2. පිස්සුද බොලේ මේක හීනයක් වෙන්න බෑ.. මොකද දැනුත් වෙන්නෙ මේ සෙතේම තමා...

    ReplyDelete
  3. පර්ස් එක දෙන්න එපා. ඕකේ හරියට විසබීජ ඇතිනේ. අනික සල්ලි කොලවල කොච්චර දහ ජරාව ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කකා

      Delete
    2. මට මතකයි අපි පොඩි කාලෙ අම්මා කියනව ඔය කාසි එහෙම හිඟන්නො තුවාලවලට තියල බඳිනවය කාසි ඇල්ලුවොත් මොනව හරි කන්න කලින් සබන්දාලා අත් සෝදන්න කියල. ඇත්තටම හිඟන්නො එහෙම කරනවද කියල නම් මම දන්නෙ නෑ, ඔය මාළු විකුණන මිනිස්සු එහෙම නම් මාළු දීල ලේ තැවරුනු අතින් මුදල් නෝට්ටු අල්ලනව මම ඕන තරම් දැකල තියෙනව. මතක හැටියට පහුගිය කාලෙ මහ බැංකුවෙන් ඇඩ් එකකුත් දැම්මා මුදල් නෝට්ටු කිලිටි කරන්න එපා කියල.

      Delete
    3. කකා
      ඇත්ත! මුදල් වලත් සෑහෙන්න විශබීජ තියනව. හැබැයි එලියට ගිහිල්ල මිදුලෙ වැලි ගල් ඇල්ලීමත් ඒ වගේම තමයි.

      DDT
      මාළු විකුණන මිනිස්සු අතින් මුදල් සෑහෙන දුරට විනාශ වෙන බව ඇත්ත.

      Delete
    4. AI ITHIN MINISSU, PUKA KASALA, JEE CHOO, WAGE DEWAL THAWARILANE, NEDA KAKKO.

      Delete
  4. //ටොපියක් කෑවත් ගෙවන්න පුළුවන් ඒකෙන්.//

    ඇත්තද? මමත් ටොෆියක් කාලා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්ට බලන්ට ඕනේ...:D:D

    ReplyDelete
    Replies
    1. @පොඩ්ඩි;
      පසුගිය දිනවල ඔබගෙ වැදගත් සිදුවීම්/ගමන් බිමන් වල කතා,විස්තර පින්තූර සමග හෝ නැතිව අපිට ගේන්නෙ කවද ද?
      මොකද මගෙ මහත්තය කිව්වද බ්ලොග් අස්සෙ ගිහිල්ල තිබුනොත් හිස ගසා දමමි කියල?
      රාජ්August 7, 2013 at 2:34 PM

      අන්න හරි! පොඩ්ඩි කිව්ව "වැදගත්" දේවල් පිංතූරත් එක්ක බ්ලොගේ දානව කියල. තාම නෑ. අපි හදාගනිමු සංගමයක්. පොඩ්ඩිට බලකරමු!

      Delete
    2. පොඩ්ඩිට නං පුළුවන් ඇති

      කෙන්ජි
      මේවට පොඩ්ඩි කතා නෑ.

      Delete
  5. කාර්ඩ් වලින් ගෙවන සමහර අයට නොදැනිම ටොෆි ලැබෙන වෙලාවලුත් තියෙනව.

    ReplyDelete
  6. ඉන්දික උපශාන්තත් උඹ වගේ ගැඹුරින් කල්පනා කළා නම් අමාරුවෙ වැටෙන්නෙ නෑ.

    ReplyDelete
  7. ඔච්චර කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. ලේසර් ප්‍රින්ටර් එකක් ගත්තා, වැඩේ පටන් ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔව් බොලේ, එදා මැච් එක බලන්න ගියා ප්‍රේමදාස ස්ටේඩියම් එකේ. මට අනිත් පැත්තේ හිටපු එවුන් දෙන්න පෙන්නනවා, අයියේ ටිකට් තිබ්බේ නෑ, එක ටිකට් එකකින් ස්කෑන් කරලා ටිකට් දෙන තැනක් තියෙනවා මාලිගා වත්තේ එකෙන් ටිකට් දෙකක් අරං ආවා කියලා, සීයේ ටිකට් එක පන්සීයයිලු.

      Delete
    2. ලේසර් ප්‍රින්ටර් කතා කියද්දි මතක් උනේ.
      ඔන්න දවසක් අපේ මෑන් කෙනෙකුට ඕනවුනා පොඩි එකාගෙ ඉස්කෝලෙ වැඩකට මුදල් නෝට්ටු තියන පිංතූර කොල ටිකක්. කඩවල් වල බැලුවට තිබුනෙත් නෑ. ඒ ගමන මෑන් ආවෙ මගේ ලඟට. මම සල්ලි කොල ටික ස්කෑන් කරල කලර් ප්‍රින්ට් අවුට් අරගෙන දුන්න. ටික වෙලාවකින් මේ හාදය එනව ගෝල්ඩ්ලීෆ් 5ක් අරගෙන. බැලින්නං අර සීයේ කොලේ දීල අරගෙන තියෙන්නෙ. ටිකක් කල්පනා කරනකොටයි මට මේකෙ බරපතලකම වැටහුනේ.

      ඉවාන්
      ටිකට් ස්කෑන් කරල බලනවද?

      Delete
    3. ඔව් බං ටිකට්එකක් ස්කෑන් කරලා ප්‍රින්ට් අරගෙන, අර පෝලිමේ හිරවෙලා ඇට දෙකත් මිරිකගෙන ඇතුලට විසිවෙනකොට ඕක චෙක් කාරන්න අර පොලිස් කාරයින්ටයි, සික්කොන්ටයි බැහැ කොහොමත් ,

      Delete
  8. සල්ලි බැංකුවට ගෙහුන් කාඩ් එකෙන් ගෙවන එකනම් හොඳයි. මොකද අතේ සල්ලි තියාගන්න ඔන නෑ. අනික තමා අසු හතයි සත පනහයි කිවොත් ඒක හරියටම කාඩට් එකේන ඒ ගානම කැපෙනවා. අතින් රවුම් කොලයක් සල්ලි විදිහට දුන්නොත් වෙනේනේ අර ඉතුරු රැ දොලහයි පනහට ලොසින්ජර හම්බෙන එකනේ. ඒත් කේස් එක කියන්නේ සල්ලි තිබුනම ලිමිට් එකක් තියෙනවනෙ. දැන්වෙනදට වඩා අනවශ්‍ය බඩුත් කඩෙන් ගැනෙනවා මට.

    ReplyDelete
    Replies
    1. ඔය කේස් එක මටත් තියනව තදටම. අපිට 25වගේ දිනයක පඩි ලැබෙන්නෙ. ඊලඟ මාසෙ 5 වෙනිද වගේ වෙද්දි සීයට හැත්තපහක් විතර වියදම් වෙලා.

      Delete
  9. දැන් කලේ රුපියලට අත් වෙලා තියෙන ඉරණම වැඩිකල් නොගිහින් රුපියල් 1000/- අත් වේවි වාගේ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. රාජ් ඔහොම කියන කොට මට මතක් වෙන්නේ මගේ පොඩි කාලෙ සිදුවීමක්! අපේ ගෙදර වැඩකරපු කෙනෙක් මගෙන් පොඩි කාලෙ විහිලුවට වගේ 'පුංචි මහත්තයා රු.100ක් දෙන්න' කියල ඉල්ලලා.මමත් ඉතින් තාත්තගේ පර්ස් එකෙන් අරන් දීලා.පස්සේ ඒ මනුස්සයම තාත්තට හිනා වෙවී ඒක දීලා.ඒ කාලේ 100ක් කියන්නේ ලොකු ගානක්නෙ.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැරදියි. ඒක යන්නෙ මගේම අඩවියට. දුලාලෙ අඩවිය රෝලට දාගන්නං.

      වෙලාවට වැඩකල මනුස්සය අවංක උනේ.

      Delete
  12. Replies
    1. සීයක් ඉරුවට මොකෝ බං උඹේ පැයට පඩිය ඒ වගේ දහගුනයක්නේ

      Delete
    2. නෑ බං. මගේ පැයක පඩිය තමයි.

      Delete
  13. මේ උන්නැහේ.......ඔය ළමයි හැදිල්ල ඔහොම බෑ. ළමයින්ගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩු ඕනෙතරම් තියනවා. සෑම වයසකම ළමයින්ට ගැලපෙන සෙල්ලම් බඩු තියනවා කියලා මම කියලා දෙන්න ඕනේ නැහැනේ. අන්න එව්වා ටිකක් ගෙනත් දුන්නනම් ඔය දරුවාගේ මානසික දියුණුව වේගවත් වෙනහැටි බලන්න පුළුවන්. එක දවසක් නිවාඩු දාලා හරි කමක් නැහැ රාජ් හොඳ සෙල්ලම් බඩු කීපයක් අරන් එන්න. කලබලෙන් තෝරන්න එපා. ඇඳුමක් තෝරනවා වගේ ඉතා කල්පනාවෙන් සැලකිල්ලෙන් තෝරන්න. අපේ දෙමවුපියෝ එහෙම නොහිතුවත් ඔයාලට හරි අපි මේවා කියන්නේ බොහොම ආදරෙන්.දරුවාට අනතුරක් කරගන්න ඉඩ තියන්න එපා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. උදාහරණ ටිකක් දෙන්න බැරිද

      Delete
    2. සෙල්ලම්බඩු තෝරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කවදාවත් ළමයින්ට සෙල්ලම් තුවක්කු අරන් දෙන්න එපා. පරපීඩන කාමය ඇතිවෙනවා. (අනුන්ට හිංසා කිරීම) කෑලි හයිකරන LOGO SET අරන් දෙන්න. ළමයා හිතලා යමක් කරන්න පෙළඹෙනවා. රට සෙල්ලම් බඩු එපා.ලොකු ප්ලාස්ටික් අත හෝදන කොප්පෙකට සබන් දියකරලා පැපොල් බටෙන් පිඹලා බුබුළු නංවන්න දෙන්න. ඒ බුබුළු පුම්බලා යවන්න දෙන්න. එයින් තොල් දෙකට ලැබෙන අභ්‍යාසයෙන් ළමයාගේ කථන හැකියාව දියුණු වෙනවා. නියම වෙලාවට පැපොල් බටය සබන් වතුරට ඔබලා අරන් පිඹින්න හැකියාව ලබා ගැනීමෙන් eye hand coordination හැකියාව වර්ධනය වෙනවා. ළමයාට නිතරම කතා කරන්න. කවි සින්දු (ළමයින්ට ගැලපෙන) කියාදෙන්න. ඔහුට ඇහුම්කන් දෙන්න. අපි වගේ සිය ගුණයක් හොඳ දරුවෙක් හදන්න පුළුවන්. මිදුලේ වැස්සේ මඩේ නටන්න ඉඩ දෙන්න. ලෙඩ වුනාම බෙහෙත් කරන්න. අද එදාට වඩා විෂබීජ වැඩියි. ප්‍රතිකාරත් එදාට වඩා ගොඩා...........ක් දියුනුයි. පරිසරය සමග දරුවාට වැඩෙන්න ඉඩ හරින්න. බොරු සෝබන වලින් වලකින්න. ළමයා කියන්නේ පුංචි මිනිහෙක් නොවේ. අල්ලපු ගෙදර ළමයා හදන විදිහට අපේ ළමයා හදන්න යන්න එපා. අපේ ළමයා හැදිය යුත්තේ අපේ ක්‍රමයටයි. බිම වැටිලා දනිස්ස ලෙලි ගියාම චැනල් කරලා දොස්තරලා ලඟට යන්නේ අමන මරි මෝඩයෝ.

      Delete
    3. ස්තුතියි

      Delete
    4. ඔය තුවක්කු ගැන අදහසට නම් මම එකඟ වෙන්නෙ නෑ. මෙතන ඉන්න අය වැඩි දෙනෙක් ළමා කාලෙදී තුවක්කු වලින් සෙල්ලම් කරලා ඇති. නමුත් ඒ හැම දෙනාටම පරපීඩක ගතිගුණ ඇති කියලා මම හිතන්නෙ නෑ. ඒ වගේ දේවල් වලට බලපාන්නේ තමන් හැදෙන පරිසරය, තමන්ගේ අම්මා තාත්තා ගෙදර හැසිරෙන විදිහ. hand-eye coordination එකත්, එක දෙයකින් නෙමෙයි ගොඩාක් දේවල් වලින් ළමයින්ට ලැබෙනවා. ළමයෙක් ඇහෙන් දැකලා, අතින් අල්ලන හැම තැනකදිම ඔය දේ සිද්ධ වෙනවා. විචාරක කිව්ව සෙල්ලම්බඩු සහ අනෙක් කාරණා ගැන අවුලක් නැහැ. Building blocks, Lego වගේ ඒවා ගොඩක් හොඳයි. අනික මම කැමතිම දේ තමයි කතන්දර කීම. පොතක් අරගෙන ඒ ලියලා තියන කතන්දරයම කියවගෙන යන්නෙ නැතුව අතින් පයින් දාලා, ළමයටත් දේවල් එකතු කරන්න ඉඩ දීලා කතා කීම තමයි මම පොඩි එකාත් එක්ක කරන්න කැමතිම වැඩේ. නමුත් ප්‍රායෝගිකව යම් යම් දේවල් කිරීමත් අවශ්‍යයි. පොඩිම කාලේ ළමයට ඒ තරම් තේරුමක් නැති උනත්, පින්තූර පෙන්නලා හරි කතා කීම හොඳයි කියලා මට හිතෙන්නේ.

      රාජ් ගෙ පොඩි එකාගේ වයසේ ඉන්න ළමයි එක සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරන්නේ පොඩි කාලයයි. ඔබනකොට, හොලවනකොට මොනවා හරි සද්දයක්, මියුසික් එකක් එන ඒවට ඒ වයසේ ළමයි හරි කැමතියි. හැබැයි පොඩ්ඩා ඇවිදින්න ගත්තහම නම් උඹට ගෙදර, මේස පුටු, කැබිනට් එහෙම පරිස්සං කරගන්න වෙයි.

      Delete
    5. අපිත් පොඩිකාලෙ බට තුවක්කු හදාගෙන ඒවලින් සෙල්ලං කළා.

      Delete
    6. විචාරක මහත්තය කියන දේ මට තේරෙනව. ඒත් මගේ පුතාගෙ වයස අවුරුද්දයි. එයා ඕනම ජාතියක සෙල්ලම් බඩුවක් තියාගෙන ඉන්නෙ බැයක් හමාරක් විතරයි. ඔබතුමා කියන විදියෙ මට්ටමට එන්න තව අවුරුද්දක් විතර යයිනේ. අන්න ඒ වෙලාවට මේ උපදේසෙ මතක තියාගෙන ඉන්නං.

      තිසර
      තුවක්කු නොදී ඉන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉල්ලනව නම් දුන්නත් එච්චර වරදක් නැති වෙන්නත් පුළුවන්. ඒ ගැන හරියටම කියන්න මම නං දන්නෙ නෑ.

      Delete
    7. ඒ නොදරුවා එක සෙල්ලම්බඩුවක් පැයක් නෙවෙයි විනාඩි 10 ක් තියාගත්තම හොඳටම ඇති. දැන් එයාට ඕනේ හුළං පුම්බලා ඉටිරෙදි වලින් හදලා තියන සෙල්ලම් සත්තු. එයාට දෑතින් පහසුවෙන් බදන්න පුළුවන් වෙන්න ඕනේ. හැපුවම කට තුවාල නොවෙන විදිහේ ඒවා විය යුතුයි. දාර, බොත්තම්, සිප්, කටට ගැලවී එන වෙනත් කොටස්, තීන්ත, නොතිබිය යුතුයි. පොළොවේ ගහනකොට නොකැඩෙන ඒවා වියයුතුයි. මිරිකනකොට කෑ ගහන සත්තු පලවෙනි වතාවේදී දෙනකොට එකපාර තිගැස්මක් එන විදිකට කණ ලඟට කරලා මිරිකලා සද්දේ දාලා දෙන්න යන්න එපා. වැඩේ වරද්දගත්තොත් සදහටම ළමයා ඒවගේ සෙල්ලම්බඩු ප්‍රතික්ෂේප කරනවා.

      Delete
  14. රාජ්
    ඔය සීනි කිලෝවට හාල් කිලෝ දෙකක් දෙන්න ඕන එක කියවපුවහම මට අපි පොඩිකාලෙ භාන්ඩ හුවමාරුව තිබුනා අපෙ ගම ඔය මොර‍ටුව කැම්පස් එකේ ඉඳන් කි.මී හත අටක ටිතර දුර.ගමේ සැහෙන තරමකට කුබුරු තිබුනා ඒ වගේම රබර් වගාවත් තිබුන.අවුරුදු කාලෙට වලං විකුනන්න ගේනව කදේ දාගෙන එන්නෙ.රත්මලාන කිට්‍ටුව තියන තෙලවල හදන වලං ඒ මිනිස්සුම කදවල්වල දාගෙන අරන් එනව විකුනන්න.හැබැයි වලං දීල සල්ලි වලට වඩා කැමති වී හරි හාල් හරි. ඒ මිනිස්සුන්ට කුබුරු නැති නිස එහෙම කරනව කියල තමයි අම්මල කිව්වෙ. වෙල් වැඩ කාලෙටෙ ට්‍රැක් ටර් වලින් වැඩ ගත්තහම සමහර අය සල්ලි වෙනුවට රබර් රොටි(වේලපුව) දුන්න.තවත් මට හොඳටම මතක දෙයක් තමයි ගමේ මරනයක් වුනහම ඒක ගමට කියන්න යවන්නෙ අඬබෙර කාරයෙක්.මිනිහා ගමේ පාරවල් වල ගිහින් බෙරෙ ගහනල දැන්වීම කියනව.එහෙම නැත්නම් එයාව දකින මිනිස්සු අහනව අඬබෙරේ මොකද්ද කියල, එතකොටත් බෙරේ ගහල ලියනව.මරන වලට විතරක් නෙමෙයි ග්‍රාමසේවක එවන රජයේ පනිවිඩත් මෙහෙම යැව්වා.හිනාවෙන්න එපා 1975 විතර කාලෙත් මෙහෙම දේවල් තිබුනා.

    ReplyDelete
    Replies
    1. හුවමාරුව ගැන මගේ මතකය තියෙන්නෙ ඉස්සර ගමට එන රෙදි නැන්ද ගැන. එයාට ගෙව්වෙ මුදලින් නෙවේ වී-හාල්,පොල් වලින්. හිනාවෙන්න දෙයක් නෑ මම කියන්නෙ කියන්නෙ අසූ ගනන්වල සිද්ධි. ඒ වගේම තාමත් යම් යම් විදියේ හුවමාරු ක්‍රම තියනව. දැන් බලන්න කුරුඳු තැලිල්ල. ගෙවන්නෙ කුරුඳු වලින්. "සුනාමි" "බූතය" වගේ යන්ත්‍ර එන්න කලින් කුඹුරු වල ගොයම් මැඩීමට ගෙව්වෙ වී වලින්.

      Delete
  15. කතාවේ සාරාංශය ගලප ගන්න බැරුව ඉන්නේ . . මොනව වුනත් හොරු ගන්න එක ගැන හිතුවොත් සල්ලි අතේ තියෙනවා වගේම භයානකයි කාර්ඩ් උනත්. හොරකම් කල එකෙක්ට කාඩ් එකෙන් බඩු ගන්න පුලුවන්නේ. කිව්වත් වගේ සල්ලි නැතිනම් තියෙන ගානට බඩු ගන්නව ඒත් දැන් සල්ලි නැතත් නයට බඩු ගන්නවා ඕන එකයි එපා එකයි ඔක්කෝම. අහ් හොඳ වෙලාවට රුපියල් සීයක් තිබ්බේ හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. මනෝ ලෝකවල ඉඳල ලියන කතාවල සාරාංශ කොහොම ගලපන්නද දුකා! කාඩ් හොරකම් කරන්න ඒ වගේම දක්ෂ බුවාල ඉන්න ඕන නේද?

      Delete
    2. දක්ෂ වෙන්න ඕන නැහැ බන්.මම ඉඳපු කාමරේක උන වැඩක්.එකෙක් හිටිය ඌ ඔය කාර්ඩ් වලට කැමති නැහැ.බැංකු අකවින්ට් එක අරිනකොට එක හදපු අජන්ට් මුගෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකකටත් අත්සන් අරගෙන AED 20000 ක ලිමිට් එකකුත් එක්ක.ඕක මිනිහ කාමරේ උගේ බෑග් එකේ තියල තියන්නේ මොකද පාවිච්චි කරන්නේ නැති නිසා.ඔහෝම ඉන්නකොට ඒ කාමරේ හිටිය තව ලංකාවේ එකෙකුට ජොබ නැති උනා.උ ලංකාවට ගියා.ගිහින් මාසෙකට විතර පස්සේ අරුට එනවා AED 12500 ක බිලක් ක්‍රෙඩිට් කාර්ඩ් එකට.අර ගිය එකා ගිහින් තියෙන්නේ එකෙන් බදු අරගෙන.ඔය පිටිපස්සේ අත්සනයි අපි බදු ගන්න කොට ගහන එකයි කිසි කෙනෙක් චෙක් කරන්නේ නැහැ.

      Delete
  16. උඹ අර in time ෆිල්ම් එක බලල තියෙනවද, ඒකෙ මිනිස්සු උපයන්නෙ වැය කරන්නෙ කාලය. නිකන් නෙවි තමන්ගෙ ජීවිත කාලෙ, තමන් ඉපයුවෙ නැති උනොත් මැරෙන්න වෙනවා. වැරැද්ද ඉතිං ඒ ක්‍රමේ හැටියටත් හොරුන් මංකොල්ලකරුවන්, ධනපතියන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. හාපෝයි එකේ අම්බානකට හොරු ඉන්නවනේ..හොරෙක්ට මාට්ටු උනොත් ජිවිතේ අවාසානයි,,,
      කොහොම උනත් මම බලපු ලස්සනම ෆිල්ම් එකක් ..

      Delete
    2. මම ඒක බලල නෑ බං. ඔය අර ජස්ටින් ටිම්බර්ලේක්ගෙ ෆිලුම් එන නේද? කතාවෙ සාරාංශයක් නං පත්තරෙන් දැක්ක

      Delete
  17. පොඩි එකා උඹව අරං ගිහින් තියෙන දුර.

    අපිට පඩි ගෙවන්නේ බල්ලන්ට ලෙලිපොල් දෙනවා වගේ. වැඩේ ගන්නත් අපිව ඕනේ. පඩි ත් ගෙවනවා. ඒක රටෙන් පිටවෙන එක නවත්තන්න හැකි හැමදේම කරනවා.

    ඇත්තෙන්ම ඔය චූටි එකාට සල්ලි කොල කටේ දාන්න දෙන්න එපා බං. ඕවා බැක්ටීරියා කොලනි.

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවෙ පානදුරේ පැත්තෙ එකෙක්ද? මොනවද බං ඔය ලෙලිපොල් කියන්නේ? අනික බල්ලොත් එක්ක ඒවගේ තියන සම්බන්ධය මොකද්ද? මට ඔය උපහැරණේ තේරෙන්නම නෑ...

      Delete
    2. @තිසර. නෑ මචං මම ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නේ. තාත්තා නම් කොළඹ දිස්ත්‍රික්කේ නවගමුවෙන්.

      බල්ලන්ට ලෙලිපොල් දෙනවා කියන්නේ මචං ඇපෙන් බේරෙන්න වගේ කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරි විදියට යමක් දීමයි. බල්ලා පොල් කන්න හරි ආසයි. නමුත් ඌට ලෙල්ලත් එක්ක පොල් ගෙඩියක් දුන්නාම ඌට ඒක ලෙලිගහගෙන කට්ට බිඳගෙන කන්න කොහොමවත් බෑනේ. අන්න ඒකයි එහෙම කියන්නේ.

      (මේ ඒක නෙවෙයි. උඹ නිකම් විහිළු නොකර අර පිරිමි කෝච්චිය මොකක්ද කියලා කියපං.)

      Delete
    3. මම කියන්න හදනකොට හෙන්රිය උත්තරේ දීල නෙව. බල්ලන්ට ලෙලි පොල් කිව්වම තව කතාවක් මතක් උනා.
      ඔන්න එක තැනක හිටිය වයසක සහ තරුණ කම්කරුවන් දෙන්නෙකේ. බොසා රුපියල් කීයක්ද දීල කිව්ව රෑට පාන් ගෙඩියක් අරං කාපල්ල කියල. ඔන්න තරුණය ‍බේකරියට ගිහිල්ල ගෙනාව ඩබල් රෝස් පාන් ගෙඩියක්. ගෙනල්ල තීරු වලට කපල මොනවදෝ දවල් හදල තිබුන හොද්දක් එක්ක කනව. වයසක මනුස්සයගෙ දත් අඩුයි. රෝස් වුන පාන් අරූගෙ ස්පීඩ් එකෙන් කන්න බෑ.

      ඔය සිද්ධිය කිව්ව වයසක මනුස්සය මට කිව්වෙ "ඌ මට පාන් දුන්නෙ බල්ලට ලෙලි පොල් දුන්න වගේ කියල"

      තිසර උඹට පැහැදිලි ඇති.

      Delete
    4. දැන් නොවැ ගොනාට වගේ තේරුණේ....

      පිරිමි නමක් තියන ලංකාවේ එකම කෝච්චිය මොකද්ද ... හහ් හහ් .. තව එක චෑන්ස් එකක් දෙනවා...

      Delete
    5. මෙහෙමයි කතාව... මගේ මිත්‍රයෙක් කිව්වේ..

      පොරක් ඇවිත් අහනවා... "මහත්තයා අර නුවර යන කෝච්චිය එන්නේ කොයි ප්ලැට්ෆෝම් එකටද?"

      වෙන කල්පනාවක හිටපු මගේ මිත්‍රයා කල්පනා කරනව "නුවර යන එකක්? හ්ම්ම්ම්?"

      ඔව් මහත්තයා අර "ඉන්ද්‍රසිරි" එක්ස්ප්‍රස් එක....

      Delete
    6. හියැක් හූ. ඉන්ද්‍රසිරි එක්ස්ප්‍රස්. ඔය කොම්පැණියේ බසුත් තිබ්බනේ?

      Delete
  18. කොහොමත් ඔය කාඩ් නිසා මම ටික දවසකින් වැලිකඩ. වරෙල්ලා බලන්න..

    ReplyDelete
  19. මං මේ තාම කල්පනා කරන්නෙ අර සමීකරණෙ ගැන. ඒක නම් මේ ලෝකෙට අදාල එකක් නෙවෙයි වගේ..

    ReplyDelete
  20. හොඳ වෙලාවට පොඩි එකා රුපියල් සීය ඉරුවෙ. නැත්තං මිනිහ නවතින්නෙ මිදුලෙ නෙමෙයි පාරෙනුත් එහාපැත්තට ගිහිල්ල. :D

    ReplyDelete
  21. පොඩි එකා ගිය දුරක්...සීය ඉරුවේ නැත්තම් මනෝ පාර කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ

    ReplyDelete
  22. උබ දකින්නෙත් යතාර්ථවාදි හින නෙ බන්.දෑකපන්කො නිකන් මෙගා ටෙලියක් වගෙ හිනයක්.100 ගොල්ඩ් ලීෆ් 5 ක් ගත්තෙ කොයි කාලෙද බන්?

    ReplyDelete
    Replies
    1. වැඩි කාලයක් නෑ.
      28
      25
      22
      20

      ඔන්න වැඩිවුන හැටි.

      Delete
    2. ඊට කලින් 18 යි, ඔන්න මම නම් නෑ ඕවට.

      Delete
  23. මගේ කමෙන්ට් එක කොහේදෝ සැඟව ඇත

    ReplyDelete
  24. පොඩ්ඩා පුරුදුවෙන්නත් එක්ක ඉරලා බලන්න ඇති .
    කවුද දන්නේ ඒ කාලේ වෙනකොට 100 කොලේ රුපියලක ගානටවත් තියෙයිද කියලා .

    ReplyDelete
  25. ෙපාඩ්ඩට වැලි නාන්න ඔ්ෙන් නං ෙකාෙහන් හරි මුහුදු වැලි ටිකක් ෙගනල්ලා ෙහාදට ෙහාදලා ෙලාකු ෙබ්සමක දාලා තියන්න. ඒතෙකාට ඔය ෙලෙඩ් හරි යයි. ඔ්ක අෙප් අම්මෙග් උපක්‍රමයක්.

    ReplyDelete