පහුගිය සති අන්තයේ ඇදීගිය යම් සංවාදාත්මක කාරණාවක් සම්බන්ධ ලිපි ගනනාවක් මේ සඳුද කියවන්න ලැබුන. මේ කාරණය ගැන කතා කරන්න මගේ කැමැත්තක් නැතත් මේ සංවාද බැලුවම එක කාරණාවක් පේන්න තිබුන. ඒ තමයි මිනිස්සු ඇතුලෙ කොච්චර පරස්පරතා තියනවද කියනඑක. එක කාරණාවක් සම්බන්ධව තියන ප්‍රතිපත්තිය තවත් කාරණාවක් සම්බන්ධයෙන් නෑ. ඇත්තේම නෑ. මම කල්පනා කලා ඒ ගැන. මුලදි මට හිතුනෙ මිනිස්සු ව්‍යාජයක ජීවත් වෙනකොට එහෙම විසංවාදයන් ඇතිවෙනව කියල. ඒත් ඒක එහෙම නෙවේ වෙන්නත් පුළුවන්. මේ කියන කතාව ඔහේලට තාම තේරෙන්න නැතුව ඇති. මෙන්න මේ උදාහරණය ගන්න.
ඔන්න ඉන්නව භෞතිකවාදියෙක්. ඇත්තටම අපිට පේන්නෙ මෑන් කරන කියන දේවල් වලින් එයා එහෙමයි කියල. දවසක් කාගෙ හෝ ක්‍රියාවක් හේතුවෙන් මෙයාගෙ හිත හොඳටම රිදෙනව. එයාට මලපනිනව. අන්න එතකොට එයා කියනව,
"තොට හෙන හතම වැදියං!" කියල. නැත්තං කියනව "මට කරපු දේට උඹට කවදාහරි පල දෙනව!" කියල. ආන්න ඒ වෙලාවට අර භෞතිකවාදියගෙ කරුමෙ ගැන තියන විශ්වාසය එලියට පනිනව. නිරුවත එලි වෙනව.
දැං තේරුනා නේ?
මේක සංකීර්ණ කේස් එකක්. මතුපිටින් බැලුවොත් හිතෙන්නෙ මේගොල්ල පරස්පරයන් සහිතව ජීවත් වෙන උදවිය කියල. ඒත් ඒක නිවැරදිම නෑ.
මිනිහ කියන්නෙත් ප්‍රෝග්‍රෑම් කරපු යන්ත්‍රයක් වගේ දෙයක් තමයි. මේක විස්තර කරන්න පුළුවන් මේ රූපෙන්.
1.ඔය රතුපාට ටිකෙන් ඉන්නෙ ලේ,මස්, ඇට ... සහ වලින් හැදිච්ච "මනස" කියන ඕඑස් එක දාල තියන මිනිහ.
2.ඊට පිටින් තියෙන්නෙ මිනිහගෙ තියන ඇත්තම අව්‍යාජ සිතුවිලි සමුදාය. කවුදෝ කියල තිබුන කන බොන වෙලාවටත්, අහවල් වැඩේ කරන වෙලාවටත්, නිදාගන්නකොටත් මිනිහගෙ තිරිසන් ලක්ෂණ තියනව කියල. ඔන්න ඔය අව්‍යාජ කොටස තමයි ඒ.
3.මතභේදයට ලක්වෙන අන්තිම කොටස තමයි පිටින් තියෙන්නෙ. මේක හැදිල තියෙන්නෙ ටිකක් විතර කැඩෙන බිඳෙන සුළු-අස්ථාවර-ද්‍රව්‍ය වලින්. ඒ කියන්නෙ සමාජ සම්මතයන්, සිරිත්-විරිත්, සංස්කෘතිය.... ආදී දේවල් වලින්. මේ ලේයර් එක වඩා හොඳින් ආරක්ෂා කරගන්න මිනිස්සු තමයි ඇත්තටම අව්‍යාජ මිනිස්සු කියල කියන්නෙ. මේ ලේයර්එක ඇතුලෙ තියන සීමාවන්-බන්ධන, හැදියාව, හොඳ-නරක හෑම දෙයක්ම එක එක ප්රබලතා මට්ටම් වලින් තමයි සැකසිලා තියෙන්නෙ. මම උඩ කිව්ව භෞතිකවාදියගෙ උදාහරණෙ ගනිමු. එයා භෞතිකවාදියෙක් උනාට ඉතා කුඩා ප්‍රතිශතයක් තියනව අනෙක් පැත්තත්. නමුත් ඒ පැත්ත මතුවෙන්න නං සෑහෙන බලයක් ප්රතිවිරුද්ධව යොදන්න වෙනව. එතන උනේ ඒකයි. මේ කතන්දරේ මට මතක් උනේ මම කිව්ව බ්ලොග් පෝස්ට් කියවනකොට මට මතක් වෙච්ච ඈත අතීතයේ කියවපු කෙටි කතාවක් නිසා.
අයිසැක් අසිමොව් කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කතා කාරයෙක් කියල සාහිත්‍ය මාසෙ කියන්න ඕන නෑනේ. රොබෝ නියම තුන ඉදිරිපත් කලෙත් එයා තමයි. මෙන්න රොබෝ නියම,
1.රොබෝ මිනිසාට අනතුරුදායක නොවියයුතු අතර මිනිසා ආරක්ෂා කල යුතුයි.
2.මිනිසාගේ විධාන පිලිපැදිය යුතුයි.
3.තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගත යුතුයි.(මේ නියම ඉහල සිට අනුපිලිවෙලට විහිදෙන්නෙ)
එක කතාවක තියන විදියට රොබෝ කෙනෙක් සූර්යා කිට්ටුවට යවන්න උත්සාහ කරනව. ඒ කියන්නෙ එයාට නියෝග ලැබෙනව දෙවැනි නියමය අනුව. ටික දුරක් යද්දි රොබෝට තේරෙනව අධික තාපය නිසා තමුන් විනාශවෙන්න පුළුවන් කියල. එතකොට තුන්වැනි නියමය අනුව එයා ආපස්සට අදිනව. මේ නියෝග දෙකේ බලය සමාන වෙන අවස්ථාවෙදි එයාට කරන්න දෙයක් නෑ. අන්තිටම රොබෝ ඉර වටේ යන්න පටන් ගන්නව (බල තුලනය නිසා). අන්තිමට රොබෝ බේරගන්න මනුස්සයෙක් ඉදිරිපත් වෙනව. එයා සූර්යා දෙසට යනකොට (විනාශ වෙන්න) පළමු නියමය අනුව ක්‍රියාත්මක වෙන රොබෝ බල තුලනයෙන් මිදිල එනව මිනිහ බේරගන්න. මොකද පළමුවැන්න වඩාත් ප්රබලව තියන නිසා.
ඔන්න ඔය විදියටම තමයි අපිත් හැදිල තියෙන්නෙ. අපේ පරස්පරයන් නැත්තටම නැති කරන්න බෑ. නමුත් පරස්පරයන් අඩුවෙන තරමට තමයි ලස්සන.
පලි- පිංතූරෙ පැහැදිලියි නේද?
Wednesday, September 18, 2013
කිහිපදෙනෙක් බ්ලොග්කරුවෝ.....
Subscribe to:
Post Comments (Atom)
පිංතුරේ නං දැක්කේ නැහැ. පරස්පරතාවයන් නැතිනං මේ ලෝකේ මේ තරං කල් පවතින්නේ නැහැ බං...
ReplyDeleteදිලිසෙන සියල්ල රත්තරන් නොවේ........හේම්.!!!
ReplyDeleteදේශක යා Raj
Deleteඒත් ගෙඩිපිටිං හෙළුවෙන් ඉඳීම?
//"තොට හෙන හතම වැදියං!" කියල. නැත්තං කියනව "මට කරපු දේට උඹට කවදාහරි පල දෙනව!" කියල. ආන්න ඒ වෙලාවට අර භෞතිකවාදියගෙ කරුමෙ ගැන තියන විශ්වාසය එලියට පනිනව. නිරුවත එලි වෙනව.
ReplyDeleteදැං තේරුනා නේ?// හී හී...නෑනේ.
කාලයට ගැලපෙන කතාවක්. ඉතා සියුම් ලෙස විග්රහ කරලා තියෙනවා.
උඹගෙ මාතෘකාව දැක්කම මට මතක් වුණේ හතර දෙනෙක් සෙන්පතියෝ
ReplyDeleteමටත් මතක් උනා
Deleteකාරනාව ඇත්ත, ඒත් පරස්පරතා හැකි තරම් අවම කරගන්න උත්සාහ කරන්න ඕන.
ReplyDeleteඒක තමයි මම කියන්නෙ
Delete/* ආන්න ඒ වෙලාවට අර භෞතිකවාදියගෙ කරුමෙ ගැන තියන විශ්වාසය එලියට පනිනව. */
ReplyDeleteබලු වලිගය සහ උණ පුරුක!
HARIYATA PUKAI, PADEI WAGE NEDA.
Deleteඇනෝ අන්කල් ඔයා නැති තැනක් නැහැනේ
Deleteකකා කොතනද අංකල් එතනය!
Deleteදැන් ඔය ජාතිවාදී හැඟීම් වුනත් එහෙම තමයි. කොච්චර නිර්පාක්ෂිකව හිතන්න හැදුවත් ජාතිවාදය, ගෝත්රවාදය අයින් කරන්න බෑ.
ReplyDeleteගෝත්රවාදී නොවී ඉන්න පුළුවන්. ගෝත්රවාදී වෙන හේතුව දේශපාලනිකයි. පිටිපස්සේ තියෙන්නේ හවුලේ බලවත් වීමේ ආශාව. තනිව බලවත් නැහැ කියන හීනමානය. ගෝත්රවාදී වීම භීතිකාවක අතුරු පලයක්.
Deleteජාතිවාදියා/ගෝත්‍රවාදියා හඳුනාගන්න පුළුවන් නම් අවුල ඉවරයි කකා.
Deleteරාජ් මේ තත්ත්වය ලෝකෝත්තර දෙයක්නේ...අපි කවුරුතුළත් දෙවියා මෙන්ම තිරිසනාද අඩු වැඩිවෙන්න ඉන්නවා. සංස්කෘතිය කියන උපාංගෙන් ඒක වළක්වා තියෙනවා. ඒකත් අර වතුර යට ඔබපු බැලුම වගේ තමා.
ReplyDeleteඑච්චර ගැඹුරට හිතන්න ඕන නෑ මම කියන කාරණාව. ස්ථිර ප්‍රතිපත්තියක් තියාගෙන ඉන්න කියලයි කියන්නෙ
Deleteඔය සීන් එක වෙන්නෙ හැම එකෙක්ම උපදිනකොට භෞතිකවාදියෙක් නොවන හින්ද.
ReplyDeleteඋදාහරණෙ භෞතික වාදය ගැන විතරක් නෙවේ
Deleteමම මේ ජාතියේ මිනිහෙක් කියලා තමන්වම හංවඩු ගහගත්තොත් ඉතිං ප්‍රවේසමින් ජීවත් වෙන්න වෙනවා.
ReplyDeleteඑහෙම නොවී හිටියම හංවඩු වදින්නෙ නෑ
Deleteහ්ම්ම්ම්ම් මටත් ඔය වැඩේ උනා ඇත්තටම කිව්වොත් ලංකාවේදී සිම් එක නැතිවෙලා එකවුන්ට් එකට ලොග් වෙන්න බැරිවුනා. පොස්ට් කියෙව්වත් ඇනෝ කොමෙන්ට් කරන්න නිකන් මොකක්ද වගේ. මොකද අනොලගේ පතුරු යවල මමත් ඇනෝ කොමෙන්ට් කරන එක ප්‍රතිපත්ති වලට විරුද්ධ නිසා
ReplyDeleteපස්සෙ කොහොමද ලොග් උනේ කියනවද දැන ගන්න අපිටත් ඔය දේ උනොත් මතු පොරොයෝජනය තකා හි හිහි .. :-)
Deleteඅයියෝ සිම්පල් මම ඒ නම්බර් එකට අලුත් සිම් එකක් ගත්තා ලංකාවෙන් ඇවිල්ල දවස් දෙකින්
Deleteස්තුතියි
Deleteඇනෝ පතුරු යවන්න කලින් ඔහොම දෙයක් හිතුනනං නේද?
Delete// එක කාරණාවක් සම්බන්ධව තියන ප්‍රතිපත්තිය තවත් කාරණාවක් සම්බන්ධයෙන් නෑ. ඇත්තේම නෑ.//
ReplyDeleteමේ කතාව නම් හරියටම හරි....යම් සිදුවීමක් තමන්ට වෙනකොටත් , ඒකම අනුන්ට වෙනකොටත් සමහර මිනිස්සුන්ගෙ අදහස් කොයි තරම් පරස්පර විරෝධී ද කියල හොඳට බලා ගන්න පුලුවන්
//එයා භෞතිකවාදියෙක් උනාට ඉතා කුඩා ප්‍රතිශතයක් තියනව අනෙක් පැත්තත්. නමුත් ඒ පැත්ත මතුවෙන්න නං සෑහෙන බලයක් ප්රතිවිරුද්ධව යොදන්න වෙන//
උදාහරණයකට "දෙවියෝ කියල ජාතියක් නෑ.." කියල තර්ක විතර්ක කරලා "දේවාල ගානෙ යන්න එපා"" කියල අනුන්ට උපදෙස් දෙන සමහරු තමන්ට කරදරයක් උන වෙලාවට හොරෙන් හොරෙන් දේවාල ගානෙ යනවා...
හරියට හරි!
Deleteලේබල් එකක් වැදුනම ආයේ ගොඩ එන්න බෑ ලේසියෙන් . එක නිසා ලේබල් නැතුව ඉන්න එක හොඳයි :)
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්.
Deleteඅට පින්තූරේ නිසා කතාව බොහෝම පැහැදිලියි.. මම හිතන්නේ පෘතග්ජන කියන්නේ ඔය තත්වයට තමයි...
ReplyDeleteපෘතජන කියන්නෙ වෙන කේස් එකක්. මේක ප්‍රතිපත්ති පිලිබඳ අවුලක්. හැබැයි ප්‍රතිපත්ති අවුල් හැදෙන්නෙත් පෘතජනයන්ට විතරක් නිසා උඹේ කතාවෙ ලොකු වැරැද්දකුත් නෑ
Deleteහුට්ට පටා...කිව්වත් වගෙ කෝ යකෝ ෆොටෝ එක...
ReplyDeleteඒක තේරුම්ගන්න නං මනස දියුණු වෙන්න ඕන. ඔය යටින් ඉවාන් කියල තියෙන්නෙ.
Deleteඔය නිසාම තමයි දැඩි පීඩනයකට නැතිනම් අර්බුධයකට මුහුණ දෙන වෙලාවට මිනිහෙක්ව තේරුම් ගන්න ලේසි.
ReplyDeleteඒ වගේම උඹ දන්නවද ඔය වෙනත් අනන්‍යතාවයකින් ජීවත් වෙන රහස් ඔත්තු කාරයෝ සමහරකර මුහුණ පාන්න වෙන ලොකු ගැටලුවක්ලු තමගේ මුල් අනන්‍යතාවය අභිබවා දෙවන අනන්‍යතාවය ප්රබලව වර්ධනය වෙලා තමන් කවුරුද කියලා තමන්ටම අමතක වෙන එක. ඒ වෙන්නෙ අර උඹ කිව්ව බාහිර කටුවෙන් OS එක කරප්ට් වෙන එක.
එහෙම වෙන එක වෙලාවකට හොඳයි නේද?
මම කියන්නෙත් ලේබල් අලවගන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. සීල් එකක් වැදුන ගමන් EGO එක හැදෙනවා.
ReplyDeleteකාරණාව පැහැදිලියි රාජ්. අවසානයේ සියල්ලෝම පෘථග්ජනයෝ.
ReplyDeleteපැහැදිලියි පැහැදිලි කරන්න ගත්තු උත්සහයත් අගෙයි - ස්තුතියි
ReplyDeleteතමන් මෙහෙමයි කියලා කියාගන්නා ගොඩාක් උන් ලග ඒ ගතිගුණ නෑ...තමන් ලග නැති දේවල් තියෙනවා කියලා බොරුවට කියන්නෙ තමන්ගෙ මාකට් එක හදාගන්න...
ReplyDeleteකෝ බං පොටෝව..
ReplyDeleteමොනවා වුනත් කතාව, උපමාව සිරා !
හිත නොරිදෙන්න/නොදැනෙන්න පහර ගහන්න උබ දක්සයා..
ජය!
උඹේ ලිපිය කියවන්න කලින් සුනිලා ගැනයි, පොත් ගැනයි ලියපු බ්ලොග් ටිකයි කමෙන්ට් ටිකයි කියෙව්වහම අර පින්තූරේ පට්ට පැහැදිලි වුනා බන්. කිව්වට මොකෝ මටත් ඔහොම වෙලා තියනවා. උඹ කිව්ව දේ හරි. ඒත් ඒ බව දැනුනහම මටම ලැජ්ජ හිතිලා හැංගෙනවා. ඒත් ඇයි මේ ප්‍රසිද්ධියේ? පින්තූරේ සිරා.
ReplyDeleteභෞතිකවාදි පරිසරයක උපතේ ඉදන් හැදුනු එවුන් වර්තමාන ලංකාවේ අත්යුනිකයි. අනාගතේ අපිට එහෙම උන් ඉදීවි. තාම ඉන්නේ අයිසිං භෞතිකවාදියෝ.
ReplyDeleteපොටෝ එක කිව්වෙ අපි හිතාගන්න ඕන දේටද ?
ReplyDeleteදැන් මෙතැන් ෆොටෝ එකක් නෑ කිව්වොත් මං අර රජ්ජුරුවන්ගේ ඇඳුම නෑ කිව්වා පොඩි එකා වගේ වෙයිද? නැත්තං ෆොටෝ එක පෙන්න තරම් මගේ මනස දියුණු නැද්ද ..? (ෆොටෝ එකක් ගැන හිතලම තේරුනේ නෑ )
ReplyDeleteඅඩු වැඩි වශයෙන් අපි ඔක්කොම ඉන්නෙ එක මල්ලෙ රාජ්..
ReplyDeleteඅපි කවුරුත් ඒ,ඒ අවස්තාවේ හැටියට හැසිරෙන්නේ ඒ වගේ තමයි.
ReplyDeleteඅපි යටපත් කරන් ඉන්න මිනිහා ඉද ලැබුන විගස නැගිටිනවා.
කියලා තියන ඔක්කොම ඇත්ත....
ReplyDelete