Tuesday, June 10, 2014

අසුන්දර පාපන්දු! Qatar 2022 FIFA World Cup

ක්‍රීඩාව සුන්දරය,
ලෝකයම ක්‍රීඩා කරන පාපන්දු වඩාත් සුන්දරය,
සුන්දර පාපන්දු 'ලොක්කන්' උරෙනුර ගැටෙන ලෝක කුසලානය නැරඹීම වඩාත් සුන්දරය.
ඇමේසන් නදිය සුන්දරය,
ඇමේසන් වනයද සුන්දරය,
කෙල්ලන් සුන්දරය,
බ්‍රසීල කෙල්ලන් අති සුන්දරය,
සුන්දර කෙල්ලන් ඇති, ඇමේසන් පිහිටි, බ්‍රසීලයේ සුන්දර පාපන්දු ලෝක කුසලානය පැවැත්වීම අති සුන්දරය.
කාන්තාරයඅසුන්දරය,
කාන්තාරයේ ක්‍රීඩා කිරීමද අසුන්දරය,
සුන්දර කාන්තාවන් කාන්තාරයේ සිටීම තවත් අසුන්දරය,
අන්තවාදය අසුන්දරය,
අන්තවාදය ආගමෙන් පැමිණීම ඊටත් අසුන්දරය,
සුන්දර කාන්තාවන්, අන්තවාදී ආගමේ නාමයෙන් කාන්තාරයේදී ගෝනිබිල්ලන් කිරීම අති අසුන්දරය.
සුන්දර පාපන්දු මහා ගැටුම අසුන්දර කාන්තාරයේ පැවැත්වීම අසුන්දරය,
අසුන්දර 'ගෝනිබිල්ලන්' පිරිවරා පාපන්දු බැලීම තවත් අසුන්දරය.
අන්තවාදී-ම්ලේච්ඡ ආගම් අසුන්දරය,
ම්ලේච්ඡත්වයට ගරුකරන්න යයි කීමද අසුන්දරය,
ම්ලේච්ඡයන් අතර හිඳ පාපන්දු බැලීම තවත් අසුන්දරය,
ම්ලේච්ඡයන් අතර සිට මහා පාපන්දු ගැටුම පැවැත්වීමට තීරණය කිරීම වඩාත්ම අසුන්දරය.
එවන් අසුන්දර තීරණ ගන්නේ පිස්සන්ය නැතහොත් කපටින්ය,
එවන් තීරන අනුමත කරන්නේද පිස්සන්ය නැතහොත් කපටින්ය,
එවන් තීරණ හමුවේ මුක පූට්ටු කරගෙන සිටින්නේද පිස්සන්ය නැතහොත් කපටින්ය.

36 comments:

  1. අදහස් ටිකනම් සුන්දරය. නමුත් මේ ටික හැමෝම තේරුම් නොගැනීම අසුන්දරය.

    ReplyDelete
  2. ඔව්ව ගැන හිතන්නේ නැතිව අරක්කු ටිකක්,බියර් එකක් බිලා,ගොලිප් එකක් ගහලා මම වගේ හිටපන් බං රාජ්. මාත් අර තිබුන නය වලින් 26,000 ක් ගෙව්වා. ඉතිරි ටික වාරික වශයෙන් ගෙවන්න හදා ගත්තා.

    දැන් ඉතිං පාඩුවේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. තාම බාගයක් ගහන්න ගියෙ නැද්ද ඇනෝ.

      Delete
    2. තාම ගියේ නෑ. වෙනදා මම ඔපිස්‌ එකෙන් පැනලා ගියාම මගේ වැඩ කවර් කරන කෙනා දැන් එලියට ගියා. එයා එනකන් යන්න වෙන්නේ නෑ.

      කලින් ගෙනල්ලා තිබ්බ බඩු ටිකත් ඉවර උනා. දැන් ඉතිං ඔහේ රාජ් ගේ බ්ලොග් එකෙයි,කකාගේ බ්ලොග් එකෙයි කොමෙන්ට් දදා ඉන්නවා.

      කොහේද ඉතිං හැලපෙලා,රාජ්ලා හිටියට අරක්කු ඩිංගක් වත් ගෙනල්ලා දෙන එකක් යැයි.
      අපි නං ඉතිං ගොලිප් එකක් බිව්වත් රාජ්ගෙන් අහනවා කොමෙන්ට් එකක් දාලා ගොලිප් එකක් බොමුද කියලා.

      Delete
    3. මචං ගෝලිප් එකක් කීයද?
      මමනම් ෆෝරේස් ගහපු කොල්ලෙක්.
      දැන් බොන්නෙ නෑ

      Delete
    4. එලකිරිනේ ඇනෝ .. හවසට බාගයක් ඇරං ගිහින් ගහන එකයි තියෙන්නෙ දැන්.

      Delete
    5. උඩ ඇනෝ මිත්‍රයා,
      26ක් ගෙව්ව එකත් මදෑ!
      ඔය වාරික වශයෙන් ගෙවනව කියන කතාව දැක්කම තදට හිනා යනව මෙහේ වෙච්ච කේස් එකක් නිසා. නමුත් දාන්න බෑ. කිහිප දෙනෙක් ඉන්නව මගේ බ්ලොග බලන.

      Delete
    6. ඇනෝ....උඹ 26ක් ගෙව්වේ කොහොමද බන්? ඒ ටිකේ බිව්වේ නැද්ද? උඹේයි රාජ්ගෙයි තියෙන්නේ ආත්මීය බැඳීමක්ද කොහෙද?

      උඹේ මේ කූල් ඇනෝ කමෙන්ට් හරි රසවත්. සමහර විට මම මටම හිනාවෙනවා මේවා කියවලා.

      Delete
  3. බය වෙන්න එපා බන් 2022 වෙද්දී කටාර් කෙල්ලොත් ස්කිනිය ගහන තැනට එනවා

    ReplyDelete
  4. බ්‍රසීලෙ තියන්නෙත් අසුන්දර එව්වට පොලිසිය යොදලයි.. අපෙ වගේමතමයි.. ජෝගි නටන්න කලින් විසඳන්න ප්‍රශ්න ගොඩයි..

    ReplyDelete
  5. සුන්දර අදහස් ගැලපුමක් මුත් අසුන්දර කටුක යතාවේ නිරුවත...
    ජයවේවා

    ReplyDelete
  6. ඔය විස්සයි විසි දෙකේ... වෙන දේ,,,,, ද ? බං .....

    ReplyDelete
    Replies
    1. යේස්! ලින්ක් එක බලපං

      Delete
  7. බ්ලොග් සටහනේ හරය සුන්දර ය. එය ලියූ රාජ් ද සුන්දරය
    හවසට ගල් බාගයක් ලැබීමත් සුන්දර ය. ගෝල්ඩ් ලීෆ් බොන්න එපි කියන ඇනෝ අසුන්දරය.

    ReplyDelete
  8. ඔය කාලෙට හැමදේම වෙනස් උනොත් සුන්දරය…….

    ඒත් මේ විදිහටම තිබුනොත්නම් සැබවින්ම අසුන්දරය……

    ReplyDelete
  9. සල්ලි හා බලය ඔය ඔක්කෝටම වඩා සුන්දරය. මටත් එසේමය. සම හරක්ට නම් අසුන්දරය.

    ReplyDelete
  10. පාපන්දු පිස්සුව මෙහෙත් අම්මේ ඉතින්

    සුන්දරත්වය සහ අසුන්දරත්වය එකිනෙකාට සාපේක්ෂයි හැමදේම වගේ ,

    ReplyDelete
  11. සමහර විට විදෙස් ප්‍රේක්ශකයන් අඩුම තරගාවලිය ඒක වේවි.. මම දන්න තරමට කටාර් වල පාපන්දු ටීම් එකක් කප් එකට ගහන්නෙත් නැද්ද කොහේද.. එතකොට ඉතින් ඒ රටේ ප්‍රේක්ශකයොත් නැති වේවි.. බලමුකෝ ඉතින් අපි ඒක 2022ම..

    ReplyDelete
  12. එල.....නියම කතාව!

    ReplyDelete
  13. යකෝ පාපන්දුයි, ඉස්ලාම් ආගමයි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද?

    ReplyDelete
  14. 2022 ලෝක කුසලානය පැවැත්වෙන රට තෝරාගැනීමට පැවැත්වූ ලංසු තැබීමේදී, සත්කාරක රට වීමේ අවස්ථාව තමන්ට ලබා ගැනීම සඳහා කටාර් රාජ්‍යය විසින් අප්‍රිකානු රටවල සහය අපේක්ෂාවෙන් ඔවුන් වෙත ඩොලර් මිලියන 5 ක් අල්ලස් විදියට දීල තියෙන බවට බරපතල චෝදනාවක් එල්ලවී තියෙනවා.

    ඒවගේම ලෝක කුසලානය වෙනුවනේ රටේ සිදුකරන දැවැන්ත සංවර්ධන කටුයුතු වල රැකියා සඳහා ඇවිත් ඉන්න විදේශික ශ්‍රමිකයින්ට, (විශේෂයෙන් කම්කරුවන්) ඔවුන්ගේ හාම්පුතුන් ‍සලකන්නෙ ‘සතුන්ට වගේ‍‘ කියලත් තවත් බරපතල චෝදනාවක්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් පහුගිය කාලේ එල්ල කලා.

    ඉතා අඩු වැටුප්, දියයුතු අවම පහසුකම් හෝ නොදීම (නේවාසික/සෞඛ්‍ය), එකදිගට පැය 16-18 දිගු සේවා කාල, අතිකාල නොගෙවීම, වැඩබිම්වල අන්තරාය වළක්වන්න නිසි ක්‍රමවේද නැති නිසා සිදුවන හදිසි අනතුරු සහ ඒ නිසා සිදුවෙන මරණ සංඛ්‍යාව ඉහළ යාම, කම්කරු නීති සේවායෝජකයාට අතිශය වාසි සහගත වීම ආදිය ඒ අතර ප්‍රධානයි.

    කම්කරු නීතිරීති, සේවකයින්ටත් සහනයක් වෙන විදියට වෙනස් කරන බවට ආණ්ඩුව පොරොන්දු වෙලා, අළුත් වෙනස්කම් කිහිපයක් හඳුන්වා දුන්නත්, බොහෝ හාම්පුතුන් ඒවාට කැමති නැති බව තමා දැනගන්න තියෙන්නෙ.

    මෑත කාලයේ නම් රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවෙත් ඉහළයාමක් පේන්න තියෙනවා.

    - කටාර්හි රැකියාව කරන රාජ්ගෙ පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිගු අදහසට. මගේ අදහස නං ඔය අප්‍රිකානු රටවලට අමතරව, අපි අල්ලස් දෙන්න බෑ කියල සලකන උදවියටත් අල්ලස් ලැබෙන්න ඇති. මේ පෝස්ටුව ලියද්දි මගේ ඔලුවට ආපු ප්‍රශ්නයක් තිබුන.
      ලංකාවේ මානව හිමිකම් සහ යුද්ධ කාලෙ කඩවුනා කියන මානව හිමිකම් නිසා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය අපිට නොදිය යුතුයි කියන ස්ථාවරයේ හිටිය යම් රටවල් ප්‍රමාණයක්. ලෝක පාපන්දු කියන්නෙ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට වැඩිය සෑහෙන්න ලොකු තරගයක්. මේ වගේ අවස්ථාවක සැලකියයුතු කාරණා අනන්තයි. ඒ අතරෙ සාමාන්‍යයෙන් රටක ඉන්න මිනිස්සුන්ට හිමිවියයුතු නිදහස, මානව හිමිකම්, සාමකාමීබව වගේ මූලික කාරණා සලකන්නෙ නැත්තෙ ඇයි කියන එක සෑහෙන්න සැක සහිත කාරණාවක්.

      Delete
  15. 2022 කටාර් ගනුදෙනුව බරපතල වංචාවලින් පිරිලා බ්‍රිතාන්‍ය පුවත්පත් දිගින් දිගටම වාර්තා කරා. ඊයේ පෙරේදා ෆිෆා ලොක්කා සෙප් බ්ලැටර් ආපහු ගොන් කතාවක් කිව්වා. ඒ දේවල් ජාතිවාදි අදහස් කියලා. දැන් ඒ මාතෘකාව ආපහු සාකච්ඡාවට ඇවිත්. කුඩු කාපු එවුන්ගේ නහය දනවා කියන්නේ....

    ReplyDelete
  16. මේ ලෝක කුසලානය නිසා බ්‍රසීලයට ඉතාම හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා තමන්ගෙ ආර්ථිකයටත් යමක් කරගන්න...ඔවුන් එය නිසි ලෙස පාවිච්චියට ගනීද ?

    ReplyDelete
    Replies
    1. ග්‍රීසියේ ඔලිම්පික් තිබ්බෙත් ඔහොම කියලා.හැබැයි ඔලිම්පික් වලින් පස්සේ ග්‍රීසිය නන්නත්තාර වෙලාම ගියා.
      අපිටත් එකම වෙන්න ගිහින් යන්නතම් බේරුණා.

      Delete
    2. -අපිටත් එකම වෙන්න ගිහින් යන්නතම් බේරුණා.-
      ආ ඇත්තද? මං හිතුවේ ඔහෙලා කිව්ව හැටියට යන්තම්වත් බේරුනේ නැහැ කියලා.

      Delete
    3. බ්‍රසීල ගණිකාවන්ගෙ බිස්නස් දෙගුණ තෙගුණ කරන්න අවුරුද්දකට කලින් වගේ ඉංග්‍රීසි පන්ති පටන් ගත්තෙ ඒ අයට, සන්නිවේදනය පහසු වෙන්න.

      Delete
    4. නෑ සිරා මේකෙන් එයාලගේ ආර්ථිකය ගොඩ යන එකක් නෑ. මේ වගේ තරගාවලියක් නොතිබුණත් එහේ ගණිකා වෘත්තීය ගැන ලෝකය දනනවා. වැඩේ තියෙන්නේ ලතින් සහ මධ්‍යම ඇමරිකානු රටවලට යන සංචාරකයන්ට සිදු වන අඩම්තේට්ටම්, කප්පම් ගැනීම්, පැහැරගෙන යාම්. ඒ නිසා යුරෝපීය සංචාරකයන් කීයටවත් ආකර්ෂණය වෙන එකක් නෑ. දුප්පත් රටවල් මේ වගේ ඒවාට කර ගහන එක අනුවණ ක්‍රියාවක්. ධනවත් රටකට පමණයි මේ වගේ වැඩකට කර ගහන්න පුළුවන්. එයාලට අනුග්‍රාහකත්වය ලැබෙන නිසා ගැටළුවක් නැති වෙනවා.

      Delete
    5. අපි දැක්කා බ්‍රසීල ජනතාවගේ විරෝධය මේ කුසලානය වෙනුවෙන් වියදම් කරන මුදල ගැන...සමාරම්භක දිනයේම විරෝධතා කරුවන්ට කදුළු ගෑස් ගහන්න තරම් වැඩේ දුරදිග ගියා...අසල්වැසි ආජන්ටිනාවට මෙවර කුසලානය ලැබෙන්න කියලලු ඔවුන් දැන් ප්‍රාර්ථනා කරන්නෙ.

      Delete
  17. හරි අපි මෙහෙම දෙයක් ඇහුවොත්.. එතකොට ඒ රටවලට පාපන්දු ක්‍රීඩා කරන්නත් පුළුවන් නම්, ඇයි තමන්ගේ රටට ලෝක කුසලානය ගන්න බැරි.. මචං ලංකාව ගැන එංගලන්ත කාරයෝ හිතනවා ඇත්තෙත් ඔහොම තමයි.... අපි මේ දේවල් වලට විරුද්ධ වෙන්න ඕන කියලයි අපිට හිතෙන්න්..................

    අපේ අදහසක් විතරයි... තරහා නෑනේ........

    ReplyDelete
  18. බලමු,එත් කටාර් කියන්නේ කලාපයේ අනෙක් රටවල් වලට වඩා නිදහස් රටක් නේද.?

    ReplyDelete
  19. මේ කතාව කියලා තියෙන හැටි හරිම අපූරුයි රාජ්!!!

    ReplyDelete
  20. මම මේක ඉංග්‍රීසියෙන් දැක්කා වගේ මතකයක් තියෙනවා. මාතලන් මට මේ ගැන ලියන්න ආරාධනවාකත් කළා. නමුත් කාලය හරස් වුණා. මේකේ අත යටින් විශාල මුදල් හුවමාරුවක් වෙලා තියෙනවා. මේ රට මුදල් වලින් හැරෙන්න මේ තරගාවලිය තියන්න කිසිම සුදුසුකමක් නැති රටක්. අපි ඊට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නවා ඒ අතින්.

    ReplyDelete
  21. ඇත්ත තමා කරවලයි කේකුයි වගේ... බොහොම නීරස තරඟාවලියක් වෙයි කියලා හිතෙනවා....

    ReplyDelete