අද දාන්න යන්නෙ පොලිටිකල් ජෝක් ටිකක්.
ඔහේල අහල ඇතිනේ අර "ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ......." එක එක ආර්ථික ක්‍රම වලින් එළදෙනුන්ගෙන් ගන්න වැඩ ගැන ප්‍රසිද්ධ කතාව. ඒකෙ අලුත් වර්ෂන් මේ
ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ....
දේශප්‍රේමීන්,
අධිරාජ්‍යවාදීන්ගෙන් උන් ආරක්ෂා කරගත යුතුය.
නූතන සිංහලබෞද්ධයා
එළදෙන යනු ඔබේ කිරි අම්මාය. එබැවින් කිසිවෙකු ගවමස් නොකෑ යුතුය.
එළකිරි ධනවාදය
දෙනුන් දහස් ගනනක් සිටින බහුජාතික සමාගමකට ඔබට එළදෙනුන් දෙදෙනා විකිණිය හැකිය. ඉස්පසු කිරි දෙවීම, ගොම එකතුකිරීම.... වැනි කාර්යන් සඳහා සමාගමේ රැකියාවක් ලබාගත හැකිය.
☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺
මී මැස්සා සහ කුරුල්ලා
මේකත් ඔහේල දන්න කතාවක්. ඔන්න වතුරේ ගහගෙන යන මීමැස්සෙක් දැක්ක කුරුල්ලෙක් ගහකින් කොලයක් කඩල වතුරට දානව. කොලේට ගොඩවුන මී මැස්සගෙ තටු වේලුනාම ඌ උදව්ව මතක තියාගෙන පියාඹල යනව. දවසක් නරක කොල්ලෙක් කැටපෝලයකින් කුරුල්ලට විදින්න හදනව දකින මී මැස්ස කොල්ලට දෂ්ට කරල කුරුල්ලව බේරගන්නව. ඊට පස්සෙ උන් දෙන්න සතුටින් ඉන්නව.
උගන්ඩාව එක්ක, ස්වාසිලන්තය එක්ක, බෙලරුස් එක්ක ලංකාව(ජනාධිපතිතුමා) සම්බන්ධකම් පවත්වනව කියල විවේචනය කරන අයට මතක් කරන්න තියෙන්නෙ ඔය කතාව.
පනස්වෙනි ද කොහේද නිදහස් සැමරුමට චාල්ස් කුමාරය ලංකාවට ආපු වෙලාවෙ පොඩි කේස් එකක් උනා මතක ඇතිනේ. එකැස් ජනාධිපතිතුමියයි, රෝද පුටුවෙ ඉන්න අගමැතිතුමියයි, "කකුල් තුනෙන්" ඉන්න ආරක්ෂක ඇමතිතුමයි, ටික වෙලාවක් යද්දි පොලිස්පතිතුමා ඩෝං ගාල කලන්නෙ දාල වැටුන හැටියි දැක්ක චාල්ස් ඇහුව කියන්නෙ උඹලගෙ රටේ නීරෝගී මනුස්සයො ඇත්තෙම නැද්ද කියල. ඒව නං ඉතිං ශාරීරික කේස් කියල හරි අත පිහිදගන්න බැරිය.
මෙදා මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ නෝන ආවම තිබුන තත්වෙ හිතල බලන්න.
☻ ජනාධිපතිතුමා මේ වගේම රටක් වෙච්ච බෙලරුසියාවෙ සංචාරෙක.
☻ කට්ටියක් පිල්ලෙට විරුද්ධව උද්ඝෝෂනේ
☻ මර්වින් ඇමතිතුමා (උන්නැහේ කැබිනට් නේද?) පිල්ලෙ නෝනට බඳින්න(-සෙක්ස් වලට) කතා කරනව.
අනේ ඒ මනුස්සය මොනව හිතන්න ඇතිද අපි ගැන.
මේ පෝස්ටුව ලියන්න හිතං ඉන්න වෙලාවෙ ඊයෙ නිව්ස් බැලුව. මර්වින් ඇමතිතුමාගෙ යෝජනාව ගැන සීරියස් ටෝක් එකක් දෙනව අපේ ඔටුන්න හිමි නාමල් කුමාර මහත්තය. මතක විදියට එතුමා කිව්වෙ "හාමුදුරුවනේ මර්වින් ඇමතිතුමා කලේ ප්රජාතන්ත්රවාදී යෝජනාවක්. ඒකෙ තියන වැරැද්ද මොකද්ද?...." වගේ අදහසක්. ඒ කතාව ඇහුවම මට හිතුනෙ තාත්තගෙ නමේ පිහිටෙන් පාර්ලිමේන්තු ඇවිල්ල ගොං කතා කියනව කියල අපි සජිත් ප්‍රේමදාස මහත්තයට බනින එක කොච්චර වැරදිද කියල.
☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺
මම හොයාගත්ත සමාන තේරුම් දෙන වාක්‍ය දෙකක් මෙන්න;
"ලොක්ක මට කැමතියි=ලොක්කගෙ කේන්දරකාරය කියනව මම දිනනව කියල"
ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි, ශ්‍රී ලංකාවයි
ReplyDeleteඅම්මටසිරි ලංකාවේ සක්විති පදවිය ලබන්න
ReplyDeleteගල් වැට ළඟ වාඩිවෙලා ගල් ගලවන හැටි බලන්න
ගල් වැට උඩ වාඩිවෙලා දත් ගලවන හැටි බලන්න
Deleteඉන්දරේ
බලමු බලමු!
Deleteකේන්දර කාරය කියන එක සැබැ කරන්න ලොක්ක ලොකු ගේමක් ගහනව කියල පොර වුනත් දන්නවා.. :)
ReplyDeleteපාර්ලිමේන්තුවම විහිළුවක් බං. ගෑනු සැට් එක කෝම ඕක ඇතුලෙ ඉන්නවද මන්ද. කොහෙන්වත් ආපු එවුන්ව බදින්න ටෝක් කරනව නම්. ඇතුලෙ ඉන්න ඇතිතියන්ට කෝම සලකනව ඇතිද? මට මතක් වෙන්නෙ වැල ෆිල්ම් වගේ ඇතුලෙ කේස් යනව ඇති කියල :ඩී
//කේන්දර කාරය කියන එක සැබැ කරන්න ලොක්ක ලොකු ගේමක් ගහනව කියල පොර වුනත් දන්නවා.. :)//
Delete++++++++++++
>>මට මතක් වෙන්නෙ වැල ෆිල්ම් වගේ ඇතුලෙ කේස් යනව ඇති කියල<<
Deleteහෆොයි ව්‍යවස්ථාදායකය ! අයියෝ ෂල්ලි !
නිකං නෝටි ඇමරිකා වගේ නේද?
Deleteඅම්මෝ... කියල වැඩක් නැත...
ReplyDeleteනොකියාම ඉන්න එක හොඳය
Deleteමේ ගොබ්බ පුත්තුන්ට පාළණය කොරන්න ආඩම්බරකාර තාත්තා රටක් ඉතුරු කරයිද කියන ප්‍රශ්ණය තමයි මට තියෙන්නේ..
ReplyDeleteඇත්ත. තාත්තලගෙ පව් ගෙවන පුත්තු ඕන තරම් ඉන්නව
Deleteඒ විතරක්යැ... පුතාල හින්දා පව් ගෙවන තාත්තලා .... ඇයි තව.....වගේ ඔය දෙගොල්ලම හින්දා පව් ගෙවන රටවලුත් තියෙනවාලුනේ...
Deleteඅපි වගේ!
Deleteමේ වගේ නරුමයින් පාලනය කරන රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එකම ලොකු දෙයක්.
ReplyDeleteහ්ම්. හැබැයි රටේ භූමිය විතරයි ඉතුරු
Deleteඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් බලන්න බැරියැයි......පොදු රාජ්‍ය මණ්ඩලේ එකත් එනවා නොවැ...
ReplyDeleteහොඳ පටියක් අරගෙන තියාගමු තදකරගන්න.
Deleteයන විදිහට එක පටියකින් නම් ගොඩ දාගන්න ආමරු වේයි...බඩම අනවශ්‍ය අවයවයක් විදිහට අයින් කරලා දාන්න ක්‍රමයක් හොයා ගන්න වේයි.
Deleteසැහෙන්න කාලයක පස්සේ ඊයේ ගෙදර අයත් එක්ක බඩු ගන්න කඩේ යන්න ඉඩක් ලැබුනා.බොහෝමයක්ම අතවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිල අධිකයැයි සලකන රටවල මිල ගණන්ම තමයි....සමහර දේවල් ලංකාවේ මීලෙන් කීප ගුනයක් අඩුවේන් මිලට ගන්න පුළුවන්(මේ විද්්‍යුත් උපකරණ එහෙම නෙමෙයි අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ගැන)
දැන්නම් එක්කෝ පවුලේ එකෙක් ආණ්ඩු පක්ෂයේ දේශපාලනය කරන්න ඕනේ ..නැතනම් දෙන්නෙක්වත් පිටරට රැකියා කරන්න ඕනේ කාලා ඇඳලා ඉන්නනම්...
බඩම අනවශ්‍ය අවයවයක් විදිහට අයින් කරලා දාන්න ක්‍රමයක් හොයා ගන්න වේයි//
Delete:-)
මේ රට මගේ රට ..
ReplyDeleteමා ඉපදුන රට ... හැදුන වැඩුන රට
අන්තිමේදී අපි පිටරට ....
චීනෙට තමයි
Deleteරටක් ඉතිරිවේ ;;; ඉන්න මිනිසුන් තමා ප්‍රශ්නේ වෙන්නේ....
ReplyDeleteඅන්න ඒක තමයි මම කිව්වෙ
Deleteමාත් කාට හරි දාන්න ඔනි ප්‍රජාතන්ත්‍රවදි යොජනාවක්......
ReplyDeleteහොඳ කෙනෙකුට දාන්න ඕන දාන එකේ.
Deleteඑළකිරි ප්රජාචන්ත්රවාදය!!!
ReplyDelete"ප්රජාචන්ත්රවාදය"
Deleteනිවැරදියි!
හිහි
Deleteප්‍රින්ස් චාල්ස් ආවෙ 98 දි නේද බං. සැටලයිට් නෝනා එකැස් උනේ 99 ජනාධිපතිවරණෙදි (අයිවන් මහත්තයට අනුව ඇයම ගසාගත්) ටවුන් හෝල් බෝම්බෙන්.
ReplyDeleteඅනෙක අයිජීපී රාජගුරු කලන්තෙ දැම්මෙ නෑ බං, සපත්තුව තද වැඩිවෙලාලුනෙ පොර වැටුනය කියන්නෙ. :)
දැන් එතකොට ඔහේ කියන්නෙ උගන්ඩාව, ස්වාසිලන්තය, බෙලරුස් අර ලොකු පොරවල්වලට දෂ්ඨ කරල අපිව බේරගනියි කියල අපිට විශ්වාස කරන්නය කියලයැ. ජනාධිපතිතුමාගෙ දෛවඥයාවත් එහෙම හිතන්නෙ නැතුව ඇති.
නියමයි රාජ්, උඹ හැමදාම වදින්න ඕන තැනට විදිනව.
මට මතක තිබුනෙ ඇහේ කේස් එක කලින් කියල. එතකොට අපේ කතාව වැරදිද? සමහර විට පස්සෙ කාලෙක හැදුන කතාවක් නිසා ඔය අවුල හැදුනද දන්නෑ. උඹටත් බොහොම ස්තුතියි හැමදාම ඇවිල්ල දාන කමෙන්ටුවට.
DeleteReplyDelete
ඇහේ කේස් එක = December 1999
Deleteචාර්ලි ආවෙ අනූ අටේ පණස් වෙනි නිදහස් සැමරුමට. පතිය වැටුනෙ ඇන්ටි එදා නිදහස් දින කතාව ඉන්ගිලිසියෙම්ම කොරපු හිතේ අමාරුවටයි කියලත් බලු කොල්ලො කිව්වට උන්නැහෙ වැටුනෙ කතාවට කලින් මට මතක විදියට.
Deleteඑහෙනං හරි.
Deleteඇඩෙන විහිලු
ReplyDelete:-(
Deleteබයිල කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක...
ReplyDeleteනිවන් දකිත්වා අපගේ ජන නායක කැල...
නිවන් දකින විට අපගේ ජන නායක කැල
Deleteමිහිපිට නිරයක් සාදා දෙයි නේ අප හට...
අර කේන්දර සුමනයා පිල්ලේ එන එක ගැන මොකුත්ම නොකිව්වේ ඉන්තේරුවෙම්ම පිල්ලේ නිසා කවදාහරි ලොක්කට කෙළවෙන නිසා වෙන්න ඇති. සුමනයා හරි දක්ෂයි නේ කෙළවෙන තැන වලදී ෂේප් වෙන්න.
ReplyDeleteඔය සුමණෙගෙ බන අහල කෙලෝ ගත්ත මිනිහෙක් තමයි අද කැනඩාවෙ ඉන්න නාලක හේවාමද්දුම. හැබැයි සුමණෙ මිනිහ හරහ මට හම්බු උන දෙදාස් හතරෙදිත් කිව්ව ටක්කෙටම යුද්ධෙ දෙදාස් දහයට කලින් ඉවර වෙනවමයි කියල. ඒත් එක්කම තව ගොන් කතා ටිකකුත් කිව්ව, එව්ව එකක්වත් නොවී අර විතරක් උනේ කොහොමද කියල දන්නෙ මිනිහම තමයි.
Deleteසුමනයා හරි දක්ෂයි නේ කෙළවෙන තැන වලදී ෂේප් වෙන්න//
Deleteඇත්ත.
ඉන්දික,
ඕක අර ගල් සීයක් ගහනකොට එකක් වදිනව වගේ සීන් එකක්ද දන්නෑ නේද? යුද්ධෙ ඉවර වෙන්න කලින් ඒක ඉවර වෙනව කිව් කෙනෙක් මට නං මුනගැහිල නෑ.
අපිටත් පුළුවන්නේ 100ක් විතර කිව්වම කොහොම හරි එකක් කියාගන්න. Probability
Deleteදේශපාලනය සම්බන්ධවෙන කරුණු ගැන අනාවැකි කියන එක ඉස්සර චන්ද්‍රිකාගෙ කාලෙ ඉරහඳ පත්තරකාරයත් කරානේ, ඒක නම් සම්භාවිතාවෙන් ම කරන දෙයක් නෙවි මම හිතන්නෙ. :)
Deleteඇමතිතුමාටත් ඉතිං හැඟීම් දැනෙනව ඇතිනෙ.
ReplyDeleteඅර වයසක මනුස්සය ගැනත්?
Deleteරාජ්....කේන්දර සුමනයා හෙන ගානකට කෙලලාලු නේද NSB එකේ?ඕකාගෙ කේන්දර මන්දිරේ හදන්න ඇත්තේ ඒ සල්ලි වලින් මගේ හිතේ.
ReplyDeleteඑහෙම කේස් එකක් මාත් දැක්ක.
Deleteදේශපාලනේ නම් ඉතින් මෙගා බයිට්
ReplyDeleteහ්ම්!
Deleteදෙයියෝ දනී මං නොදනී.. දිනන දවස අපිම කියනවා....
ReplyDeleteදුන්නද...? දුන්නද ...? තොපි අද බෙදලා...
එහෙනම් විඳගමු ඉඳලා....
ටුකුස්.... ටුකුස්...
Bora Diyaka Induwara
කුමාරය එහෙම කියද්දි කැබිනෙට්ටුව කනගාටුව ප්‍රකාශ කොරල.
ReplyDeleteපිල්ලේගේ ඉල්ලීම් ටික රජය ඉවත දාළලු.
කඳවුරු කිහිපයක් අයින් කරල, පොලිසිය වෙන් කරල ඒකෙ ගෞරවය වත් ගන්න දන්නෙ නැති බූරුවො!
Deleteපොලිටික්ස් තේරෙන්නේ නැති උණාම ජෝක්ස් තේරෙන්නේත් නෑ රාජ්...:)
ReplyDeleteලංකාවෙ ඉන්න ඕන මේව තේරෙන්න
Deleteමේ හැතිකරේ ගෙදර යවන්න සපුමල් කුමාරයෙක් එනතුරු බලා සිටිමි.
ReplyDeleteසපුමල් කුමාරය එන තෙක් හිටියොත් පරාදයි.
Deleteඇයි දියසේන ඇවිත් ගිහින්ද.
Deleteකමාන්ඩෝ දියසේන කියලා නාටකයක් තිබුනා නේද වේදිකාවෙ....
Deleteඑතුමාටත් ඒක ප්රජාතන්ත්රවාදී යෝජනාවක්නම් රටේ කෙල්ලොන්ට දෙයියන්ගේම පිහිටයි.
ReplyDeleteකෙල්ලන්ට කමක් නෑ කියමුකෝ වයසක ගෑනුන්ටත් මේක.......
Delete1. ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම්,
ReplyDelete---ආගමික අන්තවාදියෝ---
ඔබ උන් සමග සංසර්ගයේ යෙදිය යුතු අතර තව පැටව් හැකි තරම් වැදිය යුතුය (ඔව් හරක්නේ)
2. ස්වාසිලන්තයේ ඇත්තේ මී මැස්සෝ නොව වල් මීයෝය. එබැවින් වලුබංශ ගූ පාට් දමා හැංගෙනවා මෙන්, උ.කොරියාව රජ ටෝක් දී කුජීත වුනා මෙන්, උන්ටත් මීයා ඉනවටා කරකවා පුකේ ගසා ගැනීමට වඩා දෙයක් කළ නොහැක.
3. මර්වින්ගේ පුතා මර්වින්ගේ ගෑනිට කෙළින දවසට පිල්ලේ නින්දෙන් විත් මර්වියාගේ ඇට දෙක කුඩු කරනු ඇත. ඒ නිසා අපි කණගාටු විය යුතු නොවේ ( මාලක යනු මර්වින්ගේ පුතෙක්මැයි උපකල්පනය කළ බව කරුණාවෙන් සලකන්න )
4. දැක්කෙ නැද්ද අම්මට සිරි අයියා, නාර බේබි එක්ක බබාලා 'හුලතල් කලනවා.' කේන්දර විතරක් ඈ..
මං ලියපු එක මොකා ගිල්ලාද ? කමක් නෑ ආපහුලියමු.
ReplyDeleteඅපිට තියෙන මේ හැම අසික්කිත වැඩක්ම විහිළුවට හරවා රසවිඳීමේ හැකියාව එක අතකින් අපිව ඒ පරිසරයේ ජීවත්කරනවා. ඒ වගේම උනුත් ජීවත්කරනවා කියලයි මට හිතෙන්නෙ.
ඇඩෙන විහිලු...
ReplyDelete