Monday, June 16, 2014

සත්‍ය ප්‍රේම භෘංග රාජය‍ා.......... or......

මතක විදියට ඒ 2007 හෝ 2008 කාලය. නවාතැනේ රාජ් රාජ්‍ය සේවයට කොළඹ ඇවිල්ල නැවතිලා හිටියෙ හෝමාගම පිටිපන හන්දිය කිට්ටු ගෙදරක. හරියටම කියනව නං අර පනාගොඩ (කෑම්ප් එකේ) කුප්‍රසිද්ධ 'පඩිකපනාරාමය' ඉස්සරහින් වැටිල තියන පාරෙ පොඩි දුරක් ගියාමයි බෝඩිම තිබුනෙ. ඔය බෝඩිමේ අංකල්ගෙ ලොකු බෑන දවසක් මාව මුනගැහෙන්න ආව.

"රාජ් මල්ලී, මගේ යාළුවෙකුට ඔයා මුනගැහෙන්න ඔන කිව්ව.... මම නම්බර් එක දුන්න කමක් නෑනේ?"

"හා.... කමක් නෑ...... මොකද්ද කේස් එක?"

"මොනවද විස්තර වගයක් දැනගන්නලු"

ඔය විස්තර වලට උත්තර දීම සාමාන්‍යයෙන් අමුත්තක් නෙවේ. රජයේ සේවය කිව්ව ගමන් සමහරු හිතේ තියන ප්‍රශ්නයක් දෙකක් අහනව. ලයිසන් එකක් කරගන්නෙ කොහොමද, ඉඩමෙ තියන ආරවුල ලිහාගන්නෙ කොහොමද..... වගේ කේස්.

ඔන්න සෙනසුරාද දවසක ලොකු බෑන තවත් හීන්දෑරි හාදයෙක් එක්ක මගේ කාමරේට ආව.

"රාජ් මල්ලී මෙන්න මූ තමයි මම කිව්වෙ!" අපේ කතා නායකය හඳුන්වා දුන්න බෑන ගියා. ආගිය විස්තර ටිකක් කතාබහ කල අපේ යාළුව සෑහෙන්න උවමනා කමකින් අලුත් මාතෘකාවක් පටන් ගත්ත.

"මචං උඹලගෙ ඔපිස් එකේ ඉන්නවද ධර්මදාස කියල රාලහාමි කෙනෙක්?" මෑන් තීරනාත්මක ප්‍රශ්නය ඇහුව. ධර්මදාස කියන නම ටිකක් විතර නුපුරුදු උනත් මට හොඳ මතකයක් තිබුන ඒ ගැන.
රයිට්! ගිය සතියෙ මම පේරෝල් එකට අලුතෙන් දැම්මෙ 'ධර්මදාස' තමයි! ධර්මදාස නමත් එක්ක ටිකක් විතර කලුපාට මිටි තට්ටෙ පෑදුන රාලහාමිගෙ මූණත්තහඩුව මගේ ඔලුවට ආව. නමුත් මේ යකා මෙච්චර උනන්දුවෙන් ධර්මදාස ගැන අහන්න හේතුව මොකක්ද කියලත් මට ප්‍රශ්නයක්. ධර්මදාසට ගේමක් දෙන්න ආපු මෑන් කෙනෙක්ද කවුද දන්නෙ! මම එකසැරේම උත්තර දුන්නෙ නෑ.....

"ඇයි? මොකද්ද කේස් එක.... මට හරියටම මතකයක් නං නෑ..........."

"නෑ මචං ඔය ධර්මදාස කියන්නෙ කොට්ටාවෙ ඉඳල එන කෙනෙක්..... එයාගෙ දුවෙක් ඉන්නව මචං......" දැනුයි මට වැඩේ තේරෙන්නෙ.

අපේ කතාව පැය භාගයක් විතර ඇදිල ගියා. ඒ කතාව අනුව මෑන් කුරුණෑගල පැත්තෙ පොරක්. අහවල් විශ්ව විද්‍යාලයෙන් ඉගනගෙන තියෙන්නෙ අපිට සමාන්තර කාලයක. හෝමාගම කර්මාන්ත පුරයේ ගාමන්ට් එකක HR කෙනෙක් විදියට වැඩකරමින් හිටියෙ. රාලහාමිගෙ දුවට මෑන්ගෙ හිත ගිහින් තියෙන්නෙ කෙල්ල ඒ ලෙවෙල් කරද්දි. ඒ වෙනකොට කොල්ල කැම්පස් එකේ. කෙල්ලත් කැම්පස් එකට ආවට පස්සෙ කෙල්ල එක්ක සෙට්වෙලාද කියන එක මට ටිකක් සැක සහිතයි දැං. එක්කෝ සෙට්වෙලා ඉන්න අැති. නැත්තං සෙට් වෙන්න වගේ හිටියට කෙල්ලගෙ 50% හරියටම තිබිල නැති වෙන්න ඕන. කොහොම නමුත් අපි කතා කරන කාලය වෙද්දි කෙල්ලට ගෙදරින්‍ යෝජනාවක් ගෙනල්ල තිබුනලු. කෙල්ලත් ඒකට අකමැත්තක් නැති වගේලු. අපේ යාළුව මාව මුනගැහෙන්න ආවෙ ලොකු උදව්වකට නෙවේ. රාලහාමි මොනවගේ කෙනෙක්ද කියල විතරයි මගෙන් ඇහුවෙ. මාත් මට කිව්ව දේවල් වලට අමතරව මොකුත් හාරවුස්සන්න ගියේ නෑ. කොහොම උනත් මිනිහ කෙල්ලට සෑහෙන්න කැමැත්තෙන් හිටි පාටයි. එක වෙලාවක මම අහපු බ්‍රේක් නැති ප්‍රශ්නෙකට මෑන්ගෙ ඇස් දෙකත් දිලිසෙන්න ගත්ත බව කියන්න ඕන. එන්න හදන වෙලාවෙ සිගරට් එකක් මෑන්ට දික් කලාමත් එපා කිව්වෙ කෙල්ල හින්ද දුම්බීම නැවැත්තුව බව කියල.

කොහොම නමුත් මම අවසන් වතාවට කොළඹ හිටිය 2009 මුල් කාලෙත් මෑන් මට කතා කලා. ඒ කියන්නෙ අවුරුද්දක් දෙකක් තිස්සෙ වැඩේ ඔහොමයි. 2009 මම මෙහාට ආව. ඊට පස්සෙ මට කතා කල දවසක මම කිව්ව, මම ගමට ආපු බව. ඊට පස්සෙ මෑන් කතා කලේ නෑ. එක්කෝ වැඩේ ගොඩ යන්න ඇති. නැත්තං හබක් වෙන්න ඇති.

මේ අතරෙ ලඟදි දවසක දන්නෙ නැති නොම්මරයකින් මට කෝල් එකක් එනව.

"මචං රාජ්...... උඹට අඳුරන්න පුළුවන්ද මාව?" මට ඒ වොයිස් එක සෙට් උනේ නෑ එකපාරට.

"මචං මම සමන්ත!" ඌට මාව මතක් වෙලා එහෙනං...... මදෑ ඒකත් ලොකු දෙයක්නෙ. ආගිය කතා දෙක තුනකට පස්සෙ මෑන් අමුතු ප්‍රශ්නයක් ඇහුව!

"මචං..... උඹට හෝමාගමත් එක්ක තාම කනෙක්ෂන් තියනවද? මට අර කෙල්ල ගැන දැනගන්න පුළුවන් විදියක් කියපං මචං"

"මොන &^%*ක්ද යකෝ..... එක *%&(*^ද තියෙන්නෙ මේ රටේ....." මට එහෙම කියන්න හිතුනත් කිව්වෙ නෑ! හෝමාගම එක්ක වැඩි සම්බන්ධයක් නැතිබව කිව්ව.... ඇත්තටම අපි එක්ක හිටිය හුඟක් දෙනෙක් දැං කාර්යාලෙ නෑ කොහොමත්.... මෑන්ට කෙල්ල නැතිව ඉන්න බැරි කතාවක් තමයි කිව්වෙ. අවුරුදු දහයක් විතර කෙල්ලෙක් ගැන හිත හිත ඉන්න මූ එක්කෝ සිරාම ප්‍රේමවන්තයෙක් වෙන්න ඕන. නැත්තං එක විදියක පිස්සෙක් වෙන්න ඕන. නැත්තං ලව් කිරිල්ලත් එක විදියක පිස්සුවක් වෙන්න ඕන.


80 comments:

  1. ආදරයක් ගැන තේරෙන්නෙ ආදරේ කරපු එකෙකුට.බොට තේරුණාද?

    ReplyDelete
    Replies
    1. දැං බොට තේරුණාද?

      Delete
    2. හැලපෙ කිව්වනං ඉතිං හරි. අර ඔපිස් එකේ....... එක්කෝ ඕන නෑ.

      Delete
  2. මම ඔබට යෝජනා කරනවා යුද්ධ කරන ලෙස. නමුත් කෙදිනකවත් ආදරය කරන්න එපා.
    යුද්ධයකදී ඔබ මිය යාවි...එසේ නැතිනම් ජිවත් වේවි..නමුත් ආදරයේදී ඔබ මියන්නෙත් නැහැ...ජිවත් වෙන්නෙත් නැහැ...

    - ඇඩොල්ෆ් හිට්ලර් -

    ReplyDelete
    Replies
    1. හිට්ලර් හරි. ස්තුතියි මිත්‍රයා

      Delete
    2. ඒ වුණත් හිට්ලර් පවා ආදරේ කරපු බව කියනවනේ.

      Delete
    3. හිට්ලර් නිකං අතුරුපසට වගේ ආදරය කරපු කෙනෙක් මයෙ හිතේ

      Delete
  3. හලෝ රාජ්. රාජ් කොළඹත් නතර වෙලා හිටියා කියලා මම දන්නේ නෑනේ. නැත්තං මට හැන්දෑවට රාජ් එක්ක සෙට් වෙලා අරක්කු ඩිංගක් බිලා,ගෝලිප් දෙකක් ගහන්න තිබ්බා.

    හැබැටම රාජ් හිතන්නනේ වැඩිය හොද ආදරේ කරලා ඒ කෙනාව කසාද බඳින එකද, නැත්තං කසාද බැඳලා එයාට ආදරේ කරන එකද? ඒ උනාට ඉතිං මට නං හිතෙන්නේ ඔය වගේ අවුරුදු 10 ක් විතර කෙල්ලෙක් ගැන හිත හිතා ඉන්නවට වටා හොදයි බෝතලයක් ගහලා හාන්සි වෙන එක කියලා.

    දැන් මම යනවා බත් ඩිංගක් කාලා,ගෝලිප් එකක් බිලා එන්න. මේ ටිකේ වැඩ ගොඩයි. කකාගේ බ්ලොග් එකෙත් හරියට කොමෙන්ට් දාන්න බැරිඋනා. ඒත් ඉතිං මොන වැඩ කන්දරාවක් තිබ්බත් අපි රාජ් ගේ පොස්ට් වලට කොමෙන්ට් නොදා ඉන්නේ කොහොමද?

    පස්සේ එන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. මොකද ඇනෝ අද අමුවෙංම බත් කන්න යන්නෙ.

      Delete
    2. මාත් හිතන්නෙ බෝතලේ හොඳයි වගේ. මම ඒත් බැලුව කකාටත් කමෙන්ටුවක් නැත්තෙ මොකද කියල.

      Delete
    3. //////මේ ටිකේ වැඩ ගොඩයි.///////

      ඇනෝ.....මොකද බන් සීරියස්. වැඩ කරලා හරියන්නේ නැහැ බන්. රාජ්ව අල්ලන් අඩියක් ගහපන්.

      Delete
  4. උ ඇත්තටම හොඳ ප්‍රේම වන්තයෙක් වෙන්න ඇති බන්

    ReplyDelete
  5. //'පඩිකපනාරාමය'// ????? :)

    ReplyDelete
    Replies
    1. පනාගොඩ කෑම්ප් එකේ කොල්ලන්ගෙ පඩියෙන් තමයි ඔය විහාරය හැදුවෙ. මාසෙකට ගානක් කැපීමේ තරහට එයාල නමක් දැම්ම.

      Delete
    2. පනාගොඩ කෑම්ප් එකේ විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ, යුද හමුදාධිපතිගේ සිට පහලට ඉන්න සියලු සාමාජිකයන්ගෙන්, මාසෙකට රුපියල ගානේ කැපුවා මුලදී. පස්සේ වැඩිවුනා. ඔතන භාරව හිටියා එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. උන් වහන්සේට ඒ කාලේ උසස් හමුදා නිලධාරියකුට දෙන ආකාරයේ වාහනයක් ද දී තිබුනා. තෙල් ගැහුවේ හමුදාවෙන්. ටිකක් කල් යනකොට උන්වහන්සේගේ ශීර්ෂය මඳක් විස්ථාපනය වුනා. හමුදා නිලධාරීන්ට පවා 'ගෙම්බර්' දාන්න පටන් ගත්තා. එයට හේතුව වුනෙත් සමහර උසස් හමුදා නිලධාරීන් උන්වහන්සේ පමණට වඩා ඉහලින් තබා සැලකීමයි. ඒ කාලේ අපි එයාට කිව්වේ 'බ්‍රිගේඩියර් ....ස්ස' කියලා.

      Delete
    3. ඉතිං එහෙම බලෙන් පඩි කපා ගැනීමට විරුද්ධ වුණා නම් කෝට් මාෂල් කරණවාද?

      අර නානසාර හැසිරෙන්නේත් හරියට බ්‍රිගේඩියර් වගේ නේ!

      Delete
    4. බ්‍රිගේඩියර් ඥාණසාර!!!
      2013 අගෝස්තුවේ මෙයාගේ වැඩ ගැන ලියපු එකක්.

      Delete
    5. //සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ, යුද හමුදාධිපතිගේ සිට පහලට ඉන්න සියලු සාමාජිකයන්ගෙන්, මාසෙකට රුපියල ගානේ කැපුවා මුලදී. පස්සේ වැඩිවුනා//
      බුදු අම්මේ!

      Delete
    6. ඔය පඩි කැපිලි වලට විරුද්ධ වෙන්න බැරි උප්පරවැට්ටියක් එක්ක තමයි ලියුම් එවන්නේ හැම තැනටම. උඩින්ම ලියනවා කැමති අය පමණක් මාසික පඩියෙන් කපාගන්න එකඟවන්න කියලා. ලොක්කගේ නම උඩින්ම ලියලා කැමතියි කියලා ලියලා තියනවා. ඉතින් සොක්කෝ මොනවා කොරන්ඩද?

      Delete
  6. හ්ම්ම් .. නියම පෙරේමවන්තයෙක්.. කෙල්ලතාමත් දන්නෙ නෑ. අනේ පව්.. අලින්ටත් උදව්වට වඳුරො හිටි එකේ මේ මනුස්සයට උදව්වක් කරන්න කවුරුත් නැති එක නම් අපොයි පව්..

    ReplyDelete
    Replies
    1. වඳුරගෙ උදව්ව නං මටත් කරන්න තිබුන. මූට ඕන කමක් තිබුනෙ නෑ නෙව.

      Delete
  7. හෙහ්, මගේ යාලුවෙක් ලව් කලා ඕයි එකම කෙල්ලට අවුරුදු.... මට මතකත් නෑ. පස්සේ බැන්දා. කෙස්ගස් ටිකයි ඉතුරු වෙලා තිබ්බේ කොහොමහරි එතකොට. දැන් ෆුල්තට්ටයා. ඔලුව බේරාගන්න බැරිලු ඕයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,
      ඔලුවෙ කෙස් නැති හැම එකාම සනත් නන්දසිරි නෙවේ.

      Delete
  8. මේකා දැන් හොයන්නේ කෙල්ල බැඳලා ඉන්නවනං වෙන කේස් එකකට ද දන්නේ නෑ. ඔය හොර කොටුවක් එහෙම පනින්නද දන්නේ නෑ. මේකත් මේ වන විට බැදලද කියලත් කිසි තැනකින් වටහ ගන්න බෑ. එහෙම නැත්තං මෝඩ ආදරවන්තයෙක් පමණයි. හිතේ තියන දේ කෙළින්ම කියලා වැඩේ කරගන්නේ නැතුව. නැතිනමම් පස්මහ බැලුම් බලන එකෙක්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මූ කොටුපනින්න හොයන එකෙක් නෙවේ. මං හිතන්නෙ නං මූට පොඩී.......ම අවුලක් තියනව.

      Delete
    2. මගේ තියෙන වල් කමට මට හිතුනෙත් මූ කොටුවක් පනින්න තමයි ආයෙත් හොයන්නේ කියලා....මෙන්ටල් කේස් එකක් වෙන්න ඕනේ....

      Delete
    3. මචෝ මට හිතුණෙත් ඒකම තමයි චෙෆා. දැන් කියපල්ලා වල්කම කියලා අපේ. ඔව් අපි වල් ඔයාලට අවුල්ද?

      Delete
    4. උඹලගෙ තියන වල්කම!

      Delete
  9. අපි පේම කොරනවා පේමෙට දිවිය පුදනවා
    ඒත්පේමෙ අපිට මේම කොරනවා...

    කෝමද....????
    මං දන්නෙ කොහොමෙයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඒකත් හරි

      Delete
  10. නියම ප්‍රේමේ එහෙම තමයි. දුකේ බෑලු...:(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කිව්වනං හරි තමයි

      Delete
  11. මිනිස් හිත පුදුමාකාරයි

    ReplyDelete
  12. මේනං තියෙන පේමෙකට නෙමෙයි අවුරුදු ගානක් ගිහිනුත් අහන්නේ වල් කුපාඩි කමකටද කොහේ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. මූ සිරාම ප්‍රේමෙක්

      Delete
    2. ඇත්තම කියපන් රාජ් උඹ කොහොමද එහෙම සහතිකයක් දෙන්නේ. දැක්කෙත් දෙපාරද කොහෙදනේ.

      Delete
    3. දැං දීපල්ලකෝ උත්තර

      Delete
  13. අනේ මන්දා බං ඔය ලව් කිරිල්ලට ගියාම මිනිස්සු පිස්සෝ වෙනවා. ඔය පිටිපන පාරේ හැරුන ගමන් මගේ යාළුවෙක් හිටියා. උගේ අයියා ප්‍රසිද්ධ ටියුෂන් මාස්ටර් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ මෑන්ට මොකක් හරි අවුලක් තියනව කියල

      Delete
  14. රාජ් 2007 ඉඳන් එකම නොම්මරේ පාවිච්චි කරන එකත් මදැයි? ඊටත් වඩා ඌට 2007 ඉඳන් රාජගේ නොම්මරේ කොහේ හරි ලියාගෙන හරි මතක තිබ්බ එකත් මදැයි . මටනම් හිතෙන්න ඌ නිකං මටහ්ක් වෙන වෙන වෙලාවට අහලා බලනවා මිසක් වෙන ඇති ලව් එකක්වත් කෙහෙල්මලක්වත් නෙවෙයි වෙන්න ඇති . ඌ තව කෙල්ලෝ ගැනත් ඔය විදිහටම හොයල බලනවා ඇති

    ReplyDelete
    Replies
    1. අතේ රෝරක් කියලා මාට්ටුද මන්දා චික් ඉවානයත් කරන කැත වැඩ....

      Delete
    2. 2006 ඉඳල මගේ තියෙන්නෙ එකම නම්බර් එකක්. දවසක් මොබිටෙල් එකට කතා කලාම කියනව ඔයා අපේ පැරණි කස්ටමර් කෙනෙක් නිසා ඉන්සූරන්ස් එකක් දෙනවලු. හැබැයි මාසෙකට කීයක්ද කැපෙනවලු.

      Delete
    3. නෑ එක තමා මාත් කිව්වේ, ඔය එක දිගට නම්බර් එකක් මාරු කරන්නේ නැතුව තියාගන්නේ ,කලහුරකින් කෙනෙක් , ඔය ඉන්සුවරන්ස් කතාව අපේ අම්මටත් කියලා තිබ්බා ,පරණ කස්ටමර් කෙනෙක් කියලා.

      Delete
    4. ඇයි බොල මගෙත් තියෙන්නෙ 2006 අප්‍රෙල් ඉදල එකම නොම්මරයක් නේ.

      Delete
  15. අද කතන්දර දාලා තිබ්බ පෝස්ට් එකේ කොල්ලට වඩා කොච්චර වෙනස්ද මේ කොල්ලා. සපුරා අන්ත දෙකක්නෙ.

    ReplyDelete
  16. ඔහොම ප්‍රේමවන්තයෝ ඉන්නවා.එත් මෙච්චර කාලයක් මේකා එකම කෙල්ලෙක් ගැනම හිතාගෙන ඉන්න එකනම් අමුතු සින් එකක්ම තමයි.සමහරක් විට ඔතන ප්‍රේමයට වඩා වෙනත් අරමුණක් තියෙනවාත් ඇති.

    ReplyDelete
    Replies
    1. අරමුනක් මම දන්නෑ මෑන්ට පිස්සු කියලයි මට හිතෙන්නෙ

      Delete
  17. මෙහෙම කේස් එකක් මාත් දන්නවා

    මිතුරන් දෙදෙනෙකු අතර. අවුරුදු 10කට විතර පස්සේ එකෙක් ඒ දවස්වල ට්‍රයි කරලා ඇන ගත්තු කෙල්ලෙක් ගැන විස්තර අනෙකාගෙන් ඇහැව්වාම, උ්‍ය නම් දීලා තියෙන්නේ අර රාජ් කොටු දාලා තියෙන උත්තරේ තමයි!

    ReplyDelete
    Replies
    1. ඒ අහන්නේ ලව් කරන්න නොවේ නේ කකා. පරන යාලුවා දැක්කා ඒ පරණ මතකය මතත් වුණා. විස්තර අහනවා. ඒ වෙලාවේ ඒවගේ දෙයක් අැසීම ස්වභාවිකයි නේද?

      Delete
    2. ස්වභාවිකයි නේන්නං

      Delete
  18. හැබෑ ප්‍රේමයට උපකාර කරන එක තමයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල ඕක තියෙන්නේ කියපන්කෝ..

      Delete
    2. ඒක නේන්නං මම කලේ

      Delete
  19. බෙහෙත් තියෙනවා... මුල්ලේරියාව පැත්තේ පොඩ්ඩක් බලන්න කියපන්.. අල්ලලා බෙහෙත් කරලම එවයි...

    ReplyDelete
  20. මට නිකමට හිතෙනවා මෑන් සිරාවට ලව් කරන එළ කොල්ලෙක් නෙමෙයි.

    එහෙමනම් මූ මතක් වෙන වෙන වෙලාවට ඔහොම හොයන්න දෙයක් නෑ. ගෙවිච්ච කාලෙ හැටියට කෙල්ල ඊයේ රෑටෙ කෑවෙ මොනවද කියන එක හරියටම කියන තරමටම කෙල්ල ගැන හොයන් ඉවරයි.

    මොකද අවුරුදු හතක්ම මූ පොල් ගෑවද? (මෑන් ඒ අවුරුදු හත හිරේ හරි හිටියනම් අන්න සාධාරණයි කියතෑකි)

    මට වැරදී තිබීමටද ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට නං මූට අවුලක් තිබුන. ලොකු අවුලක් නෙවේ පොඩි අවුලක්.

      Delete
  21. ඇත්තටම මේ වගේ කතාවක් මගේ ඥාති සහෝදරයකු සම්බන්ධව සිදුවුනා. එතැනදී හැබැයි කිසිම ප්‍රශනයක් ඇතිවුනේ නැහැ. 10 පන්තියේදී පමණ හමුවෙලා වෙන්වුණු දෙන්නෙක් වයස 30 ගණන් වලදී පෙම්වතුන් වී විවාහ වුනා.

    ReplyDelete
    Replies
    1. අදනං විචාරක තුමාගේ අකුරු වැරැදියිනේ. මොකද ඒ.//සිදුවුනා/සිදුවුනා/වුනා//ටිකක් දාල ඉන්නවනං සමාවක් තියනවා ඕං කිව්වා.

      Delete
    2. එතනදි ඉතිං දීර්ඝ අරාජික කාලයක් තිබිලනෙ. මේක ඒ වගේ කේස් එකක් නෙවේ.
      නලින්,
      මාත් හිතන්නෙ මඳ පමණට අරගෙන

      Delete
    3. ගූගල් ඉන්පුට් ටූල්ස් පාවිච්චි කරන්නේ පහසුව ගැන සිතා මිසක් නිවැරදි අක්ෂර වින්‍යාසය ලබාදෙන නිසා නෙවෙයි නලී. කිසිම යුනොකෝඩ් එකකින් බැහැ වයන්න, මයන්න, යංශය, මත රේඵය පිහිටන ලෙස ටයිප් කරන්න. සර්ව, කර්ම, සූර්ය, වැනි වචන සඳහා.

      Delete
    4. මෙතන ගූගල් ඉන්පුට් අවුලක් නැහැනේ විචාරක මාමා. තියෙන්නේ අක්ෂරවල අවුලක්.යංශයක් රේපයක් ඇදලා අරං වෙච්ච වැරැද්ද වහන්න දත කන්න ඕන නැහැනේ.

      සර්‍ව - කර්‍ම - සූර්‍ය --- සූර්‍ය්‍ය / සූය්‍ය ර්‍
      මොකක්ද ඔය ඕන කියන විදිහ?

      Delete
  22. බොලේ ඒ කියන්නේ රාජ් අයියා ඒ කාලේ ඉදලා තියෙන්නේ අපි ඉන්න කිට්ටුවමනේ..

    ලවු කරද්දී ඔහොම ඉතින් පරණ දේවල් අමතකම වෙලා යන්නේ නැහැනේ.. හිටි ගමන් අර පොල්ලෙන් ගැහුවා වගේ මතක් වෙන වෙලාවක ආයෙම කතා කරන්න ඇත්තේ මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඒ දවස්වල කොට්ටාව පැත්තෙ එහෙම එනව නිතර

      Delete
  23. මැදිවිය ද තරුණය බ්ලොගය ලියූ පීටර් ගේ කතාව සිහිවිය.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කකා මටත් ඒ බ්ලොග් එක මතක්වුනා.

      Delete
    2. පීටර්ගෙ කතාව අමතක උනා. තාම තියනවද දන්නෙ නෑ

      Delete
  24. අපිත් ඔය ඉඳල හිටලා පරණ ලව් කරපු කෙල්ලෝ ගැන හොයල බලනවනේ.. නිකමට වගේ ..හෙහ් හෙහ්..

    ReplyDelete
  25. පරණ වෙච්චි ආදරේටත් උඹ වගේ පරණ එකෙක්ම ආයිත් හොයාගන්න තරම්ම ඌ හරිම පරිනතයි. පුදුමයි ආදරේ..

    ReplyDelete
  26. ඔය කියන කතාවෙ "රාළහාමි" කිව්වෙ ග්‍රාම නිලධාරියෙකුට වෙන්ටැ. ඒ කියන්නෙ උඹ මුලින්ම වැඩ කලේ හෝමාගම ප්‍රා.ලේ. එකේද?

    ReplyDelete
  27. මට නම් හිතෙන්නේ රාජ්, මිනිහට ප්‍රේමය නිසා කෙසේ වෙතත් කලින් ඉදලාම අවුලක් තිබිලා වගේ. මං කිව්වේ පොඩි මොංගල් ගතියක්. එහෙම එකක් දැනුනේ නැත්ද????? නැත්තම් මෙහෙම ..................

    ReplyDelete
  28. මිල්ටන් මල්ලවාරච්චි වගේ පොරක්නෙ...සින්දු ටිකක්වත් කිව්වා නම් විරහා දුකෙන්...සාක්කුව පුරවා ගන්න තිබ්බා..හොද කසාදයක් බදින්නත් තිබ්බා ඒවායෙන්...

    ReplyDelete
  29. ෂුවර් එකටම පිස්සු

    ReplyDelete