Tuesday, October 1, 2013

සංවේගයෙන් දැනුම්දීමයි!

හත් අවුරුද්දක්
ලෙඩට දුකට
බඩේ අමාරුවට
උන හෙම්බිරිසාවට
කොන්දෙ අමාරුවට
ඉසේ අමාරුවට
...අමාරුවට
ලඟම හිටිය
එකම නෑය
අද උදේම
ප්ලෑන් කරල
මරා දාල!

අඩි වැඩිවුනාම
අඩි ඕන උනාම
බඩු වැඩිවුනාම
බඩු ... ඕනවුනාම
නිදහසට හිටියෙත්
උඹ විතරයි නෙව!

සමහර දාකට
පරක්කු වෙලා
බැනුං ඇහැව්වත්
කොච්චර බැන්නත්
උඹ නැති පාඩුව
කොහොම මකන්නද?


පරීක්ෂණ නෑ
සහතික නෑ
භූමදාන නෑ
ආදාහන නෑ
මල්වඩම් නෑ
ස්තුති කතා නෑ
ගුණ ගායනා නෑ
මතක බණත් නෑ

අවසන් කටයුතු
කියල දෙයක් නෑ
අඩුම ගානෙ
බොඩියත් නෑ!
නිකංම නිකං
මළගෙයක් විතරයි!

69 comments:

  1. මේක මරුනේ අදද මම හිතුවේ පහුගිය කතාවල හැටියට ඒ දවස් වලම මරන්න ඇති කියල....... අනික මෙයාගේ වයස අවුරුදු 7යි කියල සුවර්මද

    ReplyDelete
    Replies
    1. වරදවා තේරුම්ගන්න එපා අවුරුදු 7ක් හිටියෙ "මාත් එක්ක" විතරක්!

      Delete
  2. මං නම් ටෙලිග්‍රෑම් දෙක තුනකට වඩා ගහලා නෑ , ඒක නිසා ඒක තිබ්බයි නැතැයි කියලා අවංකවම එච්චර හැගීමක් නෑ . ඉන්දියාවේත් මේක නෑ නේද? ඇත්තටම මේක අවශ්‍යද මෙච්චර තාක්ෂනය දියුණු කාලෙක. අනික මචෝ ලංකාව "IT HUB IN ASIA" වෙලානේ තියෙන්නේ ,ඔය ලලිත් වීරතුංග මහත්තයා කොයි වෙලෙත් කියන්නේ

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ අනිවාර්ය අංගයක් තමයි "ලිඛිතව පැවතීමේ අවශ්‍යතාවය". කෙනෙකුට කලින් නොදන්වා නිවාඩුවක් ඕන උනොත් ටැලිග්‍රෑම් විතරයි පිහිටට තිබුනෙ. දැං නං ෆෝන් එකෙන් කෙනෙකුට දැනුම් දීල නෝට් එකක් දාන්න කියනව. නමුත් යම් අවස්ථාවකදි ඒක අභියෝගයට ලක්වෙන්න පුළුවන්.

      Delete
    2. රාජගේ තර්කයේ වැදගත් කමක් තියෙනවා. නොදන්වා සේවයට නොපැමිණීම මත විනය පරීක්ෂණ නොපවත්වාම සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ බලය ලෝල්ලන්ට තියෙනවා. පෞද්ගලික අංශයේ නම් මේ දැන්වීමට දින 3ක කාලයක් තිබුනත් රාජ්‍ය අංශයේ තියෙන්නේ පැය 24ක් පමණයි. එබැවින් තමන්ට සේවයට නොපමිනීම් දැන්වූ බවටවූ සහතිකයක් සෑම සේවයෙකු තමන් ලඟම තබා ගැනීම නුවනට හුරුයි. මෙතෙක් කල් රුපියල් 3.50ක් ගෙවා යැවූ විදුලි පණිවිඩයේ ලදු පතින් ඒ කාරණය ඉටු උනත් නව ක්‍රමයේ එම සහතිකය ගැනීමට රුපියල් 35ක් ගෙවිය යුතුයි. මේ මිල වැඩිවීමේ ප්‍රතිශතය නම් හරිම වැඩියි.

      Delete
  3. ඔට ටැලි ග්‍රෑම් ගැන මම අහල තියෙනවා ශර්ලොක් හොල්ම්ස් පොත් වලින්. ඒ කාලේ හැටියට සෑහෙන්න වටිනා කමක් තියෙන්න ඇති මේ තාක්ශනේ

    ReplyDelete
    Replies
    1. නැතුව! මේ කාලෙත් වටිනව.

      Delete
  4. ඕක මැරිලා ගොඩක් කල්නේ.....මෙශින්වලට හයිකොරලා කෑම බීම බට දිගේ යවන ලෙඩෙක් වගේ ජීවත් උනත් මැරිලා වගේ තමයි ඕක තිබ්බේ...දැන් ඉතින් නිල වශයෙන්ම මරණ සහතිකේ දීලා.....

    ReplyDelete
    Replies
    1. මැරිල තිබුනෙ නෑ මයියා. හොඳට හිටිය.

      Delete
    2. එකෙක් කියනවා බට ගහලා මැෂින් වලින්ලු දිව්වේ . අනිත් එකා කියනවා හොඳට උන්නලු.. මට මේ මරණය සැක සහිතයි ...

      Delete
    3. නැ නැ ඇවිදින දුවන පනින වැඩ කරගන්න බැරිව එක තැන් වෙලා හිටියත් හොඳ සනීපෙන් හිටියා වගේ තමා මටත් මතක.

      Delete
  5. රාජ් දැන් නම් පැය 24 ක්‌ ඇතුලත ඕනෑම ක්‍රමයකින් නොඑන බව දැනුම් දෙන්න පුළුවනි,නමුත් ඉතිං අනාදිමත් කාලයක් ලඟ හිටිය මිත්‍රයෙක් නැතිවුනා වගේ හිතෙනව

    ReplyDelete
    Replies
    1. //පැය 24 ක්‌ ඇතුලත ඕනෑම ක්‍රමයකින් නොඑන බව දැනුම් දෙන්න//
      හැලපෙ,
      වැඩේ තියෙන්නෙ මේකයි. කොහොමද දැනුම් දෙන්නෙ? දැනුම් දුන්න කියල ඔප්පු කරන්නෙ කොහොමද?

      මම කියන්නං මම දන්න සිද්ධියක්. ඔන්න ප්‍රාලේ කෙනෙක් එක්ක ඔරොප්පු ග්‍රාම සේවක කෙනෙක් කාර්යාලයට ගියේ නෑ. ප්‍රාලේ වහාම ගැහුව ලියුමක් නොදන්වා සේවයට නෙපෙැමිණීමට හේතු දෙන්න කියල. මෑන් ඒ වෙද්දි ටෙලිග්‍රෑම් එකක් ගහල තිබුනත් ඒක කාර්යාලයට ලැබිල තිබුනෙ නෑ. දවස් කිහිපයකට පස්සෙයි වැඩේ බේරුම් කරගත්තෙ. දැං මේවගේ දෙයක් උනොත් මොකද කරන්නෙ?

      Delete
    2. දැන් ෆේස්බුක් ස්ටේටස් එකක් දැම්මම හරිනේ.

      Delete
  6. මංනං අද වෙනකල් ඕව එකක් ලියල නෑ. ඒ හින්ද ඕකෙ වටිනාකම ගැන අදහසක් නෑ.

    ReplyDelete
  7. හෑ? මං හිතුවේ එක පාරක් මලා කියලා. එහෙම නෙවෙයිද?

    ReplyDelete
  8. අනිච්චාවත සංඛාරා උප්පාද ව‍යධම්මිනෝ.........

    ReplyDelete
  9. දැන් කොහොමද ලිඛිතව දන්වා සිටින්නේ?ලව් ලෙටර් එකකින්ද? මුන් ලෙඩ්ඩු මරන්නේ ලෙඩට බෙහෙත් තියෙනවද නැද්දවත් බලන් නැතුව.

    ReplyDelete
    Replies
    1. යට ඇනෝ කියපු එක තමයි කරන්න වෙන්නෙ.

      Delete
  10. ලිකිතව නේ ඕනේ

    ලිව්ව ලියමනක් ගියා ඕකම යවන්න යන තැපැල් කන්තෝරුවට
    ෆැක්ස් කරා.
    එහෙම නැත්තම් ඊ මේල්, එස් එම් එස් , දුරකතන පනිවිඩයක් දෙන්න පුලුවන් රෙකෝර්ඩ් කරගෙන.
    ඕකට යන වියදම පියවගන්න තරම් පාරිබෝගිකය ගෙවන ගාන මදි කියල නෙ ඕක අහෝසි කරේ.

    අපරාදෙ ආණ්ඩුවට තිබ්බෙ මිළ වැඩි කරල දාන්න
    එහෙම උනා නම් අගේට විකල්ප වලට යයි කට්ටිය.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔය කියන විකල්ප රජයේ ආයතන රෙගුලාසියක් ලෙස පිලිගන්නවාද? ඒ සඳහා යම්කිසි පිලිගත් උපදසක් තියෙනවාද? නොදන්න කමට අහන්නේ.

      Delete
    2. ඒකත් හරි තමයි ඒත් ගාන තමයි අවුල්. උදාහරණයක් විදියට ලියාපදිංචි ලියුමක් 30කට එහා. සාමාන්‍ය තැපෑලෙ දාන්නත් බෑනේ නැතිවුනොත්! ඊමේල් ෆැක්ස් නැති තැන් තියනවනේ.

      Delete
    3. රාජ්‍ය අංශයේ රෙගුලාසි ඉක්මනින්ම වෙනස් වෙන්නට කැමති නැහැ. එහෙම වෙනස් වෙන පරිසරයක් තවම නැහැ. උදාහරණයක් වශයෙන් මාසික ගමන් වියදම් ඉල්ලීමේ වවුචරයේ අශ්වයා පිට යාම වෙනුවෙන් ගමන් වියදම් ඉල්ලීමේ කොටුව තවමත් යෙහෙන් වැජඹෙනවා.

      Delete
  11. පාඩු ලබමින් ඕවා පවත්වාගෙන යනවාට වඩා ඕක නතර කරලා දාපු එක හොදයි.නමුත් පිළිගතහැකි වෙනත් විකල්පයක් දීලායි මේක කරන්න තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියපු එක තමයි කරන්න වෙන්නෙ.

      Delete
  12. මේ සිද්ධිය වෙන කාලේ මොබයිල් ෆෝන් ඊමේල් තියා ගෙදරකට ෆෝන් තිබුනෙත් කලාතුරකින්. අපේ හොඳ යාළුවෙක් ඉන්නවා..පොරට අපි කියන්නේ හුන්නා කියලා. පොර ඒකාලේ හිටියේ දකුණු පලාතේ ඇඑත පොඩි නගරෙක. පොර දවසක් ගමේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් ටෙලිග්‍රෑම් එකක් ගහන්න තව යාළුවෙකුට. පණිවිඩේ ලියලා යටින් -හුන්නා- කියලා ලියලා කවුන්ටරේට දුන්නා යවන්න. මෙන්න එකපාරටම පෝස්ට් මාස්ටර් ආපහු කොලේ කවුන්ටරේ වැටෙන් විසිකරලා කියපි ' තමුසේ දන්නැද්ද ටැලිග්‍රෑම් වල කුණුහරුප ලියන්න බෑ කියලා'.
    මූට පස්සෙයි මීටර් වෙලා තියෙන්නේ.. පෝස්ට් මාස්ටර්ට -හුන්නා- කුණුහබ්බයක් වගේ පෙනිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නයන්න තයන්න වැඩි වෙනසක් නැතිව ලියන හාදයො අනන්තයි :-)

      Delete
  13. කණකොකා ආයිත් ගමට එන්නෑ ඔය ගැන සති අන්ත පත්තරේ නියම ආටිකල් එකක් තිබුනා බං

    ReplyDelete
  14. හණමිටි කාරයෝ. උබලාට ඕනෙත් කල්පැනපුවා තමයි. රජයේ කාටවත් මතක් වුනේ නැද්ද මේකට විකල්පයක් මීට කලින් හදා ගන්න.
    fax, email, sms වගේ එකක්. email තමයි විස්වාසයෙන් වැඩිම.

    ReplyDelete
    Replies
    1. අපිට විකල්ප හදන්න බෑ ආයිබෝවං. ඒවට කස්ටිය ඉන්නවනේ. නීතියක් හැදෙද්දි ඒක හැම තැනටම සාධාරණ වෙන විදියටයි ආණ්ඩුවක වැඩ කෙරෙන්නෙ. ෆැක්ස්-කම්පියුටර් නැති කාර්යාල ඕන තරම් කියනව. එස්එම්එස් එකක් උනත් ගහන්නෙ කාටද?

      Delete
  15. හුටා.. මං හිතුවෙ අර ටැලිපෝන් බිලක් කියලා.. කවද යවපු ටැල්ග්‍රෑම්ද..

    ReplyDelete
  16. ඕක තිබුන කියල මහලොකු හානියක් වෙන්නේ නැහැනේ ඔයිට වඩා ඇමති රොත්තක් නඩත්තු කරන එකේ.
    මිල ඉහලදාල හරි පාඩුව පිරිමහන්න තිබුනා. ඕව නිකන් ඉට්ටයිල් එකට කරන වැඩ වගේ මටනම් පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ////ඕක තිබුන කියල මහලොකු හානියක් වෙන්නේ නැහැනේ ඔයිට වඩා ඇමති රොත්තක් නඩත්තු කරන එකේ.////

      යකෝ තොංගල කැපුවහම තමයි අහවල් එකට සැප දෙන්න පුලුවන්...තේරුම් ගනිං.

      Delete
    2. නියම කතාව අරු ඒක නම්... :D
      එතකොට මේ කට්ටිය හෝ ගාල තොන්ගල් හොයා හොයා කපන කාලේ.... :D

      Delete
    3. අනේ මංදන්නෑ මේව ඉතිං...... :-)

      Delete
  17. මේක ඉන්දියාව පසුපස යාමක්.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුනා... බොහෝවිට ඔව්...
      අපේ අය තීරණ ගන්නේ අනික් අය කරන දේ බලලානේ නැතුව හරිහමන් පදනමක ඉඳල නෙමෙයි නේ

      Delete
    2. ඉන්දියාවෙත් එහෙමද?

      Delete
  18. අයියෝ දෙයියනේ.... එස්.එල්.ටී. කියල දැක්කම මං හිතුවෙ රාජ්ගෙ ටෙලිෆෝන් එක කපල කියල. කොමෙන්ටු කියෝගෙන යද්දිනෙ වැඩේ නෝන්ඩි වුනේ.... කවද ගහපු ටෙලිගැරැංද!

    ReplyDelete
  19. මටනං ටිකක් ඔල්මොරොන්දන් වගේ....

    ReplyDelete
  20. මමත් කියන්න ආවෙ ඉන්දියාව අනුගමනය කිරිමක් කියල.. සුදිකයා ඒක කලින්ම කියල නොවැ..

    ඒත් දුර ගම් වල උදවිය තාමත් පාවිච්චි කරනව ඇති කියල තමා මගෙ අදහස.
    ඒ මදිවට තැපැල් ස්ථාන ජාල ගත කොරන්න කෝටි ගානක් වැය කොරල ඒ වැඩෙත් අතර මග කියල ඔන්න මම දැක්ක නිවුස් එකක් තියෙනවා..

    සුභ අනාගතයක් වේවා.

    ReplyDelete
    Replies
    1. ගම්වල උනත් මේක අඩුයි මං හිතන්නෙ. දැං ෆෝන් නැති ගමක් තියෙන්න බෑ නෙව.

      Delete
  21. මාත් හිතුවෙ කලින් මැරුණ කියල..අන්තිම එක කියල පහුගිය දවස්වල විස්තරත් පත්තරයක ගියා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. පත්තරේ ගියේ මේ දින දීම ගැන

      Delete
  22. අපිට නම් ටෙලිග්‍රෑම් එකක අවශ්‍යතාවය ඇත්තේම නෑ. ලියාපදිංචි තැපෑල හෝ ෆැක්ස් එක තමයි මේ වෙනකම්ම රජයේ පිළිගත් ක්‍රමය. ඒත් ජූනි මාසේ ඉඳලා ලියාපදිංචි තැපැල් හා සමාන ඊ මේල් ක්‍රමයක් හඳුන්වා දුන්නා රජයෙන්. ඒක තාක්ශණ දැනුම කියන එක නැති මේ වයසක මිනිස්සුම ඉන්න රටකට ලොකු ප්‍රශ්නයක් වුනාට එක අතකින් අපි විකල්ප වලට යායුතුයි. අපේ වගේ ඔෆීස් වල දැන් හැම වෙලේම වයසක ඈයෝ පිරෙන්න මොකද ඒ අයට මේ ටෙක්නොලජි දැනුම නෑ.ඒත් රජයේ විකල්පය ඒ සේවාවන්ම වෙල්ෆෙයා සේසාවන්ගෙන් ලබා ගැනීම.

    ReplyDelete
    Replies
    1. ඔව්. විකල්පයකට යා යුතුමයි. මම නං හිතන්නෙ එස්එම්එස් එකකින් වැඩේ කරන්න පුළුවන්. නීති සකස් වියයුතුයි

      Delete
  23. මං හිතුවේ මීට කාලෙකට කලින් මැරුණේ කියලා..

    ReplyDelete
  24. රාජ්‍ය/පුද්ගලික ආයතන වලට හොඳ විකල්පෙකට යන්න වෙලාව හරි වගේ...

    ReplyDelete
    Replies
    1. අන්න අද අදපත්තරේ තිබුන විකල්පයක්. ටෙලිමේල් කියල

      Delete
  25. මල් වඩම් අනවශ්‍යයි...ඒ කොටස කෝ...

    ReplyDelete
    Replies
    1. "මල් වඩම් අනවශ්‍යයි" අනවශ්‍ය වෙලා නේද? :-)
      ඒක හිතේ තිබුන. මිස් වෙලා!

      Delete
  26. දැනට මාස තුනකට වගේ කලින් නලියා පෝස්ට් එකක් දාලා තිබ්බා මේ ගැන.. ලොකු සංවාදයක් ඇති උනා එතනදිත්.. ඉන්න ලින්ක් එක හොයන්න...මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න.මෙය වෙළඳ දැන්වීමක් බව සළකන්න

    සමකය වටේ: විදුලි පණිවිඩයේ අවසානය අත ළඟ


    ReplyDelete
    Replies
    1. යේස්. හොඳ සංවාදයක්. යකඩෝ මං හිතුවෙ උඹේඑකයි ලින්ක් එක කියල. හරි කමක් නෑ අද කාලෙ මැච් එකට කලින් යන්නෙ ඇඩ් නෙව.
      අර සිංදුවට නං මනාපයක් නෑ. ඒ නිසා මොකුත් කිව්වෙත් නෑ

      Delete
  27. මේ කාලෙ මොබයිල් ෆෝන් එක්ක ඉපදුන පරම්පරාව ටෙලිග්‍රෑම් ගැන අහලවත් නැතිබව කමෙන්ට් වලින් පේනව.අපි නම් ඕකට කියන්නෙ තැපැල් මහත්තයගෙන් නිවාඩු ඉල්ල ගන්නව කියලයි.මොකද ටෙලිග්‍රෑම් එක මාසයක් පරක්කුවෙලා ආවත් අර රිසිට් එක බොහොම බලගතුයි.ඉස්සර කාලෙ තිබුන හොඳම පනිවිඩ ක්‍රමයක්.
    වැවදෙනියේ ඇල්. ඩී.මැන්දිස් මහත්තයා ලියප්ය් "නස්පැත්තිය" කියන පොතේ ඒ කාලෙ ගමකට ටෙලිග්‍රැම් එක්

    අක් ආවහම වෙන දේ ලස්සනට විස්තර කරනව මෙන්න මෙහෙම,

    ටැලිග්‍රෑම්කාරයා බයිසිකලයේම වාඩිවී එක කකුලක් බිමට ගසා ගන්නේය.එයද වීරක්‍රියාවකි.කාකි කබායේ උඩ සාක්කුවේ ඇති ටැලිග්‍රෑම් එක එලියට ඇද ඔහු අහි ලිපිනය කියවයි.එය කියවීමේදී ඉන්ගිරිසි දෝංකාරය ඇත.ලිපිනයේ නම කියවා 'එස්කුවාර්" යනුවෙන් තව ඉංගිරිසි වචනයක් බරකොට ශබ්ද කරත්ම, ඔහු හුඟක් ඉංගිරිසි දන්නා බව ගමේ ලමිස්සියන්ට වැටහේ.විශේෂයෙන් ම් කාකි කබායක් දැකීම ඒ කාලේ අපේ ගමටත් ගෑනුන්ටත්,කෙල්ලන්ටත් හාස්කම් ගෙන දෙන්නකි.

    මගතොට විපරම් කරන ටැලිග්‍රෑම්කාරයා මහ වැරෙන් බයිසිකලයේ සැර දමා අනෙක් වංගුව කපන්නේය.ඔහු අඩි පාරක් ඔස්සේ වන අකුල් අතර නොපෙනී යයි.

    කවුදෙ දන්නෙ නෑ මැරිල තියෙන්නෙ........ටැලිකර්ං එකක්.......ටැලිකරං එකක්.
    වතුර කලගෙඩි හතලිහක් ඔලුවට් වත්කරගත යුතු ගැහැනිය ටැලිග්‍රෑම්කාරයා ගියපසු වත් කර ගන්නේ තුන හතරකි.ඇය කලබලයේම රෙද් හැට්ට ඇඳගෙන දුව යන්නේ ටැලිග්‍රෑම් එක ගිය ගෙදරටය,කොලෝද එතැනට දුවයති.ඔවුන් හැම දෙනෙකුම මේ දුව යන්නේ මැරුනේ කවරකුදැයි දැන ගැනීමට විය යුතුය.

    මා කුඩා කාලයේදී අපේ ගමේ ඉංගිරීසි උගත් උදවිය අතලොස්සකට වඩා සිටියේ නැත.එම නිසා බොහෝ දෙනෙක් ටැලිග්‍රෑම් එක බලවා ගත්තේ ටැලිග්‍රෑම්කාරයා ලවාමය.ඔහු ඕනෑතරම් ඉංගිරිසි දැන සිටි කෙනෙකි.
    ටැලිග්‍රෑම්කාරයා ඊ ලඟට ටෙලිග්‍රෑම් එක තිබෙන විදියටම කියවයි.එය ඉංගිරිසියෙනි.අසා සිටින හැම දෙනෙකුම බිරන්තට්‍ටු වන්නේ මරන ශෝකයෙනි.
    ටැලිග්‍රෑම්කාරය ඊ ලඟට එහි ඇති දෙය බාසා කරයි, නැතහොත් සිංහලයට පෙරලයි.
    "ගුනදාස අද රෑ කෝච්චියේ ගෙදර එනවාය කියා තිබෙනවා......."මරන ශෝකයෙන් දෙදරුම් කෑ සිත ගතින් යුතුව එතෙක් වේලා බලාසිටි කාටත් සිනා යන්නේ එවිටය.මදැ පනකඩාගෙන දුවගෙන ආවා... අපි හිතුව කවුරුහරි මැරිලය කියා..මෙසේ එකිනෙකාට කියාගනිමින් ගෑනු උදවියත් කොල්ලො කුරුට්ටෝත් යන්නට යති.

    ReplyDelete
    Replies
    1. ෆස්ට් ක්ලාස් කමෙන්ට් එකක් ඇනෝ!!!!!!!!!!!!!

      Delete
    2. බොහෝම ස්තුතියි දීර්ඝ අදහස් දැක්වීමට.
      මැන්දිස් මහත්තයගෙ පොත් නං අහුඋනොත් අනිවාර්යෙන් කියවනව. මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න ලේඛකයෙක්. ඉස්සර ටෙලිග්‍රෑම් ගහල තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නේද? මටත් මතකයි මොකද්දෝ පොතක තිබුන ටැලිග්‍රෑම් එකක් කියවගන්න ඉංගිරිසි දැනුම තිබුනනං ඇති කතාවක්.
      හැබෑට ඒ කාලෙ ඔය ඩියුටියට ගනිද්දි ඉංග්‍රීසි දැනුම බලන්න ඇති නේද?

      Delete
  28. කාලෙ වෙනස් වෙලා තාලෙ අලුත් වෙලා

    ReplyDelete
  29. අලුත්ම නිව්ස් එක තමයි ටෙලිග්‍රෑම් ටෙලිමේල් වීම. මේක කිසිම වෙනසක් නෑත. ගාන පමණක් දඑ ගුණයකින් පමණ වැඩිවීම.

    ReplyDelete
  30. හොද විවරණයක්. මෙකේ තියන වටිනාකම දන්නෙ ඒකෙන් තමන්ගේ රක්ෂාව ආරක්ෂා කරගත්ත අයම තමා..

    ReplyDelete