Thursday, March 19, 2015

සමුගැනීම!

වර්ල්ඩ් කප් එකේ අපේ අන්තිම මැච්එක හිතේ අමාරුවෙං බල බල හිටියෙ. අප්‍රිකන් කාරයන්ට තව ලකුණු හතලිස් ගානයි ගන්න තියෙන්නෙ. මොකුත් ප්‍රාතිහාර්යක් වෙන පාටකුත් නෑ. ඊට පස්සෙ ඉතිං අවුරුදු හතරකට ඔක්කෝම ඉවරයි.

***********************************************************************

සෙනඟ මැද්දෙ මාත් කකුල් පාගගෙන ඉදිරියට ඇදුන. යන්තං මූන බලාගන්න පුළුවං උනොත් ඇති.

"පැරදුනාට පස්සෙ තවත් ඉන්නෙ නැතුව ගෞරවාන්විතව ගෙදර ආපු එක කොච්චර දෙයක්ද" එහා පැත්තෙ හිටිය එකා කියනව ඇහුන. මම තවත් ඉස්සරහට ගියා. කොහොමහරි ලඟටම යන්න ඕන. ඔව්! ඉදිරියටම, ඉදිරියටම......

"තාම චොපර් එකෙන් බැස්සෙත් නෑ....." ඉස්සරහ හිටිය කෙනෙක් කියනව ඇහුන.

"ඔන්න එනව" රැස්කකා හිටිය කට්ටියගෙ සද්දෙ වැඩිවුනා..... චොපර් එකෙන් බැහැපු එයා ප්‍රතාපවත් විදියට ඉස්සරහට එන්න ගත්ත. රැස්වෙලා හිටිය පිරිස අමතා කතා කරන්න එයාට උවමනාව තියන බවක් පේන්න තිබුන. නමුත් ගෙදර ස්ටේජ් කොයින්ද?

"ඔය ජනේලෙට නඟින්න කට්ටියට පේනව එතකොට....." කවුදෝ කෙනෙක් කියනව ඇහුන..... ඔන්න ඒ ගමන ජනේලෙට නැග්ග.... කවුදෝ කෙනෙක් මෙගාපෝන් එකක් දුන්න.... එයා කතාව පටන් ගත්ත.

"ආදරණීය අම්මේ තාත්තේ, නැන්දේ මාමේ, අයියේ අක්කේ, නංගී මල්ලී,..... අපි පැරදුනේ නෑ, පැරැද්දුව.... අපියි දිනුවෙ...." කට්ටිය ඝෝශා කරන්න පටන් ගත්ත.

"මරල හරි ගන්න තිබුනෙ....." අන්තයටම ගියපු එක්කෙනෙක් කිව්ව.

"අපි පැරදුනේ නෑ හාමුදුරුවනේ..... එයාල දිනුවෙ තනියම නෙවේ.... ඉම්රාන් තහීර් කියන්නෙ කවුද? එයා අප්‍රිකන් කාරයෙක්ද? නෑ! සුද්දෙක්ද? නෑ! එයා මුස්ලිම් කෙනෙක්.... එයා අපේ විකට් ගත්තෙ නැත්තං ගහයි අපිට!"

සංගක්කාරගෙ කතාව අතරෙ ගෑනු පිරිමි සෑහෙන්න අඬන්න ගත්ත....

"අපි පස්සෙ දවසක එමු නිවීහැනහිල්ලෙ සංග බලන්න..." එක්කෙනෙක් යන ගමං කිව්ව.

"අන්න හරි.... බස් එකක් අරගෙන එමු"

නෝන කෙනෙක් මගේ ලඟිං යද්දි උල් සපත්තුවක කකුල පෑගුනා.

"ඌ........හ්"

"දවල්ට‍ත් මැච්, රෑටත් මැච්, මැච්, මැච්, මැච්!...... ඒ මදිවට හීනෙනුත් බයවෙලා කෑගහනව....."
නෝනගෙ කතාවට මට ඇහැරුනා. ඇති යංතං.... ඒ කියන්නෙ ඒක හීනයක්. සංගක්කාර කියන්නෙ හොඳ වැදගත් මහත්මයෙක්. එයා ඔයවගේ පීචං වැඩ කරන එකක් නෑ......

62 comments:

  1. සහතිකෙටම නෑ....

    ReplyDelete
  2. සංගට වෘත්තියට සමුදෙන්න එපාය කියලා ජයසූරිය ඉල්ලලා තිබුණා!

    ReplyDelete
    Replies
    1. ජයසූරියත් සමුදුන්නෑනේ මචං... අපි ඒයාව සමුගැන්වුවා................. ඒක වෙන්ටෑ....... කොහොමත් ඩිල්ෂාන් ඒක කරනවා ෂුවර්

      Delete
  3. මාත් හිතනවා සංගා හොද බුද්ධිමත් කෙනෙක් නිසා බුද්ධි ගලනය සිදු නොවේවි කියලා.. මරු ඩෝ...

    ReplyDelete
  4. සංඝාව මේකට ගාවගත්තේ අපරාදේ.. සනත් වසූරිය දැම්මා නම් නියමෙටම ගැලපෙනවා..

    මම හිතන්නේ මෙතන ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණ්යක් තියෙනවා.. ඒ වගේම රෝ සංවිධානයේ සම්බන්ධයකුත් තියෙනවා.. හැබයි මෝදීගේ සම්බන්ධයක් නෑ.. මොකෝ එයා රෝ එකේ වැඩ ගැන මුකුත් දන්නේ නෑ.. මෝදී බබා..

    මචෝ රෝ සංවිධානේ ඇඩ්ඩස් එක තියෙනව නම් එවහන්, ටැන්කූ කාඩ් එකක් යවන්න...

    ReplyDelete
    Replies
    1. ඒතකොට බං ලංකාවේ ඡන්දේ කරලා තියෙන්නේ ඉන්දියාවේ රහස් ඔත්තු සේවය... අඩේ මේ යකා ගියාට පස්සෙවත් මුන් ඉන්න නොදෙන හැටි... පවු තාම චූන් කරලා අාතල් ගන්නවා.......

      Delete
    2. සුමනදාස අමුම අමු Raw කාරයෙක්

      Delete
    3. සුමනදාස...: ඔව්...ඔව්.. ඔව්...ඔව්...

      Delete
    4. මට ගෙදරින් පලු බැනුම්. සද්ද නැතුව රහස් ඔත්තුසේවෙකට බැඳුන කියල.

      Delete
    5. ඔය රෝ මෝදි බබා කතාව තිබ්බෙ මව්බිමේ
      සුභාෂීණී ගුනරත්න ලියන කොලමක නේද...
      මට ඒකෙ නම මතක නෑ

      Delete
  5. ඒ උනාට පැරදුනාම එහෙම ඉඳලා බෑ.ක්‍රීඩාලෝලීන්ගේ මනදොළ සපුරන්ඩ පලාත් ටීම් එකකට බැරිනං ඉස්කෝල ටීම් එකකට හරි සෙල්ලං කරන්ඩ ඕනේ.

    ReplyDelete
  6. ඇයි සංගා කිව්වේ බුදුබණේ හැටියට වෙලාව ආවහම පෝම් එකේ හිටියත් යන්න තියන එක වලක්වන්න බෑ කියලා...

    ReplyDelete
  7. අපි විකල්ප ටීම් එකෙක් හදල එයා නායකය කරල ආයිත් තර‍ඟෙට එනවා..

    ReplyDelete
    Replies
    1. විකල්ප ටීම් එකේ ප්‍රැක්ටිස් සෙෂන් වලට සංගා එන්නෙ නෑලු නේද??

      Delete
    2. සුභ පැතුම් පණිවුඩ එවනවලු.

      Delete
  8. මැතිව්ස් ලෑස්ති වෙලාලු හිටියේ සුමනෙ මතුරපු තෙල්ටික ඩිවිලියර්ස් ගේ අතේ ගාන්න ටොස් එක දාපු වෙලාවේ! මට බලන්න බැරිඋනා.. ඩිවිලියර්සුත් හෑන්ඩ්ශේක් නොකර ආයුබෝවන් කිව්වලුද?

    - Dimithri

    ReplyDelete
  9. මම හිතුවෙම රාජ් සමුගන්ට හදනවා කියලනේ...:P

    ReplyDelete
    Replies
    1. හිතේ උපන් අප්‍රමාණ සන්තෝසෙන් පෝස්ට් එක ඕපන් කලේ
      මොන....... මේ වගේ කාලකන්ණි ලේසියෙන් සමුගන්නේ නැහැ
      පෙන්නේ නැද්ද. වික්‍රමබාහු කරුණාරත්න, රනිල්, කලින් හිටපු අගමැති වගේ වසලයෝ ලේසියෙන් මරෙන්නේවත් සමු ගන්නෙවත් නැහැ
      මුත් උන්ගේ කපාපු පලුව

      Delete
    2. හැක් හැක් ඇනෝ..

      Delete
  10. මමත් ඔය මැරෙනකල් බදාගෙනෙ ඉන්නෙ නෑනෙ.
    කසාදෙනුත් සමු ගත්ත අවුරුදු 15ක්ම බැට් කොරල

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එහෙම සමුදෙන්ට බෑනෙ බං.නයිට් වොච්මන් හැටියටවත් යන්න බලමු.

      Delete
    2. එකෙක් නයිට් වොච්මන් බැට් කරනව අහුවෙල තමයි සමු දුන්නෙ

      Delete
    3. :D හිනාවෙ සැරට ඔෆිස් එක ඇතුලෙ පඩයකුත් ගියා....

      Delete
  11. නෝනට කේන්ති ගිහිං මිරිකපු පාර කෝට් බිහයින්ඩ් කියල රාජ් කෑ ගැහුවලු.

    ReplyDelete
    Replies
    1. ++++++++++ ටූ බෝල්ස් ම කෝට්

      Delete
    2. නෝනා කිව්වාලු නෝ (කෝ) බෝල් කියලා..

      Delete
  12. ටීම් එක දෙකඩ කරන්න දෙන්නෙත් නැහැලු.

    ReplyDelete
  13. ඇරහං කට... මසුරමක් දාන්න.

    දැන් ඉති සංග රට වටේ ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් රැස්වෙන මහා රැළි තියයි නේද "අනුශූරතාවය අපිට දියව්" කිය කියා?

    ReplyDelete
  14. නෝනට කියන්න බෝලෙ පලුදු කරන්න එපා කියලා.

    ReplyDelete
  15. ඔ්කේ තව ටිකක් ලියන්න ඔ්නේ....................... දැන් මැච් ඒක පැරදුනා කියලා නිකං ඉන්න හොද නැහැ.... පාසල් බිග්මැච් වලට ඒහෙම ගිහිං තෑගි බෙදලා ළකුණු දා ගන්න ඔ්නේ......... කොටහලු මගුල් වලට.... උපන්දින වලට..... ඉදුල් කට ගාන ඒවාට ප්‍රධාන අාරාධිතයෝ වෙලා යන්න ඔ්නේ... පස්සේ ඒනවානේ පැරා ලෝක කුසලානය... අන්න ඒකට ගිහිල්ලා කප් ඒක ගත්තා නම් ගොඩ........... ඒකටයි ප්ලෑන් කරන්න ඔ්නේ..

    ReplyDelete
  16. මේ මැච් එක පරදින බව කලින් දැනන්ං හිටියා. කිව්වේ නැත්තේ මරණ බයට- මම සුමනේ

    ReplyDelete
    Replies
    1. ඩුමිනිගෙ කේන්දරේ වඩා බලගතුයි

      Delete
  17. තව අවුරුදු හතරක් බලන් ඉන්නැපැයි.

    ReplyDelete
  18. සංග එහෙම කරන එකක් නෑ...

    ReplyDelete
  19. මැච් එකෙන් පස්සේ ගලවගෙන ගිය ස්ටම්ප්ස් ඔරුගොඩවත්තේ කන්ටේනර් යාර්ඩ් එකක තිබිලා හොයාගත්තලු..

    ReplyDelete
  20. රිටායර් වෙනවා නොවේ පොඩි විවෙකයක් ගැනිමකි.
    සන්ගා ක්‍රිකට් ටීම් එකෙන් සමු අරන් එල්ලේ ටීම් එකට යයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඉල්ලීමක් ලැබුනොත් යයි

      Delete
  21. නියම හීනයක්නෙ රාජ්ට පෙනිල තියෙන්නෙ.......නියමයි රාජ් ඔය වගේ හීන හැමදාම පේනන කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. වෙලාවට හීනයක් උනේ. නැත්තං ඒකත් එකම විකාරයක්

      Delete
  22. තාත්ත මලා. දැන් ඉතින් චන්දිමාල් එක්ක ඉස්සරහට යමු.

    ReplyDelete
    Replies
    1. ඌත් රිටයාර්ඩ් හර්ට්නේ මචං....කකුල අස්සේ රබර් පටියක් ඇදුනා වගේලු....

      Delete
  23. එකෙක්වත් ගිණිතියාගන්නවා කිව්වෙ නැද්ද ?

    ReplyDelete
  24. ඔය කෙලවා ගත්තේ............ ඇයි යකෝ CWC යන්න කලින්, අර වශී බොලේ ඉල්ලගෙන යන්න තිබුනනේ. ටීම් එකේ එකෙක් පිට්ටනිය අයිනේ ඉඳලා, ඒ වශී බෝලේ අනික් ටීම් එකේ එවුන්ට පෙනෙන්න අල්ලාගෙන ඉන්න විතරයි ඕනේ. පට් පට් ගාල මැච් දිනනවා. දැන් ඉතින් වශී බෝල නැති හින්දා අල්ලන්න වෙන්නේ ජයසූරියගේ.....................

    ReplyDelete
    Replies
    1. ඇයි විචාරක තුමා , අපේ එවුන්ට ජිම් ගානේ කටු කන්න දෙයක් නෑ. වියායාමෙට වශී බෝලෙ මිරිකා මිරිකා ඉන්න තියෙන්නෙ කකුල් උඩ තියන්..

      Delete
    2. වශී බෝල මිරිකුව නං කැච් මිස් වෙන්නෙ නෑ

      Delete
  25. සංගා මහේල, සනත් වැටුන තැනට වැටෙන එකක් නැහැ කියන එකයි අපේ එකම බලාපොරොත්තුව..

    ReplyDelete
  26. මටත් හිතුන බයියෝ ටික ෆෝම් වෙන්නත් එක්ක බුකියේ කතාවක් යවන්න මයිත්‍රි ලොක්ක දකුණු අප්‍රිකාව එක්ක හොර ගිවිසුමක් ගහල ලංකාවට නය ටිකක් ගන්න මැච් එක විකුනන කියල

    ReplyDelete
  27. චන්දිමාල්, ඇන්ජලෝ හරියන්නෙ නෑ සංග වගේ ඉන්ග්‍රීසි බෑ කියල සංගගෙ යාළුවො බුකියෙ පින්තූර දායි.

    ReplyDelete
    Replies
    1. සංග නැතිව ආයෙ ලංකාවෙ ක්‍රිකට් නෑ. ජාතියේ පිනට පහල වෙච්ච එකම ක්‍රීඩකය. නියම බවුද්ධ පොර අනික ලෝ කොලේජ් එකට අඩියක් හරි තියපු එකා

      Delete
    2. අම්මට සිරි එහෙමත් එකක් තිවනව තමයි

      Delete
  28. සංගක්කාරගේ දැවීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක පිටිපස්සෙ විජාතික කුමන්ත්‍රණ බළල් අත් තියෙනවා - මොහොමඩ් මුසාමිල්

    ReplyDelete
  29. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
  30. උබට පෙනිලා තියෙන හීනෙම වගේ ඇත්තා කතාවක් මිට මාස දෙකතුනකට කලින් මමං ඇහැව්වා වගේ මතකයි ......
    හිකිස් .............

    ReplyDelete
  31. මම මේ වගේ වැඩක් කරානම් මගේ යාළුවො කියන්නේ මැක්කා ඇද ගත්තා කියලා. ගලපිල්ලට උඹට තියෙන්නේ මාර දක්ෂතාවයක්. හැබැයි කලබලේ ලියලා තියෙන්නේ. අර මානිගේ තීරුව වගේ ලිව්වනම් මොකද ?

    ReplyDelete
  32. Sudika ayya kiwwa wage Kalabale liyala wage. nathnam thawath maruwata liyanna thibba. wade masuran... comments hondaaaiiiiiiiii...

    ReplyDelete
  33. සන්ඟක්කාර මහාත්මා ගති තියෙන කෙනෙක් කියල මම හිතන්නෙ.

    ReplyDelete