Monday, September 30, 2013

ඡන්ද දායකයාගේ පාපොච්චාරණය.........(අවසානයේ ඔවුන් පැමිණිය් මා වෙතය!-by Matin Nimal)

එදා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජීමය...
පලමුව මිලදීගත්තේ විපක්ෂ මන්ත්‍රීවරුන්ය...
මම නිහඬව සිටියෙමි..
මන්ද මට මන්ත්‍රීකමක් නොමැති නිසාය...

ඉන්පසු ඔවුන් පැවිද්දන්-පූජකයන් මිලදීගත්හ...
මා කුමක් කියම්ද..
මා පැවිද්දෙකු හෝ පූජකයෙකු නොවූයෙමි...

ඊලඟට ඔවුන් මිලදීගත්තේ කලාකරුවන්ය..
මා බලා සිටියෙමි..
මා කලාකරුවෙකු යැ..

ඉන්පසු ඔවුන් වෘත්තීය සමිති නියෝජිතයන් මිලදීගත්හ..
කුමට බිය වම්ද...
මා වෘත්තීය සමිති නියෝජිතයෙකු නොවූ කල..

ඔවුන් මාධ්‍යවේදීන්ද නිදහස් මතධාරීන්ද උගතුන්ද බුද්ධිමතුන්ද මිලදීගත්හ....
මා ඔවුනතර නොවිනි...

ඔවුන් අවසානයේදී...
පැමිනියේ මා වෙතය...
ඔවුන්ගේ ලංසුවට එකඟවනු හැර විකල්පයක් මා හට නොවිනි!

-මාටින් නිමලෙ(2013)

67 comments:

  1. ඔන්න ඔය ලංසුවට පයින් ගහන්න පුළුවන් වෙන විදිහට මම මගේ මනස හදාගත යුතුයි. මගේ බුද්ධිය අවදි කරගන්න ඕනේ. අසල්වැසියන්වත් නින්දෙන් අවදි කරවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම මනස හදාගන්න අපේ අයට තව කල්ප කාලාන්තරයක් ගතවෙයි විචාරක. අසල්වැසියෝ කොහෙ අවදි කරවන්නද? උන් මර නින්දෙ... හැබැයි අසල්වැසි උතුරුකරයේ අය නම් අවදිවෙලා වගේ.

      Delete
    2. අවදිවෙන්නෙම නෑ විචාරක මහත්තයෝ

      ඇනෝ,
      උතුරෙත් එහෙම තමයි. එහෙත් තියෙන්නෙ දේශ ප්‍රේමය(නැත්තං ලෝභය කිව්වත් කමක් නෑ). "මරාගෙන කෑවත් මොකෝ අපේ එකානෙ" කියල ඉන්නව

      Delete
    3. උතුරේ වෙච්ච දේ හොඳා... දේශපාලනේ කරන ඇත්තන්ගේ ඇති ජාති ආලයක් නැහැ කියල ඉගෙන ගන්න. විගිට පුළුවන් තරම් සල්ලි සැප සම්පත් දීල වරදේ බදවන්න ඕන....

      Delete
    4. මගියා සමග එකඟ වෙනවා මෙන්න මේ විදිහට. අපි දැන් මහා පරිමාණයෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් Psychological Operations කරන්න ඕනේ එයාලගේ හිත වෙනස් කරලා අපිත් එක්ක එකට 'ජොලියේ' ඉන්න. හැබැයි ඒකට සැලසුම් හදන්න ඕනේ මේ දැන් ඉන්න අටවත් පාස් නැති දේශපාලන අම්බරුවෝ නෙවෙයි. ඒ විෂය ගැන විශ්ශඥ දැනුමක් තියන විද්වතුන්. (හමුදාවේ අය නෙවෙයි) හොඳ ආචාර්ය මහාචාර්ය වරු ඉන්නවා ඒ වැඩේට ගැලපෙන.

      Delete
    5. විචාරක ගේ අදහස හොඳයි, ඒත් අවංකවම කියනවනම්, ලංකාවෙ අචාර්ය/මහාචාර්ය බුවාලට කරන්න පුලුවන් කෙං ගෙඩියක් නෑ ඔය සබ්ජෙක්ට් එකෙන්. මහින්ද ලොක්කට නම් ඒ සම්බන්දයෙන් හොඳ හැකියාවක් තියනවා, පෙන්නැද්ද අරින ඇරිල්ල කිසි ගානක් නැතිව මිනිස්සු ඡන්ද දෙන ලස්සන. මෑන් ටත් වැඩේ බෑ කියන්නෙ සෑහෙන බොන්න ඕනෙ ප්‍රශ්නයක්. ලොක්ක වැඩේ වරද්ද ගත්තෙ අනවශ්‍ය සීනි බෝල දෙන්න ගිහින්, පොර ( පොරගෙ උප්දේශ[ප]කයෝ) හිතුවෙ උතුර එහෙම හැන්ඩ්ල් කරන්න පුලුවන් දෙයක් කියල. අවශ්‍යදේ සමග "ට්‍රොජන් හෝස්" ල තමා දෙන්න ඕනෙ. හරියට කොටියෙක්ව සර්කස් එකකට පුරුදු කරන්න, උට කේක් දීල හරියන්නෙ නෑනෙ, උට ඕනෙ මස්, හැබැයි දීල පුරුදු උනාට පස්සෙ/ඌ රැවටුනාට පස්සෙ හරි මිම්මට දෙන්න පටන් ගත්තාම, නිකම්ම හීලෑ වෙනව. දැන්වත් ලොක්ක ලොක්කගෙ තියරි පාවිච්චි කරේ නැත්නම් ගොඩ දන්න බෑ, දැන් තමයි නියම වෙලාව.
      හබැයි එකත් ගොඩ දාපු දවසට අපිට ආඩම්බරෙන් කියන්න පුලුවන්, උතුර දකුණ ජනතාව වෙනස් නැතිව එකසේ දෙශපාලුවන්ගෙන් ... ඇරගන්නා [ඈස්]චර්ය උදා වෙලා කියල.

      -ප.ගෝ.

      Delete
    6. දැන් උතුර කොටිනිගෙන් බේර ගත්ත කොටි තමන්ගේ ලමයි පැහැරගෙන යන එක නැවැත්තුවා,කොටි උතුරට නොදුන් සංවර්ධනය දුන්නා,එහෙනම් හත් දෙයියනේ එහෙම කරපු ආණ්ඩුව දිනවන්න එපැයි.තමන්ගේ ලමයි පැහැරගෙන ගිය කොටින්ට ආවඩපු දෙමල සංධානය පරදවන්න එපැයි.පුන පුනා කියනවා දෙමල මිනිස්සු ඉල්ලන්නේ දේශපාලන අයිතීන් නොවෙයි ,සංවර්ධනය කියලා.ඒවා ඇත්ත නම් දෙ.ජා.ස පැරදිලා ආණ්ඩුව දිනන්න එපැයි
      ඇත්ත කතන්දරේ මේ මිනිස්සු යුද්දෙට කැමති නෑ.වේදනාව දන්නේ තුවාලෙ තියෙන කෙනා,සුනාමිය දැකපු එකා මුහුද දකින්නත් බයයි වගේ මේ මිනිස්සු රතිඤ්ඤා සද්දෙටත් බයයි.යුද්දෙන් පස්සේ මේ මිනිසුන්ගේ යුද ආතතිය නැති කරනවා වෙනුවට කලේ රණ ගී ගයපු එක,තමන්ගේ දරුවෝ නෑදෑයෝ නැතිව මානසික රෝග වලට සියදිවි නසාගැනීම් ලක්වෙන්න ඇතිද?
      කොටින්ට හිතවත් පිරිසක් ඉන්න ඇති,හැබැයි බහුතරය වෙනම රටක් ඊලමට කමති නෑ.ඒ වගෙම බො බ සේ,රාවණ බලය මතයන් කර ගහගත්තු මේ රජයට කොහෙත්ම කැමති නෑ.වැඩිය ඕන නෑලංකා සී නිව්ස් වගේ ඒවායේ යන නිව්ස්,කමෙන්ට් වෙනත් ජාතීන් දකිනවා නම් අහනවා නම් ඔය ප්‍රතිපලය බලාපොරොත්තු විය යුතුයි

      Delete
    7. -ප.ගෝ.
      (හුරුපුරුදු නමක්. පැමිණියාට ස්තුතියි!)
      විචාරක කියන්නෙ සංවාදාත්මක කාරණාවක්. සමහරු මතුකරන වැදගත් තර්කයක් තමයි ඔය කියන විදියට දෙමළ මිනිස්සු රැවටීම වෙනුවට අවංකවම ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිද කියන කාරණාව. හැබැයි දෙමළාට දෙමළ වීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් නෑ කියන උදවිය අහනව මොනවද ප්‍රශ්න කියල. මොකද කියන්නෙ?

      ඇනෝ 8:23 PM
      100%ක් එකඟයි. කියන්න දෙයක් ඇත්තේම නෑ!

      Delete
    8. ඔය කොට නම, පසුගාමී ගොත්‍රිකයා කියල මට පොරවල් කිව්ව ඔය දෙමළ ප්‍රශ්නෙ ගන කතා කරන්න ගිහින්.

      හරි, මම කොමියෙන් කිව්වට මචන් මගෙ මතය නම් දෙමළ ජනතාවට දෙමළ වීම පමනින් අති විශෙෂ ප්‍රශ්ණයක් වෙලා නෑ, මෙහිදී දේශ්පාලකයෝ බලෙන් දාපු ප්‍රශ්ණ නොසලකා හරින්න ඕන, මොකද ඒක වෙනම කතා කරන්න ඕනෙ. මොක්ද චෙල්වනායගම්ල සහ එකල දෙමළ ප්‍රභූ පංතිය සුද්දන්ගෙන් පස්සෙ අති විශාල බලතල ඉල්ලපු එකෙන් තමයි හැම දේශපාලන ප්‍රශ්ණයක්ම පටන් ගත්තෙ, සරලව කියනවානම්, ඊට පස්සෙ පුලු පුලුවන් එකා ඒ රත් වෙච්ච කබලෙන් රොටී පිච්චිවා මිසක්, කබල නිවන්න ට්‍රයි කරෙ නැ. 83 න් පස්සෙ නිකම්ම නිකම් කබල එලෙcට්‍රික් හොට් ප්ලෑට් එකකට මාරු උනා.

      දෙමල ජනතාවගෙ මූලික ප්‍රශ්නෙ විදියට සලකන්නෙ භාශාව සමසෙ පාවිච්චි කරන්නෙ නැති කමයි, උදාහරණයකට, දකුණෙ රජයෙ ඔෆිස් එකකින් දෙමළ පාවිච්චි කරල වැඩක් කරන්න බැරි කම. (ප්‍රයිවට් අදාල නැත, මොකද එතන පුද්ගල අභිමතය බලාත්මක නිසා) නමුත් මේවා ප්‍රායොගික ප්‍රශ්ණ, මොකද බහුතරය ඉන්න භාශාව තමයි නිතැතින්ම ඉස්මතු වෙන්නෙ, යාපනේදි, මඩකලපුවෙදි සින්හලෙන් වැඩක් කරගන්න තියන හැකියාවත් එහෙමනෙ. නමුත් මේක අර කබලෙ දාල හොඳට රත් කරා.

      දෙශපාලන බලතල ගත්තොත්, ඒ අය සහ එම මතයෙ ඉන්න අය කියන දේ තමයි, ඔවුන්ට තමන්ගේම පාලනයක් නැති කම. හරි දැන් ඇත්තටම එහෙම දෙයක් තියෙන්නෙ ඕනෙද රටක නීතිය හරියට තියනවානම්. අනික ඔවුන්ගෙ ජාතියෙන් පාලකයෝ බිහිවෙන්නෙ අඩුවෙන්, ඒහෙම වෙන්නෙ ජන අනුපාතය නිසා, එහෙම ඒකට තියන ප්‍රායෝගික විසඳුම එයාලට වෙනම පාලනක් දෙන එකද? එතකොට ලෝකෙ වෙනත් බහු ජාතීන් ජීවත් වෙන රටවලත් වෙනම පාලනයක් දෙනවද සුලු ජන කොඨ්ඨාශ වලට. එතකොට මධ්‍ය පාලනයක් කියන අදහසෙ තේරුමන් නෑනෙ. අනික කෑලිවලට කඩල පාලනය කරන්න අමාරු තරම් ලොකු රටක්ද?
      අනික ඔය දෙමල අය උතුරෙන් පල්ලෙහා ජීවත් වෙන්නෙ නැද්හ්ඩ, බිස්නස් කරන්නෙ නැද්ද, අපිත් එක්ක ඉස්කෝලෙ ගිහින්, කැම්පස් එන්නෙ නැද්ද? ඔක්කොම වෙනවනෙ, නැමුත් සිංහල අයට යාපනෙ, මඩකලපුවෙ එහෙම ඉන්න පුලුවන්ද. මේවත් අර වගේම කොමන් ප්‍රශ්ණ තමයි, හැබැයි හරි උත්තරයක් තියනවද.

      සරලව ප්‍රශ්නෙ තියෙන්නෙ මෙක අවුලපු දෙශපාල[?]කයෝ නිස. උන් තාමත් මේක අත අරින්න කැමති නෑ, එකෙක්වත් සෙකන්ඩ් වෙන්නත් කැමති නෑ.

      ඊළඟට උතුරෙ ඡන්ද ප්‍රතිපලය ගත්තොත් ඒක ඔය කියන තරම් සංකීර්ණ මතයක් ප්‍රකාශ කිරීමක් නෙවෙ, ඉස්සර වතුකරය තොන්ඩමන්ට කතිරෙ ගැහුව එකේම කාබන් කොපියක්. මොකෝ තොන්ඩ මොනවා කරාටද ඒ මිනිස්සු දිගින් දිගටම ඡන්දෙ දුන්නෙ? දෙන්නම් වාලෙ දන්න, කලින් දුන්න යකාටම දෙනව අනිත් යකා නොදන්න නිසා. උතුරයි, වතුකරයයි, කැපුවත් නිල්/කොළ උන්ගෙයි අතර වෙනසක් නෑ.

      නමුත් පරම සත්‍යය නම්, පාලකයෝ ජාති භෙදයකින් තොරව හැකි සෑම විටම අපිට අරිනවා.

      ප.ගෝ.

      Delete
    9. ප.ගෝ.
      ස්තුතියි දීර්ඝ අදහසට. මගෙත් මතය ඕක තමයි. (හැබැයි මේ ආණ්ඩුවෙන් දෙමළට කරල තියන වැරදි තියනව. අනෙක් ඇනෝ එක්ක එකඟ ඒකයි. මේ ගැන කතා කරන්න හිතාගෙන ඉන්නව. ලිපියක කොටසකුත් ඩ්‍රා‍ෆ් කරගෙන ඉන්නෙ

      Delete
  2. අනේ මචෝ.. දේශපාලනය ගැන මම නොදනිමි... මන්ද මම එයට අකමැති නිසා සහ එය වෙනස් කල නොහැකි දෙයක් නිසාවෙනි...

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන්නේ රට කරවන එක නෙමෙයි. අපිට එදිනෙදා මුහුණදෙන්න වෙලා තියන ජීවිතය දේශපාලනයයි. දැන හෝ නොදැන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ ජීවිත දේශපාලනිකයි ගාලු...

      Delete
    2. වෙනස් කරන්න බැ කියල දෙයක් නෑ. කාලය තමයි ප්‍රශ්නෙ.

      Delete
    3. @ගාලු,ගොඩක් අය හිතන විදියක් ඕක,ඒත් පවතින මජර ක්‍රමයට විරුද්ද නොවී අන්ධයන් වගේ සිටියා කියා ඔබේ දරු මුණුපුරන්ට මේවායේ ආදීනව විදින්නේ නැතිව ඉන්න බෑ.අන්ධකාරට විරුද්දව එක පහනක් හෝ දල්වනවාද?අනාගත පරපුරට කරන ව්‍යසනය දැක දැක අපට නොවෙයි වගේ ඉන්නවාද?

      Delete
    4. ඇනෝ,
      උත්තරේ හරි!

      Delete
  3. මිලදීගන්න බැහැයි වගේ පෙන්නගෙන ඉන්නේ තමන්ගේ ලන්සුව ඉහලදගන්න බලන් ඉන්න අය වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සියල්ල විකිනෙන අතර නොවිකිනී සිටීමම ජයග්‍රහනයකි ...

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩිපුර ලැබෙනව නං විකුණුනත් මොකද කියලනේ ඉන්නෙ

      Delete
  4. නොවිකිණී සිටීමට බැරිවේවි.
    මන්ද යත්
    මමත් සියලු පෘථක්ජන අවශ්‍යතා සරිකලයුතු
    මේ සමාජයේ පැවතිය යුතු
    තවත් එක (නාමික) මිනිසෙකු නිසා

    එහෙත් ....

    මා හැකිතරම් නොවිකිණී සිටින්නට උත්සාහ කරමි.
    එවිට අවසානයේ මා බලහත්කාරයෙන් මිලදී ගත්තද
    නොවිකිනී සිටින්නට මා දැරූ උත්සාහය අන්‍යයන්ට පාඩමක් වනු පිණිසය

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමයි

      Delete
    2. එකෙන්ම ඉවෝන් ...

      +++++++++++++++++++++++

      Delete
  5. ඔවුන් අවසානයේදී...
    පැමිනියේ මා වෙතය...
    මා කිසිදු වටිනාකමක් නොමැති ‍ගොං චන්දදායකයෙකු වූ නිසාම,
    ඔවුන් මහ දවාලේම පැමිණ මා හට අතින් පයින් පහරදී තර්ජනය කර,
    මගේ වටිනා ඡන්දය (ඡන්ද පත්‍රිකාව) රැගෙන ගියෝය.

    වර්තමානයේ නිකංම නිකං චන්දදායකයෙතුට වනු ඇත්තේ එහෙමයි.
    අනික ඌ චන්දෙ දැම්මත් කස්ටිය තග දාලා බලහත්කාරෙන්ම චන්දෙ දැම්මත් ප්‍රතිඵලේ එකම නොවැ.

    ආශ්චර්ය රාජ් මහත්තයෝ ආස්චර්ය...

    ReplyDelete
    Replies
    1. මේක නිකං විශම චක්කරේ වගේ වෙලා. කාටහරි අහන්න පුළුවන් මගේ ඡන්දෙන් වැඩක් වෙයිද කියල

      Delete
  6. හැමෝටම වෙලා තියෙන්නේ ඔය ටික තමයි

    ReplyDelete
  7. ගමක් එකතු වෙලා පොලිසියට, හමුදාවට ගහන්න යන මිනිස්සු ඉන්න රටක ප්‍රාදේශීය සභාවට ඉල්ලන ගමේ චන්ඩියට, හොරාට ගහල එලවන්න මිනිස්සු ලෑස්ති නෑ... වැරැද්ද මිනිස්සුන්ගෙ මිසක් දේශපාලනය කරන උන්ගෙ නෙමෙයි... උන් උන්ගෙ වැඩේ කරගන්නව... අපි අපේ වැඩේ කරනවද කියන එකයි ප්‍රශ්නෙ...

    ReplyDelete
    Replies
    1. අපි අල්ලපු ගෙදර මිනිහට හොරෙන් තනි තනිව යටින් ගේම් ගහන්න යනව. අන්න එතනයි අවුල

      Delete
  8. බහුතරය නිහඩව සිටීමේ අනිසි ප්‍රතිපල තමයි රාජ් මේ.

    ReplyDelete
  9. දැන් මෙහෙම නෙමේද?

    ඔය උඩ ඔක්කොම නියෝජිතයන් මිලදී ගත්තම මාව already විකිණිලා කියල මට නිකමට වගේ කනට දැනුන ....

    සල්ලි තමා මට කියක්වත් ලැබුනේ නැත්තේ ....

    යකෝ අරුන් මගේ සල්ලිත් එක්ක ගත්තවත්ද ?!@#$%^&*()_+

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තියනව වගේ තමයි. ඒත් එක්කෙනාත් වැදගත් වෙන වෙලාවල් තියනව

      Delete
  10. මම නොවිකිනි සිටියෙමි
    නමුත් මා වටේ උන් සියල්ලෝම විකුනුනි
    අවසානයේ මාහට ඔවුන් කිවේ
    කොහෙද යන පිස්සු ප*ක් කියාය

    ReplyDelete
  11. ඊටත් පසුව ආණ්ඩුව උතුරේ ඡන්ද දායකයන් වෙත ගියේය.
    ඒ අයට අතීතය මතකය.
    ඔවුහු ඔවුන්ගේ ඡන්දයට ඉහලම වටිනාකම ලබාදුන්හ.

    ReplyDelete
    Replies
    1. උතුර ගැන වෙනම කතා කරන්න තරම් දේවල් තියනව

      Delete
  12. මාවෙත එයි කියලා බලාගෙන හිටියා...ම්හු...ආවෙ නෑ...දන්නෙම නැතුව මං විකිණිලා...වෙන එකෙක් ගාණ කපාගෙන :-)

    ReplyDelete
  13. දේශපාලනයට මා අකමැතිය... දන්නෙ නැද්ද.. එක එක්කෙනාගේ ටේස්ට් එක වෙනස්නේ... මට ටිකක් අප්පිරියයි.. කොහොම වුණත් නිහඩව හිටියොත් වෙන්නේ ඔය ටික තමයි...

    සුභ දිනක්..

    ReplyDelete
  14. අර කටුනායක ඩියුටි ෆ්‍රී කතන්දරයේ දී මා කිව්වා සේ, මං නං මගේ ගාණට ආවොත් විකිණෙනවා.

    මේ දිනවල බාර ගන්නා අඩුම ලන්සුව ඩොලර් මිලියන් 2.25 යි.

    ReplyDelete
    Replies
    1. මන් එදා කිව්වේ මගේ ගාණ. ලක්ෂ 4 යි .. ( ශ්‍රී ලන්කන් රුපීස් )

      Delete
    2. කකා,
      මං හිතන්නෙ කවුරුත් ඔය ගානට ඉල්ලන එකක් නෑ. මොකද 500ට 1000ට ඕන තරම් ඉන්නව.

      සහන්,
      ඒත් වැඩියි!

      Delete
    3. විකිනෙන්නේ නැති කෙනෙක් නෑ.ඕනම කෙනෙක් විකිනනවා.ප්‍රශ්නෙ සමහරු මෙහෙම කෙළින්ම කියන්නේ නෑ

      Delete
  15. රාජ් ඔබ JR ගේ ලාම්පු කලගෙඩි සෙල්ලම කල ජනමත විශාරණයේදී (චන්ද පොලක්) භාරව සිටි ජේෂ්ඨ චන්ද ස්තානාධිපති වරයෙක් ලෙස හෝ 88/89 කාලයේදී චන්ද මධ්‍යස්ථානයක්(චන්ද පොලක්) භාරව සිටි ජේෂ්ඨ චන්ද ස්තානාධිපති වරයෙක් ලෙස හෝ 9 4 ජනාධිපතිවරණයේදී චන්ද පොලක්) භාරව සිටි ජේෂ්ඨ චන්ද ස්තානාධිපති වරයෙක් ලෙස හෝ කටයුතු කළා නම මොනවා ලියයිද කියල මට හිතුනා.මේ හැම එකකදීම විරුද්ධ පක්ෂයේ චන්ද නියෝජිතයන් චන්ද පොලෙන් එලවල තිබුනේ.චන්දය දීමට හැඳිනුම්පත අනිවාර්‍ය කරලා තිබුනේ නැති නිසා තම නම හරියට කියන ඕනෑම කෙනෙකුට චන්දය දාන්න පුපුවන්කම තිබුනා. චන්දයට නියම හිමිකරුවා එනකොට එයාගේ චන්දය හොරෙන් දාල. හැඳුනුම්පත චන්දය දැමීමට අනිවාර්‍ය කෙරුනේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් විතරයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම නම් බොරු කියන්න එපා මහත්තයෝ... ඔබ තුමා හරියට මේ කියන්නේ එයාලා නරකයි මෙයා හොඳයි වගේ දෙයක්නේ...

      Delete
    2. මම කිව්වේ මගේ අත්දැකීම 82දි JRගේ ලාම්පු කලගෙඩි සෙල්ලමේදී රටේ හැම තැනකම ප්‍රදර්ශනය කෙරුනේ ලාම්පු විතරයි..චන්ද පොලේ විරුද්ධ පක්ෂටේ නියෝජිතයන් හිටියේ නැහැ.ඒ නිසා චන්ද දායකයා හඳුනා ගැනීමට s.p.o ට කිසිම උදව්වක් ලැබුනේ නැහැ.මම උත්සාහ කලේ අසාධාරණයට ලක්වූ SLFP එකට හිතවත් චන්ද දායකයන්ට සහන සැලසීමටයි . 88/89දි තිබුනේ j.v.p තර්ජන හිසා කව්රුත් චන්ද වැඩවලට යන්න බය උනා. නොකර බැරි කමට මම ගියත් චන්දයට යනවා කියන ලේබල් ඔක්කොම් හංගගෙන ගියේ. පවතින රජයේ බලය ලද තුවක්කු කාරයෝ චන්ද පොත් පිටින් අරගෙන ලකුණු කරලා පෙට්ටියට එබුවේ. ඒක නිහඬව බලා ඉන්නවා හැරෙන්නට වෙන දෙයක් කරන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ. හතර වටෙන් වෙඩි හඬ ඇහෙන විට හවස 2 වෙන්න කලින් චන්ද පොළ අකුලා ගෙන ආපහු පල්ලම් බැස්සා. 94 චන්ද්‍රිකාගේ ජනාධිපතිවරණ මැතිවරණයේදී සංවිධාන වෙලා හොර චන්ද දැම්මේ ශ්‍රීලංකා කාරයෝ .මම උත්සාහ කලේ අසාධාරණයට ලක්වූ unp එකට හිතවත් චන්ද දායකයන්ට සහන සැලසීමටයි .මේ කිසිම චන්දයකදී හැඳුනුම්පත චන්දය දැමීමට අවශ්‍ය උපකරණයක් උනේ නැහැ.චන්ද නිල දැන්වීම නැත්නම් තම නම හා ලිපිනය හරියටම කියන්න පුළුවන් ඕනෑම කෙනෙකුට චන්දය දමන්න පුළුවන් උනා.1982 සිට 2005 දක්වා පැවති සියලුම චන්ද වලදී මා චන්ද නිලධාරියෙකු ලෙස ලැබූ අත්දැකීම ඒකයි. චන්ද දායකයෙකු ලෙස මට අනිවාර්යයන්ම් හැඳුනුම් පත ඉදිරිපත් කරන්නට උනේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී පමණයි. ඉතින් ඔබ මා බොර්කාරයෙක් කියා තවදුරටත් කියනවාද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සමරසේකර මහත්මයා,
      මගේ පෝස්ටුව වැරදියට තේරුම්ගත්තද? ඡන්ද හොරකම් කිරීමක් ගැන නෙවේ මම කතා කරන්නෙ. (හොඳයි එහෙම උනත් අතීතය නෙවේ වැදගත් වෙන්නෙ වර්තමානය සහ අනාගතය). මිනිස්සු තුට්ටු දෙකට විකිණීම ගැන.

      හැඳුනුම්පත අනිවාර්ය කිරීම හොඳයි. ඒක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ වෙනකොට හැමෝටම හැඳුනුම්පත් තියනවනේ.

      Delete
    5. ඔබේ කතාව හරි.එජාපයේ ස්මාහ්‍ර දේවල් මම අනුමත කළත් ඔවුන් මැතිවරණ පැවැත්වූ ආකාරය නම් අනුමත කරන්නම බෑ.හැබැයි චන්ද්‍රිකා වයඹ චන්දෙ කළ හැටි නම් ඔය ඔකොටම එහා.ඒක ඉතිහාසගත වන එකක්.

      Delete
    6. දැන් හරි සමරසේකර මහත්තයෝ.. කලින් කමෙන්ට් එක දුටු හැටියෙම ඔලුවට එන්නේ වෙනත් අදහසක් නෙව.. දැන් හරි...

      Delete
  16. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ ලංසුව කීයද කියන එක රාජ්.. මම දැනටම ලක්ෂ 28 ක ණය කාරයෙක් .. ඒ නිසා වැඩිය කේවල් කරන්නත් බැහැ .. දෙන ගාණක් අරන් නිකන් ඉන්න හොඳයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 28ක් ණයයි නම් 4ක් ලැබුනත් 24ක් ණයයි. :-)

      ඒක නෙවේ, ඔය 28 පෙන්නල ලක්ෂ 28ක් වටින මිනිහෙක් කියල තව 28ක් ණය ගත්තනං හරි නේද?

      Delete
    2. ඔය තේරෙන්නේ යස අගේට... :)

      Delete
    3. එහෙම බැලුවොත් ජැකාට දෙන්න දෙයක් නැහැ..

      Delete
  17. මචෝ ,සෝමරත්න දිසානායක මිනිහට ආචාර්ය උපාධියක් දීලා ,මොන අපරාධයක් ද?මූ කඩේ යන හැටියට දෙන්න තිබුනේ මහාචාර්ය පදවියක්

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. ආචාර්ය නං මදි මිනිහගෙ සේවයේ හැටියට

      Delete
  18. මධ්‍යම පන්තිය පුළුල් වෙනකොට සමාජයෙන් පුද්ගලයා තුළට මිනිස්සු ගුලි ගැහෙනවා. එතකොට සිදුවීම් 'මට' දැනෙන තරමින් ඔබ්බට 'මම' සංවේදී වියයුතු නැහැ. මගේ ආතල් එක කැඩෙන්නෙ නැත්නම් සමාජයට - රටට - රටේ අනාගතයට කුමක් වුවත් මට මොක ද...?

    මේක තමා පාලක පංතිය ලබන ලොකුම ජයග්‍රහණය.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි සුමිත් තිත්ත ඇත්ත.....විකිනෙන්න බලාගෙන ඉන්න සමාජයේ විකිනෙන්නේ නැතුව ඉන්න හදන එවුන්ගේ ආත්මය උන්ටත් හොරා හඬා වැටෙනවා...පාලකයෝ උත්සාහ කරන්නේ විකිනෙන්න බලන් ඉන්න එවුන්ව මිලදී ගන්න නම් කතාව වෙනස් වෙයි. හැබැයි පාලකයා හැම විටම උත්සාහ කරන්නේ විකිනෙන්නේ නැතිව ඉන්න හදන එකාට මාකට් එකක් හදන්න. වටපිටාව බැලුවොත් ඒක හොඳට පෙනෙයි.මෙතන තමයි බියකරු.

      Delete
    2. හොඳ විග්‍රහයක් සුමිත්. තවත් ටිකක් හිතන්න ඕන මේ ගැන. මොකද මධ්‍යම පන්තිය වැඩිපුර ඉන්න හැම තැනක්ම ඔහොමද?

      Delete
  19. අපිට හොරෙන් අපි විකිනෙන පුදුම රටක් මේක

    ReplyDelete
  20. උතුරේ දෙමළ මිනිසාට තම අතිතය අමතක නැතුවා සේම රාජ් දකුණේ සිංහලයාටත් අතිතය තාම අමතක නෑ. ඒකයි මේ සේරම මේ විදියට වෙන්නේ. වෙනසක් වන්න නම් අතීතය නොදන්නා වර්ථමානයක් බිහිවිය යුතුය. ඒ වර්ථමානය අනාගතයේ වෙනසක් කරාවි.

    ReplyDelete
  21. ඔය දෙන ලංසුවට අහු වෙන්නේ නැති කෙනෙක් අද හොයාගන්නත් නැති වේවි.. අවසානයේ මොකක් වුනත් ඒ අවස්ථාවේ ලංසුවට යට වෙනවා..

    ReplyDelete
  22. සදාචාරාත්මක වැහැරීම අවුරුදු තිස්පහකට විතර ඉස්සර පටන් අරන් කන්දක් උඩින් පහලට පෙරලපු මහ කළුගලක් වගෙ ඔක්කොම් චප්පකරගෙන පහලට එනවා..

    ReplyDelete
  23. සිරා බං හෙන ගහනව වගේ ඇත්ත කතාව .
    (පක්ෂයක් බේදයක් නෑ) දකින - අහන - හිතෙන දේ
    _____________
    නියමයි ජය !!

    ReplyDelete